Friday, October 8, 2021

218. ඒරාවුර් දුම්රිය ස්ථානාධිපති තුමාගේ කථා වස්තුව!

මේ කථාව වෙද්දී අපේ තාත්තා හිටියේ මම අර කලින් 215. මෝටර් රථ වාහන කර්මාන්තයේ අත් පොත් පෝස්ට් එකේ කියපු හතරැස්කොටුවේමයි. හතරැස්කොටුව පිහිටා තිබුනේ හබරණ පහු කරලා මළේ පාරේ ඒ කියන්නේ ත්‍රීකුණමළේ පාරේ කිලෝමීටර 10ක 12ක දුරින්. මෙතනට හතරැස්කොටුව නම වැටිලා තිබුනේ එතන හංදියේම පාර අයිනේ තිබ්බ; කොළඹට, එක් පැත්තක කුරුණෑගලට, කොළඹට හා අනිත් පැත්තට ත්‍රිකුණමළයට, කන්තලේට තියෙන කිලෝමීටර ගනන් ලියලා තිබුණු; හතරැස් සිමෙන්ති කොටුව නිසා කියලයි කියන්නේ! සත්‍ය අසත්‍ය තාවය පිළිබඳව සිතා ගත නොහැක.

මෙම කුඩා ගම තුල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පැල තවානක්, එයට පිටින් එම ආයතනයටම අයත් කුඩා කංතෝරු කාමරයක් හා නිවස්න දෙකක්, යාබද ඉඩමේ පාසලක්ද පිහිටා තිබුනි.

ඊලාම් ආක්‍රමණ සමග මෙම පැල තවාන වැසී ගිය අතර පෙරකී නිවස්න දෙක හා කංතෝරු කාමටය ආරක්ෂක අංශ වෙතින් නතු කරගෙන ඇත. දැනටත් එම ස්ථානයේ පැරණි ගොඩනැගිලි වසා ඉඳිවූ මුර කපොල්ලේ සෙවනැලි දක්නට ඇත!

මෙතන හංදියක් උනේ එතැනින්ම කැලේ මැද්දෙන් පාරක්  තිබුනා මින්නේරියට. ඒ පාර දිවුනේ රොට වැව කියන ගම මැද්දෙන්. ඉස්සර රූපවාහිණියේ "වාහල්කඩ" කියන වැඩ සටහන කල; ශ්‍රී ලංකාවේ වාරිශිෂ්ඨචාරයේ මුදුන් මල්කඩ වන වැව පිළිබඳව ඉතාමත් පුළුල් පර්යේශණ ග්‍රන්ථයක් වන "වැව" නමැති පොතේ කතු වරයාණන්  වන ගෘහ නිර්මාණ ශිල්පී උදුල බණ්ඩාර අවුසදහාමි හිටියේත් මේ රොට වැව කියන ගමේ මයි. මේ පාර එක තැනකදි කුඩා වැව් තුනක් මැද්දෙන් ගමන් කරණවාත් මතකයි! පාර ගිහින් වැටුනේ හබරණ පොළොන්නරුව පාරේ මින්නේරිය වැව හරියෙන්.

මේ පාර නැතිනම් මාර්ගය; මේ සේරටම වඩා වැදගත් උනේ රොට වැව ගමට ඇබිත්තක් මෙහායින් තිබුනු දුම්රිය මංසංධිය හේතුකොට ගෙන! ඒ කොළඹ කොටුවේ සිට ත්‍රීකුණාමළය හා මඩකලපුව බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රිය දෙපළු කොට වෙන වෙනම දුම්රිය දෙකක් ලෙස ත්‍රිකුණාමළයටත් මඩකලපුවටත් ගමන් අරඹන ගල් ඔය හංදිය දුම්රිය මංසංධිය ! 

තාත්තාගේ වන සංරක්ෂණ රැකියාව නිසාම අපිට ස්ථිර නිවාසයක් තිබුනේ නැති ගානයි. යටියන්තොට; හක්බෙල්ලාවක පිහිටි නිවස හැමදා පැවතියේ කුලියට බද්දට දෙන නිවසක් ලෙසින්. මෙකල අප සිටියේ හතරැස්කොටුවේ පිහිටි දෙපාර්තමේන්තු  කුඩා  නිවස්නයක් තුල! සෑම නිවාඩු කාලයකටම මා එහි නිවාඩුව ගත කිරීමට ගිය අතර එය වන දිවිය හා එක්වූ විචිත්‍ර එකක් උනා! මෙන්න මේ පෝස්ටුවේ මාගේ රියැදුරු ජීවිතයේ ආරභය සනිටුහන් වූ මැසි ෆර්ගියුශන් ට්‍රැක්ටර් ධාවනය සේම මිට්සුබිෂි J44 ජීප් ධාවනයද සිදුවූයේ මම හතරැස්කොටුවේ තාත්තා පදිංචිව සිටිනා වක වානුවේදීය! දිනක් මා නිවාඩුවට එහි ගොස් නිවාඩුව; කැලේ කොලේ ගත කොට ආපසු කොළඹ බලා එන්නට පිටත් විය! 

