Monday, March 20, 2023

254. මව්බිම වටා සයිකලයෙන් . . . 10

248. මව්බිම වටා සයිකලයෙන් . . . 9

 2022/04/17

අනේ මේ පැය 2 විනාඩි 17 යි කියන්නේ
කාර් එකකින් මිසක සයිකලේකින් නම් නොවන බව 
තේරුම් ගන්න තරහ අවසර!


මාගේ සයිකල් පාඨකයින් බලනවා ඇති අපි රට වටා ගමන  යාපනෙන් නවතා; සයික්ලෙත් පටවා ගෙන බස් එකක වත් නැග්ගාද කියලා. ඒ තරම්ම කල් ගියා. මොකද පහු ගිය දවස් වල තේරුමක් නැති දේවල් වලට බොහෝ කාලයක් වැය කල හෙයින්. 
අපි කඩවතින් පිටත් උනේ දින දොලහකින් ලංකාව වටේ ගිහින් එන්න උනත් වසිකගේ පැමිණීම නිසාම ගමන දින දහයකින් නිමා කරණ්නට උත්සාහයක යෙදෙමින් සිටින බව ඔබට මතක ඇති!
ඉතින් තව ඉතිරිව ඇත්තේ දවස් දෙකයි දින දහයට! ඒ වගේම නැවතුම් දෙකයි. ඉන් පලමු වැන්න මන්නාරම.
දැන් එහෙනම් යාපනේ ඉඳන් A9 පාරේ පහලට ඇවිත් නාවක්කුලි හංදියෙන් බෙදිලා සංගුප්පිඩි (සංගුපිටිය පාලම ඔස්සේ මන්නාරමට යන්න පිටත් වෙමු. 
පෙරදින රාත්‍රිය ගතකල නවාතැන්පොල පිළිබඳව මා නොලියන්නට සිතා සිටිමුත් වචනයක් දෙකක් නොලීවහොත් එය අඩු පාඩුවකි. එය OYO කළමණාකාරිත්වයෙන් පාලනයක් ලෙස; ඉදිරියේ වූ පුවරුව දැනුම් දුන්නේය. එය තුලට ගොස් පලමු මිනිත්තු කිහිපය ගෙවී යද්දීම එම පුවරුව අටවා තිබුනේ OYO  කළමණාකාරීත්වය සමග පරණ කෝන්තරයකට දැයි සිතෙන තරම් ආශ්චර්‍යයකින් සිත වෙලා ගත්තේය. කාමර කිහිපයක් සහිත විශාල නිවසක් වූ එය පිහිටා තිබුනේ මදුරු හැචරියක් මැද්දේය.
සුවිශේෂි විශාලත්වයකින් යුතුවූ කාමරය තුල තබා තිබුනු ඇඳට ගොඩවූ විට දැනෙන්නේ; නිවසක මැද සාලයේ නිදා සිටිනා අයුරකි. ඒ කාමර එතරම්ම විශාල විය!
නාන කාමරය කලුවර ගුහාවකි.
එහි සවිකොට තිබුනු කුඩා විදුලිපහනේ එලියෙන් තමන්ට තම නාසය අල්ලා ගැනීමට වත් ප්‍රමාණවත් නොවීය.
එදින රාත්‍රිය බොහෝ දිගු එකක් විය. බොහෝ රෑ වනතුරු; කොටින්ම මධ්‍යම රාත්‍රිය ගෙවී යන තුරුත් මා අවදියෙන් විය. උදෑසනින් අවදිව ගමන පිටත්වීම මරන්නට ගෙන යාමක් ම විය. කෙසේ වෙතත් අප අද දිනය තුල මන්නාරමට යා යුතුය. දින දහයකින් ගමන අවසන් කලයුතුය. වසික පැමිණ දින ගනනාවක් ගෙවී ගොසිනි. මේ සියළු සිතුවිලි සමග නවාතැන්පලින් ඉක්මණින් පිටත් වුනෙමු. 
මන්නාරම පිළිබඳව; බුකියේ මොනතරම් කවි ගී ලියවුනද; "මන්නාරම" කියූ සැනින් සිතට එන්නේ කරවල හාල්මැස්සන්ය! ගීතයක් ලෙසින්ද මතකයට ගලා එන්නේ "මන්නාරම් පිටි වැල්ලේ . . . . ." ය. මේ සියලු කරුණු කාරණා සමග සිතට දැනෙන්නේ යාපනයද දෙවෙනි වන ඉරුගේ ගිණි කණට අප පාත්‍ර වීමට නියමිත බවකි. මේ නිසාම; මුලතිව් සිට යාපනයට පිටත්වූ ලෙසින්ම; අප දිනය ඇරඹූවේ උදෑසන 5.30ට ය.
