Tuesday, June 22, 2021

202. තිස් අවුරුදු රථ මතක . . . . ! (10)


ලෑන්ඩ්කෲසරයේ නික්ම යෑම!

201 වනි කථාංගය නිමා වූයේ දෙනෝ දාහක් මැද්දේ අප කිහිප දෙනක් "රා ගුඩ්ඩන්" වීමෙන් අනතුරුවය!~ සමහරු දෝෂාරෝපණය දැම්මේ එහි වාහන ගැන කිසිදු වචනයක් ලියවී නොතිබූ බව පවසමින්ය. කථාව තුල මම බොහෝ වාර ගනනක් "වාහනය නැවැත්වූයෙමි!" "පිටත් උනෙමි!" "ගියර් මාරු කලෙමි!" යනාදී වශයෙන් ලියා තිබුනේ ලෑන්ඩ්කෲසර් බීජේ ෆෝටිය ගැනමය.

එසේනම් කථාවට බහිමු. අති බිහිසුණු කොණ්ඩා මෝස්තර, ඉළ ඇදෙන සටන්, ත්‍රාසජනක විහිළු පටන් ගන්නේ දැන්ය. පසුගිය පෝස්ටුව බයිස්කෝප්පේ ඉට්‍රබල් එකය!

කෲසරය මේ වන විට පවුලේ වාහනය වී අවසානය. නිවසේ ඕනෑම ගමනක් බිමනක් සඳහා; මරණෙට මගුලට දානෙට පිරිතට ගමන් බිමන් ගියේ මෙම වාහනයට පිං සිද්ධ වෙන්නටය.  ඉතා ඉක්මණින්ම එය පවුලේ ලොකු පුතා විය! 

දිනක් මමත් වසිකත් කඩවත සිට පන්නිපිටියට යමින් විය.  හයිවේ නොතිබුනු මේ වකවානුවේ කඩවත සිට පන්නිපිටියට ගියේ කඩුවෙල නගරය හරහාය. මා රථය පැදවූ අතර වසික සිටියේ පසුපස ආසනයේය. මෙම රථයේ පසුපස ආසනය හරස් අතට එනම් ඉදිරිපස ආසන වලට සමාන්තරව සවිකොට තිබූ පසුපස ආසනයේය! 

මා කලින් පෙර කොමෙන්ටුවේ පැවසූ ලෙසම රථයේ පසුපස දොරවල් ද්විත්වයේ උඩ කොටස නිරාවණය වී තිබූ අතර එයින් පසු පස බලමින් වසික ආසනය මත දණ ගසා ගෙන ගමන් ගත්තේය. මගේ රථයට පසු පසින් ගමන් ගත් නවීන මෝටර් රථයක ගමන් ගත් අයෙකුහට අත වනමින් ඔහු සිටි අතර කඩුවෙල නගරයට බියගම දෙසින් ප්‍රවිෂ්ඨවෙන පාලමට මීටර 100  කට පමණ පෙරදී එකී මෝටර රිය; අපගේ කෲසරය පසුකරමින් නැවැත්වූයේ මටද නවත්වන් මෙන් අතින් සන් කරමිනි.

නැවත්වූ වාහනයෙන් බැස ගත්තේ කඩවසම් තරුණයෙකි. හේ ගුවන් හමුදාවේ පියාසර නිළධාරී "මාවතගම" ලෙස තමාවම හඳුන්වා දුන්නේය. ගුවන් හමුදාව කියූ සැණින් මාහට  එකල මාගේ අතිජාත මිත්‍රයා ශානක රාජකරුණා පිළිබඳව මතක් වී ඔහු ගැනද පවසා;  ඔහුට මා කවුරුන් ද යන වගත් මාගේ පාසලත් රැකියාවත් ආදී වශයෙන් සියළු විස්තරත් ගෙන හැර පෑවෙමි. ඔහු වාහනය හොඳින් බලමින් සිට; එය විකුණනවාදැයි අසා මා එය නිහතමාණීව ප්‍රථික්ෂේප කල පසු මෝටර් රියේ නැගී ඉගිලී ගියේය.

