" බුක්තියට සවිව ඇති . . .
අඳේට අස්වද්දන ලියැද්ද . . . . ;
කහව ගිය ඔප්පුවට . . . ;
නතුව ගිය අපූරුව . . . . . ! "
කුඹුරු පුරන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
ReplyDeleteපුරන් = ෆ්‍රැන්සිස්කෝ
Deleteහැක් .. එහෙනම් කුඹුරු පුරන් කිරිමේ නිර්මාතෘ පුරන් අප්පු.......
Deleteකවිකම් රහ මරු. දිගටම ලියමු.
ReplyDeleteජයවේවා!!!
+++++++++
ReplyDeleteබුක්තියට සවිව ඇති, අඳේට අස්වද්දන ලියැද්ද, අඳ ගොවියාට නැතිවන්නේ නියඟය නිසාද ?? එහෙම නැතිනම් අයිතිකරුගේ ඔප්පුව ( කහ ගැහුනට වලංගුභාවය නැති වෙන්නේ නැහැනේ ) නිසා පමණක්ද ???
ReplyDeleteකවිය රස වින්දාම, කවි ලිවීමේ හැකියාවක් නැති මට, අතීතයේ අඳ ගොවියන්ගේ කෙරුවාවන් ගැන මම දන්නා විස්තරයක් ලියන්න හිතුනා.
අඳ ගොවියාට කුඹුර අහිමි වීමට මේ හේතු දෙකට අමතරව තවත් හේතුවක් මට අත්දකින්න ලැබුනා. අඳ ගොවියාට, අයිතිකරුට වඩා බලයක් තිබුන 70 දශකයේ අපේ කුඹුරක අයිතිකරුවාගේ පංගුව හැටියට අපට ලැබුනේ අස්වැන්නෙන් ('දෙවියන්ගේ පංගුව' කියා කොටසක් වෙන් කළාටත් පසුව) 1/4 ප්‍රමානයකුයි. කිසිම ලිඛිත පැවරීමක් නොමැතිව අපේ සීයා කටවචනයට කුඹුර වැපිරීමට දුන් අවසරය මත, ඒ වෙනකොටත් වසර තිහක පමණ භුක්තියට සවි උන අඳ අයිතියක් ඒ ගොවියාට තිබුනා. ඔහුට විශාල මුදලක් (කොටින්ම කුඹුරේ වටිනාකමෙන් බාගයක් ) ගෙවා අඳ අයිතියෙන් ඉවත් කර කුඹුර විකුණා දැමීමට අම්මා උත්සාහ කළා. කාගේ හෝ කීම් බස් අසා, ඔහු කිසිවිටෙක අඳ අයිතියෙන් ඉවත් නොවන බව පැවසූ නිසා කුඹුර විකුණා දැමීම අතහැර දැම්මා. එකල කිසිවෙකු අඳ ගොවියෙකු සමග කුඹුරු මිලදී ගන්නේ නැහැ .
තවත් වසර කිහිපයකදී ගොවියා මහළුව ගිය අතර ඔහුගේ පුතුන් දෙදෙනාත් රැකියාවන්හි නිරත වීම නිසා කුඹුර වගා කිරීම ඔහුට ලොකු ප්‍රශ්නයක් උනා. ඉහත පළමු කොමෙන්ටුවේ praසන්ன කියන ආකාරයට කුඹුරක් පුරන් කරන්න (නියඟය, ගංවතුර වැනි ආපදා නිසා හැර) බැහැ . එහෙම කලොත් නීතියේ හැටියට අයිතිකරුගේ කොටස ලෙස කන්නයකට,අක්කරයකට, වී බුසල් 8 හෝ රුපියල් අනූ හයක් බැගින්, (එකල, ආණ්ඩුවේ තක්සේරුව අක්කරයක අස්වැන්න බුසල් 32, සහ බුසලක වටිනාකම රු.12.0 ) අයිතිකරුට ගෙවිය යුතු වෙනවා. අඳ ගොවියා හැටියට කිසිම ලිඛිත අයිතියක් නොතිබුන මේ ගොවියා, අපි කුඹුර විකුනන්න සුදානම් වූ විට සියලුම රජයේ ආයතන වල ඔහු නීත්‍යානුකුල අඳ ගොවියා ලෙස ලියා පදිංචි වී ඔහුගේ ලිඛිත 'අඳ අයිතිය' ලබා ගත්තා. ඊට පෙර කාලයේ, කුඹුර වපුරන්නේ නැති නම් ගොවියා අපේ ගෙදරට පැමිණ, "මේ කන්නේ අත හැරලා දානවා'' කිව්වාම එච්චරයි. ඒක කොහෙවත් පොත් පත්වල ලියැවෙන්නෙත් නැහැ . අපි කිසිදිනෙක අපේ කොටස ඉල්ලන්නෙත් නැහැ. නමුත් මේ ලියාපදිංචි වීම නිසා, ඔහු කුඹුර වපුරන්නේ නැතිනම්, ඉහත කියූ රජයේ තක්සේරුව අයිතිකරුට ගෙවූ බවටත්, කුඹුර පුරන් වීමට අයිතිකරු කැමති වූ බවටත් එකල තිබු 'ගොවි කාර්‍ය සභාව' කියන ආයතනයේ පොත් පත් වල ලියන්න සිදු උනා. ඒවා රජයේ මැදිහත් වීමෙන් සිදු වෙන දේවල් නිසා රජයේ නිලධාරීන් ඉදිරියේ මේ ගණු දෙණු සිදු කල යුතු උනා. මේ කරදර නිසා, අන්තිමට මේ ගොවියා, අඳ ගොවි කමෙන් නීත්‍යානුකුලව ඉල්ලා අස්වී කුඹුර අපිට භාර දුන්නා.
අනුන්ගේ කීම් බස් අසා, එකල හැටියට විශාල මුදලක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කරගත් මේ මනුස්සයා, පසු කාලීනව මේවා පිටුපස හිටියේ කව්ද කියාත් අපිට හෙළිදරව් කළා.
සෑම විටම අඳ ගොවියන්ගේ දුක් ගැනවිලි, මැසිවිලි, නියඟය, ගංවතුර, කුඹුරු හිමියන්ගෙන් ලැබෙන දුක් ගැහැට ගැන පමණක් කියැවෙන සමාජයක මේ සිදුවීම වෙනස් එකක් බව මගේ හැඟීමයි. මේ කතාව නිසා ඔබගේ කවියේ රස වින්දනයට හානියක් උනානම් සමා වෙන්න.
'' ඔබ තුමාටත් සියලු දෙනාටමත් සුභ නව වසරක්!!!"