Friday, April 23, 2021

194. Teepee the Camp Site 2

මමත් පසිඳුත් කාලෙක ඉඳන් මිත්‍රයෝ. එයාව මුන ගැසුනේ ලක්දසුන් ෆෝරම් එකෙන්. මම මගේ කයාකින් ගැන ලියලා තියෙන දිග ලිපි එකතුවේ බොහෝ තැන් වල පසිඳු ගැන කියැවෙනවා.



ඔහු දැනට සේවය කරණ්නේ වෘථීයමය වන ජීවී හා පාරිසරික මග පෙන්වන්නෙකු ලෙස. ඔහු දකුණු අප්‍රිකවේ කෘගර් ජාතික වනෝද්‍යානයේ  FGASA - පාරිසරික මගපෙන්වන්නෙකු ලෙස පුහුණුවලත් අයෙක්.



පසිඳු

මා වසර ගන්නාවක් සේවය කලේ පාරිභෝගික සේවා නිළධරයෙකු ලෙස මෙරට පිළිගත් ආයතනයක. අප දෙදෙනා එක් කාරණයකදී සමපාත වෙනවා.  ඒ අපගේ විනෝදාංශයන් සමග. කෑම්පින්, කයාකින්, හා සංචරණය! තවත් බොහෝ බොහෝ බොහෝ දේ සමග.

මාගේ මුල් ගම යටියන්තොට හක්බෙල්ලාවක. හක්බෙල්ලාවක කියන්නේ  කොළඹ හැටන් නැතිනම් අවිස්සාවේල්ල නුවර එළිය මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට කිලෝමීටර 26 ක් දුරින් තිබෙන කුඩා ගමක්. 

මෙම කැළණි ගඟත් හැටන් කොළඹ A7 මාර්ගයත් අතර පිහිටි කුඩා එහෙත් ගස් වැල් පිරුණු ඉඩමක මමත් පසිඳුත් පුංචියට පටන් ගන්නවා කඳවුරු බිමක් මීට අවුරුදු 7 කට විතර ඉස්සෙල්ලා.  නම Teepee  මේ ගැන මීට කලිනුත් ලියලා තියෙනවා. මෙතැනින් එතනට යන්න පුළුවන්.

ඇත්තටම අපේ කඳවුරු බිම තියෙන්නේ A7;  අවිස්සාවේල්ල-හැටන්-නුවරඑළිය මාර්ගයේ 25 හා 26 කිලෝමීටර කනු අතර!  හක්බෙල්ලාවක තැපැල් කන්තෝරුව අසල පිහිටි; 26/11 බෝක්කුවට යාබද බිම්කඩ. කොළඹ ඉඳන් හක්බෙල්ලාවකට තියෙන්නේ කිලෝමීටර 50 ක් පමන. මේ ගම ආසන්නයෙන්ම ගලා බසින්නේ කැළණි ගඟ! අනෙක් පසින් නාහේන මූකළාන!


මේ කන්ටේනර් නිවහන තමයි අපේ ඔපරේශන් හබ් එක!

කැළණි ගං ඉවුරේ සකසා ඇති කඳවුරු බිම.
 12 දෙනෙකුට සෙවන සැලසිය හැකි අයුරින්.





ගඟට ඉතා අසන්නව නිමකොට ඇති Club House එක. 
මධුවිතට සුන්දර දසුනක්!

Club House එක. 

BBQ














එකේ වැඩිපුරම ඵල ප්‍රයෝජන ලැබූවේ පසිඳුත් මමත් අපගේ දන්නා කියන මිත්‍රයිනුත්. එතන කයාකින් කරණ්න අවශ්‍ය සියළු පහසුකම් සහිතයි. මේ හැම දෙයක්ම කෙරෙණ්නේ පූර්ණ ආරක්ෂාවක් සහිතව. මා පුහුණු ජීවිතාරක්ෂකයෙක්. එන හැම කෙනෙක්ම මිලියනයක රක්ෂණාවරණයකට යටත්!


