Tuesday, September 12, 2017

48. මැකී ගිය රේල් මග !

මෙවන් අතීතයක් අපට තියෙන්නැති!  

බ්‍රිතනයයෝ ලංකාවට ගොඩ බසින්නේ 1782 දීය.
ඒ එම වසරේ ජනවාරියේදී එඩ්වඩ් හියුස් විසින්  තිරිකුණාමළයේ වරායට පහර දී එය යටත් කර ගැනීම සමගය.

ඔය කියන කාලෙ ත්‍රිකුණාමලය.

 ලංකාව යටත් කර ගන්නේ 1815 දීය.
එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූයේ රොබට් බ්‍රවුන්රිග්‍ය.

ලංකාව එක්සේසත් කල රොබර්ට් බ්‍රවුන්රිග්.

 එඩ්වඩ් බාන්ස් යනු ලංකාවේ  6 වන ආණ්ඩුකාරවර යා  වන අතර ලංකාවේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය දියුනු කිරීමට වැඩි  දයකත්වයක් ගෙන ක්‍රියාකල තැනැත්තාය.


“ලංකාවට ඕනෑ කරණ්නේ පළමුව පාරවල්‍ය. දෙවනුව පාරවල්‍ය. තෙවනුව පාරවල්‍ය.” යන ඉතිහාස ගත ප්‍රකාශය කලේ එතුමාය.
මා මෙහිදී “එතුමා” යනුවෙන් යොදා එම  වැකිය  අවසන් කලේ තවමත් අප ගමන් කරණ ප්‍රධාන මාර්ගයන්ගෙන් බහුතරය බාන්ස් විසින් නිමකල , අරම්භකල හෝ වැඩිදියුනු  කල ඒවා වන  බැවින්‍ය!    



  ලංකාවේ නවසිය හතලිස් අටෙන් පසුව බලයට පත් කිසිම රජයක් හෝ පුද්ගලයෙකු විසින් ඊට සමාන සේවාවක් කලේ යැයි පෙන්වාදීමට නොහැකිය.
 මහනුවරට විකල්ප මාර්ගයක් තැනීමට  ගෙවුනු වසර 70 ක කාලයක් තුල කිසිදු රජයකට හෝ පුද්ගලයෙකුට නොහැකිවිය!


 දුම්රිය මාර්ග පිළිබඳ කථාව මීටත් බොහෝ සෙයින් දුක්ඛ දායකය.

බ්‍රිතාන්‍යය විසින් ලක්දිව යටත් කරගැනීම සමග වතු වගාව  ආරම්භ විය. දුම්රිය සේවාවක අවශ්‍ය තාවය මතුවන්නේ මේසමගය.


 “රාවය”    ප්‍රකාශනයක් ලෙස එලිදක්වා ඇති “අර්භූදයක අන්දරය” නම් කෘතියේ මෙසේ දැක්වේ. “දියුණු මාර්ග පද්ධතියක් ගොඩ නැගී තිබුනද ; ගොන් බැඳි බර කරත්ත භාණ්ඩ ප්‍රවාහනයට තිබුනු ප්‍රධානම මාර්ගය විය. කෝපි හා අනෙකුත් නිෂ්පාදන ද්‍රව්‍ය පටවා ගත් බර කරත්ත  කොළඹට  පැමින ; ඒවා නැවත වත්තට අවශ්‍ය  ආහාර ද්‍රව්‍ය හා වෙනත් බඩු රැගෙන ආපසු ගියේය.



බඩු පටවා ගත් බර කරත්තයකට වතුකරයේ  සිට කොළඹට පැමින   අපසු යැමට දින 14 ක් හෝ සමහරවිට 18 ක් ගත විය.

බර කරත්තයක්

1845 දී කොළඹත් මහ නුවරත් අතර ගමන් කල බර කරත්ත ගණන 79000 කි!
බර කරත්තවල හිගයක් පැවතීම නිසා  වැවිලි කරුවන් අතර බර කරත්ත සඳහා තරගයක් පැවතිනි. එම තත්වය බර කරත්ත වලට ගෙවිය යුතු කුළිය නොකඩවා ඉහල යෑමට හේතු විය.


