Monday, June 14, 2021

200. තිස් අවුරුදු රථ මතක . . . . ! (8)


LandCruiser BJ40

ලෑන්ඩ් කෲසර්යේ චැසියට දුනු මිටි හතර සමග ඇක්සල දෙක අමුනා එන්ජිම හා ගියර්පෙට්ටියද සවිකොට එය මත බොඩිය තබා අවසානයටම තද කලේ කුමන ඇනය දැයි මාහට මතක නැත. බොහෝ විට එය Propeller Shaft ප්‍රොපෙලර් ෂාෆ්ට හෙවත් අවරපෙති කඳන් වීමට බොහො සෙයින් ඉඩ ඇත. 

ප්‍රොපෙලර් ශාෆ්ට සවිකිරීමේදී එක් රෝදයක් ඉහල ඔසවා ගත් විට වැඩේ පහසුය. එසේම එහිදී සිහි නුවණින් යුතුව දෙකෙළවර ඇති යෝක් එකම ඉරක තිබෙන පරිදි සවි කර ගත යුතුවේ. ප්‍රොපෙලර් ෂාෆ්ට එකක් ඒකාකාර වේගයෙන් වෘථාකාරව ගමන් කරණ්නේ නැති වග; මෙය කියවන වැඩි දෙනා දන්නවා ඇතැයි සිතමි. එය භ්‍රමණය වන්නේ අංශක අනූවක් වේගයෙන් ද අනෙක් අංශක අනූව සෙමෙන්ද යලිත් ඉතිරි අංශක අනූව වේගයෙන්ද  අන්තිම අංශක අනූව සෙමෙන් යන ආකාරයටය. 

ඒකාකාර වේගයෙන් භ්‍රමණය වන එන්ජිමක්ද එයට බද්ධ වූ ක්ල්ච් හා ගියර පෙට්ටියේ සියළුම දැති රෝදද; අවසානයේ ගියර පෙට්ටියෙන්  එලියටද ඒකාකාර භ්‍රමණයක් ලබාදෙන්නේ නම් කොහෙවත් නැති අවර පෙති කඳක් හෙවත් ප්‍රොපෙලර් ශාෆ්ටයක් පමණක් හිතු මතේ තමාට ඕනෑවට අතර මග රස්තියාදු වෙන්නේ අහවල් කාරණයකටදැයි මෙය බලන බොහෝ දෙනා හට සිතෙනු ඇත. එය එසේ වන්නේ මන්දැයි; ලියා තබනවාට වඩා පිංතූරයක් සහ රූප රාමු පෙලක් අමුනා තැබීම යෙහෙකි බව ඔබටම තේරුම් යනවා ඇති. 

  උගේ පාඩුවේ ඌට ඕනෑවිදියට කරකැවෙන අවර පෙති කඳ. සිංහලෙන් කියනවානම් ප්‍රොපෙලර් ෂාෆ්ටෙක!

අවරපෙති කඳ හෙවත් ප්‍රොපෙලර් ෂාෆ්ටයේ මෙම සන්ධිය යුනිවර්සල් ජොයින්ට් ලෙස ඉංගිලිසියෙන් දැක්වෙන අතර එකල එය සිංහලට හරවා තිබුනේ සර්ව ලෝක පූට්ටුව නමිනි. එහෙත් 1960 වසරේදී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් සිංහලට පරිවර්ථනය කරණ්නට යෙදුනා වූ අන්තර්ජාතික කම්කරු කාර්‍යාලය මගින් ප්‍රකාශිත "මෝටර් රිය නඩත්තුව සහ අළුත් වැඩියාව" ග්‍රන්ථයේ මීට නැවුම් වචන ද්විත්වයක් ඇතුලත් කොට තිබුනි. ඒ "දසත මූට්ටුව" යන්නයි.

 ගියර පෙට්ටියෙන් කෙරෙණ ඝූර්ණය; එක් දසත මූට්ටුවක් තුලින් කමන් කරද්දී; මා මුලින් ලියා ඇති පරිදි එය "සෙමෙන් - වේගයෙන් - සෙමෙන් - වේගයෙන්" ලෙසට විකෘථි වුවද නැවත පසු පසින් ඇති දෙවන දසත මූට්ටුව තුලින් ගමන් ගනිද්දී "වේගයෙන් - සෙමෙන් - වෙගයෙන් - සෙමෙන්" චලනයක් සමග ඒකාබද්ධ වූ විට අවසාන එළවුම වන්නේ ඒකාකාර භ්‍රමණයකි! ඝූර්ණයකි!! එම නිසා මේ සර්ව ලෝක පූට්ටුවේ පිස්සු කෙළීම වාහනයට නොදැනේ. මාරයි නේද? 

