Wednesday, November 29, 2017

67. තාත්තා නොම්මර.......1 (ii)



අද වන විට සෙන් ගේබ්‍රියෙල් කොලේජියේ වර්ථමාන තත්වය! ඉතිරිව ඇත්තේ මේ පුවරුව පමණි!

තාත්තා ඉගෙන ගත් සෙන්  ගේබ්‍රියල් කොලීජිය එවකට මහත්වූ ප්‍රසාදයක් දිනා ගත පාසලකි! 
එය පිහිටුවා ඇත්තේ ජැකෝනා පියතුමා විසිනි. 
එතුමා අධ්‍යාපන විශාරදයෙකු බව අපේ තාත්තා මා සමග පවස ඇත.   
අපේ තාත්තාගේ අම්මා බී ඇල් පොඩිනෝනාය. ඇය මළ පොතේ අකුරක් නොදනිතත් අත්සන් කලේ ඉංග්‍රීසියෙනි!

ආච්චි අම්මාගේ සුපිරි අත්සන!

 තාත්තාගේ තාත්තා හෙවත් දොන් විල්ෆ්රඩ් පෙරේරා සේවය කලේ කේරි විදුහලේ රෙජිස්ටාර් ලෙසය. 
එකල විදුහල්පති අධ්‍යාපනයේ නියමුවා වනවිට පාසලේ පරිපාලන අංශයේ ප්‍රධානියා වී ඇත්තේ රෙජිස්ටාර් තුමා !
ඔහුගේ පියා එනම් මාගේ පියාගේ සීයා මිනින්දෝරුවෙක් වීය. 
ඔවුන් කතෝලික ආගම ඇදැහූ අතර  අපගේ ආච්චි අම්මා ගේ ආගමික ලැදියාව කරණ කොටගෙන එතැන්  පටන් අප සිංහල බෞද්ධ විය!
පියාගේ නම සෑදී තිබුනේ සීයාගේ නමට “පියදාස” එක්වීමෙන්‍ය.  
එහෙයින් හේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රසිද්ධ වූයේ ඩී ඩබ්ලිව් පී පෙරේරා ලෙසය. 
අපේ තාත්තා කිසිදු ආගමක් තදේට  ඇදැහූ කෙනෙකු නොවීය. ජීවිත කලයටම ඔහු පන්සිල් ගන්නවා මා දැක ඇත්නම් ඒ අතේ ඇඟිලි ගනටත් අඩුවෙනි.


ඔන්න තාත්තගේ පාසෑල් හැරයාමේ සහතික පත්‍රයේ ලියා තබා ඇති ආච්චිගේ පැටිකිරිය!

