මම මේ කල්පණා කලේ මේ හෑල්ල ආකෘථ පිරමීඩ න්‍යායෙන් ලියන්නද අනුපිළිවෙළ ලියන්නද කියලා.
ඕ. පු කියලා ඔන්න ඔහේ ලියනවා.
මම ඔටෝ මිරාජ් එකේ ඉන්න කාලේ මට හිටියා සහකාර කළමණාකරුවො දෙන්නෙක් එක්කෙනෙක් මගේ ආදරණීය මිත්‍රයා රුශාන් ගමගේ මල්ලි. ඌ තමයි මෙහෙයුම් සහකාර කළමණාකරු උනේ.
තවත් ආතල් බුවෙක් හිටියා අසේල කියලා. ඇඟපත එහෙම හොඳට තියෙන, බර වොයිස් එකෙන් කතා කරණ, කතා කලොත් ටෝක් දෙන කෙනෙක්. මෙයා තමා සහකාර කළමණාකරු - කාර්මික! එයා ජර්මන් ටෙක් එකෙන් එළියට ඇවිත්; මෙහේ ඩිපෝ වල එහෙම වැඩ කරලා මැද පෙර දිග ගිහින් ආපු කෙනෙක්.
"මොනාද මිස්ට මංජුල කියන්නේ . . . " කියලා තමයි මෙයා ඕන ටෝකක්; පොර ටෝකක් බවට පෙරලා ගත්තේ. ටික වෙන්න පණ්ඩිත උනාට යමක් කමක් කරගන්න පුළුවන් මනුස්සයෙක්!
මෙයාගේ ටීම් එකේ හිටිය මිකැනික් ලා එහෙම නැත්නම් කාර්මිකයෝ කිහිප දෙනෙක් අස් වෙලා ගියා. අසේල එක්ක වැඩ කරණ එකත් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි කියලයි හැමෝම කියන්නේ. ඉතිං මේ නිසාම මෙතන වැඩක් හරියට කෙරුණෙම නෑ. මොකද වැඩක් ගත්තොත් එතන ඉන්න ඇච්චි කොල්ලෙක් දෙන්නෙක් අල්ලගෙන අසේල අතින් තමයි වැඩේ ගොඩ ගියේ.
මේ නිසාම අපි සම්මුඛ පරීක්ෂණ හෙවත් තේරෙණ සිංහලෙන් කියනවා නම් ඉන්ටර්වීව් කරණ්න පටන් ගත්තා අපිට ප්‍රාණයක් සොයා ගන්න. ප්‍රාණයක් කිව්වට ඇත්තටම ඒක අසේල දෙයියන්ට දෙන නර බිල්ලක් වගේ එකක්.
ඉතිං ඉල්කෝල වලින් එළියට ආපු ගමන්; ටෙක් වල කෝස් එකක් එහෙම කරපු පොඩි කොල්ලේ දෙතුන් දෙනෙක්ම අපි එක දිගට විටෙන් විට ඉන්ටර්වීව් කලා.
ඉන්ටර්වීව් බෝඩ් එකේ හිටියේ මමත් රුශානුත් අසේලත් තිදෙනායි.
මම පළවෙනියෙම්ම කරණ්නේ; අපි ඉස්සරහ; මරණ්න ගෙනාපු එළුවෙක් වගේ ඉන්න තරුණයාව තිගැස්ම නැති වෙන්න කතා කරණ එකයි. කොලුවා ටිකක් නෝමලයිස් වෙලා බැලන්ස් උනාම අසේලට කියනවා ප්‍රශ්ණයක් දෙකක් අහන්න කියලා.
ඊට පස්සෙ තමයි වැඩේ සුපිරිම සිද්දිය වන්නේ.
අසේල රැල් බුරුල් ඇරලා අහනවා බර දාලා ප්‍රශ්ණයක් ආපු කොල්ලට "හික්" ගෑවෙන්න. අනේ කොල්ලාගෙ තොල කට වේලිලා සුදුමැළි වෙනවා. ඌ; කාමරේ ඇතුලට ආපු දොර දිහා බලන්නේ පැනලා දුවන්න වගේ.
