Tuesday, July 13, 2021

204. තිස් අවුරුදු රථ මතක . . . . ! (12)


(අන්තර් ජාලයෙන්)
පලමු වාහනය හෙවත් ෆියට් 132 - 9ශ්‍රී7053 මිළදී ගැනීමට රුපියල් 37500/= බිරිඳගේ මව විසින් ප්‍රථිපාදන හෙවත් ආපසු ගෙවිය යුතු ණයක් ලබා දුන්නාය. මා විවාහ වන්නට පෙර මොරගහහේන ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගත් අතර එය විකුණා දෙවන රථය වන ඔස්ටින් Miniය - 6ශ්‍රී2416; 48500/= කට මිලදී ගෙන ඉතිරි මුදලින් යලිත් කුඩා ඉඩම් කොටසක් මිලදී ගත්තේමි. ඉන් පසු එම ඉඩම් කොටසද විකුණා එම මුදලින් කොටසක් යොදවා පලමු ලෑන්ඩ්කෲසරය- 31ශ්‍රී5460 ද ඉන්පසු එය පූජාකොට ලැබුණු මුදලින්  31ශ්‍රී9111ද එයත් සමග හුවමාරුවට 32ශ්‍රී0865 නිසාන් පැට්රෝල් රථයද මා සතු කර ගත්තෙමි. 

මෙසේ සිලින්ඩර හයේ රථයක් මිලදී ගත්තද ටැංකිය පිරෙණ්නට ඩීසල් ගැසුවා නම්; ඒ මගේ හිසේ කෙස් ගානටය! ලැන්ඩ්කෲසරයේ මෙන්ම නිසාන් පැට්රෝලයේද ඉන්ධන ටැංකියට ඉන්ධන ලීටර 85ක් පමණ අල්ලයි. ඒ කාලේ හැටියට රුපියල් සීයේ දෙසීයෙ ඩීසල් ගහගෙන අප  වාහන පාවිච්චි කලෙමු. 

නිසාන් පැට්රෝල් 32ශ්‍රී0865 වාහනයේ ඇතුලත මෙලෝ රහක් නොතුබුනි. කොටින්ම හරි මන් කාපට් එකක් වත් නොතිබුනි. එහි පවර් ස්ටියරිං හෝ වායුසමීකරණ පද්ධතියක් තිබුනේ නැත. ගියර් ලීවරය  වාහනයේ පතුලෙන් මතුව ඇති ස්ථානය වසා දැමෙන රබර් බූට් එක හෙවත් වසුන තිබුනේ නැත. ඒ නිසාම දූවිලි පිරුණු පාරක යද්දී ඒ තුලින් දූවිලි වාහනය ඇතුලට පිරීම නවතා තිබුනේ පැරණි බෙඩ්  ශීට් එකක හෙවත් ඇඳ ඇතිරිල්ලක් ගියරය වටා එතීමෙනි.

ඒ මොනවා උනත් ඒ මගේ වාහනයය!

පැට්රෝලයෙන් අප බොහෝ ගමන් ගියෝය. බොහෝ අළුත් වැඩියාවන් මා විසින්ම සිදු කොට එහි ධාවනය ඉතා හොඳ මට්ටමක පැවතුනි. මා අළුතින් (පරන) වාහනයක් ගත් විට ලිහිසි සේවාවට අමතරව සිදුකරණ අළුත්වැඩියාවන් කිහිපයක් වේ. ඕල්ටනේටරය හා ස්ටාර්ටර් මෝටරය ගලවා පරීක්ෂා කොට අළුත්වැඩියාවක් වෙතොත් එය ඉටු කිරීම හෙවත් සර්විස් කිරීම.

රේඩියේටරය ගලවා පිරිසිදු කොට සවි කිරීම.

ක්ල්ච් උඩ යට පොම්පවල වොෂර්, බූට් සීල් ආදී සියලු සකළමනාව හෙවත් රෙපයාර් කිට් දමා ගැනීම.

බ්‍රේක් පද්ධතියේද රෙපයාර් කිට් දැමීම.

සල්ලි ඇති හැකි පමණ බලා ඩ්‍රයිව් බෙල්ට්ස් හෙවත් ෆෑන් බෙල්ට්, ඕල්ටර්නේටර් බෙල්ට් හා පවර් ස්ටියරිං බෙලට් මාරු කිරීම.

මේ කටයුතු ටික එකින් එක හෙමින් සීරුවේ කරගත් විට වාහනය ස්ටාර්ට් කරගන්නටත් ගමනක් යන්නටත් අවශ්‍ය තැනක නවතා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. මේ ප්‍රශ්ණ ටික විසඳා ගත් පසු එදිනීදා මුහුණ දෙන ගැටළුවලින් 80% කටම පිලියම් යෙදිලාය.

දෙවෙනි තෙවෙනි අවස්ථාවේ සල්ලි ටිකක් එකතු කරගෙන හබ් රේසර් නකල් රේසර් ආදිය හා ස්ස්ටියරිං ලින්කේජ් පිළිබඳව අවධානය යොමුකර හැකිය.

මෙහිදී ඕල්ටර්නේටරය, ස්ටාටර් මෝටරය, හා රේඩියේටරය යන උපාංග වල සර්විස් කිරීම සඳහා ඒ සඳහා දැනුමැති අයවලුන් සොයා යායුතු වන අතර අනෙකුත් අළුත්වැඩියාවන් බොහෝ විට සිදුවූයේ මාගේ දෑතින්මය.

මා 31ශ්‍රී5460 ගත් අළුතම කඩවත ඔක්සිජන් හවුස් සාප්පුවෙන් ජර්මානු VBW හය පට්ටං බොක්ස්පැනර් සෙට් එකක් මිලදී ගත්තෙමි. එය මිළදී ගත් දිනයේම අතා අඩු මිලකට චීන බොක්ස්පැනර් සැට් එකක්ද ගෙදර ගෙනාවේය. ඒ අසල්වාසීන්ගේ අවශ්‍යතාවයන් සඳහා ලබා දෙන්නටය! අදටත් වැඩ ගන්නා එම ජර්මානු බොක්ස්පැනර යන්තමින් වත් ඇතුලත හැඩය වෙනස් වී නොමැත!

පැට්‍රෝලය අතර මගදී ලෙඩ දුන්නේ එකම එක් අවස්ථාවකදී පමණි. ඒ රත්නපුර ගොස් සිටියදීය. වාහනයේ ක්ලච් ප්ලේට් වල ඝර්ෂනය එකවර නැවතී වාහනයේ ධාවනයට බාධා පැමිණුනේ රත්නපුර පසු කොට දෑල දෙසට ගමන් ගනිද්දීය.  රත්නපුර නගරයෙන් මිලදී ගත් කල්ච් ප්ලේට් ඒක හා ප්‍රෙෂර් ප්ලේට් එකද වාහනයේ තබා ගත් මා ආපසු කොළඹ එන්නට විමි. අවිස්සාවේල්ලට නුදුරුව දිවුරුම්පිටිය පසු කරත්ම වාහනය ගමන් කල නොහැකි තත්වයට පත්වුනි.

