මේක හරියටම තේරෙන්න මම පොඩි කථාවක්ම කියන්නම් ඒකාලේ ඒ කියන්නේ අපි උසස් පෙල ලියපු කාලේ (විශ්වාස කරණ්නත් අමාරුයි නේ?) අපේ මිත්‍රයෙක් උන්නා රන්ති රොහාන් ගමගේ කියලා. උන්නැහැ හිටියේ රාවතාවත්තේ.
රන්තිගේ තාත්තට තිබ්බා ලී බඩු වෙළඳ සැලක්. ලී මඩුවක්. වගේ සෑහෙන ලොකු ව්‍යාපාර වගයක්. මේ නිසාම ඒ ආනුභාවයෙන් රන්තිට ඉස්කෝල ගමන නවත්වන කොටම පොඩිත්තං ව්‍යාපාරයක්ම අටවලා දීලා තිබ්බා තාත්තා. ඒ කාර් සේල් එකක්. අපිට "වඩයක් එක්ක ෆුල් ප්ලේන්ටියක්" බොන්න රුපියල් පහක් නැති කාලේ රන්තිට තිබුනේ කාර් සේල් එකක්.
එයා වාහනයක් ගන්න යනකොට අපි තුං හතර දෙනෙකුත් එල්ලිලා යනවා. අපිට අවශ්‍ය "තේ සිගරට් බුලත් විට" සියල්ල රන්තිගෙන් අඩු නැතිව සැපයුනා.
රන්ති වාහනය අයිතිකාරයා එක්ක; ඒකේ ගාන අඩු කරණ්න ඔට්ටු වෙන කොට අපි කලේ වාහනේ වටේ ඇවිද ඇවිද ඒකේ අඩුපාඩු අයිති කරු ඉදිරියේම රන්තිට රපෝර්තු කරන එකයි! වාහනයේ අයිති කරු දත් කූරු කමින් මිල අඩු නොකොට සිටිනා වෙලාවල් වල අපේ ඇහින්දාස් වැඩේ ටක්කෙටම හරිගියා! අපිත් මැද්දට පැනලා වෙලාවකට; තව පන්දාහක් - දහ දාහක් අඩු කරණ්නට හේතු සපයමින් අඩුවට ඉල්ලමින් "මැරෙන්න හැදීම" කේවල් කිරීමක් වන අතර අප ඒ කාලයේ කේවලයෝ වූහ!
"අනේ මල්ලී වාහනේ ගන්නවා නං ගන්න නිකං කේවල් කරණ්න එපා!" කියා හිසේ කෙස් ගානට (කවුද කිව්වේ මගේ කියලා; රන්තිගේ!) අසා ඇති නමුදු අපි අපගේ සේවය; රන්ති කාර් සේල් එක වසන තෙක්ම කරගෙන ගියෝය!
කාලය ගෙවී යත්ම මා හටද රෝද හතරක් සතුවූ දශක තුනකට පමණ පෙර කාලයේ සිටම මාගේ වාහන කේවල් කිරීමට මා කිසිදා ඉඩ දුන්නේ නැත!
"ඔයාට විකුණන්න ඕන ගානට වඩා කීයක් හරි වැඩියෙන් දාන්න! එතකොට ගන්න ආවාම අඩු කරලා දෙන්න!" කියා කීවත් මා අදටත් වාහනයක් විකුණන්නට දැන්වීමක් දාන්නේ; එහි නියම විකුණුම් මිළෙනි! සමහර විට එය මිළදී ගන්නට එන එකා "මැරෙන්නට හැදුවාම"; මරණ පරීක්ෂණයට සාක්කි දීමට ඇති අකමැත්ත නිසා කීයක් හරි අඩු කොට ඇතත් ඒ කලා තුරකිනි!
