Friday, March 2, 2018

86. ගඟක් දිගේ ගිය ගමනක් 20

අඳුරේ.......එළියක් දකිනා තුරු!

අවසානය...................!

අපට අපගේ අවසාන ඉලක්කය වෙත ලඟා වීමට පෙර තව කොපමන වාර ගනනක් කයාකය ඉහින්නට වේද?මේ නිසාම ගමනට තව කොපමන කාලයක් ගතවේද?රාත්‍රිය , ගංගාව හා අහස අපට කුමන ආකාරයට සලකාවිද?එය ජීවිතයේ තවත් එක් කටුක මතකයක් වේවිද?

සිතපුරා මෙම පැනයයන් නොනවත්වා එකක් පසුපස එකක් චක්‍රීය ලෙස  සමතුලිතවෙමින් සිතට මනසට හා හදවතට ගලා එයි! 

සිතට සිතේ!මනසින් එය විශ්ලේෂනය කර බලමි.එහි විය හැකි සම්භාවිතාව මෙනෙහි කොට හදවත කඩා වැටේ!

මන්ද?                                                                                                             
 ජීවිතයේ ආරම්භක අවස්ථාවේ සිටින තිදෙනෙකු වන  වසිකත් ධම්මිකත් පසිඳුත්  යන තිදෙනාට හෝ ඉන් යමෙකුට යම් විපතක වුවහොත් !?විනාඩි ගනනක් තුල මගේ සිත දහ දොලොස් වතාවක් පුපුරු ගැසුවේය.එහෙත් මේ මොහොතේ මුළු කණ්ඩායම මා කෙරෙහි තැබූ විශ්වාසය මා තැබිය  යුතුය.

දෙවියන්  මා මවද්දී මාහට ප්රාණයට අමතරව දී ඇති දේවල් අතුරින් මා බොහෝ සෙයින්  සතුටට පත්වන ප්‍රධානය ලෙස සලකනු ලබන්නේ ; ඕනෑම ප්රශ්ණයකින් මා පරිපීඩිතව සිටියද මාහට රාත්රියට හොඳින් නින්ද යෑමය.එසේම ඕනෑම ගැටළු  සහගත තත්වයකදී මනස අවුල් කර නොගෙන සිටීමට මාහට යම් තාක් දුරකට  හැකියාවක් පවතී. 
සුමට ලෙස සියල්ල  රටාවකට සිදුවන තැන්වලට නායකයන් ඇවැසි නොවේ.ඇවැසි වන්නේ ගැටළු සහගත තත්වයන් ඉදිරියේ ; අවදානම් සහගත අවස්ථා වලදී ; තීන්දු තීරණ ගැනීමටත් කිසිවෙකු ඉදිරිපත් නොවන අවස්ථාවලදී කණ්ඩායම මෙහෙය වීමටය.කණ්ඩායම සමග කටයුතු කිරීමටය.කණ්ඩායමට ශක්තියක් වන්නටය.                                                            
වරෙක ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉතා දරුණු පසුගාමී වකවානුවකට අවතීර්ණ වී සිටි කාලයකදී මහේල එහි නායකත්වය භාරගෙන කණ්ඩායම යලි ස්ථාවරත්වයකට ගෙන එනවා පමනක් නොව එම කාලයේදී ඔහු ක්‍රීඩා කලේ අරම්භක පිතිකරු ලෙසය! ජීවිතයේ කුමන කඩ ඉම ගත්තද මා යන්න පිටත් වුනු බසයට පසුපසින් දිව ගොස් එල්ලුනු එකෙක් විනා කලින් ටිකට් වෙන් කරගෙන  වෙලාවට ගොස් පිළිවෙලට ඉඳගෙන   ගමනක් මතකයේ නොමැත.   

