Wednesday, January 25, 2023

250. සිරිබිරිස්ගේ ලංකාවතරණය!

 

සිරිබිරිස් යනු කැමිලස් පෙරෙරාගේ පුත්‍රයෙකි. කැමිලස් යනු ලංකාවේ නොම්මර එකේ කාටූන්; මැව්වෙකි. කැමිලස්ගේ පලවෙනි කාටූන් චරිතය වන්නේ 1966 දී ලේක් හවුස් සඟරාවක් මත පන පෙවුනු "දැක්කොත් පත්මාවතී" ය. කැමිලස්ගේ කවුරුත් දන්නා පුත්‍ර රත්නය "ගජමෑන්" වන අතර ඔහු උපත ලබන්නේ 1972 වසරේ "සතුට"; ලංකාවේ ප්‍රථම චිත්‍ර කථා පුවත්පත සමගය. පසුව මෙරට දිග් විජය කල; චින්තන ජයසේනයන්ගේ "සිත්තර" 1975 ඇරඹීමත් සමග ගජමෑන්ද සිත්තරේ බින්න බැස්සේය.
මේ නයින් ගත් කල සිරිබිරිස් තනි චරිතයක් නොව; දැක්කොත් පද්මාවතී, ගජ මෑන් හා පෙර නොකී "දොං සේතං" ගේද සොහොයුරෙකි.

මෙරට නමගිය IPB දෙබෑයන්ගේද නොමසුරු ගරුත්වයට පාත්‍රවූ අප මිතුරු නිමල් දිසානායක පසුගියදා ඇමතුමක් මගින් මා අමතා පැවසූවේ "මල්ලි  සිරිබිරි ඇවිත්!" කියාය.
මේ කැමිලස්ගේ පුත් සිරිබිරිස් නොව සිංහල බ්ලොග් අවකාශය තුල සැරිසරණ "සිරිබිරිස්" ය. සිරිබිරිස් සහ තවත් බ්ලොග් මිතුරන් කිහිපදෙනෙකුගේ හමුවක් නිමල් අයියා විසින් සංවිධානය කිරීමට උත්සාහ ගනිමින් වූ අතර  ඒ සඳහා අපගේ Teepee the Campsite කඳවුර යොදා ගැනීමට ගත් තීරණයේ සුභාරංචිය කනේ තැබුනේ එම අවස්ථාවේදීය.

සිරිබිරිස්ගේ පදිංචිය කැන්ගරු දේශයේ වන අතර ඔහු මෙරටට ඇති අක්මුල් සිඳ නොගත් ඕස්ට්‍රේලියානුවෙකි!
දිනය පසුගිය ඉරිදාය.
සෙනසුරාදා; ඉරිදා උනේ නි. ප.කෝ. නිසාය.
නාමයෝජනා රාජකාරී වෙනුවෙන් ඇප කැපවී සිටි නි.ප.කෝ ඩ්‍රැකී (නියෝජ්‍ය පලාත් කොමසාරිස්) හට ප.කෝ ගෙන් සෙනසුරාදා පැමිණීමට ඉඩක් ලබා ගැනීමට තිබුනු අවහිරතාවය නිසාම සෙනසුරාදා; ඉරිදා විය.

මෙම මිතුරු සමාගමට පේරාදෙනියේ සිට රවී වීරසිංහ - අවි අයියා පැමිණියේ කලින්දා එනම් සෙනසුරාදා හවස් වරුවේය. 
ඩ්‍රැකීගේ පැමිණීමද එදිනට යෙදී තිබුනත් ඡන්ද හුටපටේ ඔහුව පමා කලේය.