මා වාහනය පාර අසල  තණතීරුවේ නවතා එතැනම ගියර් පෙට්ටිය බිමට ගෙන ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් මාරු කොට තනිව රථයේ ගියර් පෙට්ටිය ඔසවා සවි කර ගත්තෙමි. මගේ උදව්වට තිබුනේ ජැක් දෙකක් හා අවටින් සපයා ගත් කොට කැබැලි කිහිපයක් පමණි!

Nissan Patrol 160 Gearbox 
(අන්තර් ජාලයෙන්)

එම ගියර් පෙට්ටිය කිලෝ 100 ක පමන බරකින් යුක්තවිය. සාමාන්‍ය රථයක ගියර පෙට්ටියකට වඩා සිලින්ඩර හයක ධාරිතාවයකින් සමන් විත ඩීසල් ඇන්ජිමකට යුගල වූ ෆෝවීල් ඩ්‍රයිව් ගියර පෙට්ටියක් යනු සත්තකින්ම දැවැන්තයෙකි. එසේම ට්‍රාන්සර් කේසය නිසා එය සමමිතික අක්ෂයක් ඔස්සේ එසවිය නොහැකිවේ. මේ සියළු බැරි අමාරු කම් දන්නේ ගියර් පෙට්ටියක ටොප් ෂාෆ්ට එක පයිලට් බෙයාරිමට රිංගවන්නට ජීවිතේ එක් වතාවක් හෝ උත්සුක වූ අයෙකු පමණි! වඩාත්ම සිත්ගන්නා සුළු කරුණ වන්නේ ටොප් ශාෆ්ට් කෑල්ලක් නොමැතිව ක්ලච් ප්ලේට් එක අතේ හුරුවට එකෙල්ලට තබාගෙන ප්‍රෙශර් ප්ලේටය වටා ඇන ටික තදකර ගැනීමය. 

ඉන් පසු කිසිදු දිනෙක ටයරයක හුළං බැසීමකට හෝ ඩීසල් අවසන් වී ඉන්ජෙක්ටර පොම්පයට හුළ ඇද නැවතීම යන "සුළඟෙන් සිදුවන අනතුරු" සිදුවූවාක් පමණි. වාහනය මා ළඟ තිබූ වසර දහයකට අධික කාලය තුල මා වෙත පතල මහා කරුණාවෙන් යුතුව සේවය කලේය.

වරක් මා පොළොන්න්නරුවේ යන්නට පිටත් වූයේ කඩවතින් හවස 5.13 ටය. සාමාන්‍යයෙන් මා තරමක් වේගයෙන් වාහනය පදවයි. එය මා සේවය කල සේවා ස්ථානවල  සහ පවුලේ උදවිය, නෑදෑයන් අතර පවා ප්‍රචලිත සිද්ධාන්තයකි.  ගමන පිටත්වූ තැන පටන් මා හැකි උපරිම වේගයෙන්  ධාවනය කලෙමි. නිසාන් පැට්රෝලය ඉතා සමබර වාහනයකි. එමෙන්ම එය පදවන්නාට අතිශය කීකරු ලෙස හැසිරේ. ඕනෑම වංගුවක් නැම්මක් කන්දක් පල්ලමක් ගිය වේගයම පවත්වාගෙන ධාවනය කල හැක. 

එකම වරද වන්නේ වාහනය අවශ්‍ය ස්ථානයේ නවතා ගැනීමට ඇති අපහසුව පමණි! මම මේ කියන්නේ අහිංසක නිසාන් පැට්රෝල් 160 ගැන විනා ‍Y60 ගැන එහෙම නොවේ. උප්පත්තියෙන් රෝද හතරටම ඩ්‍රම් බ්‍රේක් වලින් සමන්විතවූ එම වාහනයේ 32 ශ්‍රී අටසිය හැට පහේ තිරිංග කාර්‍යක්ෂමතාවය පැවතියේ ඉතා දුර්වල මට්ටමකය.

එයට ප්‍රධාන හේතු දෙකක් විය.

ඉන් පළමු වැන්න නිෂ්පාදන දෙෂයක් විය හැක.

දෙවැන්න වූයේ බ්‍රේක් සීරුමාරු කිරීම කිරීම හෙවත් ඇජස් කිරීමේ දේෂයයි! බ්‍රේක් සීරු මාරු කිරීම හා බෙයාරිං සීරු මාරුව මාහට කවදාවත් සාර්ථකව කල හැක්කක් නොවීය. එක්කෝ අම්බානක තද වෙයි. නොමැති නම් අනවශ්‍ය තරම් බුරුල්ව පවතී.

බොහෝ තාක්ෂණික ශිල්පීන් මෙන්ම කොට්ටං ගස් යට ගරාජ් කරන බාසුන්නැහැලා මේ දෙවර්ගයේම ඇජස් කිරීම් කරණ්නේ "අතේ ගානට" ය! එය කාබියුරේටර "කනේ ගානට" හෙවත් එන්ජිමේ හඬට චූන් කරණවා වැනිම වූ කාර්‍යයකි!

"ඒ" අතේ ගාන "මේ" අතේගානට ගැලපෙන්නේ කෙසේද?

එහෙත් පාරිභෝගිකයින් හෙවත් වාහන හිමි දුප්පත් අහිංසක ජනතාව සිතන්නේ "දැන් හරි!" 

කියාය. දැන් "හරි" ගියත් "වැරදුනත්" කරණ්නට දෙයක් නොමැත. වැඩේ කෙළ වෙන තෙක් සොයා ගැනීම අපහසුය!

තිරිංග වඩාත් තද කොට ඇත්නම් බ්‍රේක් බයින්ඩ් වීමකින් හෝ ඩ්‍රම් එක අසාමාන්‍යය ලෙස රත් වීමෙන් සොයාගත හැකිවන අතර හබ් බෙයාරිමක වැරදි සීරු මාරුව සිදුවී සොයා ගන්නා විට වැඩේ "මහරගම" තත්වයට වැඩී අහවරය.

ක්‍රියාවක කෙසේ උවත් ප්‍රථිඵලය වන්නේ බ්‍රේක් අඩු වීමය. 

(අන්තර් ජාලයෙන්)



ඩ්‍රම් බ්‍රේක් සහිත වාහනයක රෝදය ගැලවූ පසු ඩ්‍රම් ව්ක ඉවතට ගෙන බ්‍රේක් උපාංග පාදා ගත යුතුය!
(අන්තර් ජාලයෙන්)



එළියට සුපිරියට තිබුනද ගලවා බැලූ කල සංසාරය කල කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇත! 
(සතු පාටට හිංගලෙන් එජස්ටර් Adjuster කියා ලියා දක්වා ඇති ඇබීත්තං කෑල්ල මතක තබා ගන්න!)
(අන්තර් ජාලයෙන්)

විච්ඡේදනය
(අන්තර් ජාලයෙන්)



ඊට පස්සේ හීං සීරුවට ඉස්කුරුප්පු ෆ්ලැට් නියනකින් හිමීට කරකවලා 
දික් කොරලා හිර කොරන්න ඕන ආයෙ කරකවන්න බැරි වෙන්නම!
(අන්තර් ජාලයෙන්)



මේං මෙහෙම!
(අන්තර් ජාලයෙන්)


ඊළඟට යාන්තමින් කරකැවෙන ගානට බුරුල් කරණ එක තමා කෙරේමේ!
(අන්තර් ජාලයෙන්)


මේ ලැන්ඩ්කෲසර් BJ, FJ, HJ, 40,43,45 රථ සඳහා ටොයෝටා කොම්පැනියෙන් පල කල 
Workshop Manual  එකේ  දක්වා ඇති අකාරය.