අපි ගිය අවුරුද්දේ පටන් එය වඩාත් පුළුල් ලෙස සැමට විවෘථ කරණ්නට තීරණය කරණවා.

ඒ සමග අප එකතු කරගන්නවා තවත් කඳවුරු බිමක් මහා මාර්ගයට කිලෝමීටර 3 කට පමන ඈතින්. එයට යන්න තියෙන්නේ ගඟ හරහා හක්බෙල්ලාවකින් දමා ඇති පාලමෙන් එතෙරව රබර් වතු හා ගම මැද්දෙන්. එම කඳවුරු බිමෙහි එක් ඉමක් වන්නේ අරඹෙ ඔය නමැති නොයිඳුල් කොමළිය. 


එහි එක් පසෙකින් හවරියන් ගල නමැති විසල් කන්ද. අපෙ කඳවුරු බිමට නො එසේනම් කෑම්පින් සයිට් එකට එන අපෙ මිත්‍රයින් මේ හවරියන් ගල මුදුනට හයික් එකක් යාමටත් අමතක කරණ්නේ නෑ. එය අප නම් කරණ්නේ ටිපී අරඹෙ ඔය නැතහොත් Teepee Two කියලායි.

ගඟෙන් එගොඩ රබර් ගස් හේඩාව යටින් Teepee Two වෙත!










දැන් අපේ කඳවුරු බිම සෑම සියළු දෙනාටම විවෘථ එකක්. කඳවුරු පවත්වාගෙන යෑමටත්, ආහාර පාන හා සේවක වැටුප් සඳහාත් මෙහි  එන සහෘදයින්ගේ පහසුව වෙනුවෙනුත් කුඩා පැකේජ කිහිපයක් සකස් කලා. කෑම්පින් කරණ්න, හයිකින් කරණ්න, කයාකින් කරණ්න නැතිනම් දවසක් ගත කරණ්න වගේ කැමති ඕනෑම ලෙසකට නම්‍යශීලී වන ලෙස තම්යි මේ පැකේජ නිර්මාණය කොට ඇත්තේ.

1. පවුලේ හෝ ඔෆිස් එකේ ලඟම පිරිස එක්ක දවසක උදේ ඇවිත් තේ එකක් බීලා කැළණි ගඟේ හෝ අරඹෙ ඔයේ නාලා  දවල්ට බත් ටිකක් කාලා හවසට තේ එකක් බීලා  යන්න පුළුවන් පිරිස 12 දෙනෙකුගේ පමන කණ්ඩායම් සඳහා. මධුවිතක් තොල ගාන්නටත් ඕණෑවටත් වඩා ඉඩකඩ!  ඒ අයට ටෙන්ට් එකක් ඉල්ලුවොත් ඒකත් කරලා දෙනවා අය කිරීමකින් තොරව.  ගෙනාපු දෙයක් පොඩ්ඩක් ෆ්‍රයි කරලා දෙනවා වගේ එකකුත් අපිට කරලා දෙන්න පුළුවන්. ඒකටත් අය කිරීමක් නම් නැහැ.

2. කෑම්පින්ම කරණ්න කැමති අයට වෙන පැකේජ් එකක් තියෙනවා. අපි කෑම්පින් ටෙන්ට්ස්, කොට්ට මෙට්ට ආදිය දෙනවා.  තමන් ගෙන ආ දෙයක් සකසා ගෙන කාලා ගඟෙන් හරි ඔයෙන් හරි නාලා එක් රැයක් දින දෙකක් ඉඳලා යන්න පුළුවන්. අවම පිරිස 6 යි. ඒ අයට තමන්ම උයාගන්නත් පුළුවන්, නැතිනම් මීටර 100 ක් ඇතුලත තියෙන දිවා රාත්‍රී කුඩා ආපන ශාලා වලින් හරි ලබා ගන්න පුළුවන්. තමන්ම ආහාර සකසා  ගන්නවානම් අපේ ගානේ භාජන ටිකයි ගෑස් ටිකයි!