එකල හතරැස්කොටුවෙන් පිටත් වී රොටවැව හරහා මින්නේරිය බලා දිවෙන කුඩා තනි දොරේ අසෝක් ලේලන්ඩ් බසයක් විය! මේ බසය උදෑසන දෙවන වර හතරැස්කොටුවෙන් මින්නේරිය බලා පිටත් වන්නේ මඩකලපුව සිට කොළඹ කොටුව බලා දිවුනු "හිජ්රා" දුම්රිය ගල් ඔය හංදියට පැමිණීමට පැය භාගයකට පමණ පෙරය! එම බස් සේවය දුම්රිය හා ඒකාබද්ධව ක්‍රියාත්මක වූ එකකි.

එම මාර්ගය දිවුනේ; ඉතා කෙටි දුරකින් ගෙවී අවසන් වන හතරැස්කොටුව ගම පසුකොට මහ වනය තුලින් දිවුනු තිරිවාන ගල් හාත්පස පිරුණු; තැනින් තැන පැරණි තාර තට්ටු නටඹුන් පිහිටි මාර්ගයක් ඔස්සේය!
බසය ඇරඹෙන්නේ හතරැස්කොටුවේ තිබුනු එකම සිල්ලර කඩය වන චූටි මහත්තයාගේ කඩය ඉදිරියෙන්ය. එය සිල්ලර කඩයක් උවද එක් පසෙක පාන්, පරිප්පු හොදි හා තේ කහට විකුණුනි! එදින මමත් තාත්තාත් අම්මාත් තිදෙන හතරැස්කොටුවෙන් බසයට ගොඩ වූයේ ගල් ඔය හංදියෙන් හිජ්රා දුම්රියට ගොඩ වීමේ අරමුණෙනි.  නියමිත වේලාවට බසය පිටත් වී ඒ මේ අත පැද්දෙමින්, වලවල් බේරමින්, වල වල් වල වැටෙමින් රොට වැව පාරට අවතීර්ණ වුනෙමු. බසය ගමේ අවසන් නිවස පසු කිරීමට ආසන්න වත්ම කලබලෙන් පාරට පැමිණි කිහිප දෙනෙකු බසයට අත ඇල්ලුවෝය! බසය නවතන විට ඒ අසලින් ගමන් ගන්නා දුම්රිය මග අසල; මිනිසුන් ගැහැණුන්; පලාතේ හැටියට විසාල පිරිසක් එනම් හත් අට දෙනෙක් පාර අද්දර සිටිනු දක්නට ලැබුනි!
බසය නතර කලේ බසයට ගොඩ වීමට නොවන බව ඔවුන් ඇඳ සිටි ඇඳුම් වලින්ම වැටහින! 

"කෝච්චියෙන් මිනිහෙක් වැටිලා! මහත්තයෙක්!! තාම පන තියෙනවා!!!"
බසයට ගොඩවූ ගැමියා එක හුස්මට රියැදුරුට විස්තරේ පැවසුවේ එය තුල සිටි අන අයටත් එක්කම වගේය!

"හුස්ම වැටෙනවා!" පිටු පසින් කිළිටු සරමකින් යටි කය වසා ගත් මනුස්සයා කථාවට සක්ක සැපයුවේය!

