Monday, August 30, 2021

212. පැනි බේරෙණ කොම්පැනි කථා 5


මා සේවය කල එක් ආයතනයක පරිපාලනය; විශ්‍රාමික හමුදා නිළධරයින් පිළිබඳව දැක්වූයේ මෙත් සිතුවිල්ලක්. බොහෝ අංශ ප්‍රධානින් උනේ එවන් නිළධාරීන්. හමුදා නිළධාරීන් විනය ගරුක, සෘජු ප්‍රථිපත්තියක් ඇති, විනිවිද භාවයකින් යුත්, නියමිත කලට වේලාවට වැඩ කරණ, පරිපාලනයේ දක්ෂ පිරිසක් කියලයි එයාලා හිතා හිටියේ! (හිනාත් යනවා නේද?) ලංකාවේ අති මහත් බහුතරයත් එසේ හිතපු එකේ ආයේ අපේ ලොක්කෝ ගැන කවර කථා ද නේද?

එහෙත්  අපගේ හිටපු වැඩහල් සාමාන්‍යධිකාරී  වන්නිආරච්ච්චි මහතා හා විකුණුම් අංශයේ සිටි  නානායක්කාර මහතා හැරුණු කොට ගෙන අන් අය ගැන  නම් කියන්න තියෙනනේ ඉතා දුක් බර මතකයන්  ගැන පමනකි!

එතෙක් කල් නාවික හමුදාව විසින් නතු කරගෙන තිබුනු අප සමගමට හදිසි ගුවන් ප්‍රහාරයක් එල්ලවන්නේ ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් සමන් මහතාගේ පැමිණීමත් සමග. ඉන් පසු ඒ පසුපසින් තවත් ගුවන් හමුදා නිළධරයෙකු වූ මෙන්ඩිස් මහතා පැමිණියා.

සමන්  මහතා ඇල් වතුර වීදුරුවක් බොන්නේ පීරිසියකට දමා විනාඩි දහයක් පමන පිඹිමින් නිවාගෙනයි. මෙන්ඩිස් මහතා ඊට හාත්පසින්ම වෙනස් ගති ලක්ෂණ දැරුවා. මෙන්ඩිස් මහතා දැරුවේ ඊට වෙනස්ම වූ ජීවන රටාවක්. ඔහු ඇවිද්දේද, ගියේද ආවේද, හැරුනේද, කථාකලේද , රඟ පෑවේද දැඩි සීග්‍ර තාවයකින් ය. ඇඟ පුරාම මොලේය. සැම සියල්ලන් හටම අමතන්නේ හමුදා උණෙනි. ඔහු ගැන හැඳින්වීමට වචන නාස්තිකලා මේ ඇතැයි මා සිතමි. ඒයට තව එක් කරණවානම් එක් කල යුතුව තියෙන්නේ පොලිටික්කෙකුට ද ඉතා ආසන්න නෑ කමක් පැවතීම ගැන කියන්නට පමණි.

කාලය ගෙවී ගියේය. ආයතනයට පැමිණි වහාම ඩෙමා සමග කොක්කක් ඇද ගත්තේය! මේ ආකාරයට වටේම ඉන්න එවුං සමග කොකු ඇද ගැනීම ඔහුගේ මාසික චක්‍රයේ එක් අනිවාර්‍යය ක්‍රියාවක්ය!

අපගේ වැඩහල් සාමාන්‍යධිකාරි විසින් පවත්වනු ලබන මාසික රැස්වීමක් විය. "මැරුන්නැත්තං එන්නෝන!" මේ සාමාන්‍යධිකාරි වරයාගේ හෙවත් ජී එම්ගේ  තීන්දුව, තීරණය, නියෝගය, අණ විය. ඒ නිසාම අපගේ යාපනයේ ශාඛාවේ සේවා උපදේශක වරයා පවා එයට සහභාගී වීමට අනෙකුත් හතර දිග්භාගයේ අය හා එක් විය. ජී එම් හෙවත් ජෙමා මෙම රැස්වීම හවස පහට පහමාරට පටන් ගෙන රාත්‍රී දහය එකොළහ වනතුරු ඇදගෙන යයි. ඒ ඔහුගේ ආතල් එක යැයි අපි විශ්වාස කලෙමු. "නා නා රූප නානා සංඥා" (විවිධ වූ අය විවිධාකාරවේ!) කියපු ශ්‍රී මුඛයෙන්ම "සබ්බේ පෘතග්ජනා උම්මත්තකා" (සෑම පුහුදුන් සත්වයෙක්ම උම්මත්තකයෙකි!) කියලත් තියෙන්නේ ආයෙ කට කහනවාටයෑ!?

