Friday, April 24, 2020

170. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? Diving VI

මුහුදේ දූවිලි නංවාගෙන!


දිනය 2019 මාර්තු 31. 

පැහැබර ඉරිදා දිනයක්. 
නමෝ විත්තියෙන් ඩයිවිං ඉගෙන ගන්න යන දෙවන දවස! 
ඊයේ මුළු දවසම තියරි හා පරීක්ෂණාගාරයේ පුහුණුව. 
අදයි ඇත්ත්ටම කිමිදෙන්න යන්නේ!
සිරිත් පරිදි තෙශාගේ 107 රථය දුහුවිලි නංවාගෙන උදෑසන 6.30 ට පමන අප ගේ මිදුලේ නැවැත්විනි.
තෙශාන්ත වාහනය හරවනවාත් සමගම මා එයට ගොඩ විය. ටොයෝටා ෆෝ වීල් කැබ් රිය අසුරු සැනින් අතුරු පාරදිගේ වේගය වැඩි කරමින් ඇදී යයි.
"මචං ගානකට යමං! කොහේ හරි ඉන්න මී හරකෙක් හරහට දැම්මොත් වැඩේ එහෙම පිටින්ම හබක් වෙනවා!!" බලා සිටින්නට අසීරු උනම තැන මා තෙශාන්ත අමතා කීවෙමි.
එතෙක් පැයට කිලෝමීටර 80 වට පමන වේගයෙන් කුඩා අතුරු පාරේ ඇදුනු රියේ වේගය අඩු විය. 
එතැන් පටන් විනාඩි 10ක පමන කාලයක් පයට කිලෝමීටර 78 පමන ගොස් නැවතත් සුපුරුදු වේගයෙන්ම යන්නට විය!



මර බයෙන්!

අප මීගමුව නගරයට පමිණෙන විට උදෑසන 7.15ට පමණ වන්නට ඇත.
මීගමුව නගර නගර මාධ්‍යයේ පිහිටි Perera & Sons කුඩා අවන් හලකි. 
අප එය අසල නවතාලූයෙමි. 
ඉන් උදෑසන ආහාරය සපයා ගත් අප ඉන් පසු නැවතත් ගමන් අරඹා; හෝටල් පාරෙන් හැරී Sri Lanka Diving Tours අභියස විය.
අප එහි යනවිට තවත් යුවලක් හා විදේශිකයෙකු විය. 
දෙතුන් දෙනාම අඩි හයක පමන ආරෝහ පරිණාම දේහ ලක්ෂණයන්ට හිමිකම් කීවෝය.
"පරක්කුයි!"
අප Good Morning Mr Fernando! කීවිට ඔහු ඊට Good Morning! කියා ඊට එක් කලේ ඉහත වැකියය!
අප දනි පනි ගා අපගේ පිහිනුම් ඇඳුම් ලා ගත්තෙමු. 
පෙර දින ඇඳගත් ඩයිවින් ඇඳුම , බර පටිය, මාස්ක් එක හා ෆින්ස් හෙවත් වරල් සොයා ගැනීමට තරමක කාලයක් ගියේය.



කිමිදීමේ පුද්ගලිකත්වය !

මා; මේ ලිපි පෙල ආරම්බයේදී ලියා ඇති සේම විනෝදංශයක් සේ කිමිදීම කරණ අයෙකු තමා සන්තකයේ තබා ගනු ලබන්නේ තමාට සීයට සීයක් ගැලපෙන අයුරින් තෝරා මිළදී ගනු ලැබූ මාස්කය හෙවත් ඇස් හා නාස් ආවරණය හා ෆින්ස් යුගලය පමණි.
උපරිම වශයෙන් කිමිදුම් ඇඳුමක්ද ඒ අතර විය හැක.
අන් සියල්ල කුළී පදනම මත ලබා ගන්නේ ලොව පුරා පවත්වාගෙන යනු ලබන Diving Center වලිනි.



ඩයිවිං කඩයක් !

ඔවුන් බර පටිය, වායු සිලින්ඩර, බෝට්ටු, උපදේශනය හා මාර්ගෝපදෙශනය සපයනු ලබයි.
අවශ්‍යයවේනම් පමනක් මාස්ක, ෆින්ස් හා ඩයිවින් කිට් හෙවත් කිමිදුම් ඇඳුම් ඔවුන් සපයති.
නමුත් ඒවා සේවාදායකයාගේ සිරුරේ මිමි වලට සීයට සීයක් සර්වප්‍රකාරයෙන්ම ගැලපෙන්නට නොතිබීමේ සුළු සම්භාවිතාවක්ද පවතී!
තමාටම කියා මාස්කයක්, ෆින්ස් යුවලක් හා කිමිදුම් ඇඳුමක් තබා ගන්නේ මෙම අපහසු තාවයෙන් අත්මිදීම සඳහා හා සෞඛ්‍යානුකූලවීම කරණකොටගෙන වියයුතුය!



දිය යට ගන්නා වෙඩිමක වෙඩිං සූට් දෙක!

කිමිදුම් ඇඳුම් පිළිබඳවද මෙතන මා යම් පමනකට ලියන්නම්.
 Diving Suit යනු "කමිස" වැනි යෙදුමකි. 
කමිසය අත්දිග, අත් කොට, කොලර ඇතුව නැතුව වැනි මෝස්තරයන්හී වෙනස වර්නයන්ගේ වෙනස මෙන්ම එය නිපදවා ඇති රෙදි වර්ගය අනුව වෙනස් වෙනස් ගති ලක්ෂණ විදහා දක්වයි.
මෙසේ පොදුවේ Under Water Exposure Suite ලෙස හඳුන්වනු ලබන මෙම ඇඳුම්  Body Suits හෝ Skin Suits යනුවෙන් යෙදූවද; Wet Suits / Dry Suits යනුවෙන්ද මෙන් වඩාත් පුළුල් පරාසයක් තුල ප්‍රබේධනය වී ඇත.
එසේ වී ඇත්තේ අප එය පාවිච්චි කරණු ලබන දේශගුනය, කාලගුණය, පරිසරය, ගැඹුර, කාර්‍යය හා අපගේ දෙහයට සුවිශෙෂී වූ ගුණාංග යන කරුණු මතය.
මෙම ඇඳුම් මිලී මීටර 3, 5, 7 යනාදී වශයෙන් විවිධ ඝනකමකින් යුක්තව නිපදවා ඇත. 
මේ පිලිබඳව යම් අදහසක් ගෙන ඒම සඳහා ලක්ෂ්මන් මුතුකුඩ මහතාගේ "කිමිදුම් කලාවේ අත්පොත"  ග්‍රන්ථයෙන් හා අනතර් ජාලයෙන් උකහා ගත් දැනුමෙන් ලියූවද මෙම Diving Suit කතාන්දරය පුළුල් එකක්සේ සලකන්න.
මෙය අසංපූර්ණ තේරුම් කිරීමකි.



