මේක මේ පුංචිම පුංචි කථාවක් . . . . !
(දැන් වේලාව සෙනසුරාදා රාත්‍රී 9.12 යි!) බලමු "ශනිදා දහයට" මේක ලියලා ඉවර කර ගන්න පුළුවන් වෙයිද කියලා . . . !?)
මේ කථාවට සම්බන්ධ එක් චරිතයක් වන්නේ; මීට කලකට පෙර ලංකාවේ අංක එකේ ධනවතා. කථාව මට ලියන්නයි කියවන නෝනාවරු මහත්වරුන්ගේ පහසුවටයි මම් වැඩිය දිග නැති නමක් දාන්නම්.
මොකකද හොඳ . . . . ?
ම් . ම්ම් . .ම් . . ආ හරි මම දාන්නම් "ලැරී" කියන නම! දැං මේ නමට ගැලපෙන මේ රටේ හිටිය සල්ලි කාරයන්ගේ නම් වරනගාගෙන "අරූ ද? මූ ද? කියලා මාව අපහසුතාවටය පත් කරණවා එහෙම නෙවෙයි.
ඔන්න ඒ පොරොන්දුවටයි මේ ලියන්නේ.
මේ ලැරීට ලංකාවෙන් භාගයක් විතර ඉඩ කඩං තියෙන කෙනෙක්.
ඒවා එයාගේ අප්පා මුත්තා ගෙං ආව ඒවා නං නෙවෙයි එයාගේ ව්‍යාපාර වලින්ම ගොඩ දාගත්තු ඒවා කියලයි මට චින්තන අයියා (චින්තන ජයසේන) කිව්වේ.
මුල් කාලේ පත්තර වලට සම්බන්ධ ඔපීසියක අයිනක පොඩි මේස කෑල්ලක් දාගෙනලු එයා; එයාගේ ව්‍යාපාර පටං ගෙන තියෙන්නේ!
ඉතිං මේ උන්නැහැට අගනුවර කොලොම්තොටත් පිට පලාත් වලත් කොයි තරං නං ඉඩ කඩං තිබ්බත්; ඉඩ කඩං වලට තියෙන පෙරේතකමනං ගිහිල්ලා නෑ කියලයි දන්න උදවිය කියන්නේ!
මේ ලැරී මහත්තයාගේ ඉඩමක් තියෙනවා තොට ලඟ කිට්ටුව. ඉතිං; ඒ ඉඩමේ එක් කොනකට වෙන්න ඉඳලා තියෙනවා අහිංසක දුප්පත් ඩෑල් එකක්!
එයාගේ රස්සාව වෙලා තියෙන්නේ කොළඹ නගර සභාවේ - පාර අතු ගෑම!
මේ මනුස්සයාටත් අපි පොඩි නමක් දාගමු. කුණු ලොරියට කුනු එකතු කරණ නිසා; "පොඩි ළමයා" කියනවා වාගේ "සුවඳරත්න" කියමු.
ඉතිං මේ සුවඳරත්නගේ ඉඩමයි අපේ ලැරී මහත්තයාගේ ඉඩමයි වෙං වෙන්නේ තාප්ප කෑල්ලකින්.
මේ සුවඳයාගේ ඉඩම නිසා ලැරී මහත්තයාගේ "චීස් කෑල්ල" වගේ ඉඩමේ හැඩේට සිද්ධ වෙලා තිබුනේ වනේ වන හතුරෙකුටවත් සිදු නොවිය යුතු දෙයක්. ඒ කියන්නේ බොහෝම ලස්සනට; මේ මහ පොලොව හෙවත් භූමි තලය මත පැතිරී තිබුනු ඉඩම තුලට නැම්මක්, බොක්කක්, වැනි අතුලට නෙරාගිය තැනකයි අපේ සුවඳයා ජීවත් උනේ.
සුවඳයාගේ අප්පා මුත්තා කාලේ ඉඳන් ඉඳලා තියෙන්නේ මේ ඉඩමේ.
"ඉතිං අවුලක් නෑනේ . . !?" මේක කියවන නෝනා මහත්වරු කියාවි!
