Wednesday, June 14, 2017

34. ගඟක් දිගේ ගිය ගමනක් 6

හක්බෙල්ලාවක යකඩ පාලම

අලි වත්තේදී උදෑසන ආහාරය ගත් අප එතැනින් ඉදිරියට යාත්‍රා කලත් මොහොතකට අවසර Rapid එකක රූපරාමු ටිකක් කැටිව දොඩමළු වන්නට. මීට කලකට පෙර ඔරුවකින් එතෙර මෙතෙර ගිය  තොටුපොලට මීටර 50 ක් පමන පහලින් හක්බෙල්ලාවක යකඩ පාලම ඉඳිවූවා.
මා කලින් සඳහන්  කල Rapid එක පිහිටා ඇත්තේ මෙම ස්ථානයට එනම් පාලමට යටින් කීවොත් බොහෝ දුරට නිවැරදි වෙනවා. මෙම ස්ථානයේදි ගඟ අංශක 90 කට ආසන්න කෝනයකින් හැරී ගමන් ගනී .

A අප  පිටත් වුනු තොටුපොල    B හක්බෙල්ලාවක යකඩ පාලම   C Rapid එක

 ඕනෑම දිය පහරක් කිසියම් කෝනයකින් හැරෙණාවිට එම වක්‍රයේ පිටත දාරය , අයින නොහොත් පථය ගැඹුරින් වඩා වැඩිවේ. මේනිසාම එම ඉවුර ආසන්නයේ ජලයේ වේගය සාපේක්ෂව වැඩිය. මෙසේ ගඟ හැරවී සරල රේඛීය ගමන් මාර්ගයකට එලඹෙන්නේ මෙම පාලම අසලින්‍ය.  එසේම ගඟ මෙම පාලම  ඇරඹෙත්ම මෙන්ම  පසුකරත්ම තරමක ගල් පර්වථ ද්විත්වයක් වෙතට යොමුවේ. එනිසාම ගඟ සුලු මොහොතකට  දෙවරක් දෙකට බෙදී යයි. මෙම ගල්  නිසා ගඟේ ගමන් මග හරස් වී යයි . මෙනිසාම ගඟේ පිටත ඉවුරත් ගලත් අතර ජලය අධික වේගයකින් ගලා යයි .
භෞතික විද්‍යාවේ ඉගැන්වීමක් වන බර්නූලි මූලධර්මයට අනුව බැලුවද මෙම කපොල්ල වෙන්චූරියක් සේ ක්‍රියා කරණු ලබයි. එහිදී ඇති වන පීඩන වෙනස නිසා ඉවත්වන විභව ශක්තිය; චාලක ශක්තිය බවට හැරී දිය පහරේ වේගය වඩාත් වැඩි කරයි.
“යම්  තරලයක් , එනම් ද්‍රවයක් හෝ වායුවක් හෝ , සුමට පaෂ්ඨයක් උඩින්  අනවරතයෙන් ගලා යන විටදී එහි පටු ස්තර , අනාකූල රේඛා යනුවෙන් හැඳින්වෙන සුමට පථ අනුව ගමන් ගනී. මේ ප්‍රවාහය විශාල අක්‍රමිකතා හමුවට ආව  හොත් අනාකූල රේඛා කැඩී ගොස් ප්‍රවාහය අක්‍රමික හෙවත් ආකූල බවට පත් වෙයි.පත්ලෙන් උඩට නෙරා ආ විශාල ගල්  ඇති  හරියකින් ගලා යන ඇළක් දෙස බැලීමෙන් මේ බව පැහැදිලි වෙයි.”
  මූලික භෞතික විද්‍යාව , ඩබ්ලිව්  එල් වයිට්ලි  129 ,130 පිටු

අප පිටත් වන තොටුපොල සිට මීටර 50 – 75 ක් අතරදි වංගුව හමුවේ .එතැන තරමක ජලාශයක් සේය.එතැනින් හැරුණු  ගඟ යොමුවන්නේ පාලම දෙසටයි.

අප පිටත් වූ තොටු පොලේ සිට ගං වංගුව පෙනෙන හැටි. රූපයේ ඉදිරි  පසින් දොඩංගස්තැන්නේ සිට එන කෙටළ පත් ඔය  ගඟට එක්වන හැටි  . ගඟ ගලන්නේ වමෙ සිට දකුණටය .