තවත් සතියක් ගත වෙද්දී ෂානක මාහට දූරකථන ඇමතුමක් දුන්නේය. "අයියෙ! උඹේ වාහනේ අපේ ඔෆිසර් කෙනෙක්ට; වෙන පංචිකාවත්තෙ එකෙක් උගස් තියලා ඊට පස්සේ උගෙන් උස්සං ගිය එකක්ලු. ඌ කියනවා වාහනේ ඌට දීල ගොඩින් බේර ගන්නලු. නැතිනම් ෆ්‍රෝඩ් බියුරො (Fraud Bureau) යන්න උඹට ලෑස්ති වෙන්නලු. ආ! තව එකක් වාහනේ පොත තියෙන්නේ ඌ ගාවලු. උඹ හදපුවාට කීයක් හරි දෙන්නම්  කියලත් කිව්වා!"

"අම්මට සිරි මාර සීන් එකක් නෙ!? වාහනේ පොත මං ගාවනේ තියෙන්නේ!? ඌ කොහොමද මේ වාහනේට අයිතිවාසිකං කියන්නේ?" මම ෂානකගෙන් ඇසුවෙමි.

"ඒකනං මං දන්නේ නෑ! ඔක මහ හොරා! ඒ වගේම .......! ඕකා ඔය ගේම අතාරින එකක් නෑ! උඹ බය වෙන්න එපා අයියේ! අපිත් මොකක් හරි ගේමක් ගහමු!

මට මෙය උභතෝකෝටික ප්‍රශ්නයකි! ඔළුව ඔම්ලට් වෙලාය! මම ෂානකට ආයෙමත් කෝල් එකක් අරං නැවතත් කථාව මුල සිට එකින් එක විමසුවෙමි.

"කවුද බං ඔය කියන එකා? මෙකෙක්ද ඌ? කොහේ එකෙක්ද?"

"ආ! මට කියන්න අමතක උනා ඌ උඹලත් එක්ක එකට රොටරියේ A/L ක්ලාස් ගිය ඩයල් එකක්. ඌ උඹව අඳුනගෙන . උඹ අයියේ ඌව අඳුනගෙන නෑ! නම 'මාවතගම'!"

"අම්මට සිරි ඌද බුවා?" එදා හමුවුනු හමුදා නිළධරයා යැයි තමාව හඳුන්වා දුන් පුද්ගලයා මීට පෙර මුණ්ගසී ඇති බවක් මාහට මතක් වූ බවත් ඔහු ඉතා හොඳින්ම වාහනයට ඉව ඇල්ලූ ආකාරයත් මාහට මතක් විය!

මම මේ කථාව  පවසන්නේ 1997 -98 කාල වකවානුවේ සිදුවූ සිදුවීම් ජාලයක් පිළිබඳවයි තවත් ලෙසකින් පවසනවා නම් අදින් වසර 24 කට පෙර කෙරුණු ජවනිකා පෙලකි. "අම්මටසිරි ඌද බුවා?" යනුවෙන් හඳුනාගත් "බුවා" කවුරුන් දැයි පැවසීමට මාහට තවත් වසර 12ක් එනම් අදින් වසර 36ක් පසු පසට යාමට සිදුවේ. 

ඒ 1983-84 වසර යි! එකල මා උසස් පෙල හදාරමින් සිටියෙමි. අප බොහොමයක් උපකාරක පංති සඳහා පිවිසියේ නුගේගොඩ රොටරි ශාලාවට හෝ රේල්වේ ඇවනියු වෙතය.  එකල පංති නිමවා නුගේගොඩින් 168 බස් රථයකට ගොඩ වදින අපහා එක්ව ගමන් ගන්නා; අපගේ සහෝදර පාසලේ තවත් ශිෂ්‍යයෙකු විය. ඔහුගේ මවද පුංචි බොරැල්ල කිට්ටුව බාලිකාවක ගුරුවරියක් විය! බොහෝ විට ඔහුත් මමත් යාබද අසුන් වල; වල බසිමින් ගමන් ගත්තෙමු. මේ අන් කිසිවෙකු නොව පෙර කී ගුවන් හමුදා නිළධරයාය!

ඉන් පසු තවත් මාස කිහිපයක්ම ෂානක හරහා පණිවිඩ පිට පණිවිඩ මාවෙත ඔහු එවූවත් මා නොසැලී වාහනය මා වෙතම රඳවා ගෙන සිටියෙමි.

ඒ වෙනුවෙන් මා කලේ අතර මගදී වාහනය පැහැර ගැනීමකට ලක් වුවහොත් එයට මුහුණ දීමට සන්නාහ සන්නද්ධ වීම පමනකි! 