එක්දහස් අටසිය ගනන් වලදී කෝපි සකසන සේවකයින්

සිලෝන් කෝපි 

 කොටින්ම සැතපුම් දස දහසකටත් අධික දිගු මුහුදු මගකින් කෝපි තොගයක් නැව් මගින් කොළඹ සිට ලන්ඩනයට යවන්වාට වඩා ; එම බඩු තොගය මහනුවර සිට කොළඹට ගෙන ඒම දුෂ්කර විය. ඒ සඳහා වැඩි කාලයක්ද ගත්තේය.

කෝපි වතු

 වතුකරයේ ඉහල යන  හාල් මිල කෙරෙහි මෙම බර කරත්ත ගාස්තු  සaජුවම  බල පෑවේය.   කොළඹදී සාමාන්‍යයෙන් සිලිං 3 ½ සිට 4 ½ දක්වා මිලට විකිනෙන හාල් බුසලක මහනුවර මිල    සිලිං 7 ½ ක් විය.

සහල් හෙවත් හාල්!

වැවිලිකරුවන් දුම්රිය සේවයක් සඳහා නොකඩවා උද්ඝෝෂණය කරණ්නට වූහ.දුම්රිය ලබා දෙන්නේ නම් කෝපි වෙනුවෙන් තීරුබද්දක් ගෙවීමට ඔව්හු කැමති වූහ.


දුම්රිය සේවයක් සඳහා දුම්රිය සමාගමක් සමග ගිවිසුමක් ඇතිකරගන්නා ලද අතර ; ආණ්ඩුව කෝපිවලින් තීරු බද්දක් අයකරගත හැකි ආකාරයට පනතක්ද සම්මත කෙරිණි.



අවසානයේදී හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා 1858 අගෝස්තු 3 වැනි දින දුම්රිය මගක් සඳහා පරථම පස් පිඩැල්ල පිඩැල්ල ප්‍රීතිගෝෂා මැද කැපුවේය.
විවිධ හේතූන් මත ප්‍රමාදවූ දුම්රිය මාර්ගයේ වැඩ ආරම්භ  කෙරුනේ 1863 අප්‍රේල් මාසයේදීය. කොටුව දුම්රිය ස්ථානයෙන් ප්‍රථම දුම්රිය ගමන සිදුවූයේ 1865 දීය.”




ඇඩ්වින් රණවක විසින් රචිත “ නවීන ඉතිහාස කතා” පොතේ දැක්වෙන පරිදි ආසියා මහද්වීපයේ රට වලින් මුලින්ම අශ්ව කෝච්චි මෙහෙය ආරම්භ කරණ ලද රට වන්නේ ලංකාවයි.  1832 දී කොළඹ සිට මහනුවරට ස්ථිර වශයෙන් අශ්ව කෝච්චි මෙහෙය ආරම්භකොට ඇත!




           මේ පිළිබදව ගරු එස්.ජී .පෙරේරා පියතුමා විසින් 1945 දී  රචිත                        “ලංකා ඉතිහාසය  - බ්‍රිතාන්‍ය හා නිදහස් යුග  ( 1796-    1956)”                 කෘතියේ 1967 සිව් වැනි මුද්‍රණයේ ද  මෙම විස්තරය ඒ  ආකාරයෙන්ම දක්වා ඇත.
එම ග්‍රන්ථයේ දැක්වෙන පරිදි හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා ;
මරදානේදී; ලංකා දුම්රිය මගේ ප්‍රථම පස්  පිඩැල්ල කපා ඇත්තේ අපර භාග 5.00 ටය.







ප්‍රථම දුම්රිය  ඇංජිම ලංකාවට ගොඩ බාන ලද්දේ 1864 ජනවරියේදීය.


ලංකාවේ දුම්රිය මාර්ග ගැන මේතරම් දීර්ග කතාබහක මා යෙදුනේ ; හුදෙක් මා පමනක් නොව බොහෝ දෙනා මේ පිළිබඳව කිසියම් උනන්දුවක් දක්වන හෙයින්‍ .

