සයිකලයකට අත තබාගෙන කණ්නාඩි දමාගෙන සිනහමුසු මුහුනින්
- සයිකල් ලකී
කඩවතට පැමිණි මුල් වකවානුවේ ඒ කියන්නේ මීට දශක තුනකට විතර පෙර තමයි ලක්ෂ්මන් මට මුණ ගැහෙන්නේ. කඩවතම ලක්ෂ්මන්ව දන්නේ "ලක්ෂ්මන් අයියා" නැතිනම් "ලකී අයියා" කියන ආදරණීය නාමයෙන්.
මේ බ්ලොග් එකේම එක තැනක මම ලක්ෂ්මන් අයියා ගැන ලියලා තියෙනවා. මෙන්න මෙතන. එතන තියෙන ටික උපුටලා මෙතන අලවන්නම්.
මාගේත් වසිකගේත් සයිකල් හැදුවේ කඩවත හයිවේ එන්ට්‍රන්ස් එක ළඟ ලකී අයියාය. ලකී අයියාගේ වින්කලය හෙවත් වැඩපොල තියෙන්නේ ඉලෙක්ට්‍රික් සරා හෙවත් සරත් අයියාගේ ගැරේජ් එකේ කට ගාවය.
මේ නිසාම සයිකල් හැදුවත් නැතත් බොහෝ සති අන්තවල; ලකි අයියාගේ වින්කලේට හොස්ස පෙවීම අපගේ සාමාන්‍ය සිරිතකි. ඊට තවත් හේතුවක් විය. සරාගේ වැඩ පොලේ ඉඳ ගැණීමට පුටුවක්, බංකුවක් සොයා ගැනීම නිකිණි සෙවීමක්ම විය. එහෙත් ලකි අයියාගේ වැඩ පොලේ එක් පසක බිත්තියට හේත්තු වූ දිග බංකුවකි.
සරාගේ ඉලෙක්ටික් ගරාජයට එන හැම දෙනාටම එම බංකුවේ ලැගීමට අවසර නැතත් අප වැනි යාව ජීව සාමාජිකයින් හට එතැනට සෙටමෝල් වීම අවුලක්ම නැති කාරණයක්ව පැවතුනි.
ඒ අපේ වාහනයේ ඉලෙක්ටික් වැඩේ කරණාතුරු ලකාර් එක ගැසීමටය.
"ආ! සරත් අයියා ගාවට ආවාද?"
ඒ වෙලාවට ලකි අයියා ගැඹුරු හඬින් අසයි!
අපිව දුටුවාම ලකී එයාගේ ගැඹුරු වොයිස් එකෙන් “ ආ ! කොහොමද ? “ කියන්නේ තාලෙට ඇදලා පැදලාය.
ලකී ද කොලු කාලේ සයිකල් ශූරයෙකි.
තවමත් ආරෝහ පරිනාහ දේහයකට හිමි කම් කියන හේ වරක් බොනිෆස් ලා හෙන්ඩර්සන් ලා සුමනවීරලා එක්ක පොලොන්නරුවට පැද තිබුනේය. ඒ කතාවද සුපිරිම කතාවකි.
ඒකාලෙ සයිකල් රේස් සඳහා මුලින් නම් ලියා පදිංචියක් තිබී නොමැත. ආරම්බක ස්ථානයට යන ඕනෑම කෙනෙකුට තරගයට සහභාගී විය හැකි වූ අතර ඒ සැමට; තරගය සඳහා ම නිර්මිත සුවිශේෂි ටී ෂර්ට් එකක් ලැබුනි.
මේ ටී ෂර්ට් එකක් හොයාගෙන එය ඇඳගෙන බයිසිකලයක් පැදීමද; සයිකල් රේස් එකකට සහභාගී වී දිනීම තරම්ම පොඩි කික් එකක් දෙන වැඩකි.
ඉතින් මම අමාරුවෙන් නොකිව්වාට කෙරුණු වැඩේ තේරුණා නේ?
ආරම්භක ස්ථානයෙන් ටී ෂර්ට් එක ඇඳගෙන රේස් එක සමග හැතැම්මක් පමණ පැද; නැවතී ටී ෂර්ට් එකද රැගෙන නෝන්ඩි නැතිව ගෙදර එන අයියලා එකල බොහෝ සිට ඇත!
ලක් පොහොර දීපවියාප්ත මහා සයිකල් ධාවන තරඟය 1984 හෝ 1986 විය යුතුය.