යාපනයේ මාර්ග ජනශූන්‍ය බවක් ඉසිලීය. පෙරදින වැටුනු පින්නෙන් හෝ පොද වැස්සෙන් මාර්ගය යාන්තමින් තෙමී තිබුනි. මුලතිව් සිට පිටත් වීමේදී නොතිබූ විදුලි පහනක් අද කොයින්ද? අද දින ද පිටත්වුනේ අනුන්ගේ පහනින් එළිය බලමින්ය. (ඔව්! බනින්න එපා; ඒක මගේ අත්වැරැද්දක්!)
A9  මාර්ගයෙන් (යාපනය - මහනුවර මාර්ගය); A32 මාර්ගයට (නාවත්කුලි - කාරතිව් මන්නාරම ප්‍රධාන මාර්ගය) හැරුණු පසු මාර්ගය තරමක් පටු බවක් ඉසිලීය. කාපට් ඇතිරූ සුපිරි මාර්ග වල ඈතින් ඇතින් පිහිටා තිබුනු පහන් කනුවල ආධාරයෙන් අප ඉදිරියටඇදෙන්නට පටන් ගතිමු. සිසිල් සුළඟක් ගත උදාසීන කරමින් ඇදීගිය උදයේ ඈතින් ඈතින් ඇසෙන සුන්දර; ඉංදියානු නාද ස්වරම් හා තවිල් බෙර නද ඇසෙද්දී අප යාපාපටුනෙන් ඈතට පැද ගියෙමු. 
ඒ වන විට කුමන හෝ කාරණයක් කරණකොට ගෙන මා මදක් නැවතුනු අතර  නිශාන්ත මා වෙතින් ඈතට ගමන් කොට තිබුනි. කළාමැදිරි එළියක් හෝ පැවතුනේ නිශාන්තගේ සයිකලයේ පමණි! මා කරුවලේම ඉදිරියට ඇදුනෙමි. 
උදෑසන සයිකල පැදීම හෝ වෙනත් ශාරීරික ක්‍රියාන්විතයක් ඇරඹි මොහොතේ පටන් උපරිම කාර්‍යක්ෂමතාවයකින් කටයුතු කෙරෙන්නේ හෝ කරන්නේ නැත. එන්ජිමක හෝ ශරීරයේ ක්‍රියාකාරී උෂ්නත්වයට පත්වන තෙක්; ලැසි දිවුමේ ක්‍රියාත්මක විය යුතුය. එය එක් එක් පුද්ගලයාට අනුව වෙනස් වන සාධකයක් වන අතර මාහට එය කිලෝමීටර 5-6 ක දුරකි. මේ නිසාදෝ මා සෙමෙන් සෙමෙන් සයිකලය පැදයන අතර නිශාන්ත නොපෙනී යන තරම් දුරක් පැද ගෙන ගොස් තිබුනි. නැවත ඔහුව මුණ ගැසෙන්නේ නාවක්කුලි හංදියේදීය. ඔහු මාහට ඉදිරියෙන් A9 මාර්ගයේ පල්ලම් බසින්නට ආසන්නයේය. මා ඔහුව පසු පස සිට අමතා A32 එක් කර ගත්තෙමි. යාපනයේ සිට පහලට විහිදෙන A9 මාර්ගය නාවක්කුලියේදී වමට හැරේ. සෘජුව ඉදිරියට විහිදෙන්නේ A32 මාර්ගයයි.
නිවැරදි මාර්ගයට පිවිසීමෙන් පසුවද ඔහු නැවතත් මාගෙන් වියෝවී පැද යන්නට විය. මීට ආසන්නතම හේතුව මා වඩාත් සෙමෙන් පැදීමදෝ කියා මාහට සිතා ගැනීමට අපහසුය. ඉන් පසුව ගමන් මග ඇදීගියේ වෙරළට සමාන්තරවය. ඈතින් හුලං මෝල් හෙවත් සුළං ටර්බයින පෙනෙන්නට විය. ඒවන විට නිශාන්ත පෙනෙන්නටවත් නොමැති විය. මා සුළං මෝලක් අසලටම ගොස් බලා කියාගෙන නැවත ගමනට එක් විය.




