Friday, October 13, 2017

55. තට්ට තනිවම තට්ටයා.....!

කුච්ච්වේළි යන පාරෙ - වැහි කාලෙට!

කුච්චවේළි තියෙන්නේ ත්‍රීකුණාමලයේ සිට  පුල්මුඩේ පැත්තට කිලෝමීටර 38 ක් ඈතින්. උප්පුවෙළි , නිලාවෙළි පහුකරගෙන ඉරක්කන්ඩි පාලම මතින්  යනකොට තමයි කුච්චවේළි හමුවන්නේ.    නිලාවේළි අයත්වෙන්නෙත් කුච්චවේළි ප්‍රාදේශීය සභාවට. සුප්‍රසිද්ධ ගිරිහඩු සෑය  බලන්න යන්න හැරෙන්න තියෙන්නේ කුච්චවේළි වලින්. කොටින්ම කුච්චවේලි පොලිසිය ඉස්සරහින් .

38 කණුව - සල්ලිමුණේ, කුච්ච්වේළි

කුච්චවේළි වල ඉන්නේ මුසලිම් ජනතාව තමයි අතිමහත් බහුතරය වෙන්නේ. අමීර් ඉන්නෙත් ඔය ගමේමයි. හරියටම කියනවා නම ඒ හරියට කියන්නේ සල්ලිමුනේ  කියලයි. 

අමීර් (ඛාන්)

ෆවුසියා - ලස්සනයිනේ

 අමීර්ගෙ පවුලගෙ හෙවත්  බිරිඳගේ නම ෆවුසියා. අමීර්ගෙ රස්සාව උනේ මූදු යන එක. එයාට බෝට්ටුවක් තිබුනා. එයලගෙ ගේ තිබුනේ පුල්මුඩේ පැත්තට යනකොට වම් පැත්තේ. ඒ කියන්නේ ගොඩ පැත්තේ. අමීර්ගෙ ගේ ඉස්සරහ මහ පාර. පාර පැනපු ගමන්   අමීර්ලගෙම තවත් ඉඩමක්. මහ පාරෙ  සිට අඩි  250 ක් ඈතිනුයි මුහුදු වෙරළ  පිහිටා තිබුනේ. 


ලවල් කැලේ

මේ ඉඩම පුරාවට වන බූටෑව. කොටින්ම ලවල් කැලේ.  පටන් ගත්ත තැනම තිබුනා ලොකු මයිල ගහකුයි කොහොඹ ගහකුයි .මේ ඉඩමේ ලොකු පලු ගසක් මැද්දට වෙන්න තිබුනා. ඒ වගේම තව පලුගස් කිහිපයක්  වෙරළට කිට්ටුවත් තිබුනා. මේවා මල් පිපෙන පලු ගස්. මම එහෙම කිව්වේ පලු ගහක මල් හට  ගන්නෙ අවුරුදු 200 ක් විතර කල් ගියාම කියලා නාවික හමුදාවෙ කොමදෝරු විජේකෝන් මහත්තයා දවසක් මා එක්ක කිව්වා. 

නොවැම්බර් කියන්නේ නැගෙනහිර වෙරළට ආච්චි වැහුනා වගේ කාලයක්! ඒකාලෙට වැස්ස පටන් ගෙන. ඒ මදිවාට හුලග! හුළග කිව්වට හුළගක්ම නෙවෙයි කුණාටුව ! මේ දෙකම එකට ගත්තාම ඒකට  කියන පොදු නම තමයි වාරකං කියන්නෙ. 

ඉතින් මේ වාරකං කාලෙක මම ගියා අමීර්ලගෙ ගෙදර. ගියේම  Beach Camping    කරන්න  හිතාන. කොළම්තොටින් රාත්‍රී 9.00 ට පිටත් වන තැපැල් දුම්රිය ත්‍රිකුණාමලයට සැපත් වෙන්නේ පාන්දර 5.40 ට විතර.

කියන්න ඕනෙ නැහැනේ!

 එතනින්  බැහැලා බස්ටෑන්ඩ් එකට පයින්ම යෑම තමයි මාගෙ සිරිත.   මම තිරිකුණාමලයෙන් බහිනකම් දැනන් උන්නේ නෑ මේ වාරකං කාලෙ කියල!   බහිනකොටත් මොර සූරණ වැස්ස! තොප්පියෙන් ඔළුව වහගෙන බස්ටැන්ඩ් එකට ;ගියේ පාළු පරදිගේ ඇවිදගෙනම .
බස්ටැන්ඩ් එකේ පොඩි කඩයකින් ටිංකිරි වලින් සෑදූ වැඩි සීනි ස්ට්‍රොං ටී  එකට ; රොනට ඇදෙන බඹරෙකු විලසින් ඇදෙන  මා එයින් සංතර්පනය වී නගින්නේ පලවෙනි පුල්මුඩෙයි බස් එකට.

මේ පුල්මුඩේ බස් එක- (ෂුවර් ද?)

 ඒක නවත්වන්නෙ අයෙත් ඉරක්කණ්ඩි පාලම ඉස්මත්තෙ තියෙන මුස්ලිම් කඩේ. ඒ ඒ අයට තේ බොන්න. එදත් මේ දින චරියාව මේ විදියටම කෙරුණා. වෙනසකට තිබුනේ එකසිය  ගානට තිබුනු වැස්ස විතරයි.   

ඉරක්කණ්ඩි පාලම

  කුච්චවේලි පොලීසිය පහුවෙනවත් සමගම මා වෙනදා සේම ආසනෙන් නැගිට ඉදිරියට ගොස් අමීර්ගේ ගේ අසලින්ම බැහැ  ගත්ත.
එදා දහවල් දවස ගෙවී ගියේ වැස්ස නවතාලමින්. එහෙත් මුහුදේ වාරකං ස්වභාවයේනම් වෙනසක් තිබුනේ නෑ.

ආච්චි වැහුනු මුහුද!

 දහවලේ වැටුනු මලානික හිරුරැසින්; මහ පොලොව ; තම දියබත්වුනු මතුපිට බොහෝසේ වේලා ගෙන  තිබුනා. මීට පෙරද වාර කිහිපයක් මා කූඩාරම අටවන මුහුද අයිනේ  පලුගස් කිහිපය  අතර කුඩා ඉඩෙහි ; බිම තිබුනු වැටුනු කොල , අතු රිකිළි එහා මෙහා කරගත් මා එදිනද මාගේ One Man Tent එක නොහොත් Canopy ය අටවා ගත්තා.

තට්ට තනිවම තට්ටයා

අමීර් සතු ඉඩමේ මෙම ස්ථානයේ සිට බැලූ කල කිසිදු මිනිස් වාසස්ථානයක් නොපෙනේ.    වෙරළේ වැඩුනු කුඩා පඳුරු රාශිය නිසා මුහුදේ හඬ ඇසුනද එය නොපෙනේ. පඳුරු අතරින් සැදුනු කුඩාමාර්ගය අසලින් පමනකි මුහුද දිස් වන්නේ. මෙම පඳුරු පේළිය අඩි 10 ක් පමන පළලින් යුතුව ඝනට වැඩී තිබුන.

පලුගස් කිහිපය අතර 

දෙපසද  උසට වැඩුනු පඳුරු තැනින් තැන උස්වූ පලු ගස් ,මයිල ගස් වැනි දෙයින් අවරණය වී තිබුනා. කූඩාරම ඇටවීමට මෙම පලුගස් කිහිපය අතර තෝරාගැනීමටත් හේතුවක් තිබුනා. 

  ඒ මෙම ස්ථානයට වල් අලියාගේ පැමිනීමත් කලාතුරකින් සිදුවන නිසා! මේ ගස් එතරම්  උසකින් නෙවේ තිබුනේ. ඒවා යටින් මොන ජගතා ආවත් යන්න උනේ ඔළුව නවාගෙන.  ඒක අවුරුදු 200 ක් විතර වයස ගසට කරණ ගරු කිරීමක් වගෙයි මා දුටුවේ! මේ ගසුත් නිකම්ම කෙලින් අහසට නැගුනු ඒවා නම් නොවෙයි. ඒවා මහ පොලොව දිගේ ගිහින් බැරිම තැන කෙලින් වෙලා වගෙයි පෙනුනේ . ඒවායේ කඳන් වංගු ගැසී ඇද හොකරවී තිබුනා. මේ නිසාම වනයේ සරන සද්ධන්ත්යෙකු හට වුවද මෙම වෘක්ෂ දූර්ඝය  අතරට එබීම එකවර කල හැක්කක් නම් නොවේ.   