රියැදුරු බසය අයින් කොට නවතමින්ම ආපසු හැරී බසය දෙස බැලූවේ පසු පස සිටි කොන්දොස්තර වරයාට හිසින් සංඥාවක් දෙමින්මයි!
කොන්දොස්තර තැන "මොකෑ . . . ?" කියාගෙන; ටිකට් පොතත් ආපිට අකුලාගෙන රියැදුරු අසුන දිහාට නැඹුරු වෙද්දී රියැදුරු කෙටියෙන් කථාව කියාගෙන ගියේය.
"මිනිහව ඉස්පිරිතාලෙකට දාන්න වෙයි!" රියැදුරු කථාව නිම කලේ එලෙසින්ය!
"අපිටත් වැටෙන ලෙඩ!?" කොන්දොස්තරට ආපසු හැරී බලමින්ම කියැවුනේය!
එකල රජයේ සේවකයෙකු හට තරමක සිවිල් බලතලයක් සමාජය තුල හිමිවී තිබුනි. 
වරක් මාගේ මිත්‍රයෙකු පොළොන්නරුවටත් එහා වැළිකන්ද ප්‍රදෙශයේ (හොර) වෛද්‍යවරයෙකු ලෙස රැකියාව කරගෙන ඉන්නා සමයේ පලාත ගං වතුරෙන් යටව ගොස් සාමාන්‍ය ජන ජීවිතය ඇණ හිට ඇත! මෙහිදී ඔහු; නිර්භීත ලෙස; ගමේ සාමාන්‍ය මිනිසුන් සමග ගොස් සමූපාකාරයේ දොරගුළු කඩා හාල්, පිටි, සීනි ආදිය සම සමව බෙදා දී ඇති අතර පසුව දින ගනනාවකට පසුව එහි ලඟාවූ ප්‍රාදේශීය ලේකම් තුමා ඒ පිළිබඳව ඔහුට බොහෝ සෙයින් ප්‍රශංසා කල කථාවක් මා අසා ඇත!
හතරැස්කොටුවට සිටි ඉතා සීමාන්තික රජයේ සේවකයින් පිරිස අතර මාගේ පියාද එක් අයෙකු විය!
තාත්තාව දුටු කොන්දොස්තර වරයා එම කට යුත්තට සහභාගී වන ලෙස ඔහුටද ඇරයුම් කරමින්ම බසයෙන් බැස්සේය!
ආරාධනා කලද නොකලද බසයේ සිටි සියළු දෙනාම ඉන් පිටතට පැන සෙනඟ ඒක රාශිවී සිටි ස්ථානයට පිම්මේ ඇවිද ගියෝය. 
බස් රිය ධාවනය වූ (එයට මහා මාර්ගය කියා නොකීමට මා හිතා මතාම තීරණය කලෙමි!) මග එම ස්ථනයේදී වැටී තිබුනේ රේල් පාරට මීටර 25 ක පමණ ආසන්නවය! බස් මගට අඩි හයක පමණ උසකින් පිහිටි උස් බිමකින් රේල පාර වංගුවක් දමාගෙන කොළඹ ගියේය. රෙල් පාරත් බස් පාරත් එක් කල අඩි පාරක් එම ස්ථානයේ තිබුනි. "කෝච්චියෙන් වැටුනු මිනිහෙක්" හා"කෝච්චියට හසුවූ මිනිහෙක්" යන නාම පද දෙකෙහි මාහට ඒතරම් වෙනසක් නොවීය! බසයෙන් බැස ගත් අප සියල්ලෝම එකා පසු පස එකා අඩි පාර දිගේ රේල් පාරට ඉක්මන් ගමණින් ගියෝය!

රේල් පාරේ අනෙක් පස අයිනේ පාරට දමා ඇති කලු ගල් වැටියට ආසන්නව ඇලයට වැටුණු වැඩුණු මිනිසෙක් නිසොල්මන්ව වැටී සිටියේය. ලා රෝස පැහැයට හුරු කමිසයක්; තද  නිල් පැහැති කලිසමකට යට කොට ඇඳ සිටි හේ දුඹුරු පාට ඉන පටියක් හා ඊට ගැලපෙන සපත්තු දෙකකින් සැරසී සිටියේය. ඔහුට ආසන්නව හම් බෑගයක් විය! එය එකල ක්ෂේත්‍ර නිළදරයින් වෙත රජයෙන් සැපයුනු සම් භාන්ඩ සංයුක්ත මණ්ඩලයේ නිමැවුමක් වූ "DI සර්කිට්" බෑගයකි! මාගේ තාත්තාටද රජයෙන් එවන් බෑගයක් වසරක් පාසා ලැබෙයි! තාත්තා කොයි ලෝකෙ ගියත් බෑගය ගෙනිච්චේ එයගේ පිරිවැස්ස වගේ අනිවාර්ය අංගයක් ලෙස! එම බෑගය රජයේ සේවකයෙකුගේ නිළමුද්‍රාව විය! මීට වසර ගනනාවකට පෙර ලීවර් බ්‍රදර්ස්, ඩාලි බට්ලර්, සිලෝන් ටුබෑකෝ වගේ ආයතනවල වෙළෙඳ නියෝජිතයින් හෙවත් තේරෙන හිංගලෙන් කියනවා නං සේල්ස් රෙප් මහත්වරු තම; බාටා කොම්පැණියෙන් විකුණූ "මොකැසිනෝ" පැළඳ පෙන්වූ ගැම්ම; තාත්තාලා වැනි රජයේ සේවකයින් එළි දැක්වූයේ; Toe Cap එක සහිත DI සපත්තු දෙකෙන් හා DI සර්කිට් බෑගයෙන්ය! එම ගමන් මල්ල හෙවත් බෑගය දුටු වනම තාත්තා මුහුණට තරමක දැඩි බවක් ආරූඪ විය!

"ගවර්න්මන්ට් ඔෆිසර් කෙනෙක්!" තාත්තා තමාටම කියා ගත්තේය!

"මේ මහත්තයා ආණ්ඩුවේ මහත්තයෙක්!" තාත්තා එතැන රැස්ව සිටි පිරිසට ඇසෙන සේ උස් හඬින් පැවසීය.

එකල අද මෙන් නොව රජයේ එක් සේවකයෙකු තවත් සේවකයෙකු වෙත පැහැදිලි ගරුත්වයක් හා බැඳීමක් විය. එසේම සාමාන්‍ය ජනයා තුලද ඔවුන් කෙරෙහි තරමක ගෞරවයක්ද විය!