ලකී තම යාළු මිත්තරයින් කිහිප දෙනෙකු සමග පාන්දරම ගෝල්ෆේස් පිට්ටනිය දෙසට පැමිණියේ ටී ෂර්ට් කිහිපයක් "ගල්" කිරීමේ අවංක චේතනාව මුල් කරගෙනය.
පොතේ විදියටම සියල්ලන්ටම ටී ෂර්ට් ලැබුනාලු. එතැන් පටන් තරගය ඇරඹුනු පසු අපේ ලකි අයියත් පදින්න පටන් ගත්තාලු.
"මමත්: බොනියලා සුමනෙලා එක්ක එක පොදියට සෙට් වෙලා පදින්න ගත්තා!
අපි ආවෙම කිරිබත්ගොඩින් හරි කඩවතින් හරි නවතින්න බලාගෙන.
පැද්දා නිට්ටඹුවට .
තව යන්න පුළුවන්. වරකපොලට ගියා ම්හු!
කුරුණෑගලට ගියත් තව යන්න පුළුවන් වගේ .
ඔය විදියට මම පොළොන්නරුවේ ගල්ලෑල්ලටම ගියා !” ඔය ලකි අයියාගේ වදන් ය.
“යනකොට මග දිගට වැස්ස. මාව හබරණදි වැටුනා!
ගල්ලෑල්ලට එකට ගියේ සුමනෙ . දෙක බොනියා .
ඒ ඔක්කොම රේසින්ග් ඈ !?
මම හය !
ස්ටැන්ඩර්ඩ් වලින් එක !
එනකොට දඹුල්ලට විතරයි ආවෙ. අසනීප උනා. පස්සේ ඇම්බුලන්ස් එකෙන් ගෙදර ආවා!
එහේ අපිට නවතින්නවත් කන්නවත් තිබුනේ නෑ.
මම පංසලක රැ නැවතුනේ.
රෑට කඩේකින් ගෙන්නගත්තු බත් එකක් කාලා බඩත් අවුල් උනා !”
1973 සිට 1994 දක්වා තරග දහසකටත් වඩා හේ පැද ඇත.
මේ කතාන්දර අහන්නට පුළුවන් වන්නේ රිම් ඇද අරින "බකල් අච්චුව" ලඟ නිස්කාන්සුවේ ඉන්නා වෙලාවටය.
නැතිනම් ලකී අයියා හැමදා හැම වෙලාවේම එකසිය ගානට වැඩය!
මාගේ Scott එකද මා හා හා පුරා කියා ගෙන ගියේ ලකි අයියාගේ රජ දැක්මටය.
“අප්පා……. මේක සුපිරි භාන්ඩයක්නේ !”
පුරුදු පරිදි ලකි අයියා තම ගොරෝසු හඬින් ඇද පැද කීවේය.
ඒ බෞතීස්මය මට ඉහටත් උඩින් ය!
මධුෂාන්ගේ අලුතගෙනා Giant මනමාලිය ද කඩවතදී ලකීව බැහැදැක්කේය !
“අප්පා……. මරු සයිකලයක්නේ . . !?”
ලකි අයියා එයටද නියත විවරණ දුන්නේය.
අද වුවත් ලංකාවේ කොයි අස්සක් මුල්ලකහෝ හමුවන පැරණි ධාවකයෙක් "කඩවත ලකී" ව හඳුනයි. ඔහු පදින තරග ආරම්භක ස්ථානයට ගොස් ඔහුගේ දෙපාවල මස් පිඩු බලා සිටිය අයුරු වරෙක මා හට මිතුරෙකු පැවසීය.
ලකි අයියලා සයිකල් රෙස් පැද්දේ; සයිකල් රේස් ක්‍රීඩාවේ ස්වර්නමය යුගයකය. එකල බොහෝ ගමක කොල්ලෙකු රැලේ සයිකලයක් අටවාගෙන රේස් පදින්නට පුහුණු වනු උදෑසනට දකින්නට හැකියාව තිබුනි.
"සුමනෙගෙ සයිකලේ එක අතින් උස්සන්න පුළුවං . .!" ඔවැනි කතා එකල කඩපිල් වල කතාවුනි.