එදින ; මා කූඩාරම අටවා ගෙනැවිත්  තිබුනු අඩුම කුඩුම එය තුලත් අවටත් එලාගෙන දහවල් වන විට කඳවුරු දිවියට ටිකින් ටික අනුගත වෙමින්. සවස 4.00 වන විට ; දිනය පුරා පැවති වැහි මන්දාරම නිසාම බෙහෙවින් කළුවර ස්වභාවයක් තුල පරිසරය ගිලෙමින් උනා.

“රෑට ගෙදර යමු !” අමීර් යෝජනාවක් ගෙන ආවා .
“අවුලක් නෑ මම මෙතනම ඉන්නම් .” මා සැහැල්ලුවෙන් කිව්වා .
“ඇයි මෙතන ?”  ඇහුවේ මුහුනට නෝක්කාඩු ස්වරූපයක් ආරූඩ  කරගනිමින්.
“ඉතින් මම මෙතන ඉන්නනෙ ආවෙ !?”  කිව්වේ සිනහ වෙමින්ම .

එතැන් සිට අමීර්ගේ බිරිඳ ෆවුසියාද , ඇයගේ පොඩි මාමාවූ ජබාර්ද ,තවත් නම් නොදත් හහර පස් දෙනෙකුම විටෙන් විට පැමින මාහට ඇවිටිලි කරණ්නට වුනා . නම් සඳහන් නොකල අය මා හමුවටම පැමිනි අය නොවීය . ඔවුන් මෙම ඉඩම හරහා වෙරළ දෙසට ආගිය අයය  .

“ඔයා රෑට මෙතනද ඉන්න යන්නෙ ?”
“එහෙම තමයි හිතාන ඉන්නේ ! ඇයි ?”
“ ඔයා කොහේ ඉඳන් අවත් හරි මිනිහානෙ! ඒ හින්දා අපි කියනවා තමයි !! ඒක අමීර් ගෙදර යන්න බැරිනම් අපේ ගෙදර එන්න !!!”
මේ ඔවුන්ගේ ආදරනීය ආරධනාවන්‍ !

මේ සියල්ල සමග ත්‍රාසය භීතිය මගේ සිතටද සෙමෙන් සෙමෙන් කාන්දු වන්නට වෙමින්‍.

 එතෙක් මා තුල පැවති මොරාලය ,  ගැම්ම නොහොත් ගට සෙමෙන් සෙමෙන් හීන වීම ඇරඹී ඇති සේයාවකි.  මහ කැලේ ගැවසීමත්, ගංගාවල සැරිසැරීමත් , සයිකල් පැද්දත් වෙන මොනදේ කලත් මමද සාමන්‍ය මිනිසෙක්මි. අසාමාන්‍ය වන්නේ විඳින  දෙයින් විනා දැනෙන දෙයින් නොවන්නේය . ගංගාවල සැරිසරණ විට දැනෙන සීතල , මහන්සිය , විටෙක ත්‍රාසය භීතිය කුතුහලය  මාහටද එලෙසින්ම දැනේ. නමුත් එය විඳින්නේ සතුටකින්‍. අශ්වාදයකින්‍. රසාස්වාදනයකින් යුක්තවය. මට ඇත්තේ නොවිසුඳුනු  ගැටළුවකි.  

 මේ මිනිසුන් මාහට රාත්‍රීයේ   මෙම ස්ථානයෙන් ඉවත්වන්නට උපදෙස් දෙන්නේ මන්ද? ඇයි ? කුමකටද ? කුමක් අරභයාද ? කුමක් කරණකොට ගෙනද?      
“ඇයි ඉන්න එපා කියන්නේ අලියා එන නිසාද ?”
“කියන්න බේනෙ !”
එතැන් පටන් පොඩුවේ සියලුම මිනිසුන් තුල භිය ඉපදවීමට තුඩුදෙන කුඩා දිවි මකුළුවා , සර්පයා ගේ සිට  රාජ්‍ය ත්‍රසතවාදය පෙරටුකරගත් පොලීසිය දක්වා  මෙකී නොකී සියලුම භෞතික මෙන්ම අභෞතික දේ ලැයිස්තුවක් ඔවුන්වෙත ඉදිරිපත් කලෙමි. ඒ සියල්ලටම ඔවුන්ගේ එකම පිළිතුර වූයේ ;
“කියන්න බේනෙ !”
යන්නම පමනක් විය.

වන අලි ප්‍රහාරයක් සිදුවෙයිද ? මම මගෙන් ඇසුවෙමි. නැත! මා සතු ලන්තෑරුමක් වේ. එය දැල්වූ විට අලි ප්‍රහාරයට තරමක අස්වැසිල්ලක් ලැබේ. මාගේ පලු ගස් දූර්ඝයෙන්ද සැළකිය යුතු ආරක්ෂාවක් ලැබෙනු ඇත. 
හොඳින් වසන ලද කූඩාරම තුලට සර්පයින්  හට   ඇතුළුවීමට අපහසුය. සුනාමි තත්වයක් ? අප රටට බලපෑ පසුගිය දැඩි සුනාමි තත්වයේදී වුවද මෙම ඉඩම සහිත ප්‍රදේශයට  සිදුවී ඇත්තේ ඉතා අල්ප බලපෑමකි! මන්ද සුවිශාල කොරල් පරයකින් සාර්ථක ආරක්ෂණ පද්ධතියක් ඉඳිවී ඇති හෙයින්‍

සොර සතුරන් ? මා අත මාගේ දඩයම්  පිහිය ඇත. මා මිය ගියද එය ක්‍රියාත්මකවනු ඇත !එය එතරම් මාහට විශ්වාස වන්ත සහකරුවෙකි! ජනවාර්ගික ආක්‍රමණයක් පිළිබඳව මේ මිනිසුන්ට කිසියම් හෝඩුවාවක් දැනිලාද ? එය එසේනම්  අමීර්වත් ෆවුසියාවත් ජබාර්වත් මට මෙතන අවාසනාවන්ත ලෙස මැරෙන්න ඉඩ දෙන එකක් නැත. 
මොනවාද තව විය හැක්කේ ?

තවත් සුවිශේෂි දෙයක් මෙම ඉඩමේ  සිදුවී ඇත. මීට පෙර මෙම ස්ථානයට මා පැමිණි බොහෝ අවස්ථාවල  ; මෙම ඉඩමේ වෙරළ ඉමේ විශාල වලවල් රැසක් අක්‍රමවත්ව හාරා දමා තිබෙනු දක්නට ලැබුනි. මේ ගැන අමීර්ගෙන් මාකල විමසීමකදී ඔහු කාරණාව විස්තර කලේය.  