විසල් මේසයක් වටා එක් වන මෙම රැස්වීමේදී ජී එම් අසලින්ම වාඩිවෙන්නේ මාය! මා වීරයෙකු යැයි නොසිතන්න. ඊට හේතු කාරණා රාශියකි. අංක එකටම ඇත්තේ බොහෝ විට ජෙමාගේ ඇහැ යන්නේ ඈත කෙලවරේ ඉන්නා එවුංට මිස අත ළඟ සිටින මා දෙස නොවේ! අංක දෙක වන්නේ; ඔහු කිසියම් දෙයකට බැන අඬ ගැහුවත් එය ඇසෙන්නේ මටත් තවත් ඉතා සීමිත පිරිසකටත් පමණි. ඈත ඉන්න එවුන් කන්නේ සියල්ල ඉදිරියේ රෙදි ගැලවෙන ලෙසය. අංක තුන වන්නේ ඕනෑම නිදහසට කාරණාවක් ඔහුට පමනක් ඇසෙන සේ පවසා වැඩක් ගොඩ දා ගැනීමට හැකිවීමය. අනෙක පංතියේ ඉස්සරහම පේළියේ ඉන්නේ වැඩ ටික කරපු එවුං යැයි ඕනෑම ගුරුවරයෙකු ඇන්දෙන බව මම දන්නා නිසාය. ඔවැනි කරුණු රාශියකි! මෙය කියවන ඔබට මතකද මන්දා මීට දශක දෙකකට තුනකට පමණ පෙර "අරවින්ද" නමැති චිත්‍ර කථා ශිල්පියා ඇන්ද එක් චිත්‍ර කථාවක ගුරුවරයෙකු හට සිසුන් පිරිසක් දමා තිබුනු නමක්, ඒය තමයි "කළාතුරයා!" එසේ එම ගුරුවරයාට පවසන්නට ඇති ආසන්නතම හේතුව වූයේ ඔහු පාසලට නොපැමිණෙන්නේ ඉතා කළාතුරකින් වන නිසාය! අපගේ ජෙමාද නොම්මර එකේ කළාතුරයෙකි. මොන දෙයක් උනත් ඔහු නියමිත දිනට රැස්වීමට පැමිණේ! 

රැස්වීම අවසාන වන්නේ අපට ඇනුම් යද්දීය. ඔහු වැඩහල පාලනය කල වසර පහක හයක කාලය තුල එක් දිනක් ඔහුට පැමිණීමට නොහැකි විය. ජෙමා නැති "සාමාණ්‍යධිකාරි රැස්වීම" යනු රෑට වසා තැබෙන "නයිට් කඩයකි"!  එදින රැස්වීම ගත්තේ සමන් මහතා වන අතර මෙන්ඩිස් ලොක්කා ඔහුගේ රැස් විහිදුවමින් විය. 

ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කියන්නාසේ මෙන්ඩිස් ලොක්කා එදින නිළ නොලත් ජෙමාගේ රෝල් එක සමන් මහතාගෙන් බලෙන් පවරාගෙන රඟන්නට විය. අර කිඹුල් කටු ඇනෙනවා ඉවසිය හැකි උනාට  කොහිල කටු ඇනෙනවා ඉවසන්න බැරි බව කියන්න ඕනෙ නැත! මීටිම පටං ගත් මොහොතේ සිට මෙන්ඩිස් ලොක්කාගේ රැඟිල්ල බලා සිටි මා සිටියේ ලේ රත් වී කන් රතු වී වෙව්ලමින්ය. රැස්වීම පැය භාගයකින් පමණ අවසන් කොට පිටත් වීමට අප සියල්ලෝම සූදානමින් සිටිය මුත් එකිනෙකා සමග කථා බහේ අඩුවක් නොවීය. ජෙමා සිටියද එකි නෙකා කථා බස් කරණ අපට මෙන්ඩිස් අවුලක්ම තිබුනේ නැත. රැස්වීම් ශාලාව තුල කාල ගෝට්ටියකි. සමහරුන් බොන්න යන්න කට්ටිය සෙට් කරමින්ය. තවත් අය එදින ජෙමාගේ නොපැමිණීම නිසා තමාට ලැබුනු "ගුටි නොකෑමේ" ආතල් එක අන් අය සමග බෙදා ගනිමින්ය! තවත් අය ගෙදර යාමට සෙට මෝල් වෙමින්ය. එතැන නොකෙරුණු එකම දෙය වූයේ මෙන්ඩිස් හට සවන් දීම පමණි! මෙන්ඩිස් හට ඒ වන විට සුපිරියටම මල පැන තිබුනි. මට එය ගෙන දුන්නේ නොම්මර එකේම ආතල් එකක් ය! 

"ළමායි! ළමායි!! කෑ ගහන්න එපා . . . . . . . . !"

"ළමායි . . .! මේ ක ඉවර කරණ්න ඕනෙ නැද්ද අද . . .??!"

මෙන්ඩිස් ලොක්කා කිහිප වතාවක් "ළමායි!" ගාමින් අපිට කෑගසමින්ය. ඒ නිකංම නොවේය! මේසයට තඩි බාමින්ය! මට එයින් තවත් ජුවල්ය! තවත් විනාඩි 10 කින් පමණ රැස්වීම අවසන් විය!

"ගුඩ් නයිට් ඕල්!" මෙන්ඩිස් රැස්වීම අත් හිටුවමින් පවසා නැවත අතුරු ප්‍රශ්ණයක් නැගුවේය!

"ළමයින්ට මුකුත් කියන්න ප්‍රශ්නයක් නෑ නේද?"

මගේ අත එස වුනේ ඔටෝය! 

"තියෙනවා! අපිට ළමයි! ළමයි!! ගාන්න එපා!!! ඒකට මම කැමති නෑ! අපිට ළමයි ගෑවොත් අපි ඔයාට "මිනිහො" කියන්නම්! කමක් නැද්ද!?" මම කථාව අරඹා කියාගෙන යන විටම ශාලාව  සීයට පනහක් නිශ්ශබ්ධවී තිබුනි. මගේ වාක්කිය අවසන් වන විට මගේ කට හඬ ඇසෙන දුරින් සිටි සියල්ලෝම කොර වෙලාය!  මෙන්ඩිස් ලොක්කාට උතුර දකුණ අමතකව ගොස්ය!  කොටින්ම හිංගලත් අමතකව ගොස්ය!

Ok!  Extreamly sorry gentleman good night all!