කෙසේ වෙතත් එය පන ගන්වා ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිය අයුරු නම් මාහට හොඳ හැටි මතකය. වාහනය නිවසේ සිට සෙමෙන් සෙමෙන් මාර්ගයට ගෙන සෙමෙන් පිකප් කලෙමි. වාහනයේ එන්ජිමේ කන්කළු තේජාන්විත ඩීසල් බර හඬ යටින් ඉතා සියුම්ව ඇතිල්ලෙන හඬක් ඉන් නැගුනි.

වාහන්යේ වේගය වැඩිවෙත්ම ඇතිල්ලෙන හඬ වැඩිවී; පැයට කිලෝමීටර විස්සක තිහක වේගයේදී එය මුළු මහත් රථයම දෙදෙරවන හඬක් තරමට වැඩි වීමත් සමග වාහනය පසෙක නවතා; යට රිංගා බැලුව මුත් හොයාගන්නට වරදක් නොවීය.

වාහනය හරවා නැවත නිවසට ගෙනැවිත්; පසු පස එක් රෝදයක් ඔසවා; රථය පන ගැන්වූවෙමි. ඉතා කුඩා ඇතිල්ලෙන හඬක් නික්මුනි. පසුව සොයා ගත් පරිදි ගියර පෙට්ටියේ කම්පෑනියන් ෆ්ලාන්ජය  Companion Flange (එනම් ගියර පෙට්ටියට  ප්‍රොපෙලර් ශාෆ්ටය ඇන හතරකින් සවිවන ප්ලන්ජරය)  චැසියේ ක්‍රොස් මෙම්බරයේ යාන්තමින් ගෑවේ.

මෙවන් ෆ්ලාන්ජ දෙකක් ප්‍රොපෙලර් ශාෆ්ටයේ දෙකෙළවර ඇත. 
(මේ දක්වා ඇත්තේ පසු පස ෆ්ලාන්ජයය!  කෝ අනික? අනික තමයි මේක! ඔව් දෙකම එක වාගේය)

අහංකාර ක්‍රොස් මෙම්බරය!  
ඕන වැඩකට හෙනහුරෙක් ඇති කියන්නේ නිකමටද?

පෙට්‍රෝල් චැසියෙන් ගලවා ඉවත් කිරීමට නොහැකි වූ එකම කොටස මෙයය. වක්‍රාකාර මෙය; චැසිය දෙපැත්තට වෙල්ඩින් කර තිබුනි. එසේ එය වක්‍රාකාර කොට ඇත්තේ ගියර් පෙට්ටියේ කම්පෑනියන් ෆ්ලාන්ජය එලියට දිගු වන ස්ථානයේය. පෙට්රෝල් එන්ජිමට නිෂ්පාදකයා විසින් සවිකොට එන ගියර පෙට්ටියේ දිග පළල හා උස  අනුව එහි කම්පෑනියන් ෆ්ලාන්ජය  මෙහි නොගැටුනත් ඩීසල් එන්ජිම හා ගියර පෙට්ටිය ඊට නොගැලපී තිබුනි!

කරණ්නට ඇත්තේ විකල්ප දෙකකි. ඉන් එකක චැසියේ ක්‍රොස් මෙම්බරය මාරු කිරීම හෝ එහි වක්‍රය වැඩි කිරීමය. දෙවැන්න ගියර පෙට්ටිය මිලී මීටර දහයක් පමන පහත් කිරීමය.

මෙහිදී ගියර පෙට්ටිය තරමක් පහත් කිරීම වඩාත් පහසු බව මා තේරුම් ගත්තෙමි.

