Tuesday, February 14, 2023

253. සෝමාවතියට බුදු පිළිමයක්!

අද ජීවිතේ අමතක නොවන දවසක්!

මීට කලෙකට පෙර එක් දවසක මාගේ බ්ලොගයේ කන්ටැක්ට් පෝරමය හරහා කුඩා පණිවිඩයක් ලැබුනි. එහි සඳහන් වූයේ ඊට දිනකට පෙර මවිසින් අවකාශයට මුදා හැරි "සිම්ප්සන් තරණය" පිළිබඳ පෝස්ටුවේ නාම පද දෙකක් නිවැරදි කිරීමට උපදෙසක් ය. තවත් ටික කාලයකට පසුව ඔහුම මා හට ඇමතුවේය. හේ අන් කිසිවෙක් නොව විට්ටර් ගේ මල්ලී වූ හැට්ටර්ය ය!

හැට්ටර් ජීවත්වූයේ අප රටින් කිලෝමීටර දහ හතර දහසක් එපිටින්ය. කාලය ගෙවී යත්ම ඔහු සති දෙක තුනකට සැරයක් මාහට පුරුද්දක් ලෙස ඇමතීම කලේය.

කැන්ගරු දේශයේ සිටි වසිකට රැකියාවක් සොයා දෙන්නට පවා වෙහෙසුනු ඔහු කෙටි කලෙකින් මාගේද වසිකගේද හොඳ මිතුරෙකු විය.

කාලය මෙසේ ගෙවී ගියේය. පසුගියදා මාහට ඇමතුමක් ලබා දුන් අපගේ හිතාදර කොමෙන්ට් කරු ප්‍රාජේ මා අමතා පැවසූවේ;  ටික දිනකින්; කෙටි නිවාඩුවක් සඳහා;  හැට්ටර් මෙරටට ගොඩ බසින බවය!

වසර ගනනාවකට පසු තම නෑසියන්  දැක බලා ගැනීමට සති තුනකට ගොඩ බැසි ඔහු මටත්, ප්‍රාජේටත්, නිදිටත් කුඩා උවත් වටිනා කාලයක් ලබා දී තිබුනි. ඒ එසේ මෙසේ තැනක නොව පයාගලදීය! 

පයාගලට ගිය ගමන ඇරඹුනේ කොට්ටාවෙන් වන අතර එතැනින් අධිවේගී මාර්ගයේ ගමන් කොට දොඩංගොඩින් එළියට විත්;  කැලෑ පාරක් ඔස්සේ තවත් කිලෝමීටර දහයක් දොලහක් ගමන් කොට දොඩංගොඩ හංදියෙන් ගාලු පාරට වැටී අනතුරුව පයාගල රේල් නැවතුම අසලට යනවිට හැට්ටර් සරමෙ එක කොනක් පසුපසින් ඔසවාගෙන අප එන තෙක් මග බලාගෙනය! 

හැට්ටර් හමුව වෙනමම ලියන්න ඕන කථාවක්ය!

අප දැක හැට්ටර් සරම පහත දමා!

මෙම පෝස්ටුව කියවන්නට පටන් ගත් මාගේ ආදරණීය පාඨකයින් හැට්ටර් සහ සෝමාවතියේ බුදු පිළිමය අතර සම්බන්දය කුමක්දැයි විපිළිසර වනු ඇත!
ඒ කථාව පටන් ගන්නේ අධිවේගයේ එන විට දුටු දර්ශණයක් මුල කර ගනිමින්ය! 

විටෙක අප ඉදිරියෙන් ගමන් කල ටිපර් රථයක පසු පස පටවා තිබුනේ සිවුරු දෙක තුනකින් ඔතන ලද බුදු පිළිමයක් විය. 

එය දුටු සැනින් මා ඉදිරිපස ආසනයේ වැඩම කල නිමල් දිසානායක අමතා "ඕන්න ඕක බලා ගන්න! මම පෝස්ටුවක් ලියන්නං!!" යැයි පැවසූවෙමි.

මෙන්න ඒ කථාව. 