හැඳ පැළඳ ගත් පසු අප සියල්ල කැඳවූ ෆිලී අප සියළු දෙනා හටම "තෙලක්" බෙදුවේය. 

ඒ කිමිදීමේදී එකිනෙකා අතර අදහස් සම්ප්‍රේෂනය කර ගන්නා
මීට පෙර පෝස්ටුවක මම දක්වා අති පරිද්දෙන්ම නොවුනත් එයින් අත්‍යාවශ්‍යයැයි තෝරා ගත්  කිහිපයක් දක්වමින් කියා පෑවේය. 
අපගේ සියළු අංගෝපාංග, උපකරණ ආදිය සියල්ල ෆෝ වීල් ඩ්‍රයිව් මහින්ද්‍රා ට්‍රක් රථයට පැටවූ අප බෝට්ටුව දෙසට පිය මැන්නෝය.



මෙලෝ රහක් නැති ෆෝ වීල් ඩ්‍රයිව් !


අනුතුරුව අපට නියමිතව තිබුනේ  බෝට්ටු දෙසට ගමන් කිරීමටයි! 

Sri Lanka Diving Tours ආයතනය සතු  ෆයිබර් බෝට්ටු දෙකක් වෙරළේ ගාල් කොට තිබුනි.


හයේ හතරේ ඩෑලිය!

දිනය පැහැබර එකක් විය. 
මීගමුව හලාවත ආදී බස්නාහිර හා ඊට ආසන්න පලාත්වලට වාරකන් සමය එළැඹෙන්නට තව ඇත්තේ දින කිහිපයකි. 
වාරකන් සමය අදද හෙටදැයි කිව නොහැකි තරම් ආසන්නයට පැමිණ ඇත. 
යම්හෙයකින් අපට වාරකන් පටන් ගැනීමට පෙර මේ ලැබී ඇති දින දෙක තුන තුල මෙම කිමිදුම් පාඨමාලාව අවසන් කර ගැනීමට නොහැකි වුවහොත් අප ඉතිරි කිමිදුම් කටයුතු සඳහා මඩකලපුව පිහිටි Sri Lanka Diving Tours ට අයත් කිමිදුම් පාසැලට යායුතු වේ. 
නො එසේනම් නැවත වාරකන් අවසන් වී මීගමුවේ කිමිදුම් පටන් ගන්නා තුරු වසරකට ආසන්න කාලයක් බලා සිටින්නට සිදුවේ.
මෙම ඩයිවින් පාසල විසින්ද භාවිතා කරණු ලැබුවේ මසුන් මැරීම සඳහා භාවිතා කරනු ලබන වර්ගයේම ෆයිබර් බෝට්ටුය. 
මෙම ස්ථානය හුදෙක් ඩයිවින්ග් පාසැලක් පමනක් නොව සංචාරකයින් සඳහා අවශ්‍ය කිමිදුම් කටයුතු සඳහා යටිතල පහසුකම්ද  සැපයෙන Diving Center එකක්ද වේ.
ලංකාව පුරා ඇති බොහෝ ඩයිවින් සෙන්ටර් වල මෙම යටිතල පහසුකම් සැපයීමට අමතරව කිමිදුම් පුහුණුවද කරගෙන යනු ලබයි.
ඒ සෑම ස්ථානයකම පාහේ ඒ සඳහා භාවිතා කරණු ලබන්නේ මෙම ආකාරයේ ෆයිබර් බෝට්ටුමය.

මෙම බෝට්ටු වෙරළේ නවතා තැබෙන්නේ මුහුදෙන් ඔබ්බට වෙරළට බෝට්ටුව ඇද තැබීමෙනි. මෙසේ නවතා තබුනු බෝට්ටුව යලිත් දියත් කිරීම සඳහා මුහුදට තල්ලු කර දැමිය යුතුය. 
මීට අවම වශයෙන් තුන් හතර දෙනෙකු ගේ ශ්‍රම ශක්තිය අවශ්‍යය වෙන වැඩකි.

යයිහෝ යායිහෝ! යයිහෝ යායි හෝ!! 
(හොයියා හෝයියා - හොයියා හොයියා! - කණපිට)

අප සියළුම ආම්පන්න බෝට්ටු දෙකකට පටවා ගත්තෙමු. 
ඉන් එකක විදෙශිකයින් තිදෙනෙක් හා බෝට්ටු පදවන්නෙක් හා තවත් කිමිදෙන්නෙකු  ගමන්  ගත් අතර මමත් තෙශාන්තත් ගමන් ගත් බෝට්ටුවේ පදවන්නා හා ෆිලී සිටියෝය.
ෆිලී සැම මොහොතකම සිටියේ තම අතෙහි රැඳි GPS උපකරණයේ ඇස තබා ගෙනය.
ඔහු ඊට අනුව දිගු කරගත් දකුණු අතින් දිශාව දක්වමින් සිටියේය.



එකෙන්ම පොර !


මා බෝට්ටු වල දෙතුන් වතාවක් ගමන්ගෙන තිබුනු අතර ඒ සෑම අවස්ථාවක්ම අප්‍රසන්න අත්දැකීමක්ම විය. 