'අළුතින් බොනියා ගෙනල්ල තියෙන භාන්ඩෙ ඇඟිල්ලෙන් උස්සන්න පුළුවං!" මේවා ඇත්තද? මෙච්චර සහැල්ලුවට බයිසිකල් හදන්න පුළුවංද? අපි අපගෙන්ම ඇසුවෙමු!
එකල සිටි; බොහෝ සයිකල් රේස් පදින්නන් මෙන්ම ලකි අයියා නැවතුනේ වින්කලයකිනි. කඩවත නගරයේ පහල මායිමට ආසන්නව ඔහුගේ වින්කලය පැවතුනි. එම කුඩා කඩ කාමරයට අයිතිකරුවන් ලබා ගත්තේ ඉතා සොච්චම් මුදලකි.
"මට කියලා තියෙන්නේ; මට පුළුවන් කාලයක් වින්කලේ කරගෙන යන්න කියලයි!" ලකි අයියා ව්දිනක් මට පැවසීය.
මා පළමුව ලකි අයියා හමුවට ගිය දවසේ "දැන්නං බෑ! අද තියා මේ සතියෙ වත් මම වැඩ භාර ගන්නෑ!" ගැඹුරු හඬින් පැවසූ අයුරු අද වාගේ මතකය!
"මොන බක පණ්ඩිතයෙක්ද මංදා මූ නං!?" මම මටම කියා ගත්තෙමි.
"මම ඔයාට තැනක් කියන්නං යන්න! එයා මගේ ගෝලයෙක් . . !" ලකීගේ ඒ කතාව එක්ක මට තවත් මල පැනීය.
"මගෙ ගෝලයෙක්! - මගුල!" මම පුණරුච්ඡාරණය කලෙමි. "රෙද්ද!"
ඊට බොහෝ කාලෙකට පසුව ලකි අයියා මා ගජ මිතුරන් විය. එහෙං මෙහෙං මමත් තරමක දුරක් පදින බව දැන ගන්නට දැන ගන්නට ඔහු වඩ වඩාත් මා සමග මිතුරු විය.
කාලය සමග ලකි අයියාගේ දණ හිසේ ආභාධය හට ගැනුනි. ඒ අධික ලෙස සයිකල් පැදීම නිසා කියා මා සිතූවද ඔහු පැවසූවේ සයිකල් අළුත්වැඩියා කරණ විට කුඩා බංකුවක; පැයකට විසි තිස් වතාව ඉන්ද ගැනීමටත් නැගිටීමටත් සිදුවූ නිසා කියාය.
තවත් කාලයක් යන විට ලකි අයියාගේ කට හඬ වෙනස් විය. ඒ වන විට ඔහුට වයස හැටක් හැට පහක් වන්නට ඇත.
"මට අංස භාගෙ හැදීගෙනලු එන්නේ . . !" දිනක් ඔහු වේදනා භරිතව මා සමග කීවේය!
"අම්මට සිරි . . ! මමත් දන්නා වෙද්දුන් දොස්තරලා ලැයිස්තුවක් ඔහුට කීවේය.
තවත් කලක් යන විට ලකි අයියාට කතා කිරීම බෙහෙවින් අපහසු විය. බොහෝ වචන හඬ නගා නොකියා; සයිකල් වැඩ පොල ඇතුලේ තිබුණු මේසයක ඇඟිල්ලෙන් ඇඳ පෙන්වීමට හේ නැඹුරු විය.
ඊළඟ මාස කිහිපය ඔහු වැඩ කලේ මුඛය ලේන්සුවකින් වසාගෙනය.
ඒ අතර කාලය තුල කඩවත නගරයේ ඒ ඉසව්වට හැම විටම ඔහුව බැහැ දැකීමට ගියෙමි. එහෙත් කිසි විටෙක් ඔහු හා අල්ලාප සල්ලාපයේ යෙදීමට උත්සාහ කලේ වත් නැත. මන්ද ඒ වන විට හේ සම්පූර්ණයෙන්ම කතා කල නොහැකි තත්වයකට පැමිණ තිබුණු බැවිණි. කුමණ හෝ කටයුත්තකට මා ප්‍රදේශයෙන් ඉවත්ව සති ගණනකට පසුව පැමිණ ලකී අයියාගේ වින්කලය ඉදිරියෙන් යන විට එහි වහලයේ සවිකොට තිබුනු බෝඩ් ලෑල්ලේ එක් පසෙක සුදු කොඩියක් බිමට පහත්ව තිබුනි!