ඒත් ලැරී මහත්තයාට මේ සුවඳයාගේ පැල් කොටේ දකිණ දකිණ පාරක් පාරක් ගානේ මල පනිනවලු "මොන මගුලක්ද?" කියලා
ඉතිං ලැරී ලොක්කා; සුවඳයාගෙන් එක එක විදියේ සීන් කෝන් දාලා තියෙනවා මේ ඉඩං කෑල්ල්ල ගන්න!
ඒත් සුවඳයා නෙවෙයි දීලා තියෙන්නේ!
අන්තිමට ලැරී කරලා තියෙන්නේ සුවඳයාට විරුද්ධව නඩුවක් ෆයිල් කරලා ඉඩමේ අයිතිය ගන්න! (මේක කියවන ප්‍රා ජේ ඇතුළු; නීතියේ දෙවගනගේ නෑතුරුස්ලා මේ ලිවීමේ වරදක් වෙතොත් නිවැරදි කරණ්ණෝන ඔන්න!)
අනේ අපේ සුවඳයාට මේ වැඩෙන් "හික්!" ගෑවිලාය!
යන්න්තං අමාරුවෙන් දිරා පත් වෙන්න නොදී "පවුල" අටවා ගෙන, දුවා දරුවන් තනාගෙන, ජීවිතේම කොළොම්පුරේ ජනී-ජනයාගේ කැත කුණු අතගාමින් ජීවත් වෙන සුවඳරත්නලාට "නඩුවක්" කියන්නේ ආයේ "සුනාමියක්" වාගේ මය.
ඉතිං සුවඳයා මේකට මොකක්ද කරණ්ණේ කියලා දහ අතේ කල්පණා කර කර ඉන්න කොට සුවඳටම මතක් වෙලා එයා අතුගාන පාරක ඉන්න ලෝයර් මහත්තයෙක් ගැන!
"ඒත් මේ කොළඹ රටේ ලොකුම තැනක ඉන්න ඔච්චර ලොකු මහත්තයෙක් මං වගේ කෙනෙකුගේ නඩුවකට උසාවියෙදි නැගිටියිද? අනික මේ යක්කු කීයක් ගනීද අප්පා!?" සුවඳරත්න තමාගෙන්ම අසා ගත්තේය!
එල්ලෙන්න "පෙකිණි වැලක්" වත් නැතිව ජීවිතේම එල්ලීගෙන ඉන්න සුවඳාට වෙන කිසිදු ඔප්ශන් එකක් ඔළුවට නො ආවේය! උදේ ඉඳන් හවස් වෙන තුරු කල්පනා කලත් ඔහුගේ හිතට පිළිතුරක් එන්නේද නැත!
හවසට ගෙදරට ගිය විට සුවඳාගේ ගෑනිටද ලමා ළපටීන්ටද තිබුනේ එකම ගැටළුවකි!
"අපිට මේ ගෙදරිං යන්න වෙයිද . . ?"
පහුවෙනිදා උදේම සුවඳ රත්න උදෙන්ම ගියේ අද දෙකිං එකක් කරගන්නෝන කියා සිතාය. ඇලෙක්සැන්ඩර් ප්ලේස් එක පිරිසිදු කරණ්ණට ඉදලත් ගෙන සූදානම් විය! ලෝයර් මහත්තයාගේ තඩි ගේට්ටුව ඉදිරියේ ඔහු අතු ගාන්නට විය! හිත දෙගිඩියාවෙනි.
"ඔන්න ඔහේ ඕන දෙයක් උනාවේ අහනවා! වෙන මට නැතිවෙන්න දෙයක් නෑනේ! . . !" සුවඳ රත්න හිත දැඩි කරගෙන ගේට්ටුවේ සීනුව එබුවේය.
පැමිණි සේවකයා හට තමන්ගේ ගැටළුව පැවසූ පසු මොහොතකින් ඉදිරිපස දොරින් මතු වූයේ උස මහත තට්ටය පෑදුන් පැසුනු හිසක් සහිත හයේ හතරේ ඩෑල් එකකි.
"සර්! . . !" කථාව කියන්නට පෙර සුවඳාට ඇඬුම් ආවේය!