මන්ද OBM (Out Boat Motor) එන්ජිමක් සහිත බෝට්ටුවේ පදවන්නා සිටින්නේ බෝට්ටුවේ පසුපස කෙළවරේය. 
පසු පස කීවාට පසුම පසුපස කෙළවරේය.
ඔහි නිරන්තරයෙන් මුහුදේ ස්ව‍යංක්‍රීයව ඇතිවී නැතිවී යන රැල්ලට ලම්භකව මුහුණ දීමටහැකි හැම විටම උත්සාහ ගනී.
මේ උත්සාහයේදී රැල්ල වේගයෙන් බෝට්ටුවේ පතුලේ වදී. 
ඊළඟ නිමේශයේදී මෙතෙක් ඉහලට ඇති  බොට්ටුව; වේගයෙන් ජල තලය හා ගැටේ. 
එය බෝට්ටුව පුපුරායන තරමේ හඬක්ද දෙදරීමක්ද ඇති කරමින් පහලට වැටේ.
ඊළඟ තත්පරයේදී නැවතත් ඉහළට එසවේ.
මෙම අවස්ථාවේදී අවම හානියක් ගෙන එන්නේ.පසුපස කෙළවරටය. ඉතිරිය නොකිව මනාය.
පදවන්නා මෙලෝ ගානක් නතිව තව තවත්වේගයෙන් බෝට්ටුව මෙහෙයවන අතර එහි මගීන් හට එය අධිකව සිරුරට පීඩා ගෙන දෙන ක්‍රියාවකි!
එහි වඩාත්ම අභාග්‍ය සම්පන්න සිදුවීම වූයේ බෝට්ටු පදවන්නන් දෙදෙනා තරඟයට අවතීර්ණ වීමය.



කිමිදුමේ යන බව!

මේ කිසිවක් පිළිබඳව කිසිදු වගක් විභාගයක් නැති ෆිලී පුරුදු පරිදි තම අත දිගු කරමින් බෝට්ටු පදවන්නා හට දිශාව දක්වමින් විය.
විනාඩි තිහක පමන ගමනක් ගොස් වෙරල දෙස බැලූ විට වෙරළ  පෙනෙන නොපෙනෙන ලෙසකි. 
තවත් ටික වේලාවකින් ගොඩ බිම කොහෙත්ම නොපෙනෙනී ගියේය.
හතර වටම නිල් වන් මහ සයුරය.
මහා රැළි නොමැති එහි අඟල් 9 ක් අඩියක් පමන උසින් තැනින් තැන දිය කඳ උස් පහත් ආකාරයට පවතී.
විටෙක සමහර තැන් වල අඩි දෙකක පමන පහතින් වර්ග අඩි සීයක දෙසීයක ප්‍රමානයක් පවතී.
ඒ තත්පර ගනනකටය.
තවත් මොහොතකින් එය පිරී යයි.
ඒ පතුල ඉහලට තෙරපී ඒමෙන්ය.
දිය හොඳින්ම පහැදිලිය.
එහෙත් පතුලක් තබා කිසිදු ද්‍රව්‍යයක්, වස්තුවක් හෝ ප්‍රාණියෙක් නොපෙනේ.
හාත්පස මහ මුහුදය.
ආසාවට නැවක් තබා තවත් බෝට්ටුවක් වත් නොපෙනේ.
බෝට්ටු එන්ජින් දෙකේ කෑමොර දීම හැරුණු කොට අන් කිසිවක් නොඇසේ.
තවත් ටික වේලාවකින් බෝට්ටුව නවතා තරමක් වමට දකුණට හරවා මෝටර් රථ නැවතුම් පොලක කාරයක් නවතනා පරිදි බෝට්ටුව නැවැත්විය.
GPS උපකරණයෙන් දැක්වෙන නිවැරදිම ස්ථානයට බෝට්ටුව ගැනීමට බෝට්ටු පදවන්නාට සිදුවිය.
තවත් මොහොතකින් සයුරේ පාව යන බෝට්ටුවක් නවතා ලන්නට එතරම් නිවැරදිව ස්ථාන ගත් කිරීමක් මන්ද යන්න තවමත් මට ප්‍රශ්ණයකි.

අපගේ බෝට්ටුව නතර කොට තවත්විනාඩි  ගනනකින් අනෙක් බෝට්ටුවද අප අසලට පැමිණියේය.



ඩුපාඩුව!


අපගේ බෝට්ටුවේ බෝට්ටුකරු කල්පිටියේ පාරම්පරික අප්‍රිකානු සම්භවයක් අත්තෙකු විය. 

එය ඔහු දුටු වනම හඳුනා ගත හැක.
ඔහු  හයේ හතරේ සද්දන්ත ඩයල් එකක් විය.
ඔහු බෝට්ටුවේ ඉදිරියේ ඩෙක් එකට යට තිබුනු නැංගූරම ගෙන දියට දැමුවේය.
එය දිය යටටම ගිය පසු එය තරමක් ඇද බෝට්ටුව එයට යාකොට ගැට ගැසූ අතර දෙවෙනි බෝට්ටුවද අප සිටි බෝට්ටුවට ඈඳුනි.
"හරි! ලෑස්ති වෙන්න!!" ඒ ෆිලී ගේ කෙටි කතාවක්ය!
මෙතෙක් වෙලා තිබුනු විවේක කාලය අවසන් වී ඇත.
දන් අප කිමිදිය යුතුය.
අප ගොඩ බිම සිට පැමිණියේ Diving Suit  එක හෙවත් කිමිදුම් ඇඳුම ඇඳගෙනමය.
ෆින්ස් පැළඳ ගත් අපට BCD ය හා එයට අමුනා තිබුණු වායු සිලින්ඩරය ඇඳීමට බෙට්ටු කරු උදව් කලේය. 
මා මවුත් පීස් එක කටට ගෙන එයින් හුස්මක් දෙකක් ගෙන පීඩන මානය දෙස බැලුවෙමි. 
එහි කිසිදු වෙනසක් නැත. 
සියල්ල යහපත්ව ක්‍රියා කරයි.


හිත හදාගෙන කිමිදෙන්නට තියෙන්නේ මෙතන!