පසු ගිය කාලය පුරා මාස කිහිපයක් ලකි අයියාගේ අක්කා (බිරිඳ) එහි පැමිණ තවත් කාර්මිකයෙකු සමග එක්ව භාර ගෙන තිබුණු වැඩ ටික අවසන් කිරීමට උත්සාහ ගනිමින් විය.
අද උදෑසන මා කඩවත නගරයට ගියේ ඩයලොග් බිලක් ගෙවා දැමීමටය. එවිට මා දුටු දසුනෙන් හිත දෙදුරුම් කෑවේය. මම වාහනය පසෙක නවතා එතැනට ගොස් ඡායාරූප කිහිපයක් ගතිමි. මේ පහතින් ඇත්තේ ඉන් කිහිපයකි. යුගයක් එසේ අවසන් විය.
කාලය මැව් වෙනසක අරුමේ.
ReplyDeleteමම විජේබාහු
අරුමයක් නෑ විජේභාහු මහත්තයා. දැඩි කණගාටුවක් තියෙන්නේ.
Deleteකතාව ආරම්භයේදීම මේ පහලින් තියෙන ටික හැලිලා! අදයි දැක්කේ. දැන් ඒ ටිකත් දැම්මා. සමාවෙන්නෝන එකසිය ගානට.
Deleteලක් පොහොර දීපවියාප්ත මහා සයිකල් ධාවන තරඟය 1984 හෝ 1986 විය යුතුය.
ලකී තම යාළු මිත්තරයින් කිහිප දෙනෙකු සමග පාන්දරම ගෝල්ෆේස් පිට්ටනිය දෙසට පැමිණියේ ටී ෂර්ට් කිහිපයක් "ගල්" කිරීමේ අවංක චේතනාව මුල් කරගෙනය.
පොතේ විදියටම සියල්ලන්ටම ටී ෂර්ට් ලැබුනාලු. එතැන් පටන් තරගය ඇරඹුනු පසු අපේ ලකි අයියත් පදින්න පටන් ගත්තාලු.
"මමත්: බොනියලා සුමනෙලා එක්ක එක පොදියට සෙට් වෙලා පදින්න ගත්තා!
අපි ආවෙම කිරිබත්ගොඩින් හරි කඩවතින් හරි නවතින්න බලාගෙන.
පැද්දා නිට්ටඹුවට .
තව යන්න පුළුවන්. වරකපොලට ගියා ම්හු!
කුරුණෑගලට ගියත් තව යන්න පුළුවන් වගේ .
ඔය විදියට මම පොළොන්නරුවේ ගල්ලෑල්ලටම ගියා !” ඔය ලකි අයියාගේ වදන් ය.
“යනකොට මග දිගට වැස්ස. මාව හබරණදි වැටුනා!
ගල්ලෑල්ලට එකට ගියේ සුමනෙ . දෙක බොනියා .
ඒ ඔක්කොම රේසින්ග් ඈ !?
මම හය !
ස්ටැන්ඩර්ඩ් වලින් එක !
එනකොට දඹුල්ලට විතරයි ආවෙ. අසනීප උනා. පස්සේ ඇම්බුලන්ස් එකෙන් ගෙදර ආවා!
එහේ අපිට නවතින්නවත් කන්නවත් තිබුනේ නෑ.
මම පංසලක රැ නැවතුනේ.
රෑට කඩේකින් ගෙන්නගත්තු බත් එකක් කාලා බඩත් අවුල් උනා !”
මට හිතුනා ටිකක් අඩුයි වගේ,
Deleteලකී අයියාට නිවන් සුව!
ReplyDeleteඅළුත් පරම්පරාවේ අය මේ වගේ රැකියා වලට අකමැතියි නේද?. බයිසිකල් හදනවා තියා පදින්නවත් කැමති නැති අයනේ වැඩියෙන් ඉන්නේ.
ඔව් සෑම් මහත්තයා! මම කැන්ගරු දේශයට ආපු කිහිප වතාවකදීම සොයා බැලුවා TAFE පාසලකින් බයිසිකල් අළුත්වැඩියාව පිළිබඳව විද්‍යාත්මකව හදාරණ්න. එහෙම තැනක් හොයාගන්නට බැරි උනා!
Deleteකතාව ආරම්භයේදීම මේ පහලින් තියෙන ටික හැලිලා! අදයි දැක්කේ. දැන් ඒ ටිකත් දැම්මා. සමාවෙන්නෝන එකසිය ගානට.
