Tuesday, August 23, 2022

242. SHE . . . . !

නුවර එළියේ ග්‍රෙගරි වැව වටා: කල්මලී  ඇය සමග!
SHE යනු එච් රයිඩර් හැගාර්ඩ් ශූරීන් විසින් රචිත නවකථාවකි එය පසු කලෙක "අයේෂා" නමින් සිංහල බසට පෙරැලුනු අතර මා ජීවිතයේ "නවකථා පොතක්" ලෙස දුටු පලමු පොත එය විය. එහි කෙළවර දුක්ඛාන්තයක් බව යාන්තමට මට මතකය. සත්තකින්ම මේ කියන්නට යන්නේ SHE ගැන නොව "ඇය" ගැනය!

ඇය ජීවිතයේ මා ලද හොඳම ගමන් සගයා වූවාය. කිලෝ මීටර දහස් ගනනක් ඇය මා සමග ගමන් කලාය. ඇයව මට මුණ ගැසුනේ කිරිඳිවැලදීය. කලෙක පටන් අප පැද ගියේ සාමාන්‍ය සයිකල වූ අතර අපගේ කල්ලිය අතරට පැමිණි ප්‍රථම බ්‍රැන්ඩඩ් හෙවත් උසස් පෙලපතකට හිමිකම් කියූ ගමන් සගයා ඇය වූවාය.

මීට වසර ගනනාවකට පෙර  එතෙක් අප පැදි සාමාන්‍ය සයිකල් වලින් ඇත්වී බ්‍රෑන්ඩඩ් සයිකලයක් ගැනීමට මාහට සිත්විය. එකල; දවස පුරා; ලැබුණු හැම ඉසිඹුවකදීම ikman.lk හරහා එවන් සයිකලයකට ඉව අල්ලමින් විය. 

Google තුල ලොව හොඳම සයිකල් දහය ආතර නමක් දිනා ගත්  Treck, Giant, Cannondale, Scott, Fuji වැනි සයිකලයක් සොයා ගැනීම එම ඉව ඇල්ලීමේ අරමුණ විය. දිනක් ඊට යහපත් ප්‍රථිපලයක් ලැබුනි. ඒ කිරිඳිවැල නිවැසියෙකු පල කල තිබුනු දැන්වීමක්ය. "Scott සයිකලය - විදෙස් රටකදි මිලදී ගත් සයිකලය, ඉතා අඩු දුරක් පැද ඇත. Rs: 23,000" මම වාහාම පහතින් දැක්වූ නොම්මරය අමතා රුපියල් 18,000 ක ඔෆරයක් ගැසූ අතර එය 20,000 න් නැවතුනි. කතාවට අනුපාන වශයෙන් අයිතිකරු එක් කල; "ඉක්මනට ඇවිත්; ගන්නවනම් ගන්න, කීප දෙනෙක්ම අහලා එනවා කිව්වා!" යන්නෙන් මාව කෙතරම් සුපිරියට ඇන්දවීමට ඔහු සමත් වූවාදැයි පවසනවානම්; මා සයිකලය පියවි ඇසින් නොදැක එයට ; ණයට ඉල්ලාගත් රුපියල් 4000 ක අත්තිකාරමක් ඔහුගේ ගිණුමේ තැන්පත් කිරීමට පෙළඹුනි! මේ කියන කාලයේ සාමාන්‍ය සයිකල තුනක් මා මිලට ගත්තේ රුපියල් 21000 කටය! 

ඊළඟ සති අන්තයේ මා කිරිඳිවැල බලා බසයෙන් ගොස් යන්තමින් ඔහුගේ ගෙය සොයා ගත්තෙමි. එතෙක් වැඩ නිමකර නොමැතිව තිබුනු නිවසක ඉදිරි පස ජෑම් ගහකට හේත්තු කොට තිබුනු සයිකලයේ ස්පෝක් කම්බි එක් කොට මකුළුවන් දැල් බැඳ තිබුනි. 

සයිකලයේ අයිතිකරු ලෙස පෙනීසිටියේ සිහින් සිරුරකින් යුත් තරුණයෙකි. සරමකින් හා කමිසයකින් සැරසී සිටි ඔහු මෙම සයිකලය මිලදීගෙන තිබුනේ සවුදි අරාබියේ සයිකල් සාප්පුවකිනි. එම සාප්පුවේ නම සඳහන් කහ පැහැති කුඩා ස්ටිකරයක් සයිකලයේ අලවා තිබුනි. රෝද දෙකම කුසගින්නේ පිට පොත්තට ඇලී තිබුනි. අසල නිවසකින් ඉල්ලාගත් පොම්පයක පිහිටෙන් ටයර පුම්බා ගත් පසු ඔහු ඇසූ පලමු පැණය වූයේ "මොකේද ගෙනියන්නේ? කියාය. එවකට එක් වරක් කිලෝමීටර 69ක් සයිකල් පැද තිබුනද මෙකල මෙන් දුර පැදිමක් මා කර නොතිබූ අතර කඩවතට සයිකලය පැද ඒමට මා සිතා සිටියෙමි. එය එසේම සිදුවිය. සයිකලයේ ගියර නියමාකාරයෙන් ක්‍රියා නොකල අතර එමනිසා සියළු ගියර වල ධවනය කීරීමට නොහැකිවිය. එම නිසාම මහත්වූ වැර වෑයමකින් පසුව කාඩවතට ලඟාවන්නට පැය ගන්නාවක් ගතවූ අතර තවත් දින ගනනාවකට පසුව සයිකලය යතා තත්වයට පත් කර ගැනීමට හැකිවිය!

මා කුඩා කල සිට සයිකලයකට මහත්වූ ඇල්මක් දැක්වූ අයෙකුවුවද සයිකලයක් ලැබුනේ පාසැලේ 10වන ශ්‍රේණිය පසුවූ පසුවය. එයද RMI සයිකලයකි. අපගේ බාප්පා කෙනෙකු අහක දමා තිබුනු එය අම්මා මිලට ගත්තේ ගෙඩි රුපියල් 250 ක් වියදම් කරමිනි. මම මේ කියන්නේ 1982 වසරේ දීය! පසු කලෙක අගනා පැරණි රැලේ රෝයල් සයිකලයකට හිමිකම් කියන්නට ලැබුනද බොහෝ කාලයක් සයිකලයක් නොමැතිව දුකින් සිටි අයෙක්මි. එය කෙතරම්දැයි පැවසීමට නොහැකි තරම් කණගාටුදායක කාලයක් විය. සයිකලයක් ඉල්ලාගෙන පැදීම යනු ඉතාම අසරණ තත්වයකි. මා පාසලේ 7 - 8 වසරවල ඉගෙන ගන්නා කුඩා දරුවෙක්ව සිටියදී වැඩිහිටි තරුණයෙකුගෙන් සයිකලය ඉල්ලූ විට ඊට හිලව්වට ඔහු මගෙන් බලාපොරොත්තු වූ දෙය මා මෙහි නොලියා තබන්නම්! 

