නුග ගසක් පමුල
තබා ඇති පහන ඔබ...
වෙනත් මහ ගසක් මත
රැඳුනු පිලලයක් මිස
නුග ගසක් මෙහි නොමැත...!
මහා ගස බිඳුනු දින
නුග ගසක් මෙහි කොහිද?
බෝ ගසක් වෙත ගොසින
දල්වන්න ඔබෙ පහන....!!
ඔබ පහන නොනිමෙන්න
වසාලන්නෙමි පවන.....
බිම පතිත මියෙන තුරු
මගෙ සෙවන නුඹට ඇත.....!!!
බෝ ගසක් යයි සිතා කි දෙනෙකු නුග ගස් මුල පහන් දල්වනවද? කිමද මේ රැවටීම ලෝකෙම මුලාවක් වෙලා.
ReplyDeleteකුමන ගසක් වුවද ඒ හැම එකක්ම මේ ලොව පැවැත්මට වුවමනා වේ!
Deleteහැබැයි මට පුදුමෙ බුදුන් ඇයි කොස් ගසකට පිට නුදුන්නේ ඇයි කියලා?
ගහටත් නිදහසක් නැතුව ඇති මේ කරදරවලින්.. :)
ReplyDeleteකියන්නෙ...!
Deleteගස් ගල් අතෑරල බුදු දහම වැලද ගත්තට ගස් වලට වැදිල්ල තාම ඇගේ තියෙනව ඒකත් ෙහාදයි එක ගහක් හරි ෙනාකප තියයි
ReplyDeleteදවසේ කුලියට ගස් කපන එකෙක් මට සුපිරි කතාවක් කිව්වා! " ගං වල මේ ගානෙන හරි කොස් ගස් ටික ඉතුරු වෙලා තියෙන්නේ ඉඩං නඩු වලට පිං සිද්ද වෙන්න මහත්තයෝ!!"
Deleteකොහොමද ඒක?
වැට මායිමට උපහාරය
DeleteEla!
Deleteනුගගස් පිලිගත්තට,
ReplyDeleteපහන් හැමදාම පිදුවේ
රුක්ෂ දෙවියන්ට
මහා ගස්
හැමදාම අහසටම නතුවෙන,
බිම තියෙන පහනක
සිළුව කවදා රකීවිද?
ප.ලි: මොකෝ දෙය්යනේ මේ සෙන්ටිමෙන්ටල් කවි ලියන්නේ?
මු.ලි. ඇයි අපට අකැපද? සිංගි ලෝන කප්ප වගේ?
Deleteරුක් දෙවියන් හිදින්නේ
වනස්පතිනට අරක්ගෙන.
පුදන්නේ ගසට වුව
දෙවියන් ගෙන එය
තමන් භාරයට.....!
ගස විහිද අහස් කුස
උඩු සුළඟ වින්දද
මහා වැසි වැටෙන විට
හිරි පොලොව දවන විට
ගස මුල රකින්නේ
ගස විනා දෙවියන්ද.....?
අනේ බුදු අයියේ "ගඟක් දිගේ" ලියපං ....
ReplyDeleteඅහලා නැතිද හැමදා පන්සිල් ! එකදා අටසිල් ! කියලා
Delete?????? !!!!
ReplyDelete