"මහත්තයා අතන මේ මහත්තයාගේ බෑග් එක වැටිලා තිබුනේ! ඒකෙන් මොනා හරි හෝඩුවාවක් හොයාගන්න පුළුවන් වෙයි!" එතැන සිටියෙකු තාත්තාට පැවසීය!

"ආ හරි ගේනවකො බලන්න! . . ඇරියේ නෑනේ . . . !?"

එතැනට ගෙනා බෑගය තාත්තා විවෘථ කලේ සියල්ලන්හටම ඇසෙන්නට ප්‍රකාශයක් කරණා ගමන්ය!

"ඔන්න මම ඔක්කොම ඉස්සරහ අරින්නේ! මට මේවට වග කියන්න බෑ!"

තාත්තා බෑගය විවෘථ කර සැණින්ම එහි වූ දින පොතක් හෝ වෙනයම් සටහන් පොතක් අතට ගත්තේය!

" මේ! මේ ඒරාවුර් වල ස්ටේෂන් මාස්ටර්!" ඉක්මනට ගන්න බස් එකට!

වැටුනු; අනතුරට පත් පුද්ගලයාව නො එසේනම් "ඒරාවුර් දුම්රිය ස්ථානාධිපති තුමාව" අනෙක් පසට හරවා පිරිස ඔසාවා ගති.
ඔහුගේ පුහුන දැඩි සේ තුවාල වී තිබුනි.
බසයේ කොන්දොස්තර වහාම බසයට නැග පිටුපස ආසනයේ තිබුනු කුෂන් කරණ ලද ලෑල්ල හෙවත් සීට් එක ගලවා බසයේ පිටුපසට වන්නට ඇතුරුවේය! තවත් මොහොතකින් සිහි විසංඥව සිටි තුවාල කරු දෙතුන් දෙනෙකුගේ අත් මතින් බසය තුලට වැඩමවන ලදී! 
බසය නැවතත් ගමන පෙර සේම පැද්දෙමින් වල වල් වල වැටෙමින් පිටත් විය. එහෙත් එය තරමක ප්‍රවේසම් සහගත්වය. එය අප වෙනුවෙන් රියැදුරු ගත් ප්‍රශංසණීය පියවරක් නොව රෝගියා වෙනුවෙන් ගත් තීරණයකි.

"අඩු වයසෙන් රස්සාවට ආපු මහත්තයෙක් වගේ! . . . දෙමළ වෙන්ටැ . . ?"

"කොහොමත් ඒරාවුර් කියන්නේ පොඩි ස්ටේසමක් නේ! ඒවායේ ඉන්නේ වයස අඩු අය තමයි!"

"අනේ ගෙදර මිනිස්සු හිතනවා ඇති දැන් මේ වෙන කොට කොළඹ කියලත්!; රෑ කෝච්චියෙනේ ඇවිත් තියෙන්නේ!?"

බසයේ සිටි කිහිප දෙනෙකුවූ පිරිස "ඒරාවුර් දුම්රිය ස්ථානාධිපති" දෙස බලා විවිධ අර්ථ කථන සැපයූහ!

"දැං මොකද මේ බෑග් එකට කරණ්නේ?" කොන්දොස්තර තැන මතුකල පැනය විය!? 

"ඔව්! වොව්!! ඉස්පිරිතාලෙට දුන්නොත් ඕකෙ තියෙන ඇඳුං කෑල්ලක් වත් හොයා ගන්න බැරිවෙයි. අර මං මැලේරියාවට නැවතුනාම ඇඳ ගාව පෙට්ටිය උඩ තිබ්බ උනු වතුර බෝතලේ මං කක්කුස්සියට ගිහිං එන ටිකට අන්ත්‍රස්දාන වෙලා තිබ්බානේ . . . . . . . .!?" 

විවිධ කයි කථන්දර බසයේ ඇලුමිනියං බොඩිය තුල එහා මෙහා පාවී යද්දී තාත්තා කට හඬ අවදි කලේය.

"හරි! මම දැං ගල් ඔය හංදියෙන් බහිනවා කොළඹ යන්න! මම මේ සිද්ධිය කියලා;  බෑග් එක SM (ස්ටේශන් මාස්ටර්) ට භාර දෙන්නං! එගොල්ලො ඒරාවුර් වලට ටෙලිෆෝන් කරලා කියයි. ඒ ගොල්ලන්ගෙ මිනිහෙක් නේ!?"

"ආන්න හරි . . . .! අපි මෙයාව පොළොන්නරුවෙ ඉස්පිරිතාලෙට භාර දෙන්නං!" කොන්දොස්තර තැන තාත්තාගේ අදහසට එකඟ විය!