ඒ එක්කම ආයේ අහනවා ප්‍රශ්ණයක් කොල්ලට තියා ගොඩ්ලිබ් ඩේම්ලර්ගේ කිරි අප්පුච්චටවත් උත්තර දෙන්න ගියොත් "අම්මට සිරි" වෙන්නම! ඔහොම අති භිහිසුණු, ලොමු ඩැහැගන්වන සම්මුඛ පරීක්ෂණ විනාඩි 15 ක් තුල පණ බේර ගත්තු කොල්ලා යන්නේ ආපහු හදිස්සියේ බස් එක කැඩුනත් ඔටෝ මිරාජ්ජෙක පැත්තෙන් පයිං යන්නෙවත් නෑ කියලා හිතට අරං.
"වැඩක් නෑ මිස්ට මංජුල . . . !" අසේල කියන්නේ ගෙදරට ආපු හොරෙකුට හතර හන්දි කැඩෙන්න ගහපු ලයින් එකෙන්.
මේ විදියට; අසේල; කොල්ලො හතර පස් දෙනෙක්ගෙම මොළේ කෑවාට පස්සෙ තවත් හයක් හතරක් දන්නේ නැතිව එකෙක් ඉන්ටර්වීව් ආවා.
කොල්ලව ඉන්ටර්වීව් එකට බෝඩ් රූම් එක ඇතුලේ ඉන්දවන්න කියපු මම මගේ මේසේ ඉස්සරහින් අසේලවයි රුශාන්වයි වාඩි කර ගත්තා!
මම මගේ මෙසේ උඩ තිබුනු සිලිකන් ටියුබ් එක අතට ගත්තා. ඇත්තටම අපි පුරුද්දට කටවහරට; සිලිකන් ටියුබ් එක කිව්වාට මේකට කියන නියම නම RTV Silicone Gasket Maker කියන එකයි.
ඔය පහලින් තියෙන්නේ ඒවා දෙක තුනක පිංතූර.
ඇත්තටම මේ ටියුබ් එක ඇතුලේ තියෙන්නේ නිකං කොහොල්ලෑ වගේ එකක් බව හැමෝම දන්නේ නැතුව ඇති කියලා ටිකක් ඒ ගැන ලියන්නංකෝ.
වාහනේක හරි වෙනයම් උපකරණයක කොටස් දෙකක් සවි කිරීමට යන විට එහි මූනත් දෙක මැද්දට; ඒ කාලේ කිරළ පැකිං, පැකින් පේපර් පැකිං, රබර් පැකිං දානවා වගේ මේ "කොහොල්ලෑ" ටිකක් පලු දෙකේ ගාලා එකට තියලා ඇන දාන එකයි කරණ්නේ.
මේ යට පිංතූරේ තියෙන්නේ එන්ජිමක සම්ප් oil Sump හෙවත් තෙල් දෙන එන්ජින් බ්ලොක් එකට සවි කිරීමට පෙර තෙල් කාන්දු නැවතීමට (නිල් පැහැතී කඩදාසි පැකින් එකකින් මුද්‍රාවක් යොදන ආකාරයයි.
ඉහත කඩදාසි පැකිං එක වෙනුවට සීලන්ට් යෙදීම පහත රූපයෙන් දැක්වේ.
දැන් අසේල ලොක්කයි රුශානුයි ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා. මම මේසෙ උඩ තිබ්බ; අර කලින් කිව්ව සීලන්ට් ටියුබ් එක අතට අරං අසේලට පෙන්නුවා.
"අසේල ඔයා කොච්චර කාලෙක ඉඳන් මේ සීලන්ට් පාවිච්චි කරණවද . . ?"
"මොනාද කියන්නේ මිස්ට මංජුල අපි සවුදියේ ඉන්න කොට මගේ ලොකර් එකේ හැම වෙලාවේම සීලන්ට් ටියුබ් දුසිමක් විතර තියෙනවා. මම ඔය කියන කාලේ මෙහේ බාස්ලා සීලන්ට් ගැන අහලවත් නෑ . . . . . . . !'
"හරි ඔය ටියුබ් එකේ මොකක්දමේ RTV කියලා ගහලා තියෙන්නේ?"
"අ . . අ . ඒක මේකේ ජාතිය වෙන්න ඇති . . .!'
"නෑ නෑ අසේල ඔය ඕන සීලන්ට් එකක මේ අකුරු තියෙනවා . . .!"