හරි නේද මිස්ටර්!? කියා මාදෙස දෙස බලා ඇසුවේය! මම කිසි ගානක් නැතිව "හරි සර්!" කියමින් ගෙදර එන්න නැගිට්ටෙමි! රැස්වීම් ශාලාවෙන් පහලට බසිද්දී අපගේ ලොකු කුඩා මිතුරන් මා වට කොට ගෙනය. ඉතිරිය මා නොකීවාට ඔබටම සිතා ගත හැකිවනු ඇතැයි සිතමි. 

කථාව මෙය නොවේ. මේ මෙතෙක් කථාවය. නියම කථාව පටන් ගන්නේ දැන්ය!

මාගේ ආසනය තිබුනේ ඉදිරි කාර්‍යාලයේ පසු පස ඉමේය! මේ නිසා පාරිභෝගිකයින් පැමිණ අපගේ සොහොයුරන් සමග කිසියම් "ආදර බස්" හුවමාරු කිරීමක් සිදුවන්නේ නම් එය ඉක්මණින්ම දකින්නටත්  මා හට ඊට ඉක්මණින් ළඟා වීමටත් ඉන් හැකිවිය! සමන්  මහතාගේ ආසනය තිබුනේ මගේ ආසනයට ඉදිරියෙන්ය.  අපගේ මුළු වැඩ හල අක්කර හතක් වන අතර වැඩහල පිටුපස ඉමේ කොටස හැඳින්වූයේ අක්කර දෙක යන නමින්ය! මෙන්ඩිස් ලොක්කා මේ කාලයේ සේවය කලේ   අක්කර දෙකේය! දිනක් උදෑසන සමන්  මහතාගේ ආසනය   අසල එකම කාලගෝට්ටියකි. සමන් මහතා ඉදිරියේ ආසනයක පාරිභෝගික මහතෙකු සිට එකසිය ගානට විදිමින් විය. ඒ අසල අපගේ කථා නායක මෙන්ඩිස් ලොක්කාද හතර අතට ඇඹරෙයි! මෙන්ඩිස් ලොක්කා කවදාවත්ම නැතිව මෙසේ ඇඹරෙන්නේ ඇයි දැයි ඇන්ටනාව දමා බලන ලෙස මා සමග සේවය කල; මේ බ්ලොගය අටවා දුන් තඩි ගිහාන්ට පැවසුවෙමි. විනාඩි ගණනකින් තඩි ගිහාන් සිද්ධිය පැහැදිලි කලේය.

පෙරදින සවස් වරුවේ; අක්කර දෙක කොටසේ ඇති ලිහිසන සේවා කොටසට  පෙර කී පාරිභෝගිකයා තම අලුත් මෝටර් රථය ගෙනැවිත් ඇත්තේ එහි ප්‍රථම සේවාව වන කිලෝ මීටර 1000න් සිදු කරණ සේවාව ඉටු කර ගැනීම සඳහාය. එහිදී එක් සේවකයෙකු;  එම රථය එක් තැනක සිට තවත් තැනකට ගැනීමට පසු පසට ධාවනය කරද්දී එතැන තිබුනු යකඩ කනුවක වැදී රථයේ පසුපස මුළු මණින්ම හානි වී ඇත. පාරිභෝගිකයා ඕස්ට්‍රේලියාවේ පදිංචි අයෙකු වන අතර;  නිවාඩුවකට මෙරටට පැමිණි අවස්ථාවක තම නැගණියගේ රථය ස්වෙච්ඡාවෙන් සේවාව සඳහා අප ආයතනයට ගෙනැවිත් තිබුනි!

වැඩේ ක්‍රිමිනල්ය! ෆුල් සීරියස් ය!

වීදුරුව තුලින් හඬ නොඇසුනත් පාරිභෝගිකයාගේ කෝපාවිෂ්ඨ මුහුණ හා ඊට සමගාමීව මෙන්ඩිස් ලොක්කාගේ ඇඹරීම මාහට දිස්වුනි. මෙයට මැදිහත්වීමට හෝ නොවීමට මාහට පුළුවන! මන්ද කිසිවෙකු මේ සම්බන්ධයෙන් මා වෙත පැමිණිල්ලක් සිදු කොට හෝ මැදිහත්වන ලෙස දන්වා හෝ නොමැත! එහෙත් කිසියම් සිද්ධියකය අත පෙවීමට එය සුදුසු එකක්ද නැතිනම් නුසුදුසු එකක් දැයි තෝරා බේරා ගන්නා ආකාරය පිළිබඳව නිවැරදි වැටහීමක් අද මෙන්ම එදාත් මාතුළ නොතිබුනි. ඊට අමතරව සදාචාරාත්මකව ගත් කල පාරිභොගිකයෙකු කිසියම් ගැටළුවකට මැදිහත්ව සිටින විට කර ඇරීම මාහට තරම් නොවේ! මා ඉක්මනින්ම සමන්  මහතාගේ ආසනය වෙතට ගියෙමි. 

"නෑ සර් !  මේක අපි හිතලා කරපු දෙයක් නෙවෙයි! අපි තිබුනා වගේ හදලා දෙන්නම්! මේ වාහනේ ඩ්‍රයිව් කරලා තියෙන්නේ හැමදාම ඒ වැඩේ කරන කෙනා! හරිම කනගාටුයි . . . " මෙන්ඩිස් ලොක්කා කියාගෙන යයි.

