එදින දහවල පොඩිත්තක් නිදාගත්තේ හිසේ ඇම්ම නිසාය. දහවල නින්ද කැඩුනේ පාරේ ගමන් ගත් ප්‍රාචාරක රථයක කර්ණ රසායන හඬිනි.
"රුපියල් දෙසීයයි! රුපියල් දෙසීයයි!! . . කොත්තු . . අයිස් . . බිරියානි . . .රෘපියල් දෙස්සීයයි . . . . . "
"අම්මට සිරි කොත්තුවක් කාපු කාලයක් මතක නෑ! කමුත?" මම මගෙන්ම අසාගත්තෙමි.
නැගිට බලන කොට එය ඉගිල ගොසිනි!
ට්‍රක් රථයට පැන හඹා යැම පටන් ගතිමි.
කිලෝ මීටර දෙකකට ආසන්න දුරක . . . . .
"රුපියල් දෙසීයයි! රුපියල් දෙසීයයි!! . . කොත්තු . . අයිස් . . බිරියානි . . .රෘපියල් දෙස්සීයයි . . . . . "
මම එය පසුකොට ගොස් නවතා ගතිමි.
ඒද තවත් කුඩා හෝටල් පලුවක් ඉදිරිපිටය. මහත්වූ වැර වෑයමෙන් යුතුව කොත්තුව නවතා ගත්තෙමි.
කොත්තුව මිළදී ගැනීමෙන් පසු එතැනම වූ හෝටලයට වැද එය ඇඹරීමට පටන් ගතිමි. මදි පාඩුවට එතැනින්ම සම ද්වීපාද, ත්‍රිකෝණාකාර, පිටි වලින් සකසා මතු පිට, ගෙවල් බිත්ති කැපීමට ප්‍රයෝජනයට ගන්නා සුදු වැලි කඩදාසියක් සේ රළුව සැකසූ වස්තුවක්ද ගෙන්වා ගත්තෙමි!
අනේ සුපින්වතුනි දෂ්ඨ කරණ්නට ලැබුනේ කටවල් දෙකකට පමණි. එතෙනට කඩා පාත් උනේකලු පැහැති Landcruiser V8 රථයකි. එයින් මහ පොලොවට සම්ප්‍රාප්ත වූයේ 6X4 ඩයල් එකකි.
එතුමා මම ආහාර ගන්නා තැනට පැමින මිහිඳු - දෙවනපෑතිස් පැණ පොඩි තරගය පවත්වන්නට යෙදුනි.
මේ වාහනය ඔයාගේද?
කොපමන කලක්ද?
විකුණන්නේ නැද්ද?
ඔයා ඉන්නේ මේ පලාතේද?
මේ පලාතේ කුමක් කරණවද?
. . . . . . . . . . . . . . . . . . . ?
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ?
ප්‍රශ්ණ එලෝකෝටියකි.
ඒ දවල් ය!
රැයේ මා සමග අලාප සල්ලාපයේ යෙදීමට පැමිණි ධම්මික හා විජිත (සිරිල්) හට මේ දවල් වුනු කයි කතන්දරේ මම පන පිහිටුවා කිව්වෙමි.
මාගේ පම්පෝරිය අසා සිටි විජිත මා හට ලබා දුන්නේ සුපිරි ඔත්තුවකි.
"ඔයාගේ වාගේම, ඔය පාටම ජීප් එකක් තියෙනවා ලක්ෂපාන පාරේ! හැබැයි පිටිපස්ස මෙහෙම නෙවෙයි තියෙන්නේ ලොකු වින්ච් එකක්! පැත්තක දාලා තියෙන්නේ. අඩු ගානකට ගන්න පුළුවන් වෙයි. ඇයි පැත්තක දාලානේ තියෙන්නේ? අපිටනං වැඩක් නෑ! ඔයාට ගත්තොත්නං හදා ගන්න පුළුවන් වෙයි!"
"අම්මට සිරි! නියමයිනේ. අපේ සෙනෙවියාත් කිව්වා උංගෙ ගෙවල් පැත්තේ මේ වගේ එකක් තියෙනවා කියලා. මං හිතන්නේ ඔය ඒක වෙන්නෝන! කොහොමද යන්නේ?"
