ලෑන්ඩ්කෲසර්! ගැන මේ බයිස්කෝප් එක මෙතැනින් බලලාම කථන්දරේ පටන් ගනිමු.
ෂානක සමග කොග්ගල බලා ගිය ගමන කෙළවර වූයේ අනපේක්ෂිත අයුරිනි. මා කලින් පවසූ ලෙස අපගේ ගමනාන්තය වූයේ කොග්ගල බීච් හෝටලය ය. එකල එය අද මෙන් කොටස් දෙකකට වෙන් කොට නොතිබුනි. (මා අසා ඇති පරිදි එය අද වන විට වෙන වෙන් වෙන්ව කෙරෙණ ව්‍යාපාර දෙකකි!) මේ නිසම මෙහි සිටි සේවක මණ්ඩලයේ සේවා කටයුතු සැපයුනේද; "ජිරාෆියෙකු හා ආදර සබඳතාවයක් පවත්වන්නට ගිය වඳුරාගේ" න්‍යායෙනි!
එය අපට මොනවට වැටහුනේ හෝටලයට ගොඩ වැදී අපගේ කාමරය සොයා යෑමට පටන් ගත් මොහොතේ පටන්මය.
මා කුඩා කල මහත් ආශවෙන් කියැවූ එච් රයිඩර් හැගාර්ඩ් ගේ කින්ග් සොලමන්'ස් මයින්ස් හෙවත් රත්නාගාරය, ඇලන් ක්වාටර්මෙන් පොත් ද්විත්වයේ ඇලන් ක්වාටර්මෙන්, හෙන්රි හා ගුඩ් ත්‍රිත්වය අප්‍රිකා මහද්වීපයේ මහා වනාන්තර අතර සොලොමන් රජුගේ නිධානය සොයා යාමේදී කන ලද වටිනා කියන කට්ටට පමණක් නොදෙවෙනි කට්ටක් කෑමට අපට අපගේ කාමර සොයා ගැනීමට යාමේදී සිදු විය.
අපගේ බෑග් මළු කරේ එල්ලාගෙන ආ සේවක මල්ලී මගඇරීමෙන් අප පත්වූයේ මං මුලා තත්වයකටය. ඔබ පිළිගන්න! කෙටි වූවා නම් එය කෙටි වූවේ උඩරට දුම් රිය මාර්ගයෙ සිංජිමලේ බිං ගේට පමණි!
කෙසේ හෝ අප කාමර වලට ගාල්වූ විගසින් ෂානකගෙන් ඇමතුම ලැබුනි. ඒ අපිටත් එක්කම තේ ඕඩරයක් දැමීමටය. ගමන් විඩාව නිවාගැනීමට ඇඟ පත සෝදා ගත් අප තේ බීමට දත කට මැද ගෙන එක්ව බලා සිටියෙමු. විනාඩි 15 වේ සිට අප වේලාව බලමින් සිට නැවත ඇමතුමක් ගෙන ඇනවුම මතක් කලෙමු. පිළිතුර වූයේ මේ වන විට පිටත් වී ඇති බවය. එතැන් සිට තවත් විනාඩි 15 ක් පමණ යද්දී තේ කෝප්ප රැගෙන මල්ලී කෙනෙකු සැපත් විය. තේ එක බීම බටෙන් බීමට හැකි ආකාරයට සිසිල් වී තිබුනි!
මීට අමතරව එහි පාරිභෝගික සේවාව පැවතියේ අන්තිම අඩියකය.
මම මේ කියන්නේ මීට දශක දෙකකට පෙර කථාවකි!
අද වන විට එහි තත්වය කෙසේ දැයි කියා පැවසීමට නොහැක.
මීට අමතරව බොහෝ හෝටල් සේවකයින් දෙශීය සංචාරකයින් දෙස බලන්නේ "මල කරදර කාරයින්" දෙස බලනා ලෙසය! විදේශිකයින් මෙරටට නො එන අවාරයට; සේවක පඩිනඩි ගෙවා ලයිට් බිල් වතුර බිල් ගෙවා ගැනීමට දෙශීය සංචාරකයින් ගෙන්වා ගැනීමට කළමණාකාරීත්වය පොඩි පොඩි උප්පරවැට්ටි යෙදුවත් සේවකයින් අප දෙස බලන්නේ; ගේ තුලට හදිසියේ කඩා පාත්වූ ගැරඬි පතයෙකු දෙස බලන්නාක් සේය!
එයට එක් සැඟවුනු හේතු කිහිපයක්ද ඇත!
දේශීය සංචාරකයින් ඉංතීරුවෙන්ම "ටිප්" හොරුය! උන් ඇවිත් ගිය පසු කාමරය යතා තත්වයට ගෙන ඒමට කොළඹ මහ නගර සභාවට වත් නොහැක.
උන් සිතා සිටින්නේ මුළු හෝටලයේම සිටින සේවක මණ්ඩලය ඉන්නේ එක කාමරයකට ඇප උපස්ථාන කිරීමට කියාය!
උන්ට කෑම හදන්නට පබිලිස් සිල්වා තබා උන්නැහැගේ කිරි අප්පුච්චාටවත් බැරිය!
කෑම වල රස සොයන්නේ හංදියේ කඩේ කොත්තුවට සාපේක්ෂවය! ලියනවානම් පොතක් පිරෙන්නට කරුණු කාරණා එමටය. ඒ කෙසේ වෙතත් ගුවන් හමුදාවේ නිළධරයෙකුවූ ෂානකට මෙම කුඩම්මාගේ සැළකිල්ල දිරෙව්වේ නැත.
සිදුවූයේ දින දෙකකට පැමිණි ෂානක රාත්‍රී 12.00 ට පමණ සිය පවුල සමග ආපසු කොළඹ බලා පිටත්වීමය! පසුදින උදෑසන ආහාරයෙන් පසු අපද ලෑන්ඩ් කෲසරය රැගෙන හෝටලයෙන් චුත විය!
තවත් කාලයක් ඉක්බිත්තෙන් යෙදුනු දෙසැම්බරයක අග සතියේ ගමනක යෙදුනේ බෙන්තොට යෑමටය. ඒ අපගේ ලොකු අම්මලාගේ නිවෙසටය. ලොකු අම්මා විවාහවී සිටියේ සිඩ්නි චාල්ස් ඩයස් බණ්ඩාරනායක හෙවත් සිඩ්නි අංකල් සමගය. ඔවුන් ජීවත් වූයේ දෙද්දූව, පුස්සැල්බොක්ක වත්තේය. ඔවුන් කිතුණුවන්ය. සිඩ්නි අංකල් ඇංග්ලිකන් හෙවත් ඉංග්‍රීසි සභාවේය! අප සෑම නත්තල් නිවාඩුවකටම එහි යන්නෙමු. එය මා කුඩා කල සිට පැවතුනු චාරිත්තරයක් විය. මෙය ගැන මම පසුව ලියන්නම් - එය එතරම් රස මතකයක්!
