Thursday, December 21, 2017

71. නැවත ඔබ එනතුරා.....!








" සුව ගෙනෙන සුව යහන
රළු බොරළු ගල් ඇනේ...
හිරු කිරණ සඳු සොමිය
ඇතත් අඳුරම පෙනේ......
කුරුලු නද කූජනය 
ගුමු ගුමුව නොම දැනෙ....
නැවත ඔබ එනතුරා
තනිව හිඳිනෙමි ලෙනේ....! "



19 comments:

  1. සිංහභාහුත් ඔහොම කියන්න ඇති

    ReplyDelete
  2. http://www.differencebetween.com/difference-between-african-lion-and-vs-asian-lion/

    :-D

    ReplyDelete
    Replies
    1. සතා කොහේ උනත් දුක එකමය! තනිකමට සීමා මායිම් නැත? ඒක හරියට " ඔබ කෙතරම් උස පුද්ගලයෙකු වුවද නීතිය ඇත්තේ ඔබේ හිසට ඉහලිනි!" කියනවා වාගේ දෙයකි! ස්තූතියි!



      Delete
  3. කටට වැටෙන කොයි දේවත් රස වේවා..
    මලට බමරු මෙන් පිරිවර ඇතිවේවා..
    අව්වේ තියෙන රස මාලා අඩු වේවා..
    මං යලි එනතුරා යහතින් වැජබේවා.. :)))

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා! ඔය කවට ලඟින්මයන ගීතයක් තියෙනවා අජන්තා රණසිංහයන් ලියා අබේවර්ධන බාලසූරියයි ත්යාගා එන් එඩ්වර්ඩ් ගයන "රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනෙ..." ඒකෙ අන්තිමට තියෙනවා ලස්සන පද හතරක්.

      "නෑනා නැතත් කලක් කලදවසක් ගෙවෙන්නයි
      සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
      පත්තිනි ගං බාර දෙවියන් රකින්නයි
      කුරහං කපන දා මා සිහි කරන්නයි.."

      Delete
    2. ඒ උනාට.. හැදුවේ ගෙපැල මම තනියෙන් හිඳින්නද?

      මගේ ආසම එකක්.. :D

      Delete
    3. බොහොමත්ම ස්තූතියි!

      Delete
  4. ගොඩාක් දෙනෙක්ට සුව ගෙනෙන සුව යහනවල් හැදුවට අන්තිමට ඉන්න වෙන්නේ සුව යහනේ තට්ට තනියම. අද හුග දෙනෙක් ඒ තරම් කාර්ය බහුල වෙලා. ජීවිතේ මුදලට සින්න වෙලා. ජීවිතේ විදින්න කාලයක් නැති වෙලා. ජීවිතේ විද වන්නයි වෙලා තියෙන්නේ.

    ReplyDelete
  5. මං සිංහයාට බයයි නංගියේ ..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! එහෙමද හිතාන ඉන්නේ?

      Delete
  6. බ්ලොග් කියවන්න , බ්ලොග් එකතු කරන්න එන්න සිතුවිලි සටහන් බ්ලොග් කියවනයට http://sithuwilisatahan.com/

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! එකතු කලා!!

      Delete
  7. මාර කවියක්!!!!

    ලස්සනට ලියලා. තට්ට ඔලුවේ තියෙන කවි නම් මරු !

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ඇය...

    සුව ගෙනෙන සුව යහන දුන් සුව - හිතේ
    හිරු කිරණ,සදු සොමිය දුන් සුව - නෙතේ
    කුරුළු නද,ගුමු ගුමුව ගැයු ගී - රසේ
    ඇත තවම හද පතුල
    නොමියෙන තුරු මයේ..

    ජය තට්ටයා :)

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...