එහෙත් පසුකාලීනව එනම් Scott P6 Sportster සයිකලය කැන්දාගෙන එන සමය වන විට මා සතුව සයිකල් 9 ක් පැවතුනි. 9ක් තියා 10 ක් පැවතුනද මා සතුවූ ප්‍රමිති ගත සයිකලය වූයේ Scott සයිකලය පමණකි. 

පසු කලෙක එම සයිකල් විකුණා දමා; විටෙක හුවමාරු කරමින් Trek  Fx 7100 සයිකලය නිවසට එන තෙක්ම බ්‍රැන්ඩඩ් සයිකලයක් ලෙස පැවතුනේ Scott සයිකලයය. 

Trek  Fx 7100
දශකයකට ආසන්න කාලයක් මා සේවය සඳහා දිනකට කිලෝමීටර 32 සිට 70 දක්වා පැද ගියේද, පොළොන්නරුවට කිලෝමීටර 200ක් එක් දිනකදී ගමන් කලේද, යාපනයට පැද්දේද, වසික වරක් දෙනියායේ ගියේද, ඔහුම වරක් පොළොන්නරුවේ ගියේද අවසාන වශයෙන් පසුගිය අප්‍රේල් මස මව්බිම වටා යන්නට පිටත් වූයේද මෙම සයිකලයෙනි.
මුල් කාලයේ මෙන් නොව පසුව සයිකලයේ පවුලේ වෛද්‍යවරයා වූයේ Bianchi ප්‍රදර්ශණාගාරයේ සජිත් සඳරුවන්ය. යාපනයේ යෑමට පෙරත් පොළොන්නරු යාමට පෙරත් සයිකලය සැකසුවේ සජිත්ය. දැන්ට එමිරේට්ස් හි සිට සයිකල් හදන; සජිත් යනු vinkale Official facebook පිටුවේ අයිතිකරුය!
ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට . . !

පසු කලීනව ම සතුවූ Trek සයිකයට: කොළඹ ගමයාගේ ගජ මිතුරු ජනක ලක්මල් රුපියල් 40,000 ක් දී කරගැසීමේ සිට මා අතට පත්ව වෙන්ව ගිය GT Urban 4.0, Giant Escape, Giant Rock 4500 වැනි නම් දරාපු සයිකල මා විකුණා දැමූවද Scott සයිකලය විකිණීමට හෝ මාරු කිරීමට මාගේ සිත එකඟ කර ගැනීමට නොහැකිවිය! "මචං අළුත් එකක් තියාගෙන පරණ එක අත ඇරපං!" කියා බොහෝ දෙනා කීවාට එය මට කල නොහැක්කක් විය. ඇයත් මාත් අතර තිබුනු අන්‍යනෝන්‍ය හඳුනා ගැනීම තේරුම් ගැනීම බැඳීම ඒ තරම් විය. බොහෝ ගමන් සඳහා අළුත් සයිකල තෝරා ගෙන සකසා, ලිහිසනය කොට නිමවා තිබුනද අවසන් මොහොතේ තෝරා ගත්තේ Scott එකමය. කෙතරම් ඇඳුම් ආයිත්තම් තිබුනත් ගමනක් යන්නට සූදනම්වූ විට පරණ Levi's හම්පඩයටම හිත යාම පිරිමින් අතරේ සාමාන්‍ය තත්වයකි. බැඳීමට ලංසු තැබිය නොහැක!

GT Urban 4.0

Giant Escape

Giant Rock 4500

එය ඒ තරම් ආදරණීය, හැඟීම්බර වේදනාකාරී, සුන්දර මතක රාශියක් එය සමග එකතුවී තිබුනි. 

කඩවත - කඩුවෙල අධිවේගී මාර්ගය සකසන කාලයේදී එක් රාත්‍රියක සිදුවූ අනතුර, රත්මලන මැලිබන් හංදියේදී දකුණු අතේ ඉහල මස් ගොබයේ මැහුම් දහයක කැපුම් තුවාලයක කැළලක් සණිටුහන් කරමින් සිදුවූ අනතුර හා අවසාන වශයෙන් තිහාරියේදී පාර මැදවූ ටෙලිකොම් මරාලයක ගැටීමෙන් සිදුවූ මාරාන්තික අනතුරෙනුත් පසුව; සයිකලය ; මා නිවසට ගෙන ඒමට තරම් ශක්‍යතාවයකින් හා ජවයකින්යුක්තව සිටියේය. 

මෙම සයිකලය හා බැඳුනු ආදාණීය මතක  හදවතට කිසිදාක මතකයෙන් ගිලිහී නොයනු ඇත!

කාලය ගෙවී මා හට උපන් බිමෙන් වෙන්ව කුඩා කලකට වසික හා කල්මලී සමග ජීවත් වන්නට කැන්ගරු දේශය බලා එන්නට සිදුවූයේ පසුගිය 15 වන දිනයේදීය. ඒ සඳහා එරටින් මාහට අවශ්‍ය බල කඩදාසි ලැබුණු දිනයේ සිට මා; නිමකල යුතු, කල යුතු හා සකස් කලයුතු කටයුතු කාර්‍යය 71ක් සණිටුහන් කරගෙන ඒවා නිමකිරීමට පටන් ගත්තෙමි.

ඒ සමග ම වසිකට කතා කොට මට කැන්ගරු දේශයෙන් සයිකලයක් සම්පාදනය කරගන්නා ආකාරය පිළිබඳව විමසීය.

"හරි තාත්ති! අපි එකක් ගම්මු!"

"මම සයිකලයක් ගෙනාවොත්!?"

"අවුලක් නෑ! ගේන්න පුළුවන්නම්! ඇත්තටම මම ඒක ගැන දන්නේ නෑ!"

ඒවන විට Scott සයිකලය වෙනුවෙන්; ලක්බිමේදී මාගේ ගමන් සගයා වීමට තවත් දෙදෙනෙකු සැදී පැහැදී සිටියෝය. ඒ තවමත් ගිලන් ඇඳේ පසුවන Giant SCR1 Drop Handle Tour සයිකලය හා Chevaux 1CV Hybrid සයිකලයය.