3. තවත් අයට ඕන කයාකින් විතරක් කරණ්න. ඒ අයට දිවා ආහාරය; උදේ හවස තේ කිලෝමීටර 10 ක කයාකින් සංචරයක්.  උදේම ඇවිත් හවස යන්න පුළුවන්! අවමය 6 ක්. හක්බෙල්ලවක ඉඳන් කබුළුමුල්ලට ගඟ දිගේ ගිහින් ආපහු කබුළුමුල්ලේ ඉඳන් හක්බෙල්ලාවකටත් ගෙන එනවා අපේ 4WD ට්‍රක් එකකින්.

4. මේ වගේ ම හයිකින් වලටත් පැකේජ් එකක් තියෙනවා. හවරියන් ගලට කරන සුන්දර හයික් එකක්. කුරුල්ලන් 25ක් පමණ නැරඹීමට පුළුවන් උදේම ගමන පටන් ගත්තාම!  අවමය 6 වන ලෙස සකසා ඇත. 

5. අර මුලින් තියෙන කෑම්පින් පැකේජ් එකට එන අය ඒ අයම කෑම හදා ගන්න ඕනනේ. එහෙම අකමැති අයට තියෙනවා කෑම්පින් ෆුල් පැකේජ් එකකුත්. ඒකට උදේ තේ, ලන්ච්, හවස තේ, BBQ ඩිනර් එකක්, බෙඩ් ටී එක, උදේ කෑම, සියල්ල එක්ක කෑම්පින් කරණ්න ඕන සියළුම ටෙන්ට්, කොට්ට මෙට්ට ඇතුළු සියළුම ආම්පන්න සැපයෙනවා. ගඟෙන් හරි ඔයෙන් හරි නාලා දින දෙකක් කෑම්පින් රැයක්! පිරිස 6 ක අවමයක්.

6. ඔය අංක 5 න් කියන පැකේජ් එකට එන කෙනෙකුට හයික් එකයි කයාකිනුයි කරණ්න පුළුවන්.

7.තව තියෙනවා දින තුනක් හා රාත්‍රී දෙකක් සමග ගෙවෙන  එකක්.  ඒ පැකේජ් එක හදලා තියෙන්නේ අපේ Camp Site එකේ නැවතිලා කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් වැනි වෙනත් ක්‍රියා කාරකම්වලට උනන්දු අය වෙනුවෙන්. ඊට අමතරව මේ අවට පිහිටා ඇති අතිශය සුන්දර ඕලු ඇල්ල, පැරණි මානව ශිෂ්ඨාචාරයේ එක් සංධිස්ථානයක් වන බෙලිලෙන, ශ්‍රී ලංකාවේ පැරණිතම වන රක්ෂිතයක් වන මාකන්දාව සංරක්ෂණ කේන්ද්‍රය, වෑවිය තලාව (වේවැල් තලාව) වැනි ස්ථාන වලට සංචාරය කරණ්නටත්; Bridge on the river Kwai  ලෝක පූජිත චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකෙරුණු ස්ථානය නැරඹීමටත් යන්නට පුළුවන් වෙනවා. 

ඉතින් සාම්ප්‍රදායික රැකියාවට නොබෝදා ආයුබෝවන් කීවාට පසුව ගහ කොල , සතා සීපාවා, ඇළ දොළ සමග එක්වුනු ජීවිතයක් අරඹන්නටයි හිතා ඉන්නේ! මේ එහි පලමු මල් බයිසිකලය!

තවත් දෙයක්! පාසැල් බාලදක්ෂ කණ්ඩායම් සඳහා කඳවුරු බිම් සම්පූර්ණයෙන්ම නොමිලේ!!!

https://www.facebook.com/TeepeeTheCampsite/

0770807000 / 0716155837

මෙහි පලමු ලිපියට මෙතනින් යන්න!



41 comments:

  1. ආරක්ෂාව ගැන නම් කියන්න දෙයක් නෑ 👍. එක කුඩැල්ලෙක්ට ලේ බොන්න ඉඩ දුන්නෑ
    ඒ සුන්දරත්වය අත්විදින්න පිං කල යුතුමයි.
    දවසක හවසක හමුවෙමු...!