Knuckle රේසර් හා හබ් රේසර් වල Preload (Starting) පරීක්ෂා කරණා ආකාරය.
Landcruiser BJ, FJ, HJ 40, 43, 45

Mitsubishi 4DR5 Jeep (J44, J54, J24, J36)

ඉතින් මම මේ කියන කථාව මීට කලින් මගේ ම බ්ලොගයේ හෝ වෙනත් අවකාශයේ තැනක ලියා තැබුවා මතකය. ඒත් එම කථාවේ නියම නීත්යානුකූල හිමිකරුවා. උරුමක්කරුවා, පොලමඃකරුවා අද්මිනිස්ත්‍රාසි කරුවා අටසිය හැටපහ හෙයින් නැවතත් මෙහි ලියා තබන්නම්!

මමත් පවුලේ ඉතිරි සාමාජිකයින් තිදෙනාත් සමගින් හවස 5.13 ට නිසාන් පැට්‍රෝලය දියත් කලෙමි. එදින කිසිම නියමිත හේතුවක් නැතිවම මා රථය ධාවනය කලේ දැඩි වේගයකිනි. වේගය සුරාව සූදුව වැනිම අතිශයින්ම ඇබ්බැහිවන ක්‍රියාවකි. සමහර දිනවල සෙමෙන් ධාවනය කරණා අයෙකු වුවද වාහනය තුල කෙරෙණ කථාබහ, ඇසෙන සංගීත නාද රටා මෙන්ම මාර්ගයේ ඇතිවන සිදුවන භාහිර ක්‍රියාකාරකම් නිසාම  තමා පදවන වේගය වෙනස් වීමට ඉඩ ඇත. සමහර අවස්ථාවලදී අපට වේගයෙර්න් යාමට අවශ්‍යය වන්නේ මීටර 100ක් 200ක් වුවත් එය කෙතරම් මනසට අනුගතවන්නේ ද යත් ඉතිරි කිලෝමීටර 100ම වුව එම වේගයෙන්ම යෑමට මනස නැඹුරු වෙයි. බෲස්ලීගේ චිත්‍රපටියක් බලා එළිඅයට එන්නේ "කාටද කන්නෝන?' කියන මානසිකතවයෙන් වීමත් මෙම මාන්සික තත්වයේම තවත් පැතිකඩක් විය හැක!

කඩවතින් පිටත්වී අඹේපුස්සට යන තෙක් තිබෙන අධික වාහන ඝනත්වය තුල වාහනයක් පැදවීම කැඳ කෝප්පයක පීනනවා වැනි දුෂ්කර ක්‍රියාවකි. එකල පස්යාලෙන් මීරිගම නාරම්මල වාරියපොල හරහා කුරුණෑගලට එන මාර්ගය එතරම් ප්‍රචලිතව නැති වකවානුවකි. කෙසේ වෙතත් අඹේපුස්සතෙක් මාර්ගයේ ඒමේ අත හරවමින් පැමිණි මා එතැන් පටන් ඉගිල්ලෙන්නට පටන් ගතිමි.  අටසිය හැටපහේ එකදු මීටරයක් හෝ ක්‍රියාත්මක නොවීය! කොටින්ම මීටර් ක්ලස්ටරය තබා වාහනය ඇතුලත වත් කිසිදු ආලෝකයක් නොතිබුනි. ඒනිසා ගිය වේගයක් හිතා ගැනීමට නොහැක! මග දිග චාරිකා සටහනක් ලියන්නට තරම් මාහට මතක නැත. මතක් වන්නේ හබරණින් හැරී මින්නේරිය වනපෙත මැද පොළොන්නරුව තෙක් දිවෙන මාර්ගයට හැරවූ ආකාරය ය!

කිසිදු ගමනක් යන්නට ප්‍රථම වාහනයේ සුක්කානමට පුද පූජා සත්කාර පැවැත්වීම, හඳුන්කූරු දුම් ඇල්ලීම, පඬුරු දැමීම, කතරගම පූජාවට්ටිය මත වාහනේ යතුරු කැරැල්ල තබා දෙවියන් අභිමුව; ගොඩ්ලිබ් ඩේම්ලර්, කල්බෙන්ස්, නිකලස් ඔටෝ, (ආදරණීය) රුඩොල්ෆ් ඩීසල් හෑල්ලු කිරීම වැනි ක්‍රියා මා නොකරමි. එහෙත් මා සතුටින් කරණා ක්‍රියාවක් පවතී. ඒ; මේ මාරගයේ ගමන් කරණ්නේ නම්; හබරණ බෝඩරේ මින්නේරිය වන මැද ඇති පුල්ලෙයාර් දේවාලය ඉදිරියේ කොල අත්තක් එල්ලීමය! මෙය හුදෙක් සංස්කෘතිකාංගයක් සේ මා විඳිමි. (මෙය මා උපමා කරණ්නේ අළුත් අවුරුදු චාරිත්‍ර ඉෂ්ඨ කිරීම හා මරදාන කප්පිත්තා වත්ත කෝවිලේ නාදස්වරම් හා තවිල්බෙරේ හඬ අසමින් නවග්‍රහ පූජාව කිරීම වැනිය!)

පලමුව හබරණ පොලීසිය පාසල හා ගමේ කුඩා ගෙවල් පසු කර ගම තුනී වී යාමත් වනාන්තරය පරිසරය ආක්‍රමණය කරමින් නැගීසිටීමත් සිදුවී තිබුනි. දැන් වේලාව රාත්‍රී 7.30  - 7.45 පමණ වන්නට ඇත. සිරිත් පරිදි වාහනය කෝවිල අසල වම් පසින් මාර්ගයේ ඇල කොට නවතා පාර පැන කෝවිලට ගොස්; අසල ගසකින් කඩා ගත් කොල අත්තක්ද එල්ලා ආපසු හැරුණි. කෝවිල අසල හිටියේ අයාලේ යන බල්ලන් කිහිප දෙනෙකු පමණි. වාහනයට නැගී නැවතත් ජවාධික ගමනට මාර්ගයට පිළිපන්නේය. එතැන කුඩා කන්දකි. ඉන් ඔබ්බේ වංගුවත් සමග පල්ලමයි. වම්පස විසල් රුකකි. එය දඹ ගසක්ද? කන්දේම දෙවන ගියරයටත් කඳු මුදුනට පිවිසෙමින් තෙවන ගියරයටත් ඇමුනූ මා වාහනයට ලබා දී තිබුනේ සුපිරි වේගයකි. ඉදිරියේ දකුණු පසට වංගුව හා පල්ලමය. වම් පස මා පෙරකී වනස්පතිය! මා ; මාගේ වම්පස අසුනේ සිටි බිරිඳ අමතා නිකමට මෙන් පැවසූවේ "කොහොමද වංගුව ගන්නකොටම අලියක් හිටියොත්!?" කියාය! 