Deleteලක් පොහොර දීපවියාප්ත මහා සයිකල් ධාවන තරඟය 1984 හෝ 1986 විය යුතුය.
ලකී තම යාළු මිත්තරයින් කිහිප දෙනෙකු සමග පාන්දරම ගෝල්ෆේස් පිට්ටනිය දෙසට පැමිණියේ ටී ෂර්ට් කිහිපයක් "ගල්" කිරීමේ අවංක චේතනාව මුල් කරගෙනය.
පොතේ විදියටම සියල්ලන්ටම ටී ෂර්ට් ලැබුනාලු. එතැන් පටන් තරගය ඇරඹුනු පසු අපේ ලකි අයියත් පදින්න පටන් ගත්තාලු.
"මමත්: බොනියලා සුමනෙලා එක්ක එක පොදියට සෙට් වෙලා පදින්න ගත්තා!
අපි ආවෙම කිරිබත්ගොඩින් හරි කඩවතින් හරි නවතින්න බලාගෙන.
පැද්දා නිට්ටඹුවට .
තව යන්න පුළුවන්. වරකපොලට ගියා ම්හු!
කුරුණෑගලට ගියත් තව යන්න පුළුවන් වගේ .
ඔය විදියට මම පොළොන්නරුවේ ගල්ලෑල්ලටම ගියා !” ඔය ලකි අයියාගේ වදන් ය.
“යනකොට මග දිගට වැස්ස. මාව හබරණදි වැටුනා!
ගල්ලෑල්ලට එකට ගියේ සුමනෙ . දෙක බොනියා .
ඒ ඔක්කොම රේසින්ග් ඈ !?
මම හය !
ස්ටැන්ඩර්ඩ් වලින් එක !
එනකොට දඹුල්ලට විතරයි ආවෙ. අසනීප උනා. පස්සේ ඇම්බුලන්ස් එකෙන් ගෙදර ආවා!
සුපුරුදු පරිදිම ලෙසටම ලියල තියනවා. අන්තිම හරිය කියවද්දී හිත කීරී ගැහුනා. ලකී අයියාට නිවන් සුව!
ReplyDeleteස්තූතියි බස්සා! බොහොමත්ම ස්තූතියි මෙහෙම ඇවිත් මගේ හිතේ ඇති දුක කණගාටුව බෙදා හදා ගත්තාට.
Deleteඇත්තටම මම උත්සාහ ගත්තේ නෑ රසවත්ව ලියන්න.
හුදෙක් වාර්ථාවක් පමණයි!
කතාව ආරම්භයේදීම මේ පහලින් තියෙන ටික හැලිලා! අදයි දැක්කේ. දැන් ඒ ටිකත් දැම්මා. සමාවෙන්නෝන එකසිය ගානට.
Deleteලක් පොහොර දීපවියාප්ත මහා සයිකල් ධාවන තරඟය 1984 හෝ 1986 විය යුතුය.
ලකී තම යාළු මිත්තරයින් කිහිප දෙනෙකු සමග පාන්දරම ගෝල්ෆේස් පිට්ටනිය දෙසට පැමිණියේ ටී ෂර්ට් කිහිපයක් "ගල්" කිරීමේ අවංක චේතනාව මුල් කරගෙනය.
පොතේ විදියටම සියල්ලන්ටම ටී ෂර්ට් ලැබුනාලු. එතැන් පටන් තරගය ඇරඹුනු පසු අපේ ලකි අයියත් පදින්න පටන් ගත්තාලු.
"මමත්: බොනියලා සුමනෙලා එක්ක එක පොදියට සෙට් වෙලා පදින්න ගත්තා!
අපි ආවෙම කිරිබත්ගොඩින් හරි කඩවතින් හරි නවතින්න බලාගෙන.
පැද්දා නිට්ටඹුවට .
තව යන්න පුළුවන්. වරකපොලට ගියා ම්හු!
කුරුණෑගලට ගියත් තව යන්න පුළුවන් වගේ .
ඔය විදියට මම පොළොන්නරුවේ ගල්ලෑල්ලටම ගියා !” ඔය ලකි අයියාගේ වදන් ය.
“යනකොට මග දිගට වැස්ස. මාව හබරණදි වැටුනා!
ගල්ලෑල්ලට එකට ගියේ සුමනෙ . දෙක බොනියා .
ඒ ඔක්කොම රේසින්ග් ඈ !?