රූපයේ වම්පස කෙළවරින් මෙම ස්ථානයට ගඟ ඇතුල් වේ . ගඟ ගලා එන්නේ  වම් පසිනි. ඉදිරි පසින් පෙනෙන්නේ දොඩංගස්තැන්නේ පෙදෙසේ සිට ගලා එන කෙටළ පත් ඔය ගඟට එක්වන ආකාරයය .

අප පිටත්වූ තොටුපොල පාලම අසලට  නොපෙනේ එම තැනට ගොස් බැලුවහොත් අප පිටත්වූ තොටුපොලත් ඈතින් කඳු පංන්තිය තෙක් දිවෙන ගඟත් පෙනෙනු ඇත.

කැළණි නදිය සමනළ සිරස තෙක්

 වංගුවේ අඩක්  දුර පැමිනි පසු ගඟ කඳු වලල තෙක් දිවෙන  අයුරු පෙනෙයි.
Rapid එකකට කලින් තරමක නිසල ජල සංචිතයක්  නොඑසේනම් තරමක විලක් , ජලාශයක්  වන් ස්ථානයක් පැවතීම ස්වභාවික තත්වයකි. මන්ද ඉදිරියේ කිසියම් බධාවක් ඇතිවිට ජලය එතැනින් ගලන්නෙ තරමක මන්දගාමී ස්වරූපයකින්  වන හෙයිනි.

පාලම යට Rapid එක ඈතට පෙනෙන අයුරු.

Rapid එක ආසන්න වන විට ජලයෙ ඇතිවන සියුම් කැළඹිලි සහගත ගතිය දුර සිට හොඳින් නොපෙනේ .

යකඩ අතරින් දියඹ දකිමින්
පාලම නිසාම එය හිඳින් නිරීක්ෂනය කිරීමේ හැකියාවක් ලදිමි .

Rapid එක ඇරඹී ඇත .

ගඟ පලමු ගල හමුවී ප්‍රථම වතාවට දෙකට බෙදී යයි. 

වතුර අඩු  දිනෙක මීට වඩා ගල් මතුවී තිබේ. Rapid තරණයේදී වතුර බෙහෙවින් වැඩි දිනයකදී වේගය අධික  වුවද කයාකය පැදයාමේදී  දිශානතියන් වෙනස් නොකරමින් පැදයාමට පුලුවන. වතුර අඩුවූ විට වේගය අඩු වුවද නිරන්තරයෙන් දිශානතියන් වෙනස් කරමින් පැදීමට සිදුවේ . කයාකය ගල් අතර සිරවීමට වුවද පුලුවන.

Rapid එක මුරන්ඩු වී  ඇත.

 මෙවන් අවස්ථාවකදී මෙම කුඩා ගල් කුළු දෙක මැදින් කයාකය ගෙන ආ යුතු ය. මෙවන් තරමක විශාල රැලි සහගත පෙදෙසක් පැද යාමේදී බොහෝ අවස්තා වලදී කයාකය මත ජල පaශ්ඨය මගින් එතෙක් ඇතිකල ඝර්ෂනය නොමැති වීමෙන් පාලනය තරමක් අපහසු විය හැක.

 විසල් රැළි

දෙවන වරට තවත් ගලක් අභියස .

කිසිවක් නොවුනු ලෙසට කැළණි ගං කොමලිය නැවත ගලා යන අයුරු .

උදෑසන අහාර ගැනීමෙන් පසු සිතියම් නිරීක්ෂනය කිරීමෙන් ඉක්බිතිව නැවතත් ගමන් ඇරඹූයෙමු.