ඇත්තටම මේ කථාව එන්නට සුදුසු මෙතැනට නොව වසිකයා පිළිබඳව මා ලියමින් සිටින "ම'පුතු වසික වෙත සෙනෙහසින්!" ලිපි පෙලටය. එහෙත් හැට්ටර් හම්බුනු ගැම්මටම මෙතැනම ලියා තියන්නෙමි. 

වසික පාසැල් ගිය කාලේ  එක් වක වානුවක ගණිතය විෂයට බොහෝ සෙයින් දුර්වල විය. ඔය කියන කාලේ අපේ ගෙවල් වලට නුදුරින් ගණිතයට ටියුශන් දෙන ගුරුවරයෙකුගේ පංතියක් තිබුනු අතර ඔහුගේ නම නානායක්කාර නම් විය.

නානායක්කාර සර් අමුතුම ආරක් ගත් අයෙකි! ලමයින් 500ක් පමණ සිටි පංතිය ඇමතීමට කිසිදු යන්ත්‍රයක් භාවිතා නොකල අතර  ඔහු කථාකලේ තම උස් හඬ උපයෝගී කරගෙනය. එසේම ඔහුගේ පංතිය තුල කිසිවෙකු කිසිදු හඬක් නොනැගීමට තරයේ වගබලා ගත්තේය.

පංතියේ ඉන්දවූයේ කෙල්ලන් හා කොල්ලන් කලවමේය. ඒ නිසාම උනුන් අතර කථාබහක් නොවීය. සෑම දිනෙකදීම අවම වශයෙන් ලමයින් පහක් හයක් ගුටි කෑවෝය. තවත් දෙතුන් දෙනෙක් එලවූවේය. දයක පහලොවකගේ පොත් පියාසලා ඉගිල්ලුනේය. පංතියෙන් භාගයක් බැනුම් ඇසුවෝය. තවත් කිහිප දෙනෙක් හට උන් හිටි තැන් අහිමි වුනෝය.

සියල්ලම හරියටම තේරුණද මේ "උන් හිටි තැන් අහිමි කිරීම" නොතේරුණු බව මට ඉංතීරුවෙනම කිව හැක. ඒ; කලින් දැනුම් දී හෝ නොදී පෙරදින පන්තියට නොපැමිණි අය පංතියේ පසුපසම බංකුව වෙත යැවෙන කරණ ක්‍රම වේධයක්ද ඔහු භාවිතා කල බැවිනි.

ඔය කියනා කාලයේ වසික පාසලේ ක්‍රිකට්, මළල ක්‍රීඩා, පිහිනුම්, ශිෂ්‍ය භට ආදී මෙකී නොකී බොහෝ ඉසව් කල  බැවින් ඔහුට බොහෝවිට පංතිය තුල උන් හිටි තැන් අහිමි විය.

මෙම උන් හිටි තැන් අහිමි වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට නැවත ඉදිරි පෙළට පැමිණෙන ක්‍රම වේධයක්ද නානායක්කාර සර් හඳුන්වා දී තිබුනි. ඒ දෙන ගෙදර වැඩ හා පංතියේ හදන  ගණන් සියල්ල හරි ගිය විට පේලියක් දෙකක් ඉදිරියට ගෙනෙන විධික්‍රමයකි!

පෙර දින පංතියට නොපැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පසුදින පංතියට යායුත්තේ මව හෝ පියා සමගය. මේ  නිසාම නානායක්කාර සර්ගේ පංතියකට  හිතා මතා නොයා සිටීමට ධෛර්ය සම්පන්න  ඒ කාලයේ සොයා ගැනීම; මේ කාලයේ ආණ්ඩුවට නොබනින එකෙක් සොයනවා සේම අතිශය දුෂ්කර කාරණාවක් විය.

වරක් අපගේ පවුලේ සියළු දෙන මාගේ අයියා ගේ නිවසට නෑගම් ගියෝය. අයියා එකල සිටියේ පොළොන්නරුවේය. ගමන පිටත් වීමට ප්‍රථම වසිකගෙන් කොන්දේසිය පැනවිනි!