අන්තර් ජාලයෙන්
(අන්තර් ජාලයෙන්)

වාහනය කඳු මුදුනට එනවාත් සමග; ප්‍රධාන පහන් වල වොට් 200 ප්‍රභල ධාරාව තුලින් දිස් වූයේ;   මාර්ගය මැද  හරස් කරගෙන සිටි  දුඹුරු පැහැති දැවැන්ත හස්තියෙකි! සත්තකින්ම පිළිගන්න ඌ මා කැලැයක් තුල දුටු වඩාත්ම උසකින් හෙබි වන රජුය! නිසාන් පැට්‍රෝලයත් මේ යෝධ සත්වයාත් අතර ඔන්න මෙන්නය!

වාහනය වම් පසට ගත නොහැක! පාරේ තාර සීමාවෙන් ඔබ්බේ මහා ගසය! එසෙම දැවැන්තයා ඊට වඩාත් කිට්ටුවෙන්ය! ඇත්තේ දකුණින් කුඩා ඉඩ කඩකි. 

මා මිලි තත්පරයකදී වාහනය දකුණටහට ගන්නට සිතුවෙමි. සුක්කානම දකුණතට ගත්තෙමි. බොහෝ අවස්ථාවලදී තමන්ට හොඳ පෙර හුරුවක් ඇත්නම් එවන් අවස්ථාවලදී වාහනයේ පාලනය; තනිව තම හුරු අතින් සිදු කිරීම යහපත ප්‍රථිපල ගෙන එයි. වේගයෙන් වාහනය ඒමෙ අතට හැරවීමේදී දේත් එකිනෙක පැටලීම එයින් වැලකී යයි. වමත ඇත්තේ දකුණතට සහයක් ලෙසින් පමණි. 

වාහනය එක ළඟ හැරී අලියා දෙසට ඇලවී මාර්ගයේ දකුණු පස ඇති තිරිවාන මිශ්‍රිත රතු පස් වලින් සමන් විත කොටස දෙසට හැරුණි. ඒක්ෂණයෙන් වාහනය මාර්ගය අසල කාණුවට වැටෙන්නට ආසන්නයේදීම නැවත; අලියා මග හරිමින්ද අලියා වටා ධාවනය කරමින්ද වාහනය මාර්ගයට ගැනීමට මා සමත් උනෙමි. කිසිදාක රවුන්ද බවුට් එකක් වී අත්දැකීමක් නොමැති අසරන අලියා ට්‍රම්පට් නාදය දසත පතුරවමින් පලා ගියේය!

වැදගත්ම දේ සිද්ධ වූයේ තවත් ස්වල්ප වේලාවකිනි. හරියටම කඩවතින් පිටත් වී පැය 3 කින් එනම් රාත්‍රී 8.13 ට මා පොළින්නරුව නගරයට ඇතුළුවී ලේක්විව් හෝටලය ඉදිරියේ මගේ ආදරණීය යන්ත්‍රය නතර කලෙමි!

පැයට කිලෝමීටර 73 ක පමණ සාමාන්‍යයකින් මා රථය හසුරුවා තිබුනි!

294114

44 comments:

  1. තට්ට මහත්තැං වැඩ දානකොට අලිය මඤ්ඤං වෙන්න ඇති.
    මටත් ගොඩක් වෙලාවට ඔය හෙමිං යන්න බැරි ලෙඩේනං තියෙනව. ඒක ඉතිං අමුත්තක් වෙන්න බෑ මොකද ලර්නස් එකේදිත් 60 ට 70 ට එලෝල පුරුදුවෙලා ගත්ත ලැයිසොං නෙ.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි උදෙන්ම ඇවිත් නොවැ!
      ඇත්තටම අලියා ගෙදර ගිහින් කියනැති උගේ හාමිනේට "මාර බුවෙක්" කඩාගෙන ආවනෙ කිසිම බයක් හැකක් නැතිව මාව හප්පන්න වගේ. මං යාන්තම් බේරුණා පූරුවේ පිනකට! කියලා.
      මමනෙ දන්නේ මේ බඩකඩුත්තුවේ බ්‍රේක් නෑ කියලා.
      ඔය වගේ ලස්සන කථාවක් තියෙනවා ඒකත් මම මෙතනම ලියන්නම් හුදී ජන පහන් සංවේගය උදෙසා!
      දියුණු රටක එක් මහා නගරයක; ඉදිරි වසර සඳහා ගිනි නිවීමේ සේවාව සඳහා පෞද්ගලික ආයතනයක් තෝරා ගැනීමට පරීක්ෂණයක් පැවැත්වූවාලු.
      ටෙන්ඩර් පත් ලබාදුන් සියළුම ගිනි නිවීමේ සමාගම් වලට එක් දිනයකදී පැරණි ගොඩනැගිල්ලක් අසලට එක් රැස් කොට; එයට ගිණි තබා ගින්න හොඳින් වැඩි දියුණු වූ පසු එය නිවා දැමීමට පෙර කී ආයතන වලට ඇරයුම් කලාලු.
      ආයතන කිහිපයක් ගින්න මැඩ පවත්වන්නට උත්සාහ ගත්තත් එය නිශ්ඵල වූ අතර තවත් ආයතන කිහිපයක් උත්සාහ නොගෙනම වැඩේ අත හැර දැම්මේලු.
      මේ අතර පරීක්ෂණය සඳහා නියමිත වේලාවට එන්නට නොහැකිවූ මෙලෝ රහක් නැති සමාගමක ගිනි නිවන්නෝ හතර පස් දෙනා තමන්ගේ පරණ ලොරි කටුවත් අරගෙන ලෙල්ලේ එතනට එනවාලු.
      ආපු ගමන් ආයෙ කිසි සමාවක් නෑවාහනය නැවැත්තුවේ ගිනිගත් ගොඩ නැගිල්ල ඇතුලේ.
      සට පට ගාලා හිටපු එවුං ලොරියෙන් එළියට බැහැලා බුදු අම්මෝ කියමින් ගින්න නිවාගෙන එළියට ආවාලු.
      නගරයේ නගරාධිපතිට හරිම සතුටුයි.
      ඔහු තීරණය කරණවා මේ කණ්ඩාමට ටෙන්ඩරේ ලබා දෙන්නත් සිදුකල වීරක්‍රියාව සඳහා මුදල් තෑග්ගකුත් ලබා දෙන්නත්.
      නගරාධිපති: "මට හරිම සංතෝශයි මේ කණ්ඩායම කිසි බයක් හැකක් නැතිව ගිනි ගත්ත බිල්ඩිං එක ඇතුලටම ලොරිය අරං ගින්න නිවපු එක! මම මේ කණ්ඩයමට ඩොලර් 1000 ක තෑග්ගක් දෙනවා. ඇත්තටම ඔබ මොකද ඒ ගැන හිතන්නේ?
      ගිනි නිවන කණ්ඩායම් නායක: හෙටම හොඳ බාසෙකුට කියලා මේ මගුලෙ බ්‍රේක් හදා ගන්න ඕනෙ!

      Delete
    2. ඒක මරු කතාව. හැක්..