මාගේ හිතේ තිබුනු කලබලකාරී ස්ව්භාවය අන් අය වෙතට මගේ මුහුණින් දිස්වන්නට ඇත.එහෙත් තිර අධිෂ්ඨානයෙන් යුතුව අප නැවත දියට පිළිපන්හ!හැකි උපරීම වේගයෙන් අප ගමන්කල යුතු වන්නෙමු!අධික වෙහෙස නිසාද දිය පහරේ වේගය අඩුව ගොස් ඇති බැවින්ද  අපේ ගමන ඉතා මන්ද ගාමී විය.මෙම ප්රදේශයේදී ගඟ බොහෝ සෙයින් පළල්ව ගොස් තිබුනි.ගඟේ සමස්ථ ජල ධාරිතාව  වඩාත් පුළුල් ක්ෂේත්‍රඵලයක් පුරා පැතිර ගොස් ඇති බැවින් එහි ගැඹුර බොහෝ සෙයින් අඩුව ගොස්.මේ  නිසාම ගඟ බොහෝ සෙයින් අහිංසක වෙලාය.තැනින් තැන ඉපිල්ලුනු වැලි ගොඩැලි නිසා ඉදිරියට යෑම ඉබි ගමනේය . කාලය ගතවෙම ඝනදුර දසත පැතිරෙමින්.රාත්‍රිය අප සිතනවාට වඩා වැඩි වේගයකින් අපව ආක්‍රමණය කරමින් විය.  රජ රටට නොහොත් උතුරුමැද පලාතට වැහි එන කාලසීමාව ඉඳිකඩ පැන ඉස්තෝප්පුවට එබිකම් කරණ කාලය මෙයයි.

 මෙම පලාතට වැසි කාලය අරම්භ වීමට  මත්තෙන් මල් බයිකල් හා කස කාරයන් අහසේ සැරිසරයි.මල්  බයිසිකල් නම්  වැහි වලාකුළුය. කස කාරයන් නම් මේඝ ඝර්ජනාය

වැසි වලාකුළු තරු පිරි අහස සඟවා ගෙනය.සඳ අහසේ පෙනෙන්නට නැත!ඇයද මග හැර ගොසින් මෙන්.ඈතින් ගිගුම් දී පලාතම දෙදෙදරවන හෙන හඬට පෙර විදුලි රේඛාවක් අහසේ ඇදී යයි.විදුලි කොටන විට නොසිටිය යුතුම තැනෙක අප අතරමංවය.එහෙත් එහි එළියෙන් අප සිටිනා ඉසව්ව පිළිබඳ යම් වැටහීමක් ලබන්නට පරිසරයට ඉව කරණ්නට ඉඩ ප්රස්ථාවක් අපට ලැබේ .

ඉදිරිය එක දිගට මීටර 5 ක් වත් පැදයාමට බැරිවන තරමට ගංගව තුල වැලි ප්රථිරෝධය වැඩිවී ඇත.තවත් අවස්ථා කිහිපයකදී අප කළුවරේම කයාකයේ ජලය ඉවත් කලෙමු.එතැන් පටන් ගං දියේ ඉතා කෙටි දුරක් පැද යමටත් බොහෝ දුරක් ඇදගෙන යාමටත් අපට සිදුවිය.මේවන විට අපි එකිනෙකාට තබා අතේ රැඳි  හබලවත් නොපෙනෙන තරමට ඝනදුර ඝන වී තිබුනි.මේ වන විට වේලාව රාත්රී හතේ කණිසම පසුකොට ඇත .කයාකය මත නැග යනවා මෙන් නොව එය දිය මතුපිට ඇදගෙන යාමේදී එය තුලට ජලය පිරෙණ සීඝ්රතාවය  ඉතා අඩුය.මෙය අපට වෙස්වල පැමිණි ආශිර්වාදයක් විය.

අප ගමන් කලේ ගඟේ වම් ඉවුරට බරවය.ඉවුර අයිනේ ජලය කයාකය පැදයමට අවශ් තරම් ගැඹුරකින් යුක්තවිය.එහෙත් ඉවුර අයිනෙන් නොපදින්නට හෝ ඇදගෙන නොයන්නට අප පරෙස්සම් වුනෙමු.මන්ද වනසතුන් ඉවුර අසන්නයේ සිටීමට වැඩි ප්‍රවණතාවයක් තිබුනු හෙයිනි.තවත් අඩි ගනනාවක් අප යාත්රා  ඇදගෙන දනක් පමන වතුරෙ  වැළි තලාවේ එරෙමින් ඉදිරියට ඇදුනෙමු.