"කොහේ ගියත් කමක් නෑ ඉරිදා හවස හතරට මට ගෙදර ඉන්නෝන! නානායක්කාර සර්ගේ ක්ලාස්!" ඒ සියළු තහංචි වලට යටත්ව අප සියල්ලෝම ගමන පිටත් වූවෝය. කඩවත සිට පොළොන්නරුවට පැය තුනකින් ගමන් කොට මාගේ වාර්ථාවක් තිබුනි. වාර්ථාව පසෙක තබා පැය හතරකට ප්‍රථම අප පොළොන්නරුවෙන් පිටත් වූවෝය.

"තාත්ති හතරට ඉස්සෙල්ලා යන්න පුළුවන්නේ . . !?" වසික විටින් විට ඇසුවේය.

මමද හැකි උපරිමයෙන් එකල මා සතුව තිබුනු ටොයෝටා 106 කැබ් රිය පැදවූවෙමි.

කුරුණෑගල නගරයට ප්‍රවේශ වන විට පාර වාහන වලින් පිරී තිබුනි.

මා කුරුණෑගල නගරය මග ඇර රෝහල ආසන්නයට එන අතුරු මාරගයකට හරවාගෙන පැදවීමේ යෙදුනෙමි. අප; අලව්ව, අඹේපුස්ස, පසු කොට වරකපොළ නගරයටද පැමිණ එතැනින් ඉදිරියටම ඇදුනෙමු.

වේලාව දහවල් 2.00 පමණ වන්නට ඇත.

හතරට තව ඉතිරිව ඇත්තේ පැය දෙකක් පමණි. ඒ පැය දෙක මාහට; දෙපාරක් යාමට ඉඩකි. 

වරකපොළ නගරය පසු කොට ඉදිරියට එත්ම එත්ම මාර්ග තදබදය වඩ වඩාත් තීව්‍ර විය. පස්යාල ට කිට්ටු වෙද්දී හතරට විනාඩි තිහකටත් අඩුව ගොස්ය. වසිකගෙන් නෝක්කාඩු වැලකි. පස්යාල පසුකොට පල්ලම් බසින විට හතර පසුවී හමාරය.

තවත් මොහොතකින් අප ඉදිරියට ඉබි ගමනින් එන්නේ ලොරි තට්ටුවක නැගි මහන කණ්ඩායමකි. උන්නැහැලා තොර තෝචියක් නැතිව පිරිත් කෑගසති!

පසු පසින් උපාසක උපාසිකා පිරිසක් රැගත් වාහන පේළියකි. ඒ තරින් පතර යකඩ කටවල් වලින් සාදු! සාදු!! හඬ තලති

"මේ මොන මගුලක්ද?" මම මගෙන්ම අසා ගනිමින් තවත් ඉදිරියට කාන්දු උනෙමි.

තවත් විනාඩි කිහිපයකින් පසුපස හරවා ගත් යෝධ සමාධි පිළිමයක් පටවා ගත් ලොරි තට්ටුවක් මා ඉදිරියේය!

"සෝමාවතී පින් බිමට සමාධි පිළිමයක් වැඩම වීම!" මෙවැනි අදහසක් ගෙන දෙන බැනරයකින් ලොරිය අන්දලාය!

පිළිමයේ දණහිස් පොල්කටු ලොරි තට්ටුවෙන් එළියේය. පිළිමයට පුෂ්ප උපහාර පවත්වන පාර අයිනේ ජනයා හට; පිළිමය හා ගාටන උපාසක තාත්තලා හා උපාසක කොල්ලන් කුරුට්ටන් කැට පාති!

මේ සියල්ලෙන්ම නොම්මර එකේ ට්‍රැෆික් එකක් මාර්ගය මත පහළ කිරීමට මේ පිං බර ඇත්තන් සමත් වී තිබුනි!

"අම්මපා සෝමාවතියට මොකටද බුදු පිළිම! ඔය තියෙන්නේ ඕන තරං!?" මම කේන්තියෙන් මුරගෑවෙමි.