වරක් මාගේ වාහනයක් මිලදී ගන්නට එන අයෙකු තවත් කේවලයෙක් එක්ක ආවේය. ඒ "බාස්" කෙනෙකුගේ ස්වරූපයෙනි. මා වාහනයේ මිල පැවසූ පසු කේවලයා හෙවත් බාස් වාහනය උඩයට රිංගා එන්ජිම ගිල මුහුණ ඇඹුල් කරගෙන ගැනුම් කරුත් මාත් සිටි තැනට පැමිණියේය."මහත්තයා මේක ඔයා ගත්තොත් අඩුම තව රුපියල් ලක්සයක් වත් වියදම් කරණ්න වෙනවා වාහනයක් කරණ්න!"
"වාහනයක් කරණ්න!" "රුපියල් ලක්සයක්!?" එම වගන්ති දෙක මගේ කනේ දෝංකාර දෙමින්ය! සාමාන්යයෙන් මම වාහන අටවා දුවන හෝ විකුණන කෙනෙක් නොවේ! "මූ මේ හදන්නේ වාහනේ කේවල් කරණ්න!" මගේ හිත මට කීවේය.
"මල්ලී මෙයා හොඳ බාසුන්නැහැ කෙනෙක් වෙන්නැති නේ!? ඇත්තටම මම හිතාගෙන හිටියේ මේ වාහනේ ගොඩ දාගන්න මට ලක්ස දෙකක් තුනක් වත් යයි කියලා! ඒත් මේ බාසුන්නැහැම කියනවා නං ලක්සෙන් ගොඩ දාගන්න පුළුවං කියලා; අනේ තරහ වෙන්න එපා ! මම වාහනේ දෙන්නේ නැහැ - හදා ගන්නවා!" මම ගැනුම් කරුට බොහෝම කාරුණික ස්වරයෙන් කීවෙමි!
"නෑ! නෑ!! අයියේ කමක් නෑ අපි හදා ගන්නම්!" කියා ගැනුම් කරු කෙතරම් පැවසුවත් මම ඔහුට වාහනය දුන්නේම නැත!
මාවරමණ්ඩියේ ආනන්ද අයියා කියන්නේ ගැරේජ් කරුවෙකි. ඔහු සතුව ජීප් තිබුනේ ඒ කාලයේ සිටමය. කාලයකට පෙර මිට්සුබිෂි 4DR5 ජීප් කිහිපයක්ම තිබුනත් පසු කලෙක ටොයෝටා ලෑන්ඩ් කෲසර් BJ40 මිළදී ගැනීමත් සමග ඔහු එය දරු කමට හදා ගන්නට විය! ඔහු ෆොර්ටියට කොයි තරම් ආදරය කලාද කියනවා නම් එක් වරක් වාහනය විකුණා පසුදා උදෑසන ආපසු රැගෙන ආවේ වැඩිපුර රුපියල් 25000 ක් ලබා දීය! ඒ කාලේ ෆොර්ටිය විකුණන්න ඇත්තේද රුපියල් ලක්ෂ පහ හය කටය!
වරක් ආනන්ද අයියා ෆොර්ටිය විකුණන්නට ලෑස්ති උනේ ඔහුගේ පුතා නවසීලන්තයට ගිය අලුතමය! ඉක්මන්.ල්ක් හො ලහිපිට හරහා ගැනුම් කරුවෙකු සෙනසුරාදා උදේම ආවේලු. ඔහු පැමිණ ඇත්තේ තවත් දෙදෙනෙකු සමගය. ඒ අතුරින් එක් අයෙක් මිකනික් හෙවත් බාසෙක්ය! වාහනය ගෙදරින් එළියට ගත් ආනන්ද අයියා මාවර මණ්ඩියෙන් උඩුපිල පැත්තට හැරී පදවාගෙන ගොස් ඇත. ඉදිරිපස අසුනේ වාහනය මිළදී ගැනීමට පැමිණි අයය. පසුපස ඔහු සමග ආ හිතවතා සහ බාස් ගොයියාය.