මම හය !
ස්ටැන්ඩර්ඩ් වලින් එක !
එනකොට දඹුල්ලට විතරයි ආවෙ. අසනීප උනා. පස්සේ ඇම්බුලන්ස් එකෙන් ගෙදර ආවා!
හැමදේම අනිත්‍යයි
ReplyDeleteඔව් අයියේ ඒකනම් ඇත්ත. ඒත් ඒ මිනිස්සු කවදාකවත් සැපක් විඳි, ජයක් ලබපු අය නෙවෙයි කියලා හිතන කොට බොහෝ සෙයින් හිත බර වෙනවා.
Deleteතම වැර වෑයමෙන් ක්‍රීඩාවක් කරලා අන්තිමට මැරෙන තෙක්ම සයිකල් සමග දිය උනු ජීවිත!
එයාට ඕන උනා එයාගේ පුතා (හෝ පුතුන් දෙදෙනා) යහපත් පුරවැසියන් කරණ්නට. ඒත් ඔහු (හෝ ඔවුන්) මත් රකුසාට බිළි උනා.
ස්තූතියි ආවාට!
කතාව ආරම්භයේදීම මේ පහලින් තියෙන ටික හැලිලා! අදයි දැක්කේ. දැන් ඒ ටිකත් දැම්මා. සමාවෙන්නෝන එකසිය ගානට.
Deleteලක් පොහොර දීපවියාප්ත මහා සයිකල් ධාවන තරඟය 1984 හෝ 1986 විය යුතුය.
ලකී තම යාළු මිත්තරයින් කිහිප දෙනෙකු සමග පාන්දරම ගෝල්ෆේස් පිට්ටනිය දෙසට පැමිණියේ ටී ෂර්ට් කිහිපයක් "ගල්" කිරීමේ අවංක චේතනාව මුල් කරගෙනය.
පොතේ විදියටම සියල්ලන්ටම ටී ෂර්ට් ලැබුනාලු. එතැන් පටන් තරගය ඇරඹුනු පසු අපේ ලකි අයියත් පදින්න පටන් ගත්තාලු.
"මමත්: බොනියලා සුමනෙලා එක්ක එක පොදියට සෙට් වෙලා පදින්න ගත්තා!
අපි ආවෙම කිරිබත්ගොඩින් හරි කඩවතින් හරි නවතින්න බලාගෙන.
පැද්දා නිට්ටඹුවට .
තව යන්න පුළුවන්. වරකපොලට ගියා ම්හු!
කුරුණෑගලට ගියත් තව යන්න පුළුවන් වගේ .
ඔය විදියට මම පොළොන්නරුවේ ගල්ලෑල්ලටම ගියා !” ඔය ලකි අයියාගේ වදන් ය.
“යනකොට මග දිගට වැස්ස. මාව හබරණදි වැටුනා!
ගල්ලෑල්ලට එකට ගියේ සුමනෙ . දෙක බොනියා .
ඒ ඔක්කොම රේසින්ග් ඈ !?
මම හය !
ස්ටැන්ඩර්ඩ් වලින් එක !
එනකොට දඹුල්ලට විතරයි ආවෙ. අසනීප උනා. පස්සේ ඇම්බුලන්ස් එකෙන් ගෙදර ආවා!
එතුමාට සුගතිගාමි ප්රතිජිවනයක් ලැබේවායි පතමි....
ReplyDeleteඇත්තටම ලකි අයියාට හැදුනු ලෙඩේ මොකක්ද?
කොළොම්පුරේ අසංග
අංශ භාග රෝගයේ ප්‍රබේධයක්!
Deleteස්තූතියි අසංග මේ පැත්තේ ආවාට!
Yugayaka awasaanaya.
ReplyDeleteohoma riyal minissu dan naaaa.
Suba Gamanak Lucky ayyaa.
ස්තූතියි!
Deleteලකී අයියට වෙච්ච දේ ගැන ගණගාටුයි.
ReplyDeleteසුමනවීරගෙ සයිකලේ එක අතකින් උස්සන්න පුලුවං කියන කතාවනං මාත් ඒ කාලෙ අහල තියෙනව.
ඔව් නයා! ලකි අයියා ගියා.