"සර්! මම පර්සනලි බලලා වාහනේ හදලා දෙන්නම් දවස් දෙකකින්! එතකල් පාවිච්චි කරණ්න කම්පනි එකෙන් වාහනය සර් ට අරං දෙන්නම්!" සමන්  මහතා කියවයි.
"පිස්සු කියවන්න එපා! අළුත් වාහනයක් මම මෙතනට ගෙනත් මම මොකටද හැප්පුනු වාහනයක් අරගෙන යන්නේ!? මම ඔයාලගෙ CEO එක්ක ප්‍රශ්නෙ බේර ගන්නම්. ඔයාලගෙ සර්විස් එක හරිම Careless . . . . . !" පාරිභෝගික මහතා තනිවම තම ප්‍රහාරය එල්ල කරයි.
මෙසේ පාරිභෝගිකයෙකු තදින් උරණ වී සිටින අවස්ථාවක ඔහුට කථා කිරීමට (මා "දමනය" හෝ මෙල්ල කිරීම" යන වචනය භාවිතා නොකිරීමට පරිස්සම් වන්නෙමි!) අවස්ථාවක් එන තුරු සිටිය යුතුය. එය මාගේ උපක්‍රමයකි. ඔහු කියන කියන සෑම දෙයකටම අපද ගිරවුන් සේ වචන විදින්නට ගිය විට ඔහු වඩාත් කෝපවේ. එය මා දකින්නේ මෙලෙසය! පීඩාවට පත්වී පත්වී ඇත්තේ ඔහුය. ඔහුට තම පාඩුව කෝපය ආතතිය ගෙවා දැමීමට අවස්ථාවක්, පුද්ගලයෙක්, ස්ථානයක් ලබා දීම අප විසින් කලයුතු කට යුත්තකි. ඒ සඳහා අප විසින් ඔහුට වේදිකාවක් තනා දිය යුතුය! අප ඊට හරස් වීමෙන් ඔහුගේ කෝපය, ආතතිය ඔහු තුලින් පහව නොයයි. මේ නිසාම ඔහු සමග කිසියම් එකඟතාවයකට ඒමට අපහසු වේ! බොහෝ විට ඊට ඉඩ සැල සීමට ඔහුට සවන් දිය යුතුය! ඔහුගේ පාඩුව අප පිලිගත යුතුය!! ඔහු විඳින අපහසු තාවයේ අපද කොටස් කරුවෙකු විය යුතුය!!!

සමන්  මහතා අසල පිහිටි කුඩා ලිපිගොනු රාක්කය අසල මා සිට ගත් මා මෙන්ඩිස් ලොක්කාටත් සමන් කුමාර මහතාටත් "සර් අපි පොඩ්ඩක් මේ සර් කියන දේ අහමුකෝ!"  යැයි පවසමින්ම් පාරිභෝගිකයා වෙතට නැඹුරු උනෙමි. පරිභෝගිකයා  තමාගේ කථාව මුල සිට කියන්නට කැමැත්තක් නොදැක්වීය!
"මට කියන්න තියෙන්නේ මට හප්පලා හදපු වාහනයක් එපා!" මම  රිපෝර්ට් කරණවා Consumer Affairs Authority එකට! එච්චරයි!" කථාව ඔහු එක තැන ලඟම නැව්වේය!

ඕනෑම මිනිසෙකු සමග කිසියම් සමගි සංධානයක් ගොඩ නංවා ගැනීමට තමන් සහ ඔහු අතර කිසියම් හෝ සමාන බවක් සොයා ගත යුතුය. එකම විදියේ අදහස්, එකම පලාතක විසීම, එකම භාෂාවක් කථා කිරීම, එකම පාසලක ඉගෙන ගැනීම, එකම විනෝදාංශයන්හී යෙදීම වැනි සමාන බවක් ඇති කිරීමට කදිම අවස්ථාය! සමහරු සෙට මෝල් වන්නේ තනිව කෑම්පින් කරණ නිසා විය හැක! ඒ සඳහා ඔහු සමග කථා කරමින්ම ඊට අවශ්‍ය දත්තයන් සොයා ගත යුතුය! මා ඔහුගේ මුහුණ දෙස නොව ඔහුගේ දෙනයන මතම මාගේ ඇස් තබා ගෙනම ඔහු  තවත් දිගින් දිගට කරණා දෝශාරෝපනය අසා සිටිමින්ම ඔහු සමග සංධානගත වීමට මගක් සොයමින් විමි! 

"මේ මනුස්සයා මං කොහේදි හරි දැකලා තියෙනවානේ! කවුද මේ !? ගෙවල් පැත්තෙ බුවෙකුත් නෙවෙයි . . . ! වැඩ කරපු තැනක එකෙකුත් නෙවෙයි!?" මම ඔහුව හොඳින් ස්කෑන් කරමින් ඩෙටා බේස් එක පීරමින්ය! තවත් විනාඩි ගානක් යන විට මගේ මතකය ස්පාක් විය! "අම්මට සිරි මේ යකා අපේ ඉස්කෝලෙ මගේ පංතියේ මට පේලි දෙකක් ඉස්සරහින් හිටපු සද්ද බද්ද නැති ඩයල් එක නේද?" 

මම ඔහු වෙත තවත් නැඹුරු විය! "එක්ස්කියුස්මී සර්! සර් "අහවල්" ඉස්කෝලේ නේද?"

"ම්ම්ම්ම්ම් . . . . . . .මචං උඹ මේ  . . . .?" 

"ඔව් සර් එයා තමයි . . .!"