තාත්තාගේ මව සුපිරිම චරිථයකි. 
එකසිය ගානට මල පනින අයෙකි. 
ඇය යකාට වත් බය නැති අයෙකි. 
“යක්කු ඇය දුටුවිට පහන්තිර සේ ඇඹරේ”. 
 වරක් වාර විභාගයකදී කිසියම් විෂයකට ; තාත්තාගේ ලකුණු අඩුවීම නිසා  
 ඇය පවස  ඇත්තේ ඊළඟ  වාරයේදී ලකුණු අඩුවුවහොත් ගෙදර නොඑන ලෙසය!
කාලය ගෙවී ගියේය. 
ඔය කියනා වාරය එළඹුණි. 
වාරය හෙමින් සීරුවේ ගෙවීගොස් වාර අවසාන පරීක්ෂණය පැවැත්වී වාර්ථා පොත් ලැබුනි. 
දිනය ගෙවී ගියේය. 
හැන්දෑව පසුකොට රාත්‍රිය පැමිණියේය. 
“පියදාස” ගෙදර පැමිණියේ නැත.
 ඔය කියන කාලයේ  ලංගම බස් තිබුනු අවදියක් නොවීය.
 තිබුනේ කොම්පැනි බස්‍
ඒවාද පැමිණියේ අවාරෙට දෙල් වැටෙනා ලෙසලු!
ආච්චි තම සහෝදරයෙකුද කැටිව; සැතපුම් 4 ක මග ගෙවා රාත්‍රී 10 ට  පමන නගරයට පැමිණ ඇත. 
අනේ අපේ තාත්තා යටියන්තොට පිරවුම් හලේ මුල්ලක බිම වාඩිවී සිටියේලු !
තාත්තා මිය යන තෙක්ම වම් අතේ උඩු බාහුවේ කැළලක් විය !
ඒ ආච්චි අම්මා ගේ වීරක්ක්‍රියාවකි ! 
ඇය කිසිදා නඩුකියා පැරදී නැත.
දිනක් මා ඇයට කිට්ටුවී “නඩු දිනනා රහස් ක්‍රමය” අසා දැන ගත්තේය.
 එකල කොම්පැනි බස් දුවන ලද කාලයේ ; නඩුව අසන දිනයේදී ඇය මහා පාන්දර නැගිට; තමාට එදිරිව නඩු මගට බැසගත් අයගේ නිවස පසුකොට හොර රහසේම පසු පසට යන්නේලු! 
එසේ ගොස් ඔවුනට පෙර බසයට නැග ගන්නා ඇය බසයේ රියැදුරුට කීයක් හෝ  “අතමිට මොළවයි”! 
ඒ තමාට එදිරිව නඩුවට එන අය මග දමා පැමිණීම වෙනුවෙන් කරණා ගෙවීමය!
ඉන් පසු අවිස්සාවේල්ලට පැමිනෙන ඇය උසාවියේ තෝල්ක මුදලි හමුවී  අදාල නඩුව දිනයේ මුලින්ම ඇසෙන නඩුවක් බවට පත්කරගනී. 
නඩුව ඇසෙන වෙලාවට අදාල නඩුවේ (බොහෝ විට) පැමිණිළි පාර්ශ්වය  මහ මගය. 
නඩුව මොහොතකට පමා කෙරෙයි. 
තවත් වේලාව ගත වුවහොත් දෙවන වරද අඬගැසේ!
නොඑසේනම් ඔවුන් පැමින කුමන හෝ පෞද්ගලික කරුණකට ඔවුන් මොහොතකට උසාවිශාලාවෙන් ඉවත්වන විටම නැවත නඩුව අඬගැසේ! 
එවරද පැමිනිල්ල පැමින නැත. 
ප්‍රථිඵලය කියන්නට ඕනෑ නැත. 
නඩුව දැම්ම එකාට එපා උනත් මම අත අරින්නේනෑ කියන විනිශ්චය කාරතුමන්ලා එකල සිට නොමැත.

තාත්තා පලමුව රැකියාව කර ඇත්තේ ෂෙල් කොම්පැනියේ රක්වාන පිරවුම් හලේය. 
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රැකියාව සොයා යන්නේ ඉන් ඉක්බිතිවය. 
ඔහුගේ සම්මුඛ පරීක්ෂණයද අමුතුම එකකි.
ඔහුගෙන් විවිධ ප්‍රශ්ණ රාශියක් ඇසූ පසු පවස ඇත්තේ Ceylon Observer පුවත් පත ගෙන; තමන් කැමති ඡේදයක්   කියවන ලෙසය. 
ඔහු කියවා ඇත්තේ කතු වැකිය ය. 
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ; මට මෙන්ම එදා එය ගැටළුවක් වී ඇත. 
“පුවත් පතක සාරාංශය ලියැවී ඇත්තේ එහිය !” 
රැකියාව තමන් සතු කර ගැනීමට එම ඔහුගේ පිළිතුර සමත් වී ඇත!


මේ වගේ එකක වෙන්න ඇති නේද කියවන්න ඇත්තේ!