බ්ලොග් අවකාශය තුල දුම්රිය පිළිබඳව ලියන කියන බොහෝ දෙනා වෙති. 
   ඒ නිසාම දුම්රිය ගැන අපට කථා  කරණ්නට තවදුරටත්  යමක් ඉතිරිව  ඇතිද?


මා සමග මෙතෙක් දුර පැමිණි ඔබට;   මමත් - යටියන්තොට හක්බෙල්ලාවක ගමත් අතර ඇති නොසිඳෙන හුය පිළිබඳව බව අමුතුවෙන් කිවයුතු නැත. 

                          කුඩා  කල සිට අවිස්සාවේල්ලේ සිට යටියන්තොට දක්වා දිවෙන  මහමගේ හැටන් ඩිපෝවේ බසයක “ රෝදෙ උඩ ” ආසනයේ පසුපසට හැරී  දන ගසාගෙන ; ඇරපු වීදුරුවෙන් එළිය බලාගෙන ගිය  ගමන් වලදී  මාදුටු මැකී ගිය මගක වත තවම සිතතුල නලියයි !

ඒ මා පියාගෙන් දැන උගත් අයුරින් “මැකී ගිය රේල් මග” කි !  ලංකාවේ වතු වගාව සමග 1900-1902 කාල වකවානුවේදී  ඇරඹි  පුංචි කෝච්චිය නොහොත් කැළණි වැළි දුම්රිය මගෙහි අවසාන නැවතුම වූයේ යටියන්තොට ය.   

                                                                                            පසුව එය  අවිස්සාවේල්ලේ  සිට   ඕපනායක තෙක් 1912 දී දීර්ඝ කෙරිණ. එකල එම මාර්ගයේ පලළ අඩි 2 කුත් අඟල් 6 ක් විය. එනම් මිලී මීටර 762 කි. (Narrow Gauge Railway Track).

යටියන්තොට පිහිටා ඇත්තේ  A7 මාර්ගයේය. 

                                                     A7 යනු අවිසාවෙල්ල - නුවරඑලිය  මාර්ගයේ අවිස්සාවේල්ල සිට  කිලෝමීටර 20 කට පමන දුරින් පිහිටි නගරයකි.

ඕපනායක යනු   රත්නපුර පසුකොට කහවත්තට පැමින  එහි සිට කිලෝමීටර 7.2 දුරක්  ගමන් කල විට හමුවන නගරයකි. 
 එම දුම්රිය මගෙහි හමුවන සම්පූර්ණ දුර කිලෝමීටර 78 කි.      
                  
මෙම දුම්රිය දෙමග මේවන විට පුරාවaථයක්වී අවසානය. 

                                     මින් ඕපනායක මාර්ගය  ගලවා දමා ඇත්තේ 1973 වසරේදීය. 
යටියන්තොට දක්වා දිවුනු මග ගලවා දශක හතකුත් ඉක්මගොස් අවසානය.   එය ඉවත්කොට ඇත්තේ 1942 වසරේදීය.

අවිස්සාවේල්ල ඕපනායක මාර්ගයේ ගැටහැත්ත, ඇහැලියගොඩ , පරකඩුව , කුරුවිට , රත්නපුර , තිරිවානකැටිය , දෑල , වටාපොත , කහවත්ත ,  යන දුම් රිය ස්තාන පිහිටා තිබී ඇත.

අපගේ කතිකාවට  පාදක වන  යටියන්තොට දුම්රිය මාර්ගයේ අවිස්සවේල්ලෙන් පසු හමුවන  ඊළඟ නැවතුම වන්නේ තල්දූවයි. ඉන්පසු දෙහිඕවිටද කරවනැල්ලද      අනතුරුව යටියන්තොට ටද  එළඹේ.

කලකසිට මාසිත තුල නොනිත් ආශාවක් විය.  ඒ   මෙයට වසර 75 කට පෙර ගලවා දැමුනු යටියන්තොටට විහිදුනු ;

 “මැකී ගිය රේල්මග”  

සොයා යෑමයි!