මම මේ කියන්නට පටන් ගත් දිනයේ මමත් බිරිඳත් වසිකත් කඩවතින් පිටත් වූවේ උදෑසන ආහාර ගෙනය. වසික එකල බෝතලෙන් උක්කු බොන කුඩා දරුවෙකු විය! හයිවේ හදනවා තබා හිතන්නවත් හිතුව නැති කාලෙක පුරුදු පරිදි දෙමටගොඩ බොරැල්ල නාරහේන්පිට, බොරලැස්ගමුව හරහා ගල්කිස්සෙන් ගාලුපාරට වැටී එතැනින් ගාළුපාරදිගේ අළුත්ගමට යෑම අපගේ ගමන් මාර්ගය විය!
සුපුරුදු පරිදි කළුතර පසුකොට පයාගල රේල් ගේට්ටුව පසු කරනවාත් සමග; වම් පස මෝටර් රථ කිහිපයක් නවතා තිබෙනු දක්නට ලැබුනි. රේල් ගේට්ටුව පනිනවාත් සමග වම් පසින් වූ කුඩා නිවස ඉදිරියේ අඩියක පමන කබොක් ගල් බැම්මකින් වටකොට තිබූ ලිඳක් තිබූ අතර; එය ප්‍රධාන පාරට නොපෙනෙන සේ; වැට පොලතුවලින් ආවරණය කර තිබුනි. ඒ අසලම නවතා තිබූ ලොකු කුඩා කාර් වලින් බැස ගත් මහත්වරුන් එම පොල් අතු වැට ඇතුලට බලාපොරොත්තු දල්වාගත් දෑසින් යුතුව යනවාත්; සංතෘප්ත වූ මුහුණින් යුතුව එයින් එලියට එනවාත් මාගේ උකුසු නෙතට සටස් ගා රීඩ් විය!
ඕනෑම වේගයකින් යන රථයක සිටින කාන්තාවකට මාර්ගය දෙපස ඇති කඩ සාප්පු වල විකිණීමට තබා ඇති ඇඳුම් පෙනෙන්නේ යම්සේද පිරිමින්ට කොල පාට බෝඩ් පෙනේ! එය තර්ක ශාස්ත්‍රයේ හඳුන්වා දෙන්නේ "සුලභ දෘෂ්ඨි අගතිය" ලෙසිනි. අප දකින්නේ අප සොයනා දේය!
රටේ ඕනෑම නගරයකට නොව රත්මලානේ ගොළුමඩම තුලින් හෝ; රා අරක්කු ටිකක් ගංජා ඇබිත්තක් තිබෙන හොර පොට්ටෙකක ඔත්තුවක් තිප්පොලක් සොයා ගැනීමට පිරිමින්ට ඇත්තේ නිසර්ඝවූ හැකියාවකි. සමහර පිරිමින් ගත් කල උන් තුල ඇති එකම හැකියාව වන්නේද එයම පමණි. උන්ව අතින් ගෙවා හෝ ට්‍රිප් එක්කං යාමට බොහෝ දෙනා පෙළඹෙන්නේ සමහර අවස්ථාවලදී; යන වාහනයේ රියැදුරුගේ ඩ්‍රැයිවිං වලටත් වඩා මේ හැකියාවට වටිනාකමක් ලැබෙන නිසාය!
මමද ඉඩකඩ ඇති තැනකින් කෲසරය නවතා එළියට බැස්සෙමි. බිරිඳ ඒ පිළිබඳව විමසීමක් කලා දැයි මාහට මතක නැත! විමසුවද ඊට සාර්ථක පිළිතුරක් මා දෙන්නට ඇත! වාහනයෙන් බිමට බැස ගත් මා හෙමින් සීරුවේ (හොරා වගේ) පෙරකී කුඩා නිවස දෙසට ඇදුනෙමි.
පොල් අතු තිරයෙන් ඇතුලට යනවාත් සමග එලියට පැමිණි තෘප්තිමත් පාරිභෝගිකයෙකු හමුවිය.
"බඩු හොඳද?"
"පොඩ්ඩක් කලවං වගේ!?"
උසාවි වල ටයි කෝට් ඇඳගෙන බයිබලයට අත තබා දිවුරා මහත්වරු බොරු කියති! අඳුරු තැබෑරුම් වල මේස වටා හිඳගත් බීමත් මිනිසුන් සත්‍ය පවසති; යැයි කීවේ මා නොව ෆිදෙල් කැස්ත්‍රෝය. මා හට කිසි ලෙසකින් ෆිදෙල් කැස්ත්‍රෝ අභිබවා යන්නට හෝ ඔහුට අභියේග කරණ්නට බැරිය! "පොඩ්ඩක් කලවං වගේ!?" කියන්නට ඇත්තේ කලවංම නිසා විය යුතුය. "මළ මිනිස්සු බොරු නොකියති" කියන්නේ වෝහාරික වෛද්‍ය විද්‍යාවේදීය. එසේම ඩෝප් කාරයෙක් තවත් බොන එකෙකුට මොනවා ගැන බොරු කීවත් රා අරක්කු ගැන බොරු නොකියත්!
මා හැරෙන තැපෑලෙන් ආපසු පැමින වාහනයට නැග පන ගන්වා පාරට ගත්තෙමි.
බොහෝ පිරිමින් පවුලේ වේවා, කාර්‍යාලයේ වේවා, විනෝද ගමනක් අධ්‍යාපන චාරිකාවක් වන්දනා ගමනක් යාමට අවස්ථාවක් යෙදුනු සැණින් එයට සමාන්තරව දිවෙන තම තමන්ට ආවේනිකවූ තවත් පෞද්ගලික අවශ්‍යතාවයන් සන්තර්පනය කර ගැනීමට කරුණු කාරණා පිළිබඳ පිඹුරු පත් සකසති.
හලාවත,පුත්තලම, පයාගල ඉඳුරුව පැත්තට යන කුමන විදියේ ගමනක උවද පොල් විනාකිරි සුවඳක් තැවරිය යුතුය! කිතුල්ගල , දැරණියගල, මතුගම ඇල්පිටිය, සිංහරාජෙ පැත්තේ යන්නේ නම් කිතුල් පැණි ජුන්ඩක් රස බැලිය යුතුමය. යාල විල්පත්තුව ඇඹිළිපිටිය උඩ වලවේ නම් දඩ මස්ය. උතුරේ නම් තල් අලය! මෙසේ ඕනෑම මල මගුලක් විනෝද ගමනක් කර ගන්නා අපූරුව ඔවුන් දනිති.
මගෙ සුදු මාමේ - රා පොඩියක් දී ම සනසන්නේ . //
මම කෲසරය පදවාගෙන සෙකන්ඩ් ගියරයේ සිට තර්ඩ් එකට මාරු කලේ අමතක වුනු දෙයක් මතක් වූ ලෙසිනි. මාගේදෙනෙත් ඇත්තේ ගාළු පාර දෙස නොව වම් පසින් දිවෙන රේල් පාරත් අප අතර සැන්ඩ්විච් වී තිබෙන රූස්ස පොල් රුප්පව දෙසය. ගස් අතර බැඳි අතුරු අහසේ රටා මවාය! ඒවා අතර ඇවිදින විශ්ම කර්ම පුතුන් බිමට බසින සේයාවක් නැත. තවත් මීටර දෙසීයක් පමණ දුරට යන විට ගසින් බැසි එක් මදින්නෙකු තමා ගසින් බිමට ගෙන ආ මධු; ගස මුල වූ වෙනත් ලොකු භාජනයකට වත්කරමින් විය. මා හිමින් සීරුවේ දකුණට ඇල කොට වාහනය නවතා දමා ගස මුලට කිට්ටු කලෙමි.