Deleteඅප්පා, ඉතා සංවේදී සිදුවීමක්. එතරම් සමීප කෙනෙකුගේ වියෝව ආරංචිනොවීම සහ අප ආගිය එම වින්කලේ අවසන් චායාරූප ගැනීමට අවසාන මොහොතේ හෝ හැකිවීම දෛවෝපගතයි. කඩවත ලකී පරිච්චේදය එසේ අවසන් උනා එහෙනම්...
ReplyDeleteඔව් මධුශාන් ලකි අයියා ආයේ නො එන්නම ගියා! එයා දුන්නු; ෆ්‍රී වීල් ගලවන පොඩි ටූල් එකක් තියෙනවා මතකයට!
Deleteමම ලකී අයියා අදුනගෙන වසර 20 ක වගේ වෙනවා. මුලදී මටත් ඔහුව එතරම් ප්‍රිය උනේ නැහැ. ඔහුගේ මුල්ම කතා බහා නිසා මට ඔහු උඩගු කෙනෙක් බව පෙනුනේ.
ReplyDeleteඑහෙත් පසුව ඔහුව නිවැරදිව හදුනා ගත්තේ.
අද සවස මා එතනින් යන විට ජායාරුපයක් ගත්තා. එම වින්කලය සහිත ගොඩ නැගිල්ල කඩා ඉවත් කරන බවක් පෙනුනේ. ලෝක සොබාවය ඔහොම තමයි නේද?
ජායරුපය මෙතනින්
ස්තූතියි අජිත් ධර්මසේන මහත්තයා; මගේ කතාවට බරක් දාලා ලිව්වාට. ඔව් එතන බිත්ති වගයක් බඳිනවා මමත් දැක්කා ඊයේ වෙනකොට!
Deleteබයිසිකල් අළුත්වැඩියාව/ඇසෙම්බල් කිරීම ගැනත්, රේසිං බයිසිකල් වල බර ගැනත් මීට අවුරුදු තිහකට විතර ඉස්සෙල්ලා මාත් සමග සේවය කල ඔසියෙකුගෙන් අහන්න දකින්න ලැබුනා. ඩැරිල් පර්කින්ස් (Daryl Perkins) කියන බයිසිකල් රේස් කාරයා 90 දශකයේ මා සමග සේවය කළා. එයා කොමන්වෙල්ත් සිල්වර් මෙඩලිස්ට් වගේම ඔලිම්පික් සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කල අයෙක්. එයා, පාර්ට් ටයිම් ජොබ් එකක් හැටියට රේසිං බයිසිකල් ඇසෙම්බල් / නඩත්තු කළා. ඒ කාලේ මගේ කාර් එක ඩොලර් දෙතුන්දාහක් වෙද්දී, එයා හදන රේසිං බයික් එකක් දහ දොළොස් දාහක් වෙනවා. මම ඔය ගැන උනන්දු නිසා මිනිහා මට (කාබන් ෆයිබර්) බයිසිකල් ෆ්‍රේම්, ගියර්, පැඩල්, හැන්ඩ්ල් වගේ කොටස් ගෙනැල්ලා ඒවායේ වැඩ කිඩ ගැන කියනවා. ඒවායේ සැහැල්ලු කම අත් දුටුවාම, මේ වගේ බයිසිකල් තිබුනා නම් අපිටත් සුමනවීරටයි, බොනිෆස් ටයි පිටිපස්සෙන් පදින්න තිබුනා නේද කියලා හිතනවා.
ReplyDeleteතවත් සිද්ධියක් මතක් උනා. මගේ බැචාලා දෙන්නෙක් එක්ක අපි බයිසිකල් වලින් හයි ලෙවල් පාර දිගේ උදේ පාන්දරම දුර ට්‍රිප් එකක් යනකොට රේසිං බයිසිකලේකින් කෙල්ලෙක් අපිට ඉස්සර කරලා ගියා. එක යාළුවෙකුට ටිකක් "රේසිං උණ" තියනවා. උඹලා දෙන්නා හිමිං වරෙන්, මම මෙයා එක්ක රේස් එකක් යන්නම් කියලා ගියා. පස්සේ එයා මග නැවතිලා ඉන්නවා. රේස් එකෙන් දිනුවද කියලා අහපුවාම කිව්වේ පිස්සුද බං ඒ "ඇලෝමා" !
ඇත්තටම අපි පදින්නේ සයිකල් නෙවේ - හිරමණ!