ටික දුරක් ධාවනය කොට දරණාගම ඉස්කෝලේ පසුකරමින් ඉඩ ඇති තැනක් බලා ෆොර්ටිය නැවැත්වූ ආනන්ද අයියා "පොඩ්ඩක් එළවලා බලන්නකෝ!" කියා ගැනුම් කරුට ඉල්ලීමක් ලෙස අවසරය දුන්නේලු.
ගැනුම් කරු ඉදිරිපස ආසනයෙන් බැස පිටුපසට ගොස් බාස් ගොයියාට වාහනය පදවා බලන මෙන් පවසා ඇත. බාස් රියැදුරු ආසනයේය! ආනන්ද අයියා ඉදිරිපස ආසනයේය!
බාසා වාහනය ගසාමින් කලචෙක දමා ගැසුවේය! වාහනය ගැස්සි ගැස්සී ගොස් යන්නට පටන් ගත්තේය. එතැන් පටන් වාහනයේ බ්‍රේක් ගසන්නටත් "බර බර" ගාමින් ගියර් දමන්නටත් ක්ලච් පාදිකය ගස්සමින් අතාරින්නටත් විය.
මීටර 100ක් 150ක් යන්නට ඇති! ආනන්ද අයියාගේ ගිණි කන පැන්නේය.
"ඔයා ඔය වාහනේ මොනවද ටෙස් කරණ්නේ? නවත්තන්න වාහනේ!"
වාහනය පාර අයිනේම "ක්‍රීස්" ගාමින් නැවැතුනේය!
ආනන්ද අයියා වාහන්යෙන් බැස රියැදුරු ආසනය වෙත ගොස් දොර ඇරියේය.
"තමුසෙ මොන බාස් කෙනෙක්ද?"
"ආ! අයියේ මම ටිංකරිං ප්ලේන්ට් කරණ්නේ . . . . !?"
"බැහැපිය ........පුතා එළියට!"
ආනන්ද අයියා රියැදුරු අසුනේ උන් බාසාව උරහිසෙන් ඇද බිමට වැඩැම්මුවේය. ඊළඟ මොහොතේ වාහනය පන ගන්වාගෙන ගෙදර ආවේය. ගැනුම් කරු කොර වෙලාය. වැඩේ හොඳම සීන් කෝන් එක වන්නේ බාසාගේ මුදල් පසුම්බියත් මොබයිලයත් දෙකන වම්පස ආසනය මත තිබෙනු දැකීමය!
"කමක් නෑ! බස් හෝල්ට් හතරයිනේ ඕකා පයිං එයි!" ආනන්ද අයියා කියන්නට කලින් ගැනුම් කරු පැවසුවේලු.
""මම වාහනේ විකුණන්නේ නෑ!" බහින්න බහින්න ඔයගොල්ලොත්!" ආනන්ද අයියා මාවරමණ්ඩියෙන් ඉතිරි දෙදෙනාද අතඇර ගෙදර ආවේලු!
මෙවන්ම වූ සින් එකක් මම අපේ කුඹුර විකුණන්න යද්දීද වූවේය. ගැනුම් කරු මුදල් දෙන්නය යද්දීම එතැන සිටි බ්‍රෝකරයා "ඔය කුඹුර ගත්තට වැඩක් නෑ! සෑහෙන්න වියදං කරණ්න තියෙනවා!!" කියා ඇද පැද කීවේය.
"හරි වැඩේ කෙරෙන්නේ නෑ! එච්චර වැඩකට නැති එකක් තමුසෙලා ගන්න ඕන නෑ නේ! දෙන්නෑ කුඹුර!" වැඩේ කෙරුණේ ගැනුම් කරු බ්‍රෝකරයාට කුණු හරුප දෙකක් කියා අපගේ නිවසෙන් එළියට බැස්සූ පසුවය! එයත් බොහෝ සේ ක්ං කෙඳිරි ගෑමෙන් පසුවය!