ගස මුලට ලංවූ මම සී.ටී ප්‍රනාන්දු මෙන් "මාමා" ගෙන් රා ගැන විමසීය.
"අප්පෝ මුදළාලි දැනගත්තොත් මම රා විකුණනවා කියලා හොඳ වැඩක් වෙයි!" මේ ඔහුගේ ප්‍රථිචාරයය! තද කළු අකුරින් මුද්‍රණය කොට යටින් ඉරක් ගසා ඇහි උදෘථය තේරුම් ගැනීම මට නොව එකල උක්කු බොන වසිකට උවද අපහසු නොවනු ඇත!
"කවුද මුදළාලිලාට කියන්නේ? මම බිව්වා! මම ගියා එච්චරනේ!?" මම "වංචාව" සැහැලු කලෙමි. "අනික පාරෙ යන කෙනෙක්ට ආසාවට රා ටිකක් දුන්නා කියන එක වරදක්යැ?" මම "වංචාවට" මානුෂික මුහුණුවරක් දුන්නේය!
"කෝ ඉතිං බොන්න කෝප්පයක්වත් නෑනෙ!?" ඒවන විට රා මාමා ගේ හිත හොඳටෝම "උනු" වී තිබුනි!
"ආ! පොඩ්ඩක් ඉන්න මම වාහනෙන් මොකක් හරි හොයා ගෙන එන්නම්!" මම විදුලි වේගයෙන් රථය වෙතට ඉගිල්ලුනෙමි. මාමාගේ හිත වෙනස් වෙන්නට තප්පරයක කාලයක් වුවද ඕනෑවටත් වැඩිය.
එකල ලෑන්ඩ්කෲසරයේ පිටුපස දොරවල් වල ඉහල කොටස ආවරණය එනම් රෙක්සින් කැබැල්ල තිබුනේ නැත. මම ඒතුලින් අත දමා වාහනය තුල තිබුනු ප්ලාස්ටික් පෙට්ටි තුල භාජනයක් සොයමින් අරගලයකය!
"මොනවද හොයන්නේ?' බිරිඳ විමසුවේ සැකයේ ස්වරයෙනි.
"මේ . . . . .කෝ . ප් . .පයක් . . මම කෝප්පය සැහැල්ලු කොට සුළඟේ පාවෙන්නට සලැසුවෙමි.
"ඔතන කොහෙද කෝප්ප . !?"
ඒ සමගම මාහට එතැන තිබුනු වසන ලද සාස් පානක් ඇස ගැටුනි. එහි ඇත්තේ වසිකගේ කිරි ආයුධ එනම් හැන්ද, කිරි පෙරන ස්ට්‍රෙනරය හෙවත් කිරි ගොටුව, කිරි බෝතලය, හා කිරි හදන ගැජට්ටුව හෙවත් මිල්ක් විස්කරය හා ඊට අදාල ජග්ගුව එහි විය.
ඝන දෙවි නුවණට මිල්ක් විස්කරය වැඩේට ගලපා ගත හැකි බව ක්ෂණිකව වැටහුනි. විස්කරය ගලවා සාස් පාන තුලට දැමූ මම එහි යට භාගය හෙවත් ජග්ගුව රැගෙන "රා මාමා" වෙත පියා ඹුවේය.
"මාමා" ද කිසිඳු ලෝභ කමකින් තොරව; හිස් කරණ වාරයක් වාරයක් පාසාම ජග්ගුව පුරව පුරවා දෙමින් මාගේ චරියාවට මහත්වූ මෙහෙයක් කලෙමි. ජග්ගු හතරක් බී අවසානයේ "දැන් ඇති මාමේ!" කියා එතැනින් නැගිට මුදල් ගෙවූයෙමි. (මට මතක ලෙසට රුපියල් 100ක් හෝ 200 යකි!) ඉතිරි මුදල් නොගෙන මා පිටත්වී රථය දෙසට මුකුත් නොවුනු ගානට පිය මනිමින් එන මා හට ඔහු නැවත ඇමතුවේය!
"මහත්තයා!"
"අ . ඇයි . . . . . . !?"
"ආයෙත් මේ පැත්තෙන් ආවොත් එන්න මහත්තයා!"
"අම්මට සිරි!"
ලොකු අම්මාගේ නිවසට ගොඩ වැදී වසිකයාට උක්කු හදන්නට ගිය අවස්ථාවේ වැඩේ සුපිරියටම පත්තු විය!
"මොකක්ද මේ ගඳ! මම් දෙතුන් පාරක්ම හේදුවා!! අළුත්ගමින් එකක් ගන්න වෙයි. දැනට නම් මම වෙන භාජනේකින් කිරි ටික හදා ගත්තා!"
ලෑන්ඩ් කෲසර් BJ ෆෝටිය හා සම්බන්ධ තවත් රා කතාවක් ඇත එයත් මෙහිම ලියා අවසන් කරණ්නම්. මොකද අපේ සෑම් මහත්තයාට රාවල පුසුඹ අල්ලන්නේ නැති බැවින්!
අපි එදා ගාල්ලේ යමින්!
පයාගල බේරුවල පසුකරණ විට දහවල් 12 පමණ වී.
මේ නිසාම රා මදින්නන් ගස් වලින් කපා බා ගත් රා එකතු කොට මඩුවලට යවා අවසන්.
එදිනද වෙනදා මෙන්ම රා වලට ඉව අල්ලමින් යන මා හට ඉඳුරුව රේල් ගේට්ටුව ආසන්නයේ දකුණට ඇති වංගුවේ වම් පසින් ඇති කඩය අසල රා පීප්ප ගනනාවක් ගොඩ ගසා තිබෙනු දක්නට ලැබුනි.
මේ කඩේ මේ මෑතකත් තිබුනා. මම ගාළු පාරේ ඔය පැත්තට ගියොත් අනිවාර්‍යයෙන්ම ඔය කඩේ දිහා බලනවාමයි. ගාළු පාර දකුණට හැරෙන වංගුවක වම් පැත්තේ තියෙන හුදෙකලා කඩයක්! ඒ දවස් වල එය පැවතියෙ තනිව. තේ වතුරත් තිබ්බාද මංදා! පොඩි සිල්ලර කඩයක් වගෙයි මතක. ඒ කඩේ ලඟින්ම ගම ඇතුලට විහිහුනු පටු පාරක් තියෙනවා පොල් රුප්පාවක් මැදින් විහිදුනු.
ඉතිං මම කෲසරය පාරේ වම් පසට එනම් කඩය දෙසට ඇල කොට නවතා කඩයට හිස පෙව්වෙමි.
"අයියේ මේ . . !?"
"ඇයි මහත්තයා . . . !?"
" මේ රා ටිකක් බොන්න . . . . . . . . . . !?"
" ආ! මහත්තයා ඔයා යන්න ඔය පාර දිගේම. මේ කඩේ අයිනෙන් තියෙන්නේ! ඒකෙ යන කොට දකුණු පැත්තේ තියෙනවා සුනිල් අයියලාගේ ගෙදර! අන්න එහාට යන්නකෝ!"