"සර් මේ වර්ක් ෂොප් එකේ මෙහෙම ප්‍රශ්නයක් උනාම මම තමයි ඒකට මැදිහත් වෙන්නේ. මට තේරෙණවා සර් ගේ ප්‍රශ්නෙ. සමහර විට සර්ට සර්ගේ නංගිට මෙහෙම දෙයක් උනා කියලා කියන්නවත් බැරුව ඇති! සර් මේ ඉස්සරහ යාඩ් එකේ තියෙන බ්‍රැන්ඩ් නිව් වාහන ඔක්කොම තියෙන්නේ මගේ භාරයේ. සර් මට හෙට දවස දෙන්න. අනිද්දා මම සර්ගෙ වාහනේ ඉස්සරහ තියෙන බ්‍රැන්ඩ් නිව් එකක් එක්ක තියලා පෙන්වන්නම්! සර් මට පොඩි හරි වෙනසක් පෙන්නුවොත් මම සර්ට බ්‍රැන්ඩ් නිව් එක ගෙනියන්න දෙන්නං! මාව විශ්වාස කරණ්න. මම පර්සනලි ඉන්වෝල්ව් වෙලා වැඩේ කරලා දෙන්නම්!"

සමන් මහතාද මෙන්ඩිස් ලොක්කාද පාරිභෝගිකයාද තිදෙනාම මා දෙස බලා ගෙනය! තවත් මිනිත්තුවක් නිහඬව ගෙවුනි. ඊළඟ මිනිත්තුවේ පාරිභෝගික මහතා කට හඬ අවදි කලේය!

"හරි මචං! උඹ වැඩේ බලලා කරල දියං!  උඹ හින්දා මම මේ යන්නේ!' ඔහු ආසනය පසු පසට තල්ලු කොට පිටව ගියේය. 

"ඒයි කොල්ලෝ  රිඩ්ලි නිර්මාල් පොඩි සීන් එකක් වැඩේ දියං අද හවසට මට වාහනේ ඕනේ!" මම  වැඩේ බොඩි රෙපයාර් අංශයේ සේවා උපදෙශක "මචං" කෙනෙකුට භාර දුන්නේය. 

පසුදින උදෙම මම වාහනය බැලීමට යන අතර මගදී මෙන්ඩිස් ලොක්කා මුණට මුහුණ මුන ගැසුනේය. රැස්වීම් ශාලාවේ සිදුවූ සිද්ධියෙන් පසු  ඒවන තුරා කිසිදු ඇයි හොඳැයියකින් තොරව සිටි මා ඔහු දෙස නොබලා යන්නට විමි.

"ගුඩ් මොර්නිං . . . !" මෙන්ඩිස් ලොක්කා මාහට උදෑසන සුභ පතමින්ම නැවතුනි!

"ගුඩ් මෝර්නිං සර්!"

"මං හිතුවේ නෑ ඔයා කවදාවත් ඊයේ වගේ මට උදව්වක් කරයි කියලා!?"

"පිස්සුද සර් මං කවදාවත් මැරිච්ච සිංහයා ව අපයෝජනය කරන කෙනෙක් නෙවෙයි!" (ගැලපෙන වචන දෙකක් යොදා ගන්න!)

මෙන්ඩිස් ලොක්කා හිස සොලවමින් කාර්‍යාලය පැත්තට ගියේය. එදින උදේ වරුවේ පාරිභෝගිකයා වෙත වාහනය මගේ අතින්ම භාර දී ගේම ක්ලෝස් කර ගත්තෙමි!

වැඩේ සුපිරිම ප්‍රථිඵලය ආවේ තව මාස ගණනාවකින්ය!

ඒ ඉදිරි වසර සඳහා වැටුප් වර්ධක සහ පාරිතෝෂිත දීමනා සඳහා පෝරම කොල පිරවීම හා සම්මුඛ පරීක්ෂණයට මා  සමන්  මහතා ඉදිරියේ පෙනී සිටියෙමි. සාමාන්‍යයෙන් පෝරමය අප විසින්  පුරවා අංශ ප්‍රධානින් අතට පත් කල යුතුව තිබෙන අතර සම්මුඛ පරීක්ෂණයේ දී; පෙර එහි අප යෝජනා කොට ඇති අපගෙ  "අගැයීම්" ඔවුන් විසින් පිළිගැනීමට හෝ අභියෝගයට හෝ ලක් කිරීම කරණු ලබයි. එදින; "විනය" සඳහා ලැබී තිබුනේ අඩු ලංසුවක්ය. මා කිසි විටෙක එය අපේක්ෂා නොකල දෙයකි!

"ඇයි සර් මේ!"

" ඇයි  මතකද  දවසක් මිස්ටර් මෙන්ඩිස්  බෝඩ් රූම් එකේදී ළමයි කිව්වා කියලා ඔයා ඒකට  . . . . . . . .!?" තතනමින් වචන එකතු කරණ්නට විය.

කථාව සම්පූර්ණ කරණ්නට මත්තෙන් සිද්ධිය මට පැහැදිලි විය. 

"අනේ ! අවුලක් නෑ සර් කැමති ලකුණක් දාගන්න!" මා ඔහු අත තිබූ පෝරමය රැගෙන යටින් අත්සන් කොට දුන්නෙමි. ඉන් පසු මා ආයතනයේ සේවය කල කාල සීමාව තුල සිදු කෙරුණු කිසිදු ඇගයීම් සම්මුඛ පරීක්ෂනයක් සඳහා පෝරම පිරවූවේ නැත! මා කලේ හිස් පෝරමයට අත්සන් කොට සමන් කුමාර මහතා අතට පත් කිරීමය!  කවුරු නැතත් සමන්  මහතා තවමත් ජීවතුන් අතරය! ඔහු මේ සියල්ලටම සාක්ෂි දරණවා ඇත. 

මිත්‍රවරුණි මීට පෙර පෝස්ටුවේ දක්වා තිබූ මහේෂ් රණවීර මහතාගේ මිත්‍රයෙක් පසු ගිය සතියේ බ්ලොගයකට මුල්ගල් තියලා වැඩ ඇරඹුවා. එතුමා වෙදැදුරෙක්. එයට පිවිස කියවන්න. හැකිනම් කොමෙන්ටුවක් යොදා ඊට දිරි දෙන්න! ඊට මෙතැනින් පිවිසෙන්න.