මෙවන් රස කථා බොහොමයක්ය! මේ දිනවල පවතින අධික අවිවේකී බව නිසාම පසුව ලියමු! ස්තූතියි කියවන්නට ආවාට!
රන්ති රොහාන් ගමගේ, රන්දිකා රණවීර ව දන්නවා. වචන 10ට අටක් මචං නේ? 😁
ReplyDeleteවාසනා ප්‍රනාන්දුවත් දන්නවා
ReplyDeleteඔව් වොව්! ඌ තමයි බුවා! අර ඔයාගේ මිස්ට කුමාරගේ යාළු මිත්තරයා!
Deleteසාමාන්‍යයෙන් බිග් මැච් එකේදී හම්බෙනවා. මේ පාර හම්බුනේම නෑ! හම්බ නොවීමත් එක අතකින් හොඳයි - නැතිනං උගේ අඬෝ වැඩියාව ඇහුවාම සසර කළකිරිලා 'සල්ගල' ගිහිං වනගතව ඉන්නයි හිතෙන්නේ!
මචාං බෙන්ස් එකට මචාං තෙල් ගහන්න මචාං සල්ලි නැහැ මචාං... ඒක ද? හැබැයි මෙහෙම ඇත්ත නම දාලා කියන එක හරිත් නැහැ වගේ නේ? ඒක එහෙමයි කියලා හිතුණොත් මගේ කොමෙන්ට් එක්ක ම මකලා දාන්න
Deleteමමත් මේ වගේ කේවල් වලට ගිහිල්ලා ගුටි කන්න ඔන්න මෙන්න තියෙද්දී මාරු වෙලා තියෙනවා. බොහෝ ඒවා මගේ අර 1951 Riley RMB එක තිබුන යාළුවා සම්බන්ද ඒවා, ඒවා එකක් ලියන්නම්
ReplyDeleteයාළුවාට සම්බන්ද එකම මෝඩල් Riley දෙකක් තිබුණා, එකක් මැන් ගේ තාත්තගේ තිබුනේ තල්ගස්වල, අනෙක ලොකු තාත්තගේ තිබුනේ ගින්තොට. මේවට ඇන මුරිච්චි සිට සම්පුර්ණ කාර් දක්වා සොයා යාම මිනිහගේ එකම රස්සාව.
දවසක් මැන් මට කියනවා කුරුණෑගල ගොඩ ඇදපු Riley එකක් තියෙනවා ඇදගන එන්න පුළුවන්, උඹලගේ අය්යාගේ ජිප් එක අරන් වරෙන් කියලා, අය්යා ඇදගන ඒමට අඩි මදි කරලා, පස්සේ එයම අපිත් එක්ක අවා. Riley එක මාලු කාරයෙක්ගේ, පස්ස කපලා මාළු පෙට්ටි පටවලා ගොඩ ඇදල තිබුණා. අය්යා රතු/සුදු මන්ත්‍රී ජිප් එකෙන් බැස්සේ නෑ, අපි දෙන්නට බැන බන හිටියා. අපි ගිහිල්ලා මේක ඇදගන යන්න පුලුවන්ද බැලුව (ගණන් ඇහුවේ නැ, ඒක කේවල්/ගුටිකන ක්‍රමයක්) මාළු කාරයා සහ පව්ලේ අය මහන්සි වෙලා කාර් එක පාරට තල්ලු කරා.