"හරි යනවනං මං එන්නං!" විජිත (සිරිල්) එකෙන්ම පැවසීය.
"කවදද?"
"මට අවුලක් නෑ! මට හෙට උනත් පුළුවං . . !"
"හෙට කීයට්ද . .? හැබැයි මගේ වාහනේ එතැනටම යන්න බෑ! මොකද එතකොට උං ගනං කියයි. අපි; කිට්ටුව; පාරේ නවත්තලා පයිං යමු!"
"නෑ! එහෙම ඔන්නෑ! අපි මගේ වීල් එකේ යමු!" විජිත පරීත්‍යාගශීලීව පැවසීය.
"හෙට කීයටද . . ?"
"මං එන්නං උදේ හතාමාර වෙන කොට!"
"සුපිරි!"
තවත් බොහෝ වං හුං කතා කරමින් සිටි අප විසිරුනේ රාත්‍රී 9.30 ට පමණය! රාත්‍රිය පුරාවට මහ වැස්සක් ය! "හෙට යන්න බැරිවෙයි වත්ද?"
උදේ පාන්දරම අවදිව සුපුරුදු කෝපි කෝප්පය සප්පායං වුනු මම 7.30 වන විට සූදානමින් පාරේ විය. නිවැරදි තත්පරයට විජිත පැමිණියේය.
එතැන් පටන් විජිතත් මමත් ත්‍රී වීලරයේ ලක්ෂපාන බලා ගමන් ඇරඹූවෙමු.හක්බෙල්ලාවක පසු කරත්ම හමුවන්නේ තණකොලවත්ත ග්‍රාමයයි. මාගේ සැම්සන් සහ විල්සන් කථාවට පාදකවූ සැම්සන් මහත්තයා පදිංචිව සිටියේ මේ ග්‍රාමයේය. සැම්සන් සහ විල්සන් කෙටි කතාවේ සැම්සන් යනු කිත්සිරිගේ පියාය.
තනකොළ වත්ත පසු කර හැටන් පාරේම ඉදිරියට යද්දී මීටර 500ක - කිලෝමීටරයක පමණ දුරක් ඉද්ද ගැසුවාක් වැනි සෘජු දුරක් ඇත. මේ එතැනයි:-
මෙම වම් පස ඇති කඳු මුදුනේ එකල ඕකිඩ් හෙවත් උඩවැඩියා වර්ගයක් පැවතුනි. දකුණු පසින් දිවෙන්නේ කැළණි නදියයි. කැළණි ගඟේ මේතරම් දරුණු හා භයංකර ස්ථානයක් තව නැති තරම් ය. මේ ගැන මීට කලකට පෙර මගේ මිත්‍රයෙකු වන තනකොළවත්තේ කිත්සිරි පැවසුවේය.
මෙම කෙටි කථාවේ පරිදි සැම්සන්ගේ පියා එනම් කිත්සිරිගේ සීයා නන්දියෙස් මුදලාළි තනකොළවත්තේ විශාල වෙළඳ සැලක් කල අයෙක් විය. ඊට අමතරව රෑ කඩයක්ද එහිම විය. එකල හැටන් හා ඒ අවට නගර සඳහා භාණ්ඩ වැඩි වශයෙන් ගෙන ගොස් ඇත්තේ බර කරත්ත මගිනි.
එක් සන්ධ්‍යාවක නන්දියෙස් මුදලාලිගේ කඩයට ලඟා වී ඇත්තේ බර කරත්ත හතකින් සමන්විත කණ්ඩායමකි. රාත්‍රී ආහාර ලබා ගත් පසු කරත්ත කණ්ඩායම පිටත් ව ගොස් ඇත. එය පිටත්වී විනාඩි ගනනකින් මහා විශාඅ හඬක් ඇසී ඇත. අවට සිටි අය හුළු එළි පන්දම් ආදිය රැගෙන ඉදිරියට ගොස් බැලූවිට ඉහත ස්ථානයේ විසල් පස් කන්දක් කඩා වැටී කරත්ත කිසිවකගේ සුන් බුන් වත් නොපෙනෙන සේ වැළලී හෝ ගඟටම තල්ලුවී අතුරුදහන්ව තිබුනේලු.