5.51AM







සංගුප්පිඩි පාලම අභිමුව! 

යලිදු නිශාන්තව දක්නට ලැබුනේ සංගුප්පිඩි පාලම අසලදීය! ඔහු මා එන තුරු නැවතී සිටියේය. 
සංගුප්පිඩ්ඩි පාලම තරණය කරන දෙවන අවස්ථාව විය. එම අවස්ථා දෙකම ගමන් කලේ සයිකලයකින් වීම විශේෂ කාරණයකි. පලමු වතාව කඩවත සිට යාපනයට පැමිනි "සයිකලයෙන් තල් අරණට" එද්දීය. මෙවර මව් බිම වටා ගොස් යාපනයේ සිට පල්ලම් බසිද්දීය. මෙවරට වඩා මාගේ මතකයේ තැන්පත්ව ඇත්තේ පලමු වතාවේදී දුටු දසුන්ය. පාලම අසල ජලය හරිත වර්ණ නිල් පැහැයක් ගත්තේය. අදත් එදා ලෙසම ඇතැයි මා සිතමි. ඒ අසල මුහුදේ; ඇතෙන්ම කලපුවේ ඉඳ හිට ධීවර යාත්‍රාවක් ගමන් ගනී. පාලම ඉහලට ඔසවා ඇත්තේ එම යාත්‍රා ගමනට ඉඩ සලසමින්ය. මා පාලම දුටු අවස්ථා දෙකේදීම ඒ අසල පිරිසක් ගැවසුනි. කුමන හේතුවක් කරණ කොට ගෙන හෝ එම පාලමට සැමගේ සිත් සතන් තුල ගරුත්වයක් ඇතිවී ඇත!





6.48am

6.52am

අපි පන දාගෙන "පූනරින්" කීවාට!

පුනරින් 
පුනරින් නගරයේදි එසේත් නැතිනම් මං සන්ධියේදී අප උදෑසන ආහාර ගතිමු. සිරිත් පරිදි බිත්තර රොටී වලින් සමන්විත උදෑසන ආහාරයකින් සංතර්පණය වී අප අවන්හලෙන් එළියට පැමිණෙන විට එතැන සිටි ආගන්තුක හැඩරුවක් සමග මා මදක් දොඩමළුවිය. ඔහු රැකියාව කොට ඇත්තේ ස්කාගාර සංස්ථාවේ වන අතර මේ වන විට පදිංචිව සිටින්නේ එංගලන්තයේය. ඔහුගේ නෑ සියන් සියල්ල දැනට වත්තල සිටියත් මෙරටට පැමිණි සෑම වතාවකදීම පූනරීන් වෙතට පැමිණීම සිරිතකි. ඒ පිළිබඳව මා විමසූ විට ඔහු පැවසුවේ "මෙහේ තරං හොඳ රා ලෝකෙ කොහෙවත් නෑ!" කියාය.
තව කාලෙකින් මෙරටට සම්ප්‍රාප්තවන "සිරිබිරිස්" ද කිතුල්ගල  සිරිල් අයියාව සොයා යාවි යැයි මාහට මෙය ලියන මේ මොහොතේ සිතුනෙමි.