දැන් අපේ මෑන් ගණන් කතා කරන්න මලු කාරයාගේ ගෙට ගියා, ටිකකින් මෙන්න මාළු කාරයා අමු කුණුහරුප කියාගෙන පාරට බැස්සා උල් පිහියත් දික් කරගෙන, අහල පහල මිනිස්සු වට උනා, දැන් අපි කන්නයි යන්නේ. අපි ශේප් ජිප් එකට ලං උනා, අය්යට වැඩේ තේරුණා, අයිය ඇහුවා තෝපි අද ගුටි කනවද, මාලු කාරයා කියන ගානට කාර් එක ගන්නවද කියල, කාර් එක ගමු කියලා කේවල් මෑන් කිව්වා. අයිය අපිට නැගපන් කියලා බැහැලා ගියා, ගිහින් මාලු කාරයාගේ පව්ල එක්ක කතා කරා (මාලු කාරයා තවම පිරිත් කියනවා) අයිය ඇවිත් කිව්වා, උබ දැන් බ්‍රොකර් මමයි කාර් එක ගන්නේ කියල, සල්ලි දීලා ගැටගහගෙන මාරු උනා (ඒ වගත් එසේය)
මම විජේබාහු
අම්මට සිරි ඒකනං සිරාම සීන් එකක්! තව පොඩ්ඩෙන් පත්තරේ අවමංගල තීරුවේ නම වැටිලයි නවතින්නේ නේද?
Deleteමරු... කොයි දේ කලත් කල්පනාවෙන් ...
ReplyDeleteජයවේවා !!!
ස්තූතියි මල්ලී!
Deleteමේ කේවල් කිරීමේ කලාව අපේ කලාපයේ තමයි තියෙන්නේ...වෙන රටවල මේක ගොඩක් අඩුය් , කලාතුරකින් කේවල් කරලා අඩු කර ගන්න පුලුවන්..ගොඩක් වෙලාවට සුද්දො එක්ක කේවල් කරන්න ගියොත් බිස්නස් එක කෙරෙන්නෙ නෑ ...ඇඩ්වටයිස් කරලා තියෙන ගානට ගන්න කැමති වෙනවා ...නැත්තං නෑ
ReplyDeleteඔව් මයියා මම ඔසී වලදි ෆේස්බුක් මාර්කට් ප්ලේස් එකේ කේවල් කරණ්නට ගිහිං උං මාව ඩීල් එකෙන් අයිං කරලා තියෙනවා!
Deleteකේවල් කරන වැඩෙයි, බෝකර් වැඩෙයි හැමෝටම කරන්න බෑ කියලා මට හිතෙන්නෙ.. ඒක වෙනමම ආර්ට් එකක්..
ReplyDeleteතිලිණගේ අපූරු කවියක් fb එකෙන් අරගෙන තියා ගත්ත අද උදේ. මතු වැඩකට ගන්න. ඔන්න ස්තුතියකුත්!
Deleteතිළිණට:
Deleteඅදටත් අපේ යාළු මාළුවෝ වාහන ගන්න මාව එක්කගෙන යනවා! තාම ගුටි කන්නටනං උනේ නෑ!
මාත් එක්ක ගිහිල්ලා බැලුව කැබ් එකේ අයිතිකාරයා කිව්වාලු අර තට්ටයා නම් මාර ලෝක අංකුරෙක් කියලා. තව මොනවාදෝ කියලා තිබුනා..
Deleteමම කොළොම්පුරේ අසංග
ඔය තට්ටයා ආපහු එක්ක ආවොත් අම්මපා තට්ටේ කෙස් හිටවනවා.....
Deleteමීට ඉසුසු ඩබල්කැබ් එකේ අයිතිකාරයා...
ලජ්ජා නැතිව බොරු බේගල් ඇදබාන
ReplyDeleteහොඳ බඩු වුණත් හොඳටම කන්ඩෙම් කරන
හිරිකිත හිතෙන තරමට කේවල් කරන
කේවලයන්ගෙ නම අද ගත්තෙමි ඉගෙන
ඒ කාලේ ඒ වාගේ තක්ක්ඩි කම් කලාට දැන් නම් එහෙම කරණ්නේ නෑ. මේ ළඟදි කොලොම්පුරේ අසංගට වාහනයක් ගන්න ගිහිං ආවා!
Deleteබලාගෙන ගියහම ඒ කාලෙ ඉදලම බෙල්ල ගහල යන මරුමුස් වැඩමනෙ කරල තියෙන්නෙ.
