Monday, May 10, 2021

196. රස වෑහෙන පොලිස් කථා 2


"මටත් උනානේ මේ ළඟදි පට්ට සීන් එකක්. විළිලැජ්ජාවේ සංතෝසෙ බෑ!"

"කියහංකො! කියහංකො!!"

"මේ ළඟදි දවසක් මම මෙහෙන් යන්නම පරක්කුවෙලා යනවා ඇරසෝලෝ කියලා"

"ඉතිං!?"

"ඉතිං කඩවත පල්ලමේ වංගුවේ තනි ඉර කපලා ගත්තා විතරයි කීං ගාගෙන විසිල් එකත් ගහගෙන පාරට පැන්නා පොලීසියෙං. මට ආයෙ කියන්න දෙයක් නෑ මම එකසිය ගානටම වැරදියි. මම ඉතින් බැස්ස ගමන් අපේ සාම්ප්‍රදායික බොරුව කියන්න පටං ගත්තා.

මම ලෙඩෙක් බලන්න ඉස්පිරිතාලෙ යන ගමන්. උදේ කැම එක ගෙනියන්න ඕනෙ!!! ඒකයි ඉක්මනට යන්න ගිහින් ඉර කැපුනෙ!!! . . . . "   

"ආ! මහත්තයා ඉස්පිරිතාලෙ යන ගමන්ද? එහෙනං දැනටමත් පරක්කුවෙලා ඇතිනේ . . ?  - මේ . . සාජන් මහත්තයා! අනේ මේ මහත්තයට ඉක්මනට දඩ කොළයක් ලියලා දෙන්න පරක්කු නොකර!" මේකා කිව්වා කියන්නකෝ!?

"අම්මට සිරි ඉතිං!?" 

" ඉතිං වෙන මොනවා කරණ්නද දඩේ ගෙවලා ලැයිසන් එක හවස එන ගමං අරං ආවා!"

***************************************************************************************************

"ඉතිං ඔතනම මට සුපිරිම වැඩක් උනානෙ බං! දවසක් මම පන්නිපිටියෙ ගෙදර එල්ෆ් 250 ටිපර් එකත් අරං යනවා කිරිබත්ගොඩ පැත්තට. යනකොට එකෙක් චූටි බබා මහත්තයා වගේ ඉස්සරහින් යනවා ලොට ලොට!"

"ඉතිං! ඉතිං??"

"හරියටම සෙට් උනා කියාංකො ඔය වංගුවේදී. මමත් ආයේ බැලුවේ නෑ ඕටේක් කලා ඉර කපාගෙනම! ඉස්සර කරලා නිකං හිටියෙත් නෑ. මලටම ඉස්සරහට දාලා බ්‍රේක් පාරකුත් ගැහුවා - නැගපං පිට උඩ කියලා!"

"එල!"

"මොන එළද බං බ්‍රේක් සද්දෙට එතන ඉර කපන එවුංව ලිය ලියා හිටපු රාළහාමි ඔළුව උස්සලා බලලා දැම්මා විසිල් එකත් ගහගෙනම අත! මම බැස්සෙම අර ගෝතයට බැනගෙනම! ඒත් හරි ගියේ නෑ මොන දේ කිව්වත් දුන්නා දඩ කොලේයි ටෙම්පරි පර්මිට් එකයි! ඔක්කොමත් හරි ගෙදර මේකට පෝස් මොටම් තියලා හෙන බර බරේ"

"අප්පට සිරි ඉතිං!?"