මීටකලකට පෙර යුද්ධය පැවති අවධියේ ත්‍රීකුණාමලයේ සිට උතුරු දෙසට යාත්‍රා කල යාත්‍රාවකට  නාවික හමුදාව පහර දී ඇත . ප්ර්හාර්යෙන් බොහෝ පිරිසක්  මිය ගිය අතර එම මළසිරුරු රැගත් යාත්‍රාව ගොඩගසා ඇත්තේ නොහොත් නැවතී ඇත්තේ මෙම ඉඩමට  අයත් වෙරළේය.  නිවැරදිව පවසනවානම් මාගේ කූඩාරම අභියසය. 
මිය ගිය කිහිප දෙනෙකු අවසන් හුස්ම හෙලා ඇත්තේ මෙම වෙරලේ ය. යාන්තමින් හෝ පන බේරගෙන යාත්‍රාවෙන් ඉවතට පැන ජීවිතය පතා දිවගිය එල් ටී ටී ඊ  සාමාජිකයින් තමා ගෙන ආ රන් රිදී මෙම ඉඩමේ වල දමා යන්නට ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති. පෙරකී වලවල් සෑරීම එකී  විශ්වාසය මත වස්තුව හා වාසනාව සොයා කල ක්‍රියාවල්‍.   
මෙම සිද්ධිය මතක් වීම සමග මා බියට පත්විය යුතු හේතු ලැයිස්තුවට තවත් ප්‍රභල හේතුවක් එක්විය!
මේ සියළු ත්‍රාසජනක දේ සමග යටිසිත මාහට අමීර්ලා ගේ නිවස පෙන්වමින්‍ය. නමුත් මාහට මගේ ආත්ම ගරුත්වය රැක ගැනීම වෙනුවෙන් ඕනෑම මිළක් ගෙවීමට මා සූදානම්වය.
“වෙඩි වැදුනු එවුන් නිකම්ම එක පාරම මැරෙන්නේ නැතිව ඇති. ඔවුන් දුක් අඳෝනා තබමින් පොලොවේ පස් කමින් , ලේ වගුරවමින් මැරෙන්නට ඇත. ඔවුන්ගේ ආත්මයන් තවමත් මේ අසල ගැවසෙනු ඇත ! රාත්‍රියේ තට්ට තනියෙම මෙම බිමේ තනිවන මා බිළි ගැනීමට මෙම අමනුෂ්‍ය ආත්ම වලට ඉතා පහසුවනු ඇත.”    මේ මාගෙ යටිසිත මා මෙහෙය වූ ආකාරයය.

“විකාරද!? හොල්මං , අවතාර ,පෙරෙතයින් ,යක්ෂ  කුම්භාන්ඩ   මේවායෙ පදනම කුමක්ද ? ආචාර්‍ය ඒබ්‍රහ්ම් ටී කොවුර් මෙවා බොරු කල හැටි මතක නැද්ද ? “දෙවියෝ සහ භූතයෝ” , “මා කල ගවේශණ” පොත්වල තියෙන භෞතික සත්‍යයට වඩා දෙයක් මේ නොපෙනෙන ලෝකයේ තිබිය හැකිද? මේ උඩු සිත මා වෙරළේම රඳවා තබා ගැනීමට සටන් කල ආකාරයය.


මෙ සියල්ලටම වඩා ; මා වෙත මිත්‍රත්වයේ හස්තය දිගුකල හා එය මවිසින් ස්ථිර ලෙස ම ප්‍රථික්ෂෙඅප කරණු අත්දැකීමෙන් විඳිනලද  පිරිසට  මා හෙට උදයේ මුහුණ දෙන්නේ කෙලෙසද ?

මා කයි කතන්දර දෙසා බාපු , බයිල කියපු,පුර සාරම් කෙළපු ,නයි ඇරපු , තෙල බෙදපු ;  මළ ගෙවල් , මරණ ගෙවල් , දානෙ ගෙවල් , බණ මඩු , කාපු බීපු තැන් , කඩමණ්ඩි , කනු , ළිං ගැටි , මෙකී නොකී සියළු තැන් වලදී ; ඇස් උඩ තියාන , කට ඇරගෙන , හුස්මක් කටක් නොගෙන , මුහුන ප්රශ්නාර්තක ලකුණ ලෙස හදාගෙන අහන් හිටපු එවුන් මේ සිද්ධිය දන්නේ නම් මට සිදුවන්නේ බෙල්ලේ වැලලා ගෙන මැරැන්නය!

මේ සියලු දෙබස් , කයි කතන්දර  මැද මාහට අලුත් සිතුවිල්ලක් ගලා ආවේය. එය අභියෝගයක් විය. “ඇත්තටම මා භයද ? භිය ගුල්ලෙකද ??” ඔබ මෙයට දෙන පිළිතුර ප්‍රායෝගික ව තහවුරු කලයුතුවේ. එය මවිසින් මටම දැමූ කොන්දේසියකි!
නැත! මා හට තිබුනු බරපතලතම ලැජ්ජාව වෙන කිසිවක් නොවේ. මා භිය ගුල්ලෙක් බව මාහටම ප්‍රත්‍යක්ශ වීමය.  

මෙය කිසිවෙකුට එකවරම තේරුම් නොයනවා ඇත. එහෙත් තමා අතින් සිදුවන ක්‍රියාකාරකමක් කරණ කොට ගෙන අන් අයෙකු පීඩාවට පත් වන විට; පීඩාවට පත් අය හෝ අවට සිටින කිසිවෙකු හෝ තමන්ට දෝශාරෝපනය නොකලද තමන්ට තම හෘදය සාක්ෂියෙන් ගැලවීමට බැරි වනු ඇත. මෙයද මෙවන්ම වූ තත්වයකි. කිසිවෙකු හට මා බියට පත්වූ බව අනාවරණය නොවූවද මාගේ ඇතුළු හද විසින් මාව ජීවිත කාලය තුලම පෙලා දමනු ඇත! 

මොනවා කලත් :මා තුල මා පිළිබඳව තිබෙන ප්රථිරූපය මා විසින් මා ඉදිරියේම  මා තුලම බිඳ වැටෙන්නට ඉඩ නොත්බමිමා එය දැඩිසේ අධිටන් කරගතෙමි!

මේ වන විට   සවස 4.30 ඉක්ම ගොස්‍. මෙම කුඩා ගමේ පැවතියේ කුඩා කඩ දෙකක් පමනි.ඉන් එකක් ෆවුසියා ගේ මවට අයත් කුඩා තේ කඩයයි. අනෙක් කඩය වූයේ ඊට මදක් ඔබ්බට වන්නට තිබුනු සිල්ලර කඩයයි. ඒ දිනවල මෙම සිල්ලර කඩයද වසා තිබුනා මතකය.

මා  ඉක්මනින් අඳුරට මුහුන දීමට සූදානම් විය යුතුය. මා අමීර්ව අමතා  ලන්තැරුමට දමා ගැනීමට භූමිතෙල් ටිකක් හා  මා සතු කුඩා එහෙත් දීප්තිමත් එළියක් ලබාදීමට සමත් කුඩා LED විදුලි පන්දම තුලින් AAA බැටරියක් ගලවා එයින්ද තුනක් රැගෙන එන ලෙස  පිටත් කර ඇරියේය
.
මේ  වන විට මුහුදේ හඬ තවත් උත්සන්න වෙමින් පැවතුනි.  හදිසි කුණාටු තත්වයකට  මුහුන දීමට මා සමග බොහෝ ගමන් ගොස් ඇති ජීවිතාරක්ෂක කඹය ගෙන කැනොපිය හතර වටා පිහිටි ගස් වල සිට රැහැන් ඇද ගැට ගැසුවෙමි.
අනතුරුව සිහින්  මුහුදු වැලි ස්වල්පයක් පෙරළුනු ගස් කඳක මතුපිට අතුරා   ඒ මත අතුල්ලමින් දඩයම් පිහිය දැළි සේ මුවහත වන්නට මැද ගත්තෙමි . 

Knives කොච්චර තිබුනත්  ඔය දකුණෙ තියෙන කළු මිට තියෙන එක තමයි පිහිය!