 එතැන් සිට යටියන්තොට නගරය තෙක් පැමිනීමට අපට සෑහෙන වේලාවක් ගතවිය. එයට ප්‍රධාන හේතුව වන්නේ එම ප්‍රදෙශයේදී  ගඟෙ බැස්ම හෙවත් අනුක්‍රමණය ඉතා අවම ලෙස පැවතීමය.
 යටියන්තොට පාලම යටින් ආ අප පිවිසියේ වී ඔය  හා කැළණි ගඟ හමුවන ස්ථානයටය.  
මේ යටියන්තොට; කැළණි ගඟට උඩින්  පාලම යොදා ඇත්තේ නගරයේ සිට ගරාගොඩ, පනාවත්ත පලාත් වලට එතෙර වන්නට ය. යටියන්තොට පොලීසිය ස්ථාපනය කොට ඇත්තේ පැරණි දුම්රිය නැවතුම් පොලේය. කොළඹ සිට ගමන් ඇරඹූ කැළණිවැලි දුම්රිය අවිස්සාවේල්ලේදී මාර්ග දෙකකට බෙදීගොස් ඇත. ඉන් එකක් ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර, දෑල, නිවිතිගල, කහවත්ත, ඕපනායක දක්වා විහිදී  තිබී ඇත. අනෙක් දුම්රිය මග දෙහිඕවිට, මාගම්මන හරහා යටියන්තොට දක්වා ද යොදා තිබුනි. මෙම යටියන්තොට තෙක් ඇදුනු  දුම්රියමග මාගම්මන (කරවනැල්ලත් දෙහිඕවිටත්  අතර ගමකි.) සිට  යටියන්තොට තෙක් ගමන් ගන්නේ ප්‍රධාන  මාර්ගයට බොහෝ ඈතින් කැළණි ගඟේ වම් ඉවුර ඔස්සේය. ප්‍රධාන මාර්ග කරවනැල්ලේදී කැළණි ගඟ මතින් වැටී ඇති පාලමෙන් එතෙර වී දකුණු ඉවුර ඔස්සේ හැටන් දක්වා දිවෙයි. 

Aපැරණි දුම්රිය ස්ථානය දෙසට ඇති  යකඩ පාලම  B වී ඔය    C වී ඔයට යොදා ඈති පාලම
පාලම අසලින් ගඟ වමට හැරෙන අයුරු!


යටියන්තොට සිට අදටත් කුඩා ගම් ප්ර්දේශයක්ව පවතින ගරාගොඩට විශාල යකඩ පාලමක් දැමීමෙන් බ්‍රිතාන්‍යයෝ අපේක්ශා කරණ්නට ඇත්තේ දුම්රිය යටියන්තොට නැවතුම්පලේ සිට කැළණි ගඟ හරහා දකුණු ඉවුරට ගෙන එතැනින් නාවලපිටිය හෝ හැටන් වෙත ගෙනගොස් ප්ර්ධාන දුම්රිය ධාරාවට සම්බන්ධ කරවීමට විය හැක.
යටියන්තොට නගරයට කොළඹ දෙසින් ගමන් කරන්නෙකු හට නගරයට පෙර හමුවන තවත් පාලමක් ඇත. ඒ පාලම වැටී ඇත්තේ වී  ඔය හරහාය. පාලම මතින් ගමන් ගනිත්ම දකුණු දෙස බැලුවහොත් පාලමට ඔබ්බෙන් ගලන කැළණි ගඟ දිස්වේ. කැළණි ගඟ  තමා සමග එක්වන වී ඔය සමග වම් පැත්තට හැරේ. ඒ දකුණු ඉවුරේ; තාප්පයක් බැන්දාක් මෙන් ඇති ස්වභාවික විසල් ගලක් හේතුවෙනි. මෙතැන වම්පසින් තරමක වැළි තලාවකි.
 අපගේ ඊළඟ නැවතු පොල වූයේ මෙම වැළි තලාවයි. එම විවේකය මිනිත්තු 15 කට පමන සීමා විය. ගිමන් නිවා, දිය බී, සියල්ල කැමරාවක සටහන් කරගෙන අප පිටත් වුනෙමු. අපගේ කැමරාව වූයේ අම්රාන් අතාස් ගේ දූරකථනයයි. මෙය වූයේ මාගේ කයාකයේ ඉදිරියේම වූ Hatch (මෙය හච් නොව හැච් ය.) එකේ Dry Bag එකක් තුල තිබුනු පොලිතීන් කවරයක් තුලය! ඒ වැඩි පරිස්සමටය! මේ නිසාම හදිසියේ ඡායා රූපයක් ගැනීම යනු රූස්ස පුවක් ගසකට  වළලලක් නොමැතිව නැග පුවක් වල්ලක් කඩා ගෙන බිමට බහිනවා සේ අසීරු කට යුත්තක්ම විය! 
අපට Go Pro වක් තබා  water proof කැමරාවක් වත් නොතිබුනි!