"ඊළඟට තමයි හොඳම වැඩේ උනේ! පහුවෙනිදා මම ආයෙමත් ඒ වෙලාවටම වගේ ආයෙත් යනවා එතැනින්ම ටිපර් එකේම. ඇන්ටිත් වාහනේ. එදත් අර වගේම ඉස්සර්හින් පොඩි කාර් එකක්ද මොකක්ද යනවා නිකං නින්දෙන් ඇවිදිනවා වගේ. මටත් හොඳ චාන්ස් එක ඊයේ වෙච්ච දේ හරියටම රඟපාලා පෙන්නන්න. මාත් ඇන්ටිට කථා කරලා 'මෙන්න මේ වගේ තමයි ඊයෙත් වාහනේ ගියේ. ඉතිං මට බැරිම පාර මෙන්න මේ වගේ ඉර කපලා වාහනේ ඕවර්ටේක් කලා!' කියලා ඉර කපාගෙන ඉස්සර කලා!"

"ඉතිං!?"

"ඉතිං තමයි එදත් එතනම පොලීසියෙන් ඉඳලා ෆූ . . . . ගාලා විසිල් එක ගහලා නැවැත්තුවා කියන්නකෝ"

"අම්මට සිරි! ඉතිං?"

"ඉතිං මුකුත් නෑ. දඩ දෙකම කාලා ලැයිසම බේරගෙන ගෙදර ආවා!!

"ගෙදරිං හොඳ පෝරියෙල් වෙන්න ඇති!?"

"කියන්න වදන් නෑ බාං . . . . . . . . ඊට හොඳයි පොලිස් කාරයව යට කරලා හිරේ ගියා නං!!"

***************************************************************************************************

"ඕක නෙවේ කථාව! මට උනා සුප්ප සුපිරි තල් සූකිරි වගේ වැඩක්!" මම තව රස කථාවක් පටන් ගත්තා.

"ඒ මොකක්ද?"

"ඔයාට මතකද මධූ; අර ඔසී වල ඉන්න කපිල තුෂාරලා ලංකාවට ආවේ. ආන්න එහෙම ආපු වෙලාවක අපි ඔක්කොම ගියා යාපනේ. අපි ගියේ ටොයෝටා 106 කැබ් එකේ. කපිල තුෂාරලා ආවේ KDH වෑන් එකක් හයර් කරලා. අර නංගිලගෙ වාහනෙත් ගියාද කොහෙද. කොහොම හරි රෑ අපි පිටත් උනේ. රෑට මම කොහොමත් ටික වෙන්න පාගලා යනවානේ. නැතිනම් නිදි මත තමයි. ඉතින් මම ටික දුරක් ගිහින් නැවතිලා ඉන්නවා අනිත් වාහන දෙක එන තුරු. ඔන්න ගලේවෙල පහු කරලා මම ටිකක් පාගලා යන කොට පාර අයිනෙ ටෝච් එකක් අල්ලලා නැවැත්තුවා කැබ් එක! මම එතනට යන්න හදන කොටම මතක් උනා මගේ පර්ස් එකේ තිවුනු එස්. පී නිහාල්  මහත්තයාගේ නේම් කාඩ් එක! මම ඒකත් අතට අරං හිමීට රාළහාමිට කිට්ටු කලා."

"වේගෙ ටිකක් වැඩියි නේද?" රාළහාමි වැඩේට බහින්න පිටිය හදනවා.

"අනේ ඔව් රාලහාමි පොඩ්ඩක් විතර වැඩිවෙන්න ඇති. නැතිනං නින්ද යනවානේ ඒකයි!"

"නින්ද යනවා කියලා එහෙම හැම වාහනේම වේගෙන් ගියොත් හරියනවද? ගන්නකෝ මහත්තයාගේ රියැදුරු බල පත්‍රය!"

"ලයිසන් එක නං දෙන්නං! රාළහාමි බලන්නකෝ මේ කාඩ් එකේ ඉන්න මහත්තයා අඳුනනවාද කියලා?" කියලා මම අර නේම් කාඩ් එක රාලහාමිගේ අතේ තිබ්බා. රාළහාමි අතේ තිබ්බ ටෝච් එක කාඩ් එකට ගහපු ගමන්කොර උනා කියන්නකෝ!