රවි අයියා රස සාගරයකි!
ඔහු මිනිස් ඇසුර ප්‍රිය කල අයෙකි.
නියමිතව තිබුනු ඩ්‍රැකීගේ පැමිණීමත් අවි අයියාගේ එකතුවත් සමග වියළි ජින් ගත වීම හෝ වෙනයම් ඇල්කොහොලිකරණයක් සඳහා මා අපගේ පැරණි kayak pavilion එක අස් පස් කලේ සිකුරාදය. 
හුදෙක් ගබඩා කාමරයක් ලෙස අඩුම කුඩුම පිරුණු එය නැවත මිනිස් වාසයක් බවට පත් කිරීමට දිනයක්ම වෙහෙස වන්නට සිදුවිය. kayak pavilion යනු අපගේ Oparetional Hub එක හෙවත් මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කොට ඇති අඩි 20 Shipping Container එක මත ඉඳි කොට ඇති වේදිකාවය. රාත්‍රියට ඉදිරි මාර්ගයේ රථ වාහන දිවෙනු දකින්න ලස්සන දර්ශණයකි. 
මීට වසර 5කට පමණ පෙර 
එසේ වෙහෙස මහන්සි වීමට ලැබුනු ත්‍යාගයක් ලෙස එදින මත එනම් සිකුරාදා - ජනවාරි 22 ට යෙදී තිබුනු අපගේ යකඩ දිනේෂ්ගේ කුඩා සාදය එතැන උත්කර්ෂයෙන් යුතුව පැවැත්විය.
මමත් මාගේ ඥාති සොයුරු පාලින්දත් දිනේෂ් සමගින් සීතල බීර වීදුරුවක් තොල ගාමින් දිනය සැමරුවේය.
පසුදින මා පෙර සඳහන් කල පරිදි රවී අයියා සම්ප්‍රාප්ත විය.
එදින සවස් යාමය ගෙවී ගියේද kayak pavilion එකේමය.


පසුදින නිදි අයියාත්, ප්‍රාජේත්, නමියාත්, සිරිබිරිසුත්,අසංගත් පැමිණියෝය.
ඩ්‍රැකී ඒවන විටත් ගිණිගත්හේන පසුකරමින් ය.
හක්බෙල්ලාවක ප්‍රසිද්ධ දියෙස්ගේ ලැවරියා කඩෙන් උණු උණු ලැවරියා කා කිතු හකුරු සමග කහට බී ඩ්‍රැකී පැමිණෙන තෙක් කල් මැරුවෙමු.
ඩ්‍රැකීගේ පැමිණීමත් සමග ඝණ පූර්ණය සම්පූර්ණ වූ අතර අප කඳවුරු බිම වෙත පිටත් වුනෙමු. 
"පිංතූරයක් වචන දහසක් තෙපලයි!" 
එසේනම් ඉතිරිය පිංතූර පවසාවි!
රස සාගරයක් සමග!

ස්ටීමරයෙන් මුහුණ වසාගෙන ලැවරියා කෑම!

රවි, අසංග, ප්‍රාජේ, නමියා, සිරිබිරිස්

මේ සියල්ල මුදිතා ගුණ භරිතව විඳදරා ගනිමින්!

අපේ කාලය කා දැමීම පිළිබඳව නිදහසට කාරණා!

කොලොම්පුරේ, සිරිබිරිස්, නිදි, ප්‍රාජේ 

කට හදාගෙන කියන දේවල්-කට හදාගෙන ඇහුංකං දීම! 

"මෙන්න සුද්දගේ අත!"
මේ කයිවාරුවෙන් පසු ඇරඹුනේ "හඳ මාමා ගීත පිටුවයි!". මින්දද හී සැරෙන් පටන් ගත් ගායනාව වතුර නාලා අවසන් විය! අවසන් ගී කාණ්ඩය ගීත දහයකින් අවසන් වූයේ මාගේ ඇවටිල්ලට නැවත හක්බෙල්ලාවකදීය. 

"අපි එහෙනං යන්නං අපි!" නිදි අයියා නැගිටින්නට හැදුවේ සොඳුරු දිනය නිමාවට පත්කරමිනි.
"තව සින්දු පහක් කියලා යන්න . . . නිදි අයියේ . . !"
"හරි ඔන්න පහයි . . . !?"
"නෑ ! නෑ!! දහයක් . . ?" මම ඇවටිලි කලෙමි.
"හරි එහෙනං ඔන්න දහයයි . . !?"
ඉන් පසුව ගී ගායනා ඇරඹුනේ සින්දුවෙන් සින්දුවට ........ කරමිනි.
ගීත දහයෙන් පසුව නිදී යන්නට නැගිට්ටේය.

"අපරාදෙ උඹ විස්සක් ඉල්ලන්න තිබ්බේ!" සිරිබිරිස් ඔහුගේ ආදරණීය අවංක හිනාවෙන් යුතුව පැවසීය.

"ඔව් බං අපරාදෙ! කමක් නෑ ආයේ උඹලා එනවානේ! හිටපං මං කෝල් එකක් අරන් බලන්න 
- හෙලෝ ඔය කිතුල්ගල සිරිල් අයියද? . . . . . . . . . . . . . "

25 comments:

  1. මෙන්න බොලේ හැරෙන තැපෑලෙන් බ්ලොග් එකේ දාලා... අපුරු දිනයක් සුපුරුදු ලෙන්ගතුකමින් ගෙවුනා... හදපිරි සතුට සිරිබිරිස්තුමාට. නිදි ලොක්කාට තට්ට මහතුන්ට ප්‍රාජේ උන්නැහේට රවිගොයියාට නමි කොලුවාට හා නිපාකෝ අලකොමාට පිරිනමමි..