"හරි අයියේ බෝම ස්තූතියි!"
මම වාහනයට නැගී එකී පටු පාරට හරවා ගත්තෙමි. මාර්ගය කෙතරම්පටු දැයි කයනවා බීජේ ෆෝටියේ සයිඩ් කන්නාඩි අකුලා ගෙන යෑමට තරම් විය!
මාර්ගයේ මීටර දෙතුන් සීයක් ගිය පසු පාරේ දකුණු පස තරමක මිදුලක් සහිත නිවෙසක් විය. මම ඊට හරවා නැවැත්වූයේ දන්නා කියන කෙනෙක් ලෙසින්ය. ගෙදර මිදුලේ දිග ගවුමක් ඇඳගත් කාන්තාවක් විය.
"මේ සුනිල් අයියගේ . . . .!?"
"ඔ . ඔව් මහත්තයා! මහත්තයා ක්වුද!?"
"අනේ නැ! සුනිල් අයියා මාවනම් දන්නේ නෑ! මම ආවේ එයාගෙන් පොඩි උදව්වක් ගන්න!"
"ආ! පොඩ්ඩක් ඉන්න!"
කාන්තාව ගේ තුලට ගොස් විනාඩි ගනනකදී ගෙදර උළුවස්සෙන් පුරුෂයා මතුවිය!"
"අයියේ මම ආවේ රා ටිකක් බොන්න පුළුවංද කියලා බලන්න. අර හංදියේ කඩෙන් තමයි අයියා ගැන කිව්වේ! . . .!"
"අයියෝ මහත්තයෝ සුළු දෙයක් නේ! එන්න කෝ මේ පැත්තෙන්!"
" ආ නෝනාත් බහින්න . . ! ඒ සුනිල් අයියාගේ ඇඹේණිය ය.
ඔහු මාව ගෙදර අයිනෙන් එක්කගෙන ගියේ රා පීප්ප ගනනාවක්, කෑන් මුට්ටි ආදී රා කර්මාන්තයට අවශ්‍ය සියළුම කවකටු, බෙදුම් කටු, කෝන මාන, විහිදිචතුරස්‍ර තිබුනු කුඩා මඩුවකටය. ඔහු එහි තිබූ රා සාම්පල කිහිපයක් තොල ගා; ඉන් එකකින්; අතසේදීමට භාවිතා කරණ ලොකු ප්ලාස්ටික් කෝප්පයක පුරවා ම හට පිළිගැණ්වීය!
එතැන් පටන් මාගේ ආගත නාගත කථා කරමින් ඔහුගේ වගතුග ගැන හාර අවුස්සමින් පැය භාගයක් පැයක් පමන අප මිඩංගු වුනෙමු. තවත් කෝප්පයක් දෙකක් හිස් විය!
සියල්ල අවසානයේ මා යන්න පිටත් වන්නට සූදානම් විය!
"අයියේ කොහොමද දැන්නෑ ගාන . . !?"
" මොන ගානක්ද . . .!?"
"නෑ රා වල ගාන .ම් . . . . . . .? මනුස්සයෙකුට ආසාවට බොන්න රා ටිකක් දීලා සල්ලි ගන්න අපිට පිස්සි යෑ!? මහත්තයා ඕනෙ වෙලාවක් එන්න මේ පැත්තෙන් ගියොත්!"
මා වාහනය හරවා ගෙන නැවතත් ගාළු පාරට වැටී හිමින් සීරුවේ සඥ්ඥක හාවා සේ ගාල්ල බලා පිටත් උනෙමි.
"ඇත්තටම සුනිල් අයියලා තාම ඉන්නවාද දන්නෑ . . . . .!?"
අද වන විට මේවා හදවත ප්‍රථිෂේප කරණ කථා වුවද මා සතුව තිබුනු වාහන සමග එකට එක්ව එන රස බර මතකයන්ය.
පසු ගිය පෝස්ටුවේ පැවති අධික කාර්මික ස්ව්භාවය පිළිබඳව බොහෝ දෙනෙක් තම අදහස් විවේචන ඉදිරිපත් කර ඇති නිසාම ඔවුන් වෙනුවෙන් ඉක්මණින්ම මෙය ලියන්නට ගතිමි.
288622
රා/අරක්කු බොන අයට ඒ ගැන ඉව තියන එක නම් සම්පුර්ණ ඇත්තයි. ඒ වගේම, ඒවායේ ගුණ අගුණ කියන කොට බොරු නොකියන බවත් විශ්වාසයි.
ReplyDeleteඒ වගේම කෙනෙකුට රා ටිකක් දීලා සල්ලි ගන්නේ නැති මිනිස්සුන් ගැන අතීතයේ මිසක් වර්තමානයේ නම් අහන්නවත් ලැබෙන්නේ නැහැ.
රා හොයන්න අතුරු පාරක් දිගේ ගියා කිව්වාම, මට පරණ සිද්ධියක් මතක් උනා. අපි හතර පස් දෙනෙක් "සෙට්" වෙලා, බඩු මදිවෙලා හොර අරක්කු විකුණන තැනකට ගියා. එතකොට රෑ 10/11 වගේ වෙන්න ඇති. පටු අතුරු පාරක, වෙලක් අයිනේ තමයි මේ ගේ තියෙන්නේ. මගේ ජීප් එකෙන් ගිහින් ඒ ගේ ළඟ නැවැත්තුවා. ගෙදර කවුරුවත්ම නැහැ. හැබැයි, මිදුලේ පුෂ් බයිසිකල් දෙක තුනක් තියනවා, ගේ පිටිපස්සේ තියන කුස්සියේ ලිපේ ගින්දර පේනවා, ඒ උනාට ගෙදර කවුරුවත් නැහැ. ටිකක් එහෙට මෙහෙට ඇවිදලා බලන කොට ළඟ ගෙදරක කෙනෙක් ඇවිත් කතා කළා. මගේ ජීප්පුව එනකොට, පොලිසියෙන් එනවා කියලා කට්ටිය වෙල දිගේ දුවලා. පස්සේ ඒ මනුස්සයා ගිහිල්ලා කට්ටියව ආපහු අරගෙන ආවා.
මම රා නොබිව්වාට අපේ කට්ටිය රා බොන්න යන හැම දවසකම ඒකට සහභාගී උනා. වේරගම හරි මහබෙල්ලන තොටුපොල ලඟ තමයි රා බොන්න සෙට් වෙන්නේ. මැස්ටිය/වේරගම/ අරුක්ගොඩ/දිබ්බැද්ද කියන ගම් හතරේ හිටපු යාළුවො හතර දෙනෙක් තමයි "හොඳ" බඩු සපයන්නේ.
අද මම කොම්පියුටර් එක off කරන්න යද්දී තමයි මේ පෝස්ට් එක දැක්කේ. දැන් නම් රෑ 12 ත් වෙලා.
බ්ලොග් පෝස්ට් වල අධික කාර්මික භාවය හෝ අධික මත්පැන් භාවිතය කියන්නේ විවේචනය කලයුතු දේවල් නොවෙයි. කියවා සතුටු විය හැකි දේවල්.