Giant SCR1 Drop Handle

Chevaux 1CV Hybrid

එහි මූලික වැඩ කටයුතු අතර Scott සයිකලය රැගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමද මූලික තැනක් ගත්තේය! මව්බිම වටා ගමනේදී සයිකලයේ රිම් හොඳටම කැපී තිබුනු අතර එයට රිම් දෙකක් මොරටුවේ සයිකල් අරටුවක්වූ ලකී අයියගෙන් ලබා ගත් අතර එය හබ් වලට ඇමුනුවේ කඩවත ලකී අයියා විසින්ය. එතෙක් පැවති ෆ්‍රීවීලය මස් කොට එහි පැවති දැති 14 ගියර වීලය වෙනුවට දැති 13 දැති රෝදයක් යෙදවූවෙමි. දැති 34 මෙගා වීලයකින් සන්නාහ සන්නද්ධව තිබුනු සයිකලය හොඳ "ගමනක්" ලබා දෙනු ඇතැයි මා විශ්වාස කලෙමි.

බොහෝ මාගේ හිත මිතුරන් මීට විවිධ අර්ථ කථන සැපයුවේය!

"ඇයි බං මේ මගුලක් ගෙනියන්නේ - එහේ සයිකල් නෑ කියලා හිතුවාද?" මේ බහුතරය ඇසූ පැනය විය. මාගේ අතිජාත මිතුරු දොස්තර ප්‍රසාද් රන්නුළු වඩාත් ආකර්ශණිය උපදෙසක් යෝජනා කලේය!

"මම උඹට සල්ලි දෙන්නම් එහෙන් හොඳ සයිකලයක් ගන්න! උඹ පැදලා එන දවසක මට ඒක ගෙනත් දියං!"

එහෙත් ඒ කිසිදු යෝජනාවකින් හෝ අදහසකින් මා නොසෙල්වුණි. 

මා Air Lanka හි සේවය කරණ මාගේ ඥාති දියණියක් වන රොෂාණිගෙන් මේ පිළිබඳව විමසීය!

"ඔව් Uncle ඔයාට තියෙන කිලෝ 30 ඇතුලත සයිකල් එකක් ගෙනියන්න පුළුවන්!"

මගේ ඉහේ මලක් පිපුණ වැනිය!

ඒවන විට වසික Trek Madone 3.1 Drop Handle Tour සයිකලයක සාඩම්බර හිමිකරුවෙක්ව සිටී. 

එහෙත් මා සයිකලයක් නැතිව එහි ගොස් සිටීම; අස්සයා මැරුනු Cow Boy තැනට මා වැටීමක් වේ!  මේ නිසාම Scott සයිකලය ගෙන යෑම මගේ පැත්තෙන් හොඳ තීන්දුවකි! එවන් ආදරණිය මතකය අතහැර දමන්නේ කෙසේද?

සයිකලයක් ගුවන් මගින් ගෙනයාම සඳහා භාවිතා කරණු ලබන Cycle Bag වෙළඳ පොලේ ඇත. වෙළඳ පොලේ කීවාට අපේ ගමේ ඉරිදා  පොලේ හෝ මැනිං මාකට් එකේ නොව E Bay, Amazon, Ali Baba වැනි ජාත්‍යන්තර පොලවල් වලය! මේවා මිලෙන්ද ජාත්‍යන්තරම වේ.  පසුව Google සිසාරා සයිකල් බෑගයක සයිකලය අසුරණ ආකාරය හා බෑගයේ ස්වරූපය පිළිබඳව අදහස් එකතු කරගෙන ඊට ගැලපෙන පතරොමක්, බ්ලොක් එකක් නැතහොත් ටෙම්ප්ලට් එකක් කපා ගත්තෙමි. නිවසේ පැරණි අල්මාරියක පැවති සුදු පැහැති කැන්වස් කැබැල්ලක්ද සොයාගෙන අසල වූ ගමන් මළු මසන "අක්කා" කෙනෙකු සොයා ගියෙමි.

දින තුනකට පසුව වැඩේ සුපිරියටම මසා මා අතට පත්විය. ඇයගේ ගාස්තුව වූයේ 1500ක් වූ අතර සයිකය බෑගය තුල හොඳින් ඇසිරීම සඳහා දෙපසින් තැබීමට ස්පොන්ජ් කැබැලි දෙකක් සපයා ගැනීමට අඟල් 2 ක ඝනකම මෙට්ටයක් රුපියල් 4000 කට මිලදී ගත්තෙමි. 

ඇසුරුම් ද්‍රවය සමග සයිකය අසුරා ගත්විට එයට ජාත්‍යන්තර තත්වයක් ලැබුනි.

එය තුල ඇත්තේ සයිකලයක් බව කියා පෑමට ස්ටෙන්සිල් එකක් කපාගෙන එයින් බෑගයට වඩාත් අකර්ශණීය බවක් එක් කලෙමි.




දිනය අගෝස්තු 15 වන්දින Scott P6 Sportster සයිකලය තම ජීවිතයේ වැඩිම කලක් ජීවත්වූ හා ගමන් ගිය ආදරණීය සැමරුම් සහිත බිමෙන් සමුගෙන කටුනායකින් UL604 SriLankan Air ගුවන් යානයෙන් කිලෝමීටර 8300 ක් ගෙවා කැන්ගරු දෙශයට පාතැබීය. 
8348km

එයද සුන්දර කථාවකි. අපගේ සියළු ගමන් මළු අංක 7 දරණ පටියෙන් ළඟටම ගෙනැවිත් දුන්නද ආදරණීය "ඇය" හට සිදුවූ දෙයක් හෝ ආගිය අතක් හෝ සොයා ගැණීමට නොහැකිවිය. තවත් විනාඩි තිහ හතලිහකින් පසුව ගුවන්සේවිකාවක් ශබ්ධ විකාශන යන්ත්‍රයෙන් මොරගා පැවසුවේ; ක්‍රීඩා භාන්ඩ, සංගීත භාන්ඩ වැනි මොලේ මඥ්ඥං පොරවල් ගෙනා මගුල් අංක 1 දරණ පටිය අසල ගොඩබා ඇති බවය!

මා එතැනට යනවිට මාගේ සුදුවත හැඳි සයිකලය තවත් බඩු බාහිරාදිය පිරිවරාගෙන සිටුනු දිස් විය!

කිලෝ 13ක උපත් බරක් සහිත වූ සයිකලය සියළු පැකින් හා ඇඳුම් ආයිත්තම් සමග කිලෝ 15.250 කට උසස්වීමක් ලබා තිබුනි.  මේ නිසාම මේ දේශයේ වසන හිතමිත්‍රාදීන්හට පමණ්ක් නොව දුවා දරුවන් හට පවා ගෙනෙන සාම්ප්‍රදයික කෑම බීම කිසිවක් මාහට ගෙන ඒමට  නොහැකි විය.