      Delete
  2. හොඳ වෙන්නේ නැති ලෙඩක් තමයි වේගය

    ReplyDelete
    Replies
    1. අංක 1: ගරාජයට ගොඩවී බැලුව මුත් එහි කිසිවෙක් නොසිටියේය!
      අංක 2: ලියලා තියෙන ටෙක්නිකල් දේවල් හරි නේද මලයා?
      අංක 3: සත්තකින්ම වේගය කියන්නේ අබිං කෑවා වගේ වැඩක් තමයි. ඔබ පවසන්නේ ඇත්ත. දැනටත් මොකෙක් හරි කීචොක් එකක් දාගෙන ගියොත්; යන්න තියෙන ගමන නවත්තලා හරි ඌ පාරේ පන්නන්න හිතෙනවා. මුලින් හිතුවේ වයසෙ වැරැද්ද කියලා! ඊළඟට හිතුවා "මී හරකා වයසට ගියාට උගේ අඟ වයසට යන්නේ නෑනේ! කියලා!! ඊළඟට හිතුවා "වඳුරා වයසට ගියත් බිම ගමන් නෑනේ!!!" කියලා. අන්තිමට හිතුවා "නාකි විසේ ගෙටත් උසේ!!!!" කියලා. මොනා කරණ්නද මල්ලී ජීවිතය ජීවත් කරවන්නේ හිතේ තියෙන ඒ තරුණ කම තමයි!
      අංක 4: ඇයි බ්ලොග් එක ලියන්නේ නැත්තේ?

      Delete
  3. අසූ ගනං වල මුල ලෝං වීකෙන්ඩ් එකක් ලැබුනම යනවා කන්තලේ.
    උදේ දහයයි කාලට දහයයි තිහට විතර කොටුවේ ඉස්ටේසම ඉස්සරහින් පටන්ගන්නවා 'මලේ ' ප්‍රයිවෙට් බස්සෙකක්. කන්තලෙයි, මලෙයි.. රූට් එක 49 මයෙහිතේ. හබරණට එනකොට හවස් වෙලා. පොඩි පහේ වැස්සක් හෙම යනවනං/ ගොහින් තිබ්බනං - අර පාරෙන් දුන්දාන සයිස් එකට- අලි වංගුවේ බඩු ඉන්නවම තමා. පැටව් හිටියොත් මරු. එක දවසක් මං හිටි බස් එක තමා මුලටම තිබ්බේ. පැටව් කීප දෙනෙකුත් හිටිය. සහ්, පවසලා පලක් නෑ ලොකු සර්. හරිම අපුරුයි.

    හයි ඉස්පීඩ් ගැන. හැට්ටර් නීති ගරුක පුරවැසියා. ලිමිට් එකට (ටිකා..ක් වැඩියෙන් තමා) යන්නේ. අන්න ඒකට අපේ නෝන, එයාගේ කාරෙකේ ජෙට් එන්ජිමක්ද මන්ද තියෙන්නේ. ඒ මදිවට උන්දැ මට කෝචොක් එකත් දානවා. (දවසක් මං හෙමිං ගියා කියල පොලිසියෙන් නවත්තුවනේ!, අනේ තාම ඕක කියවනවා)

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හරියටම හරි! ත්‍රීකුණාමළය - කොළඹ බස්සෙක අංක 49 තමයි. ඔය කියන කාලේ ඔය වෙලාවට දිව්වා ඊස්ටන් ටුවර්ස් කියලා බස් එකක් මට මතක විදියට. රතු පාට ඉරක් ගහපු ෆූසෝ වගේ ලොකු බසෙකක්. මට තාම මතකයි ඒ බස් ඇතුලේ කටු දුවන ඔරලෝසුවක් හයිකරලා තිබුනා සීකෝ.
      ඔය කාලේ මගේ තාත්තා වැඩ කලේ හතරැස්කොටුවෙ. ඒ කියන්නේ හබරණ ඉඳන් කන්තලේ පැත්තට කිලෝමීටර 10 ක් විතර ඈතින් පිහිටි කුඩා හංදියක්.
      ඒනිසා මට ඔය රූට් එකයි, බසුයි අලියි සියල්ල මතකයි.

      ස්පීඩ් එක ගැන කියන්න තියෙන්නේ කොහොමත් නෝනලා පුංචියට හිටියට ඉස්පීඩ් කස්ටිය කියලාය!
      ස්තූතියි ආවාට!

      Delete
  4. After Habarana, Minneriya, road to Hingurakgoda and Giritale area is well known for wild Elephants.

    Looks like Patrol had everything changed except engine number and chassis number?

    I also have super shiny tool sets, so far only changed tires (LOL)

    Do new brake systems auto adjust itself?

    Wijebahu

    ReplyDelete
    Replies
    1. ඔව් විජේ බාහු මහත්තයා තාම ඒ පලාතේ අලි ටිකක් ඉතුරු වෙලා ඉන්නවා. ලෝකයේ වැඩියෙන්ම අනතුරු හ සිතා මතා හෝ නොසිතා කරණු ලබන මිනිස් ක්‍රියා කාරකම් හේතු කොටගෙන වැඩියෙන්ම අලි මැරෙන රටේ මෙහෙම හරි ඉන්න එක ලොකු දෙයක්.

      මෙහි කිසිම තැනෙක මගේ නිසාන් පැට් රෝලයේ පිංතූර දක්වා නොමැත. සමා වන්න. මම ඒවා හොරකම් කල මුලාශ්‍රය නොදැක්වූවාට. දැන්මම දානවා.

      හොඳ ටූල් කිට් එකක කියන්නේ ඇත්තෙන්ම හොඳ ආයෝජනයක්! ඒකාලේ 4500 කටද කොහෙද ගත් ඒකෙන් කරගත්ත මගේ වැඩ විතරක් ගනන් බැලුවොත් ලක්ෂ දෙක තුනක් වේවි!

      කොහොමත් ඩිස්ක් බ්‍රේක් වල සීරු මාරු කිරීමක් සිදුවන්නේ නෑ. ඒ වගේම ඔය කාලෙත් ආපු බොහෝ රථවල අවම වශයෙන් පසු පස බ්‍රේක් පද්ධතිය වත් ආවේ ස්ව්‍යංක්‍රීයව (යාන්ත්‍රිකව) සීරු මාරු වන ලෙස! අනේ ඉතිං අපේ බාසුන්නැහැලා හිතන්නේ ඒ කොටස් වැරදීමකින් ජපනා වැඩිපුර දාලා එවපුවා කියලා. ඉස් ඉස්සෙල්ලාම කරණ්නේ තමා මීට කලින් වාහනේක දැකලා නැති කොටසක් තිබුනොත් ඒක ගලවලා වීසි කරණ එක; හරියට තර්මෝස්ටැට් වලට වැඩේ දෙනව වගේ!

      Delete
  5. දේවාලෙ ගාවට එන අලියා (අප්‍රිකන් නොවේ ) දැන් නෑ වගේ. 2019 ට්‍රිප් දෙකකදී එතන පාස් වෙනකොට දැක්කෙ නෑ.

    පරණ කාර් සහ ඒවා හදන්නවන්න වුන කරදර මතක්වෙනකොට ඇඟ රිදෙනවා වගේ. කිතුල් රා ටිකක්වත් ......