එන්ජිමත් ගියර පෙට්ටියත් එක් ඒකකයක් ලෙස ගත් කල එන්ජිමේ  දිග අනුව හරි මැදට තරමක් ඉදිරියෙන් එන්ජින් මවුන්ට් මගින් එන්ජිම චැසිය මත සවිකොට ඇත. එසේම ගියර පෙට්ටියේද හරි මැදට තරමක් පසුපසින් චැසිය හරහා දිවෙන ක්‍රොස් මෙම්බරයක් මත තබන ලද මවුන්ට් එකක් මගින් ගියර පෙට්ටිය රඳවා ඇත.

මෙම ගියර පෙට්ටිය රඳවා ඇති ක්‍රොස් මෙම්බරය චැසියට සවි කොට ඇත්තේ එල් හැඩයේ බ්‍රැකට් දෙකක්  මගිනි. බ්‍රැකටයේ සිරස් අක්ෂය බෝල්ට් හතරකින් චැසියේ ඇතුල් පැත්තට සවිකොට එහි තිරස් අක්ෂය ඔස්සේ දිවෙන කොටස මත ක්‍රොස් මෙම්බරය තබා සවිකොට තිබුනි.

මෙම බ්‍රැකට් දෙක පහත් කල හොත්ගියර පෙට්ටිය මුළුමණින්ම පහත්වේ. එය සිදු කිරීමට පහසු හා අවම හානි ගෙන දෙන කාර්‍යය වන්නේ බ්‍රැකටයේ ඇන තව් ඕවල් කොට පහතට ගෙන ඒමය!

කොපමණ ප්‍රමානයක් ඇන තව්ව ඕවල් කල යුතුද?

එන්ජින් මවුන් එක නොසෙල්වී ගියර් බොක්ස් මවුන්ට් එක පමණක් පහතට ගෙන ඒමෙන් ඊටත් පසු පසින් ඇති  ෆ්ලාන්ජය සෙන්ටි මීටර 10ක් පහතට ගෙන ආ යුතුය.

දැනට තිබෙන විච්ල්‍ය ලක්ෂ තුන හරහා ඇඳි රේඛාවේ ඉදිරි ලක්ෂය වන එන්ජින් මවුන්ට් එක වෙනස් නොකොට පසු පස පමනක් පහත් කල පසු හැදෙන නව ලක්ෂ දෙක හරහා ඇඳි රේඛාවත් මුල් රේඛාවත් එක් කොට  ත්‍රිකෝණයක් සෑදේ. මෙම ත්‍රිකෝණයේ පසු පස පාදයේ දිග මිලී 10ක් විය යුතු නම් ඊට සමාන්තරව ගියර් පෙට්ටියේ මවුන්ට් එක හරහා ඇඳි රේඛාවේ දිග සොයා ගත යුතුය.

බෝම අමාරුවෙන් ඇන්ද චිත්තරයක්!

මම තරමක වේලාවක් කල්පනා කල පසු පාසලේදී උගෙන ගත් සමකෝණී ත්‍රිකෝණ පාඩම  මතක් උනි. සමකෝණී ත්‍රිකෝණ නීතියට අනුව XZP  හා X‍YO යනු සමකෝණි ත්‍රිකෝණ වේ. 

මෙහිදී XZ පාදයට X‍Y දක්වන අනු පාතයට සමාන අනුපාතයක් ZP ට ‍YO දක්වයි.

XZ / XY = ZP / YO වේ.

 මේ වනවිට ZP එනම් ගියර් පෙට්ටියේ කම්පෑනියන් ෆ්ලාන්ජය පහත් කර ගත යුතු දුර මිලී මීල්ටර 10 ක් පමනකි. XY එනම් එන්ජින් මවුන්ට් එකේ සිට ගියර් පෙට්ටියේ මවුන්ට් එක චැසියට සවිවන බ්‍රැකටයට ඇති දුර මැන ගත හැක. එසේම එන්ජින් මවුන්ටයේ සිට කම්පෑනියන් ෆ්ලාන්ජය තෙක් ඇති දුර XZ ද  මැන ගත හැක ඒනයින් ඉහත සරළ සමීකරණයට අනුව ‍YO හෙවත්; කම්පෑනියන් ෆ්ලන්ජය චැසියේ නොගෑවීමට මිලී මීටර 10 ක් පහත් කර ගැනීම සඳහා ගියර් පෙට්ටියේ මවුන්ට් එක සවි කොට ඇති ක්‍රොස් මෙම්බරය චැසියට සවි කර ඇති බ්‍රැකට් දෙක පහත් කල යුතු දුර පහසුවෙන්ම සොයා ගත හැකි වුනි. 