වෙලාව උදෑසන 10.30 ට පමන විය යුතුය!
මාස්ක් එක ඔළුවෙන් දමා  ගන්නට පෙර ටූත් පේස්ට් හෙවත් දත්බෙහෙත් ස්වල්පයක් එහි ඇතුලත දමා හොඳින් අතුල්ලා මුහුදෙන් හෝදා දැම්මේය.
ඒ ඇතුලත වාෂ්ප බැඳීම නවතා ලීමටය.
මාස්ක්  එක දැමීමට පෙර මමත් තෙශාත්; සාම්ප්‍රදායානුකූල ලෙස  එකිනෙකා ගේ BCD යේ වෙල්ක්‍රො පටි බකල් හා පටි එකින් එක දෙවෙනි වතාවට පරීක්ෂා කර බලාඑකිනෙකට සුභ පතුවෙමු.
All The Best  මචං!
All The Best කොල්ලො!!
ඒ වෙන කොට අපගේ Diving Instructor මෙන්ම විදෙශිකයින්ගේ Divemaster වන ෆිලී දියට බැස අවසානය.
මා බෝට්ටුවේ ගැට්ටේ මුහුදට පිටුපා වාඩි උනෙමි.
අපගේ සහයකයා පැමින BCDයට වායු සිලින්ඩරයේ සිට වාතය පුරවන බොත්තම තද කොට  තරමක සුළං පරිමාවක් එයට පිරවූවේය.
ඒ මුහුදට පතිත වුනු පසු දිය මත පාවී සිටීමට හැකි වීමටය.
මා මවුස් පීස් එක හෙවත්2nd Stage එක කටේ රුවා දත් වලින් සිර කර ගත්තෙමි.
"හරිද?"
සද්දන්ත බෝට්ටු කරු කාරුණිකව විමසීය.
"හරි!" මම හිතෙන් කියමින් හිස දෙපසට වනා අනුමත කලෙමි.
ඔහු සෙමෙන් මා දියට තල්ලු කර දැමුවේය.
මා ඊට අවනත් වෙමින් Backward Roll කරණමකින් දියට අවතීර්ණ විමි.
මෙසේ කරනමට පෙර තම දකුණු අතින් මාස්කය මුහුණට තෙරපා ගෙන සිටිය යුතු අතර වම් අත හිසෙහි පසුපසට තබාගනීම කරණු ලබයි. ඒ මාස්කය ගැලවී යාමෙන් ප්‍රවේශම් කර ගැනීමට විය යුතුය!

                                  
ඔන්න කනෝ පිනුං!
ඉරනම විසඳෙන කරණම

මෙම කරණම කලින් ඉගෙන තිබිය යුත්තක් නොව බෝට්ටුවක ගැට්ටේ කිලෝ 25ක පමන බරක් පිටේ එල්වාගෙන යාන්තමින් සමතුලිතව සිටින කෙනෙකු බෝට්ටුවෙන් එළියට තල්ලු කල විට වැටෙන්නේ ස්ව්‍යංක්‍රීය කරණමකින්මය!
මුහුදට වැටුනු විගස අඩි හතරක් පමන ගැඹුරට ගිලී ඉක්මණින්ම මතු පිටට පැමිණේ.
ඒ සුළං පුරවන ලද BCD යේ ආනුභාවයෙන්ය.
"ok . . . .?"
"ok . . . . .!"

o.k. සංඛේතය!

ෆිලීගේ විධානයට අනුව අප සෙමෙන් ඔහුවෙතට පිහිනුවෙමි. 
ඔහු සිටියේ අප නුදුරේම  නැංගූරමේ ලනුව අසලය.
එය තිබුනේ බෝට්ටුවේ ඉදිරි කෙළවරේය.
අප ඔහු වෙත ලඟා වූ විට  ඔහු ඊළඟ විධානය ලබා දුනි.
"ඇංකර් එකේ ලනුව අල්ලගෙන හෙමීට පහලට යමු! මතක ඇතිව ටික දුරක් යනකොට කන් අගුල් වැටෙන කොට Equalize  කර කර යමු!"

දිය යටට කෙමෙන් යන විට විටෙන් විට ෆිලී අප  දෙදෙනාගෙන "ok ද?" විම සයි!
අපද ඔහුට "ok!" කියයි මේ සියල්ලම සංඛේත මගිනි.




බය නැති බව ! 
නහයෙන් ඇල්ලීම


මා මෙයට පෙර මේ ගැන ලියා ඇතත් නැවතත් ඔබට පුංචි මතකයක් ගෙන එන්නම්.
දිය යටට යෑමේදී සිරුරේ ඇතුලත වායු පීඩනය හා වටා පිටාවේ පීඩන වෙනස කරණ කොට ගෙන කන්දෙකේ අගුල් වැටීමක් සිදුවේ.
එයට හේතුව වන්නේ කන් බෙරය දෙපස පීඩනය අසමතුලිත වීම නිසාය.
මෙයින් අපගමනය වීමට මාස්ක් එකේ නෝස් පොකට්ටුව තුල ඇති නාසය මාස්ක් එක පිටින් ඇඟිළි දෙකින් තද කොට සිර කොට හුස්ම පිටට තෙරපිය යුතුය.
ඔබ කොළඹ සිට නුවර එළියට හෝ මධ්‍යම කඳුකරයේ වෙනත් නගරයකට යන ගමනේදී කන් අගුල් වැටෙනු දැනී ඇතුවාට සැකයක් නොමැත.
එවිට නාසය හා කට තදින් වසා හුස්ම පහතට තෙරපනු ඔබට මතකද?
ඒ කරණ්නේ Equalize කිරීමය.`
අප වෙරළේ සිට කිලෝ මීටර ගනනාවක් සොයා පමිණි මෙම ස්ථානය  "කන්තිරිගල" නමින් හැඳින්වේ!
 මෙම කොරල් පරය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර 12 ක් ගැඹුරිනි.
මා සිතනා පරිදි මෙම පරයට ඔබ්බෙන් මුහුද ගැඹුරින් පිහිටා තිබෙනු ඇත. 
අප මේ ගොඩ බැස ඇත්තේ කන්දක් මතට විය යුතුය.
සෙමෙන් BCD යේඇති වාතය ඉවත් කරණ වෑල්වය ඉහලට ඔසවා එබූ සැනින් දිය යටට ඇදී යන්නට විය.