පසුදිනම සයිකය නැවත යතා තත්වයට ගෙන ආවද මෙල්බර්න් නුවර කාලගුණය ඉතාමත් අහිතකර එකක් වූ නිසා එය පැදීමට තරම් යහපත් අවස්ථාවක් සොයා සපයා ගැනීමට අද දින උදෑසන වන තුරුත් නොලැබුනි.

අද දිනයේ උදෑසන කල්මලී සේවය සඳා ගියේ තම උදේ ආහාරය පමණක් නොව දිවා ආහාරයද  අතහැර දමමිනි. ඒ කාලය විසින් පැනවූ තහංචියක් නිසාය. 

නැකැත් බලමින් සිටින්නට තවත් නොහැක. කල්මීට කෑම එක ගෙන යා යුතුය.

ඇය විසින් එවන්නට යෙදුනු අක්ෂාංශ දේශාංශ රූපයෙන් ඉසව්ව පිළිබඳ අදහසක් ගොඩනගා ගත්තද ඒ සඳහා ප්‍රයෝජනයට ගැණීමට තරම් මාගෙ මොබයිලය පනගැන්වී නොපැවතීම හා  තවමත් මා යැපෙන්නේ නිවස තුල වූ වයිෆයි කලාපයෙන් වීම සියල්ල හරස් වන්නට හේතු විය. 

මා නිවසේ සිට මොබයිලයේ Google Maps මගින් දැක්වෙන මාර්ගය කඩදාසියක සණිටුහන් කර ගත්තෙමි. කෑම පෙට්ටියද Back Pack මල්ලේ දමාගෙන ඉහෙන් කනෙන් පෙරෝගෙන පාරට වැටුනෙමි. Toorak පාර එතැනින් Burwood Highway . . . Holland Road . . . Canterbury Road . . .    යනාදී වශයෙන් පාර හොයාගෙන ප්‍රධාන Land Mark එක වූ BP පිරවුම් හලකින් හැරී ගමන් කොට කල්මලීගේ සේවා ස්ථානය සොයා කෑම එක දුන්නෙමි!



සියල්ල වෙනස් වේ! 

මාගේ ජීවිතයේ බොහෝ සතුටු දායක මෙන්ම දුක්ඛ දායක අවස්ථා ඇය දැක ඇත! ජීවිතයේ බොහෝ හැල හැප්පීම් ඇය දුටුවාය! මාගේ ජීවිතය ගලායන අයුරු ඇය බලා සිටියාය! ඒවාට හැකි උපරිම දිරිය දුන්නීය. ඇයව හමුවූ දිනයේ පටන් අදවන තුරු මා අතරමං නොකිරීමට ඇය වග බලා ගත්තීය!

මම ඇයට ආදරය කල තරම්ම ඇයද මා හට ඒතරම හෝ ඊටත් වැඩියෙන් ආදරය කොට ඇත - යකඩ ගොඩක් සේ සිටියට!

නැතිනම් එයා මා වෙනුවෙන් මේ තරම් මෙහෙයක් කරාවිද?

පසුගිය දිනෙක වසික සමග ආගත නාගත කථා කරමින් සිටි විටෙක සයිකලයද මතෘකාවට ගැනුනි.

"මම මේක විකුණ්නන්න බලා පොරොත්තුවක් නෑ! මේකෙන් වැටුණු වැටිලි වල හැටියට මේක තියෙන්නේ මාත් එක්කම මැරෙන්නද කොහෙද!" මා සිනහ වෙමින් කීවේය!

"ඒක හරියට අර ආම්ස්ලොපාගාස්; ඉන්කෝසිගාස් එකත් එක්කම මැරෙනවා වගේද?" වසික මාගෙන් ඇසීය.

"අම්මට සිරි උඹ ඇලන් ක්වාටර්මන් කියෙව්වාද? නියමනේ!" මගේ සිතට ඇතිවූයේ අප්‍රමාණ සතුටකි.

අළුත් යාලුවන් සමගින් . . . . . !

43 comments:

  1. ඩබ්ලියු ඒ සිල්වාගේ ලක්ෂ්මී වගේ නිකං ලඟින් යන ෂී නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් සිල්වා මහතා ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජින ලියා ඇත්තේ; එච් රයිඩර් හැගාර්ඩ්ගේ SHE පොත මත සව් කඩදාසියක් තබා ඒ මත බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. එහෙත් "අයේෂා" නමින් වෙනමම පොතක් පලවූවා පරිවර්තනයක් ලෙස.

      Delete
  2. තට්ටයා අයියාගේ සයිකලයෙන් වැඩටයමු පෝස්ටුව කියවා පොඩි මෝටිවේශන් එකක් ලබාගත් මම මීට මාස එකහමාරක පමණ සිට වැඩට එන්නේ සයිකලයෙනි... අහෝ එය කොතරම් චමත්කාරයක්ද.........

    තට්ටයා අයියා මගේ නිවසට පැමිණ ගිය පසු මා පොඩි උන් දෙන්නා වට කරගෙන ඔහු බයිසිකලයෙන් ලංකාව වටා ගිය කතාව පොඩි උන්ට කියා දුනිමි. උන් දෙන්නා එය කට ඇරගෙන අසා සිටි අතර තාත්තේ් අපි ලොකු උනාම අපිත් බයිසිකලේ් ලංකාව වටේ යමුදැයි ඇසුවේ මගේ ඉහේ මලක් පූදමිනි....

    තට්ටයා අයියාගේ මේ සංචාරය ආතල් බර සොමි බර එකක් වේ්වා යැයි පතමි. එසේම ලංකාව වටා සවාරියේ ඉතුරුටික ලිවීමට ඔහුට කාලය ලැබේවා.....