තඩියා හෙවත් ගිහාන් යනු ;මවිසින් අකුරු අමුනන පෝස්ටුව බ්ලොගයක් කිරීමේ කටයුත්තේ බාසුන්නැහැය.                                                                                                    සුමියා හෙවත් සුමිත් යනු අප දෙදෙනාගේම මිතුරෙකි. මා මුලින්ම කලේ   මාගේ මේ අදහස මේ ගිහාන්ටත් සුමියාටත් ඉදිරිපත් කිරීමය.                                                                                    එය එකෙන්ම සබා සම්මත විය.
  කොළඹ සිට අවිස්සවේල්ලට  බසයෙන් ගොස්                                                  එතැන්සිට “මැකී ගිය රේල් මග” ඔස්සේ යටියන්තොටට පා ගමනින් ද       යලිත් එතැන්සිට පොදු ප්‍රවාහනයෙන් හක්බෙල්ලාවකට යාම     අපගේ සැලසුම විය.

ගමන පටන් ගනිත්ම සුමියාට ඔහුගේ මිතුරු රවින්ද්‍ර නමැති ඡායාරූප ශිල්පියාව ගෙනයාමට උවමනා වූ අතර  එයට අපගේ එකඟතාවය ලැබුනි.  

තවත් දිනයක් ගත වෙත්ම සුමියාට ඔහුගේ තවත් මිතුරෙකුවූ හර්ෂවද රැගෙන යාමට උවමනා විය. මාගේ බලවත් අකමැත්ත නොසලකා සුමියා ඔහුවද ගමනට එක්කර ගති.

 දිනය අගෝස්තු 5 වන දින උදෑසන අප සියළු දෙන කඩුවෙලින් අවිස්සාවේල්ල බලා බස යෙන් පිටත් වුනෙමු.
මෙතැන් සිට දිග ඇරෙන්නේ අප දිනයක් පුරා ගොහින් දැකබලා ගත් ; 
විමසා අසා ගත් ;
සිතා ගොඩනගා ගත් ; 
කාචය තුල සටහන් තබාගත් 
 සියල්ල කැටිකොට ගත් ගමන් සටහනක්!
 දුටු දේ බොහොමයි! 
දැන්ගත් දේ අනූනයි!! 
 රූප සටහන් සිය ගනනක්!!! 
ඒ සියල්ලෙන් තෝරා බේරගත් ටික මෙසේ පෙල ගසන්නෙමු.
 එසේනම් කියවා බලමින්ම අපිත් එක්කම එක්ව පානගමු!


 රංවල පහන අසල දුම්රිය පාලම .

දැනට අවිස්සාවේල්ල දක්වා දිවෙන දුම් රිය මගේ පුවක්පිටිය නැවතුමට පෙර මෙම පාලම පිහිටා ඇත.  තවත් ලෙසකින් පව්සන්වානම් මෙය ස්ක්‍රීය පාලමකි.


රංවල පහන පසුකොට යුග ගායනයක යෙදෙන දුම්රිය මග හා ප්‍රධාන පාර

රං වල පහනෙන් ඉක්බිති  හමුවන  දුම්රිය හරස් මාර්ග පසුකොට අවිස්සාවේල්ලට ලඟා වත්ම දැඩි මාර්ග තදබදයකට අප ගමන් ගත් රථය මුහුන පාන්නට සිදුවිය.

  අප පුවක්පිටියෙන් බැසගතිමු. එහිදී උදෑසන ආහාර  ලබා ගත් අප එතැනින් දුම්රිය මාර්ගයට ගොඩවිය.


ස්ක්‍රීය දුම්රිය මග

පාරම්පරික සිල්පර කොට









දෙමල ඉස්කෝලයම් !


 යකඩ පාලමක්


“ලෙන්චිනා මගෙ නංගියේ ……!”