"හරි මට මේ තියෙන ලේඛන ඇතිවෙයි! ආයේ ඕන උනොත් මම ඔයාට කියන්නම්! ඔයා මේ කියන දවසේ උසාවියට එන්නකෝ!"
"අපේ ලෝයර්" මහතා එදින උදෑසනින්ම පැමිණියේ කුඩා ලෝයර් අංකුරයක් හමුවීමටය. (සුවඳරත්න මේ හමුවෙන් පසු ගෙදරත් දන්නා කියන හැමටත් මේ නීතීඥ්ඥ මහතා හැඳින්වූයේ "අපේ ලෝයර් මහත්තයා" යනුවෙනි. මමද එයම ගත්තෙමි. මේ "අංකුරයක්" කීවේ අපේ ලෝයර් මහත්තයාට සාපේක්ෂ්ව සහ කාලයට අනුවය!)
මේ අංකුර ලෝයර් මහතා නමින් ශ්‍රීමාල් වීරක්කොඩි විය.
"ශ්‍රීමාල් පොඩි කේස් එකක් තියෙනවා ඔයාට ප්‍රොක්සි දාන්න පුළුවන්ද? හැබැයි මේකට පේමන්ට් එකක් නම් ලැබෙන්නේ නෑ! අපේ පාර අතුගාන මනුස්සයාගෙ කේස් එකක්!"
"හරි සර්! වීරක්කොඩි මහතා වැඩේ භාර ගත්තේය! ඔහුටද පුදුමය! මන්ද; සාමාන්‍යයෙන් ලැරී මහතාගේ නඩු වලදී ඔහුගේ පාර්ශවයට සාමාන්‍යයෙන් පෙනී සිටින "අපේ ලෝයර් මහත්තයා" මේ කේස් එකේදී ලැරී මහතාට එරෙහිව නඩුවට පෙනී සිටීමය!
කාලය ගෙවී ගියේය!
නඩු දිනය එළඹුනි!
ලැරී මහතාගේත් සුවඳරත්නගේත් නම් තෝල්කතැන කෑගැසුවේය. එවිටම දෙපැත්තේ නීතීඥ්ඥයින් විනිශ්චය ආසන දෙපසින් නැගී සිටියෝය.
ලැරී මහතාට ඇස් උඩ ගියේය!
"මේ පාර අතුගාන එකා අල්ලලා තියෙන්නේ මෙයාවද?" ඔහු තමාගේ නීතීඥ්ඥයාගෙන් විමසීය!
ලැරී "අපේ නීතීඥ්ඥ මහතා වෙතට නැඹුරුව පැනයක් නැගීය!
"ඔබ; මේ ස්කැවෙන්ජර් (කසල ශෝධකයා) වෙනුවෙන් පෙනී සිටින්නවාද?'
"ඔව් ඔහු කසල ශෝධකයෙකු වුවත් මේ නඩුවේ මගේ සේවාදායකයා!"
එතැන් පසු නඩුව ගලා ගිය ආකාරය ලියන්නට මට මතක නැත! නමුත් එහි අවසානය වූයේ අහිංසක සුවඳරත්නලාගේ අයිතිය තහවුරු වීමෙනි.
පසු දින සුවඳරත්න නැවත පාර අතු ගෑමට ගියේය.
"අපේ මහත්ත්යාගේ නම වත් හරියට දැන ගන්න බැරි උනානේ!?' සිතමින් ගේට්ටුව දෙස බලනා විට තාප්පයේ ඇති නාම පුවරුව දුටුවේය. එය කියවා ගන්නට බැරි උනත් පින්නෙන් බේරීමට ඔලුවේ ඔතාගෙන ආ තුවාය ගෙන පුවරුව වසා තිබුනු දූවිළි පිසදා දැමුවේය!
"කවදා හරි; කාගෙන් හරි අහ ගන්නෝන!' ඔහු තනිව සිතීය.
පසු කලෙක සුවඳරත්න කෙසේ හෝ "අපේ මහත්තයාගේ" නම දැන ගන්නට ඇති.