බොහෝම ස්තූතියි ඒ තරම් රාත්‍රියේ හරි ලියන්නට සිතීම. ඔබලා ලියන එක ලියන අපට ලොකු හයියක්! ඇත්තටම තාමත් ගම් පැතිවල ඉන්නවා එහෙම සල්ලි නොගන්න අය! මොකද එතන උන සුවිශේෂම දේ තමයි කොළඹ ඉඳන් අපි සුනිල් අයියාගේ ගෙදරටම ගිය එක! ඇත්තටම හොඳ මිනිස්සු!
Deleteඔව් ඔය ජීප් පාවිච්චි කිරීමේ තියෙන ලොකුම අතුරු ආභාදය තමයි අහිංසක අපිව පොලිස් ගානට වැටීම! ස්තූතියි. සුභ රාත්‍රියක්!
රා අරක්කු බිලා වාහන පදවන්න සුදුසු නැහැ නේද මහත්මයා. බීමතින් රිය පැදවීමෙන් වළකිමු.
ReplyDeleteමේ කියන කාලේ ඔබ තුමා වගේ කවුරුත් හිටියේ නෑනේ මට අවවාද දෙන්න! දැන් එහෙම කරණ්නේ නෑ!
Deleteකතාව කියවනකොට මට මතක් උනේ .. දවසක් තලවිල පල්ලි යනකොට උදේ පාන්දරම " පම්බල " තැබෑරුමේ උණු උණු බඩු , ලොරියෙන් බානවා ... අනේ ඉතින් ඔබ තුමා වගේම බොන්න ගෙනියන වතුර කෑන් එකක් අහක්කා කොරලා කෑන් එකට අමුර්තය පෙන පිටින්ම පුරෝ ගත්තා ...තලවිලට යනකල්ම ස්ත්‍රී පාර්ශවයෙන් ආඩපාලී වතුර කෑන් එක හැලුවට ...
ReplyDeleteඔයා අහලා නැද්ද පැරණි සෘෂි වරු කියලා තියෙනවා මෙහෙම කථාවක්:-
Deleteසුරාවේ අගයත් - එහි ඇති මනා රසයත්
බොන උතුමෝ මිසක් - නොබොන අනුවන දනෝ නොදනිත්
කියලා.
අම්මපා පිරිමි කියන්නේනම් අදහන්න ඕන එල කිරි පාර්ෂ්වයක්ම තමයි!
කලින් පෝස්ටුවේ තාක්ෂණික අජීර්ණයට බකට් එක ඇදීමේ පින, මෙවර පොලියත් සමඟ ලැබී ඇත. පිඹගෙන ආවෙ රා සුවඳට. ආයෙ පාරක් කියවන්න එඤ්ඤං.
ReplyDeleteමේවගේ කතාවලට මගේ කැමැත්ත වැඩි නමුත්, මැකෑනිකල් පාඨකයන්ටත් අසාධාරණයක් නොවෙන්න, ඔන්න ඔහේ " කාර්මික භාව" කෑල්ලකුත් ඔබලම දාන්ට. පරණ පිංතූර නැතුව ඇති,මයෙ හිතේ? ගූගල් ස්ට්‍රීට් වලින් හරි පොඩි පිංතූර කෑල්ලක් එල්ලුව නං තමා අගේ.
චෝදනාවක් ලෙස නොව, "Constructive criticism" ලෙස සලකා බලන සේක්වා!
ආදරණීය බස්සාණෙනි;
Deleteමම කථා කරණ්න ගියාමත් පටන් ගන්නේ මට හිතිච්ච තැනකින්. බොහෝ එවුං; ගෙදර එවුං පවා උඩ බිම බලනවා මම මොකක්ද මේ කියන්න යන්නේ කියලා.ඒ විදියටම මෙහෙම පටං ගන්නං.
ඔය කථා කියනා කාලේ ඒ කියන්නේ මීට දශක දෙකකට විතර පෙර අපි අතේ පොටෝ අල්ලන්න පුළුවං ජංගම තිබුනේ නැහැ. එහෙම ඒවා හදලා තිබුනාදත් කියා නොදන්නේය! ඉතිං ඔඅය කාලේ සමහරු ජීවිත කාලෙටම පිංතූරයක් කියලා අරං තිබ්බේ මගුල් පොටෝ එක විතරයි! අපි අතේත් තිබ්බේ යශිකා පොඩි කැමරාවක්. ඕකට 36 රෝලක් දැම්මාම ඒස්ක පාවිච්චි කලේ ගෙදරට ගේන උම්බලකඩේටත් වඩා අරපිරි මැස්මෙං! අම්මපා මේ බොරු නෙවේ කියන්නේ බොරුනං ඔනෑ කෙනෙක්ගෙන් අහල බලන එකයි ඇත්තේ! ඉතිං ඒකෙං පිංතූර අරං රීල් එක හෝදන්නයි ප්‍රින්ට් කරණ්නයි තව වියදමක්. අනික රීල් එක දාන කොට මේ මගේ හුළැඟිල්ල විතර පෙන්ටෝච් බැටරි කෑලි දෙකකුත් දාන්න ඕනෙ. ඉති ඔය කාලේ පිංතූර හිතේ හැටියට ගන්න පුළුවං උනේ ස්ටුඩියෝ වල රෙද්ද අස්සෙ ඉඳන් පිංතූර ගන්න එවුන්ට පමණයි! අනේ ඒ හින්දා කථාව ඇහින් දැකලා හිතේ මවා ගන්නම වෙනවා!
නෑ මමත් පිළිගන්නවා පසුගිය කොටස තනිකර ටෙක් එකක දෙන නෝට් එකක් වගේ උනා කියලා. ඒත් අනේ ඒ සිද්ධිය කොහේ හරි ලියලා තියන්න ඕනෙ උනා. කවදා හරි කාට හරි වැඩක් වෙන්න හරි මටම බලා සතුටු වෙන්න හරි!
එහෙම අවුලක් නෑ! මේ ළඟදි දවසක් මගේ ආදරණීය පාඨිකාවක් කෝල් එකක් දීලා; අර මගේ පොලිස් කථන්දර කොටස් දෙක කියවලා "මොනවද අනේ ඔයා මේ ලියන්නේ; නිකං බොක්කු ලඟ, නාන ලිඳ ගාව ගෑනු කියෝන ගම්මැදි හෑලි වගේ ඒවා?" කියලා හෙන දෝස්මුරේ! ඔයාට කියන්න බස්සෝ මම ඒලිපි පෙලෙ ලියන එක නවත්තලම දැම්මා. කවදා හරි ලියනවානම් වෙනමම ආකෘථියකින් ලියන්න ඕනෑ කියලා. (බනින්නෙ ඉතිං හදා ගන්නනේ කියලා හිත හදා ගත්තා!)
අවුලක් නෑ ඕන දෙයක් කියන්න! ඒකෙ කිසි අවුලක් නෑ.