31 comments:

  1. අනිත් ළමයි මොනව කියයිද බලමු සර්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉක්මනටම පැමිණියාට සර් - මීට ළමයා

      Delete
  2. Well, I still feel ex-servicemen are better disciplined than average government servants, yet they should learn to respect employees.

    Whatever you might say about Gota, current fight we have is something he can't win by himself. Even countries who can dig gold from earth are going to big debts. If everyone finds way to get money without working, soon we will be back to 1970. It is a real prospect to SL.

    Yesterday one of my educated friend told me that government should stop building walking paths and distribute that money to people. That's how our people think about the country and development. Wijebahu


    ReplyDelete
    Replies
    1. විජේභාහු මහත්තයා! අංක එකටම මම නම් හිතන්නේ විනය කියන දේ මිනිසුන් තුලින්ම එන්න ඕන එකක් මිසක් හමුදාවක් තුලින් විනයක් හදනවා කියන දේ ගැන නම් අපිට දෙපාරක් හිතන්න වෙනවා. මොකද විනය කියන්නේ ආචාර පෙලක වම් දක් කියා පිළිවෙලට කල් බැලීමක් නොවන නිසා. පසුගිය කාලයේ සිදුවූ බොහෝ මංකොල්ලකෑම්, මිනී මැරුම් , අපචාර වල බහුතරයක් සිටියේ හමුදාවෙන් පලා ආ අය හෝ ඉවත් වූ අය! රටේ බහුතරයක් වන සාමාන්‍ය පුරවැසියන් අතර මොනතරම් විනය ගරුක අය වෙත්ද? බොහෝ විට හමුදාවක් තුල ඇති දැඩි විනය පටිපාටිය තුල "මහ වැස්සක උවත් කුඩේ ඉහලගෙන මල් පැල වලට වතුර දාන" පිරිසක් දැකිය හැකියි. එවන් හමුදාවක් තුලින් සිවිල් සමාජයට එන නිළධරයින් බලාපොරොත්තු වනවා; ඉහලින් එන නියෝගය පිළිපදින පිරිසක් තමා යටතේ ඉන්නවා කියලා! ඔබ හිතන්න මේ ලෝකයේ විනය ගරුක රටවල් ගොඩ නැංවූ නායකයින් ගෙන් කීයෙන් කීදෙනාද හමුදාපසුබිමක් ඇත්තේ?
      ගෝඨා සහ මේ පවතින ආණ්ඩුව පිළිබඳව මා පමනක් නොව ඔවුනට ඡන්දය දුන් බහුතරයේන් බහුතරයක් ඇත්තේ මහත්වූ අප්‍රසාදයෙන් හා කලකිරීමෙන් යුතුව. ඔහු සටන දිනා ගැනීමට යන්නේ; ප්‍රශ්ණය පිළිබඳව සැබෑ විශාරදයන් ඈත්කොට හමුදාපති තුලින්. එසේම ලං කරගෙන ඇත්තේ දිලිත්ලා වැනි ව්‍යාපාරකයින්. ඔය ගැන මෙහෙම ලියලා බෑ. ඔබ කැමතිනම් මගේ ෆේස් බුක් එකට සම්බන්ධ වන්න. එහි බොහෝ කරුණු යාවත්කාලීන වෙනවා. ඔවුනට නැත්තේ සාමාන්‍ය ජනතාව සඳහා වැය කිරීමට මුදල් පමණයි. ඔවුන්ගේ වරප්‍රසාද සඳහා මහජන මුදල් කාබාසිනියා කරණ්නේ අම්ම අප්පගෙ බූදලය ලෙස ගෙනය! හමුදා විනය ඇති අය තම දෙමාපියන්ගේ සොහොන පවා සාදා නිමකලේ මහජන මුදලින්ය. ඒවාට වැටී තිබුනු නඩුද සුලිරියටම අකුලා දැමුනේ ඔවුන් අතිනි. මේ වනවිට නිදොස් කොට නිදහස් කෙරුණු මිනී මරුවන් කොතෙක්ද? විඅනය ඇත්තේ ඔවුන් අසල යැයි කීමට ඇත්තේ කුමන සාක්ෂියක්ද?
      ඔය ජොගින් පාත් ගැන මගේ ඇත්තේ ඉතා සරළ අදහසකි. පොළොන්නරුවට මේ අවස්ථාවේ ඇති එකම අඩු පාඩුව ජොගින් ට්‍රැක් එකක්නම්ද එයින් වැවට කිසියම් හානියක් නොවන්නේ නම්ද ඔය ඉඳිකිරීමට මාගේ විරුද්ධත්වයක් නැත. හරියමං පාසලක් නොමැති, බොන්නට වතුර ටිකක් නැති, වසිකිළි කැසිකිළි පහසුකම් නොමැති පාසල් පද්ධතියක් පවතින පොළොන්නරුව වෙනුවෙන් වැයකරණ මිලියන ගානක මුදල; කීදෙනෙකුගේ යහපත වෙනුවෙන්ද?
      කොහොමත් මේ ආණ්ඩුව වගා ළිඳක් වෙනුවට ක්‍රීඩංගන, පාසලක දිරා ගිය වහලක් වෙනුවට සම්මන්ත්‍රණ ශාලා, නොතෙමෙන බස්ටෑන්ඩ් එකක් වෙනුවට වරායවල්, හරියමන් ප්‍රවාහන පහසුකමක් නැති මිනිසුන්ට ලංගම බසයක් වෙනුවට ගුවන් තොටුපොලවල් දෙන්නට දස්සයෝය. ඒක රස දන්නේ ඔවුන්ය!