මේ අතර දිනක් මාගේ වැඩිමහළු සොයුරා අපේ නිවෙසට හදිසියේ පැමිණියේය. ඔහුගේ පදිංචිව සිටියේ පොළොන්නරුවේ, රවුම් පාරේ, රංකෙත උයන ලිපිනයේය.

ඔබට මතක නම් මෙම බීජේ ෆොර්ටියේ කථාන්දරය පටන් ගත් පලමු පෝස්ටුවේ සඳහන් කලා  වාහනයේ පොත (ඒය පොතක්ම විය!) තිබුනේ පොලොන්නරුවේ රන්කෙත රෙස්ටුරන්ට් නමටය." යනුවෙන් වදන් පෙලක්.  මාගෙ සොහොයුරාගේ  නිවෙස පිහිටා තිබුනේද මෙම වාහනයේ ලියාපදිංචි ලිපිනය ආසන්නයේය! ඔහු කෲසරය දුටු වහාම පැවසූවේ "ආ! මේක පොළොන්නරුවෙ වාහනයක්නේ!? මේකෙ පොත නෑනෙද?!" කියාය.

ඔහු නිවසින් පිටවූ පසු නැවත වාහනයේ පොත; (ඒ රථයට තිබුනේ පෙරලන පොතක්මය CR එක හෙවත් Certificate of Registration  එක දැන් මෙන් තනි කම්පියුටර් ප්‍රින්ට් අවුට් එකක් වෙනුවට ඒ කාලේ තිබුනේ කුඩා පොත් පිංචකි!) ගෙන පෙරලා බැලුවෙමි. මුල් අයිතිය :- FA & FJ සමාගම. දෙවන අයිතිය :- රන්කෙත රෙස්ටුරන්ට්, පොළොන්නරුව!

FA & FJ යනු ස්විඩනයේ සමාගමකි. කඩිනම් මහවැළි යෝජනා ක්‍රමය යටතේ ලංකාවේ විවිධ වාරි කටයුතු සඳහා මෙවන් සමාගම් මෙරට නැවතී  මෙහෙයුම් කලහ. මෙයට අමතරව BBN, ස්කන්ස්කා වැනි විදේශීය ඉඳිකිරීම් සමාගම් මෙරට හැත්තෑව අසූව දශකයේ මහවැළි යෝජනා ක්‍රමය තුල ක්‍රියාත්මක විය.

මම පසුදිනම ක්‍රියාත්මක වී නාරහේන්පිට RMV ඔෆීසියට ගොස් 31ශ්‍රී5460 වාහනයේ ලියාපදිංචි අයිතිකරු කවුරුන්දැයි සොයා බැලුවෙමි. ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා සේ නාරහේන්පිට වාහන මහ දෙවොලේ ග්‍රන්ථාරූඪවී ඇත්තේ මෙම වාහනයේ අයිතිකරු  FA&FJ සමාගම බවයි.

ඊට අමතරව මෙය තීරු බදු රහිතව සිංහලෙන් කියනවා නම් ඩියුටි ෆ්‍රී ගෙන්වපු වාහනයක් වන අතර මෙය යෝජනා ක්‍රමය අවසානයේ රජයේ ගබඩාවට (Government Stores) භාරදිය යුතුව තිබුනු භාන්ඩයකි, කිසිවෙකු මෙය මිලට ගන්නේ නම් රජයේ ගබඩාව හරහා මෙම වාහනය වෙනුවෙන් ගෙවිය යුතු තීරු බදු ගෙවා වෙන්දේසියකින් හෝ වෙනයම් නියමිත ක්‍රියා පටිපාටියකින් සිදු විය යුතු බවයි!

RMV පොත් පත්වල රංකෙත රෙස්ටුරන්ට් එකක්, පොළොන්නරුවක් තබා පරාක්‍රම භාහු රජතුමාගේ නමවත් කිසිම තැනක මෙම වාහනය පිළිබඳ ඉතිහාසය තුල ලියවී නොතිබුනි.තවත් ලෙසකින් පවසනවානම් වාහනයේ පොතේ දෙවන අයිතිකරු ලෙස සඳහන් "රංකෙත රෙස්ටුරන්ට්" කථාව එකෙන්ම ඊසෝප්ගේ උපමා කථාවකට වඩා එහා නොගිය නොම්මර එකේ ප්‍රභන්ධයකි! තවමත් RMV  කාර්‍යාලයේ පොත් පත් වල මෙම වාහනය දෙවන පාර්ශ්වයක් වෙත හුවමාරුවී නොමැත. වාහනයේ පොත ලෙස මා සතුව ඇත්තේ කූඨ ලේඛණයකි!