    ReplyDelete
  6. අලි රවුන්ඩබවුට් වැඩේ රන්දෙනිගල රජ මාවතේදි කරන්න වුනා 90 ගණන්වල අග

    ReplyDelete
    Replies
    1. ප්‍රාජේ මහත්තයා ඔබට තාමත් ඒ අප්‍රිකානු අලියා මතකයි නොවැ! ඒ අලියා එන්නේ පොල් කන්න. මමත් කාලෙකින් දැක්කේ නෑනේ! ඌටත් වැඩේ හම්බෙලාද දන්නේ නෑ!?
      කිතුල් රා "බෝලෙ" තියෙන්නේ දැන් ඔයාගෙ පැත්තෙද මගේ පැත්තෙද? වත් පොතේ කටුස්සලා එන කථාඅවක් කිව්වා! ආවොත්නම් මොනවා හරි කරණ්න පුළුවං! එත කොට ඇලකන්දෙ බෝපිටියේ වැඩේ මොකද වෙන්නේ?
      ඔව් අප්පා පරණ වාහන අරං ගොඩ දාගන්නවා කියන එක එක විදියක පිස්සුවක්!
      ඔබ තුමාගේ "අලි රවුංද බවුට්" කථාවලියන්නකෝ මෙහි වත්!?

      Delete
    2. කිතුල් රා බෝලෙ ෆර්ම්ලි ඔබතුමාගෙ.
      බෝපිටිය මගෙ වුනාට දැනට තැබෑරුම් වහලනෙ.

      රංටැඹේ හරියෙ පාරට ආපු අලියව මගහරින්න රවුමට යන්න වුනා. මතකද ඒකාලෙ 6-6 රජමාවත වහල තිබුන?
      යාල ගල්ගේ පාරෙත් ඒ වගේ පාර මැදට එක අලියෙක් ඉන්නව.
      දැන් දඹුල්ල සීගිරිය පාරෙත් වලිගෙ කොට ලොකු අලියක් පාරෙ යනව, මහ දවලුත්

      Delete
    3. ඉතින් වැඩේ කොරමු!

      Delete
  7. මෙහ් ! අපෙත් වාහනයක් තියෙනවා.. බැරිද ඩිංගක් හදල දෙන්ඩ..... අච්චර එන්ජින් උස්සපු එකේ... අනික ඉතින් අලි ඉන්න පාරේ අලියෙක් හිටියා කියල ලියන එකත් එක අතකට වෑව් වගේ තමයි. කොටියෙක් දිවියෙක් වගේ නම් තව කමක් නැහැ...

    ඔය හයිස්පිඩ් නම්...... එක්කෝ ඕන නැහැ

    ReplyDelete
    Replies
    1. ජීප් නං ඕන දෙයක්! ඒවත් පරණ ලදරං තමයි!

      ඔන්න නෝනෙ ඔයාටත් එහෙනං ඉස්මොල්ලේ ගියා!? කවුද එන්ජිං උස්සපු කථාවක් කිව්වේ? ඉස්සුවේ ගියර් පෙට්ටියක් නොවැ!?
      ඒකත් ඇත්ත තමයි! අලි ඉන්න පාරේ අලි ඉන්නවා කියන එක හරියට "හැට්ටර්" එක පාරක් ලියලා තිබුනේ "තෙල් බඳුනේ තෙල් තිබේ!" කියලා පෝස්ටුවක්! ඒ වගේම තමයි.

      කොහොමත්හෝනලා හයි ඉස්පීඩ් කට්ටිය නොවැ? ඒකනේ මම හැට්ටර්ගේ කොමෙන්ටුවට යටින් ලියලා තියෙන්නේ "ස්පීඩ් එක ගැන කියන්න තියෙන්නේ කොහොමත් නෝනලා පුංචියට හිටියට ඉස්පීඩ් කස්ටිය" කියලා!
      කොහොම උනත් සතුටුයි මේ පැත්තේ ඇවිත් ගියාට?

      Delete
    2. මේකනේ උනේ.. එන්ජිම කියෝගෙන කියෝගෙන කියෝගෙන ඇවිත්.. ගියර් පෙට්ටිය හරියේදී එහෙම්මම ඒකත් කියෝනකොට අමතක උනා.. ඉතින් හිතුවේ එන්ජිමම තමයි කියල.
      එකනේ ඉතින් අපි ගියර් දාන්න ගියාමනේ ඒක තියේද බලන්නේ... ඒක කොතැනට දැම්මම මොකෝ වගේ හිතුන... නොදැනුවත්කම අනේ..

      ආ.... අපිත් හයිස්පිඩ් යන කියල හිතුවද? හදිස්සි නම් උඩින් යන එකනේ

      Delete
    3. ඔයාගෙ සුහදිනියෙට දැම්ම කමෙන්ට් එකට කෝ රිප්ලයි!?

      Delete
    4. ඈ බොලේ මම දාපු කොමෙන්ටුව වැටුනේ ලිපටද එහෙනම්?

      Delete
  8. අලියාව රවුන්ඩ් අබවුට් එකක් හැටියට ගත්තා කිව්වාම මතක් උනේ, බෙල්ලන්විල පෙරහැරට ගෙනාපු අලියෙක්ව පෙරහැර ඉවර වෙලා ආපහු යනකොට මහරගමදී ප්‍රයිවෙට් බස් කාරයෙක් හප්පපු එක. උසාවියේදී මේ ඩ්‍රයිවර් කියලා තිබුනේ එයා අලියව දැක්කේ නැහැයි කියලා! ඉතිං කාටද කියන්නේ?

    මේ පෝස්ට් එකට Praසන්ன දාපු කොමෙන්ට් එකට ලියලා තියන ප්‍රති පිළිතුර දැක්කාම ගිනි නිවන හමුදා අත්දැකීමක් මතක් උනා. මේ කතාවේ නම් බ්‍රේක් නැති ෆයර් එන්ජින් එකකින් හරි ඇවිත්, ඒ ගොල්ලන්ට ගින්න නිවලා දාන්න පුළුවන් උනා නේ. නමුත් මම කියන සිද්ධියේදී ඒගොල්ලන්ට ගින්න නිවා ගන්න බැරි උනා.

    80 දශකයේදී ගිනි නිවන හමුදාවෙන් උපදේශකයන් ගෙන්වා, ගිනි නිවීම පිළිබඳව Firefighting demonstration එකක් තිබුනා. මේ කියන ආයතන පරිශ්‍රයේ එවැනි demonstration එකකට ඉඩ කඩ තිබුනේ වාහන නඩත්තු සේවා ස්ථානය ( service bay) ඉදිරිපිට පමණයි. එහි තෙල්, මජං, ග්‍රීස් වැකුණ, පොලව මතට ටයර් කිහිපයක් දමා ඒවාට ගිනි අවුලවා, ඒ ගැන දීර්ඝ දේශනයක් පවත්වා අවසන් වනවිට ගින්න බොහොම සැරේට ඇවිලිලා තිබුනා. ගිනි නිවන හමුදාවේ නිලධාරී මහතුන් අරගෙන ඇවිත් තිබුනේත් එක Fire Extinguisher එකක් පමණයි. අවසානයේ ඒගොල්ලෝ ආරම්භ කල ගින්න ඒගොල්ලන්ටම නිවා ගන්න බැරි උනා. ඊට හේතු උනේ පුරාණ රජ කාලේ ඉඳලා ඒ පොලවේ එකතු වෙලා තිබුන තෙල්, ග්‍රීස්, මජං උණු වී ගිනිගැනීමයි.