පූනරින් මංසන්ධියෙන් පිටවීම සමගම මාගේ යන්ත්‍රයද වේගවත් විමි. සාමාන්‍යයෙන් මෙවන් චාරිකාවලදී බොහෝ විට ඉදිරියෙන් පදින්නේ මාය! ඒ මන්දැයි මා නොදනිමි. සමහර විට වයසින් ජේෂ්ඨයා මා වන නිසා විය හැක. එහෙත් බොහෝ අවස්ථාවලදී නිශාන්ත මා සමග සමාන්තරව පැදයාමට උත්සාහ කරණු මා දුටු අතර ඒ සෑම අවස්ථාවකදීම මා ඔහුට ඉදිරියට ගෙන පැදීමට අවස්ථාව දුනිමි. මන්ද මහ පාරක සමාන්තරව සයිකල් පැදීම අනතුරකට අත වැනීමක් වන බැවිනි. පූනරින් පසු කොට තවත් කිලෝමීටරයක් පමණ දුරක් ගමන් ගන්නා විට මා ඉදිරියට ගෙන පදින්නට විමි. අද දිනය තුල අවස්ථා දෙකකදී ඔහු; මා නොපෙනෙන මානයකට පැදීම නිසාම මා හට වේගයෙන් පැද යාමට අවශ්‍ය බලපත්‍රය, අවසරය ලැබී ඇත. කෙටි දුරක් පැද යාමේදී; ට්‍රැක්ටරයක් මා පසුකොට ගමන් කරණ්නට විය. ඒ සමගම එය පසුපසින් වැටුනු මා කිලෝමීටර 10 - 15 ක දුරක් පැද ගියෙමි. එය සුපිරි වේගයකි. සේද මාවත් ය. හුදෙකලාය. මාර්ගය සම්පූර්ණයෙන්ම වැටී ඇත්තේ වනාන්තර පරිසරයක් තුලිනි. කිලෝමීටර ගනනාවකට පසු ට්‍රැක්ටරය වම්පසට හැරී වනාන්තරය තුලට විහිදුනු බොරළු පාරකට හැරුනි. එතැන් සිටද මා එම වේගයම පවත්වා ගනිමින් පැද ගියෙමි. ඔබ විශ්වාස කරණ්න නැවත නිශාන්තව මාහට මුණ ගැසුනේ මන්නාරමේදීය!

මන්නාරමර කිලෝමීටර 40ක පමණ දුරක සිට මාර්ගය සකසා ඇත්තේ කොන්ක්‍රීට් මගිනි. මේ ගැන යමක් කියන්නම අවශ්‍ය වේ. එම කොන්ක්‍රීට් මාර්ගයේ මතුපිට ඉතා රළු ස්වභාවයක් ගනී. එය කෙතරම් රළු දැයි කිවහොත් කිලෝමීටර කිහිපයක් ගමන් ගනිද්දී මාගේ හිස රිදෙන්නට පටන් ගත්තේය. ඒ මතින් ගමන් ගනිද්දී සයිකලය දෙදරවන්නට විය. එවන් රළු සවභාවයක් ඊට ආරෝපනය කොට ඇත්තේ; සුමට බව නිසා ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට යැයි කිසිවෙකුහට පැවසිය හැකි වුවද මටනම් සිතුනේ එය සකස් කල පෙදරේරුවන්ගේ නොහැකියාව බවයි. මෙම දුක කිලෝමීටර 10ක් හෝ ඊටත් වඩා විඳින්නට සිදුවිය. 
මාර්ගය දෙපස වගුරු ස්වභාවයක් ගත්තේය. එහි ජලජ ශාක දක්නට ලැබුනි. ප්‍රදේශය පුරාවට දැඩි හුදෙකලා බවක් ආරෝපනය වී තිබුනි. විටෙන් විට මා පසු කොට ගිය හෝ මා හමුවට ආ වාහනයක විනා මිනිස් පුළුටක් බේතකට නොවීය. මෙම මාර්ග තත්වය තවත් කොපමණ දුරක් වෙත්දැයි; වාහනයක් නතරකොට අසන්නට තරම් සිත් විය. එම ප්‍රදේශය ඉබි ගමණින් පසුකල මාහට දක්නට ලැබුනේ ගුවන් හමුදා කඳවුරකි. ඒ තල්ලඩි ගුවන් හමුදා කඳවුරයි.
කොන්ක්‍රීට් දුක!