      Delete
    2. Just like most Sinhala people you have forgotten the last 30 years and the contribution done by security forces and only see negatives.

      I do not see all allegations as fact, remember 80 Bil USD in Dubai bank.?

      I agree different approach to development maybe required

      About court cases, when the same judge dismiss Basil R's case people called him 'Rajapaksa Gotta' and later he dismiss Shani A's case then people called him 'man with a spine', so is our people's analysis.

      Anywhere in the world political establishments maintained by people's money. Normally cutting govt expenses is cutting services to people, not cutting their salaries.

      Every SL president pardoned at least one killer, some more than one.

      Our people's expectations about the govt is kind of misplaced, Govt is not in buying and selling business to control prices, we are in capitalist system, market set the price.

      I think we can agree to disagree, since we see things differently.

      Delete
    3. Singapore is a good example for a country mostly run by ex servicemen, even AUS COVID task force head is a Rear Admiral.

      Delete
    4. ඔබ සේම මේ රටේ ඉන්නා බහුතරය සිතන්නේ මේ විදියටම තමයි. අ අවුරුදු 30 තුල හෝ අවසාන ඊලාම් සටනේදී ශ්‍රී ලංකා හමුදා කල මෙහෙය අප කිසි විටෙකත් අවතක්සේරුවට ලක් කරණ්නේ නෑ. නමුත් පසුගිය සෑම මැතිවරණයකදීම සේම ඉන් පසුව ගන්නා ඕනෑන තක්කඩි තීන්දුවකදී ඔවුන්ද දඩ මීමා කර ගත්තේ ඔය "රණ විරුවන්" ම මයි.
      උදාහරණයක් ලෙස මෙවර ඔවුන් වෙනදා මෙන්ම බලයට පැමිනෙන්නේද මිරුසවිල් ඝාතකයා නිදහස් කරණ්නේද, නාවික හමුදාවේ උසස් නිළධරුවකු විසින් මෙහෙයවන ලද කප්පම් කල්ලිය පිළිබඳව ඇල්මැරුණු සිතුවිල්ලකින් කටයුතු කරණ්නේද; "තිස් අවුරුදු යුද්ධය නිමාකල" කියන ලේබලය ගසා ගෙනමයි.
      මෙවර ඔවුන් බලයට පැමිණීමට පෙර ආභාධිත රණ විරුවන් කල උද්ගෝෂනයට තුඩු දුන් ගැටළුව ඔවුන් විසඳුවාද?
      මහ බැංකු හොරුන්ව ඇල්ලුවාද?
      පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනාවාද?
      කිසිවක් කලේ නැත. බැදුම් කර වංචාවට බොහෝ සෙයින් විශාලයි ඔවුන් සීනි ආනයනයෙදී කල මගඩිය. එය සමාන වන්නේ මහජන බැංකුවේ වසරක ලාභයට!

      ඔබතුමා මා ලියන ලද සීමිතවූ දේශපාලනය හා සම්බන්ධ ලිපි කියවා බැලුව හොත් තේරුම් ගැනීමට පුළුවන් වේවි අද වන විට මොවුන් හිස් කාඩ් බෝඩ් වීරයන් වී ඇති බව!

      මම මේ කථිකාව තවත් දිගට ගෙන යාමට කැමති නොවෙමි.
      ඔබ වැනි දියුණු රටක දියුණු සමාජ ක්‍රමයක් සමග ජීවත් වන අයෙකු හට මෙරට පවතින; එක් පවුලක් වටා කේන්ද්‍රගතවූ තක්කඩි ක්‍රමයක් පිළිබඳව නොතේරීම පිළිබඳව මා කණගාටු වෙමි. කරුණාකර මාගේ කියන ෆේස්බුක් ලිපිනයට ඉල්ලීමක් එවන්න. එහිදී මා ඔබට මෙරට සිදුවන කරුණු කාරණා ගෙන හැර දක්වන්නම් දත්ත සමග. බොහොමත්ම ස්තූතියි නැවතත් නැවත නැවතත් ලීවාට.

      Delete
    5. Anonymous September 1, 2021 at 6:49 AM,
      Mate, usually taskforces established by Defense departments are headed by defense personnel. Hope you understand this.
      https://www.directory.gov.au/portfolios/defence/department-defence/covid19-task-force

      Delete
  3. යකඩය තැලිය යුත්තේ රත් වුණු පසුය
    උදව් කෙරිය යුතු තැන එය කළ යුතුය
    සොහොනේ දපන්නන් යකුන්ට බිය නැතිය
    තට්ටයො ඔබේ කොන්දේ කොඳු ඇට වැඩිය!

    ReplyDelete
    Replies
    1. ඔව් නිදී මහත්තයා කොඳු ඇට කෙසේ වෙතත් නහරයක් නම් වැඩිදෝ මන්දා? හොයලා බලන්නකෝ ඔය කථා ඇත්තද කියලත්!

      Delete
  4. ආවා. කියෙව්වා. කෙටුව. ලිස්සුවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් ඇහැට දකින්න ලැබීමම සතුටක්!

      Delete
  5. එළ කොල්ලෙක් ❤️

    ReplyDelete
  6. රස කතාවක්.

    ඇඟ පුරාම මොලේ තියන කෙනෙකුට, හමුදා ඌෂ්නේත් ඉහට ගැහැව්වාම වෙන දේ හිතා ගන්න පුලුවන්. ඒ ගොල්ලන්ව හැඳින්වීමට //"මහ වැස්සක උවත් කුඩේ ඉහලගෙන මල් පැල වලට වතුර දාන" පිරිසක්// කියන යෙදුම නම් ඉහලින්ම ගැලපෙනවා.