දූවිළි පිස දැමීමෙන් පසු ඉංගිරිස් අකුරු සාස්තරේ දන්නා ඕනෑම අයෙකුට දැන් එය "Romesh De Silva" ලෙස කියවා ගත් හැකිව තිබේ.
සුදු සහ කළු, සියල්ල මහත්වරු
ReplyDeleteමම විජේබාහු
(අදත් එක නේද?)
එහෙම මහත්වරුත් ඉන්නවා.
ReplyDeleteඅල කොමා නග්ගගත්ත ෆාදර් දොර ඇරයෙ නැත්තං අපේ ලෝයර් මහත්තයත් ඔය වගේ නඩු වලට කතා කරනව. හැක්..
ReplyDeleteටිපියේ සීන් එකක්ද? මට මතක නෑ කියහංකෝ!
Deletehttps://drackey.blogspot.com/2022/12/blog-post_6.html
Deleteහරිම විසිතුරු කතාවක්.බොහොමයක්ම ලැරී ලා වෙසෙන අපේ රටේ අපේ ලෝයර් මහත්තයා වගේ ගුනගරුක සැබෑම මහත්වරුත් සිටින බව අහන්න ලැබීම අති මහත් වාසනාවක්.ඔබේ කතාව එම සැබෑ මිනිසාට උපහාරයක්ම වේවා!
ReplyDeleteස්තූතියි සරත් මහත්තයා!
Deleteමරු කතාව කොණ්ඩයෝ.
ReplyDeleteස්තූතියි තට්ටයා! හි හි හි!!!
Deleteඅපූරු චරිත. කෙටි නාට්‍යයකටත් ගැළපෙනව වගේ. හරිම ලස්සනයි අයියේ.
ReplyDeleteජයවේවා !!!
කවුද මේ ලැරී...???🤔🤔
ReplyDeleteඅයියෝ සොඳුරු! ඔයාට හැන්දෙන්නේ මට පොවන්න වෙලා තියෙන්නේ. ප්ලීස් ඉන්බොක්ස්!
Deleteඅහන්න එපා කිව්වොත් අහන්නමයිනේ හිතෙන්නේ.....තොටලඟ ඉඩමක් කිව්වම ලංකාවම දන්න ලැරී කවුද කියලා හිතා ගන්න පුලුවන්...දැන් පුත්තු දෙන්නත් බිස්නස් එක කරගෙන යනවනේ...
ReplyDeleteරොමේශ් මහත්තයා හොද ප්‍රොවෙශන්ල් ලෝයර් කෙනෙක් තමයි...
හොයලා බැලුවම එයා ගොඨාබයට එරෙහිව සන්ඩෙ ලිඩ්ර් ලසන්ත වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී ඉදලා තියෙනවා... හැබැයි පසුකාලෙක FCID එකට විරුද්ධව ගොඨාභය වෙනුවෙන් පෙනී ඉදලා තියෙනවා...
ඒ වගේම ශ්‍රියාණි බණ්ඩ්ඩාරණායක නඩුවේ ශ්‍රියාණි වෙනුවෙන්...
අනෙක් කාරණය මහබැංකුව කඩපු නඩුවේ අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී ඉදලා තියෙනවා...
ඒ වගේම දුම්කොල සමාගමට විරුද්ධව පවරපු නඩු තුනක , දුම්කොල සමාගම වෙනුවෙන් පෙනී ඉදලා තියෙනවා...
මේ විදිහට බලන කොට ඔහු වෘතිකයෙක්...ආදාල කාරණය මිස අදාල පාර්ශවය ඔහු වැදගත් කොට සලකපු බවක් පෙනෙන්නට නෑ..
මෙතන වඩාත්ම සිත්ගන්නා සුළු දෙය වන්නේ ඔහුගේ වෘතීය භාවය. තමාගේ සේවාදායකයාව ආරක්ෂා කර ගැනීමේදී "මුදල" හෝ "අයකිරීම" කියන දේ ඔහු අමතක කරලා තියෙනවා.
Deleteඅනෙක "ලැරී" කියන්නේ ඒකාලේත් මේ කාලේත් මේරටේ ඉන්න පලමු පස් දෙනා අතර ඉන්න ධනපතියෙක්.