"අනේ සර් කොහෙද මේ යන්නේ?" අනේ මේ අසරණ රාළහාමි හිතුවා මම අර එස්. පී මහත්තයා කියලා. මම කියලා ඉතින් මොනවා කරණ්නද?

"අම්මට සිරි එළනෙ! ඉතිං ඉතිං!!??"

"මම ටිකක් සද්දෙ බේස් කරලා කිව්වා 'ජැෆ්නා යනවා පුතා' කියලා!"

"ඩියුටියක්ද සර්?" මේ යකා අහපි.

"අනේ නෑ පුතා මගේ රිලේශන්ස්ලා වගයක් ඕස්ට්‍රේලියා ඉඳන් ඇවිත්. මේ එයාලත් එක්ක යනවා!"

"හරි සර් එහෙනං පරිස්සමිං ගිහිං එන්න! ගුඩ් නයිට් සර්!!" කියලා පොර ඇඹරුණා.

මාත් "ඕකේ පුතා! ගුඩ් නයිට්!!" කියාගෙන එතැනිං මාරු උනා!

"අම්මට සිරි! අහු උනා නං තාම බාප්පි කනවා!"

"පිස්සුද බං!ඉතිං මම බොරුවක් කිව්වෑ!?"

21 comments:

  1. Ratha Gaya ko? Mewa nam 'hundreds of thousands' kiyannam. I just pick this word from news.
    'hundreds of thousands' kiyanne keeyada habeta? Wijebahu

    ReplyDelete
  2. Ammapa No 1, miss welane. Wijebahu

    ReplyDelete
    Replies
    1. විජේභාහු මහත්තයා ජයවේවා!
      ඇත්තටම මේවා සොමි කථානේ. ඒකයි ටිකක් ලිව්වේ. රථගාය ලියමින්. මේ දවස්වල කොරෝනා කේස් එක හින්දා ගෙදර. ටිකක් යහමින් ලියන්න හිතාන ඉන්නේ.
      ස්තූතියි!

      Delete
  3. පොලිස් කතා විශේෂයෙන්ම ට්‍රැෆික් පොලිස් බැලුවොත් මිකිහෙක්ට අවවාද කරලා මුදාහරින වැඩ අල්පයි. බොහොමයක් බලන්නේ දඩ කොලයක් ලියන මුවාවෙන් අපිට දඩයක් දමන්නයි නැත්තනම් දවසට ලියලා පෙන්නන්න ඕනැ දඩ කොල ගානයි නඩුගානයි සපුරාගන්නයි.

    ReplyDelete
    Replies
    1. අනේ මචං මේ ලියන්නේ ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් ඒවා විතරයි! පොලිස් රාලහාමිලා එක්ක ඇර ගත්තු ඒවානම් කොයි තරම්ද?

      Delete
  4. එක පාරක් මට ත් මළ ම පැනලා ඔය වාහනයක් ඉස්සරහින් පිස්සු නට නට යන වෙලාවක. මාගාල්ලේ ඉඳල ගාල්ල පැත්තට එන ගමන් HSBC එක ඉස්සරහදි සද්දයක් දාල ඕවර්ටෙක් කරා අමාරුවෙන්.. බලනකොට එතන කහ ඉරක්..ඔව්. කහ ඉරක් ඒ කියන්නේ සෑහෙන කාලෙකට කලින් වෙච්චි දෙයක්. ඉස්සරහම ට්‍රැපික් එකෙන් ඉඳල අත දැම්ම.. වෙලාවට අපේ නෝනාගේ ඉස්කෝලේ මල්ලි කෙනෙක් තමයි ට්‍රැපික් රාළහාමි. මම වම පැත්තේ ෂටර් එක පහත් කරලා බලාගෙන හිටියා. අක්කයි මල්ලියි ආගිය කතා කතා කරලා පරිස්සමින් යන්න අයියා කියල අපිව එව්වා. :)))

    ReplyDelete
    Replies
    1. කොහොමත් නෝනලාට තියෙන "පොලිස් ගරුත්වය" අපිට අහිමිය. අපියි එළියට බහින්න ඕනේ සම අයිතිවාසිකම් ඉල්ලලා! මේ කථා එපා ඇයි නොලියන්නේ? අන්තිමට අපිටත් එපා වෙනවානේ!