මම කාලයක් ලක්බිමට ෆ්‍රී ලාන්ස් ලියනා කාලේ සුන්දර අයියා (සුන්දර නිහතමාණී ද මැල්) කථා කරලා කිව්වා "ඔයා 'මංජුසාව' ටත් ලියන්නකෝ!" කියලා. ඒ කාලේ මම ලිව්වේ "රිද්ම" සප්ලිමන්ට් එකට විතරයි. ඒකෙ ලිව්වේත් "මංජුලගේ දිනපොතයි" තව ඔය එදා එදාට සෙට් වෙන කොමිටල් වගයකුයි. පලවෙනියෙන්ම මට තිබ්බේ වැල්ල වත්තේ ගාළුපාරේ ට්‍රැෆික් කරපු පෙරේරා රාළහාමි (මට නම මතක එහෙමයි) ගෙන් ඉන්ටර්විව් එකක් අරං ආටිකල් එකක් කරණ්න. මම ඉතිං ඉන්ටර්වීව් එක අරං වැඩ කිඩ දාලා ලියාගෙන ගියා. මට තාම මතකයි "ගාළු පාරෙ ඩ්‍රැයිවිං කරණ 'පොරවල්' . . . . . . . " ඔන්න ඔහොම. මෙක සුන්දර අයියා අතට දීලා මෙහාට වෙලා බලාන හිටියා. "අනේ! අනේ!! මහත්තයෝ මෙහෙමනං බෑ!!! භාෂාව හදාගන්න වෙනවා!" කියලා ආපහු අත්පිටපත මගේ අතට දුන්නා. අදටත් මතකයි "පොරවල්" හිටියේ සුන්දර අයියාගේ පෑනෙන් ඇඳපු රවුම ඇතුලේ!
ඉතිඅං ඒ හින්දා ඕන දෙයක් කියන්න.
එළම එළ! ජයවේවා!
අත්ත නේන්නං, ඒ කාලෙ කැමරා ෆෝන් තිබ්බෙ නෑ නෙව? මම ඉතාම කැමැත්තෙන් කියවපු එකක් තමා, ඔබතුමාගෙ දිනපොත. දැන් ඒක ලියන්නෙ නෑනෙ. පොඩි සිදුවීම් වුනත්, ලොකු කතාවක් කියැවෙනවා.
Deleteඅර "ජිරාෆියෙකු හා ආදර සබඳතාවයක් පවත්වන්නට ගිය වඳුරාගේ" න්‍යාය මොකක්ද? මම වඳුරව හොයාගෙන ගියා. මේකා කරටියටම නැගලා සෙල්ෆි ගහනවා.
කොහොමද බං ඒක ලියන්නේ. ඉන්න්කෝ සැර බාල කරලා මෙහෙම ලියන්නං! වඳුරා සෙට් උනේ ජිරාෆියක් එක්කනේ! දැන් ජිරාෆි එක්ක ප්‍රේමාලිංගනයේ යෙදෙන්නට ගෙහුං ජිරාෆිගේ දෙතොල් සිප වැලඳ ගෙන අතිරික්තය සඳහා පහලට බෙල්ල දිගේ බැහැගෙන බැහැගෙන එන කොට වඳුරාගේ අවශ්‍යතාවය වියැකී ගොහිං ලු!~ අනේ ආයෙත් මේ අසරණ වඳුරා බෙල්ල දිගේ බඩගාගෙන බඩ ගාගෙන ගිහින් . . . . . . . .ආයෙත් ඒ ටිකමලු. අන්තිමේ වැඩේ නවත්තලා දාලා වැඳිරියක් හොයා ගත්තලු; හැම අතින්ම ගැලපෙන!
Deleteහෙහ්, හෙහ් දැන් තේරුනා. නියමයි, නගින්න, බහින්න දුර වැඩියි😂
Deleteඒකනේ! ඒකනේ!!
Deleteඅපිටත් ඔය සුනිල් අයියලාගේ ලිපින හෙම දීල තියන්න හදිස්සියකට, එකම එක දෙපාරයි රා බිලා තියෙන්නේ පහුගිය දස වසරටම
ReplyDeleteඅම්මපා කියන්න අජිත් අයියේ මේ කොරෝණා මගුල ඉවර උනු ගමන් උන්නැහැව බලන්න යන්නයි හිතාන ඉන්නේ! කොහෙද ඔයා මෙරටට ආවාට අපි වගේ සොමි පොරවල් ඇසුරු කලේ නෑනෙ! බලමු ඊළඟ වාරෙ වත් ඔයාගේ දොළ දුක සංසිඳුවන්නට!
Deleteකොරෝනා මල්ලි කොරෝනා
DeleteGahen bana ewa ra wenna be neda, ewa thelijja. Barrel eke budu nam spot on.
ReplyDeleteBefore E01 I was going from Nugegoda, Piliyandala, Bandaragama, Kaluthara, Aluthgama, Elpitiya 4.5 Hrs Min. Now from Kurundugaha to Kottawa Ambul-thayal in 45 min. Wijebahu
ඔව් නේන්නං! ඒවා පැහුනාට පස්සෙනේ රා වෙන්නේ. පැහිලා වැඩි උනාම විනා කිරි එහෙම නේද? පැහීම පහු කරණ්නට "හල් පොතු" හරි ඒවාගේ මොනවා හරි දානවා කියාලත් මතකයි!
Deleteමොනවා උනත් හයිවේ එකේ මාතර ගියාට අර වාගේ ගැම්මක් නම් නෑ. මුහුදු හුළඟ වැදෙමින් මැනුවල්; ඩීසල් වාහනයක් එලවගෙන යන එක වගේ මට වෙන මුකුත් හරියන්නේ නෑ.
හැබැයි කෝච්චියේ යන ගමනත් එළ!
ඔබතුමා මෙරටට එන දවසක පොඩිත්තක් අපි ඇසුරු කරමු ඒ රස මිහිර සමග!
Hopefully will be able to travel to SL in December
DeleteSome people like to start with Thelijja (Lapati Ra, According to CT) and move on to real one.
Some toddy tappers hide a small pot in the tree for personal use that is called 'Gahe budu' only the privileged will get to share it.
Coastal industry is mainly for toddy, so fermentation is not an issue. However in interior part of the country is more for 'Pani and Hakuru', people use 'Hal pothu' to stop fermentation.
ඔබ තුමා රා විශාරදයෙකු නොවැ!
Deleteඇත්තෙන්ම දෙසැම්බරයේ මුණගැසෙන්නට බලාපොරොත්තු වෙමු!
ඔව් ඔය ලපටි කිතුල් රා අර්ශස් අමාරුව තියෙන අයත් පන්නලා බොන්නේ එය ජීරන පද්ධතියට මෙන්ම බහිස්‍රාවීය පද්ධතියටත් බලපෑම් කරණ නිසා කියලා මම අහලා තියෙනවා. රා බාසාවෙන් එවාට කියන්නේ ත්ලිජ්ජ හෝ තෙලි දිය කියලයි.
"ගහේ බඩු" බොන්න නම් ගහ මුලටම යන්න වෙනවා!
මෙතන අත ඇරුණු එක වචනයක් තියෙනවා. ඒ ගැන හොයා බලන්න ඕනෙ. ඒ තමයි "මී රා" කියන එක. ඒ තෙලිජ්ජමද? හැබැයි මට මතකයි ඒවා පැණිම පැණි රසයි කියලා නම්.
බොහොම ස්තුතියි මේක ලිව්වට, මිස්ටර් තට්ස්.