මෙම BCD (Buoyancy Control Device)  රූපයේ දකුණු පසින් Connect ti to tank...... ලෙසදක්වා ඇති කුඩා කොටස වායු ටැංකියේ සිට එන අඩු පීඩන වායු නලය සවි කරන ස්ථානය වේ. ඒවා Quick Coupling  ලෙස හඳුන් වන එකෙල්ලේ තබා තද කල සැණින් මුද්‍රාවන ආකාරයට සකසා ඇත.
Air Bladder  ලෙස දක්වා ඇත්තේ BCDයේ වාතය පිරෙන කුහර හෙවත් පොකට්ටුය.
මෙම සුවිශේෂි BCDජැකට්ටුවේ "ඊයම් බර" පිරවීමටද ස්ථාන සකසා ඇත. එවිට මෙය පාවිච්චි කිරීමේදී වෙනමම බර පටියක් (Weight Belt)  භාවිතා කිරීමට අවශ්‍යය නොවේ.

තමන්ගේ වම්පසින් BCD ජැකට්ටුවේ ඇති මෙන්න මේ Inflator Hose කියන බටය  මුල තියෙන බොත්තම් දෙකෙන් එක් බොත්තමක් ඔබා: BCD යට ටැංකියේ වාතය ගලා ඒමට සැලැස් වීමට හෝ; අනෙක් බොත්තම ඔබා BCD යේ ඇති වාතය ඉවත් කිරීමට හෝ පුළුවන.
එයට අමතරව එයට කටින් පිඹ BCD යට තරමක වාතය පුරවා ලීමටද හැකිවේ.
දිය යටදී සමබර වීමට නැතහොත් Neutral Buoyancy  පිහිටීමට ඒමට BCD යට වායුව පිරවීමට අවශ්‍ය විටෙක තමා ආශ්වාස කල වාතය ඒ සඳහා යොදා ගැනීමෙන් ටැංකියේ තිබෙන වාතය කිමිදීම සඳහාම යොදා ගැනීමට ඉතිරි කර ගත් හැක.
මෙය Oral Inflation  ලෙස හඳුන්වයි. කුමන අවස්ථාවකදී හෝ මෙම බොත්තම් වලින් ක්‍රියා කරණ වෑල්ව වල කිසියම් කාර්මික දෝෂයක් ඇතිවුව හොත් මෙයින් එම අන්තරායෙන් ගැලවීමට කිමිදුම් කරුවාට හැකියාවක් ලැබේ.
එමෙන්ම කිමිදීමකින් පසුව දිය මතුපිටට පැමිණි අවස්ථාවකදී වුවද ටැංකියේ වාතය අවසන්ව තිබුන හොත් හෝ මෙම බොත්තම් ක්‍රියාත්මක නොවන්නේ නම් හෝ තමා ආශ්වාස කොට ඉවත හෙලන ප්‍රාශ්වාස වාතයෙන් මෙමගින් ප්‍රයෝජනයක් ගෙන දිය මතුපිට පාවී සිටීමට අවස්ථාවක් ලැබේ.


මෙන්න ඔය උජාරු බොත්තම් දෙක. 
තැඹිළි පාටින් හුළං පිරේ! සුදු පාටින් හුළං ඉවත්වේ.


BCD ය අධික ලෙස වාතය පිරී ඇත්නම් එය මෙම කුඩා සුදු පැහැති බොත්තමෙන් ඉවත් කිරීමට කාලයක් ගතවන හෙයින් එය ඉක්මණින් ඉවත් කර ගැනීමටද වෑල්වයක් (Over Pressure Release Valve); BCDයේ පසුපස ඇත. (සමහර BCD වල දෙකක් ද සවි කොට ඇත.) එම වැල්වයට සම්බන්ධ කුඩා රැහැන අදින ලද සැනින් BCD ය ඉක්මණින් හිස් වන්නට පටන් ගනී. 



Over Pressure Release Valve




අප එකා පසුපස එකා වැටී නැංගූරමේ ගැට ගැසූ කහ පැහැති සිහින් නයිලෝන් ලනුව අල්ලාගෙන එය දිගේ පහලට යමින් ය. අවට දිය කඳ හරහා මීටර දෙකක තුනක පමණ දුරක් පෙනේ.

කටෙ දැතැඳි අතර සිරකොට ඇති මවුත් පීසය හරහා ආස්වාස ප්‍රාශ්වාස කරමින් අප සෙමෙන් මුහුදු පතුලට ලඟා වෙමින්ය.
ඉහත් රූපයේ දැක්වෙන මවුත් පීසයේ රෝස පාට කවයකින් වට කොට ඇති අඩසඳ වන් කොටස මුඛය තුල තබා ගන්න කොටසයි. 
එහි දෙකෙළවර මුඛයේ පුරස්චාර්වක දත් මගින් විකා තදින් අල්ලා ගනු ලැබේ. 
 දෙවන එනම් පහලින් දැක්වෙන රූපයේ පරිදි පසු දෙතොලින් එය මුද්‍රා කර ගනු ලැබේ.



මවුත් පීසය හරහා ආශ්වාස කිරීමේදී දෙසවනට සියුම් සිව් රුවන් හඬක් ඇසෙයි.එය තරමක් වේලාවක් යනතුරු කනට අමිහිරි හඬක් සේ මට දැනුනි.
අප මීටර 3 කාට වරක් මෙන් Equalize කරමින් මුහුදු පතුලටම ලඟා විය.
අපට කලයුතුව හා උපදෙස් දී තිබුනේ මුහුදු පතුලේ ගැටීමට පෙර Neutral Buoyancy හෙවත් ගිලී පතුලේ ඇලෙන්නේ වත් ඉපිලී මතුපිටට එන්නේත් නැති ප්‍රමාණයකට BCDය සමතුලිත කරගත් යුතු බවයි.