මේ කඩවත පුරසඳ ෆාමසියේ සුසන්ත මල්ලී. 
මගේ "සයිකලයෙන් තල් අරණට 1" පෝස්ටුවේ සුසන්ත ගැන ලියලා තියෙනවා.
 ගොඩ වැදිලාම බලන්නකෝ.







වේලිමගේ සිට ආපසු

මන්නාරමට ඇතුළු වන්නට ඇත්තේ දිගු දිය පැන්නුමක්; වේලිමගක් නැතහොත් Cause way මාර්ගයක් ඔස්සේ ගොසිනි. ගමන පිටත්වී කෙටිකලකින් අපගේ වට්සැප් සමූහය හා එක්වූ "රෝද දෙකේ රස්තියාදුවේ" මද්දාද; "ඇවිද්ද පයේ" සුදීක, නිරෝෂන් කොටිගල අයියා සේම මාර්ගය පිළිබඳ පෙරයීම් හා පුරෝකථන සැපයීමෙන් අපගේ ගමන සාර්ථක කරගැනීමට එකතුවී සිටියේය.
මද්දාද ලංකාව වටා යතුරු පැදියෙන් ගමන් කොට තිබුනි. ඒනිසාම අප මන්නාරමට එන්නට පෙර එහි රාත්‍රිය ගත කිරීමට ස්ථානයක් පිළිබඳ ඔත්තුවක් සැපයිය. මා මන්නාරමට පැමිණ කෙටි වේලාවක් ගතවන විට වැස්ස මහ පොලොව නතු කරගෙන සිටියේය. මේ නිසාම තැනක් සොයා බැලීමට මහා විසල් දුරක් ගමන් කිරීම  ගැටළුවක් විය. මන්නාරම නගරයට වරක් පිවිස නැවතත් ප්‍රධාන බිමට පැමිණියෙමි. 
ප්‍රධාන බිමෙන් මන්නාරම් දූපතට හැරෙන තැන තුංමංහංදියකි. ඉන් එක් මගක් වන්නේ අප පැමිණි A32 මාරගය වනාතරතුර අනෙක් මාර්ගය වන්නේ තලෙයි මන්නාරමේ සිට මැදවච්චිය දෙසට දිවෙන  A14 මාර්ගයයි. එම සංධිස්ථානයෙන් මනාරම දෙසට දිවෙන වේලි මගය. 
ප්‍රධාන භූමියට ලඟාවී මැදවච්චිය දෙසට හැරුණි. ඒ නවාතැනක් සොයා ගැනීම සඳහාය. ඒ වන විටත් නිශාන්ත පැමිණෙමින්ය.  එම මාර්ගයේ කෙටි දුරක් පැමිණි පසු; හමුදා අනුකණ්ඩයකින් මෙහෙයවන ගිමන් හලක් දක්නට ලැබේ. එහි සිටි අයගෙන් නවාතැනක් පිළිබඳව විමසූවද හෝඩුවාවක් සොයා ගැනීමට අපහසුවිය. මේ කරුණු වෙනාතරතුර නිශාන්ද මන්නාරමට ගොඩ බැස තිබුනි.
ඉන් ඉක්බිතිව මමත් නිශානුත් ගිමන් හල් සොයමින් මන්නාරමේ පටු මාවත් වල පැද ගියෙමු. බොහෝ ස්ථාන වලින් ලැබුනේ ඉතාමත් නරක ප්‍රථිචාරයන් ය. කොටින්ම අප ඔවුන්ගෙන් ආධාරයක් බලාපොරොත්තුව පැමිණි සේයාවකින් කතා කලහ. මෙසේ සිදුවනාතර තුර අප දුටුවේ අලුතින් විවෘථ කරණ ලද ගිමන්හලක බෝඩ් ලෑලලක් හෙවත් පුවරුවකි.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය සුපිරි තැනක් විය! මන්නාරමේ සිට සාලිය වැව දක්වා ඊළඟ ගමන් වාරය පටන් ගන්නට පෙර මෙම තැන ගැන කථා කරමු!