බසය තවත් විනාඩි ගණනකින් ගල් ඔය හංදිය දුම් රිය ස්ථානය අසලට ලඟා වුනු  අතර මමත් අම්මාත් තාත්තාත් මාගේ ෆෝඩ් සූට් කේසයත් "ඒරාවුර්" සර්කිට් බෑගයත් තාත්තාගේ සර්කිට් බෑගයත් ලට්ට ලොට්ට  සමග බසයෙන් බිමට බැසීය! අප දුමරිය ස්ථානයට පිය මැන වේදිකාවේ නතර වූ අතර තාත්තා "ඒරාවුර්" බෑගයද රැගෙන ස්ථානාධිපත් හමුවීමට යන්නට හැරුණි! 

"ඔයා වරද්දලා ඔයාගේ බෑග් එක දෙයි! කෝ ඒක මට දීලා යන්න!"

මටද ප්‍රවේණියෙං පැමිණි තාත්තාගේ එවන් සුපිරි වැඩ ගැන දන්නා අම්මා පැවසුවාය! 

"පිස්සුද!? ආ කමක් නෑ කොයි එකටත්!" තාත්තා තමන්ගේ බෑග් එක අප වේදිකාවේ සිටි ස්ථානය අසල වූ බංකුවක් මත තබා නික්ම ගියේය! 

තවත් ටික වේලාවකින් සුදෝ සුදු ඇඳුමකින් හා කැප් තොප්පියකින් සැරසුණු දුම් රිය ස්ථානාධිපති වරයා තාත්තා සමග අප දෙසට පැමිණියේය! ඔහු අප සමග සුහද කථා බහක යෙදී සිට ඉවත්ව ගියේ තාත්තාගේ ක්‍රියාව ගැන පසසමිනි!

හිජ්රා දුම්රිය තවත් ස්වල්ප වේලාවකින් පැමිණි අතර තාත්තාගේ රාජකාරි දුම්රිය කෝටාව හෙවත් වොරන්ට් එකට පිං සිද්ධ වෙන්න;  එහි දෙවන පංතියේ තරමක සැප පහසු අසුනක අසුන් ගෙන කොළඹ පැමිණියෙමු.
කාලය සෙමෙන් ගෙවී ගියේය. කොළඹ පැමිණි මාහට සෑම අවස්ථාවකම දනන් ලොමු දැහැ ගන්වන සුළු කථාවක් ඉතිරි වී තිබුනි! ඒ "රාත්‍රී තැපැල් දුම්රියෙන් ඇද වැටුනුනු ඒරාවුර් දුම්රිය ස්ථානාධිපති තුමාගේ කථා වස්තුව!"ය. මාස තුනක් ඉක්බිත්තෙන් තවත් නිවාඩු කාලයක් එළැඹුනි! එම නිවාඩුවටද මා සිරිත් පරිදි කොළඹ කොටුවෙන් ත්‍රීකුණාමළය බසයක නැගී හතරැස්කොටුව බලා  ගියෙමි! දින ගණනාවක් ඉක්බිත්තෙන් මට මගෙ පැරණි මතකය අළුත් විය! 

"තාත්ති මොකක්ද උනේ අර කෝච්චියෙන් වැටිච්ච ඒරාවුර් ස්ටේශන් මාස්ටර්ට!? එයා මැරුණද?"

"ඒ යකා පල් හොරෙක්නේ! මේ යකා; නයිට් මේල් එකේ කොළඹ ගිය ඒරාවුර් ස්ටේශන් මාස්ටර්ගේ බෑග් එක අරං කෝච්චියෙන් පැනලා! අල්ලන්න බැරි උනා! සිද්ධිය ආරංචි වෙලා පොලීසිය ඉස්පිරිතාලෙට එන කොට ඌ එහෙනුත් පැනලා ගිහිං!"

51 comments:

  1. Replies
    1. ඔයාට කවදත් සීට් එකක් තියෙනවානේ! ආයෙ වෙන් කරණ්න ඕනෙ නෑ!

      Delete
    2. ඒම නම් කමක් නෑ.
      ඔය හතරැස් කොටුව මුලින්ම දැක්කේ 99 වසරේ පළමු නැවට නැගලා මාගේ පළමු මංගල මුහුදු ගමනින් පස්සේ හදිසි අවශ්‍යතාවයකට කොළඹ ඔෆිස් එකට යන්න ලැබුනායින්. තඹලගමුව, 99 කඩේ වැනි මතකයන් ඔස්සේ හතරැස් කොටුවත් සිහිපත් උනා. ඒදවස්වල හබරණ කැලේ මැදින් ඒමත් මරුවා කොයිවේලාවේ අතවනයිද නොදැන එන ගමනක්. දැන් වාගේ ජනාකීර්ණ නොවුනු හබරණ හංදියේ රජයේ තානායමේ දවසක් රෑ ගතකලා රෑට කන්තලේ දක්වා පාර වහන හින්දා.

      Delete
    3. ඔය හබරණ තානායම මේ කථාව කියන කාලේ පෙර නාවික හමුදා කඳවුරක්!

      Delete
    4. දැන් නම් දියුණුයි.හතරැස්කොටුව හංදිය.මින්නේරිය පාරත් කාපට් කරලා හදලා තියෙන්නෙ.