      Delete
  5. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව අවමානයට ලක්වෙන ලිපි ලිවිම සම්බන්ධයෙන් අපගේ විරෝධය මෙසේ දක්වා සිටිමු. මේ ගැන පොලිස් දෙපාර්තුමේන්තුවෙ සයිබර් අපරාද අංශය දැනුවත් කිරීමට කටයුතු කරමි.

    රංග තේනුවර.

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම කරණ්න එපා ඉතිං! අහල කියවලා අමතක කර දමන්න!

      Delete
    2. හා, එහෙනං පැමිණිලි කරන්නේ නෑ.

      Delete
    3. අනේ දෙයියෝ බුදු වන්ඩ!

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. නේම් කාර්ඩ් වලටත් කොර වෙන පොලිස් රාළහාමිලත් ලංකාවේ ඉන්නවද. රෙදි කපලා මහලම ඇදගෙන නේ. පව් කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මම ඉතින් මොකවත් කිව්වෙත් නෑ. එතුමා මට ප්‍රථිචාර දැක්වූයේ එහෙමයි.

      Delete
  8. මට නං නැත වී ඔය වගෙ අණවින
    දැකලා තියෙනව පොලිසියෙ කොඩිවින
    හපනෙක් නැත ලොව ඒවා කපමින
    පොලිසිය ගරු කටයුතු තැන කරවන

    ReplyDelete
    Replies
    1. මටනං උනේම ඔය වගේ සීන්ස්ම තමයි!

      Delete
  9. උදෙම්ම මුලු දවසම සැහැල්ලු කළාට පිං!

    ReplyDelete
    Replies
    1. ආ කොමසාරිස් තුමා තාම බ්ලොග් බලන්න වේලාව තීනවා එහෙනං!

      Delete
  10. විසිටින් කාඩ් එකක් දීලා ගැලවිලා එන්න පුළුවන් උන එක නම් හිනා යන වැඩක්. ලංකාවේ පොලිස් පොඩ්ඩෝ, ලොක්කන්ට තියන බය තමයි ඒකෙන් කියවෙන්නේ.
    මට ලංකාවේදී මෝටර් සයිකලයක් තිබුනාට, "මෝටර් සයිකල් ලයිසන්" තිබුනේ නැහැ.(ඒ නොතිබෙන්න හේතුවත් ලොකු රස කතාවක්.) ඒ කාලේ තිබ්බ ලයිසන් පොතේ ඕවා හොයන එකත් ලේසි නැහැ. එකම එක වතාවක්, කොට්ටාවේ හංදියේ හිටපු රාලහාමි කෙනෙකුට විතරක්, මට මෝටර් සයිකල් ලයිසන් නැති බව අහු උනා. බොරු කියන්නේ නැතුව, මෝටර් සයිකල් ලයිසන් නැහැයි කියලා පිළිගන්නවානම් යන්න දෙන්නම් කිව්වා. ඉතින් මම, මට මෝටර් සයිකල් ලයිසන් නැති බව පිලි අරං ගැලවිලා ආවා.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ විසිටින් කාඩ් එක දැක්කාම ඒ රාලහාමි මට රැවටුනා කියලයි!

      බලන්නකෝ ඒ කාලේ හිටපු රාලහාමිලාගෙ තියෙන ගුණ යහපත්කම? ඇත්ත කිව්වාම චාන්ස් එකක් දෙනවා!

      අනේ ඒ රස කථාවත් කියන්නකෝ! (මෝටර් සයිකල් ලයිසම නැතිවූ කථාව!)

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...