    ඒ වගේ අය ඇදගෙන නාන්න ගියාමත් "අපි තමයි හොඳටම නෑවේ" කියලත් බොහොම ආඩම්බරයෙන් කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හමුදා නිළධරයින් අතර ඉතාමත් හොඳ මහත්වරුන්ද නැත්තේ නොවේ! එහෙත් ඔවුන් සිවිල් සමාජය තුලත් හමුදා නීති රීති තුල කටයුතු කරණ්නට ගිය විට බොහෝ ගැටලු පැන නගී!

      Delete
  7. බොහොම අපූරුයි මේ දවස්වල ලියන්නෙ ඔබතුමා විතරයි වගෙ. හොඳ blog ඔක්කොම නිහඬයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ඔබ තුමාලා / තුමීලත් ලියන්නෑනේ දැන්!?

      Delete
  8. Hamadamath wage harima rasawath post eka.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත් මහත්තයා!~

      Delete
  9. ඇත්තටම මේ කියන්නෙ. අපට ටිකෙන් ටික ‌අමතක වේගෙන යනව, කොන්දක් තිබුණ කියල උපදිනකොට. මේ පෝස්ටුවලින් ඒක ආපහු මතක් වෙනව. ගොඩක් ස්තූතියි.

    දොස්තර මහත්තෙයගෙ බ්ලොග් එකටත් ගියා. බොහොම හොඳ වැඩක් ඒක හදල දීපු එක.

    කෝල් එකට ආන්සර් කරන්න බැරි උනා. වෙරි සොරි. අම්බානකට වැඩ මෙහෙ...

    ReplyDelete
    Replies
    1. ලොකු මහත්තුරු උනාම යාළුවෙක් මිත්‍රයෙකුගේ ඇමතුමකට උනත් කථා කරණ්න අතපසු වෙන බව පිළිගනිමි. ඒත් ඉක්මනටම කථා කරණ්නට නම් ඕනෑකම තියෙනවා.මම හවසක කථා කරණ්නම්!
      රැකියාව කරගෙන යන විට මොන ආකාරයේ ගැටීම් සිදු උනත් මේ වගේ ගෙදරට වෙලා නිදහසේ ඉන්න කොට නම් ඒ දේවල් මතක් වෙලා තනියම හිනා යනවා. කොහොම උනත් ඒ කරපු දේවල් උනු දේවල් හැමදේ ගැනම හිතට තියෙන්නේ සියුම් සතුටක්!

      Delete
  10. ඔය ළමයා ලිව්ව මේ කතාව හොඳයි ළමයෝ. දැන් ඔය මෙන්ඩියා ලොකු ළමයා තවම ඉන්නවද සමන් ලොකු ළමය එක්ක නැත්නම් පැන්සන් ගිහිං ද ඉස්කෝලෙන්

    ReplyDelete
    Replies
    1. නෑ සර් මෙන්ඩිස් ලොක්කා දැන් වෙනත් ආයතනයකට ගොහිං. සමන් මහත්තයා තවම ඉන්නවා. බොහෝ විට මේ වසර තුල ඔහු විශ්‍රාම යයි! ස්තූතියි අජිත් අයියේ!

      Delete
    2. මේ කතා මරු . එකම දේ මට තේරෙන්නේ නැත්තේ මල්ලි මේ වගේ (කාර්) වාහන හදන පත ගරාජ් එක තිබුනේ හයිඩ් පාක් එක ගාවද ? (මරදානට යන පාරේ )

      Delete
    3. නෑ අයියේ මේක තියෙන්නේ ඔරුගොඩ වත්තේ. මම කලින් කියපු කථාව උනේ වික්ටෝරියා පාර්ක් එක ඉස්සරහ තිබුනා මතකද චයිනීස් ඩ්‍රැගන් ඔරිජිනල් එක! ආන්න ඒක පහුකරලා එම්පායර් තියටර් එක පැත්තට එනකොට පරණ යෝධ නුග ගහ ලඟ. එතනින් දකුණට තියෙන: යූනියන් ප්ලේස් එකේ මුල ඉබ්බන්වල හංදියට වැටෙන හයිඩ්පාර්ක් කෝනර් එක!

      Delete
    4. නුග ගහ ළඟ එක මම දන්නවා. එම්පයර් එකේ තමා අභිමන් පෙන්නුවේ. තව මොකක්ද වවුල් ෆිල්ම් එකක් බැලුවා ඒකෙ. ෆිල්ම් බැලුව කියන්නේ බාගෙට තමා බලන්නේ ඉතින්. ඒ පැත්තේ පහලට යනකොට (ලිප්ටන් එක පහු කරලා) පොඩි පාරක් තියනවා. කෙළවර වෙන්නේ ගෙයකින්. මගේ යාළුවෙක් හිටිය ඒකෙ . මට නමවත් දැන් මතක නැහැ .

      Delete
  11. මදෑ ඔයින් ගියා.

    ReplyDelete
    Replies
    1. අපිට වෙන්නේම් ඔය වගේ "උදව්!" තමයි ඉතිං!

      Delete
  12. ඔය තෙල ගැහිල්ල මගෙ රස්සාවත් එක්ක නැතිවම බැරි දෙයක්. අමාරුම අවස්ථාවක වැඩේ ගොඩ දාගන්න කටිං වචන විසි කරන්නත් හොඳ හුරුවක් එපැයි. නැද්ද මං අහන්නෙ..
    ජය

    ReplyDelete
    Replies
    1. ඇත්ත! ඔව් ඊට පුරුද්දක් වගේම උවමනාවක් තියෙන්න ඕනෙ!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...