මෙවන් වාහන ලංකාවේ හඳුන්වන පොදු නමක් ඇත. එනම් මෙය "හොර වාහනයකි"! මගේ දෙපතුලේ සිට හිස් මුදුන දක්වා සීතල වී ගොස්ය. මා මෙතරම් මහන්සියක් දුකක් විඳ සෑදුවේ හොර වාහනයක්ද?

මම එදිනම ඉබ්බන්වල හංදියේ පිහිටි මහවැළි අධිකාරියට ගොඩ වැදුනෙමි. ඔවුන් පැවසූවේ එම කොන්ත්‍රාත් කරුවන්  සමඟ මේ වම විට කිසිඳු සබඳ තාවයක් මේ වන විට පවත්වන්නේ නැති බවත්ය. කෙසේ හොඅ ස්විඩ්න් තානාපති කාර්‍යාලයේ ලිපිනය සොයාගෙන මා එහි ගියේය. එකල එය විහාරමහා දේවි උයන කිට්ටුව ජයවර්ධන කේන්ද්‍රය අසල පිහිටා තිබුනා මෙන් මතකයක් ඇත. එම කාර්‍යාලයෙන්ද කිසිදු පැහැදිලි තොරතුරක් හෝ හෝඩුවාවක් මාහට සොයාගැනීමට නොහැකිවිය.

මෙතෙක් මා ආදරයෙන් හදාවඩාගත් දරුවා මට හිමි නැත. දැන් මා කුමක් කල යුතුද?

මේ සියල්ල සමගින් ගුවන් හමුදා නිළධර  'මාවතගමගේ' ප්‍රකාශ හා තර්ජනයන් මෙනෙහිවී ඉහ මොළ රත්විය. පසුදිනම මා වාහනයේ මා සවිකල දොරවල් දෙක ගලවා ගත්තෙමි. ඉක්බිතිව වාහනය රැගෙන නැවතත් කඳානේ නිපෝන් ඉන්ටර්නැෂනල් හොර ගුහාව වෙත ගියෙමි. 

මා වාහනය ප්‍රථික්ෂේප කලෙමි. 

ඔබ විශ්වාසයට ගන්න මා එතෙක් ආදරයෙන් හදාවඩාගත් ලෑන්ඩ්කෲසරය ඔහුගේ ව්‍යාපාර ස්ථානයේ අංගනයේ නවතා රුපියල්  එක්ලක්ෂ පනස්දෙදහස් පන්සියයක් වටිනා චෙක් පතක් රැගෙන බස් එකේ ගෙදර ආවෙමි.

"මට පිටුපා . . ආ . .  උඹ යනවද . . අ . . . . . සුරතළියේ . .ඒ . . ඒ  . . . "

අහන අහන අයගෙන් "උඹ ඔය සල්ලිනම් ගන්නේ නෑ පුතෝ!" යන ආදරණීය සුභ පැතුම් හා ප්‍රශස්ථි ගී ගායනා ආසිරි කෙසේ වුවත් මා මුදල් සියල්ල දෙවතාවකින් ගත්තෙමි. මෙන්න ඊට ලිඛිත සාක්ෂි:-



එම මුදලින් නිවසට කැන්දාගෙන ආවේ 31 ශ්‍රී 9111 ලෑන්ඩ්කෲසර් බීජේ ෆෝටිය ගැන ලබන සතියේ කථා කරමු!

ඔබ කැමති ඇති මාවතගම නම් "රණවිරුවාට" අවසානයේ සිදුවූ දේ දැනගන්න!

ඔහුව ගුවන් හමුදාවෙන් එළවා දැමූයේ ඔහුගේ ලිපි ගොනුවේ "තවදුරටත් ඔබේ සේවය අවශ්‍ය නොවේ!"  SNLR - Service Not Longer Required ලේබලය යටතේය!

තතු දත්තෝ - නම් ගලපා - ගනිත්වා!

289791

27 comments:

  1. This is crazy, hard to believe you got your money back.

    How did the officer non-gentlemen found about un-registration? Was he genuinely interested about the vehicle or he was part of the scam?