තාත්තාගේ රැකියාව දෙවරක් අහිමි විය. 
ඉන් පලමුවර අහිමි වීම අපගේ පවුලට ඉමහත්  කම්පනයට පත්කල සිද්ධියක් විය. එයට අදාල සිද්ධිය වන විට මා පාසලේ පලමු පංතියේ  විය යුතුය.  
තාත්තා අවිස්සාවේල්ලේ  ඇස්වත්ත ප්‍රදේශයට කිසියම් කටයුත්තක් සඳහා ගොස් ආපිට එන විට; ඔහු දන්නා  හඳුනන දැව  ප්‍රවහනය කරණ ලොරියක් හමුවී ඇත. ඒවන විටත් දැව පටවා තිබූ ලොරිය තාත්තා දැක නවතා 
“මහ පාරට යන්නේ දැයි ?” අසා ගොඩ කර ගත්තේය!
ඔහු හා ලොරි රියැදුරු හා සිදුවූ කුඩා දෙබසෙදී; දැව නීත්‍යානුකූල බව ;
ලොරි රියැදුරා විසින් සාර්ථකව  තාත්තාට ඒත්තු ගන්වා ඇත.
එහෙත් ලොරිය ප්‍රධන මාර්ගයට අවතීර්ණ වනවාත් සමගම
පොලීසියෙන් ලොරිය නැවතූ අතර රියැදුරා හා සහයක ලොරියෙන් බැස
 දුවන්නට විය!
තාත්තා කෙසේහෝ එම ස්ථානයෙන් ඉවතට පැමින තම උසස් නිළධරයා හමුවී සිද්ධිය පවසා වහාම තමාව පොලීසියට නීත්‍යානුකූල ලෙස ඉදිරිපත් කරණ ලෙස ඉල්ලා සිටියේය! 
(සමහර විට තමා මෙම ලොරිය අත් අඩංගුවට ගෙන එන එකැක් යැයි; පොලීසියට පිළිබිඹු වන අයුරින් විය යුතුය!) 
එම නිළධරයා ප්‍රථික්ෂේප කල අතර ප්‍රථිඵලය වූයේ පුර වසර 5 ක් අප අපමන දුක් ගැහැටට පත්වීමය !
කාලය ගෙවී ගියේය. 
තාත්තා අධිකරණයෙන්  නිදොස් කොට නිදහස් කල අතර තාත්තාට හිග වැටුප් සමගින් රැකියාව ලැබුනේය. 
තාත්තාව සේවය පිහිටුවේ හබරණ සිට කිලෝමීටර 10 ක් පමණ දුරින් පිහිටි හතරැස්  කොටුවේය.  
එය; ත්‍රිකුණාමළය හා මඩකලපුව දුම්රිය මාර්ග බෙදෙන ගල් ඔය හංදිය ආසන්නයේ පිහිටා තිබුනේ ත්‍රිකුණාමළය මාර්ගයේමය.      
තාත්තලාගේ උසස් නිළධරයන් විශ්‍රාම ගැනීමට ආසන්නයේදී 
ඔහුට රට වටා ගොස් තමා සේවය කල ස්ථාන වලට
 අවසාන වශයෙන්  ගොඩ වැදීමටත් ;
 දෙන දෙයක් රැගෙන ඒ මේත්  අවස්ථාව සැලසීමට ජීප් රථයක් , 
ඉන්ධන හා රියැදුරෙකු මුදා  හැරීම චිරාගත සම්ප්‍රදායකි.
. එසේම එසේ සමුගැනීම සඳහා දුර කතර ගෙවාගෙන
 ආණ්ඩුවේ ඩීසල් වලින්  එන “සර් ට” හොඳින් සැලකීමද එවන්ම වූ සම්ප්‍රදායකි.
පෙරකී උසස් නිළධරයා ද  ලංකාවේ හතර දිග්භාගයේ කරක් ගසා හබරට සේන්දුවිය . 
එහිදී සමුගැනීමේ සාදය සංවිධානය කිරීම තාත්ත අතින් සිදුකෙරුණි.
 සියල්ල අඩු නැතිව දිගු මේසය මතට රැස්වී තිබුනි.  
අරක්කු බෝතල නොබොන අයට බීර; ෂැන්ඩි වලට අලියා සෝඩා ,
 බ්‍රිස්ටල් පැකට් කිහිපයක්, කට ගැස්මට මස් ජාති කිහිපයක් හා බැදපු වැව් මාලු යනාදී වශයෙන් සියල්ල එක් රොක් වී ඇත.
කැලයේ නීතියක් වේ.
 එනම් කිසියම් ආහාරයක් පිළිගැන්වීමට මත්තෙන් 
තමා  පළමුව ඉන් බිඳක් භුක්ති විඳීමයි. 
ඒ සංග්‍රහය පිළිගන්නා තැනැත්තාට එය වස විසෙන් තොර බවට ඒත්තු ගැන්වීමටයි.
වන සංරක්ෂණ දෙපාරතමේන්තුව  යනු මොනවා නැත්තත් මෙවන් කැලෑ නීතී අකුරටම ඉෂ්ඨ සිද්ධ වුනු තැනකි!
දිගු මේසය වටේ සියල්ලෝ අසුන් ගෙනය. 
තම තමන්; තම  තමන් ඉදිරියේ වන අශෝක වීදුරුව ගෙන
එහි ඇති වතුර බිඳු බිම හලා තමා ඉදිරියේ එකෙල්ල බලා ස්ථානගත කරමින්‍ ය. 
සමුගන්නට පැමිනි අමුත්තාද මහත්වූ සොම්නසින් යුතුව සංග්‍රහය භුක්ති විදීමට සූදනමින්‍ ය! 
පසෙක කුඩා මේසයක් මත තබා ඇති විශාල බ්‍රවුන් පේපරයෙන් ඔතා තබා ඇති පාර්සලය තුල  කුමක් නම් විය හැකිද ?