එකවරම අපගේ දකුණු පසින් විශල දිය ඇල්ලක් කඩ හැලෙන්නක් වැනි හඬක් පැතිරුණි. අප සියල්ලෝම ගල් ගැසුනහ.විසල් හඬ ඈතට ඇසී නොපෙනී  ගියේය.වතුරේ ලැග උන් කිසියම් සතු විශේෂයක මහා රංචුවක් අපට බියවී වතුරේ දිව යමෙන් මේ හඬ ඇසුනු බව අපට තේරුම් ගියේය. දිවයන්නට ඇත්තේ මුවන් වැනි වේගයෙන් දිව යමට හැකි සතු විශේෂයක් වන්නටඇතැයි අප අනුමන කලෙමු.

මේ සියළු බාදක මැද අප තවත්කිලෝමීටර ගනනාවක් ගං දියේ පැමිනියෙමු.දණක් වතුරේද වතුර නැති වැලි තලා මතින්ද  බොහෝදුර ඇවිද දෙපා පන නැතිව  ගොසින් .මොන තරම් අපහසු තාවයකට වුවද විවේකයක්  ගත නොහැක.හැල්මේ අප ගමන් කලෙමු.ඈත අහසේ පුපුරණ හෙන සැරිණ්  අප විසල් විලක් වැනි  තැනකට පැමින ඇතිබව තේරුම් ගතිමු.පැමින ඇතිබව තේරුම් ගතිමුඇති බව තේරුම් ගතිමු.විශාල ක්‍රිකට්  ක්‍රීඩාංගනයක් පමන වපසරියක ජලය පැතිරී ඇත!ඉදිරියක් නොපෙනෙන එය වටා උස් ගස් වැවී  ඇත.කෑලි කැපිය හැකි  කරුවලේ කයාකය අතහැර දැමූ විට එය අපදමා යන්නට සිත් නොදී අප අසලම ගැවසේ.                                                                    

ගඟේ දිය ගලායාමක් සොයා ගත  නොහැකි වනසේ දිය නතරව ගොස්. එනිසාම මින් පිටවීමේ මගක් සිතගත නොහැක.
බොහෝ දුරක් යනතුරු අප අතරේ වුනු එකම සංනිවේදනය වූයේ මා උස් හඬින් නම් අඬගසමින්හරිද…?” කියා කෑගැසීම පමණි!
මන්ද එකෙකු දියේ  ගිලී ගියද හද්සියේ  ක්ලාන්තයක් හැදී දියට වැටුනද වන සතකුගේ ප්රහාරයකට මැදි වූවද දැක දැන  ගැනීමේ  අවස්ථාවක් අප වෙත නොතිබූ බැවිනි !
එයට පිළිතුරු ලැබුනේහරේ …..!” කියා හෝඑළ ..එළ……!!” කියාය.

අප විලට අවතීර්ණ වත්ම මා පසිඳු ඇමතූයෙමි.

මල්ලි උඹලගෙ Phone වල GPS තියෙනවා නේද ?බලපං අපි කොයි ලෝකෙද ඉන්නේ කියලා!?”මම කෑ ගැසුවෙමි.කයාක තුනම ආසන්නයේ නවතා ඉන් එකක  Dry Bag එකක් තුල ගබඩා කොට තිබූ පසිඳුගේ නවීන දූරකථනය එලියට ගැනීමට තවත් විනාඩි 15 ක් පමන වැය වෙමින් විය!
ඉක්මනට ගනිංකො බං !”මාහට කිසිදු ඉවසිල්ලක් නොමැත.
එළ ! අයියේ මනම් පිටිය පලමට තව ටික දුරයි !” ඔහු වාර්ථාව සැපයීය.
හරි බං ! අපට කොහෙන්ද   යන්න තියෙන්නේ!?”
වමෙනුත් පුළුවං ! දකුණිනුත් පුළුවං !!”
හරි අප වමෙන් යමු …!”
නැවත පාගමනට වැටුනි.                                                   
එක ලඟ ගස් රාශියක් ඇති වන ආවරණයක් වැනි තැනක් හරහා අප ගමන් ගතිමු.ගස් වල මුල් කිසියම් ප්රථිරෝධයක් ඇති කලේය. තවත් ටික වේලාවකින් වන අරණින් එලියට පැමිනි වගක් අපට දැනුනි.

කොල්ලනේ බලපල්ලා වාහන සද්දයක් එනවාද කියලා …………!”
මම මහ හඬින් කැගැසුවෙමි! තවත් ටික දුරක් පුරුදු පරිදි ඇදුනෙමු !
ආන්න ඇහෙනවා ……!” වසික කෑගැසුවේය.