    ReplyDelete
  2. Replies
    1. මම විශ්වාස කලා එදා රෑ ඔයාලා අහම්බෙන් කෝල් කරලා ආවත් යනකොට වඩාත් සුන්දර හිතවත් කමකින් වෙන්වී යාවි කියලා. ඒ අපේ රටාව! ඔව්,ආයේ දවසක හමුවෙමු!

      Delete
  3. උපරිම සහයෝගය ලබා දෙන බව පවසා සිටිමි.
    අපි අනිවාර්යෙන්ම එනවා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! ඔබගේ පැමිණීම ගෞරවයෙන් ආදරයෙන් හා ලබැදියාවෙන් යුතුව බලා සිටිමු!

      Delete
  4. ගෙවන මුදලට උපරිම සාධාරණයි! නියම Experience ගන්න කැමති ඕනේ කෙනෙකුට Highly recommended.
    TeePee 1ටයි 2ටයි ජයෙන් ජය!❤

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ස්තූතියි!!

      Delete
  5. එල එල. සෙට්වෙමු අනිවා

    ReplyDelete
    Replies
    1. වෙමු වෙමු! සෙට් වෙමු!! මම සහනයටත් දැම්මා!

      Delete
  6. ජයවේවා ජයවේවා අපිත් එනවා අනිවාර්යයෙන්ම.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගනිමු!

      Delete
  7. ගෙවන ගානට සුපිරි ආතල් එකක් ගන්න පුළුවන් pot එකක් තමයි. ඒක කරන බුවාලත් මරු ආතල්. නියම experience ටිකක් දීලම තමයි පරිස්සම වැඩෙ කොරල ගෙවල් වලට පිටත් කරන්නෙ

    ReplyDelete
    Replies
    1. ආ! ස්තූතියි!! ස්තූතියි!!! ඔව් අපිට ඕන ආව වගේම තනි කෑල්ලට ගෙවල් වලට යවන්න! කොහොමත් එන හැම කෙනෙක්ම මිලියනයක රක්ෂණාවරණයකට යටත්!

      Delete
  8. Replies
    1. ආ ස්තූතියි බොහොමත්ම!

      Delete
  9. එන්නම හිතාගෙන
    ඉන්දදී පතාගෙන
    ආවා කොරෝනා
    සැඩ වතුරක් ලෙසින

    දැන් මේ foto දැක
    හැබැහින් දකින එක
    හීනෙකි, පමා නොව
    එන්නම් වෙලාවක!

    ReplyDelete
    Replies
    1. කෙතරම් අගනේද? ස්තූතියි!! දවසක එන්න!!~!

      Delete
  10. ලංකාවට නිවාඩුවකට පැමිණි විටක මෙහි එන්නට පොරොන්දු වෙනවා.

    මේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! හමුවන්නට බලා සිටිමි!

      Delete
  11. Replies
    1. කෙතරම් අගනේද? ස්තූතියි!! දවසක එන්න!!~!

      Delete
  12. අගේ ඇති වැඩක්.
    බ්ලොග් එක කියෝල තියෙන අයනං තට්ටය මහත්තැංගෙන් ලැබෙන ආරක්ෂාව ගැන කිසිම සැකයක් තියාගන්න එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවා! දිවි දෙවෙනි කොට!

      Delete
  13. සුන්දර පරිසරයක්. ලංකාවට අවාම හමු වෙමු ගිනිගත්හේන climb එකත් නගින්න බලාගෙන.

    ReplyDelete
    Replies
    1. අනිවා! හමුවෙමු. හමුවන්නට බලා සිටිමි!