    අන්තිමට, සර්විස් එකේ කොල්ලෝ දෙන්නා හයි ප්‍රෙෂර් වතුර ගහලා තමයි ගින්න නිව්වේ.

    එතන හිටපු නොහික්මුණ කොල්ලන්ගේ හූ සද්දේ මැද ගිනි භටයන් දෙන්නා ආපහු ගියා.

    ටික දවසකට පෙර නොරථ රථ වල කියැවුන, අලුත් පිස්ටන්, එන්ජින් ඔයිල් වල දමා පොල් කටු අඟුරු වලින් ගිනි තියා case hardening කරනවා යැයි කියන ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන මම බොහෝ දුරට කල්පනා කළා. එයින් case hard නොවන බව නම් මම එදාම කිව්වා උනාට, අපේ මිනිස්සු හේතුවක් නැතිව මෙහෙම දේවල් නොකරන බව නිසා තමයි මේ ගැන දුරට හිතුවේ.
    පිස්ටන් වල කොතරම් සිනිඳු මතුපිටක් (පෙනුමට) තිබුනත්, ඇළුමිනියම් ඇලෝයි වලින් සෑදූ නිසා microscopic porous holes තිබීම නොවැලක්විය හැකියි.
    පිස්ටන් එකක්, තෙලේ දමා තෙම්පරාදු කලාම, කේස් හාඩ් වීම කෙසේ වෙතත් අර කියූ porous holes වලට උණු තෙල් කා වැදීම අනිවාර්යයෙන්ම සිදු වෙනවා. අලුත් එන්ජිමක් මුලින්ම ස්ටාර්ට් කරන විට තෙල් පීඩනය ඇතිවී ලිහිසි වීමට බොහෝ වේලාවක් (මේ කාලය තත්පර උනත්, බෝර් එකේ හෝ පිස්ටන් එකේ සීරීමක් වෙන්න ඒ කාලය ඇති) ගත උනත්, පිස්ටන් එකේ කා වැදී තියන තෙල් වලින් යම් ලිහිසි බවක් ලබා ගැනීම මේ කියන "කේස් හාඩ්" කිරීමේ බලාපොරොත්තුව වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයා! ඔය "අලියව මම දැක්කේ නෑ!" කේස් එක මම අහලා තියෙනවා ඒත් මම අද තමයි දැනගත්තේ ඒකේ නිධාන කථාව!

      වස වැරැද්දක් වෙලා තියෙන්නේ ගිනි භටයන්ට. ඇයි ඔඅය වගේම සිරා කථාවක් තියෙනවා අපේ කොම්පැනියේත්. අපේ නුවර බ්‍රාන්ච් එකේ හිටියා මොහමඩ් කියලා මිකැනික් කෙනෙක්. මේ යකා පලාත් සභා පජේරෝ වැඩ්ඩෙක්. කොම්පනියෙන් මේ යකාව යැව්වා ට්‍රේනින් එකකට කොහේද ඉංදියාවට. ඉස්සර ජපානෙට තමයි යැව්වේ! නමුත් මේ වන විට ජපානෙත් එච්චර මුදල් වියදම් කරණ්න බැරි නිසාම; ඕන නියගලා අලයක් බදාගන්නා ඉංදියාවට දීලා තිබුනා මේ අවට පලාත්වල ට්‍රේනිං ටික කරණ්න. ඉතිං අපේ මොහමඩුත් ගිහිල්ලා අනික් මේ රීජන් එකේ අනික් මිකෑනික් ලා එක්ක දේශන ශාලාවේ වාඩි වෙලා ඉඳලා. ඉන්ස්ට්‍රක්ටර් ඇවිත් මේ යක්කුන්ට පජේරෝ ගියර් පෙට්ටිය ගලවලා හයි කරණ හැටි තමයි කියල දෙන්න යන්නේ.
      අර ඉංදියන් බුවා ගියර පෙට්ටිය කෑලි කරලා මේසේ උඩ එලලා. පහු වෙනිදා සති අන්තෙලු! දින දෙකකට පස්සේ සඳුදා ඇවිත් ඉංදියන් බුවා හයිකරලා පෙන්වන්න පටන් ගත්තලු. අනේ එක පාරක් ක්ට්‍රයි කලාලු! දෙපාරක් බැලුවලු!! තුං පාරක් බැලුවලු!!! මූට බෑම බෑලු. අපෙ මොහමඩයා සීන් එක බලානලු. අන්තිමේ ඉන්ස්ට්‍රක්ටර් වට පිට බලන කොට මොහමඩයාට දුක් සීන් එකෙක් ඇවිත් ඌ ඇහුවාලු දෙමලෙන් "මං හයි කරණ්නද කියලා?" අනේ ඉන්ස්ට්‍රක්ටර් අහිංසකව හා කිව්වට පස්සෙ විනාඩි 15 ක් යනකොට මූ සට . . .සට . . . ගාලා හයිකරලා දීලා!
      ඔව් ඔබ කියන දේ හරි වෙන්න පුළුවන් ඔය පිස්ටන් තෙම්පරාදු කිරීමේ හේතුව!
      ඔබ තුමා කවදාද බ්ලොග් එකක් පටන් ගන්නේ? මෙවැනි කථා කියවන්න?

      Delete
    2. සෑම් මහත්තයා මා එක්කත් කියලා තියෙනවා ලියන්න ඕනි කතාවක්... කොහොම හරි උන්නැහෙවත් බ්ලොගකාරයෙක් කරවමුකෝ!

      Delete
    3. කෝ කිව්වට අහන එකක් යැ!?

      Delete
  9. එල ද බ්‍රා....මටනම් වහනේ...රෝදේ මාරු කරගන්නෙත් ඔට්‍ටු වෙලා..මෑකෑනික් දැනුම ගැන කවර කතාද

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩා! නික්ං දැකලා ගියත් ගැම්මක් තමයි. ඒක නෙවේ අර කමියගෙ බ්ලොග් එකේ යන කථාවනං එළද බ්‍රා ම තමයි!

      Delete
  10. ගලවන හයි කරන තරමට දඬුමොනර
    තෙල් ගෑවුණු අතින් හිස කසනා අතර
    ඒවා ගෑවිලා කෙස්සත් අහිමි කර
    ගත් තට්ටයා, දැන් වාහන කරයි 'කොර'

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාට කියන්න මගේ කෙස්සට කෙළවීමට වාහන හැදිල්ල සෘජුවම බල පෑවා! රෑට ඒකාලේ නාන්නේ ටීපෝල් ගාලා කොන්ඩෙ තියෙන මජං යන්න!

      Delete
  11. ආවයි කියල රෙජිස්ටරේ මාක් කරගන්න, ඈ? කියවන්න ආයෙ එඤ්ඤං

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් නෑ බං! ලමෙන්ට් එකක් දැම්මත් නැත්ත උඹලා බලන බව දන්නවා. හැබැයි කමෙන් එක කියන්නේ ඉතිං ගැම්මම තමයි!