   
 Neutral Buoyancy

අප හත් දෙනෙකු එකවර කිමිදීමේ යෙදුනෙමු.
මමත් තෙශාන්තත් ෆිලීත් අනෙක් බෝට්ටුවේ සිටි ඩයිව් මාස්ටර් හා විදෙශිකයින් තිදෙනාත් එම පිරිසය.
මා බොහෝ විට තෙශාන්ත කොහේ දැයි විපිළිසර විය.
එහෙත් මීටර 12 ක් දියයටට ගිය පසු; මාස්ක පැලඳ සිටිනා බැවින් හා ජලය තුලින් පෙනීම එතරම්ම හොඳින් නොවීමත් යන කරුණු හේතුකොට ගෙන එකිනෙකා එකවර හඳුනාගත නොහැක.
බොහෝදෙනා ඇඳ සිටියේ කළු පැහැති කිමිදුම් ඇඳුම් බැවින් ප්‍රශ්නය වඩාත් ව්‍යාකූල විය.
කෙසේ වෙතත් මා පළමුව ඊයම් බරුවක් සේ මුහුදු පතුලේම ඇනී නතර විය.
පසුපස එල්ලා ගෙන ඇති වායු ටැංකිය හා BCDයේ ඒවන විටත් වාතය යම් පමණකට තිබුනු නිසාත් මුහුදු පත්ලේ සුදු වැලි මත හොම්බ කට සමතලා නොවන සේ මා සෙමෙන් පතිතවිය.
තත්පර දහයකින් පමණ එතැනට පියාඹා නොව පිහිනා  පැමිනි ෆිලී; පළමුව හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට අතින් සන් කොට; මාගේ BCD යේ පසෙක තිබූ එයට හුළං පිරවීමටත් ඉවත් කිරීමටත් ඇති වෑල්වය ගෙන BCD හුළං පුරවා මා දියේ "අවලම්බනයක්" බවට පත් කලේය.
ආශ්වාස ප්‍රාශ්වාස කරණ්නට කියන්නේ එවිට පෙනහළුවල අන්තර්ගත වායු ස්කන්ධය සමග ගලපා BCD යට වායු සිලින්ඩරයෙන් ඇතුළු කිරීමට හෝ BCD යෙන් මුදා හැරිය යුතු වායු ප්‍රමාණය නිවැරදි ලෙස ගලපා ගත හැකිවීමට විය යුතුය.
දිය කඳ තුලින් මහා විශාල දුරක් නොපෙනේ. 
හතර වටම නිල් පැහැයෙන් පිරි මහ සයුරය. 
මීටර 12ක් යනු ආසන්න වශයෙන් අඩි 36 ක ගැඹුරකි.
එනම් තෙමහල් ගොඩ නැගිල්ලක උසට සමාන ගැඹුරක් පතුලේ අප ඔබ මොබ සැරි සරමින් වීමු.
පැළඳ සිටින මාස්කය නිසා පෙනෙන්නේ සීමිත ඉඩ කඩක් පමණි. එයින් දෙපස හා ඉහල පහල හොඳින් නොව කෙලෙසකවත් නොපෙනේ.
මේ නිසාම විනාඩි 10කින් 15 කින් මාහට අප කණ්ඩායමේ කිසිවෙකු හෝ නොපෙනී ගියේය.
එහෙත් මා සෙමෙන් විශාල කෝණයකින් හැරී බලන විට ඔවුන් පසු පසින් විය.
මේ සියලු කාරණ අතර කුඩා එහෙත් සුන්දර මසුන් අයිනක් මගේ මුහුනට අඩියක දෙකක දුරින් පීනා ගියේය.

උන්ට; මා තවත් එක් මාළුවකු සේ පෙනෙනට ඇත.
සාගර පත්ලේ එකදු ශාකයක් ගහක් කොලක් මා දුටුවේ නැත. 
හාත්පසම සුදට හුරු අළු පැහැයෙන් වැසී ඇත. 
ඒ මුහුදු වැලිද නැතිනම් සියුම් ලෙස කබැලිවී ගිය කොරැල් දැයි සිතා ගත නොහැක.
මෙසේ පතුලේ ඉන්නා විට සුනාමියක් ආවෝතින්?
විශාල මෝරෙකු මතු වුව හොත්?
මගේ හදවත!
මේ වායු සැපයුම විසන්ධි වුවහොත් වැනි ප්‍රසන්න සිතුවිළි සිතට ගලා ඒම  විටෙන් විට සිදුවිය.
එහෙත් මේක හොඳ ජීවිතයක්!
මොනවා හරි දෙයකින් මේ මුහුදු පතුලේම මා මිය ගියත්; ඒ; මා ඉතාමත් විචිත්‍ර ජීවිතයක් ගත කල අයෙක් ලෙසය!
සත්තකින්ම මාගේ දයාබර පාඨක පාඨිකාවනි මේ සියල්ල මට මෙනෙහිවී නිමේශයකින් නැතිවී ගිය කාරණා අතරින් ටිකකි.
මෙසේ සිත ඔබ මොබ සැරිසරණ්නට දුන හොත් කිමිදීම නියමාකාරයෙන් කරගෙන යාමට නොහැකි වන බව මතක් වූ විට නැවත "කිමිදීමේ" යෙදුනෙමි.
දිය යටදී ෆිලී දෙතුන් විටක මා අසලට පැමිණ මාගේ සුව දුක් විචාලේය?
කුඩා මළුවෙකු හා විෂ සහිත මාළුවෙකු වන ගල් ගුල්ලෙකු පෙන්වීය.