අමීර් එන තුරු  ෆවුසියා ගේ අම්මාගෙ තේ කඩයෙන් ණයට මදක් පාවිච්චි කල ගිණි පෙට්ටියක් ඉල්ලාගෙන ආවෙමි.
අමීර්ලාගේ ගෙදර සුරැකිව තබා තිබුනු හරිකේන් ලන්තෑරුම රැගෙන පැමින එහි චිමිනිය සීරුවෙන් ගලවා ගතිමි. මුහුදු වෙරලින් සපයා ගත් සිහින් වැළි මිටක් චිමිනිය තුලට දමා සෙමෙන් සෙමෙන් කරකැවීමි. වැලි වලට කැපෙමින් ටිකින් ටික එහි රැඳි දැළි මුළුමනින්ම පාහේ ඉවත් වී දැල්වීමට සුදුසු තත්වයකට පත් විය.  
නොබෝ වේලාවකින් අඳුර සමග පැමිනි අමීර් නැවතත් මාගේ සිත  වෙනස් කිරීමට උපරීම උත්සාහයක යෙදුනි.   අවසානයේ ඔහු මාව තේරුම් ගත්තේද නොඑසේනම් “කිව්ව නාහන ගුරු අභ්‍යවකාශයේ ඉගිළුනත් කමක්නෑ! මරියානා අගාධයේ කිමිදුනත් කමක් නෑ!!” කියලා හිතුවාද මට අදද තේරුම් ගත නොහැක.
“හරි ඔයා ඉන්න ! මම රෑට කන්න ඔයාට ගීන්නම් !! මොනා හරි උනොත්  ගෙදර එන්න . දොර අගුල නැතිව තියන්නම් !!”
“…………….” මම කිසිවක් නොකියා සිනා සුනා පමනි . භූමිතෙල් ගෙනවිත් තිබුනි. එහෙත් බැටරි සොයා ගැනීමට ඔහු අසමත් වී තිබුනි. මා දුන් බැටරි සාම්පලය ඔහු සුරැකිව ගෙනැවිත් තිබුනි.  

මේ මිනිසුන් මොන තරම් මා කෙරෙහි උනන්දුද ? මාගෙන් මුන්ට ඇති වැඩේ කුමක්ද ? මා මලත් මේ මිනිසුන්ට වෙන පාඩුව හෝ අයහපත කුමක්ද ? මට සිතාගත නොහැක ! එසේම මාහට මෙහි නවාතැන් ගැනීමට ඉඩ නොදෙන්නේ 
ඇයි ? එහි මට නොපෙනෙන යටි පෙලක් වේද ? නැවත මුල  සිට මා මෙනෙහි කලෙමි. වෙන්න පුළුවන් දේවල් මොනවාද ?  ඒවාට මා හට මුහුන  දිය හැක්කේ කෙසේද ?   වාර්ගික කැරැල්ලක් විනා  අන කිසිවක මා මහා භයානක ස්වභාවයක් නුදුටුමි. 
එතකොට සුනාමි තත්වයක් ? මා සම්පූර්නයෙන්ම , මුළුමනින්ම    ආවරණය වූ කැනොපියක සිටිනා විට සුනාමියක් පැමිනියහොත්  කුමකින් කුමක් සිදුවේද ?  මා එය සමග ගසා ගෙන යනවිට ගස් වල වේගයෙන් වදිනු ඇත. කැනොපිය ඇරගෙන එලියට පැමිනීමම බොහෝ දුෂ්කර විය හැක. මා එය තුලම  මිය යනු ඇත. 

එය වාර්ගික කැරැල්ලකටත් වඩා   දරුණු  තත්වයකි . ජනවාර්ගික කැරැල්ලක් මොන ආකරයේ ස්වරූපයක් ගනීවිද ? ඔවුන් මා කැනොපියෙන් එලියට ගෙන මරාදමාවිද ? නොඑසේනම් නිදා සිටියදීම ඒතුල කපා කොටා දමා විද ? ඉන් පසු කැනොපියට ගිනි තබාවිද නො එසේනම් මුහුදට දමා විද ? ඔවුන්ගේ පැමිනීම මා කලින් හඳුනාගෙන  එලියට පැන ගැලවීමට දිව ගොස් බේරීමට හැකියාවක් තිබේද ? මෙම  පලාතේ  පාරක් තොටක්  මා නොදනිමි. ඊටත් ලවල් කැලයකින් වැසුනු මෙම පරිසර පද්ධතිය තුල මාහට කොපමන දුරක් දිව යා හැකිද ? ඔවුන් අල්ලා ගත් පසු මා කියන දේ ඔවුන්ට තේරුම් ගත් හැකිවේද?එයද බොහෝ සෙයින් දරුනු අවසනයක් ගෙනදෙන කතාවක් වනු නොඅනුමානය.
 වන අලි ප්‍රහාරයක් , සර්ප දෂ්ඨනයක් මේ කොයි අතින්  බැලුවත් අවදානමක් ඇත.

මීට බොහෝ සෙයින් පාලු පරිසරයන්හි රාත්‍රියන් මා ගතකොට ඇතත් ඒ කිසිම අවස්ථාවක එහි ප්ර්දේශ වාසීන් එය නොකරණ මෙන් ඉල්ලා සිට නොමැත. ඒ නිසම හුදෙක් පාළුව හැරුණුකොට ගෙන  සිත්ට දැනෙන අන් සිතුවිල්ලක් නොමැත්තේය. එයද එහි ඇති සුන්දර වටපිටාව තුල ගිලී ගොස්  ඇත.

ටික වේලාවකින් අමීර් මාගේ රාත්‍රී ආහාර ගෙනාවෙය. ගෙනා දෙමල පත්තර කැල්ල ඈත් මෑත් කර බලන විට ඉන්  උනු උනු  පොල් රොටී දෙකක් ,   කුඩු මිරිසෙන් සෑදූ ලුනු මිරිසක් මතු විය ! මිරිසට සෑදූ මාළු හොදි සවල්පයක් රොටී දෙකට යටින් තැබූ කුඩා ඇලුමීනියම් දීසියේ විය.
“කන්න !
අමීර් එසේ කියන්නටත් කලින් මා රොටිය සිතින් කා අවසන්ව තිබුනි !
මා රොටී වලට අතිශය භය පක්ෂපාතීත්වයක් දක්වන අයෙක්මි!  රොටී  කොතනද මා එතැනවිය !
  රොටියේ මෙලෝ හැඩයක් නොවුනි! “හැඩය කන්නදැයි?” මම මගෙන්ම අසා මින්  රොටිය රවුම් වන්නට වටෙන් වටෙන්  කන්නට විය ! කන් දෙකෙන් දුම්දමන සැරකින් සමන්විතවූ ලුනු  මිරිස මගේ සිත තුල  කෙමෙන් කෙමෙන් එතෙක් නොවුනු  ධෛර්‍යයක් වඩවා ලන්නට සමත් විය. ලුනු මිරිසේ සැර මා ඇඟ පුරා දිව ගොස් ය . රොටිය කා අවසන් වුවද මාළු හොද්ද තවමත් දීසියේය.
“බොන්න ..!” අමීර්  බොන හැටි   අභිරූපනයෙන් පෙන්වීය .
මමද එක හුස්මට මාළු හොදි එක  බීගෙන ගියෙමි. ඒ මාගේ  අදරනීය හම්බ මිත්‍රයාට  කරණ ගෞරවයක් ලෙසටය.
උගුර සිට ආමාශය තෙක් දා ගෙන ගිය රසය ඉන්පසු බිව් කිවුල් වතුරෙන් නොසේදුනි! සියල්ල හමරය. සිසිල්  රාත්‍රිය එළ්ඹෙමින්‍. කා බී  දෙයින් දෝ නොඑසේනම් සිතෙහි කැළඹුම නිසාදෝ සිහින් දාදිය බිඳු නැගෙමින්‍ .
“…………..”  අමීර් හිස වන මින් මාගෙන් වෙන් වන්නට අවසර පැතීය .
“හරි!” මම ඔහුගේ උර හිස මත අත තබා සමු දුනෙමි.

මේ වන විට හාත්පස කළුවර වැටී අවසානය. ඉක්මනින් විදුලි  පන්දම ගෙන එයට පැරණි බැටරි කැලි දමා  සකසා ගත්තෙමි.  බැටරි වලින් පන ගැන්වුනු විදුලි පන්දම දල්වා එහි මූනත  මාගේ මූනත් තහඩුව දෙස  හරවා බැලුවෙමි. සැලකිය යුතු එළියක් එහි විය.
ලන්තෑරුමේ ටැංකියේ මූඩිය ගලවා භූමිතෙල් පිරවීය. උතුරා ගලා ගිය භූමිතෙල් ටැංකියෙන් එළියේ පෙරුණි. සාක්කුවේ එතෙක් නිහඬව  සිටි ගිණි පෙට්ටිය එලියට පැමින පහන් තිරයට ජීවය ලබාදුනි. මුහුදේ සිට හැමූ තද සුළඟ  තිරයෙන් දැල්ල ඉවත් කිරීමට කැස කවමින්‍. චිමිනිය ඊට ඉඩ නොදුනි.