ReplyDeleteඅපි උස්වැටකෙයියාව පාරෙ රා බාර් එකට පුලුවන් තරම් ඉක්මනට යමු. ඒක පයාගලට වඩා ලස්සනයි. සී සයිඩ් එකේ සුදු වැලි මත පොල්ගස් කීපයක් ලඟ තියෙන්නෙ. මං තව සුමානෙකින් ඒ පාරෙ යනවා. ඒත් ඒක ඇරලා තිබුනත් සෞඛ්‍ය හේතුමත බොන්න හිතෙන්නෙ නෑනෙ මේ දවස්වල. ඇල්කොහොල් මට්ටම ඉතා අඩුයිනෙ සැනිටයිස් වෙන්නෙ නෑනෙ. .
හොඳම මතකය කෝවිඩ් මෙහෙට එන්න මාසෙකට කලින් යාපනේ අර්ධද්වීපය වටේට මුහුද ලඟින් තියන පාරෙන් ගිය රිලැක්ස්ඩ් ෆැමිලි ඩ්‍රයිව් එක. කන්කසන්තුරයිට ලඟ ටොඩී කෝපරේශන් රා තැබෑරුම කියල ගහල තියන එකෙන් ලීටර් 1 1/2 පුරව ගෙන , වැල්වෙටිතුරෙයි කඩේකින් ලුණු, ළූණු, අමු මිරිස් අරගෙන පේදුරු තුඩුව හරහා නෙල්ලියඩි දක්වා බීපු එක.
අනිවා! එකෙන්ම!! කොලොම්පුරේත් ඒවි! ඇත්තටම යමු! ඔබතුමා සෝදිසි කරගෙන එන්නකෝ! හැකි ඉක්මණින්ම යමු!
Deleteයාපනේදී බොන්න ඇත්තේ තල් රා වෙන්ටෑ!
ඔබ ඌවා කියලා මගේ හෘද ස්පන්දනය වැඩි කරවනවා. ඇත්තටම එහෙම ගමනක් ගිය කාලයක් මතක නෑ.
පෙන්ඩින් ට්‍රිප් එකක් තියෙනවා යකාගේ පඩිපෙල නගින්න යන්න මගේ ට්‍රක් එකෙන් !
ඇත්තටම මම අදටත් හරිම කැමතියි යාපන අර්ධද්වීපයේ සැරි සරණ්න!
අනිවා එනවා. පොල් වලට වඩා සුපිරි තල් රා. තල් රා බිව්වේ පේදුරුතුඩුවෙදි. චිෆ් ඔෆිසර් මට සල්ලි දිලා කියනවා ගැලියෙන් කෑන් එකක් අරන් ගිහින් රා අරන් එන්න කියලා. උඩ පැනලා දුවන්නේ. ඇද පැලදගෙන ලොකු ලිටර් දහයේ කෑන් එකත් උස්සන් ලණු ඉනිමගෙන් බත්තලට බැහැලා හුලං පාරට ඇවිස්සෙන එකේ හැලිලා තියෙන සිමෙන්ති කුඩු නාගෙන ගොඩට යනවා. ඒක ඉක්මනට ඇදගෙන යන්නේ නැති එකට බෝට්ටු කාරයාට මව් මතක් කරලා හිතෙන් බනින ගමන්. පේදුරුතුඩුවේ තිබුනා පොඩි නේවි පොස්ට් එකක් පරණ ගෙදරක. එතැනට ගිහින් ලොක්කෙකුට කිව්වාම සෙබලෙක් යවනවා බඩු ගෙන්න. කෑන් එකත් හැඩල් එකේ එල්ලාගෙන එයා ගිහින් එනකම් කැරම් අතක් ගහගෙන බලං ඉන්න තමයි වැඩේ. කුකා මයියොක්කා තම්බනවා බයිට් එකට.
Delete//අපි උස්වැටකෙයියාව පාරෙ රා බාර් එකට පුලුවන් තරම් ඉක්මනට යමු//
Deleteඅපිට කොයින්දෑ පූසෝ මාලු?අපි යනවැයි මූදු?😒
අනේ දෙයියනේ මෙච්චර කාලයක් සුරා සූදුවෙන් තොරව සුචරිතවත් බ්ලොගයක් ලෙස; මුළු වචන දෙලක්ෂ අසූ අටදහස් හයසිය විසි දෙකටම (288622 ක්. ඔව් එච්චර මම ලියලා තියෙනවා!) එක කුණුහරුපයක් නැතිව ලියා ගෙන ආපු බ්ලොගය මේ අද්වකාත් මහත්වරුයි නැව් ඉංජිනේරුවෝයි එකතු වෙලා රා තිප්පොලක් කල හැටි! දැන් බොහෝ අය හිතාන ඉන්නේ මාත් ඔරිජිනල්ම රා ගුඩ්ඩෙක් කියලා!
Deleteහරි හරි එකෙන්ම යමු රා ට්‍රිප් එකක්! උස්වැටකෙයියාව ට්‍රිප් එක සම්බන්ධීකරණය කරයි! ඊළඟට යාපනේ තල් රා ට්‍රිප් එක පිළිබඳව කොලොම්පුරේ හොයා බලන්න. කිතුල්ගල කිතුල් රා ට්‍රිප් එක ඉතිං කියන්න දෙයක් නෑනෙ! එකෙන්ම මම බලා ගන්නම්!
මෙකෙන් වත් පාඩමක් ඉගෙන ගනීවි කවුරු කවුරුත්!
රා ගුඩ්ඩ කියනවට වැඩිය රා තට්ටයා හොඳ නැත්ද - රා තට්ටයාගේ කොළම :)
Deleteරට ගිය ඇත්තෝ; කාඩ් ගසන්නෝය! - හීතෝපදේශය
Deleteඔන්න ඉතින්, ඔයාගේ බ්ලොග් එකේ නමනේ කිව්වේ. කැමති නැති නම් දාගන්න එපා දෙයියනේ. එක පාරක් බූරු **** කියල ගූගල් හැන්ඩ්ල් එකක් තියෙන කෙනෙකුට ඒ නමින් කතා කරලා බ්ලොග් පොරවල් අනින්න ආවත් එක්ක හේ හේ
Deleteඔයා අයියේ බාගෙට නේ කියලා තියෙන්නේ! කියන්නකෝ බූරු..... මොකක්ද කියලා!
Delete'මෙච්චර මෙහෙට ඇවිල්ලත් තල් රා ටිකක් නොබී යන්න?' යාපනේ trip එකක් ගිහින් කොහාටද මන්දා යන අතරේ බස් එකේ පිරිමි වලියක් දාගත්තා, සංවිධායක අංගනාව එක්ක. එයා උත්තරයක් දෙන්නත් කලින් අන්ගනාවගේ ස්වාමි පුරුෂයා ගියා driver ළඟට. "සුදු අයියේ, හම්බ වෙන පලවෙනි රා තැබෑරුමේ නවත්තහන්.'
ReplyDeleteටිකකින් බස් එක නැවැත්තුවා. ගෑනු අය රවද්දී පිරිමි සේරම වගේ බැස්සා.... මාත් පස්සෙන් වැටුණා. රා බොන්න නෙවෙයි, බොන අයව නරඹන්න.
එතනට ගියා විතරයි ගොඩ දෙනෙක් ආපහු හැරුණා, රා නොබීම!