අම්රාන් අමාරුවෙන්  සටහන් කර ගත් පසිඳුගෙ රුව

ඉදිරියට ගඟ එතරම් වේගයකින් තොරව නිහඬව ගලා බසින්නීය. Rapid කිසිවක් හමුනොවේ. හක්බෙල්ලාවක සිට යටියන්තොටටත්; යටියන්තොට සිට කරවනැල්ලටත් මහ පාරේ ඇත්තේ සමාන දුරකි. එනම් සැතපුම් 4 නොඑසේනම් කිලෝ මීටර 6.4 ක පමන දුරකි. මින් පලමු කිලෝමීටර 6.4 ට සාපේක්ෂව දෙවැනි එම දුර වඩාත් ඉක්මනින් පැමිනියෙමු. ගඟ බොහෝ සෙයින් පලල්ව ගොස් ඇත. මේ නිසාම ගඟේ  ගැඹුර තරමක් අඩුය. කරවනැල්ල පාලම යට තරමක සැඩ පහරකි. මෙම සැඩ පහරේ අප තිදෙන වේගයෙන් පැද්දෙමු. මන්ද එසේ නොවුනි නම් කයාකය අලුත් පාලමේ හා පරණ පාලමේ නෂ්ඨාවශෙෂයන්ගේ ගැටෙන්නට තිබුනු බැවින්‍ය.

යටියන්තොට නගරයේ සිට කරවනැල්ල නගරයට පැමිනෙන අයෙකු යොමු වන්නේ “ T” හැඩයේ මංසංදියකටය. කොළඹ  දෙසට ගමන්ගන්නෙකු තම වම් පැත්තට හැරී කරවනැල්ල පලම මතින් වැටී ඇති මාර්ගයේ පැමිනිය යුතු අතර නිට්ටඹුව දෙසට යන්නෙකු දකුණු පැත්තට හැරී රුවන්වැල්ලට පැමින ඉන් වමට හැරී ගුරුගොඩ ඔය මතින් එතෙර විය යුතුය . නමුදු කැළණි ගඟ දිගෙ පැමිනෙන්නෙකු කරවනැල්ල පාලම යටින් ගඟ දිගේ ගොස් දකුනට හැරෙන්නට සිදුවේ . ගඟ දිවෙන්නේ එසේය.

Aකරවනැල්ල පාලම   B  පැරණි දුම් රිය මාර්ගය
 A7 මාර්ගය පසෙකින් දිවේ
කරවනැල්ල පාලම අසලින් ගඟ යලිත් අංශක 90 කින් දකුනට හැරී රුවන් වැල්ල දෙසට

කරවනැල්ල පාලම

 කරවනැල්ලේ සිට ගඟ දිවෙන්නේ රුවන්වැල්ලට ය. කරවනැල්ලේ සිට ගඟ   ගලන්නේ ප්‍රධාන මාර්ගයෙන්  ඈත්වය. එම පැති බොහෝ සෙයින් ජන ශූනයය. රබර් වතු  පාළුවට ඇරුණු ඉඩම් ගෙවල් දොරවෙඅල් ගම්මාන පසු කලෙමු .අපගේ ඊළඟ නැවතුම් පල වූයේ රුවන්වැල්ල නගරය ආසන්නයේ වැළි තලාවකි.  එතැනින් ගඟට එක්වන්නේ දකුණු පසින් එන ගුරුගොඩ ඔයය. 

A ගුරුගොඩ ඔය මතින් රුවන්වැල්ල නිට්ටඹුව මාර්ගය දිවෙන පාලම   ගුරුගොඩ ඔය

අප නැවතත් ජලය පානය කොට ඉතිරි  පාන් ස්වල්පය බෙදා හදගෙන පිටත් වුනෙමු . මේ වනවිට අප ගමන පිටත් වී පැය හතරකට ආසන්නවී තිබුනි . හිරු රැස් අපව පෙළන්නට පටන් ගෙන තිබුනි.                   

Monday, June 12, 2017

33. හක්බෙල්ලාවක රූපමය සංචාරය

හක්බෙල්ලවක
මමත් එක්ක ගඟක් දිගේ ; මෙතෙක් දුරක් පැමිණි අය මේ වන විට හක්බෙල්ලාවක ගැන ටිකක් දන්නවා මම හිතන්නේ. ඒත් මට හිතුනා මීට අවුරුදු තිහ හතලිහකට කලින් ගත්ත එක ෆොටෝ එකක්වත් තිබුනා නම් අද වෙන කොට කොච්චර වටිනාකමක් තිබේවිද කියලා. මීට කාලයකට ඉස්සෙල්ලා ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා එයාගෙ "දඬුබස්නාමානය" රූ ගත කිරීම් වලටත් මේ ගම යොදාගෙන තියෙනවා. අර කමල් අද්දර ආරච්චි සැඟවී සිටින ගල්ලෙන තියෙන්නේ මේ ගමට ඉහලින් තියෙන නා හේන මූකළානේ. අර තොටුපොලක දර්ශනයක් තියෙන්නේ හක්බෙල්ලාවක තොටුපොලේ. දැන් එහෙම තොටුපොලක් නෑ. ඒ වෙනුවට එතන තියෙන්නේ යකඩ පාලමක්! ඉතින් මම මේ කලේ අනාගතය වෙනුවෙන් ආයෝජනයක්.  එහෙමනං දැන්  "හක්බෙල්ලාවක රූපමය සංචාරය "ට මමත් එක්ක යන්න එන්න!