    ReplyDelete
    Replies
    1. ප්‍රියසද් මල්ලී! අම්මපා කියන්න මේ පෝස්ටුවට උඹේත් සුදුඅයියාගේත් පිංතූරෙ දැම්මානම් හොඳයි කියලා මට හිතිලා ඒක අමතක වෙලා ගියා. ඇත්තටම මගේ Chevaux එකේ පිංතූරයත් විස්තරයත් පෝස්ට් එකට ඇතුළු කලේ අන්තිමට.
      සත්තකින්ම සුදු අයියා පිළිබඳව අසා සිටියත් ඔහුව හඳුනා ගන්නට ලැබුනේ ඔබ නිසයි. එදා සුදු අයියා මගේ සයිකලයේ සිදු කල සුසර කිරීම් හා කුඩා අත පත ගෑම් නොවුනා නම් එයාව ගෙදර තියලා මෙයාව මෙහේ නොගෙනෙන්න තිබුනා.
      ඒ නිසා මේ සියළු මෙහෙයුමේ ඔබත් කොටස් කාරයෙක්.
      ඔව් අනිවර්‍යයෙන්ම "මව්බිම වටා . . .' ඉතිරිය හෙට අනිද්දාම ලියන්න පටන් ගන්නවා. කොහොමත් එය ලියා තැබිය යුතුයි. ඒක මගේ අවශ්‍යතාවයක් සේම වගකීමක් ලෙසයි මා දකින්නේ! එය කියවා බලා එක් අයෙකු හෝ මා ගිය මං පෙතේ ගමන් කරාවි. ඔබගේ කුඩා දරුවනුත් දිනෙක ඒ මග ගනීවි.
      උපතේ සිට මැරෙන තෙක් "ජීවිතයම දුකයි!" කියමින් සිටිනවාට වඩා මොන මොනවාහෝ කල යුතුව වෙනවා. දරුවන්ට උගැන්විය යුත්තේ; ඕනෑම දුෂ්කර අවස්ථාවක ජීවිතය විඳිනා ආකාරයයි. අපේ බහුශෘතලා හිතන තරම් සයිකල් පැදිම මහා ආතල් කිරියාවක් නොවන තැනටයි රට වැටී ඇත්තේ! ඇත්තටම ලෝකයේ වෙනත් රටවල් වල සාමාන්‍ය භාවිතයේ තිබෙන සයිකල් වල හැටියට අපි පදින්නේ දර ගොඩවල්! නමුත් අපි ඊට ආදරය කරණ්නට පුරුදු පුහුණු වෙලා.
      ඇත්තටම මේ හැම ලියවිල්ලකම අග්‍රඵලය වන්නේ කවුරු හෝ එය කරණවා දැකීමයි. සත්තකින්ම බොහෝ ඉසව් අහස උසට ඔසවා තැබීමයි එයට සහභාගී වූවන්ගේ එකම අවසන් ආමුණ වන්නේ. බලාන ගියාම ඇති මගුලක් නෑ. කිලෝමීටර 100 ක් පදින් එක ගැන කල බල වෙන්න දෙයක් නෑ. 20ක් පදින්න පුළුවන් නම් ඒ විදියට පස් වතාවක් නැවතෙමින් පදින එකයි කල යුත්තේ! 1987 X 982 කියන ගණිත කර්මය දුටු සැනින් අපි 982 වරක් චක්කරය හොයාගෙන කටපාඩම් කල යුතු වන්නේ නෑ. මේ ගාන හදන්න; ඇත්තටම අවශ්‍ය වන්නේ 2 වරක්, 8 වරක්, 9 වරක් චක්කර ටිකයි ගණිත කර්මය සිදුකරණ ක්‍රමවේදය හෙවත් උපක්‍රමයයි පමණයි!
      ජීවිතයේ කොයි දේ බැලුවත් එහෙමයි.
      දරුවන්ට කියා දිය යුතුවන්නේ; තමා ඉදිරියේ ඇති අභියෝගය; තමාට පහසු ඉලක්ක වලට කොටස් කරගෙන ඒවා කළමණාකරණය කල යුතු විදියයි.
      ජයවේවා!

      Delete
  3. පාතාල නායකයන් ස්වකීය ජීවිතයත් මරණයත් අතර සටන් වලදී හුරු පුරුදු පෞද්ගලික ගිනි අවිය රැගෙන යන්නේ නැත. ඔවුන්ගේ හිතවතෙකුගේ ගිනිඅවියක් ඉල්ලාගෙන යයි. එය ඔවුන්ගේ ධර්මතාවයකි.

    ReplyDelete
    Replies
    1. පාතාල නායකයන් පිළිබඳව මගේ දැනීම අල්පයි. එහෙත් මා ඉතා ආශාවෙන් නරඹන හා නැරඹූ බටහිර ගොපළු චිත්‍රපට හා Dirty Harry කතා මාලාවේ ඔවුන් තමන් සතු ගිනි අවිය පිළිබඳව පමනක් නොව එය සුරැකෙන හෝල්ස්ටරය, එය පළඳින ආකාරය, වැනි කරුණු පිළිබඳව පවා විචක්ශන වෙනවා.
      ජැක් ෂේප විසින් රචිත "ෂේන්" පොතේ ප්‍රධාන චරිතය වන ෂේන් තමාගේ රිවෝල්වරයේ Front Sight එක පීරකින් මැද ඉවත් කොටයි තියෙන්නේ.
      The Good, The Bad and The Ugly චිත්‍ර පටයේ ටූකෝ Ugly වරක් රිවෝල්වරයක් කොල්ලකන අවස්ථාවේ ඔහුට ගැලපෙන සේ ඒය සකසා ගන්නා අයුරු දිස්වේ.
      "තම අවිය" පිළිබඳව තමාට අති හිමිකාරීත්වය අභිබවා යන විශ්වාසනීයත්වය, ගරුකිරීම හා ආදරය පිළිබඳව ආරක්ෂක අංශ පුහුණුවීම් වලදී උගන්වන බව මා අසා ඇත!
      ඉතින් මගේ Scott පැදිය මෙහි ගෙන ඒම පිළිබඳව අවුලක් නෑ නේද?
      අනෙක මේ රටේ දන්නා හඳුනන එකෙකුට හිටියේ ශේන් වෝන් විතරයි. එයත් මලානේ!?

      Delete
    2. එළ ද බ්‍රා - මෙන්ඩා!

      Delete
  4. වික්‍රමසිංහ ඒකාධිපතියාගේ මර්ධනයට අසුව අරගලකරුවන් දුක්‌ විදිනා විට එහි නායකයන් ඕස්ට්‍රේලියාවේ යහතින් වෙසෙති. මේවා හොද පාඩම්ය.

    ReplyDelete
    Replies
    1. අංක 1. මා අරගලයේ නායකයෙන් නොවීමි. (වික්‍රමසිංහගේ පාලනය අනුමත කිරීමක් මින් අදහස් නොකරමි)
      අංක 2. මාගේ මේ ගමන හුදෙක් මාස ගනනාවකට සීමාවක් වූ එකක් විනා සදාකාලික එකක් නොවේ.
      අංක 3. මෙම ආණ්ඩුව පලවා හැරීමට ඉක්මන් විය යුතු නැත. මන්ද මේ වන විට පොහොට්ටුවන් මෙන්ම යූඇන්පී කාරයින් මේ මොහොතේ මහත්වූ ආතල් එකකින් සිටිනා අතර ඔවුන්ගේ බලාපොරොත්තු හීනවීමට; අහස්මාලිගා බිම පතිත වීමට කාලයක් අවශ්‍යය ය.
      අංක 4. මේ ආණ්ඩුව පලවා හැරීම සිදුකල හැක්කේ මැතිවරණයකින් හෝ මහා වැඩ වැරුමකින් පමනක්ය යැයි මා සිතමි.
      අංක 5. 1917 විප්ලවය වන අවස්ථවේදී ලෙනින් සිටියේ රුසියාවේ ද?