තවත් ස්වල්ප වේලාවක් යනවිට මා සිටින්නේ දිය යට බව අමතකව යයි.
සිරුර පාවෙමින්ය!
එහී බරක් දරාගත යුතු නැත. 
එය BCD යට හා ආකිමිඩිස්ට අයිති රාජකාරියකි.
බඩ ගින්නක් නොදැනෙන තරමට උදේම Perera & Sons ආපන ශාලාවෙන් වළඳලාය.
දිය තිබහක් නො එන තරමට දියට බැසීමට පෙර වතුර බිව්වෙමි.
ගොඩ සිටිනා ලෙසින්ම හුස්ම ගැනීමේ පහසුව තිබේ.
එසේනම් තමා වටා සැරි සරණ නෙක හැඩයගත් වෛවර්ණ මසුන් බලමින් මා සැරි සැරුවෙමි.
සත්තකින්ම කණ්ඩායම මා හට අමතකව ගිය ආකාරයකි.
දෙයියනේ මා කිමිදෙමින්! මම මටම කියා ගත්තෙමි.
මා වර්ණවත් හීනයක් නරඹමින්ය.
තවත් මොහොතකින් මාගේ උරහිසෙන් කිසිවෙකු අදිනා අයුරු දැනෙන්නට විය.

ෆිලී  "උඩට යමු!" යැයි සන් කලේය. අප සෙමෙන් සෙමෙන් උඩට එන්නට පටන් ගතිමු!

"උඩට යමු!"

30 comments:

  1. මම මීට පෙර කවදාවත් කිමිදීම ඉගෙන ගන්නා කෙනෙකුගේ අත්දැකීම් අසා හෝ කියවා නැහැ. එහි තියන බැරෑරුම් කම, අමාරු කම තේරුම් යන්නේ මේ බ්ලොගය කියෙව්වාමයි. (නැවතත්) Great Barrier Reef එකේ කිමිදෙන්න වාසනාව ලැබේවා කියා පතනවා.

    ReplyDelete
    Replies
    1. කිමිදීම අරඹන කොට මට තිබුනු ගැටළු තවත් කෙනෙකුට අති නොවීමටයි මම මේ තරම් පැහැදිලි කරමින් ලියන්නේ.
      අනේ ඔව් ඒක මගේ එක බලාපොරොත්තුවක්!

      Delete
  2. මමත් සෑහෙන ආසාවෙන් ඉන්නවා කරන්න. හැබැයි බයකුත් හිතේ තියනවා. මට සාමාන්‍යයෙන් හොඳට පිහිනන්න පුළුවන්. නමුත් පිනිමයි කිමිදිමයි දෙකක්. හොඳ ලිපියක්. සුනාමියක් ආවොත් කියන අදහස ඕක ගැන කියන කොටම ආව මගේ හිතටත්

    ReplyDelete
    Replies
    1. අජිත්; මම මේ ලිපි පෙල ලියන්නෙම මටත් ඔය වගේම "ආසයි-බයයි" මිශ්‍ර හැඟීමකින් සිටිය නිසාමයි. මටත් පිහිනීමේ හැකියාවක් තියෙනවා. ඒ වාගේම අර ෆිලී කියනවා වාගේ Watermanship එකක් ඇඟේ ඇති කියලා හිතෙනවා
      මට ඒකාලේ දැනුනු එක් දෙයක් තමයි; මේ යකඩ ටැංකි නිසා හදිසියකදීවත් දියෙන්ගොඩට එන්න බැරි වේද කියන අනියත බිය!
      නමුත් ඒ සියල්ලම හිතට දැනෙන්නේ මං අර කියපු Backward Roll එක ගහන කල් විතරයි.
      දිය යටට එබුනාම සියල්ල ටිකෙන් ටික අමතක වෙනවා.
      මොකද කියන්නේ කරමු නේද? මහ ලොකු දෙයක් නෑ.
      මේ පෝස්ට් ටික ඉවර වෙන කොට Basic Diving වලින් 90%ක් ම ලියවෙලා!
      ස්තූතියි ආවාට!

      Delete
    2. හොඳයි කියවලම බලන්නන්කෝ ඊළඟ ලනක්වට් අවහම බලන්න ඕනේ , මේ කරදර ඉවර වෙලා නිදහස් වුනොත් බකට් ලිස්ට් එකට දාගන්න ඕන එකක්

      Delete
    3. සත්තකින්ම කරමු. අනිවා මම එන්නම් ඔයත් එක්ක බහින්න!

      Delete
    4. එනකොට මෙසේජ් එකක් දෙන්නම් ස්තුතියි , (මගේ සයිස් එකට කිට් තියෙයිනේ හේ හේ )

      Delete
    5. අනිවා හොයා ගන්න බැරිවෙන එකක් නෑ. ඇත්තටම කරමු.

      Delete
  3. ඉක්මනින්ම ඔබේ පැතුම් සඵල කරගන්නට ලැබේවි, මෙවන් පොස්ටු ලියා- පළකොට අපේ හිත ඉරිසියාවෙන් හා ශෝකයෙන් බර කරන පිනෙන්!

    ok සංකේතය දන්නා කෙනෙක් වෙන්නැති පවුල් සංවිධාන සංගමයේ 'ප්‍රීති' වල ලෝගෝ එක හැදුවේ!

    ReplyDelete
    Replies
    1. අම්මපා කියන්න අනික් අය තුල "ඉරිසියාව" හා "ශෝකය" ඇති කිරීම පිනක්ද?

      කියන්න බෑ ! OK! කියන්නේ බය නැතිව කිමිදෙන්න පුළුවන් කියන එකනේ!

      Delete
  4. මේ ලියව්විල්ල නම් අලුත්ම අත්දැකිමක්
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නැවත එන්න! එළ ද බ්‍රා!

      Delete
  5. මේ වගේ අත්දැකීමක් ලබපු අයෙකුගෙ ලිපියක් කියෙවුවෙ පළවෙනි වතාවට. අපිට කවදාවත් ළඟා කරගත නොහැකි මේ වගේ අවස්ථාවක් මෙහෙම කියවල හරි අත්දකින්න ලැබෙන එක ලොකු දෙයක්.

    ReplyDelete
  6. අද උදේ ස්වර්ණවාහිනියෙ අපේ ජැකා මහත්තය කිවුව මුලින්ම ගඟ දිගේ එයා ගියාට පස්සෙ තවත් තරුණ කවුරු හෝ එහෙම යයි කියල එයා බලාපොරොත්තු උනාය නමුත් එහෙම නොවුන නිසා ඊගාව ගමනත් එයාටම යන්න වෙනවය කියල. ඊගාවට එයා යන්න බලාපොරොත්තු වෙන්නෙ කළු ගඟ දිගේය කියලත්.