තුවක්කුවට පතුරම දමා හැමරය අමුනා ඉලක්කය ගෙන තිබුනද  දඩයම ඒ බව නොදනී!
“හරිනෙ ..?”
 තාත්තා වට පිට බලා එසේ ඇසුවේ සියල්ලන්ගෙන්ම විය යුතුය.
එසේ කියත්ම තාත්තා වාඩි ගෙන තිබූ ස්ථානයෙන් නැගිට ගත්තේය. 
ලඟම තිබූ අතිවිශේෂ නොඑසේනම් ගල්  බෝතලයේ මූඩිය "කට කටස්" ගා ඉවත් කොට තමා අභියස තිබුනු අශෝක වීදුරුව පිරෙන්න වක්කර ගත්තේය.

“සර් මම මේක බීලා කිව්වොත් සර් කියයි තැන් තැන් වල හබරදි පෙර්රා බීලා බැන්නා කියලා…….! ”

“ඒ හින්දා මම මේක බොන්න ඉස්සෙල්ලම කියලා ඉන්නම්. ”

 මධුවිත කටමට්ටමට පිරවූ වීදුරුව තාත්තගේ අතේය !

“ සර් එදා මම අච්චර කියද්දි මාව පොලීසියට Produce නොකර හිටියාට වඩා හොඳයි ;
 සර් ! සර්ගෙ  #$%^&^*&   ?~@!#$+ ම් ….!”

“හරි දැන් බොන්න ..!” කියා වීදුරුව කටේ හලා  ගත්තේය.  

මද වේලාවකට සාදය නැවතුනි. 

යලිත් එය පටන් ගත්තේ සමුගැනීමට පැමිණි නිළධරයා ප්‍රසිද්ධියේ තාත්තාගෙන් සමාව අයැදීමෙන් පසුවය! 

ඒ තාත්තා ගේ හැටිය !

                                           

31 comments:

  1. පිස්සු හැදෙනවනේ.... බුදු අම්මේ... ! ඊ තාත්තගේ පුතානේ නේද? අම්බෝ.. අයින් වෙලා පාරේ පයින් යන්නේ ඔන්න අපිනම්..