      Delete
  12. තුන්සිය හැටපස් දවසෙන් වැඩිහරියක් රිය පැදෙව්වට ඔය නඩත්තු කටයුතු මෙලෝ දෙයක් මම දන්නෙ නෑ. අන්තිමටික නම් නිකම් ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක් බලනව කියල හිතන් කියෙව්ව

    ReplyDelete
    Replies
    1. එන්ඩ එපා... එන්ඩ එපා... හැම වංගුවේම අලි! ස්ස්ස්ස්......

      Delete
    2. ඔයත් නැති තැනක් නෑනේ! හොඳ වෙලාවට මෙහෙම ලිව්වේ! නැත්නම් ඒකෙත් වැරැද්දක් හොයලා මාව අනුභව කරයි!

      Delete
    3. විසිරිට: බොහොම ස්තූතියි නොතේරුණත් තේරුණා වාගේ කමෙන්ට් එකක් දැම්මාට!

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. අනේ බං අයියණ්ඩි මගෙත් කාර්මික දැනුම නං බිංදුවයි...
    මේ ලඟදි මං දරු පවුල එක්ක ගියා නෙව රවුන්ඩ් ට්‍රිප් එකක්. ඕං හබරණ දේවාලෙට පොඩ්ඩක් මෙහා පාර අද්දර කොල්ලො වගයක් සෙල්ෆි ගහනවා හූ කියනවා එක විකාරයයි. ටිකකින් ලඳු කැලෑව අස්සෙන් දල කොටෙක් ට්‍රම්පට් පිඹ ගෙන අරුං පස්සෙ එලෙව්වෙ නැද්ද...
    හරියටම මගෙ වාහනේ ගාවිං ඌ පාරට ආවෙ.
    මං කොල්ලො ටිකට අම්ම අප්පත් මතක් කරලයි ආවෙ

    ReplyDelete
    Replies
    1. මම උඹේ කමෙන්ටුවට පිළිතුරු ලියන්නට පෙර උඹේ බ්ලොගයට ගොඩ වැදී කමෙන්ටුවක් දමා ආවා බලන්න!
      හරිම සතුටුයි උඹලා ආයේ ලියනවා දැකීමම අම්බානක සතුටක්!
      කොහොමත් ඔය ස්ථානය කිට්ටුව අලි හරියට ඉන්නවා. උන්ට කෝචොක් දාන්නේ නැතිව ශේප් න්‍යායයෙන් වනාන්න්තරය පරිහරණය කරණ්න ඕනේ. මෙතනදී "වනාන්තරය පරිහරණය" කියලා කිව්වේ අපි මේ වන විට පාරවල් දාගෙන අපයෝජනය කරණ්නේ ඔවුන්ගේ නිජ බිම් නිසාය.
      කොහොම වෙතත් බොහොමත්ම ස්තූතියි ගොඩ වැදුනාට කියෙව්වාට හා ලිව්වාට!

      Delete
    2. මූ‍.... ආයෙ ලියනව?? වෙන්න බෑ.
      එතකොට මූ ලියපු එක පේන්නෙ තට්ටයන්ට විතරයිද?

      Delete
  15. අලි..?
    අලි බැලිල්ලයි අලි ගැන කතාකිරිල්ලයි ඉවරයක් වෙන්නැති දේවල් ලොකු සර්.
    අලි හොරකං කරපුව අහල තියෙනවද?
    ඉස්සර අපේ ඔපීසියේ හිටිය කෙනෙක්, සාදු එක්ක කේස් එහෙකට බෙල්ලන්විල අලියෙක් හොරකං කරගෙන ගිය.

    අර උඩ තියෙන වාහනේ ජපනට දත්තොසං ලු.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. දත්සොං ද දත්සාං ද?

      අම්මට සිරි මරු පොරවල් එක්කනේ ඔයත් වැඩ කරලා තියෙන්නේ. බලාන ගියාම ඔහොම ඉන්න එකත් ලොකු දෙයක්!

      අලි බැලිල්ලයි, බලි බැලිල්ලයි දෙකත් එපා වෙන්නේ නැතිලු.
      තවත් සුපිරි පාඨයක් මතක් උනා! (සාටකයක් එහෙම නෙවේ!)
      "අලියන්ට - ළමයින්ට
      නළියන්ට - මයි ඕන!"
      අම්මපා නිකං වත් දැකලා තියෙනවද නළියන්නේ නැති ලමයින් හරි අලි හරි!?

      Delete
  16. තට්ට මහත්තයාගේ මේ පොලොනරු ගමන කොහේදී හරි මම කියෙව්වා . මතක නෑ තැන හරියටම . ඔබතුමා එය ලිව්වේ මගේ බ්ලොගය තුලද කියා බලන්න ඕනේ පසුව .

    nissan patrol 160ට මම අදටත් පට්ට ආදරේ කරන වාහනයක් .

    අයියා වාහනයට හොදට සලකනවා ඇති . එහෙම කරනවානම් කවදාවත් ඒගොල්ලෝ අපි පාරේ තනිකරන්නේ නෑ .

    ගියර් පෙට්ටිය බිමට ගෙන ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් මාරුකරපු විස්තරය කියද්දී අවන්කවම ඇස් වලට කදුළු ආවා අයියේ .....

    කෙටියෙන් ම කියනවානම් , ඔයා පට්ටම වැඩ්ඩෙක් ...

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් මතකයි මල්ලි ඔය කථාව තව කොහේ හරි ලිව්වා. ඔව් 160 කියන්නේ අවුලක් නැති වාහනයක්. ඇත්තටම මම කොහො මත් වාහනවලට හරිම ආදරෙන් තමයි සලකන්නේ. කොහොමත් එයාලට ආදරෙන් සලකන කොට එයාලත් ආදරෙන් අපිව රැක බලා ගන්නවා.
      ඔව් ඒක එකසිය ගානක කට්ටක් තමයි. ඒත් ඒකාලෙ ඒවා තනියම කර ගන්න පුළුවන් තරම් ඇඟේ ගායක් තිබ්බා මල්ලී.
      දැන් කරණ්නේ හිතේ හයියෙන්.
      මම වැඩ්ඩෙක් න නොවෙයි. ඒත් වඩා හිතලා හිතලා; ලඟ තියෙන දෙවල් වලින් උපරිම ප්‍රයෝජනය අරණ් ගේම ගහ ගන්න හැකියාවක් නම් තියෙනවා!
      ස්තූතියි මේ පැත්තේ ආවාට!

      Delete
  17. දඹුල්ල කන්දලම හරහා බකමුණ ට එද්දී මටත් ඔය දේම උනා.. වැඩිය නෑ සීයට ඇති වේගේ.. එතන නම් හොඳට ඉඩ තිබ්බා පාරේ.. ඒ පාර පළල් හොඳට. ලෑන්ඩ් කෘසර් වගේ නෙවෙයි වැදුනානම් කාරෙක කෑලි ෂොපින් බෑග් වලට අහුලන්න වෙන්නේ. :)))

    ReplyDelete
    Replies
    1. අනේ කමී ලියමුකෝ ඉස්ටෝරිය බ්ලොග් එකේ! මොකද කියන්නේ?

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...