මෙන්න මෙහෙමයි තනි වුනේ!

සියල්ල යතා පරිදි සිදු වෙමින්‍. මුහුදේ බිහිසුනු හඬ හැරුණු විට හාත් පස අතිශයින් නිහඬය! රැල්ළක් රැල්ළක් පාසා නිහඬ බවක් ගෙන ආවේ මාහට “සූදානම්ව  සිටින්න !” යැයි අනතුරු අඟවන්නට මෙනි !  ඇත්ත්ටම රැල්ළ කීවේ “සූදානමව සිටින්න !” කියා නොව “බලාගෙන හිටපං!” කියාය   එක් රැල්ලෙන් රැල්ලට හඬ වැඩි වෙමින් සේය.

දැල්වූ ලන්තෑරුම  අසල තිබුනු ගසක එල්වන විට  අතරින් පතර පොද වැටෙමින් විය. වේලාව රත්‍රී 7.00 එළෙඹෙමින් විය . හාත්පස කළුවර වැටී ඇත. ඉඳහිට පාරෙහි ගමන් කල වාහනයක ප්‍රධාන පහන් එලි ඈතින් ඇදී නොපෙනී යයි. එලි මැකී ගියද  ඇන්ජිමේ හඬ තවත් ස්ව්ල්ප වේලවක් දෙසවන තුල රැඳේ. එයද මද වේලාවකට පමනි . 
ඈත නැගෙනහිර අහසේ ඉඳහිට විදුලි එලි ඇදී යයි. මේ එළඹී ඇත්තේ කූඩාරම තුලට ගාල් වියයුතු මොහොතයි. කුඩා One man canopy ය තුලට යාමට පෙර නැවත වටා පිටාව විදුලි පන්දම් එලියෙන් යාන්තමින් පිරීක්සා බලා සෙමෙන් කූඩුවට රිංගුවෙමි.
කැනපියේ ඇතුලත හොඳින් විදුලි පන්දම්  එලියෙන් සොයා බැලූ පසු  එලා තිබූ දළ රෙදි  කඩ මත  වැතිරුනෙමි. කැනපියේ රෙදි අතරින් යාන්තමින් ලන්තෑරුම් එලිය පෙනෙමින්‍.
 මාගේ හිස පිටුපසින් තබා ගත් වමත මතය . දකුනතේ  කිටි කිටියේ සිරවුනු පනගැන්වූ මුවහත සහිත  මාගේ දඩයම් පිහියය. මා කෙතරම් තදින් අල්ල සිටියේද යන්න අතැඟිළි හිරිවැටී ගෙන ඒමෙන් මද වේලාවකින් මටම ප්‍රථ්‍යක්ෂ විය.

විදුලි කෙටීම මදින්  මද වැඩි වෙමින් සිහින් පොදයක්ද ඇරඹුනි. දැන් වේලාව රාත්‍රි 8.00  පමන වන්නට ඇත. වේලාව බැලීමට දූරකථනය ක්‍රියාත්මක කරන්නට  බැලූවිට  එහි බැටරිය විසර්ජනය වී අක්‍රිය වී ගොස් මා මුළුමනින්ම පාළු  වෙරළක  තනිවී ගොස්‍ය. හෙට පහන් වනතුරු ගේදොර නෑසියන් හිත මිත්‍රාදීන් සමග තිබුනු අන්තිම හුයද සිඳී ගොස්‍.
තවත් පැයක පමන කාලයක් ගතවන විට එතෙක් පැවති පොද වැස්ස මහා වැස්සකට පරිවර්ථනය වෙමිනි. විදුලි කෙටීම අකුණු ගැසීමක් නොවී හෙන ගැසීමකට වැටීය.
මුහුදු සුළඟ තදින් හමමින් කැනපියේ පියස්ස උගුලා ගෙන යන්නට උත්සහ දර මින්‍ය. මෙවන් රැයකදීද එල් ටී ටී ඊ බෝට්ටුව වෙඩි ප්‍රහරයකට ලක්වූයේ ? වෙඩි වැදී අබලන් වූවෝ වෙරළට මහ වැස්සේම ගොඩ බහින්නට ඇත. දෙවනුව නාවික හමුදාව විසින්  තබන ලද වෙඩි පහරවල් වැදී වෙරළේ ඇද වැටෙන්නට ඇත්තේ මෙසේ අහස ගුගුරා හෙන පුපුරද්දී විය යුතුය. වෙරල රතු ලෙයින් වැසී යන්නට ඇත. එම ආත්මයන් තවමත් එවන්ම වූ කාලගුණික සාධක  සමග සක්‍රීය වනවා විය නොහැකිද? කියැවූ අවතාර කතාවල , නැරඹූ චිත්‍ර පටවල අම්නුෂ්‍යයන් සක්‍රීය වන්නේ මෙවන් වාතාවරණයන් තුලය.
හොල්මං අවතාර ඇත්තද? මා කිසිදා නොදැක තිබූ පමනින් ඒවා හුදෙක් මන්ඃකල්පිත කතාද?  මොකා ආවද ඌට ,ඔහුට හෝ ඇයට ලැබෙන්නේ එකම  සංග්‍රහයකි. 
ඒ දකුනත් ඇඟිළි අතර  සිරවී ඇති මුවහත් කරණ  ලද පිහියෙන් උනුසුම් හාදුවකි. තවත් පැයක පමන කාලය ගතවෙත්ම ධාරාණිපාත වර්ෂාවක් කඩාහැලෙන්නට පටන් ගැනුනි. ඒ සමගම   අතොරක් නොතබා විදුලි කොටන්නට පටන් ගති.

 ඒ වන විට  මාගේ කුඩා කූඩුව  තුල අපූරු ගෘහස්ත භාවයක් ඇතිවී තිබුනි. ඒ තුල වූ කුඩා  එහෙත් සුව පහසු භාවය මීට හේතු වන්නට ඇත. ඒසමගම එතෙක් අසලට නොපැමින ඈතින් සිට ඉව අල්ලමින් සිටි නිදි සුවය මා වැළඳ ගනිමින් විය.


කිසිදා නොවිදි සිසිලසක් දකුණු කකුලේ ඌර්වස්ථියට යටින් දැනෙමින් එයින්ම    මා අවදි කරවිය. දෑස් විවර කොට බැලූ විට මන්දාලෝකයක් කැනපිය ඇතුලතට  වැටෙමින්‍ය. මා දැස් විවර කොට බැළුවෙමි, පිහිතලය කකුලේ  ස්පර්ශ වීමෙන්  සිසිලක් දැනෙමින් විය. මා සෙමෙන් නැගිට කැනපියේ සිපරය ඉහලට ඔසවා අවට පරිසරයට ඉව ඇල්ලුවෙමි. 


මේ ඉර නැවතත් දුටිමි!

මගේ ලොවට ඔබ වඩින තුරා!
ඇතින් නැගෙන හිරුය! රන් පැහැ සිත්තමක් අහස පුරා ඇදී ඇත! මා වැල්ලට දිව ගියෙමි. ඈතින් නැගෙන දිය රැළි බිඳී මා දෙපා අසලට පැමිණ ලජ්ජාවෙන් වෙරළ තුලට වැදී නොපෙනී යයි.

වගේ වගක් නැතිව!

 මාහට අර්නස්ට් හෙමිංවේ ගේ “මහල්ලා සහ මුහුද” කෘථියේ තේමා පාඨය මතක් විය. “මිනිසෙකු විනාශ කල හැක ; එහෙත් පරාජය කල නොහැක!”  





සිතට මහත්වූ අස්වැසිල්ලක් දැනේ. ඔව් මා භිය ගුල්ලෙකු නොවීමි ! එය මා මටම ප්‍රථ්‍යක්ෂ කොට අවසානය!! තවමත් මුහුද විශාල සත්වයෙකු මෙන් ගොරවයි. එහෙත් ඒ හඬ තුල පෙරදින පැවති පෞර්ෂයේ හීන වීමක් දෙසවනට දැනේ.          ඒ පසු බෑම මා අභියස බැවින්ද ?                           