කොහේ ගියත් අමාරුවේ

අවිස්සාවෙල්ලටත් ආවා

මෙම දුම් රිය ස්ථානයට පැමිණි වහාම අප හමුවට කොස්සක් අතින් ගත් සේවක මහතෙකු පැමිනියේය.
 " කොහෙන්ද ආවෙ? , කොහොමද ආවෙ? , ඇයි ආවෙ ?" යනාදි වශයෙන් ප්‍රශ්ණ රැසක් ඇසුවේ  සද්ධර්ම රත්නාව්ලියේ නාගසේන වස්තුවේ මිළිඳු නම් යොන් රජු  සිහියට නංවමිනි. 
අපි කොයිතරම් දුරට පැහැදිලි කරන්නට උත්සාහ ගත්තද ; මීට අවුරුදු 75 කට පෙර ගලවා දැමූ  දුම්රිය මාර්ගයක්  හොයන්න කොළඹ ඉඳන් ආපු අපේ කතාව තේරුම් ගැනීමට ඔහු අපොහොසත් විය. 
ඔහුට තිබුනු ලොකුම ගැටළුව වූයේ අනවසරයෙන් දුම්රිය ස්ථානයට අප ඇතුළු වූයේ කෙසේද යන්නය.
 මුලින්දුටු වනම ඔහුගේ මුහුන පුරා තිබුනු කැලල අපට කුතුහලයක් ගෙන දුන්නද ; ඔහු හා සංවාදයෙන් පසු  එහි මූලාරම්භය පිළිබඳව දළ අදහසක්  අප පස්දෙනාට ඒකමතිකව ගොඩනගා ගැනීමට හැකිවිය.

නැවතුම

මෙතනින් එහාට 1973 පසු දුම්රියක් ගමන් කොට නැත.
 දැනට අවිස්සාවේල්ලේ සිට  රත්නපුර පාරේ පොලීසිය ලඟට සම්බන්ද වෙන පාර තමයි පැරණි ඕපනායක දුම්රිය මාර්ගය.  
හැත්තෑව දශකයේ අගභාගයේදී  ලී ගේට්ටුවක්  තිබුනා.


ආ මග!
වම් පසින් දුම් රිය මග. තාප්පයෙන් දකුණු පසින් යාන්තමින් පෙනෙන්නේ කොළඹ සිට අවිස්සාවේල්ලට දිවෙන මහපාර.


වාෂ්ප එන්ජින් හෙවත් ගල් අඟුරු එන්ජිමට වතුර සැපයූ ටැංකිය

පහත දක්වා ඇති අතින් අඳින ලද පැරණි මාර්ග සැලැස්මේ Water Tank ලෙසට දක්වා ඇත්තේ මෙයය.

දුම්රිය මග මත තර දමා!

මීට දශක ගනනාවකට පෙර යටියන්තොටටත් ඕපනායකටත් දිවුනු දුම් රිය මගෙහි නගරය ආසන්න කොටස සාමාන්ය රථ වාහන ධාවන්යට තාර දමා සකස් කොට ඇත. 


ගව  ආදී සතුන් ගබඩා  කල පට්ටිය 

අද මනාලියන් ව ගොනාට අන්දන්නට යොදාගෙන තියෙන අයුරු. මේ පොදු දේපල නොවේද ?


ආපසු හැරී බැලීමක් !

 බසය ගමන් කරන්නේ පෙර දුම්රිය මගෙහිය.  වම් පසින් කුඩා ආනතයක් දිගේ ඉහලට ඇදෙන්නේ  පෙර පැවති මහා මාර්ගයය. එම මග කඳු මුදුනේදී නැවත දකුනට හැරී දුම්රිය මාර්ගය  මතින් දමා තිබුනු පාලමක් මතින් දිවුනි.  වම් පසින් යාන්තමින් පෙනෙන තාප්පයෙන් වටව ඇත්තේ තානායමය .


 පාලමේ එක් කොනකට උර දුන් ගල් බැම්ම

මෙවන්ම වූ තවත් බැම්මක් අනෙක් පස ඇත. මෙම බැමි දෙක මතින් පාලම වැටී තිබුනි. අතින් ඇඳි සිතියමේ නිල් වර්ණයෙන් දැක්වෙන්නේ මෙයය. වැඩිවන වාහන ගමනාගමනයට ප්‍රයෝජනයක් නොගෙන තිබුනු දුම් රිය මග යොදාගත්තා විය හැක. එහෙත් පාළම ගැලවූයේ ඇයි?

තානායම ඉදිරියේ සිට ඉදිරිය පෙනෙන අයුරු !