    ReplyDelete
    Replies
    1. මේත් පරක්කු වැඩිද මංදා ලියන්න ගත්තු කාලය!

      Delete
  2. සිටියෙමි සොඳුරු මිතුරන් ඇසුරේ දවසක්
    නොදැනුණි කාලෙ ගතවෙනවා කියල එකක්
    ඒ කල් ගෙවීමෙන් ඇදුණා සුවිප් එකක්
    තිරිහන් වෙලා මම නං අවුරුදු දහයක්!

    ඒ තරමටම රසමුසු- වටනා දේවල්
    කියැවිණි මතක ගබඩාවල තිබු දේවල්
    දුකයි අපි හිටියෙ Teepee පමණි දවල්
    තට්ටයො පටන් ගමු blog මිතුරනගෙ හවුල්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි අයියේ!

      Delete
  3. වෙන අය ෆෝටෝශොප්, ෆොටෝස්කේප්, Pixlr වගේ සොෆ්ට්වෙයාර් භාවිතාකලාට මිස්ටර් තට්ස් යොදාගන්නෙ ස්ටීමර් !

    ReplyDelete
    Replies
    1. හඃ! හඃ!! හා!!! ඔයා දන්නවානේ හොරේ!?

      Delete
  4. මං ඔතෙන්ට ආවනං ඉස්සෙල්ලම කන්නෙ රවියගෙන් මිනිහට දීපු වද වල හැටියට. හැක්..
    පැමිනීමට නොහැකි වීම ගැන සාතිශය සංවේගය.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා බෑ! ඊළඟ දවසෙ කිව්වාමාඅවේනැතිනම් ගොඩකවෙලට ඇවිත් තමයි නතර වෙන්නේ!

      Delete
  5. රංග තේනුවරJanuary 25, 2023 at 11:52 AM

    මොකක්ද මහත්තයා මේ කහ පාට වාහනේ? එකේ පින්තුරයක් දාන්නකෝ තියෙනවා නං.

    ReplyDelete
    Replies
    1. ඒක Toyota Landcruiser HJ45 එකක්!

      Delete
  6. සුන්දර කාලයක් ගත කොලා හිටන්. හැමදෙනාටම... මාගේ ප්‍රමාණය වේවාහ් !🙏

    ReplyDelete
    Replies
    1. ටැන්කිව්! ටැන්කිව්!!

      Delete
  7. අපි තරහයි අපිව හලලා ගියාට.. ඒ නිසා කොමෙන්ට් නෑ හිටං.. :(

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න රත්තරණේ වරද මගෙ නොවේ!

      Delete
  8. සිරිබිරිස් කියන්නේ කවුද කියල දන්නේ නැහැ. නමුත් අඹගහ යට හෝ =වෙනත් සින්ඩියකින් ගිහින් බලල තියනවා. ඒත් කට්ටිය සෙට් වෙලා ආතල් එකක් ගන්න එකට ප්‍රීතිමත් කාරණයක්. එතනට සෙට් වෙන්න තිබුන නම් කියන දුක තියනව ඉතින්.

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් යනු මුණ ගැසිය යුතු එකෙක්! අපි සියල්ල යලිත් දවසක හමුවේවි!

      Delete
  9. තට්ටයා සහ තිලක සිත දෙන්න මුන ගැසීමට තිබුන අවස්ථාව මගහැරුනා අනතුරක් සිදුවීම නිසා. ඒ ගැන කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් කුමාර මහතාව මුණ ගැහෙන්න මම බලාන හිටියා! බලමු!

      Delete
  10. බ්ලොග් වල වැඩ දාන ගොඩක් එකතුවෙලා . හැමෝම හොද වෙලාවක් ගත කරන්න ඇති කියල හිතනවා .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එය සුන්දර කථිකාවතක්! ඔබත් එහි හිටියා නම්!!

      Delete
  11. Mavila peenawa oyaala gathakarapu dawasa.niyamayi.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම එය සොඳුරු කථා බහක් සමග ගීත සමුච්ඡයක්!

      Delete
  12. හොඳ වැඩක් .. ඔය විදියට සෙට් වෙන්න ලැබෙන එකත් නියමයි .. දෙසැම්බර් වගේ තව එකක් සෙට් කලොත් සමහර විට එන්න පුළුවන් වෙයි ..

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...