එය මිලි 6 ක් වැනි ඉතා කුඩා ප්‍රමානයක් විය. කඩවත ඔක්සිජන් හවුසය වෙතර ගොස් රවුම් පීරක් ගෙන ඇවිත්; එක් පසෙකට ඇන තව් හතර බැගින් දෙපස ඇන තව් අටම ඵතට මිලී 6 බැගින් ඕවල් කර ගියර පෙට්ටිය එල්ලා බැලූ පසු කිසිදු ආපදාවක් නොවීය.

මෙම 31 ශ්‍රී 5460 මෙරට කොහේ හෝ මාර්ගයක අදටත් දුවනු ඇත. කිසිවෙකු එය සොයා බැලුවහොත්, පෙට්රෝල් චැසිය, එයට ඇන හා මුරිච්චි වලින් සවිකොට ඇති දුනු හැඟර් හා ශැකල්, පහතට ඕවල් කොට සවිකොට ඇති ගියර පෙට්ටිය සවීවී ඇති ක්‍රොස් මෙම්බරය එලෙසින්ම වනු ඇත.

වාහනය නිමකල පසු යෙදුනු එක් නිවාඩුවක අප නිවැසියන් හා මාගේ මිත්‍ර ෂානක හා ඔහුගේ පිරිස එක්ව දකුණු ලක සංචාරයක යෙදුනෙමු. අප ගියේ කොග්ගල බීච් හෝටලයේ දින දෙකක නිවාඩුවක් ගත කිරීමටය.  එම ගමනේදී ෂානක පැදවූයේ ඔහුගේ; එකල නවීන වාහනයක් වූ නිසාන් FB14 රථයක්ය. ලෑන්ඩ් කෲසරය; නිසාන් මෝටර් රිය සමග කරට කර සටනක් යෙදුනේ අප දෙදෙනටම සිතා ගැනීමට නොහැකි පරිද්දෙනි.

 කැබැලි කර නැවත එකලස් කල චැසිය සීයට සීයක්ම නිවැරදි එකෙල්ලක් රථයට ලබා දී තිබුනි. ගාන්ධි අයියාගේ උපදේශකත්වයෙන් මගේ හයියෙන් සැදූ එන්ජිම Zසී හඬ නැංවීය. පයාගල රේල් ගෙට්ටුව තෙක් සමුදුරට සඟවෙමින් ගමන් කල ගාලු පාර සමුදුර් සිප ගැනීමට තරම් ලං වෙමින් යලිත් දුරස් වෙමින් ගලා ගියාය. මුහුදු සුළඟ කපා ගෙන ඊ ගහක් සේ ලෑන්ඩ් කෲසරය ඇදෙමින් ය. වායු සමනය කර නොතිබුනු රථයේ වාකවුළු සිසාරා සුළඟ පාවී ඒ!  

මුහුදු සුළඟ සමග නැහැයට ගෙන ආ පොල් රා සුවඳ . . . . ආ! මොන තරම් ආශ්වාද ජනකද? 

හදවතත් සමග එකාත්මීය වෙමින් ඒවන් ගමනක් යන්නට ඇත්නම් . . . . !

26 comments:

  1. ප්‍රොපෙලර් තිබුනනම් ගංවතුරෙ යන්න තිබුනයි කියල හිතුන.
    මෝටර් මිකැනික්ස් ගැන නම් ඉක්චරයි.
    රා ගැන නම් ඊට වඩා ටිකක් කිව්වෑකි. ඇලකන්ද බෝපිටිය පාරෙ ලස්සන රා තැබෑරුමක් තියනව නේද?

    ReplyDelete
    Replies
    1. ආ ප්‍රාජේ මහත්තයා රා බීපු කථාවක් තියෙනවා වෙලාවක කියමු!