    ReplyDelete
    Replies
    1. හොයලා බැලුවොත් තේරෙයි!
      අපි හැමෝගෙම තාත්තලා ඔරිජිනල් සිංහයෝ තමයි අපි නිකං පොලොස් කොට්ටෝරුවෝ උනාට!

      බොහොමත්ම ස්තූතියි සැමදා මෙන්ම!

      Delete
    2. මේ.... අහන්නේ නැතුව ඉන්න රියට ඉතින් කට කහනවා අය්යෝ....
      අර මේ.. අර.. පොඩිනෝනාගේ අත්සනට මෙහායින් තියෙන අකුරු කාගේද ඈ ?

      Delete
    3. මම මේ අත්සන ගත්තේ එයාගෙ පරණ ඔප්පුවකින්! ඒ අකුරු නොතාරිස් රාළහාමිගේ හාමිනේගේ වෙන්න ඇති නේද?

      Delete
  2. හැක්.. හැක්.. දැන්නං මේකෙ කොමෙන්ට් දාන්නත් බය හිතෙනව.

    ReplyDelete
    Replies
    1. මම නිකම්ම නිකං අහිංසක සඥ්ඥක හාවෙක්! ඕන දෙයක් කියන්න, ලියන්න! හානියක් නෑ!

      Delete
    2. ඔය සඥ්ඥක හාවො අහංසකයි කියල පෙන්නුවට හරි භයානක සත්ත්ව විශේෂයක්ලු.....

      අර ලොක්කට පොළව පලං යන්න හිතෙන්නැති....

      හැබැයි ඔහොම ලොක්කට කතා කරන්න පුලුවං උං දැං නැතුවද මංදා ........//

      Delete
    3. අනේ එහෙම නෑ! අහිංසකයි! රටක් වටියි!
      ඔව් ඒ අය රාජකාරිය සැලකුවේ දේව කාර්යක් ලෙසට! ඒ උනත් අදීනයි ලෙසටම!

      Delete
  3. තාත්ත වගේ නැතෑ පුතත්.

    තාත්ත ගැන ලියන්න බ්ලොග් 10ක් තිබ්බත් මදි අයියේ.

    ReplyDelete
    Replies
    1. අපි ඒ අයට වඩා ඉදිරියෙන් ඉන්නේ මලපනින එකෙනුයි , නොසන්සුන් තාවයෙනුයි , නොහික් මුනු භාවයෙනුයි ......ඔන්න ඔය වගේ දේවල් වලිනුයි. ඒ අතින් බැලුවාම ඒ අය ශ්‍රේෂ්ඨ මිනිස්සු වචනයේ පරිසමාප්තයෙන්ම!

      Delete
  4. මගේ තාත්තගේ දඟ වැඩ ගැන කේලම් කියන්න ඉන්නේ තාත්තගේ සහෝදරියෝ තමයි. දැං ගජ මිත්තරයෝ වගේ ඉන්න මස්සිනාලව අඳුන ගන්න කාලේ දාපු චන්ඩි කං ගැන කතා අහන කොට හිතෙනවා මේ කියන්නේ මගේ තාත්තා ගැනමද කියලා.
    තාත්තලා කියන්නේ හැමදාමත් පුතාලගේ වීරයා. ( මට නම් එහෙමයි)

    -පසෙක කුඩා මේසයක් මත තබා ඇති විශාල බ්‍රවුන් පේපරයෙන් ඔතා තබා ඇති පාර්සලය තුල කුමක් නම් විය හැකිද ? –
    මේ කෑල්ල මොකක්ද ? මට තේරුනේ නැහැනේ...


    ReplyDelete
    Replies
    1. "තාත්තා" කියන්නෙ පුතාගෙ පලමු වීරයා! දුවගේ පලමු පෙම්වතා!

      ඇයි මල්ලි "සර්" ගෙනාපු තෑග්ග! ඒක දැක්කාම පොරට එහෙම හිතෙන්න ඇති නේද?

      ස්තූතියි මල්ලි!