රත් පැහැ ත්‍රීවීලරයක් පසුපස හරවා දකුණු පසට ගමන් කරණ්නේ  පැරණි ඕපනායක බලා දිවුනු දුම් රිය මගෙහිය. අප දෙසට එන්නේ අවිස්සාවේල්ල නගරයට යන පාරය. යටියන්තොටට දුම් රිය මග මෙම දෙසටතිබිය යුතුය. මෙම මාර්ගයේ තවත් මිටර 75 ක් පමන දුරක් ගිය පසු වම් අත පැත්තට හැරුනු ; ඉහලට යොමුවුනු "විද්යාල පෙදෙස" නම් මාර්ගයක් ඇත. එය යටියන්තොට දුම් රිය මාර්ගයයි. 


පෙරදින මාර්ග සැකසුම


කොල පැහැති කඩ ඉරෙන් දැක්වෙන්නේ යටියන්තොට දක්වා වැටී තිබුනු දුම් රිය මාර්ගයය

යටියන්තොටට ඇරඹූ මග දැනට හඳුන්වන්නේ මෙලෙසින්‍ය .

 එකල යටියන්තොටට ගිය දුම්රිය මගේ ගමන් ඇරඹීම. මාර්ගය දිවෙන්නේ අවිස්සාවේල්ල නගරය ට ඉහලිනි.  




 
 හමු 
වන පලමු බෝක්කුව. මෙතැන් සිට හමුවන සෑම සියලු බෝක්කුවක් 

පාලමක්ම මීට වසර 115 කට පෙර  බ්‍රිතාන්‍යයන් විසින් නිපදවා පුරා වසර 40 ක් භාවිතා කොට අතහැර දැමූ ඒවා ය .


සීතාවක විදුහල් පිටිය

ඈති පෙනෙන්නේ සීතාවක ගඟ මතින් දමා ඇති පාලමයි  .


දිරාපත් වන්නට සිතාවත් නැති පාලමේ යටිපෙල


පාලම් කණු


සීතාවක ගං කොමලිය

මාර්ගය නැවත දිවෙන්නේ තල්දූව නගරය දෙසටය. 

මෙම ස්ථානයේදී දුම්රිය මග A7 මාර්ගයේ     එනම් අවිස්සාවේල්ල නුවර එලිය මාර්ගය හරහා යයි. ඉදිරියෙන්  මෝටර් රථ දෙකක් නවතා ඇත්තේ මාර්ගයේ අනෙක් කොටසය. පෙප්සි ලොරිය එන්නේ අවිස්සාවේල්ල නගරයේ සිට තල්දූව නගරයටය.


 තල්දූව නගරය පසුකර හැටන් දෙසට නැතහොත් යටියන්තොට දෙසට යත්ම හමුවන පලමු පාලම . මෙය පිහිටා ඇත්තේ A7 මාර්ගයේ  දකුණු පසිනි.
 පෞද්ගලික අව්ශ්‍යථා පාලමෙන්  පිරිමසා ගෙන.
 පාලම මත ගස් වැවී.


වම් පසින් දිවෙන  දුම්රිය මග නැවත ප්‍රදාන මාර්ගය හරහා ගමන් කරණ්නේ  මෙතැනිනි.


දෙවැන්න  


හදාපු වසර

දුම්රිය මග

දුම්රිය මග

දුම්රිය මග


තැඹිළියනේ පංසල .

 දුම්රිය මග නැවත මහ පාර හමුවට එන්නේ තැඹිළියානේ පංසල අසලෙනි.
 තල්දූව නැවතුපොල තිබී ඇත්තේ මේ අසලය. දෙහිඕවිට හා අවිස්සාවේල්ලේ සිට පැමිනෙන දුම්රිය මාර්ග පරීක්ෂක වරුන් එකිනෙකා මුන ගැසෙන්නේ මෙතනදීය. එක් එක් අය රැගෙන එන වාර්ථාපොත අනෙක් අයහා හුවමාරු කර ගෙන ඇත්තේ මෙතැනින් යැයි කියනු ලැබේ.


පාලමක්







 තවත්  පාලමක්


තවත් එකක්


ගල් එකකට එකක් ගැලපෙන සේ

ඊළඟට  හමුවන්නෙ දෙහිඕවිට දුම් රිය නැවතුපොල. දැනට මේ ගොඩනැගිල්ල භාවිතාකරණ්නේ මහජන සෞඛ්ය කාර්යාලයට . 