      Delete
    2. කොච්චිකඩේ පල්ලිය පසුකරලා ඉස්සරටෙ මිටර් 150 ක් විතර දුරින් වෙරළබඩ පොලිසිය හා පරන්තන් කෙමිකල් කම්පැනි කියලා ගහපු බොඩ් ලැල්ල අතර මැද තිබුනා පරණ තාලේ රා තැබෑරුමක්. රජයේ අනුමත රා තැබෑරුම කියලා කලුපාට බොඩ් එකක සුදුපාට අකුරින් ලියපු. ලෑලි බංකු එහෙමත් තිබුනා. මීට අවුරුදු දොලහකට පමණ ඉස්සර ටිකක් හවස්වෙනකම් වැඩ කරලා හයාමාරට හතට ආසන්නව පරන්තන් කෙමිකල් එක ගාව බස්හොල්ට් එකට එන්නේ ඔය තැබෑරුම දිහා බලන් තමයි. රා බොන්න එන්නේ වයසක උදවියද මන්දා තරුණ උන් එතැන ඉන්නවා දැකලා නෑ. තැපැලේ වැදිලා සරම කැහිපට ගහන් පාරපුරා අලුවා කප කපා යන උදවිය දිහා බලන් හිටපු කාලයතුත් තිබුනා. ඔතැනින් රාටිකක් තොල ගාන්න ආසාවෙන් උන්නත් කවුරුත් රා බොන්න සෙට්වුනේ නැති නිසා ඒක කරගන්න බැරිවුනා. දැන් ඒක එතැන නෑ. හෙට්ටියාවත්ත පැත්තටද කොහෙද ගෙනිහිල්ලා.

      Delete
    3. මටත් රා තැබෑරුමකට ගිහින් තනියම එතන ඉන්දන් බොන්න තරම් කොන්ෆිඩන්ස් තිබුන නොතිබුන නිසා වාහනේ තිබුන වතුර බෝතලේට රා ලීටර් එකක් අරන් ආව. ඒක උස්වැටකෙය්යාව-බෝපිටිය පාරෙ පොල් හා පේදුරුතුඩුව පාරෙ තල් යන දෙකටම කලා.
      ඒත් දවසක වාඩි වෙලා බොන්න ඕනෙ. බෝපිටිය පාරෙ එක ලස්සන තැනක තියෙන්නෙ

      Delete
    4. අම්මපා කියන්න ඔඅය වගේ ම තැනක් තියෙනවා පායාගල රේල් ගේට්ටුවට සුට්ටක් මෙහායින්. ඒකෙ ගහල තියෙන්නෙම "රා කැන්ටිම!" කියලා. ඇත්තටම යමුකො වෙලාවක!

      Delete
  2. 'මුහුදු සුළඟ සමග නැහැයට ගෙන ආ පොල් රා සුවඳ . . . . ආ! මොන තරම් ආශ්වාද ජනකද? '

    මත්පැන් පානය කොට රිය පැදවීම අනතුරුදායක බව ලිපියට එකතු කරන්න මහත්මයා.

    ReplyDelete
    Replies
    1. සුවඳ දැනෙන ස්ථානය හා රස බලන ස්ථානය ස්ථානය අතර ඇත්තේ අඟලකටත් අඩු දුරක් වුවද "සුවඳ දැනීම" හා "රස බැලීම" අතර ඇති වෙනස අවස්ථානුකූලව වෙනස් වේ. සුවඳ දැනුනු කොතරම් දේවල් නම් රස බැලීමට තබා හිතන්නටවත් බැරිවූ වාර අනන්තය අප්‍රමාණය! ඒ නිසා "මුහුදු සුළඟ සමග නැහැයට ගෙන ආ පොල් රා සුවඳ . . . " ගැන ඒ තරම්ම බැරෑරුම්ව හිතන්න එපා මහත්මයා! ස්තූතියි පැමිණ කියවා නොනැවතී අදහසක් ලීවාට!

      Delete
  3. මට මේක බරසාර වැඩියි. ඒත් මූදු හුළඟ සහ රා සුවඳ කොටස නං තේරුනා.

    ReplyDelete
    Replies
    1. අනේ මට ඒක තේරුණා! මටම තේරුණා මේක නිකං පංති කාමරේක නෝට් එකක් වගේ කියලා. ඒත් මම මේ කථා කොහේ හරි ලියලා තියන්න ඕනෙ නිසා ලිව්වේ. සමා වෙන්න! මෙතනිං එහාට ටෙක්නිකල් කථා තිබුනත් මේ තරම් නීරස වෙන එකක් නෑ. ඒ කොහොම උනත් ගොඩ වැදිලා ගියාට මෙන්න එක!