      Delete
  5. පෝස්ටුව හොඳයි මතකය අවදි කළ
    අයේෂා වගෙම සොඳුරුද බයිසිකල
    දිගු ඇසුරකින් 'බඩු' පණ ලැබ ඉන්න කල
    තනිය මකයි; ගෙන දෙවමින් සවිය- බල

    ReplyDelete
  6. නිදී මහත්තයා! ඔබගේ නිවසේ සැඳෑවක අපගේ අනෙකුත් බ්ලොග් ලියන්නන් පිරිවරා ගෙන මීවිතක් තොල ගෑම මගේ සිහිනයක්ව තිබුනා. නමුත් ඒය නොහ්කි උනා. එහෙත් ලියන කියන අපේ ජීවිතය ඉක්මණින් මහළු වන්නේ නෑ. ඒ නිසා හැකි ඉක්මනින්ම හමුවූ වේලාවක උනුසුම් වෙමු ගී පොතත් සමග!

    ReplyDelete
    Replies
    1. ඇයි නැත්තේ? අපට කමෙන් ලියන්නන් තරම් වටිනා තව කෙනෙක් සිටීද? අනිවා ඔබ එතන ඉන්නා කෙනෙක්!

      Delete
    2. අපිටත් ඉතිං ඔතන ඉන්න තිබ්බනං හොඳයි ඒ වෙලාවට.

      Delete
    3. අපට කමෙන් ලියන්නන් තරම් වටිනා තව කෙනෙක් සිටීද?***********
      Thanks....machoooooooooo...ela

      Delete
    4. සත්තකින්ම අපි හමුවුය යුතුම මයි! ඒක බොරුව විහිළුවක් අතිශයෝක්තියක්නම් නොවෙයි! සත්තකින්ම කමෙන්ට්කරුවෙක් යනු බ්ලොග් කරුවෙකුට අසාමාන්‍ය වටිනාකමකින් යුතු චරිතයක්! දෙවෙනි ලිපියට ජවය ලැබෙන්නෙ පලමු ලිපියට යටින් ලියන කමෙන්ට් කරුවන් වෙතින් කියලයි මටනම් හිතෙන්නේ!

      Delete
    5. බ්ලොගර්ස් ඊව් එකේදී හඳුනා නොගත් තව කට්ටියක් නුදුරේදීම අඳුනා ගන්න පුළුවන් වෙයි වගේ!

      Delete
  7. ඔබට පුළුවන් කමක් තියෙනවා නම් බයිසිකලේ සොලෝ ටුවර් එකක් ගිහිං අත්දැකීම් බෙදා ගන්නකො අපිත් සමග. මිනිසුන් අඩු කාන්තාර පැත්තකට වගේ යන්න ආසා නැද්ද? රැයක් ඉන්න වගේ නම් ගොඩක් හොදයි. මගෙත් ලොකු ආසාවක් තියෙනවා එහෙම යන්න. ශ්‍රී ලංකාව තුල නම් එයට ගැලපෙන ප්‍රදේශයක් නැහැ. ඔස්ට්‍රේලියාවේ, ඇමරිකා එක්සත් ජනපදයේ නම් එහෙම ඉඩ කඩ ප්‍රදේශ තියෙනවා.

    තනියෙම ගිහිං, මිනිසුන් රහිත ශුෂ්ක ප්‍රදේශයක කුඩාරමක් ගහගෙන එහිම උයා පියාගෙන හවස ඉර බැහැගෙන යනකොට ලන්තරුම් එළියෙන් බීර බෝතලයක් බොන ගමන් අහස දිහා, ඈත කඳු දිහා බලාගෙන ඉන්න තිබ්බා.

    විදේශිකයන්ට වෙනම අවසර ගන්න, නීති රීති කොහොමද කියලත් හොයලා බලන්න වෙයි නේද එහෙම යනවා නම්? ඔබගේ අදහස මොකක්ද මගේ යෝජනාව ගැන? ඔබගේ ගඟ දිගේ ලිපියක් දැන් ආයේ කියෙව්වම හිතුනා ඔබට එවැනි සංචාරයක් යන්නත් අවස්ථාවක් ඔය රටේදී ලැබුනොත් හොදයි කියලා.

    ReplyDelete
    Replies
    1. අතිශයින්ම ආකර්ශණීය අදහසක් ඔබ ලියා ඇත්තේ! ඔබ මා ගැන තබා ඇති තක්සේරුව පිළිබඳව මා ගේ අවංක ස්තූතිය.
      මීට කලකට පෙර කුච්චවේලි වෙරළේ, මහා කුණාටු සහගත රාත්‍රියක තනිව කූඩාරම් ගතවූ හැටි "තට්ට තනිවම තට්ටයා . . . !" නමින් ලියා ඇත. ඒ සෑම අවස්ථාවකදීම ඡායා රූප ගැනීම, වීඩියෝ කිරීම වැනි කාරණා සිදුවන්නේ ඉතා දුර්වල මටටමකය.
      මීට මා සතුව තිබුනු දුප්පත් උපකරණ වල දුර්වලත්වය හේතු වන්නට ඇත. එසේම අයහපත් කාලගුණික තත්වයන්හීදී එම උපකරණ තනිව පරිහාණය කිරීමේ අපහසු තාවයන්ද දැඩිව බලපානු ඇත.
      මෙම ගමන් වලදී පවා අපට ලබා ගැනීමට අවශ්‍ය දුරස්ථ දර්ශණ (උදාහරණයක් ලෙස ඈත සිට සයිකලය පැදගෙන පැමින කැමරා කාචය පසුකොට ඈතට යන දසුන්) අපට ඡායාරූප ගත කිරීමට අපහසු විය.
      ඔබත් මමත් රූපවාහිණියෙන් දකිනා බොහෝ Solo වැඩ කිඩ අපට පෙන්වීමට විශාල නිශ්පාදන කණ්ඩායමක් පසුපස සිටින බව; නියමිත කොටස අවසානයේදී එලිදැක්වෙන නම්වැලෙන් මොනවට පැහැදිලිවේ.
      අනෙක් අතට අප මෙවන් ගමනකදී ගෙනියනු ලබන්නේ ඉතාමත් අවම බඩු බාහිරාදිය ප්‍රමාණයක් වීම තවත් ගැටළුවකි.
      ට්‍රක් රථයකින් හෝ වෙනත් SUV රථයකින් කෙරෙන සංචාරයක් මීට වඩා බොහෝ දුරකට සාර්ථකව කල හැකිවේ!
      කෙසේ වෙතත් ඔබ යෝජනා කොට ඇත්තේ හරි අපූරු යෝජනාවකි. මමද වරක් වසිකගෙන් මේ රට වටා සයිකලයෙන් යන්නට බැරිදැයි කියා විමසූ අවස්ථාවකදී ඊට දැක්වූ ප්‍රථිරෝධය අතිමහත්ය. ඔහු පැවසූවේ සමහර සංචාරකයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී; මරණයට හේතුව ලෙස "අවකාශයට නිරාවරණය වීම!" දක්වා ඇති බවයි! එසේම ලෝකයේ අතිශයින්ම උග්‍ර විශ සහිත සර්පයින් මෙන්ම මකුළුවන්ගෙන්ද මේ රට සමන්විතය!
      ස්තූතියි නැවතත් "ගන්නග දිගේ . . .!" කියවන්නට ගත්තාට. ඇත්තටම මගේ ආත්මය එතන!