      Delete
  14. ඔයාලට පාඩුවක් නොවෙන්න තනියම එන අයටත් අවස්තාවක් දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි.උදාහරණයක් විදියට එහෙම සෝලෝ ට්‍රිප් යන අයට, කට්ටිය නැති අයට මාසෙකට සැරයක් වගේ කට්ටිය එකතු කරලා චාන්ස් එකක් දෙන්න පුළුවන් නම් සුපර්බ්

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම බැරි කමක් නෑ. අපි මේ මිල ගනන් හදලා තියෙන්නේ පොඩි මිල සූත්‍රයකට අනුව. (අර තෙල් සංස්ථාවෙ එක වගේ නම් නොවෙයි.) මේ මිල ගනන් රඳා පවතින එක් සාධකයක් වන එන පිරිස කියන අගය බලපාන්නේ කාරණා දෙකක් මත. ඉන් එකක් වන්නේ එන පිරිසට සාපේක්ෂව සේවය සැපයීම සඳහා යෙදවිය යුතු ශ්‍රමය වෙනස් වීම.( ඒ කියන්නේ එන පිරිස වැඩි වන විට අප වැඩි මිනිස් ශ්‍රමයක් යෙදවිය යුතු වෙනවා. එවිට මිල වැඩිවීමකට ලක් වෙනවා. ඒ වගේම පිරිස වැඩිවෙන විට අහාර හා වෙනත් සේවා සඳහා සිදුවන වියදම අඩු වීම (Economy of Scale) යන කාරණය හේතු කොට ගෙන සේවාව අඩු මිළකට සැපයීමට හැකි වීම සහ තවත් කාරණා හේතු කොට ගෙනය.
      ඒ මොනවා උනත් මේ සියල්ලටම ඉහලින් අප අගය කරණ "අගයක්" තමයි පාරිභෝගික සතුට හා ඒ තුලින් අප විඳින සතුට!
      ඒ නිසා මේ පැකේජ මොනවා උනත් එහෙම අපි ගැන විශ්වාසය තබා එන සහෘදයෙකු අප ආපසු හරවා යවන්නේ නෑ.
      මොකද මේ අපේ Passion එක!
      මම ලියලා තියෙනවා තට්ට තනිවම තට්ටයා කියා පෝස්ටුවක්!

      http://thattayagekolama.blogspot.com/2017/10/blog-post_13.html

      අපිට ඒ වගේ අත්දැකීමක් උනත් ලබා දෙන්නට පුළුවන් අපගේ ආදරණීය ආරක්ශාව එක්ව අපගේ සෙවණ යට!

      Delete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  16. සුපිරි හදවත් දෙකක් අහම්බෙන් මුණ ගැහුනා දැන් අපි හොඳ යාළුවෝ ඉස්සරහටත් ඒ යාළුකම් එහෙම්ම තියේවි ජයෙන් ජය

    ReplyDelete
  17. ලගදීම තටට් මහත්තයාට කොල් එකක් දීලාම ඔය පැත්තේ එංඤඤං

    ReplyDelete
  18. වැඩේ නියමයි. ලංකාවට එන වෙලාවක හරි ආසාවෙන් එන්න හිතාගෙන ඉන්නවා. තොරතුරු බෙදාගන්නම්. ඔබේ ගමනට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔබගේ කාව්‍යමය දිවි සැරිය සමග එක් දිනක් හෝ හමුවෙමු!

      Delete
  19. අඩේ මේක කියෙව්වම මට සිරාවටම අප්සෙට්.. මෙච්චර දන්නා අඳුනන උන් වෙලා මට ඔතනට තාම ඇවිත් යන්න බැරි උනානේ.. අලුත් සහ පුරුදු වැඩේට සුබ පැතුම්! ජයවේවා! <3

    ReplyDelete
    Replies
    1. අපි පොඩි හමුවක් ලෑස්ති කරමු! සාදරයෙන් පිළි ගනිමි!

      Delete
  20. මම මේකට දාපු කොමෙන්ට් එක ඇයි අයින් කරේ තට්ටයා මහතා ?

    ReplyDelete
  21. හොඳ වැඩක්.. ලංකාවට ආපු වෙලාවක අනිවා ගොඩ බහින්නම්

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...