    Wijebahu

    ReplyDelete
    Replies
    1. එයා දැනගෙන හිටියා මේ වාහනයේ ඇත්තේ ව්‍යාජ ලියකියවිලි බව. ඒ නිසාම එයා බැලුවා තර්ජනයක් තුලින් මා බියවද්දා වාහනය ඔහු වෙතට ගන්නට. සමහර විට මීට කලකට පෙර ඔහු මෙම ව්‍යාජ ලියකියවිලි සැකසීමේ එක් පුරුකක් වන්නට ඉඩ ඇත!

      Delete
  2. හමුදාවට අපහාස කිරීම හොද නැහැ නේද මංජු ? ඒ අපේ රටේ අල්ලගන්න ආපු දෙමළ කොටි මරපු විරුවෝ මංජු.

    නන්දන -ගෝනහේන

    ReplyDelete
    Replies
    1. එහෙම පටු විදියට හිතන්න එපා! හමුදාවක් යනුවිනය ගරුක පිරිසක් ලෙසයි හැසිරිය යුත්තේ! ඕනෑම හමුදාවක ඕනෑම නිළධරයෙකු රටේ සිවිල් නීතියට යටත් වියයුතුයි, අවම වශයෙන් ප්‍රථිමත්ති ගරුක වියයුතුයි. ඌනෑම යුධ තත්වයකදී වුවද මිනිස් ආඅචාර ධර්ම වලට හිස නැමිය යුතුයි, ගරු කළ යුතුයි. න්‍යුරන්බර්ග් නඩු තීන්දුවේදී පවා එය තහවුරු වූවා. අද පවා නිළ ඇඳුමට මුවාවී එහි බලය අතට ගෙන ක්‍රියා කරණ නිළධරයන් කෙතෙක්ද? ඔබත් මමත් මෙන්ම ඔවුනුත් දැනගත යුතු සිහි තබා ගත යුතු හා අනුගමනය කල යුතු නියමයක් තියෙනවා. ඒ; "ඔබ කෙතරම් උස් පුද්ගලයෙකු වුවත් නීතිය ඇත්තේ ඔබට ඉහලින්!' බව.

      Delete
  3. ගැට ගැට ගැට ගහනකොට
    ඕනෑ වෙයි දහං ගැට
    ඒකට මහතා තට්ට
    සූරයි වාගෙයි පට්ට!

    ReplyDelete
    Replies
    1. අනේ නෑ නිදී මහත්තයා! වෙන කල යුතු දෙයක් තිබුනේ නෑ! ළිඳට වැටුනු එකා ළිං කටෙන්ම ගොඩ එන්න ඕනෑ කියලා කියමනක් තියෙනවානේ; නේද?

      Delete
    2. එක හුස්මට කියෙව්වත්, රසවින්ඳෙ නෑ කියල කනගාටුවෙන් නමුත් කියන්න වෙනවා. කතාවෙ අවුලක් නෙවෙයි, දරුණු කලකිරීමක් ඇති වුනා. අපෝයි, අච්චර මහන්සියෙන් දරුවෙක් වගේ හදාගත්ත වන්ඩිය😒

      Delete
    3. ඔව් බස්සා ජීවිතේ හැටි ඔහොම තමයි. දරුවෙක් වගේ නෙවෙයි කොටින්ම දරුවොත් ඔහොමයි. කාලෙකදි වෙන කෙනෙකුට ගෙනියන්න දීලා බලා ඉන්න වෙනවා!

      Delete
  4. මෙහි රා ගැන කිසිදු වචනයක් (පලමු වාක්‍යයෙන් පසු )ලියවී නොමැත.

    ReplyDelete
    Replies
    1. රා බී සත පහක
      වෙරි වී පනම් හතරක
      බයිට් කා සුපියලක
      අහෝ දුක්වෙති සිලිං හතරක

      Delete
    2. සමාවෙන්න ඕනෑ! අපි රා ගැන වෙනමම කථා කරමු! බෝපිටියේ ගියේ නැද්ද! ගිහින් ඇවිත් ලියමු!

      Delete
    3. බස්සා ඕක ලස්සන පරණ කවියක්!

      Delete
    4. ලබන සතියෙ මාරවිල යන්න ඉන්නෙ. වෙලාව තියනව නම් හැම තිස්සෙම මම ඇලකන්ද පාරෙ යනව මීගමුව පැත්තට යනකොට. ඒපාරෙ ඇල අයිනෙ කිලෝමීටර් දෙකක විතර කොටසක් තියනව මං හිතන්නෙ තාම අවු 100කට ඉස්සර තිබුන විදිහටම.