      
                

42 comments:

  1. තට්ට තනියෙම ඉන්න කෙනාව පින්තුර ගත්තේ???? :-O

    ReplyDelete
    Replies
    1. අර ලන්තාරුම තියෙන එක තමයි නියම පින්තුරේ!

      මේක නම් නියමයි අප්පා.. ඉරිසියා කරන්නද මම??? වැඩක් නැහැනේ!!!

      Delete
  2. බොහොමත්ම ස්තූතියි ! සැමදා වගේම අදත් ගොඩ වැදුනාට! මේක ලියන්න හිතුනෙ ටික්කා දාල තිබුනු කමෙන්ට් එකක් දැකලා. පසුදින උදේ දැනුනු සතුට කියලා නිම කරණ්න බෑ!

    ReplyDelete
  3. මට හිතෙන්නේ තුන්කාලේ කට්ටියගේ වෙන මොකක් හරි සීන් එකක් ඇති එදා ...
    නැත්තම් කිව්වා නාහන තට්ටයෙක් ගැන ඔච්චරම මොකට වද වෙනවද ?
    මට නම් ලස්සනම පින්තුරේ අර නෝනා මහත්තයාගේ .(මොන මගුලක් වත් පෙන්නේ නැති )
    මටත් ඔහොම ටෙන්ට් එකයි ,කැමරාවයි ,බයික් එකයි එක්ක තනියම ලංකාව වටේ යන්න ඕනේ ....(අවරුදු 60ක් විතර වෙනකල් ජිවත් වෙන්න ලැබුනොත් තමයි ඉතින් )

    ReplyDelete
    Replies
    1. නෑ මල්ලි උන් හරිම හොඳ එවුන් ටිකක්! මට ඔය ගෑන බොහොම අත්දැකීම් තියෙනවා! හැම ජාතියකම වගේ උන් අතරෙත් එපා කරපු උන් ඉන්නවා. මොකද අපි අතරේ නෑ කියලද?

      Delete
  4. මගේ මිත්‍රයෙක්ගේ ඉඩමක් තිබෙනවා, කොළඹ සිට කිලෝමීටර් 300 ක් පමණ දුරින්. ඉඩම අක්කර 500 ක් පමණ තරමේ විශාල එකක්. තියෙන්නේ කොහෙද කියලා නොකිය ඉන්නම් ඉඩමේ ආරක්ෂාවට.

    මේ ඉඩම මායිම් වෙලා තියෙන්නේ වනාන්තරයට සහ මහා මුහුදට. පෙලක් වෙලාවට මම වැඩ කරලා කරලා මහන්සි වෙලා ඉන්නකොට හිතුන ගමන් යනවා යාලුවා බලන්න.

    ඉඩමේ මැදට වෙන්න පොඩි වැවක් තියෙනවා. මේක අවුරුදු දහස් ගානක් ආපස්සට ඉතිහාසයට දිවෙන ඉඩමක්. ඉපැරණි බෝ ගස්, ගරා වැටුණු නටඹුන් තියෙන ප්ලේස් එකක්.

    එකේ කොනක තියෙන ගලක් උඩට වෙලා, එහෙන්ම හොයා ගත්තු ත්‍රයිලෝක විජය පත්‍ර සුරුට්ටුවක් පත්තු කරන් ඉර බහින වෙලේට මුහුද දිහා බලං ඉන්නවා මං...

    ගුවන් සේවා සමාගමක වැඩ කරන මම මාසේ සති හතරට ඉන්නේ ලෝකේ හතර කොනක. කොළඹ නගරයේ ජනාකීර්ණතත්වය, නිව්යෝකයේ අහස සිඹින ගොඩ නැගිලි, ඩුබායිහී නවීනත්වය, ජපානයේ ඉපැරණි සංස්‌කෘතිය... නැහැ නැහැ නැහැ. ඒ කිසිවක් මට වැඩක් නැහැ.

    පෙලක් වෙලාවට පැරීසියේ මිනිසුන් සිය ගණනක් මැද ප්‍රියසම්භාෂණයකදී උවත් මගේ සිත දිව යන්නේ අර කාත් කවුරුත් නැති නිස්කලංක ඉඩමට වෙලා මුහුද දිහා බලාගෙන ඉන්න තිබ්බා නං කියලා දෙයියනේ.

    මේ ජිවිතේ මට ඇති. දැන් මට හොදටම හති....

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි. ඔබ තුමාගෙ අත් දැකීම් වලින් මේ පෝස්ටුව පෝෂනය කලාට! වරක් නාටය ශිල්පී දයා අල්විස් ; ජැක්සන් ඇන්තනිට කිව්වා කියලා ලියලා තිබුනා අමුතු කතාවක්. " මල්ලි අහගෙන හිටපං! මුහුදෙ රැළි දෙකක් අතරේ නිහඬ බව! ඒ නිහඬ බව තුල තියෙන හඬ තමයි ජීවිත්ය!! කියලා. මම අහගෙන ඉඳලා තියෙනවා ඔය වෙරළෙම ඒ හඬ. ඒක හරියට බීර වීදුරුවකට් බීර උතුරන්න දාලා ; එකෙ පෙන ආපහු පසු බසින හඬ වගේ. ජීවිතය සුන්දරය ; එහි සුන්දරත්වය දකින තාක්! ස්තූතියි නැවතත්!

      Delete
  5. මාර අත්දැකීමක්නෙ ඒක.
    මොක පරාජය කරන්න පුලුවන් උණත් ඔය වගේ වෙලාවකදි අමාරුම දේ තමයි හිත පරාජය කරන එක.

    ReplyDelete
    Replies
    1. තෙරුම් ගන්න ; මට එයට අවශ්ය ශක්තය ලැබෙන්නේ පරිසරය තුලම ඇතිකරණ සුව පහසු බවයි! පරිසරයට මොනතරම් දේ කල හැකිද?

      Delete
  6. මොක උනත් ලංකාවේ තනියම කෑම්පින් කරන්න සුදුසු වටපිටාව ගොඩක් අඩුයි කියල හිතෙනවා...
    තනියම කෙසේ වෙතත් දෙතුන් දෙනෙක් හිටියත් තගාල ඇවිත් තියෙන දෙයක් හුරගෙන යයි කියන බය තියෙනවා...
    ආරක්ෂාව තමයි ලොකුම ගැටළුව...

    අනික තමයි මහ වැස්සට ඔය ටෙන්ට් එක ඇතුලට වතුර කාන්දු වෙන්නේ නැද්ද...
    ගොඩක් ටෙන්ට් වල උඩින් වතුර ආවේ නැතත් වටේ කානු කපල වතුර බහින්න ලැස්ති කරලා නොතිබ්බොත් වටින් වතුර එනවා...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මෙතන මම මීට පෙරත් කෑම්පින් කරලා තියෙනවා. කොහොමත් බිමට වැඩිපුර ග්‍රවුන්ඩ් ශීට් එකක දාන එක මගේ පුරුද්දක්. අනික මුහුද අයිනේ නිසා වහින සුනංගුවට වතුර පොලොවට බී ගන්නවා. ස්තූතියි!

      Delete
  7. Nice story. I know you are a very well organized traveller, but when I was young, we were really reckless, unorganized, stubborn travellers. We never organize anything in advance. Your story reminds me about my very first camping experience. At that time (1990) most of my friends, and myself migrated to Australia, and try our best to do those stupid things we have done back home. Myself and my best friend both bought a tent each, and went for camping in a place some 200km (wilsons promontory nat. park) east of Melbourne. I was only in OZ for 4 months, my friend just 6 months. We only find out, those camping areas should be pre booked, when we get there. So, next option is to find a private caravan/camping area nearby, and we succeed. But the camp ground host warn us about the high wind. We put our tents up, had a drink and realize our tents not going to stay on the ground for long with this strong wind. Our kids were babies at that time and we were too drunk to change our location. At last, both of us decide to park our cars either side of our tents, and tie up ropes to the cars, expecting wherever tents go, cars also come with us. Both our families had a sleepless night, but to this date, we relive that experience whenever we having a drink together . Sorry for typing this in English.

