11. camping . . . . . . . . . . . . . . . ! (හොබී එකට නොහොබිනා වැඩ නවතා camping කරමු)



අංක එකට කොලේකුයි පෑනකුයි අරන් පොඩි plan එකක් ගහන්න .
1.කවුද යන්නෙ ?
2.කොහේද යන්නෙ ?
3.කවදාද ?
4.මොනවද ගෙනියන්නේ ?
5. දළ වියදම ?
Plan කියන එක අනිවාර්‍යයෙන්ම තිබිය යුත්තක් .(ගිහිල්ලා මොනවා හරි කරගමු මචං! වගේ දේවල් ගනං ගන්න එපා. ඒ එක්කො camping කරන්න ගිහින් හොඳ කට්ටක් තාම කාල නැති එකෙක් හරි කට්ටටම හුරු උනු එකෙක්. සමහරු හිතාන ඉන්නේ camping කියන්නේ කට්ට කන එක කියලයි. ඒක වැරදිම දහසක්.) යන තැන  හැටියට කරන්න තියෙන දේවලුත් (activities) වෙනස්  වෙනවා. ඒවිදියට ගෙනියන දේවළුත් වෙනස් වෙනවා. කරන්න යන activities පළමුව  තෝරා ගත්තොත් එයට ගැලපෙන තැනකට යන්න ඕන. බොහෝ විට camping එක්ක swimming,  hiking,bird watching  වගේ ඒවා කෙරෙනවා. ඉතින් මේ නිසාම  එතනට ගිය වෙලේ ඉඳන් ඇද වෙන එවුන් ගැන දෙපාරක් හිතන්න වෙනවා..අනික මේක team work එකක්. එක එකාට නියමිත් වැඩ කොටසක් තියෙනවා . මේ සියල්ලටම ගැලපෙන  multi  skill set එකක් එක්කයි වැඩේට යන්න ඕන .මේ අයට එයාලගෙ හැකියාව අනුව වැඩ ටික බෙදා හැරලා පොඩි කාල සටහනක් හදන්න ඕනේ
දැන්  කට්ටිය සෙට් වෙලා තීරණය කරන්න ඕනෙ යන්නේ කොහේද කියලා. Camping කරද්දී වඩාත්ම වැදගත් දේ තමයි location එක. ඒ කියන්නේ ස්ථානය, තැන කියන එකයි. මේකට ගඟක් අයිනෙ, මුහුදු වෙරළේ, කැලයක, කඳු මුදුනක, වැව් තාවුල්ලක වගේ වැඩේට හොඳ තැනක් තෝරා ගත් යුතුවේ. තැන තීරණය කරණ විට අර ගිහින් කරන්න හිතා ඉන්න දෙවල් වලට match වෙන්න ඕන බව කියන්න ඕනෑ බව තෙරෙනවානෙ!
දැන් කට්ටියත් set, තැනත් හරි, දිනය දා ගන්නකොට නම් පොඩ්ඩක් හොයා බලන්න ඕනෑ ඒ පැත්තේ කාලගුණය කොහොමද කියලා. එතකොට ඒ වාට සෙටමෝල් වෙලාම වැඩේට අතගහන්න පුළුවන්. දැන් දිනෙත් හරි.
ඊළඟට තියෙන්නේ ගෙනියන බඩු ලිස්ට් එක හදා ගන්න එක.
ඇඳුම් - shorts , T shirts  තමයි වැඩේට ගැලපෙන්නේ. තව  නානවානම් , hiking  කරනවානම්, යන පලාත සීතලනම්, වගේ  අවශේෂ කාරණා වලට ගැලපෙන්න ඇඳුම් ටික හැකි පමන අඩුවෙන් ගන්න.මදුරුවො කූඩැල්ලෝ ගැනත් අමතක කරණ්න එපා. පැඟිරි තෙල් මේ දෙගොල්ලන්ටම හොඳයි!