තවත් පැයක පමණ කාලයක් ගතකොට නිට්ටඹුව, යක්කල පසුකොට ජේ ආර් ගුටි කෑ ඉඹුල්ගොඩ දිහාට පැමිණි අප හවස හයේ කණිසමට ගෙදරට යාවත්කාලීන වූ වෙමු!

සතිය පියෑඹුවේය! ඊළඟ ඉරිදා කට උඩට ආවේය. 

"තාත්ති එන්න අද මාව පංතියට භාර දෙන්න - ඔන්න!" වසික මීයන් කෑ කිරි හට්ටියක් සේ මුහුණ හදාගෙන කෙඳිරි ගෑවේය.

"ඔන්න තාත්තිටත් බොරු කියන්න බෑ!" ඒ වෙන කිසිවක් නිසා නොව මා වසිකට කට කුඩා කල සිට පාඩම් කල එක් පාඨයක් නිසාය.

"පුතේ මොකද්ද ලෝකේ තියෙන ලොකුම වැරැද්ද?"

"බොලු කීන එක!"

"හරියට හරි!" 

ඒ; මම දරුවන් දෙදෙන ලොකු මහත් කරද්දී ඔවුන්ව ශික්ෂණය කිරීමට ගත් කුඩා උපක්‍රමයක් ය. බොරු නොකියන්නේ නම් සිදුවන, සිදුවෙන, හිතා මතා කරණ ඕනෑම වරදක් පිළිබඳව අසා දැන ගත හැක! එසේම සත්‍යය කියන්නට තමාට සිදුවන බව දන්නා දරුවා එසේ කීමට නොහැකි දෙයක් කිරීමට මැළි කමක් දක්වයි.

හවස හතරට පැය භාගයක් තිබියදී එනම් තුන හමාරට මා නානායක්කාර සර් අභිමුව සිට ගත්තෙමි.

නානායක්කාර සර් බඩ ගින්නට කෑවේ සිගරට් ය. ඔහු දිනකට විස්සේ පැකට් තුනක් හෝ හතරක් කා දැමුවේය. කෑමෙන් පසු බීවේ තවත් සිගරට් දෙක තුනකි.

අදාල දිනයේද දුම් කුටියක් තුලින් නානායක්කාර සර් මතුවිය.

"මොකද?" ගැඹුරු දැඩි හඬින් ඔහු එක එල්ලේ මා වෙත දවා හළු කරවන තියුණු බැල්මක් හෙලුවේය.

වසික පසෙකින් ය.

"මොකද?" කියා අසන්නේ පෙර සතියේ පංතියට නොපැමිණි කාරණය කුමක්දැයි කියාය. මොන දෙයක් වුවද දරුවා ඉදිරියේ මාහට බොරු කීමට බැරිය. මා ඔහුට දිනපතාද දවසකට දෙතුන් වතාවක්ද වන පොත් දෙන වරද ඔහු ඉදිරියේ කිරීම යනු කලිසම පමණක් නොව පිරි වැස්සද ගැලවී යාමකි!

"සෝමාවතියට බුදු පිළිමයක් වැඩම කලා!" මා දැහැමි නිවුනු පිංබර මුහුනක් ආරූඪ කරගෙන ඇසෙන නෑසෙන හඬින් කීවෙමි!

"බොහෝඕ..ම හොඳයි! ඒවා හොඳ වැඩ!!" නානායක්කාර සර්ගේ මුහුණද බැති බරින් පෙඟී ගියේය.

"යන්න පංතියට!" කොලුවාට අවසර ලැබුනි.

වසික එදින හවස ගෙදර පැමිණියේ සිරිත් පරිදි කැදැලි ගත වීමට නොව තාත්තාව අල්ලා ගැනීමටය!

"තාත්තිනං තාත්ති හරිම කපටියි!"

"ඉතිං මයෙ පුතේ මම බොරුවක් කිව්වයැ? ඇත්තටම පංතියට එන්න බැරිවුනේ සෝමාවතියට බුදු පිළිමයක් වැඩම කල නිසානේ!?"

"ඉතිං අපි යැ?"

"ඉතිං මම "අපි කලා!" කිව්වයැ?