    ReplyDelete
    Replies
    1. මම ගිය අවුරුද්දෙ දෙසැම්බරේ කැන්ගරු දේශයේ හිටියෙ. මමත් දින තුනක් කෑම්පින් කලා. එහේ කෑම්පින් මෙහේ අපි කරණ කෑම්පින් වලට වඩා බෙහෙවින් වෙනස්. මිනිසුන්ගේ ජීවිත වලට කොතරම් ගරු කිරීමක් සියළුම මිනිසුන් අතරත් , රජය තුලත් තිබෙන අයුරු දැක මා පුදුමයට පත් කලා. මෙල්බර්න් පාලම උඩින් යන පාලම දෙපස සවි කොට ඇති විනිවිද පෙනෙන අවරණයේ ගැන ඇහුවාම හිතා ගන්න වත් බෑඑ කවදා අපි ඒ තත්වයට යයිද කියලා. ඒ නිසාම මේ වගෙ එක්ස්ට්‍රා ත්‍රිල් දේවල් වලට තියෙන ඉඩකඩ අඩුයි. ඒත් පලමුව ඔබ ලබපු අත් දැකීම බෙහෙවින් වටිනවා. මටත් අමතක නොවන අත් දැකීමක් ලැබුනා ඔබගේ රටේ දී. එදා නෝ No Open Fire කියලා දැනුම් දුන් දවසක්. මම අපේ කැනොපියට මුවා වෙලා ඩිස්පොසබල් BBQ එකක් පත්තු කලා. ඉතිරිය කියන්න ඕනෙ නෑනෙ. මිනිත්තු දෙකක් යනකොට අදාල සියල්ල එතන. හතර විළි ලැජ්ජාවෙ බෑ! බොහොමත්ම ස්තූතියි!

      Delete
    2. Thanks for sharing your OZ experience with me .Here in Aus. everybody obey the law. Everybody knows the LAW is there to protect everybody, including ourselves. A day of "total fire ban" being put in place for a reason. Even steam locomotives (world famous puffing billy, ABT wilderness railway in Tasmania runs with diesel engines on such days) are not operated on those days. Unlike in Sri lanka, if you wants, you can have the extra thrilled activities without putting yourself in danger. For example, there are bushwalks, 4WD adventures etc (may take up to a week or more) can be done with the protection of the authorities. Those authorities not going to interfere with our trip, or the enjoyment, but if we are fail to contact them on the agreed date(at the end of our trip) they will start a search immediately. The best thing is, after they(authorities) spend lots and lots of taxpayer money, and effort to locate such adventurers, they praise the adventurers for their bravery, preparedness, and letting the authorities know about their intentions. But, in Sri Lnaka, if someone climb up a very simple place like HANTANA, or HAWAGALA, and got lost, all the authorities publically blame the adventurers for their stupid actions. Unfortunately, that's our(Sri Lankan) way of looking at an adventure.
      I think it's time for me to install Sinhala unicords, then I can express my ideas in colourful Sinhala . Thanks

      Delete
    3. ශ්‍රී ලංකාවට පැමිනි දිනෙක කෑම්පින් කරමු. ඉක්මනින් යුනිකෝඩ් එකක් බාගන්න. ඔබට තව කියන්න බොහොමයක් දේ තියෙනව නේද? ස්තූතියි මේ ලෙසින් හෝ සම්මාදම් උනාට අදහස් එක් කරමින්!

      Delete
  8. ලවල් කැලයක් කියන්නේ මොකක්ද? මොනවගේ කැලයක්ද? මම දන්නේ නෑ. තනියම ඉන්න කොට ලොකු බයක් දැනෙනවා නේද? එත් උදේට ඉර පයලා තියනවා දැක්කම ලොකු සතුටක් දැනුනා නේද? මම තනියම මේ වැඩේ කරා කියලා. ඔබතුමාගේ අත්දැකීම් ලියන විදිය හරිම ලස්සනයි. ඇත්තටම කියවන්න ආස හිතෙනවා. ඊළගට ගග දිගේ යනවා නේද?

    ReplyDelete
    Replies
    1. ලවල් කැලයක් යනු කුඩා කටු පන්දුරු වලින් සැදුම් ලත් කැලයක්. පසුදින උදෑඑසන ඇතිවූ සතුට කියා නිම කරණ්න බෑ! ස්තූතියි සැමදා වාගේම අදත් ගොඩ වුනාට!සඳුදාට ගඟ දිගේ යන්න පටන් ගමු!

      Delete
  9. ****-
    මාත් ඔය පැත්තට ගිහින් තියේ!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ජීවිතේ එක් වරක් වත් ඒ පැත්තෙ ගිහින් කෑම්පින් කරලා තිබුනොත් ඒක අමතක නොවන අත් දැකීමක් වේවි. ස්තූතියි!

      Delete
  10. සිරාවටම පට්ට. කියල වැඩක් නෑ.
    අර මිනිස්සු ඉන්න එපා කියපු හේතුව හොල්මන්ද?
    මුස්ලිම් අය අතරත් හොල්මන් ගැන විස්වාස තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් ජනතාව බිස්මිල්ලා මන්තර කියන්නේ මොකටද එහෙනම් ?

      Delete
    2. කව්ද බං දන්නෙ?
      මොන මන්තරද ඒ?

      Delete
    3. මට අදටත් හිතාගන්න බෑ ඇයි එපා කිව්වේ කියලා!

      කුරාණයේ හොල්මන් , හුනියම් ගැන විශ්වාස කරන්න යනුවෙන් කියා තිබෙනවා.
      නමුත් බිස්මිල්ලා මන්තර කියන්නෙ අර බෞද්ධයෝ " නමෝ බුද්ධාය" , කිතුනුවන් "පිතාගෙත් , පුත්‍රයාගේත් , ස්ප්‍රීතු සාන්තුගෙත් නාමයෙන් ආමේන්", හින්දු භක්තිකයින් " ඕම් නම්ක් ශිවාය!" කියනවා වගේ දෙයක්. ඒක යෙදෙන්නේ "බිස්මිල්ලා රහුමානිර් රහීම්!" කියලයි යෙදෙන්නේ. ඒක සමහරු ආහාර ගන්න කලිනුත් කියනවා.ඒක ආශිර්වාද වාක්යක්!

      Delete
    4. මද්දට ඔය එකක්වත් පලෝ කරන්න හිතෙන් නැති එකනෙ අෆ්පා අවුල.
      ස්තුතියි දැනුමට යමක් එකතු කලාට

      Delete
  11. Nortorbridge wala Kehelgamu Oya , Aberdeen Waterfall laga Camping ekak karamuda. Hiking karannath puluwan. Mama pahasukam sapayannam.

    I read the story. Very nice. Thank you

    ReplyDelete
  12. ඉන්දීය අගමැති ධුරන්දර ශ්‍රීමත් නරේන්ද්‍ර සිං මෝදී මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එතුමාට බුදුබව පාර්ථනා කරමු !!!

    ReplyDelete
  13. එතනිං අයිං කරන්න හැදුව හේතුව මට හිතාගන්න පුළුවං. ඔතැන හොරබඩු ජාවාරම්කාරයො ගොඩබහින තැනක්. නැව්වලින් බාන හොර බඩු බෝට්ටුවෙන් ගෙනත් ගොඩබාන්නෙ ඔතැනට. ඉතිං තට්ටයියා මාමා එතැන ඉඳීමෙන් වියාපාරෙ පාඩුයි. එදා බඩු ලෝඩ් එකක් එන දවසක්. පස්සෙ කට්ටිය තට්ටෙ මාමට නිදි බෙහෙත් දෙන්න හිතුවා. නිදි බෙහෙත් රොටියට දාලා පුච්චන්න බෑ. රත්වෙනකොට බෙහෙතේ ගුණය නැතිවෙනව. ඒ හංදා ඒක දැම්මේ නිවිච්ච හොදි එකට. ඒකයි හොද්ද ඉතුරු උනාමත් ඒක බොන්න කිව්වෙ.