ආහාර- දැන් කෑම්පින් කරන්නනේ යන්නේ. කඩෙන් කාලා, ගෙදරින් හදාගෙන ගිහින් ඒතරම් ගැම්මක් නෑ කියන  එක කියන්න ඕනෙ නෑනෙ. ඒත් ඔය ලුනුදෙහි ටිකක් ,මාළු ඇඹුල් තියල් ටිකක් එතනින්  ගියාම ඔය සීනි සම්බෝල බෝතලයක් එහෙම අරන් ගියොත් වැඩක් ගන්න පුලුවන් . camping කිව්ව ගමන් මත්ක්‍යට එන අනිත් වචනය තමයි noodles! ඊළඟට පාන්, tin fish හෙවත් සැමන්. බිත්තර  ඔය වගේ දේවල් තමයි වැඩේට හරියන්නේ. යන අයගේ හැකියාව මත plan කරන්න වෙනවා. පොල්කිරි පැකට්, On the go, ත්‍රිපෝෂ වගේ ඒවාත් තව ඔය තියෙන්නේ අරපෝෂ ,මේපෝෂ කියලා තියෙන්නේ පොලුයි වතුරයි දාල කන්න  පුලුවන් ඕනදෙයක් හොඳයි. පොල් ගෙනියනවානම් desiccated coconut පැකට් තියෙනවා රොටී  වලට එහෙම ගන්න පුලුවන්.
දැන් මේවා උයා ගන්න පොඩි  භාජනයක් දෙකක් ගෙනියන්න වෙනවා. කපන්න කොටන්න හාරන්න multi duty පිහියක් කම්මලකින් හදාගත්තත් පාඩුවක් නැහැ. ඒක බරට ගනකමට තියෙන Hunting knife එකක් විදියට හදා ගන්න. උයන්න පොඩි ගෑස් එකක් ගෙනියනවාද? නැතිනම් දර වලින්ම කර ගන්නවාද?
දැන් ඉන්නේ කොහේද? ඒකට tent එකක් හෙවත් canopy එකක් තියෙන්න ඕනෑ වේ. හතර දෙනෙක් යනවා නම් (හතර හොඳ ගානක් ) නම් four man එකක් මදිය .
සීතල පලාතකදී ඉඩ පිරිමැසුනද කෑම ගෙනියන බෑග් තබා ගන්නට තවත් පොඩි එකක් තිබුනොත් වඩාත්ම  හොඳය.
First Aid kit එක. ජීවිත ආරක්ෂක කඹයක්, ටියුබ් එකක් හෝ වෙනත් පාවෙන දෙයක් (හොඳින් වසන ලද කෑන් එකක් උවද හොඳ ජීවිත ආරක්ෂක උපකරණයන් වන්නේය. උවමනානම් සිතියමක් මාලිමාවක් ලයිටරයක් ඉටිපන්දම් විදුලි පන්දමක්
(මේ blog එකේම ලියපු “මැරෙන්න එපා! මැරෙන්න අරින්නත් එපා!!” කියන ලිපිය බලා ගෙනම වැඩේට බහින්න. මොකද safety first කියලා සුද්දා කතාවක් කියලා තියෙනවානේ! ඒනිසාම ගිය කට්ටිය සියල්ල ඒවිධියටම තනි කෑල්ලටම එන්න මුල ඉඳන්ම plan කරන්න.)
දැන් බඩු සියල්ල බර අනුව වෙන් කර එක් එක් සාමාජිකයාට භාර දෙන්න.
ටෙන්ට් pitch කරණා  විට හුලං අත බලන්න . මෙහිදී භූගෝලීය පිහිටීම බොහෝ වැදගත් සාදකයක් !හදිසි  අවස්ථාවකදී පිටවිය හැකි මාර්ගය සොයා බලන්න. ගංගා ඉවුරු වල බොහෝ ටෙන්ට් එක pitch  කරන්නට ඇත්නම් එය හදිසි ජල ගැලීම් තත්වයකට මුහුණ දිය හැකි ස්ථානයක්  විය යුතුය. ටෙන්ට් pitch කරන්නට බොහෝ විට  ඇත්තේ එකම ආකාරයකටය. පලමුව ටෙන්ට් එක තමන්ට උවමනා දෙසට හරවා බිම එලා ගන්න. එය තාවකාලිකව pegs කූඤඤ මගින් රඳවා ගන්න. ඉන්පසු ටෙන්ට් එක ඇටවීමට   පටන් ගන්න. කාල සටහනට අනුව වැඩ අරඹන්න. ලැයිස්තුවේ ආකාරයට (skill inventory)  ආකාරයට  වැඩ බෙදා ගන්න.
Fire place හෝ ගිනි මැලය තරමක් ඈතින් තිබිය යුතුය. රාත්‍රියෙ ඇතිවන තද සුලඟින් ගිනි පුපුරු ටෙන්ට් එකට වැටීමට ඉඩ ඇත.
කෑම හැකි පමන කූඩරමෙන් පිට තබන්න  සමහර විට කෑමවල ඉවට වන සතුන් පැමිනීමට හේතු විය හැක. (උදාහරණයක්  ලෙස  පැනි රස කෑම වල සුවඳට වලසුන් පැමිනීමට ඉඩ ඇත. සමහර විට නිවෙස් වල ඇතිකරණා බල්ලන් කූඩාරම අසලට පැමිනි විට එම ඉවට පැමිනි දිවියන් කූඩාරම් වලට පහර දුන් අවස්ථා ඇත.) කසල බැහැර කරණ විටදීද පරිසරයට හානියක් නොවන ආකාරයට හැකි පමන ඈත ස්ථානයක් තෝරගන්න.
BBQ  එකක් දැමීමට බලා  පොරොත්තු වන්නේ නම් මස් හෝ මාළු  marinate කරගත යුතුවේ. මස් සඳහා ලුනු, ගම්මිරිස්, විනාකිරි  තිබිය යුතු වන අතර මාළු සඳහ ලුනු, ගම්මිරිස්, දෙහි, ඔලිව් තෙල් උපයෝගී කර ගන්න. පලමුව මිශ්‍රනය සකසා ගන්න. මිශ්‍රනය සැකසීමේදී මොහොතින් මොහොත රස බලමින් ලුනු, ඇඹුල්, සැර, සමබර කර ගන්න. ගෙන යාමේ පහසුව සඳහා අඟල් 6 පලල අඟල් 12 පමන දිග නොනැමෙන grill එකක් හෙවත් දැලක් සපයා ගන්න. ගිනි මැලයේ අඟුරු උපයෝගී කර ගෙන මස් හෝ මාළු පිසගන්න. මාළු පුළුස්සා ගැනීමේදී  ඇලුමිනියම් ෆොයිල් කෑල්ලක ඔතා ගන්න.
Camping site එකෙන් පිට වීමට පලමුව පරිසරයට කිසියම් හානියක් සිඩුව ඇත්නම්  එය යථා තත්වයට පත් කරන්න. ගිනි මැලය වතුර දමා මුළුමනින්ම නිවා දමන්න. නොදිරන දෑ සියල්ල ආපසු ගෙන ඒමට එකතු කරගන්න. ගෙනගිය සියල්ල රැගෙන පාසටහන් පමනක් ඉතිරි කොට පිට වන්න.