ReplyDeleteහරිම රසවත් කතාව!
ස්තූතියි! ඔව් අප්පා ඒ කාලේ කාපු කියපු දේවල් වල හැටියට මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක් තමයි!
Deleteකියෙව්වා. 👌🙏
ReplyDeleteස්තූතියි!
Deleteඅපේ කාර් එක විකුණද්දිත් ඔහොම කේවලයෙක් එක්ක ආවා ආපු දෙතුන් දෙනෙක්ම.
ReplyDeleteදෙන්න හොඳ නෑ ඒ වගේ එවුංට!
Deleteකියෙව්වට පස්සේ තේරෙන්නේ තමන් වෙනුවෙන් කේවල් කරනකොට හොඳයි, අනිත් අය අපේ දේට කේවල් කරනවට අකමැතියි වගේ.
ReplyDeleteසම්පූර්ණ ඇත්ත! ඕක තමයි කථාව. එකාලේ ඒ වගේ තක්කඩි වැඩ කලාට දැන් එහෙම නෑ! නමුත් මම වාහන ගන්න ගියාම කේවල් කරණා ක්‍රමවේදයක් තියෙනවා. මම කවදාවත්ම ඒ වාහනය හෝ භාණ්ඩය අවතක්සේරුවට ලක් කරණ්නෙම නෑ.
Delete"මට මේ වෙලාවේ වාහනයක් වෙනුවෙන් දරණ්නට පුළුවන් මුදල මේ තරම් නෙවේ!" කියලා කිව්වාම බොහෝ අය කියනවා "ඔයා බලන්නේ වාහනයක් කොයි තරම් ගානකටද?" කියලා!
ඒ වෙලාවේදී තමන්ට පුළුවන් ගාන කියනවා!
එතකොට වැඩේ වෙනවා නං වෙයි! නැත්නං අත පය බේරගෙන එන්න පුළුවං!
කෙවල් කරන වැඩේ නං මට පත්තියං වෙලාම නෑ. ඒත් මේ දවස් වල නං වාහනයක් හින්ද කෙලවගෙන ඉන්නෙ හොදි නැති වෙන්නම.
ReplyDeleteමට ආයෙ වාහන නං එපා කියන ලයින් එකට එන්නෙ දැං නං 😓😓😓
මක බාස් හුත්තල ඔක්කම. ඔය බාස් කියල ඉන්නව නේද. ඕකුං හැත්තට වාහනයක් අල්ලන්න දෙන්න හොඳනෑ.
කට කට, අරච්ච්ල උන්නැහේ ඉස්සරහපිට
Deleteඋඹට මට තේරෙණ හිංගලෙන් කිව්වා ජීප් කටුවක් හරි කැබ් එකක් හරි ගම්මු කියලා! කූ කිව්වට ඇහුවද උඹ?
DeleteNiyamayi Appa,Kiyalaa Wadak naa.Patta Kathaawa.
ReplyDeleteisthuuthiyi!
Deleteකේවලයා කියන වචනය අළුත් වුණත් ඔය වගේ අත්දැකීම් විදලා තියෙනවා. කොහෙන් මේ ගැන හිතෙනවාද මන්දා. හැබැයි එදිනෙදා ජීවිතයේ හමුවුණු විවිධ චරිත ගැන ඔබේ අධ්‍යනය නම් නියමයි. ආසාවෙන් කියෙව්වා.
ReplyDelete"කේවලයා" යන්න මම වර නගපු වචනයක්. "සිංහල අක්ෂර වින්‍යාස ශබ්ධකෝෂයේ හැටියට "කේවල" යනු තනි, හුදු යන්නයි. (ඒක අපිත් දන්නවානේ ඔය තියෙන්නේ "කේවල තරග, යුගල තරග" කියලා!)
Deleteමම හිතුවා මේ "කේවල් කාණ්නා" යන්නට තනි පදයක් දෙන්න!