එවක් පටන් එම ස්ථානයේ කිසිවෙකුගේ හෝ දිවි තොර වීම වාර්ෂිකව සිදුවෙන බව කිත්සිරි ඇතුළු පලාත් වාසීන් පවසති.
ගඟ ආසන්නයට ගිය මව; ආහාර ගැනීමට පෙර අත සෝදා ගැනීමට ගඟ අසලට ගොස් ඇති අතර ගල මත ලිස්සා ගොස් ගඟට වැටී ඇත.
එතැන ගැඹුර මෙතැකැයි කීමට නොහැකි වන අතර ඇය දියේ ගිලී ඇති අතර ඒ දුටු ඇයගේ සැමියාද ගඟට පැන ඇත. පසුව ඒ අසල තොටුපොලේ පැදවුනු ඔරුවකින් කාන්තාව බේරාගෙන ඇති අතර ඇයගේ සැමියාගේ මළ සිරුර හමුවී ඇත්තේ ඊට දින දෙකකට පසුවය!
එසේම එම ස්ථානයේම මීට වසර ගනනාවකට පෙර 18 දෙනෙකු සහිත වෑන් රියක් පෙරළී ගොස් ඇති අතර කිසිවෙකු හට ජීවිතය බේරා ගැණීමට නොහැකිවී ඇත! එම පලාතේ මෙවන් කතා නම් බොහොමයකි!
මෙම ස්ථානය "නපුරැල්ල" ලෙස හඳුන්වයි. මීට වසර ගනනාවකට එනම් දශක තුනකට පමණ පෙර මමත් මාගේ මිත්‍රයෙකු වන අඟුරුවැල්ලේ අජන්තත් කිතුල්ගල සිට ටියුබ් දෙකක් ආධාරයෙන් හක්බෙල්ලවක දක්වා කිලෝමීටර 10ක් පැමිනි අවස්ථාවේ මෙම නපුරැල්ල තරණය කලෙමු!
අප කිතුල්ගල, යටිබේරිය පහුකරමින් කලුගලින් ලක්ෂපාණට හැරෙන ස්ථානයට පැමිණියෙමු.
එතැනින් දකුණට හැරී මද දුරක් ගිය පසු නැවත වමට හැරුනෙමු .
එතැන සිට ඇත්තේ තරමක දුෂ්කර මාර්ගයකි. දුෂ්කර යැයි කීවේ පාරේ ඇති දුර්වල නිමාව. අධික ලෙසින් වංගු ඇති බව හා කඳු හා පල්ලම් වලින් ගහන වීම කරණ කොට ගෙනය!
එම මාර්ගයේ කිලෝමීටර 4ක් පමණ ගමන් ගත් විට පාර හරහා; පාරට ඉහලින් ගමන් ගන්නා විශාල නල කිහිපයක් දක්නට ලැබුනි. එම නල පද්ධතිය ලක්ෂ පාන සිට සමනල විදුලි බලාගාරය තෙක් ජලය ගමන් ගන්නා මාර්ගය බව විජිත මා හා පැවසීය!
එතැනින් උණු උණු පොල් රොටී කට කැපී යන ලුනු පිරිසක් සමග ගිල දැමූ අපට බොන්නට ලැබුනේ ඉස්තරම්ම කිතුල් හකුරු සමග කහට කෝප්පයකි. ඒ අතර එහි ළන්නගා වුනු මනු කියවන්නා ලබා දුන් විදුලි බිල් පත සමග එතෙක් එහි පැවති ප්‍රසන්න ස්ව්භාවය අතුරුදහන් විය.ලැබී තිබුනේ රතු බිලකි.
"මේ කඩෙත් අපි ඉන්නේ කුළියට! කඩ කුළීත් ගෙවාගෙන ලයිට් බිලුත් ගෙවාගෙන ඉන්න තරං දෙයක් විකිණෙන්නේ නෑ මහත්තයා!" ඔව්හු ස්වකීය දුක අප සමග බෙදා හදා ගත්තෝය.
එතැනින් දුම් දමන පොල් රොටී හා කහට සප්පායම් වීමෙන් පසු මා ත්‍රී වීලරයට නැග්ගේම "මෙතැනිං හරෝමු නේද?" යි කියාගෙනමය.