      Delete
  5. හැම තාත්තා කෙනෙක් වගේම එයාගේ පුතත් හැදෙන්නේ නැනේ. වෙනස්වීම් වෙනවා ඕනි තරම්.

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් "නොට් උගේ පුතා!" වෙනවනෙ.

      Delete
  6. "Perera" keyala awa kohomada kiyala dan thami therenna

    ReplyDelete
    Replies
    1. පෙරෙරා නම සිංහල ඉතිහාසයේ මුලින්ම තියෙනවා මම දැකලා තියෙන්නේ දොන් ජොරනිමෝ ද අසවේදු ගේ අම්මගෙ නම විදියට.
      ඒක තමයි වයලන්ටා පෙරේරා!

      මල්ලි අපි ටිකක් පරණ පොරවල් මෙහෙම හිටියට!

      Delete
  7. බලාගෙන යනකොට අපි හැමෝගෙම තාත්තලා නහර කාරයෝ වගේනේ ....වෙලාවට අපිත් ඔහොම වුනා නම් බොස්ලා තුන් හතර දෙනෙක්ගේ මුනවල් පොඩි වෙලා ....

    ReplyDelete
    Replies
    1. කරුමෙටවත් මගේ අතින් ; මොන අභාග්යකට එක මිනිහෙක් හරි මැරුනොත් දෙවෙනියාගේ නම නම් කියන්න දන්නවා!

      Delete
  8. කාලගුනෙන් හානියක් නෑ නේ ඔය පැත්තට

    ReplyDelete
    Replies
    1. අනේ සමා වෙන්න මමයි ඔය ප්‍රශ්නෙ ඔයාගෙන් අහන්න තියෙන්නෙ.
      සමාවෙන්න! අපි සුවෙන් !

      උඹලාට කොහොමද මලේ!

      Delete
  9. තට්ටයාගේ තාත්තා වනාහි එළ කොල්ලෙකි...

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රසිද්ධියේ ලියන්න කියන්න පුළුවන් ඒවා විතරයි! එළම බුවෙක්!

      Delete
  10. හැම ඉස්කෝලෙම Tri lingual තිබුන නම් ලංකාවෙ සමහර ප්‍රශ්න සෑහෙන්න අඩුවෙන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත! ස්තූතියි!

      Delete
  11. ඒ වගේ නිලධාරීන් දැන් නම් නෑ තාත්තාට වෙච්ච වැඩේ නං අන්තිම අසාධාරණයි

    ReplyDelete
    Replies
    1. ඒ අසාධාරණයට ලක්වීම අපේ පරම්පරාවෙන් එන සාපයක්! තවම ඉවර නෑ!

      Delete
  12. පොඩි නෝනා එළ කෙල්ලෙක් නේ.. :)) අපේ ආච්චි වගේ.. මං පොස්ට් දෙකක් ලියල තියෙනවා අපේ ආච්චි ගැන.. වෙලාව තියෙන විදියට බලහං..

    ආයි දෙකක් නෑ පියදාස කියන්නේ පොඩි නෝනාගේම පුතා! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මම වෙලාවක ලිඛිතගෙ පෝස්ට් එකක් යටිනුත් කිව්වා මට කොමෙන්ට් දාන එවුන්ට ඥාණ කතාටිකක් අරණ් දෙන්න ඕනෙ කියලා! මොකද මම ආසාවට උන්ගේ ගෙවල් වලට ආසාවට ගොඩ නොවදින නිසා! තවත් එකක් මේ කියන්නේ සහතික ඇත්ත! මම කාගෙවත් මගුල් ගෙදරක යන එකෙක් නොවෙයි! මල ගෙවල් නම් කොහොම හරි යනවා! ඉතින් තුමෝ ඉඩ ලද හැටියේ ඔය පැත්තේ එන්නම්! ඒ ගැන සමා වෙලා මගේ ගෙදර එන්න! කොයි වෙලාවෙත් දොර ඇරලා!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...