පසුගිය මාසයේ ගනේමුල්ල පාරේ සුදු කොඩි වැලක් යටින් ඔහුට අවසන් ගෞරවය දැක්වීම යද්දී මාහට මේ කථාව යලිත් මතකයට ආවේය.

ඔව්! ලමුන් දස දහසකට පමණ ගණිත විශයට A සාමාර්ථ ලබාදු නානායක්කාර ගුරු පියා අප අතරින් සිගරට් දුමක් සේ මැකී ගියේය!


40 comments:

  1. හ්ම්ම්. බුදු පිලිම සහ සිගරට් අතර සම්බන්ධයත් දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. සිටගරට් විකුණන කඩේක හිටියනං සිවුර සහ සිගරට් අතර සම්බන්දෙ ගැනත් දැනගන්න තිබ්බ.

      Delete
    2. සම්මා ස්මෝක් තහනම් නෑනේද?

      සීරියස්ලි,.... දුම්බීම ඒගොල්ලන්ට තහනම් දෙයක්ද? දුම්කොල නැතුව වෙන ජාති කොහොමද?

      Delete
    3. "සම්මා ස්මෝක්!" ඒ කියන්නේ හර්බල්ද?

      Delete
  2. එක හුස්මට කියෙව්වා. රැපියල් අස්සෙ අලුක්කාල් ගහන්නෙ මොකටෑ, මම නං ආයෙ ලියන්නෙ නෑ අපෙ හාංදුරුවනේ.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බස්සෝ මොකක් හරි අවුලක් ලියැවුනාද?

      Delete
  3. පරිප්පුවක් කැවත් සර්ධවෙන් නේ, විජේබාහු

    ReplyDelete
    Replies
    1. සර්ධා පරිප්පුද? - පරිප්පු සර්ධාද?

      Delete
  4. රංග තේනුවරFebruary 14, 2023 at 3:40 AM

    තෙරුවන් සරණයි. සම්පුර්ණ ලිපිය කියවන්න උනේ නැහැ.
    මට හිතෙන්නේ සෝමාවතී පුදබිමට තට්ටයා මහතා හැක්ටර් මහතා සමග පිළිම වහන්සේ නමක් පුජා කර ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. ඔය තේරිලා තියෙන්නේ කිරිගහට ඇන්නා වගේ!

      Delete
  5. ඔතාපු පිළිමේ කතාව මඟදිම යටගියෙ හොඳකට බවක් පෙනේ
    ලියනව කිව්වට මෙච්චර ඉක්මන් වේවිය කියලත් නැහැ හිතුණේ
    පෙනේද හැට්ටර් ඔයාගෙ ඇරයුම හින්දත් ලිපියක් ලියවෙන්නේ
    ජිනාගෙ කොලමත් ලියාද දන්නෑ, හැට්ටර අනුරව හමු වුණනේ

    ReplyDelete
    Replies
    1. ඔව් නිදි අයියේ අවසානයේ වෙන්න ඕන බ්ලොග් ලිවීමනේ! අපි ඒක වත් කරමු!

      Delete
  6. හැක්.. ඒක මරු පිළිම වැඩැම්මිල්ල.

    ReplyDelete
    Replies
    1. ඕවා මේ නුවර පාරේ බහුලයි!

      Delete
  7. හැට්ටර් සෑර් මෙසිරිලකට වැඩම කරලාද? කෝල්ලෙකක් දෙන්න ඕනි. නොරට ඉඳගෙනත් කඩින් කඩ කතා කරලා දුක සැප අහන හිතවතා 🤭

    ReplyDelete
  8. සෝමාවතියට ඉතරක් නෙවී. කොහාට බුදු පිළිම වැඩම කලත් එව්ව තමා බිස්නස්.


    ඔහෙයි හබ්බෙල්ලාවක නෙව. රුවන්වැල්ල පැත්තත් දන්නව ඇති නෙව. ඒ සාවියෙ තියන පංසලක් මතකැති කියල හිතනව ආසියොවෙද ලෝකෙද කොහෙද ලොකුම නිදි පිළිම වාන්සේ හදනව මං දන්න කාලෙක ඉදං තාම හදනව. තවත් හදනව. සමාරවිට මං මැරෙද්දිත් ඕක හදයි.