වාහනයක නලා හඬක් මගේ කණටත් යාන්තමින් වැකිණි!ජීවිතයේ වඩත්ම සතුටට පත්වූ මෝටර් රථ නලා හඬ එය යැයි වසික මා සමග පසුව කීවේය.
තවත් ටික දුරක් යද්දී මනම්පිටිය පාලම මත මෝටර් රථ ,ලොරි රථ වල ඇදීයන ප්රධාන පහන් එළි  අපට දිස් විය.
තවත් විනඩි ගනනකින් පාලම යට වම් ඉවුර මතට අප කයාක තුන සමග ගොඩවිමු.අප ගොඩ බට ස්ථානයේ වසා දැමුණු කුඩා ගොඩ නැගිල්ලක් විය!                                                                                                                           
මා මගේ කයාකයේ හැච් එකක බහා තිබුනු Dry Bag එකක තබ තිබූ දූරකථනය සොයමින් විය. අපගේ හිත් මිතුරු ජල සම්පත් මණ්ඩලයේ ප්රාදේශීය ඉංජිනේරු තැන්පත් සහන් කුලරත්න මහතාට හා ගෙදරට ඇමතීම සඳහාය.එතැන් සිට අපට අපගේ යාත්රා රැගෙන නැවත මහියංගනයට  යෑමට අවශ් කුඩා රථය සම්බන්ධීකරණය හා  රාත්රී ආහාර ලබාදීම මා භාර දී තිබුනේ මේ මධුෂාන්ගේ මිතුරාටය.

අපි ඇවිත් - බත් ගෙනෙන්!

මා දූරකථනය සොයමින් සිටිනාතර  වසිකත් පසිඳුත් පැමිණ මා වැලඳ  ගත්තෝය.
ඔව්  මචං අපි ඒක කලා …!” මම සෙමෙන් මිමිනුවෙමි.
දියෙන් දහදියෙන් පෙඟුනු සිරුර ; හමනා සුළඟින් තව තවත්   සිසිල් වත්දී  කණ්ඩායමේ සොහොයුරණ්ගේ ආදරණීය වැළඳ ගැනීම් වලින් මා උනුසුම් විය!

ජිවිත්යේ සාර්ථකත්වය මනින එකම දර්ශකය සතුට කර ගන්න.!" නමැති පාලිත  සිරිවර්ධන නමැති ගම්පහ ප්රදේශයේ භෞතික විද්යා උපකරක පංති කරණ ගුරුතුමා වසර අවසානයේ අවසාන සම්මන්ත්රණයේදී පැවසූ බව වසික වරක් මා හා පැවසීය.
මෙය මොන තරම් ස්ත්යයක්ද ?

පිදුම :
         අන් සැපත වෙනුවෙන් ;
         තම සුඛදයක ජීවිතය
         පරිසරය,ගේදොර,වටාපිටාව,ඉඩකඩම් ,     
         කැපකොට…..!
         තමා කිසිද අපේක්ෂා නොකල ;
         කටුක පරිසරයක් වෙත පැමිණ …….!
         නැවත තම ජීවිත සටන අළුතින් ඇරඹූ ;
         මිනිසත් කමින් පෝසත් ;
         නුවරගල මිනිසුන්ගේ ;
         කාරුණික බවට , ත්යාගශීලීත්වයට හා
        පරර්ථකාමීත්වයට …….!
         අපගේ මෙම චරිකා සටහන ;
         භක්ත්යාද්රයෙන් ; 
         පිළිගැන්වේ !
           
  අවසානයේ අප ඉලක්කය  ජය අප ගන්නෙමු!   
                  
    
කල මෙහෙයට දුන් නිදහස!

 මේ තරම් රස බතක් කොයිදෝ!

 ගඟෙන් එතෙර වන්නට උදව් කල ඔරු අත නොහැර !

 සහන් ඇවිත්!

 

 යලිත් ගම රට - ජෑම් පැක්වී !

 මහියංගනයේ සිට බෝට්ටු නැවත නැව් ගත  කිරීම !


දියෙහි දියවී නොගිය ; දියට වඩා ලෙයෙහි ඇති උකු බව ! - පිය පුතු

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...