    තට්ටෙ පෑදුනාට මොලේ පෑදිලා නැති තට්ටෙ මාමා නිදි බෙහෙතෙ බලේට නිදාගෙන ඉද්දි ඒ කුණාටුව අතරෙ නැගෙනහිර පලාතේ මුහුදු ජාවාරංකාරයො ටික තමුංගෙ හොරබඩු ටික අගේට ගොඩබාගත්තා.

    ReplyDelete
    Replies
    1. හෙනං ජාවාරම්කාරයෝ ඔච්චර හරියක් කරනකන් ශ්‍රී ලංකා නාවුක හමුදාව බලං ඉදි. පත්තු කරයි වෙඩි ගිඩි ගිඩි ගලා. කොටිත් එක්ක හැප්පුන අපේ හමුදාවේ කොල්ලොන්ට මේ ජාවාරම්කාරයෝ කජ්ජක්ද?

      Delete
    2. අනේ උන් දන්නවා මම මදුරුවෙකුටවත් කේස් එකක් දාන්නෙ නැති හාවෙක් වගේ තට්ටයෙක් කියලා. එදා "නිර්භීත තෙලුත්" හොයා ගන්න බැරි වුනු දවසක්!

      Delete
  14. තාප්පයක් වගේ උසට බෙල්ලෝ ගොඩ ගැහිලා තියෙන්නේ සල්ලිතිව් වල නේද?

    ReplyDelete
    Replies
    1. මට ඒක නම් නිනව්වක් නෑ නට් ඇන්ඩ් බෝල්ට්! මේක "සල්ලිමුනේ" කුච්ච්වේළි ඉන්දන් කිලොමීටර2-3 ක් ඇති!

      Delete
  15. කවද හරි දවසක ගිහින් ඉඳලා එන්න ආස පැත්ත ක් හරි හමන් ගමන් සඟයෙක් නැතුව යන්න බයයි යන ගමන පරක්කු වෙන්නේ ඒකයි හොඳ ගමන් සඟයෙක් හම්බවුන දවසක මාත් යනවා
    එතකන් ඉරිසියා නොකර ඉන්නම්

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා අපි සුපිරි ගමන් සගයො නොවැ!?

      Delete
  16. බොහොම අනර්ග විග්‍රහයක් තට්ටය අයියෙ. ගාල්ලෙ රූමස්සල ජංගල් බීච් එකේ වගේම හියාරේ ගඟක් ලඟත් අපි යාළුවො කෑම්ප් ගහගෙන බාබකිව් අරං ආතල් අරං තිබ්බත් සෝලෝ කැම්පින් තරං ආතල් එකක් ලොවෙත් නැහැ. මම වසර කිහිපයකට කලින් බ්‍රයිටන් වල කැම්පින් ගියා තනියම. සතියේ සඳුද ඉඳල සිකුරාදා වෙනකං. මොකද සතියේ දවස්වල එතනට කවුරුත් එන්නෙ නැති නිසා. ඔබගේ අත්දැකීම් ඒ විදිහටම මම ලැබුව. තනිකම බය ත්‍රාසය. ලංඩන් වලට වඩා බ්‍රයිටන් වායු දුෂණයෙන් අඩු නිසා අහස බොහොම පැහැදිලියි. මම කන්දක් වගේ තැනක හිටියෙ. මගේ ජිවිතයේ දැක්ක සුන්දරම දසුන තමයි මම හිටපු තැනට ඈතින් ලංඩන් අහස මද්‍යම රාත්‍රියට පෙනුණේ මුළු ලන්ඩනයම ගිනි ගන්නව වගේ දසුනක්. ඒක වචනයෙන් කියන්න බැහැ.

    නියම විස්තරයක්. 👊🏽

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! මම උපරිම උත්සාහයක යෙදුනා ලත් දේ එලෙසින්ම කියන්නට! ඔබට තීරුම් යනවා ඇති මල්ලියේ සියල්ල ලියන්නට කියන්නට අමාරු විත්තිය! (විශෙෂයෙන් අමුවෙන්!)

      Delete
  17. මමත් බොහොම ආසයි කෑම්පින් වලට නමුත් තනිවම යන්න නම් පට්ට කම්මැලියි. ඉතින් යන තැනක අඩු තරමේ අපේ මායියාව හරි උස්සගෙන තමයි යන්නෙ.

    ඔය කිව්වා වගේ පපුව හරහට ගහගෙන බය නැහැ කිව්වත්, කවුරුවත් නැති තනි පංගලමේ තැන් වල කඳවුර අටවන්න මටත් හෙන විචිකිච්චාවක් තියනවා, ඒ හැබැයි මට වඩා මගේ පාට්නර් ඉන් ක්‍රයිම් වෙන මායියා ගැන හිතන නිසා.

    දැනට ඉන්න ඔටුවගෙ රටේ මුහුදු වෙරළක් අල්ලලා ඉඳහිට කෑම්පින් යනව, මේ රහට කැමති අය වැඩේ අත අරින්න කැමති නැහැ නොවැ

    තට්ටයියාට දිගටම ලියන්න සහ කරදරයකින් තොරව කෑම්පින් කරන්නට ලැබේවා කියා පතනව :)

    ReplyDelete
    Replies
    1. මමත් බොහෝ විට කෑම්පින්කරන්නෙත් ගෙදර උදවිය සමග! අපේ කොලුවා හිටිය කාලෙ නම් ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් තිබුනෙ නෑ. දැන් නම් ඉතින් දෙපාරක් හිතන්න වෙනවා. ඒවටත් පොඩී පොඩී ක්‍රම විදිසහ නිෂ්පාදන තියෙනවා ප්‍රසිද්ධියේ කතාකරණ්නට අමාරු. කොහොමත් මම නම් ඕනෙම කෙනෙකුට කියන්නෙ මලේ " අවි නැත්තෝ අවි ගත්තවුන්ගෙන් නැසෙති !" කියායි. ඕනෙම දේකට සූදානම් සරීරෙන් ගියාම අවුලක් නැත. හැබැයි අපිට තියෙන්න ඕන අනිවාර්යයෙන්ම හික්මීමක් අන්තිම බැරි අමාරු අවස්ථාවක් වනතුරු තියෙන මගුලක් තියෙන තැනක තියෙන්නට හරින්නට බොරු සීන් නොදා! ආපු දවසක කියන්න ඔය කියපු තැනම කෑම්පින් කරණ්න සෙට් කරලා දෙන්නම්.

      Delete
  18. අන්න අන්න.. අදනං අපේ ඒරියල් එකේ.. උප්පුවේලි, නිලාවේලි, ඉරක්කන්ඩි, කුච්චවේලි, පොඩුවකට්ටු, බෝල්ඩර් පොයින්ට්, තිරියාය, කල්ලරාව, යාංඔය, අරිසිමලේ, පුල්මුඩේ, කෝකිලායි, චෙන්මලේ, අලම්පිල් ඉඳල මුලතිව් වෙනකං අඩියෙං අඩිය කෑම්පිං කරපු එවුං අපි හරිය.. ඒ කාලේ ඔහොම පාලං පාරවල් තිබ්බේ නෑ.. වැලිපාරේ ගිහිං පාලං පාරුවෙන් තමයි ගමන.. අලි ගැනනං ගානක්වත් නෑ.. කොටි ගැන මිසක්..
    ආයි දවසක යනෝනං අපිත් එන්නං අටාවුරුද්දකට විතර පස්සේනේ..

    ReplyDelete
    Replies
    1. අර කොමදෝරු ව්ජේකෝන් මහත්තයත් ඔය කාලෙ ඔය පැත්තෙ ඉඳලා තියෙනවා. උන්නැහෙත් මම අහපු ඔය කතාව තහවුරු කොලා. එයත් දැකලා තියෙනවා අදාල සිද්ධියේ නටබුන් ! ස්තූතියි ගොඩ වැදුනාට!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...