      Delete
  8. බයිසිකලේ ගැන කියද්දි SHE වචනය පාවිච්චි කල එක ලස්සන යෙදුමක්. හැපි හොලිඩේස් ඉන් මෙල්බන්.
    (කැන්ටබරි රෝඩ්, බවුඩ් හයිවේ වාහනයක යද්දිත් ඉතාම ආසා හිතෙන ප්‍රදේශ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නෙළුම්! සත්තකින්ම මම මේ රටට මහත්සේ ආදරය කරණ කෙනෙක්. ඒ මේරටේ පවතින භෞතික දියුණුව ගැන පමණක් හිතලානම් නොවේ. විනය, පිරිසිදු කම, ඔවුනොවුන් කෙරෙහි දක්වන ගරුත්වය, සංස්කෘථියේ ඇති විවිදත්වය හා ඒ හා බැඳුනු අටෝරාසියක් කාරණා වැනි බොහොමයක් ඊට හේතු වෙනවා. දෙමව්පියන්හට ඇති වටිනාම සම්පත වන දරුවන් මේ බිම වෙතට එවන්නට හේතුවූයේ හුදෙක් දරුවන්ගේ යහපත පමණක්ම නොවේ - මේ බිමට ඇති ඇල්මත් ඊට හේතුවක්!

      Delete
  9. රට වටේ යන එක බලන්න ආවේ,බලද්දී රටිනුත් ගිහින්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ! ඒක එන සතියේ ඉඳන් ආපහු ලියනවා! ඒක ලියන්න තරමක වෙහෙසක් වගේම කළමණාකරණයක් අවශ්‍ය වෙනවා. ඊට ටික කාලයක් ගත වෙනවා. පසුගිය සති ගනනක්ම බ්ලොග් එක ලියන්නට බැරි උනා; මොකද මේ ගමනට සෙට මෝල් වෙන්න තිබුනු නිසා. ඉතින් පොඩි පහේ ඉසිඹුවක් ලබන්නට හති අරින්න් විවේකයක් ලබා ගන්න තමයි මේක එක දවසින් එක රැයකින් ලියලා පල කලේ! ස්තූතියි!

      Delete
  10. ලංකාවෙ හරියට බයිසිකලයක් හදන එකෙක්වත් නෑ. මොකක් හරි කිව්වම අතට අහුවෙන අඩුවකින් එතන නට් එකක් කරකවලා දෙනවා. ඊට පස්සෙ වෙන තැනකින් සද්ද එන්න ගන්නවා. ඒක හරිම බාල මළකඩ කාපු රස්සාවක් විදිහටයි කරගෙන යන්නෙ. මේ වෙද්දි බයිසිකල්වලට ඇතිවෙලා තියෙන ඉල්ලුමත් එක්ක තරමක් දියුණු විදියට සයිකල් රෙපෙයාර් කරන්න අවස්තාවක් තියෙනවා. මිළ ගනං ටිකක් වැඩි වුනත් කමක් නෑ. සර්විස් එක හරියට කරනවා නං. ඒක ආර්ට් එකක් විදිහට සලකලා අවධානයක් ඇතුව කරන්න ඕන. එකක් ගලවගෙන ඉන්න ගමන් තව එකකට හුළං ගහනවා, තව එකක ටයර් එකක් දානවා. ආපහු ඇවිත් පුරුද්දට අරකෙ ඇන ටික කරකවගෙන යනවා.

    මේ අය ශිල්පෙ දන්නෙ නැතිකම නෙමෙයි. ඒ ශිල්පයේ අවශ්‍යතාව වෙනස් වෙලා කියලා තේරෙන්නෙ නැතිකම. සේවය බලාපොරොත්තු වෙන පාරිභෝගිකයා වෙනස් වෙද්දි සේවයේ ස්වරූපයත් වෙනස් වෙන්න ඕන. තාම මේ වින්කල් වලින් දෙන්නෙ අර පරණ කෙසෙල් කැන් බයිසිකල්වලට දීපු සර්විස් එක. මේක ලොකු පොටෙන්ෂල් එකක් තියෙන ව්‍යාපාරයක්. නිසි තත්වය සහ ප්‍රමිතිය පවත්වාගන්න නොදන්න නිසා එකතැන පල්වෙන රස්සාවක්.

    ඕස්ට්‍රේලියාවේ කොහොමද බයිසිකල් රෙපෙයාර් කිරීමේ විස්තර?

    ReplyDelete
    Replies
    1. ඔබට කියන්න මගේ වීසා එකේ හැටියට මට හැකියාවක් තියෙනවා කෙටි කාලීන පාඨ මාලාවක් කරණ්නට. මම හිතාන ඉන්නේ සයිකල් අළුත්වැඩියාව හා සේවාව පිළිබඳ එකක් කරණ්නට. මේ වන විට ලංකාවේත් එවන් ස්ථාන කිහිපයක් බිහිවී ඇති අතර ඒවායේ සේවාව ලබා ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවෙනවා. මෙරට ඇති වින්කලයකට මම ගියා. එය පවත්වාගෙන යන්නේ චීන හෝ ජපන් ජාතිකයෙක්. එහි සයිකල් අළුත්වැඩියා කරණු වීදුරු කවුළුවක් තුලින් තමයි පෙනෙන්නේ. මගේ සයිකල ඒකාලේ අළුත්වැඩියා කල Bianchi ප්‍රදර්ශණාගාරයත් ඒ මට්ටමේම තියෙනවා.