    රිදීගම නං හදල ඉවරුණත් සම්මාදම ඉවර නෑ හිටං 🤭🤭🤭

    ReplyDelete
    Replies
    1. හක්බෙල්ලාවක එන්න හිතක් නැත?

      Delete
  9. ඔයි ගණං සෑර්ල කොහෙත් එකද මංද. පොල්ගාවෙලත් උන්න සෑර් කෙනෙක් පියසේන කියල. ඔයි සැම්පලේම තමා. ආයෙ පිටයි පුපයි පුරෝල පෝරියල් හම්බෙන්නෙ. සිකෑටුත් කනව. 🙈🙈

    ReplyDelete
    Replies
    1. ඔතෑනි ගනං සර්ලා ඕනෑකර තිබේ!

      Delete
  10. තට්ටයා යනු දවසකටවත් තට්ටයාය

    ReplyDelete
  11. මෙන්න ඔයවගේ තව කතාවක්. සිංහලට පරිවර්තනය කරලා ලියන්නම් වෙලාවක් නෑ.
    A distinguished young woman on a flight from Switzerland asked the Priest beside her, "Father, may I ask a favor?" "Of course. What may I do for you?"

    "Well, I bought an expensive woman's electronic hair dryer for my mother's birthday. The dryer is unopened and well over the Customs limits; and I'm afraid they'll confiscate it.

    Is there any way you could carry it through Customs for me? Under your robes perhaps?"

    "I would love to help you, dear, but I must warn you: I will not lie."

    "With your honest face, Father, no one will question you."

    When they reached the Customs area, she let the priest go ahead of her.

    The official asked: "Father, do you have anything to declare?"

    "From the top of my head down to my waist, I have nothing to declare."

    The official thought this answer strange, so asked, "And what do you have to declare from your waist to the floor?"

    "I have a marvelous instrument designed to be used on a woman, but which is, to date, unused."

    Roaring with laughter, the official said, "Go ahead, Father."

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ලස්සන කථාවක්. මම පුලු පුලුවන් විදියට පරිවර්ථනය කරණ්නම්.

      ගුවන් තොටුපොලකදී කිතුනු පියතුමෙක් හමුවට පැමිණි තරුණියක් ඔහුගෙන් ඉල්ලීමක් කලේය.

      පියතුමනි ඔබට මා වෙනුවෙන් උදව්වක් කල හැකිද? මාගේ මවවෙනුවෙන් රැගෙන යන විවෘථ නොකරණ ලද කොන්ඩා වියලනයක් මා මා සතුව ඇත. එය ඔබගේ ලෝගුව රේගුවෙන් පිටතට ගෙන ගොස් දිය හැකිවේද?

      මා ඔබට උදව් කිරීමට කැමතියි. එහෙත් එක් දෙයක් මට බොරු කියන්නට නම් නොහැක.

      එහෙම නෑ පියතුමණි; ඔබගේ අවංක මුහුණ හමුවේ කිසිවෙකු ප්‍රශ්ණ නොකරනු ඇත.

      රේගු අංශය වෙතට පිවිසෙද්දී පියතුමාට ඉදිරියෙන් යන්නට තරුණිය ඉඩ දුන්නීය.

      "පියතුමණි ඉදිරිපත් කිරීමට කිසිවක් ඔබ ලඟ තිබේද?" රේගු නිළධරයා ඇසීය.


      "හිසේ සිට ඉන තෙක් කිසිවක් නැහැ!" පියතුමා පිළිතුරු දුන්නේය.

      "ඉනේ සිට දෙපතුල දක්වා?"

      "ස්ත්‍රී පක්ෂය වෙනුවෙනම නිපැයුණු එහෙත් කිසිදු දිනෙක පාවිච්චි නොකල අපූරු මෙවලමක් ඇත!"

      මහත් හඬින් සිනාසුනු රේගු නිළධරයා පියතුමාට ඉදිරියට යාමට ඉඩ දුන්නේය.
      "යන්න පියතුමණි!"