"අනේ මන්දා ඒකනං . . ! මම සීලන්ට් පාවිච්චි කරලා ඇති මගේ මේ ඉසේ කෙස් ගානට . . . !"
" . හරි! ඒක තමයි . . ! RTV කියන්නේ රූම් ටෙම්පරේචර් වොල්කනයිස් (Room Temperature Volcanize) කියන එක! ඒ කියන්නේ මේකෙ ඇතුලේ තියෙන ගම් එක ටියුබ් එකෙන් එලියට ඇවිත් කාමර උෂ්නත්වයේ තිබුනොත්; ඉතා කෙටි කාලෙකදී ඒකෙ තිබුනු රබර් වගේ දේ වොල්කනයිස් වෙලා රබර් පැකින් එකක් නිකංම හැදෙනවා . . . !
දැං බලන්න අසේල මම ඔයාව ඉන්ටර්වීව් කරණ්න ගිහිං ඔය ප්‍රශ්ණෙ ඔයාගෙං මම මළවෙනියෙංම ඇහුවා නම් ඔයා කොර වෙනවානේ . . . . !?!?!? ඒ කියන්නේ ඔයා මේ සීලන්ට් නොදන්න එක නෙවේ. ඔයා නොදන්න ප්‍රශ්ණයක් මට හොයා ගන්න පුළුවන් උනු එකයි ඒකෙ රහස . . . . ! මෙතනට ඉනර්වීව් එන එකාගෙ අපි බලන්න ඕන ඌ නොදන්නේ මොනවද කියලා නෙවෙයි දන්නෙ මොනවද කියන එකයි. අපි ඌව තෝඅර ගත්තොත් අපිට මිනිහෙක් ලැබෙනවා. ඌට ජොබක් සෙට් වෙනවා. ඒක ෆිෆ්ටි - ෆිෆ්ටි, වින් වින් සිටුවේශන් එකක්. හරි ඒ ටික හිතට අරං ගිහිං අපි ඉන්ටර්වීව් එක පටං ගම්මු . . . . . . !"
සම්මුඛ පරීක්ෂණය ඇරඹුනි. සහභාගී වූ තරුණයා ඉතා සාර්ථකව එයට මුහුණ දුන්නේය. එළඹුනු සඳුදා සිට ඔහු ටූ පෝස්ට් ජැක් එක යට සිට මොන මොනවාදෝ ගලවනු දක්නට ලැබුනි.
මා පුරුද්දක් ලෙස සම්මුඛ පරීක්ෂණයකදී; අපේක්ෂකයාගෙන් විමසන්නේ මා හොඳින් දන්නා කාරණා ගැන පමණි. අභාග්‍යයකට හෝ ඔහුට ඊට පිළිතුරු දී ගත නොහැකි වුවහොත් මා ඊට පිළිතුර ඉතා හොඳි පැහැදිළි කරයි. එසේම අපගේ ඇබෑර්තුවට නොසෑහෙන තරම් සුදුසුකම් ඇත්තෙකු මුණ ගැහුණු සැම විටම ඔහුව වඩාත් ඔහුගේ අනාගතයට සුදුසු ආයතනයකට යොමු කරණ්නට උත්සාහ ගත්තෙමි.
මේ කතාව අලුතින් මතකයට ආවේ මාගේ මිතුරෙකු වූ ශානක රාජකරුණාගේ දියණිය හා සම්බන්ධ කාරණයකදීය.
ශානාගේ දුව මෙරට ස්ථාපිත ජාත්‍යන්තර මට්ටමේ විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා ගන්නේ ක්ලාස් එකක් එක්ක. ඉතිං මේ කෙල්ලට ආධුනික පුහුණු කාර්යය සඳහා සුදුසු නීති කඩයක් එහෙමත් නැත්නම් ලෝ ෆර්ම් එකක් සොයා දීම භාර උනේ අපේ බිරිඳට. එයත් කෙල්ලගේ ජීව දත්ත එයා දන්න එකකට යැව්වාම කෙල්ලට එන්න කියලා. දරුවා ආපහු ගෙදර ගිහිං තියෙන්නේ ලොකු අවුලකින්!