මොකද දන්නවද? රා දෙන්න තිබ්බේ වීදුරු හතර-පහක් විතරයි. එක්කෙනෙක් රා බීලා ඉවර වුණාම ඒ වීදුරුව හෝදන්නෙ එතැනම තිබුණු වතුර බේසමකට ඔබලා.... වීදුරුව ඔබනවා, ගසනවා, ගන්නවා, ඒකට රා වත් කරනවා... අර බේසමේ වතුර ටිකත් කිරි පාටයි, ගඳයි රා වගේම.....
(ඔය 2010 විතර.) හැබැයි, අපේ බස් එකේ හිටිය රා ගුඩ්ඩන්ගෙන් සෑහෙන දෙනෙක් එතැනින් රා බිව්වා.
අම්මට සිරි නිදී මහත්තයාට කවි අමතක වෙලා ගිහා එහෙනං අපේ රා කථාව දැකලා. එළම කිරි. ඇත්තටම ඒක තමයි පිරිමි කියන්නේ අමුතුම පොරවල් ටිකක්. ආසාවට එකෙක් කට ගහපු කෝප්පෙකින් වතුර බොන්නෙ නැති එවුන් ෂෝක් එකට එක අසෝක වීදුරුවෙන් බොනවා! එක සිගරට් බට් එක බෙදා හදාගෙන බොනවා.
Deleteමට මැවිලා පීනවා ඔයාලගෙ ඒ ට්‍රිප් එකේ වීරෝධර පිරිමි ටික රා බීලා බස් එකට නගින කොට බවලත් උදවියගේ මූනු ටික! වී ටිකක් තිබුනා නම් පොරි හදා ගන්න තියෙන්න ඇති!
කෝ මේකේ රථ?
ReplyDeleteරා ගඳේ බෑ ! ඔවෑක්කා !!!
අම්මපා මං හිතුවෙම රට දාලා ගිහිල්ලා කියලා!
Deleteමම ස්‍ර මුලින්ම කියලා තියෙන්නේ;
"සුරාවේ අගයත්
එහි ඇති මනා රසයත්
බොන උතුමෝ මිසක්
නොබොන අනුවන දනෝ නොදනිත්"
කියලා!
බලන්නකෝ ඉඳලා ඉඳලා ඇවිත් හොම්බට දමල ඇන්න වගේ කියපු කථාව.
බලමුකෝ ටාෂාට ලමයි හදලා තීක්ෂණට ලෙඩේ ඇද්ද දවසට තමයි බලන්න වෙන්නේ. කොහොමත් තීක්ෂණ බූරුවෙක් නෙවේනෙ!? ඔය යකා අනිවා කියයි DNA එකකට යමු කියලා!
අනික ඕන උනොත් තාරුක අයියාත් ක්‍රම විධි දන්නවා ඇතිනේ!
මේකේ මාතෘකාව No රත රථ නේ. ඉතින් අපි රථ හලලා රත් වෙන්ඩ පුලුවන් විදිහට රා ත - රා තැබෑරුම කළා.
Deleteමිසී මේ යන්නේ මයෙ හිතේ නෝ රථ කොටස. බි. පෙ. සි.
Deleteජයවේවා!
Myself Hattor
දී කිරට බලලුත් සාක්කි කියලා දැක්කනෙ වැඩේ සෙට් වෙච්ච හැටි! නෝ රථ රත උනා අන්තිමට.
Deleteඒ ළමයට විතරයි මේකේ රථ ගැන විතරක් නෙමේ කතා කරන්නේ කියල. සරු මාතෘකාව නිසා අනික් උන් ඔක්කොම කට වහගෙන ඉන්නේ
Deleteඅනේ ඉතින් අපිත් දුවගෙන එනවා ඔය ඇණයක් බුරුල් උනාම ඕක තදකරගන්නවත් උපදෙසක් ඇති කියලා හිතාගෙන. ඔන්න බලන්නකෝ ඒකෙත් හැටි! ඒකෙ රථයක් නෙවෙයි, ටයර් එකක්වත් නැහැ බලනකොට, ඔක්කොම රා බැරල්! ඒ මදිවට පොඩි එකාගේ උක්කු බෝතලෙත්!!
Deleteඅර ගඟක ගියා කිව්වා, හම්මියෝ දාපු කැටයම් කිඹුල්ලුය , ඔන්න කිඹුල්ලු මෙන්න තලගොයා වගේ කතා. අපිත් ඉතින් හම්මියෝ ගගා කිඹුලා එනකල්ම කියෝලා බලනකොට කිඹුල් හුනෙක්වත් නෑ !
රා බොන එවුන් ඔක්කොම එකයි...
අපහාසය කලාවක් නම් ලිඛිතා එහි මයිකල් ඇන්ජලෝය! (පිකාසෝ හොඳ වැඩිය!) ඇන බුරුල් උනාම කරණ්න ඕන දේවල්, ගං වතුරේ යන හැටි, ටයර් මාරු කරණ හැටි, එන්ජිම බොයිල් උනාම කරණ්න ඕන දේවල් මේ සේරම ලිව්වා; ඇහැක් ඇරලා බැලුවේ නෑ! දැන් මේකෙ එක එපිසෝඩ් එකක රා ජුන්ඩක් තිබ්බා කියලා කියන ආඩපාලි!?
Deleteතල් රා!.
ReplyDeleteඉස්සර යාල්පානම් වැඩකරන කාලෙ මතක් උනා, වැඩ ඉවරවෙලා වොෂ් එකක් හෙම දාගෙන, තල් රා මුට්ටියයි, බැදපු මාළු බයිට් එකයි ලඟින් තියාගත්තම, වටපිටේ බයිට් ගොඩයි. සිහ් පවසලා පලක් නෑ සර්. වැඩේ අල්ලන්නේ නැති ජීවීන්ට, පසුදා උදේ ට්‍රාස්, පට් පට්. නිව්ටන්ගේ හතරවෙනි නියමේ ඔප්පුකරල පෙන්නන්නේ. ඕඕ යේස් ඔප්පුකරල.
ජයවේවා!
Myself Hattor
ඔය නිව්ටන්ගෙ හතර වෙනි නියමේ "හිත"ටත් වඩා වේගවත් ගමනක් යෙදෙන එකක් නේ!. හිතන කොටත් ගිහින් ඉවරයි. එනන්කො! යමු! යමු!!
ReplyDeleteඊයේ රෑ බිව්වා..
ReplyDeleteගමේ තරම් ටොප් බඩු නෙමි.ගම නම් පයාගලට ලඟයි.කලමුල්ල කියලා..රා = ගමේ නම
අම්මට සිරි එළනෙ! තැන කියල තියන්න! අපි වෙලාවක එන්නම් ඒ පැත්තේ!
Deleteනිව්ටන්ගේ 4 නියමේ වැඩ කලා බීල පැය භාගෙන්
ReplyDeleteතැනක් ස්ථානයක් ළඟ පාත තිබුනා යැයි සිතමි! එය එසේම වේවා!
ReplyDeleteඒකටනම් ගහේ බඩු.. එන්නං ෂුනිල්ලයියා..හ.. එහෙනං.. ඈ! ක්රෑහ්... තුහ්..
ReplyDelete