      Delete
  11. අහම්බෙන් ගොඩඋනා ..........හදවත පතුලටම වැදුනා ..............
    නවතින්න හිතුනා ...............ඔන්න මම නැවතුනා ..................

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ගොඩැවැදිලා ටිකක නතරවෙලා දොඩමළු උනාට. මමත් ඉතින් ඔබගේ බ්ලොගයට ගොඩවැදුනා මනුස්සකමට. අනේ ඇස්වහක් කටවහක් නෑ; රබර් ගස් ගලෝපු පාලු වත්තක් වගේ! අනේ දෙයියනේ එහෙම වෙන්න දෙන්න එපා! ඒකේ මොනවා හරි හිටවන්න අපිටත් ඇවිත් කඩාවඩා ගන්න පරෝජනයක් ගන්න පුළුවන් දෙයක්! අනෙක sandhakadapahana.blogspot.com කියලා තියෙනවා සින්ඩියක්! ඒකේ පල කරණ්න. තව තියෙනවා සින්ඩි රාශියක්. ඒ සියළු සින්ඩිත් මම ඔය කියපු සින්ඩියේ වම් පැත්තේ පහලින් දක්වලා තියෙනවා. ඒවා හැම එකකම වාගේ පල කරලා ප්‍රචාරණයක් දෙන්න! ජයවේවා. ආ! කියන්න බැරි උනා නැවතත් එන්න කථා බහ කරණ්න!

      Delete
  12. මචං මම යනවා කියලා නිකං මැසෙජ් කෑල්ලක් වත් නොදා යෑම ගැන මුලින්ම ලොකු නෝක්කාඩුවක් එක්කයි මේක ලියන්න වෙන්නේ.

    ඇත්තෙන්ම ලංකාවේ පාරවල් වල බයිසිකල් පදින්නට හෝ පාන්දරට ජොගින් දමන්නටවත් සුදුසු නැතැයි සිතමි. මේ සති දෙකකට කලින් මා සමගින් නැවක සේවය කල මිතුරෙකුගේ 14 හැවිරිදි පුතා පාපැදියෙන් පන්ති ගොස් පැමිනෙද්දි කඩයක් අසල නවතා සිටියදී L board ගැසූ වාහනයක් පදවන් ආ කාන්තාවක් විසින් යටකර මරා දැමුවා. මේ විත්තිය සමහරවිට නිවුස් හරහා දකින්නත් ඇති. අපේ කාපට් දැමූ පාරවල් වල පදික වේදිකා සාදා නෑ. කාපට් දැමූ පටු පාරේ කෙලගෙන ඇවිත් අනිත් පැත්තේ වාහනයට ඉඩදෙන්නේ පාරේ අයිනෙන් යන එකාවද යටකර දමමිනි. දැන් ලංකාවේ බයිසිකල් අනතුරු වැඩිවෙලා.

    ReplyDelete
    Replies
    1. එකසිය ගනට සමවෙන්න ඕනෑය! එය සිතා මතා කල දෙයක් නොව නොසිතාම සිදුවූ ක්‍රියාවකි. මා ලක්දිවට පය තබා දින හතක් ඇතුලත දිය ගොඩ මස් සහිත පිදේනි තටුවක් තැබීමට පොරොන්දු වෙමි!
      අම්මපා කියන්න මහ පාරෙදි මම රියැදුරං කියා ගන්නා එවුං එක්ක මරා ගත්තු හැටි ලිව්වොත්; මාගේ ඥාති මිත්‍රාදීන් බොහොමයක් මගෙන් ඈත්වී යනවා නිසකය.
      අති බිහිසුනු කොන්ඩා මෝස්තර පිරුණු කථා වලින් සැර බාල කිරීමට සෝඩා දමා ලියන්නට පුළුවන් කථාවක් දෙකක් ලියන්නම්!
      ඇත්තෙන්ම මේ රටේ මෙච්චර වයසක් ජීවත්වූ අපට් හරිනම් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් සම්මානයක් දිය යුතු වන්නේය - පන බේරා ගෙන සිටියාට!

      Delete
    2. මා ලක්දිවට පය තබා දින හතක් ඇතුලත දිය ගොඩ මස් සහිත පිදේනි තටුවක් තැබීමට පොරොන්දු වෙමි
      Brand eka GAL

      Delete
  13. පිස්සු හැදෙනවා අනේ 😄🌹

    ReplyDelete
    Replies
    1. ඇයි බං එහෙම කියන්නේ?

      Delete
  14. තමං එක්ක කාලයක් හිටපු, කොතරම් අසීරු අවස්ථාවලදි පවා ‘මට මේ ගමන ඉවර කරන්න පුලුවං‘ කියන විශ්වාසය ඇතිකරගන්න පුලුවන් ‘වාහන‘ කවදාවත් එහෙම විකුණන්න හිතෙන්නෙ නෑ. තට්ට මහත්තැංටත් වෙලා තියෙන්නෙ ඒ සන්තෑසියම වගේ.

    ඔසි දේසෙ සයිකල් ටුවර් එකක ලස්සන විස්තරයක් බලාගන්න අපිට අවස්ථාවක් ලැබෙයි කියල බලාපොරොත්තු වෙනව.

    Air Lanka?? එහෙම එකක් කොහෙද තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම "ඇය" වටා බැඳුනු ජීවිතයේ මතක බොහොමයි. අර බස් ජනසතුව මතක් වෙන්න නිට්ටඹුව ඩිපෝ එකේ තියෙන පරණ බණ්ඩාරනායක බෙන්ස් එක වගේ තමයි ඔය සයිකලයත්. බයිසිකලේ හිතෙන් අත අරින්න පුළුවන් උනාට ඒ වටා බැඳුනු මතකයන් අමතක කරණ්න අමාරුයි!
      බලමු මොනවා හරි අළුත් වැඩක් කරණ්න!
      අනේ ඔව් අප්පා! කියැවෙන්නේම එයා ලංකා කියලම තමයි. ඒක හරියට "ලෝකෙං උතුං රට ලංකාවයි . . . " කියනව වගේ මතකයක් විතරයි!

      Delete
  15. https://komitaldrackeya.blogspot.com/2022/08/blog-post_25.html?m=1 තට්ට ලොක්කා එන්ඩ මගේ කොමිටල් අඩවියට...

    ReplyDelete
  16. https://komitaldrackeya.blogspot.com/2022/08/blog-post_25.html?m=1 සදකඩපහන සින්ඩියට කොමියාව ඇතුලත් කොරන්නේ නැද්ද මචං

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...