මොකඩ ඉන්ටර්වීව් එකේදී එතන හිටපු උගත් නීතීඥ්ඥ නෝනා මේ ළමයාට කියලා තියෙන්නේම් රස්සාවේ තියෙන බැරි අමාරු කම් ගැනයි අපහසු කම් ගැනයි දුෂ්කරතා ගැනයි.
"අපි ඔයාව ගත්තොත් ඔඅයාට රෑවෙනකල් උනත් ඉන්න වෙයි . . .!" නෝනා කථාව අවසන් කරලා තියෙන්නේ ඒ විදියට.
මේ මීට දශක කිහිපයකට පෙර ඉන්ටර්වීව් කල ආකාරයයි. එතැන තියෙන අන්තිම "කට්ට" ගැන කියලා ඊට කැමතිවෙන එකාව ගන්නට එකල සිටි පාලකයෝ ක්‍රියා කල බව මටද මතකය.
සත්තකින්ම ඒ තරම් කට්ටට්ක් කන්නට එන්නේ එල්ලෙන්න වැලක් හොයා ගන්නට බැරි අපි වගේ එකෙක් විනා වැඩක් කරගන්නට පුළුවන් එකෙක් නෙවේය.
ඉන්ටර්වීව් එකකදී තමා ඉදිරියට එන රැකියා අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව; තමාගේ වකුගඩු දෙක ගලවාගෙන යන්නට පැමිණි එකෙක්සේ දකින්නේ ඇයි දැයි මාහට තවමත් සිතා ගත නොහැක.
දුෂ්කර අවස්ථාවකදී කල යුතු කැප වීම පිළිබඳව ඔහු හෝ ඇයට මතක කරණු විනා; උඹට දෙන්නෙත් රුපියල් පහයි, රෑ එළිවෙනකල් ඉන්නෝන, දවස් තුන්සිය හැට පහම වැඩ, අඩු පාඩුවට අපේ ගෙදර බල්ලව නාවලා ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ කුණු අතුල්ලන්න ඕන යැයි පැවසූ විට රැකියාවකට එන්නේ වෙන කරණ්නට දෙයක් ඇත්තේම නැති එකෙක් පමණි.
මේ ගැන සුපිරි වීඩියෝවක් ජනයි ප්‍රියයි ඩබලගේ ඇත. මේ ගැම්මටම ඒකත් බලලාම යන්න.
සුපිරිනේ?
ඉතිං මගේ බිරිඳට ඔය ගැන කියලා; අර දුවව ඉනටර්වීව් කරපු නෝන මහත්තයාගේ පරලෝ සැපත් මව් පාර්ශ්වය මතක් කරමින් ඉන්නකොට බිරිඳ කරකවලා ඇහුවා මගෙන් කොර වෙන ප්‍රශ්ණයක්.
ඉතිං රෑවෙනකල් වැඩ කරණ්න උන දවසකට කොහොමද ඒ girl ව නතර කර ගන්නේ මුලින් එහෙම නොකියලා තිබ්බොත්?
අංක එක ටික දවසක් යන කොට එයාට අපිට බැහැ කියන්නට බැරි ලෙසට කණ්ඩායමේ සාමාජිකයෙක් කර ගන්නෝන ඉස්සෙල්ලාම!
දෙක; ඒ වෙලාවට ඒ දරුවගේ අම්මට හරි තාත්තට හරි අපිට කතා කරණ්න පුළුවන් "මිස්ට රාජකරුණා . . . ! ඔයාගේ දුවගෙන් අපිට පොඩි වැඩක් කරගන්න තියෙනවා . . . . ! කෙල්ල talented නේ . ඒ case එක handle කරණ Lawyer කැමති නෑ මේ දුව කරපු එක වෙන කෙනෙකුට දෙන්න! අද අපි පොඩ්ඩක් මෙයාව තියා ගන්නද . . ? මම එයාව pick me එකක දාලා door step එකටම එවන්නම් . . !? දරුවටත් හොඳ experience එකක් මෙහෙම case එකක් තනියෙම handle කරණ්න ලැබෙන එකත් . . . !?
එහෙම කිව්වාම බෑ කියයිද? ඉන්න එවුංට රෑට Pizza දෙකක් ගෙනත් දීලා Coke එකක් ගෙනත් දුන්නාම උනුත් බැලන්ස්! මොකද කියන්නේ එහෙම නැද්ද?"
No comments:
Post a Comment