"නෑ තව චුට්ටක් යං! ඔයාට පරක්කු වෙන්නෑනේ!?"
"මට මොන පරක්කුවක්ද?"
පාර තව තවත් අබලන්ව ගොසිනි. අප වලවල් බේරමින් තවත් ඉදිරියට එනම් ලක්ෂපාන දෙසට ඇදෙමින් ය.
තවත් ටික වේලාවකින් අපි එම කුඩා දිය ඇල්ල අභියස විය.
"ආන්න අරක මොකක්ද දන්නවාද?"
මෙම ගල් කුල එසේත් නැතිනම් කන්ද පාමුල මාර්ගය ආසන්නයේ සිට මද දුරකින්- මීටර 20ක් පමණ දුරින් ඉබි යතුරු ලෑ යකඩ දොරකි.
මෙවන්ම අස්ථානයක පිහිටි කුඩා දොරන් ඉඟිනියාගල සේනානායක සමූද්‍රයේ වේල්ල ආසන්නයේ මා දැක ඇත.
"අම්මට සිරි මේ මොකක්ද?"
ඕකට කියන්නේ ඇඩික්ට් කියලා! මෙතනයි අර අපි එන කොට දැක්ක පයිප්පයි එකට සම්බන්ධයි!"
ඒවන විටම එතැනට කැලෑ රොද අතරින් කිසිවෙකු පැමිණියේය."අපේ ගෙදරට යන වතුර බටේ කැඩිලා ඒක හදන්න ගියා. බිම වැටිලා තිබ්බ ඉත්තෑ කූරක් සෙරෙප්පුවත් විදගෙන ඇවිත් ඇනුනානේ කකුලේ!" ඔහු; අඟල් හතරක පමණ ඉත්තෑ කූරු කෑල්ලක් පෙන්වමින් පැවසීය.
"ඕක ඇනුනාම මොනවත් 'විතක්' වගේ එකක් ඇතුලේ රැඳෙන්නේ නෑනේ?"
"නෑ නෑ එහෙම එකක්නම් නෑ. ඇනිච්ච වේදනාව තමයි!"
ඔහු ඉතා කුළුපග කථාවකට එකතුවිය.
"මල්ලි අර ප්ලේන් එක වැදුනු සප්තක්න්‍යා කන්ද කොයි එකද?"
"දැන් පේන්නේ නෑ! ආන්න අතන. . . " ඔහු වළාකුළු පදාසයක් පෙන්වා පෑය.
"මල්ලි ඔයා දන්නවාද මේක ගැන . . . . ?" මම පසෙකවූ යකඩ දොර පෙන්වා ඇසීය.
"ඔව්! මම ඕකෙ වැඩ කරලත් තියෙනවා! ගිය මාසෙත් ඇතුලට ගියා. ඔතනින් ගියාම අර සමනළ පවර් හවුස් එකට වතුර ගෙනියන පයිප්පේ හම්බෙනවා. ඒක තියෙන්නේ ගල මැද්දේ! ලොකු යකඩ පියනකින් වහලා තියෙන්නේ වටේට ඇන දාලා. උඩහින් වතුර වැහුවාම ඒක අරින්න පුළුවන්. උඩහින් මේ බටේ ඇතුලට ආව වැලි, මඩ ඔක්කොම ඔතන තියෙනවා රැඳිලා. ඒවා එතනින් ගන්න පුළුවන්. අපි ඒවා ටිපර් එකකට දාලා එවලා අන්තිමට පියන වහලා දාලා එනවා! මේක ......1 මේ වගේ තව දෙකක් තියෙනවා!
අප නැවතත් ලක්ෂපාන හා හඟරාපිටිය හැරෙන හංදියට පැමිනුනෙමු.
"පොඩ්ඩක් මේ පැත්තටත් ගිහිංම යං!" විජිතගේ ඇරයුමක් ය.
"එළ!"
එතැනින් පහලට විහිදුනු මාර්ගය පාලමක් දෙසට හැරී ඈතට ගමන් ගත්තේය. පාලම යටින් කැළණි ගඟ ඉතා දුප්පත් ලෙසකින් ගලා ගොස් කුඩා ජලාශයක් නිමවීය.
පාලමට ඉහලින්