    මේ වෙනකොට අපේ තට්ට මහත්තය මහවැලි වගේම කළු ගඟ දිගේත් ගිහිල්ල තියෙනවය කියල එතුමව දැනුවත් කරන්න විදියක් නැද්ද?

    ඒ වගේම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි මීට පස්සෙ ගංගායවක් දිගේ යනවනං සම්පූර්ණ ගමනම කවර් වෙන විදියට යූ ටියුබ් වීඩියෝ එකක් කරන්නය කියල. එතකොට බ්ලොග් කියෝනවට වඩා පිරිසක් ඒ ගැන දැනුවත් වෙයි.

    ReplyDelete
    Replies
    1. දෙයියනේ මුල ඉඳන්ම කියවගෙන ආවා නේද? මේ ජයග්‍රාහී හයවන කොටස!

      මම දැන් ගත්තා කෝල් එකක් ස්වර්ණවාහිණියට. ජැකා මහත්තයාගෙ නොම්මරයක් නෑ කිව්වා. තියෙනවා කියලා දුන්නු එක වෙන කාගෙද?
      අපි කරණ්නේ ප්‍රචාරණයක් ඉලක්ක කරගෙන නෙවෙයි නේ ප්‍රසන්න!

      ඔව් එයා කළු ගඟේ ගියත් එයා කියයි එයා තමයි මුළින්ම ගියේ කියලා.
      යූ ටියුබ් චැනල් එකක් වගේ දෙයක් කරණ්න ඔයා මෙහෙම කිව්වාම හිතට ආවා!
      බලමු!

      Delete
    2. ඒ්ක නං මරු අයිඩියා ඒක , චැනල් ඒක හොදට දුහයි, අපරාදේ වතුර යටට ගෝෆෝ ඒකක් අරගන යන්න තිබුනේ

      Delete
    3. මුල කොටස් ටික කියෙවුව තමයි. ඒත් ඒ ටික ලියල තියෙන්නෙත් ඔබතුමාමනෙ. හැක්..

      Delete
    4. ඔව් ඇත්තටම කරන්න තියෙන බොහෝ දේ මතක් වෙන්නේ කාලය ඉකුත් වූ පසු! ස්තූතියි බොහොමත්ම ආවාට!

      Delete
  7. සයිකල් පැදිල්ල වගේම කිමිදීමටත් ආසාවක් ඇති උනා මේක බලලා. වර්නවත් අත්දැකීමක් වගේ. බලමුකෝ ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. දෙයියනේ මුල ඉඳන්ම කියවගෙන ආවා නේද? මේ ජයග්‍රාහී හයවන කොටස!

      මුල ඉඳන්ම කියවගෙන එන්න! ඉගෙන ගන්න ඕනම තාක්ෂණයක් තියෙනවා!

      Delete
    2. මුල ඉදලම කියවන් අවා. මේ වගේ පෝස්ටුවක් මග හරින්නෙ මොන හිතකින්ද අම්මපා.
      යූ ටියුබ් අදහස නම් මරු තමා. සයිකල් , කායක්, කිමිදීම් මේ ඔක්කොම රෙකෝඩ් කරලා දැම්මනම් ගොඩක් ජනප්‍රිය වෙයි. අනික ඔබතුමා උදේ රාජකාරියට යන 17km සයිකල් රයිඩ් එක වීඩියෝ කරලා දැම්මත් ඇති අනිත් අයට සයිකල් පදින්න උනන්දුවක් ඇති වෙන්න.

      Delete
    3. මොනවා හරි කරමු! මේ කොරෝණා වලින් පසුව!

      Delete
  8. ජැක්සන් ඇන්තනි මහතාගේ අංකය ලේක්හවුසියේ සරසවිය පත්තරෙන් ගත හැකි වෙයි!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි නිදි මහ්ත්තයා!

      Delete
  9. Replies
    1. කියවල විතරක් නම් මදි! ඒක විඳින්නත් ඕන එකක්! ස්තූතියි ආවාට!

      Delete
  10. උදක භිරූක වූ හැට්ටරයාණෝ. අන්න එහෙමයි සෑර් පරණ පෙළ පොත් වල තියෙන්නේ.
    අතටම කියනවනං ජලයට බයයි සෑර්. සුළි දෙකේ කෂ්ටියනේ.
    හැබැයි චන්ඩියා වගේ මේවා කියවන්ඩ නං එනවා.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ජලයට බයනම් වතුර බොන්නත් බෑනේ හැට්ටර් මල්ලි!
      ඇත්තටම බය වෙන්නම ඕනෙ!
      ඇත්තටම ජලයට සෑහෙන්න බය එකෙක් මම.
      ඒ නිසාමයි දනක් වතුරට වත් ලයිෆ් ජැකට් එකක් නැතිව බහින්නේ නැත්තේ.
      ඉතින් හැට්ටර් මල්ලි ඔය සුලි කේස් එක නිසාමයි මම මේ කොන්ඩා විළාසිතාව තෝරගෙන ඉන්නේ.
      මට තියා අම්මට මුත්තට වත් මගේ ඔළුවේ සුලි කීයක් තියේද කියලා කියන්න තියා හිතන්න වත් බෑ.
      ඒ වගේ කොන්ඩා මෝස්තරයක් දාලා ලයිෆ් ජැකට් එකක් දා ගත්තාම මාරයාත් ටික වෙන්න ඇඹරෙනවා!

      Delete
  11. අයියේ .... දැන්නම් කිමිදුම් පිස්සුව මටත් තද වෙලා වගේ .

    හැමදා ම වගේ ආසාවෙන් කියෙව්ව තවත් ලිපියක් .

    ReplyDelete
  12. ඇත්තටම ඒක ඔබ කලයුතුම සේම කල හකිම දෙයක්. ඉතින් කරමු!

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...