6 comments:

  1. මට කොහොමත් කෑම්පින් පිස්සුවක් තියෙනවා. ගයිඩින් කලෙත් ඒ හින්දා. කොහෙද ඉතින් කෑම්පින් එක්කගෙන ගියේ පිට්ටනියකටනේ!

    ReplyDelete
  2. මට මේක මගෑරිල නොවැ. කෝම උනත් ඒකාලෙ මෙික කියෙව්ව නම් මම හිතයි මේක වැඩකට නෑ කියල.

    ඒත් දැන් කට්ට කාල කාලම මේ සේරම 100%ක් මම පලෝ කරනව අයියන්ඩි. අත් දැකීම් මිනිස්සු සම්පූර්ණ කරනව.

    ReplyDelete
  3. මේවා ඕන කෙනෙකුට ව්කෘථි කිරීමකින් තොරව ලියන්න, කියන්න, ලියා පල කරණ්න පුළුවන් මගේ කිසිදු අවසරයකින් තොරව. ආයෙ මගේ. නං ගං ඕන නෑ! කාට හරි වැඩක් වෙනවා නම් එච්චරයි!

    ReplyDelete
  4. මේවා ලියලා අපිට යන්න හිතෙන විදිහට වැඩ ලෑස්ති කරන්න එපා...
    මුල සිට සරළව පෙලගස්වලා තියනවා. ජය...!

    ReplyDelete
    Replies
    1. අනේ මොන තරම් සතුටක්ද ඔබ මගේ උත්සාහය අගේ කිරීම! ඇත්තටම අපි ආශා කරණ බොහෝ දේ තියෙනවා පටන් ගන්න හැටි නොදන්නා. ඒ වගේම දන්නා අයගෙන් අපි අහන්නෙත් නෑ අපේ තියෙන "ගැට්ට" නිසා. ඒ වගේම දන්න උන් කියලා දෙන්නෙත් නෑ. ඉතින් මේ හින්දාමයි මම මේ ලිව්වේ. ඕනෑම කෙණෙකුට සරලව පටන් ගන්න පුළුවන් වෙන්න. මගේ ලිවීම අගය කිරීමටත් වඩා මා සතුටු වන්නේ එය ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදෙව්වොතින් තමයි!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...