      Delete
  2. ආණ්ඩුවේ මහත්තුරු හොරකම් කරන්නේ නැහැ. බොහොම ස්තුතියි ආදර්ශමත් කතාවට.

    රංග තේනුවර.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! සත්තකින්ම ඒකාලේ ඔය කියන්නේ අපේ තාත්තලාගෙ කාලේ එයාලා "ආන්ඩුවේ රස්සාවක් දැක්කේ දේව කාරියක්!" ලෙසයි! බොහොමත්ම ස්තූතියි ගොඩ වැදී මොහොතක් දොඩමළු උනාට!

      Delete
  3. පට්ට කතාව තට්ටයා මහත්තයා. ලස්සනට ලියලත් තියනවා. පරිසරය වැනීම ඉතා ඉහලයි, මට පැහැදිලි චිත්‍රයක් මවා ගන්න ඇහැකි වුනා. මේ වගේ කතා ඉදිරියටත් බලාගෙන ඉන්නවා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බසු උන්නැහේ! ඉස්සරහට තව පරණ කකුලක් දෙකක් ලියන්න එනවා ! අපි සපෝර්ට් එකක් දීලා ගනිමු!
      ප්‍රාජේ මහත්තයා බොහොමත්ම ස්තූතියි! ලඟදි තව අය එකතුවෙයි නේද!?

      Delete
    2. "පට්ට කතාව තට්ටයා මහත්තයා." x 2

      Delete
  4. ආණ්ඩුවේ නිලධාරී මහත්තුරු ඒ දවස්සොල දැං වගේ බුසල් ගාණට එක්කාසු කරන්ට ඉන්ට නැතිවැතිනේ. ඉතිං ඒ හින්ද කට්ටියට සැලකිලි තියෙන්ට ඇති. අර මනුස්සයවත් ඒ නිසා සැලකුම් ලබන්ටඇත්තෙ හොරෙක් කියන්ට දන්නවෑ.
    දැං නං රජයේ නෙවී කාට මොනා වුණත් ඕම කරන්න බලන්න කවුරු හරි ඉන්නෙ කලාතුරකින් 😔😔😔

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ් මහත්තයා අපේ පරම්පරාවේ කොහොමත් තියෙනවා අතින් කාලා හරක් බඳින අංශයේ වැඩ! ඒ නිසා කොහොමත්ම අපේ තාත්තා ඒ යකා හොරෙක් උනත් මොකෙක් උනත් මග මැරෙණ්න දෙන එකක් නම් නෑ!

      Delete
  5. ඔය හතරැස් කොටුවට අදත් මින්නේරියෙන් බස් යනව ඒවත් මහ ලටපට කොට උඩ බර කරත්ත වගේ බස් තමා. වෙනසක් නෑ. පාර නං හැදිල. නෙව. 😃😃😃

    ReplyDelete
    Replies

    1. ඔව් අදටත් ඒ බස් සේවය ඇති. ඊට ප්‍රධාන එක් හේතුවක් වන්නේ ගල් ඔය හංදිය ඉස්ටේසමේ ඉඳන් මහ පාරකට යන්න එන්න වෙන ක්‍රම වේදයක් නොමැති වීම ! අනෙක ඒ අවට ජනතාව හට ල්ඟම ඇති වාණිජ නගරය වන්නේ හිඟුරක්ගොඩ! ඉතින් හිඟුරක්ගොඩට යන්න විදියක් තියෙන්නත් එපායැ! එකම විධික්‍රමය තමයි රොට වැව හරහා යන මේ බස් පොඩිත්ත!

      Delete
  6. රසවත් සිදු වීමක්.

    මෙහි ලියා තියන

    //"ඔයා වරද්දලා ඔයාගේ බෑග් එක දෙයි! කෝ ඒක මට දීලා යන්න!"//

    කියන කියමනෙන් කියැවෙන කතාව හැම පිරිමියෙකුටම පොදුයි කියලයි මට හිතෙන්නේ!.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ! ඕවා පරම්පරාවෙන් පරම්පරාවට එන ශුද්ධවූ වැකි!

      Delete
    2. අප්පේ එකනම් ඇත්ත තට්ටය තුමෝ

      Delete
    3. ඕවාට වැඩියෙම්ම වස්තු බීජ වන්නේ කුඩ තමා! ගියොත් දාලා එනවා!

      Delete
  7. ඔයවගේ වැඩත් වෙලා තියේ මටත්.. උදව්කොරල බැලින්නම් ඌ කම්බ හොරෙක්... 😂

    ReplyDelete
    Replies
    1. නමියො, ඔය සිද්ධි පොස්ට් එකකට කදිම වස්තුබීජ. මේ රටාව ආදුරුසෙට ගනින්, උක්කුං පුතේ!