      එයාර් ෆෝර්ස් නිලධාරියෙකුගෙ වාහනයක් බැලුව වගේ මතකයක් තියනව මාස ගාණකට ඉස්සර

      Delete
  5. බිපු රා හිදුණා කියහන්කෝ මේක කියවලා. අනික මෙච්චර කට්ටක් කාලා තමන්ගේ අතින්ම හදපු වාහනේට මෙහෙම උනාම කොහොමට තියෙයිද.

    ReplyDelete
  6. අන්තිම ටික කියවද්දී පට්ට දුකක් හිතුන අය්යේ ....

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලී ! මොනවා කියලා කරණ්නද ඉතිං!?

      Delete
  7. මේක කියෙව්වම ඇතිවුනේ දුකක්. කෙනෙක් මහන්සි වෙලා උපයන මුදලින් වාහනයක් ගන්න ගියහම මුහුණ දෙන්න වෙන ලොකුම ගැටළුව තමයි මට හිතෙන විදියට මිලදී ගන්න යන වාහනය නිසා වංචාවකට අහුවෙනවා කියලා දැනගන්න ක්‍රමයක් නැති එක. මෙතනදි මම අදහස් කරන්නේ ඒ වාහනය නීත්‍යානුකූල එකක්ද කියන එක. අටවලා , මලකඩ වහලා වගේ දේවලුත් වංචා තමයි නමුත් මේ වගේ නීතිමය ගැටළු ඊට වඩා දෙයක්. ඔබ වාහනයට ගෙව්ව මුදල් ලබා ගත්තට හදන්න වියදම් කරපු මුදල්? ඇයි ක්‍රමයක් හදන්න බැරි තමන් ගන්න යන වාහනය නීත්‍යානුකූල එකක්ද කියලා සහතිකයක් ලබාගන්න RMV එකෙන්? එකට මුදල් අය කරනවා. රජයට ආදායමක් එනවා. වෙනත් රටවල් වල නම් ඔන් ලයින් කරගන්න පුළුවන්.
    ඔබ කියල තියන බදු ගෙවන එක ගැන මටත් ඒක අත්දැකීමක් තියනවා. 1980 ගනන් වල අග මම German Tech එකේ වැඩ කරන කාලේ German embassy එකේ හිටපු නඩත්තු කටයුතු භාර ජර්මන් ජාතික නිලධාරියෙක් පාවිච්චි කල නිසාන් වැනට් එකක අළුත්වැඩියාවන් කලා. එයා ලංකාවේ කාලය ඉවර වෙලා ආපහු එනකොට මට කිව්වා කැමති නම් ඒ වැනට් එක ගන්න කියලා. ඒකෙ අංකය 98 ශ්‍රී නිසා මම ඔය බදු ප්‍රශ්නය කිව්වහම මම ඔක්කොම ගෙවල තියෙන්නේ මේකට 50 ශ්‍රී අංකයක් තියනවා මගේ ආරක්ෂාවට මේ 98 ශ්‍රී අංකය ගත්තා කිව්වා. බදු ගෙවූ රිසිට් පවා පෙන්නුවා. සෑහෙන අඩු ගානක් මට කිව්වේ. ඒ දවස්වල නිකං වගේ. කොහොමහරි වාහනේ අරගෙන Transfer , එකට දැම්මහම ප්‍රශ්නයක් බදු ගෙවන්න කියලා.RMV එකේ බාප්පලා ෆයිල් එකේ තිබුන බදු ගෙවීමට අදාල කොල ටික උස්සලා මාව වටේ යවන්න බලනවා. මම ගිහින් ජර්මන් කාරයට කිව්වා. මිනිහ එයා ලඟ තිබුන ෆයිල් එකත් අරන් RMV ගිහින් පැයකින් වැඩේ ඉවර කලා.
    එයාගෙ යාලුවෙක් හිටියා තවත් ජර්මන් ජාතිකයෙක් ඇඹිලිපිටියේ ෆාම් එකක් කරපු. එයා ෆාම් එකේ පාවිච්චි කරන්න පරණ වෑන් එකක් (VW) ට්‍රේල් බයික් දෙකක් සහ ජාවා බයික් එකක් ගෙනාවා. වෑන් එක පාරේ දුවන්න නෙමෙයි. ඔය ටික කන්ටේනර් යාඩ් එකෙන් ගෙනත් ,වෑන් එකේ පොඩි තහඩු වැඩ කටයුතු කරල ,බයික් ටිකෙත් අඩුපාඩු හදන වැඩේ මමත් තව යාළුවෙක් එක්ක බාරගත්ත. යාළුවගෙ ගෙදර හොඳට ඉඩකඩ තියන නිසා එහෙට ගෙනත් ඕන කරන දේවල් සේරම ඉවර කරලා වැඩ ඉවරයි කිව්වා. බයිසිකල් පැදල බලන්න කිව්වා ටික දවසක් හොඳද කියල බලන්න ඕන ෆාම් එකට ගෙනියන්න කලින්. මම කිව්වා පාරෙ යන්න බෑ රෙජිස්ටර් කරල නැති නිසා කියලා. මට දවස් දෙකකින් ආයි එන්න කිව්වා. දවස් දෙකකින් ගියහම බයික් සේරම රෙජිස්ටර් කරල ඉන්ෂුවර් කරල සේරම ලියකියවිලි දීල මට කියනවා නම්බර් ප්ලේට් හදවල ගහල පැදල බලන්න කියලා. මට නිකම්ම ඇහුන කොහොමද මේක කලේ කියලා. මිනිහ හයියෙන් හිනාවෙලා කිව්වා මම දැන් අවුරුදු දහයක් තිස්සේ පදිංචිය ලංකාවේ කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කුමාර මහත්තයා අපිටත් පුළුවන් වාහනයක් ගන්න කලින් RMV එකෙන්; එතනට ගිහින් හෝ ඔන් ලයින් හෝ වර්ථමාන අයිතිකරු කවුරුන්ද යන වග හොයා ගන්නට අදනම්. ඒ කාලෙ නම් අනිවා RMV එකට ගොඩවෙලා බලන්නම වෙනවා.
      කොහොමත් ඕපන් පේපර්ස් තියෙන වාහනයක් ගන්නට ගියාම වැඩි අවධානමක් තියෙනවා!