      Delete
    2. අවුලක් නෑ. මගේ යාන්ත්‍රික දැණුම මෙයිට වඩා ටිකක් දියුණු වෙලා තිබ්බ නං එහෙම වෙන්නෙ නෑ.

      ඔය කිව්වාට , මම ලියන ටෙක්නිකල් කථාවලත් ඔය ප්‍රශ්ණයම තියනවා. ටිකක් වැඩියෙන් "පඳුරු තලන්න" කියන එක තමා, මගේ යෝජනාව 😊

      Delete
    3. එළ! එළ!! එහෙම කරමු!

      Delete
    4. මම මේ මොකක්ද දැන් කියෙව්වේ කියල කල්පනා කරනකොට බස්සගේ කොමෙන්ට් එක සහ තට්ටේ ගේ ප්‍රතිචාරය දැක්ක

      Delete
  4. අවරපෙති කඳක අනිවාර්්‍ය අංගයක් තමයි සර්වාලෝක පූට්ටුව නමින් කියන Universal Joint ගැජට්ටුව. නැව් වල තියෙන අවරපෙති කඳේ සර්වාලෝක පුට්ටු නම් නෑ. ඔබ කියන භ්‍රමණ වේග වෙනස අනෙක් පස තියෙන යුනිවරසල් ජොයින්ටුවෙන් හරිගස්සනවා. මා වැරදි නම් නිවැරදි කරන්න. මොටර් කාර්මික දැනුම ටිකෙන් ටික වියැකි යමින් අතිතයට එක්වෙලා හින්දා දැන් මේවා මතකයට එන්නෙත් ඔබ නිසා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පෝස්ටුවට ඇතුලත් කල යුතුම කරුණක් තමයි ඔබ මතු කලේ. මම ඒක මෙතන ලියලා පෝස්ටුවට දාන්නම්.

      අවරපෙති කඳ හෙවත් ප්‍රොපෙලර් ෂාෆ්ටයේ මෙම සන්ධිය යුනිවර්සල් ජොයින්ට් ලෙස ඉංගිලිසියෙන් දැක්වෙන අතර එකල එය සිංහලට හරවා තිබුනේ සර්ව ලෝක පූට්ටුව නමිනි. එහෙත් 1960 වසරේදී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් සිංහලට පරිවර්ථනය කරණ්නට යෙදුනා වූ අන්තර්ජාතික කම්කරු කාර්‍යාලය මගින් ප්‍රකාශිත "මෝටර් රිය නඩත්තුව සහ අළුත් වැඩියාව" ග්‍රන්ථයේ මීට නැවුම් වචන ද්විත්වයක් ඇතුලත් කොට තිබුනි. ඒ "දසත මූට්ටුව" යන්නයි.
      ගියර පෙට්ටියෙන් කෙරෙණ ඝූර්ණය; එක් දසත මූට්ටුවක් තුලින් කමන් කරද්දී; මා මුලින් ලියා ඇති පරිදි එය "සෙමෙන් - වේගයෙන් - සෙමෙන් - වේගයෙන්" ලෙසට විකෘථි වුවද නැවත පසු පසින් ඇති දෙවන දසත මූට්ටුව තුලින් ගමන් ගනිද්දී "වේගයෙන් - සෙමෙන් - වෙගයෙන් - සෙමෙන්" චලනයක් සමග ඒකාබද්ධ වූ විට අවසාන එළවුම වන්නේ ඒකාකාර භ්‍රමණයකි! ඝූර්ණයකි!! එම නිසා මේ සර්ව ලෝක පූට්ටුවේ පිස්සු කෙළීම වාහනයට නොදැනේ. මාරයි නේද?

      ඔබට මේ ලියන ලද පිළිතුර මා පෝස්ටුවට ඇතුලත් කරණ්නම්. ස්තූතියි අඩු පාඩු පෙන්වා හරි මගට ගත්තාට! (ඉස්කෝලෙ යන කාලේ කවුරු හරි ඔහොම කෙනෙක් හිටියා නම් අපිත් අද පොරවල්ය! හි! හි!!)