25 comments:

  1. Replies
    1. ස්තූතියි ලලිත් මහතා! යමු තව දවස් දෙකයිනේ! - තට්ටයා

      Delete
  2. දිනිති ඕමයාMarch 20, 2023 at 12:31 PM

    ඔයාලා යාපනේ ඉදං මන්නාරමට පාපැදියේ හරි ඉක්මනට ගිහිං. මට කාර් එකේ ඔය ගමන යන්නත් පැය දෙකහමාරක් වගේ යනවා.

    වැස්සේ පාපැදි පදින්න එපා. විශේෂයෙන් ඔවැනි එළිමහන් තැනිතලා ප්‍රදේශ වල. අකුණු අනතුරු වෙන්න පුළුවන්නේ.

    අනික පාපැදියේ විදුලි පන්දමක් වත් ක්‍රියාත්මක කරන්න අඳුරේ පදිනවා නං.

    ඔයාට කැමති නිසා මේ ටික කිව්වේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අපි ඉක්මනට පැද්දා! ඔව් මහ වැස්සේ පදිද්දී අකුණු අනතුරු සිදුවිය හැකියි. ඇත්තෙන්ම අප පැදපු පලමු දවසේත් දෙවෙනි දවසේ අර්ධයක් වනතුරුත් අපිට පදින්න වුනේ මහ වැසි මැද! ඒත් අකුණු ගැසුවේනම් නැහැ.
      ඔව් විදුලි පන්දමක් අනිවාර්යය අංගයක්!
      ස්තූතියි ලිව්වාට!

      Delete
    2. ඉහල ලිව්වේ මමයි. - තට්ටයා.

      Delete
  3. Replies
    1. ස්තූතියි බස්සා - තට්ටයා

      Delete
  4. හප්පේ.. කාලෙකට පස්සෙ බයිසිකලේට හුළං ගහල අරං තියෙන්නෙ.

    ඔය කොන්ක්‍රීට් පාරවල් (බ්ලොග් නෙමෙයි :D) හදන්නෙ මං හිතන්නෙ ගොඩක් වතුර තියෙන පැතිවල. තාර දැම්මොත් ඉක්මනට කැඩිල යන නිසා වෙන්න ඇති. ඕව හදන බාස්ල ඉතිං ගෙවල් වල බිමට සිමෙන්ති දානව වගේ ඕව මැද මැද ඉන්න එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. නෑ! නෑ!! ප්‍රසන්න මට්ටං ලෑල්ලෙන් මට්ටං කරලා මනිස් ලෑල්ල අල්ලලා හැන්දෙන් සුද මදින්නෝන්නෑ. මේක තනිකරම වැටකොලු කරලක් වගේ! දාර දාර! - තට්ටයා

      Delete
    2. නෑ! නෑ!! ප්‍රසන්න මට්ටං ලෑල්ලෙන් මට්ටං කරලා මනිස් ලෑල්ල අල්ලලා හැන්දෙන් සුද මදින්නෝන්නෑ. මේක තනිකරම වැටකොලු කරලක් වගේ! දාර දාර! - තට්ටයා

      Delete
  5. පුනරින් -මන්නාරම පාරෙ (මන්නාරමට ලඟ අර්ධයෙ) ගම් පහුවෙනකොට පාර දෙපැත්තෙ තමයි වැඩිම දුරක් නොකඩවා තියන වතුසුද්ද පඳුරු මම දැකල තියෙන්නෙ.
    තව එකක් තමයි පෙබරවාරි මුල පාර හරහා යන සමනල්ලු රංචු

    ReplyDelete
  6. මට ඔය එකක්වත් නෝටිස් උනේ නෑ කියන්නකෝ ඉතින්! කොහෙද ගේමටනේ පැද්දේ! - තට්ටයා

    ReplyDelete
  7. තට්ටයා මහතා බොරුමයි කියන්නේ ...
    ට්‍රැක්ටරේ පිටිපස්සෙන් අල්ලගෙන කි.මී ගානක් ගිහින් ( අර අහින්සකයවත් තනි කරලා )මෙන්න බොලේ අපිට කියනවා හැල්මේ පැද්දලූ ...

