ජීවිතය මොනතරම් සුන්දරදැයි
නොසිතුවෙමි ඔබ දකින තුරා
ආදරය මෙතරම් සුන්දරදැයි
නොදන්නෙමි ඔබ දකින තුරා
තෙමුණු තණ පියලි මත
ඇවිද ඇතිමුත් පා ගෙවෙන තුරා
ඒවා එතරම් සුමුදු යැයි
නොදැනුනි ඔබ දකින තුරා
මල් ගැවසි වන පෙත්හි
ගැවසී ඇතිමුත් දවස පුරා
ඒවා එතරම් සුවඳ දැයි
නොදැනුනි ඔබ දකින තුරා
ජීවිතය මොනතරම් සුන්දරදැයි
නොසිතුවෙමි ඔබ දකින තුරා
ආදරය මෙතරම් සුන්දරදැයි
නොදන්නෙමි ඔබ දකින තුරා
ඔබ දකින තුරා පංචේන්ද්‍රියම වැඩකරන්නැති මනුස්සයෙක්නෙ ඉඳල තියෙන්නෙ. (ඇස් දෙක ඇර)
ReplyDeleteහැබැයි කොන්ඩෙ තිබුන එතකොට
Deleteඔබ දැක්කට පස්සෙ කෙස් ටික ගලවන්න ඇති.
Deleteහැක්.. හැක්..
අහුනොවෙන්න බලන්න තුබුනනෙ
Deleteඅයියෝ මුදලාලි මහත්තයෝ! ඇයි මේ මඩ? ඔයා අහලා නැතිද මෙවන් දේ ලියන්නාටත් ඉලක්කයට හසුවන අයටත් නො එසේනම් ලබන්නාටත් හැරෙණ්නට අන් සියල්ලන්හටම විහිළු කියා!?
Deleteමගේ උගත් මිත්‍රයා! කෙස් වලට හැඟීම් දැනීම් නෑ කියලා දන්නේ නැද්ද? බොරු නම් අහන්න බාබර් උන්නැහැ කෙනෙක් ගෙන්! ඕවා තිබුනත් එකයි නැතත් එකයි! සද්ධර්ම රත්නාවලීයේ එන "නාගසේන වස්තුවේ" ඔය කෙස් නැතිව සිටීමේ වාසි හා ප්‍රයෝජන ලියා තියෙනවා ඡේදයක් පුරාවට. එතනින් ගියාම හොලිවුඩ් වල බුද්ධ චරිතය සිනමාවට නගන්න ගිය වෙලාවෙ එම චරිතයට තෝරා ගෙන තිබූ යූල් බ්‍රයිනර්ගෙ ඉඳන් වින් ඩීසල්ලා නිහාල් සිල්වලා වෙනකල් සියල්ල "වැඩ" පෙන්නුවේ කෙස් තිබිලාම නොවෙයි! එතකොට ඩ්වයිට් ඩී අයිසන් හවර් , වින්සන්ට් චර්චිල්ලාත් තට්ට්යෝම තමයි. හැබැයි මේක අහලා දැන් ඔය තියෙන කොන්ඩ ගස් හතර පහ බූ ගානවා එහෙම නෙවෙයි. දිලිසෙන සියල්ල රත්තරණ් නොවෙයි කියලා මුතුකරුප්පන් චෙට්ටියාර් කියලා කෙනෙක් හෙට්ට්වීදියේ ඉඳන් කියලා තියෙනවානේ?
Delete++++++++++++++
ReplyDeleteඑළ!
Deleteඅලුත් ඔෆිසියේ මොකක් හරි හුටපටයක් වත්ද ?
ReplyDeleteයකෝ පවුලට ඇහෙයි! ෂෙප්!
Deleteඅගෙයි අගෙයි.
ReplyDeleteජයවේවා!!!
අනේ ඉතින් මේ "කින්ඩිය" දානවා එහෙම නොවෙයි නේද?
ReplyDeleteඔය කියන "ඔබ" වෙලාවට හම්බුනේ..නැහ්නන් සංවේදක මොකුත් වැඩ කරලා නෑනෙ..
ReplyDeleteඅගේ ඇති කවි සිතුවමක්.
ReplyDelete