ඔය කාර් එක එන්නේ කොළඹ එහෙමත් නැත්නම් අවිස්සවේල්ල පැත්තේ ඉඳන්. අපි හැටන් පැත්තේ ඉඳන් තමයි බලාන ඉන්නේ. අර කහ ඉර ට පෝඩ්ඩක් එහායින් වම් පැත්තට තියෙන්නේ පැලැල්ලෙගම පාර. ඔතන හන්දියෙ චුට්ටන් කඩ දෙකකුයි බුදු පිළිමයකුයි ත්‍රීවීල් පාර්ක් එකකුයි තියෙනවා. බස් හෝල්ට් එකත් එතන. පැලැල්ලේගම පුරාණ දේවාලයට යන්නේ ඔය පාරෙන්.  දැන් එතනට යමු.

පාරෙ බෝඩ් එක.


අන්ධ මල්ලිගෙ සිම් කඩේ.

මේ කඩේ කරණ එකාට පුදුම හැකියාවක් තියෙන එකෙක්. එයාට ඕනෑම රෑක කිසිම එලියක් නැතිව කඩේ ඉඳන් ගෙදර යන්න පුලුවන් එකෙක්! 


දොර ගුලු ලා ඇත - ඉබ්බන් එල්ලා !


අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔය ගහලම තියෙන්නේ !


පණ්ඩිත මූනක් තිබුනට හොඳ කොල්ලෙක් සහ තවත් හොඳ කොල්ලෙක්


හිටපිය බස් එක !


දෙවියන් වෙතයි !


තොටුපොල මරා උපන් කුමරා


නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා !


අපේ  මුදලින් හදා 


වැඩි සීනි ප්ලෙන්ටියේ 


ඇල් බි සියාතු - ඇල්බීසියා

ගමට ලයිට් ගඟ හරහා


කියල කැපුවත් නොකිය කැපුවත් මේ ගහ  හොර ගසක්මයි !

මේ එතෙර වන්නේ සසරින් නොවේ.

 ගඟක් උඩ විලක්!
මේකෙ ඩෙංගු හිටියොත් කාටද නඩු ?

 යකඩ තද කරණ යකඩ! නෝ හෙල්ලුම් !


පාලමෙන් ගම්වාසීන්ට ප්‍රයෝජන රැසකි !

  "පාලම යට"

අපි ගමන පටන් ගත්තේ මෙන්නමේ බෝර්ඩ් එක ලඟින්නේ.  දැන් එතැනින් අනිත් පැත්තට ඒ කියන්නේ හැටන් පැත්තට හැරෙමු.

එන පොට හොඳ නෑ ; මෙතැනින් මාරු වෙනු !

ගමේ කඩේ.

ගමට බඩු ඇවිත් !

 මොනවද කන්න තියෙන්නේ?

 අඩ දෙකයි ප්ලේන්ටි දෙකයි

 බඩු එන තුරු !

 පඩි සැට් එකට බුදු සරණයි !

 තුලාව. (සංවාද මණ්ඩපය නොව මෙය අහිංසක  තැටි තරාදියකි)

 මොන වැරැද්දක් කලාටද ?

 රං රඹුටං


 දුං කොළ

පහිණ හල

 ආණ්ඩුවේ ඕපා දූප !

කිරණ්නට දෙයක් නැත !


මේ සියල්ල දෙස මැදිහත්ව

යාබද සමූපෙ

වෙලාතියෙන හරිය !

සියල්ල්ලටම පිළිතුර  - බලය විමද්ධයගත කිරීම

හක්බෙල්ලාවක උප තැපැල් කන්තෝරුවට එහායින් 
වැසී ගිය සමූපකාරය හෙවත් සමූපකාරය තිබුනු තැන.

ඊට යාබද ඉඩමේ Teepee the Campsite කඳවුරු බිම. 

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...