      යමක් නීත්‍යාණුකූලව කරගන්නට ගියාම තියෙන බාධක වැට කඩොළු වැඩියි. ඒ නිසාම තමයි මිනිස්සු කෙටි ක්‍රම හොයා ගන්නේ. ඒකාලේ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ කියලා තිබුනා රසබර කථාවක්. "රජයේ නීති රෙගුලාසි අණ පනත් තියෙන්නේ වැඩ කිරීමට නොව වැඩ නොකිරීමට හේතු සැපයීමටය!" බලාන ගියාම කථාව ඇත්තය!

      Delete
  8. මේ වාහනයේ තියන duty free කතන්දරේ නිසා මේක නීත්‍යානුකුලව FA & FJ සමාගමෙන් වෙන කෙනෙකුට පවරන්න ක්‍රමයක් නැතුව ඇති .

    වාහනයේ අයිතිය FA & FJ සමාගමෙන් ඊළඟ අයිතිකරුට යනකොට tax ගෙවිය යුතු නිසාත්, මේක රජයේ ගබඩාව හරහා නොවිකුනූ නිසාත්, RMV එකේ තියන ඔරිජිනල් එක වෙනස් කරන්නත් බැරුව ඇති.

    නමුත්, ඔය පොත නම් ඔරිමජිනල් පොත වෙන්න ඇති. අර "රංකෙත රෙස්ටුරන්ට්" නම ලියැවෙන තැන දක්වා ඒකේ තියන දේවල් නිවැරදියි නේ.

    කොහොම හරි හිරේ විලංගුවේ නොවැටී ඔයින් බේරුනා ඇති!

    කොයි තරම් පාඩු උනත්, හිතට අමාරු උනත්, හැම දේම වෙන්නේ හොඳටයි කියන කියමන මෙතනටත් ගැලපෙනවා. බැරි වෙලාවත් අර ගුවන් හමුදා වංචනිකයා මේ වාහනේ පස්සේ එලෙව්වේ නැතිනම්, මේ වාහනේට ප්‍රශ්නයක් තියනවා කියලා දැන ගන්න වෙන්නේ බොහොම ප්‍රමාද වෙලයි. ඒ වෙනකොට තව තවත් මුදල් සහ ශ්‍රමය වැය කරලා තියෙන්න පුළුවන්.