    ReplyDelete
    Replies
    1. ඔයාට තේරුනා නේද? හං හං හා! - තට්ටයා

      Delete
  8. මමත් අහලා තියෙන විදිහට කොන්ක්‍රීට් කොටසේ පාර වැස්සට යටවෙනවාලු. තාර වතුරට දියවෙන නිසා කොන්ක්‍රීට් පාවිච්චි කරලා තියෙනවලු. වාහනයක යද්දී නම් බයිසිකලයකට මෙච්චර අපහසුයි කියලා හිතෙන්නේ නැහැ. පාලු වුනත් හොඳින් විඳින්න පුලුවන් කොටසක් ..........
    -වීරසිරි බන්ඩාර-

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම වටා පිටාව ලස්සනයි! ඒත් ඒවා විඳින්න හිතක් තිබුනේ නෑ; කොයි වෙලාවෙද කොන්ක්‍රීට් පාර ඉවර වෙන්නේ කියලා හිතමින් පැද්දේ. තව එකක් සයිකලේට හුලං ගහලා තිබුනෙත් ටිං ටිං ගාන්න. ඒ හින්දාම දෙදෙදරීම වැඩියි!

      Delete
  9. ඇත්ත, sport වර්ගයේ සයිකලයක standard සයිකලයකට වඩා viabration දැනෙනවා වැඩියි. ඇත්තටම සංගුපිටි පාලම මෙච්චරටම අපේ හිතට දැනෙන්නේ ඇයි? A9, කින්නියා පාලම, සංගුපිටි පාලම, තුනම එක වගේ.... කොහොම වුනත් තට්ටයා මහත්තයා හැමදාම අපේ හිතේ පතුල අතගානවා...... ස්‍තුතියි ......
    -වීරසිරි බන්ඩාර-

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! අද වන විට මේ හැම වසරක් පැරණි මතක. ආයේ කවදාක වත් ඒ දුටු දේවල් දකින්න නොලැබෙන්නත් පුළුවන්. එහෙම හිතුනාම හිතට දැනෙන්නේ සතුටත් දුකත් මිශ්‍රවූ හඟීමක්! - තට්ටයා

      Delete
    2. //"ආයේ කවදාක වත් ඒ දුටු දේවල් දකින්න නොලැබෙන්නත් පුළුවන්"// එහෙම කියනකොටනං හිතට හීන් දුකක් කාන්දු වෙනවා.....
      -වීරසිරි බන්ඩාර-

      Delete
  10. ඔබගේ සංචාරය කියෙව්වාම පේන දෙයක් තමයි අපගේ විරෝධාර සිංහල හමුදා කඳවුරු උතුරේ දෙමලුන්ගේ තැන්වල පිහිටුවා නැතිනම් ඒ පළාත් වල කන්න තැනක් වත් නැති බව.

    හමුදාවට ජය වේවා.

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම දෙයක් නෑ. අපි මුලතිව් වලදි විතරයි හමුදාව ගෑවුනු තැනකින් කෑවේ. අනික් හැමතැනම තිබුනු දෙමල සිංහල මුස්ලිම් කඩවලින් කෑවා බිව්වා! - තට්ටයා

      Delete
  11. මව්බිමේ විරුවෝ සැමදා ලේ හැලුවේ අපේ නමින්
    දිවිදී රැකුවා ලක් මවුන්

    ReplyDelete
  12. මං වැඩිම දුරක් බයිසිකලේ පැද්දේ මේ ලඟදී. කිලෝමීටර්ම 10කට වැඩී. ඇඟ රිදුම්කෑමක් හෙම පොඩිවට දැනුණත්... ඒකෙත් පොඩි ආතල් එකක් තියේ.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. පදින්නෝ දිනන්නෝ කියන්නේ නිකංද?

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...