      එක්කෝ අපි ලියැන්නැහෙ අමූලික ඇත්තම ලිව්වෑකි. අපට මොකෑ, හෙන ගහන්නෙ අල්ලපු ගහට නෙව? ඒ නැහ්නං, සිද්ධිය අනුසාරයෙන් කතාව ගොතන්නත් ඇහැකි.

      Delete
    2. කතන්දර කියන එක වෙනම කලාවක්. ඉස්සෙල්ලම "වේදිකාව" තනන්න ඕනෙ, පරිසර වැනිල්ලත් අයිති මේකටයි. කියවන්නාගෙ ඇඟේ හී-ගඩු පිපෙනවා නං වැඩේ සාර්ථකයි. සමහර දක්ස ලියන්නො, ඕකට සුරුංගාරය ටිකකුත් මිශ්‍ර කරනවා.

      https://hisahasa.blogspot.com/2011/07/blog-post_09.html

      පොඩි සිද්ධියකින් උනත්, කෑලි දෙකක් තලාගත්තෑකි.😊

      Delete
    3. දෙයියනේ උඹලා හිතන්නේ මේවා අමූලික ඇත්ත කියලද? පිස්සුද දෙයියනේ? මේවා ගල්පැලෙන සත්‍යය! චේතිය රජ්ජුරුවෝ උනත් සාක්කි දෙයි!

      Delete
  8. මම ඔයාගෙ කොලමට ලඟදි ඉඳලා ඇබ්බැහි වුන කෙනෙක්. මතක හැටියට හතරැස් කොටුවට LTTE ප්රහාරයක් එල්ල වුනා. ඔයාගේ ලිවීමේ රටාව නම් සුපිරියි. තුවක්කු ගැන ලිව්වේ කීවෙනි කොටසින්ද ? මේවගේ ලිපි ලියන එක ගැන ස්තුතියි.

    ReplyDelete
  9. වීරසිරි මහත්මයා ඉතාමත් ආදරයෙන් සාදරයෙන් මෙන්ම ගෞරවයෙන් යුතුව පිලිගන්නවා! (මේ වචන තුනේ තේරුම දැනගෙන අර්ථ පූර්ණයෙන් යෙදුවෙමි!) මටත් ඔබ කිව්වාම යන්තමින් මතකයට එනවා LTTE ආක්‍රමණයක් උනු බවට හතරැස්කොටුවට. ඊට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ එම ගමට පිටුපසින් තිබුනේ හුරුළු රක්ෂිතයේ එක් ඉමක්. තුවක්කු පිළිබඳව "තුවක්කු සහ පතුරන්" මැයෙන් මාගේ පිටු අතර (page) ලිපියක් පවතී. එය ඔබ බැලීමට නම් පරිඝනක තිරයක් මගින් මාගේ බ්ලොගයට එබෙන්න වෙනවා. එහ්හෙම නැතිනම් දූරකථන තිරයේ පහලම පිහිටි View Web verson කියන button එක press කරලා දුරකථන තිරය මතට; පරිඝනක තිරය ලබා ගත යුතු වෙනවා. එසේ පරිඝනක තිරය ලැබුනු පසු එහි වම් පසින් ඇති page list එකේ මල් මල් වාරම් වැටුනු තුවක්කුවක පිංතූරයක් දක්නට ලැබේවි! එය කියවන්න! ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. හරි හරි හම්බවුනා. මටත් තුවක්කුවක් අත පත ගෑමේ අවස්ථාවක් තිබුනා.මගේ අප්පච්චි 1985 මැද භාගය වෙනකම් විතර කානු දෙකේ තුවක්කුවක් පාවිච්චි කලා. පාවිච්චි කලා කිව්වට එයා ඒකෙන් සත්තුන්ට වත් මිනිස්සුන්ට වත් වෙඩි තිබ්බේ නැහැ. ඒක එයා පාවිච්චි කලේ අහසටයි ගේ පිටිපස්සෙ තියෙන පස් කන්ඩියට කෝටු කෑලි හතරකින් අමුනපු පත්තර කොලයකටයි වෙඩි තියන්නයි විතරයි. දැන් ඒ අතීතය හීනයක්ම විතරයි. මම දැන් හුලං තුවක්කුවක් අරගෙන පොඩි ගොං ආතල් එකක් ගන්නවා හිතේ තියෙන ඇම්මට. ස්තුතියි ඉක්මනටම පිලිතුරු ලීවාට.....

      Delete
    2. දෙයියනේ මොකද උනේ ඩබල් බැරල් එකට? මම කැමතිම වෙපන් එකක්! අංක එක කෝල්ට් .45 රිවෝල්වර. ඊළඟට ලීවර් ඇක්ශන් රිපීටර්. ඊළඟට ඩබල් බැරල්! වායු රයිෆලයෙනුත් "වැඩක්" කල හැකියි!

      Delete
    3. අප්පච්චි ඒක ඒ දවස් වලම විකුනුවා. සමහර විට ඒක මගේ අතට හොඳ නැහැ කියලා හිතෙන්ට ඇති.