    වාහනයක් මිලදී ගත් විගසම තමන්ගේ නමට හරවා ගන්නේ නැතිව, open papers වලින් පාවිච්චි කිරීමේ භයානක කමට මේ කතාව හොඳ උදාහරණයක්.

    මමත් මගේ තිබුන ලෑන්ඩ් රෝවර් series 1 වාහනයට පැට්‍රෝල් ඇන්ජිම වෙනුවට ඩීසල් 4DR5 ඇන්ජිමක් තියලා 1ශ්‍රී ලියා පදිංචිය 31 ශ්‍රී යටතේ ලියා පදිංචි කළා. ඊට පස්සේ ඒ ඩිසල් ඇන්ජිම series 3 චැසියකට (සහ බොඩියකට) තිබ්බා. ඊළඟට ආයෙමත් ඒක සැහැල්ලු ලොරි (40 ශ්‍රී )යටතේ ලියාපදිංචි කළා. (එතකොට වාර්ෂික ලියාපදිංචිය රු. 6000 සිට 800 දක්වා පහල බැස්සා) දැන් ඔරිජිනල් පොතේ තියන වාහනයේ ගෑවිච්ච් මජං ටිකක් වත් මේ කියන වාහනයේ නැහැ. මේක සම්පුර්ණයෙන්ම වෙනත් වාහනයක්. (චැසි නොම්මරේ නම් මම stamp කළා.) ඒ උනාට මේක නීති විරෝධී එකකුත් නොවෙයි. නීත්‍යානුකුල එකකුත් නොවෙයිද මංදා ?

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම කොයි දේත් වෙන්නේ හොඳට කියලා අදනම් හිත හදා ගෙන ඉන්න පුළුවන්. ඒත් එදා එහෙම බෑ. මොකද ඊට කැපකල කාලය, ශ්‍රමය හා මුදල් නිසා.

      කොහොමත් ඒකාලේ වාහනේක චැසි නොම්මරේ කොටනවා කියන එක එච්චරම බර පතල කාරණයක් වුනේ නෑ!
      බොහොමත්ම ස්තූතියි!

      Delete
  9. //පැට්‍රෝල් ඇන්ජිම ...ඩීසල් 4DR5 ඇන්ජිමක් තිය.....ලොරි (40 ශ්‍රී )යටතේ ලියාපදිංචි කළා. ...මේක සම්පුර්ණයෙන්ම වෙනත් වාහනයක්. චැසි නොම්මරේ නම් මම stamp කළා.)

    හුටා! අහල තියෙන විදිහට, ඔය තාක්ෂණය තිබ්බෙ කැලැත්තෑවෙ සොයිසාගෙ ගරාජ් එකේ කලු ඇල්බොට් ගාව කියලයි.🤣

    ReplyDelete
    Replies
    1. (උපන් රට දාලා ඕට්ටේලියාවට යන්න වෙලා තියෙන්නේ නිකංම නොවෙයි නේද?)

      Delete
  10. ඔන්න ඉතින් මම මෙහෙට ආවේ අද....කලින් කොටස් කියවන්නම් හෙමීට.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි. කියවන්න බොහෝ දේ ලියලා තියෙනවා!

      Delete
  11. හොර නම් කොච්චර ආදරෙන් හැදුවත් SNLR ගහල ආපහු හරවල යවන එක තමයි හොඳම..

    ReplyDelete
    Replies
    1. අන්තිමේ! සියළු සයන්ස් කාරයෝ නැසෙන සුළුය! කියලා හිත හදාගෙන ගමේ පංසලේ හාමුදුරුවෝ කියන "අත් හරින්න!' කියන එකත් මතක් කරගෙන වාහනේට SNLR ගහලා ආපහු යැවුවා!

      Delete
  12. දැන් නම් ජීප් වලට අතගහන්න බයයි. හුඟක්ම ඒවා "ඔලුව ජපං කඳ ජර්මං" බඩු. ඔක්කොම බට් කේස්. මාට්ටු වුනොත් හෙනම නඩුවක් තමයි. හොඳ වෙලාවට ඔය විධියට වත් බේරුනේ. හැබෑවටම හමුදා මිතුරාගේ උදව්ව නැති උනානම් වැඩේ තව දුර දිග යනවා සිකුරුයි.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...