ගොඩනැගිල්ලේ දෙපස  මෙය සාදා නිමකල වසරයි මාසයයි ලියා තියෙනවා සදා නොමැකෙන ලෙස. 





 ප්‍රවේශ පත්‍ර කවුළුව පවා තවම පවතිනවා.


 නැවතත් මතක් කරණ්නම්. මේ සියල්ල භාවිතයෙන් ඉවතට ගොස් අවුරුදු 75ක්! හදලා ශත වර්ෂයකට වැඩියි.


දෙහිඕවිටෙන් පස්සේ කරවනැල්ල.

කරවනැල්ල ස්ටේශමට හැරෙන්න තියෙන්නෙ පාලමට ටිකක් විතර මෙහායින්.

 දුම් රිය ස්ථානයට යන පාර ගල් අතුරා සකස් කොට ඇති අයුරු



 ඒකාලෙ හඳුන්වලා තියෙන්නේ "කරවානැල්ල" කියලයි. දැනට මෙය භාවිතා වෙන්නේ  මාගම්මන කණිෂ්ඨ විදුහලේ  ගොඩනැගිල්ලක් ලෙසට.

 ඒකාලෙ හඳුන්වලා තියෙන්නේ "කරවානැල්ල" කියලයි.








  ප්‍රවේශ පත්‍ර කවුළුව

ජනෙල් දොරවල්


අපට මේ ස්ටේශම වගේම වැදගත් තව කෙනෙක් හමු උනා. ඒ මෙන්න මේ පුද්ගලයා
https://m.youtube.com/watch?v=wAfbOukBjg8
එයා ගැන කියනවාට වඩා හොඳයි අහලම බැලුවානම්.

අන්තිමට පිවිසුනේ අවසාන දුම් රිය නැවතුම්පොලට. ඒ කියන්නේ යටියන්තොටට.දැනට එය යටියන්තොට පොලිස්ථානය..









පොලිස්ථානයට යාබදව තියෙන්නේ ගරාගොඩ මුස්ලිම්  විදුහල. එහි තියෙනවා පැරණි ගුඩ් ෂෙඩ් එක හෙවත් ගබඩාව.



 මෙම ගොඩ නැගිල්ල පවත්වාගෙන යන ආකාරය ප්‍රශංසනීයවේ.



මේ විදු හලේ ක්‍රීඩා පිටිය
.මෙහි දුම් රිය මගේ අවසානයේ පිහිටාතිබුනු (අවිස්සාවේල්ලේ තිබූ ආකාරයේ)  නැවතුම් සවිකර තිබී ඇත.

යටියන්තොට  දුම් රිය ස්ථානයෙන් එලියට එන් අයෙකු නගරයට ඒමට කැළණි ගඟ තරණය කල යුතු වෙනවා.

ආදරණීය කල්යාණිය.

 ඒ සඳහා බ්‍රිතාන්යයන් විසින් සකස් කල පාලම.



අද නිමකරණ ගොඩනැගිලි වලට වඩා මෙම ගොඩ නැගිලිවල කැපී පෙනෙන වෙනෙසක් ඇත.

 සෑදූ අයෙකුගේ හෝ විවෘත කල අයෙකුගේ නම් සඳහන් නාම පුවරු මෙවායේ දක්නට නොමැත

ගමන අවසන දැනුනු එක්දෙයක් ඇත.

 අප විසින් වරද්දාගත් තැනක් ඇත - කිසිදා නිවැරදි කිරීමට නොහැකි!









"මැකී ගිය රේල් මග" පාදා ගෙන යන්නට එකතුවූ අපි! 
කොන්ඩයා - රවී , පොඩි එකා - හර්ෂ , තඩියා - ගිහාන් , කැමරාවක් උස්සන් ඉන්නේ - සුමියා ,
 තොප්පියා - තට්ටයා.



සදා පවතින්න  ලියූ කරවනැල්ලේ  "ක" යන්න. ශත වර්ෂයකු ගෙවී!

ස්තූතියි!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...