      Delete
  12. කතරගම ගිහින් අරක්කු බොන්නේ නෑ කියලා පොරොන්දුවෙලා ඇවිත් අරක්කුවල පොඟවාගෙන පාන් කාපු කතාවත් අහලා ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් චමින්ද මහත්තයා! උපාය දන්නෝ අපායේ නොවැටෙත් ! කියන්නේ නිකං ද?

      Delete
  13. Bohooma sathutuyi,langa langa liyana ekata,wenadaa wagemayi,niyama liavillak.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් මැරෙණ්න කලින් ලියා තියන්නම ඕන ඒවා ටිකක් තියෙනවා. ඒ ටික ලියන්න ඉක්මන් කරණ්ණ හිතුනා.
      අනේක වාරයක් ස්තූතියි මෙහෙම ඇවිත් කියවා; නොනැවතී අදහස් දක්වනවාට!

      Delete
  14. කියවන්න පටන් ගත්තෙ නෑ තවම ..කමෙන්ට් පස්සේ

    ReplyDelete
    Replies
    1. ඔහොම කියලා ලිස්සලා යන්න බෑ!
      කමෙන්ට් එකක් ඕන පරිපූර්ණ!
      හි! හි!! හි!!!
      (බොරුවට බං! මෙහෙම ආවත් ගැම්මක් තමයි ඉතිං!)

      Delete
  15. කොල්ලො කෙල්ලො මාරු කරල වාඩි කරවන වැඩේ මරු!
    මාත් කරල බලන්නෝන
    අපේ උන් නම් උඩින්ම සතුටු වෙයි

    ReplyDelete
    Replies
    1. ඇණ්ටිලා 'කොල්ලො" මාරු කරවලා ඉන්දන පංතියක් දානවා නx අපිත් මනාපයි!

      Delete
  16. හුකෑස්! අපි ගිය ගණන් කැලෑස් මතක්කා වෙද්දීත්... පපූ හෝස් ගාල යනෝ

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා ගනං සෑර්ලා කොහොමත් "ගනං කාරයෝ" නෙව!

      Delete
  17. විට්ටර් ගේ මල්ලී වූ හැට්ටර් මහත්මය හඳුන්වා දුන්නට ස්තූතියි . දැන් ලියන්නේ නැති එක ගැන ඇහුවේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. ඇහුවා! "නෑ මචං! වෙලාව නැත්තෙත් නෑ! මොනවා හරි ලියන්නෝන කියලා හිතං ඉන්නවා! ඒත් වැඩේ කෙරුනේ නෑ!! අනේ මංදා . . . . . . . " ඕං ඔය වාගේ උත්තර තමයි උන්නැහැගෙන් ලැබුනේ!

      Delete
  18. මරු කතාව. මම ළමයින්ට පොඩි කාලේ ඉඳන්ම කියල තිබ්බේ වැඩිහිටියන් වශයෙන් අපට ඉඳහිට බොරු කියන්න වෙනවා. greater good එකකට තමා එහෙම කියන්නේ කියල. මොකද ලංකාවට එහෙම යනකොට දවස් දෙක තුනක් වැඩිපුර ඉන්න ඕනේ වුනහම මොකක් හරි බොරුවක් කොලේජ් එකේ ටීචින් හෙඩ් ට කියන නිසා. උන් දන්නවා මම බොරු කියන්නේ කියාලා. 😄

    ReplyDelete
    Replies
    1. අපිට මුල කාලෙම බුදුහාමුදුරුවෝ නන්ද කුමාරයාව අන්දපු ඇන්දිල්ල ගැන කියලා ඒ බොරුවට පොඩි අයිස්ං පාරක් දානවා නොවැ "සම්‍යක් ප්‍රයෝග" කියලා! ඉතිං අපිත් මුළු ජීවිත කාලෙම ද්හුවන්නේ ඔය සම්‍යක් ප්‍රයෝග උඩ තමයි. ඔය දේසපාලුවොත් කියන්නේ උන්ගෙ පැත්තෙන් සම්‍යක් බොරු තමයි! අපිට කෙළ උනාට්!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...