Deleteමගේ පාසල් මිත්‍රයෙක් ඉන්නවා තදේටම පදින. එයාට මම කිව්වාම මම පදින්නේ Scott එකක් කියලා - එයාට මාර ආතල්. Scott කියන්නේ ලෝකෙ හොඳම සයිකල් 10 අතරේ තියෙන එකක් කියලා එයා කියනවා.
එයාට තේරුණේ නෑ අපි කොහේ හරි ගිහින් ගෙවල් කොහේද කියලා ඇහුවාම "කොළඹ" කියලා කිව්වට; කොළඹ කොහේද කියලා ඇහුවාම ලැජ්ජාව බැරල් එකෙන් වහගෙන "නිට්ටඹුවේ" කියන එවුං කියලා!
මේ Ed Scott මහත්තයා පුරුදු වෙන්න හදාපු දෙවෙනි සයිකලේ කියලා!
අම්මට සිරි ඇළෝමා ඌව උඩ තියාන පදින්න ඇති!
ආපසු හැරිලා බලනකොට දැනෙන එක දෙයක් තමයි අප සමග සිටිය යුතු වටිනා මිනිස්සු බොහොමයක් අකල්හී අප හැරගිහින් කියන එක.
ReplyDeleteසත්තකින්ම! අපිට යන්න තියෙන්නේ කවදාද කියා ඇඟිළි ගනිමින්!
Deleteමට මතක් වුණේ, ගණේමුල්ලෙ ලකී අයියා. ඔය පෙනුම මයි. උසයි. කටහඬ ගැඹුරුයි. බයිසිකල්වලට වගේ ම වාමාංශික ව්‍යාපාරයටත් අසීමිතව ආදරය කරපු. ගෝලයො බර ගාණක් හැදුවා. උං ඔක්කොම අවුරුද්දෙන් දෙකෙන් ලකි අයියව දාලා ගමේ ගිහිං විංකල් දා ගත්තා.
ReplyDeleteතව මතකයක් තමයි, අපේ සෝබනයා. අපි දවසක් බෙම්මුල්ල පැත්තෙ පාරක් දිගේ යනව, බයිසිකලයක් තල්ලු කරං, විංකල් පියදාස හොයාගෙන. අපි ඇත්තට ම දන්නෑ එහෙම කෙනෙක් ඉන්නව ද කියලා. ඒ තප්පරේට සෝබනයා හදාගත්ත නමක්. මග දිගට හම්බෙන පොඩි ළමයිගෙන් අහනව, "මල්ලි, විංකල් පියදාස අයියා ඉන්නෙ ඉස්සරහ ද?" කියලා. උං උඩ බිම බලනව, ඒ කවුද ඒ කියල අහනව වගේ...
ඉතා රසබර මතක! බොහොමත්ම ස්තූතියි මේ පැත්තේ ආවාට.
Deleteමේ දැන් පැය කාලකට කලින් දියෙස් කඩේ අයිය එක්ක ඔයා මතක් කළා
Deleteඅඩෝ නෑ!
Delete😀
Delete++++++++++++++
ReplyDelete! ! ! ! ! ! !
Deleteඅද තමයි මුලින්ම මේ කොලම කියවන්න ලැබුනෙ...මේ මුල් ලිපිය මම කියවපු ...මුල ඉඳන් අගටම කියවන්න හිතෙන ලෙස ඇද බැද තබා ගන්නා බාශා හැසිරවීමේ රටාව අගය කරමි. සුබ පතමි ❤️👍
ReplyDeleteබොහොමත්ම ස්තූතියි!
Deleteමුල සිට කියවගෙන එන්න.
එහි මාගේ ජීවිතයේ රටාව කියැවෙනවා.
ස්තූතියි නැවත එන්න!
ලකී අයියා මාර පොරක්නෙ අයියෙ..
ReplyDeleteරේසින් බයික් එක්ක ස්ටෑන්ඩඩ් පැදපු කතාව ඔයා මීට කලින් කොහේ හරි තැනක ලියලා හරි, කියවලා හරි තියෙනවා මතකයි... ඔයාලා තරුණ කාලෙ තිබුන ලස්සන දේවල් අපි දැක්කෙ හරි අඩුවෙන්.. මේ බයිසිකල් වැඩෙත් ඒවගේ ලස්සන වැඩක්...
ඔව් මල්ලි මම ඒක; මගේ තල් අරණට සයිකලෙන් ගිය සීන් එකේද කොහෙද ලියලා තිබුනා!
Deleteජයවේවා!