" සුව ගෙනෙන සුව යහන
රළු බොරළු ගල් ඇනේ...
හිරු කිරණ සඳු සොමිය
ඇතත් අඳුරම පෙනේ......
කුරුලු නද කූජනය
ගුමු ගුමුව නොම දැනෙ....
නැවත ඔබ එනතුරා
තනිව හිඳිනෙමි ලෙනේ....! "
හර බර නොව රස බර , නිස්කාන්සුවේ නොව එකසිය ගානට වැඩකටයුතු මැද, පත් අට එකට සිඳුවාගත් කසාය වඩියක් නොව වැඩි සීනි ප්ලේන්ටියක් වී, සමාජයට නියමුවකු නොවී සීන් එකේම එකෙක් ලෙස, පොරක් නොව බුවෙක් විදියට, ටෝක් නොදී කයියක් ගහන, කැළෑ පත්තරයක් නොව; බෙල් එක ගසා බයිසිකලෙන් බෙදන සඟරාවක ඩිජිටල් කොපිය !
"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...
සිංහභාහුත් ඔහොම කියන්න ඇති
ReplyDeleteස්තූතියි !
Deletehttp://www.differencebetween.com/difference-between-african-lion-and-vs-asian-lion/
ReplyDelete:-D
සතා කොහේ උනත් දුක එකමය! තනිකමට සීමා මායිම් නැත? ඒක හරියට " ඔබ කෙතරම් උස පුද්ගලයෙකු වුවද නීතිය ඇත්තේ ඔබේ හිසට ඉහලිනි!" කියනවා වාගේ දෙයකි! ස්තූතියි!
Deleteකටට වැටෙන කොයි දේවත් රස වේවා..
ReplyDeleteමලට බමරු මෙන් පිරිවර ඇතිවේවා..
අව්වේ තියෙන රස මාලා අඩු වේවා..
මං යලි එනතුරා යහතින් වැජබේවා.. :)))
ස්තූතියි මිත්‍රයා! ඔය කවට ලඟින්මයන ගීතයක් තියෙනවා අජන්තා රණසිංහයන් ලියා අබේවර්ධන බාලසූරියයි ත්යාගා එන් එඩ්වර්ඩ් ගයන "රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනෙ..." ඒකෙ අන්තිමට තියෙනවා ලස්සන පද හතරක්.
Delete"නෑනා නැතත් කලක් කලදවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගං බාර දෙවියන් රකින්නයි
කුරහං කපන දා මා සිහි කරන්නයි.."
ඒ උනාට.. හැදුවේ ගෙපැල මම තනියෙන් හිඳින්නද?
Deleteමගේ ආසම එකක්.. :D
බොහොමත්ම ස්තූතියි!
Deleteගොඩාක් දෙනෙක්ට සුව ගෙනෙන සුව යහනවල් හැදුවට අන්තිමට ඉන්න වෙන්නේ සුව යහනේ තට්ට තනියම. අද හුග දෙනෙක් ඒ තරම් කාර්ය බහුල වෙලා. ජීවිතේ මුදලට සින්න වෙලා. ජීවිතේ විදින්න කාලයක් නැති වෙලා. ජීවිතේ විද වන්නයි වෙලා තියෙන්නේ.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි!
Deleteමං සිංහයාට බයයි නංගියේ ..
ReplyDeleteබොහොමත්ම ස්තූතියි! එහෙමද හිතාන ඉන්නේ?
Deleteබ්ලොග් කියවන්න , බ්ලොග් එකතු කරන්න එන්න සිතුවිලි සටහන් බ්ලොග් කියවනයට http://sithuwilisatahan.com/
ReplyDeleteබොහොමත්ම ස්තූතියි! එකතු කලා!!
Deleteඒකත් එහමෙද?
ReplyDeleteහ්ම්! හ්ම්!!
Deleteමාර කවියක්!!!!
ReplyDeleteලස්සනට ලියලා. තට්ට ඔලුවේ තියෙන කවි නම් මරු !
This comment has been removed by the author.
ReplyDeleteඇය...
ReplyDeleteසුව ගෙනෙන සුව යහන දුන් සුව - හිතේ
හිරු කිරණ,සදු සොමිය දුන් සුව - නෙතේ
කුරුළු නද,ගුමු ගුමුව ගැයු ගී - රසේ
ඇත තවම හද පතුල
නොමියෙන තුරු මයේ..
ජය තට්ටයා :)