      Delete
  10. මේක කියෙව්වාම තට්ටයා මහත්තයෝ, හිතේ පොඩී මොකක්දෝ එකක් වුණා. මං ලියපු 'කෝච්චියේ හොර ගෙඩියා' මතක් වෙලා....
    දැන් දැන් ගොඩ දෙනා ආයෙම ලියන්න අරගෙන.... කියවන අයට වෙලාව දෙන්න ඕනි හින්දා අලුත් posts පළ කිරීම පමා කරනවද කියලයි හිත-හිතා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. නෑ! නිදී මහත්තයා! ඔබ ඔබගේ වේගය පවත්වාගෙන යන්න. එතකොට අපේ පාඨකයින්ට; සින්ඩියකට ගියාම හැමදා කියවන්නට දෙයක් තියෙනවානේ!

      Delete
  11. අන්තිමට ස්ටේෂන් මාස්ටර් හොරෙක් වෙච්ච හැටි අප්පා.😂😂😂
    හරිම සෝචනීයයි.

    මරු කතාව මොනවා උනත්😊👍

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මොකද බ්ලොග් එකක් පටන් ගන්නැද්ද?

      Delete
  12. Ada nam amuthuma araka sidu weemak aragena awith thiyenne.E unata supurudu katha wagema
    ithama rasawath. Hariyatama anthima peli thunata enathuru hithannawath baha ehema awasan weyi kiyala.Mara twist ending ekakne.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කථාව උනෙත් ඔය පිළිවෙලටමයි! ස්තූතියි හැමදා වාගේ අපව දිරිමත් කරණවාට!

      Delete
  13. ආය එන්නම් පොස්ට් එක කියවලා ඉවරකරගන්න වෙලා මදි වුනා

    ReplyDelete
    Replies
    1. එළ මෙන්ඩා! මට උඹට කථා කරන්නෝන!

      Delete
  14. පැරණි බ්ලොග් රචකයෙක්. ආයෙ ලියනවා. ලස්සන මතක සටහනක්
    https://katusuhadawatha.blogspot.com/2021/10/blog-post.html

    ගිහින් බුරලම එමුද?

    ReplyDelete
    Replies
    1. එහේ ගියා! බිරුවා! වටේට පහුරු ගෑවා! ආවා! හැබැයි කටුස්සානම් පේන්න හිටියේ නෑනෙ බං!

      Delete
    2. ටොමී, ඔන්න මාත් එහාට ගිහින් ආවා.

      Delete
    3. "අපෙන් එකෙකි ඒ මිනිසා ආ ආ ආ . . . . . //"

      Delete
  15. ඒ කාලෙ රාජ්‍ය සේවකයන්ට තිබ්බ තැන...
    දැන් නම් ලැජ්ජත් එක්ක රජයේ සේවකයෙක් කියන්න

    ReplyDelete
    Replies
    1. මහත්තයෝ ඊටත් වඩා ලැජ්ජවෙන්න වෙයි බොරු පොරොන්දු දුන්නාම!? කෝ බ්ලොග් එක!?

      Delete
  16. තට්ටයා මහත්තයෝ, ඔයාගේ . TEEPEE කෑම්ප් සයිට් එක ගැන දැනගත්තේ දැන්. කොරෝනා කරදර අඩු වුන වෙලාවක මුන ගැහිලා කථා කරන්න එන්නම්. පරිසරය දැක්කම ආසා හිතෙනවා. ඔබගේ ව්‍යාපාරයට / සේවාවට සුභ පතනවා.....(ලිපියට අදාළ නැතත් ලියන්න හිතුනා)

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවාර්‍යයෙනම් හමුවෙමු! Teepee the campsite එක එයට හොඳ තැනක් වේවි!

      Delete
  17. 99-2001 අතර හබරණ ලොජ් හෝටලේ වැඩකරපු කාලේ මේ කියන පාරවල් වලින් කවුඩුල්ලේ සෆාරි ගියා. මාව අතීතයට අරන් ගියාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි හැමදා වගේම මෙහි පැමිණියාට!

      Delete
  18. මේ වගේ අපි නොදන්නා පළාත් වල කතා මරු ඇත්තටම

    ReplyDelete
  19. එළම එළ ලොකු අයියේ!

    ReplyDelete
  20. මා සාමාන්‍යයෙන් එදිනෙදා බ්ලොග් ලිපි ලියන කෙනෙක් නොවේ. ඉඩ ලැබෙන දවසක අකුරු අමුණා සෑම සෙනසුරාදාවකම මතුවන ලෙසට බ්ලොග් සටහනක් ගොනු කරන එක මගේ පුරුද්දයි. එලෙස මේ සතියට ගොනු කරන්නට නියමිතව තිබුණු සටහන ඉවත් කර මේ රැයේ ලියන්නට හිතුනේ තට්ටයා මහත්තයා ලියූ " මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි "සටහන නිසයි. http://ahasgawwenehalokaya.blogspot.com/2021/10/blog-post_16.html

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...