      Delete
  5. බස්සත් කියා ඇති මුත් නොකියා බැරිය
    අද නං පඳුරු තලලා නැත, බෝරින්ය
    ඒ මං වාගෙ අයටම බවකුත් ඇතිය
    අනුපානත් දැම්මා නං අහවරය!

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් නිදී මහත්තයා මේක තනිකරම ටෙක්නිකල් ලිපියක් උනානේ. සමා වෙන්න!

      Delete
  6. Did you get my phone number? Wijebahu

    ReplyDelete
    Replies
    1. I sent to you via 'mage gedara dore yathura', that is your inbox I guess?

      Delete
    2. ඔව් ඒක තමයි! ඒත් කුමක් හෝ ගැටළුවක් නිසා ඒක ලැබිලා නෑ. 0770807000 ට වට්සැප් පණිවිඩයක් මගින් එවනවාද?

      Delete
  7. අදත් මට බ්ලොගය කියවන්න ලැබුනේ ටිකක් පහු වෙලා. කොහොම උනත්, මෝටර් යාන්ත්‍රික විද්‍යාව ගැන උනන්දු කෙනෙකුට ඉතාම හොඳින් තේරුම් යන ආකාරයට ලියලා තියනවා. තමන්ගේම මහන්සියෙන් හදා ගත්ත වාහනයක යන කොට තියන සනීපය වෙනත් කෙනෙක් ලවා හදවා ගත්ත වාහනයකින් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමන් කලකට පෙර පාවිච්චි කල වාහනයක් වෙනත් අයෙකු ළඟ හොඳින් තියනවා දැකීමත් සතුටක්.

    // මුහුදු සුළඟ සමග නැහැයට ගෙන ආ පොල් රා සුවඳ . . . . ආ! මොන තරම් ආශ්වාද ජනකද//

    කිව්වට තරහා වෙන්න එපා, මට රා ගඳ/සුවඳ ඉවසන්නම බැහැනේ. යාළුවෝ රා බොන්න යනකොට මම මොනවා හරි (අරක්කු/බ්‍රැන්ඩි/රම්) බාගේ බෝතලයක් අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ එක්ක විනෝද වෙනවා. මේ හේතුව නිසාම මම කිතුල් රා හෝ තල් රා බොන්නත් උත්සාහ කලේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම් මහත්තයා! ඒක තනිකරම තක්ෂණික ලිපියක් උනා. ඒත් ඒ ටික කොහේ හෝ ලියා තියන්නට ඕනෑ නිසා ලිව්වා. ඒ සියල්ලම මම කාපු කටු වලට තමයි වැටෙන්නේ!
      හත් දෙයියනේ රා වලට ගඳයි කියපු එකටනම් හරිම හිතට අමාරුයි. අර කන්ථක අස්සයට සිදුවූ දේ තමයි වෙන්නේ තව පොඩ්ඩෙන්.
      පරක්කු වෙලා හරි ආපු එකනම් ලොකු දෙයක්. ඔබ පසුගිය ලිපිය බැලුවාද? ඔබට නම් එය ඒතරම් වදගත් නොවේ වි, මන්ද ඔබ තාක්ෂ්ණයෙන් පරිසාධිත මට්ටම පනපු කෙනෙක් නිසාත් මෙල්බර්න් නුවරට ගං වතුර නොගලන නිසාත්. හකිනම එය කියවන්න. මේ කථවෙම ඊළඟ කොටස් හෙට අනිද්දාම දානවා. මොකද මගේ දරුණු පඨකයෝ නොකියා කියනවා "මේ පෝස්ටුව මෙලොඅ රහක් නැත!" කියලා!!!!

      Delete
  8. අද පටන් ගත්ත මේකේ අට වෙනි කොටසේ ඉඳල කියවන්න.. අවකලනය වෙලා වගේ හිටියේ පස්සේ අර රා සුවඳට පොඩ්ඩක් හරිගියා..

    ReplyDelete
    Replies
    1. අනේ ඒ "රා" නේවේ "සා!" අපි හෙට අනිද්දා කොරෝණා ඉවර උනු ගමන් බෝපිටියේ යන්න ඉන්නේ! මොකද කියන්නේ? අනුග්‍රහය ප්‍රා ජේ!

      Delete
    2. හරි! නම ලියා ගත්තා~!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...