ඒකාලේ කියන්නේ "පොදු පෙරමුණ ආන්ඩුවේ ලකුණ පුටුව වූ එකල; පුටුවේ එක කකුලක් තමන්වූ බව ලැරී පවසන බවයි!
අනෙක "ලැරී"ගේ සියළුම පාහේ නඩු හබ වලට මීට පෙර පෙනී සිටියේත් රොමෙෂ් ද සිල්වා මහතා වීමත්.
ඔහු තමාවේත පැමිණි පළමු සේවා දායකයා වෙත දක්වන අවංක සේවාව!
ලැරී කීවේ හැරී ටද කියල හිතන මම 😀
DeleteStassen එකේ න් happy cow කන්න තිබුනා
Deleteඉඩම් නඩු නම් කියල වැඩක් නෑ , ලොයර්ල තමයි පොහොසත් වෙන්නේ, අපේ මහගෙදර ඉඩම අවුරුදු ගානක් නඩු කියල, බෙදන්න සිද්ද උනා , තාත්තගේ ඇතින් නැදවෙන අයත් එක්ක.. තැලිගම ඉස්පිරිතාලේ ළගම ...
ReplyDeleteකියන්න සතුටුයි මිත්‍රවාරුණෛ! මේ වන විට මමත් නඩුවකට පැටලී අවසානයි!
Deleteමල් හතේ කතාවකි මේ කතන්දරේ
ReplyDeleteවටිනා ගසුත් තියෙනව නෙව වනන්තරේ
ඇත්ත නිමල් අයියේ! අපි හිත්න්නැති මිනිස්සු; හිතන්නැති වේලාවට; හිතන්නෙවත් නැති වැඩකරණවා!
Deleteඒ මහත්තයට මෙය උපහාරයක්ම වේවා හිට... 🙏
ReplyDeleteජයවේවා මල්ලී!
Deleteමයියා ලියල තියෙන විස්තර ටිකත් එක්ක බැලුවාම, ඔහු මනුස්ස කමකුත් තිබ්බ වෘතික නීතීඥයෙක්.
ReplyDeleteසුපුරුදු ලෙසම කතාව නියමයි.👌
ඔව් බස්සා! මම මයියාට ලියපු පිළිතුර තමයි ඔබටත් ලියන්නට ඇත්තේ!
Deleteමේ ලෝයර් මහතා අර සුප්‍රසිද්ධ ලෝයර් කොල්වින් ආර් ද සිල්වා මහතාගේ මුණුපුරෙක් නේද?
ReplyDeleteNiyama minisssu hamawelaawema niyama wada karanawaa,
ReplyDeleteJayawewaa.
ඔය ලැරී දවසක් ජාඇල කීල්ස් එකේ බඩු අරන් loyalty point වගයක් ගැන කැෂියර් ගෙන් ප්‍රශ්න අහනවා මම දැක්කා ,
ReplyDeleteකොටි ගණන් තිබ්බට නිකන් දෙන loyalty point එකවත් අතඅරින්නේ නෑ
රොමේෂ් ද සිල්වා එහෙම හොඳ ලෝයර් කෙනෙක් කියල දැන් ගැනීමත් සතුටක්.
ReplyDeleteපසුගිය කාලයේ සිදුවූ සාධාරණ මිනිස් නැගිටීම වේලාවෙ (ඒකට "අරගලය" කියන්න මම කැමති නෑ, මාධ්‍ය සට්ටැඹියො ඒ වචනය අමු අමුවෙ දූශනය කරලා නිසා ) මෙතුමා දැවැන්ත ශක්තියක් උනා. මිරිහානෙ කේස් එකේ ඔහු විශාල නීතීඥයන් පිරිසක් සමග මිරිහාන පොලීසියට ආවා. ඔහුගේ සෘජු මැදිහත්වීම් සහ මහජනතාව වෙනුවෙන් එකල කල කථාවන් ඉතිහාසගතවන සුවිශේශී හැරවුම් ලක්ශ උනා.
ReplyDelete