Monday, July 13, 2020

177. පලවෙනි ඇන් ඇක්සිඩන්ට් එක


මීට වසර ගනනාවකට පෙර ඒ කියන්නේ ලංකාවේ සී.ටී.බී බස් රජ කල සමයේ රියැදුරෙක් ගෙන් "මේ බස් එක කීයට  විතර එහාට යයිද?" කියා විමසුව හොත් උත්තර වලට ලැබෙන්නේ සුද්ධ සිංහලය.
ඒ කාලෙ හැටියට නොවෙයි දැන් උනත් රියැදුරෙක්ගෙන් "ඔයා අතින් ඇක්සිඩන්ට් එහෙම වෙලා නැද්ද ?" කියා විමසුව හොත් එයටහොඳ ප්‍රථිචාරයක්නම් නොලැබෙනු ඇත.
එහෙත් මා සේවය පිණිස වැඩ පොලට බොහෝවිට යන්නේ බයිසිකලයෙන් දැනගත් විට "ඇක්සිඩන්ට් වෙලා එහෙම නැත්ද?" කියා කට පුරා අහන අය මට බොහෝ විට මුණ ගැසී ඇත.
මා එයට පිළිතුරු ලෙස පවසන්නේ "ඔයා අහන කල් නම් වෙලා තිබුනේ නෑ!" කියාය.
එවිට බොහෝ විට ප්‍රශ්ණය අහපු අය බොහෝ සෙයින් විස්සෝපයට පත්වේ.
එහෙත් මම ඊළඟ මොහොතේ "මොකද නැත්තෙ වෙලා තියෙනවා!" කී විට යාන්තමින් සාමාන්‍යය තත්වයට පත්වේ.

මා සයිකල් පදින්න පුරුදු වෙන කාලේ සිදුවුනු අපූරු සිදුවීමක් මාහට තාම මතකයේ පවතී.
ඒ සිද්ධිය මා මෙසේ පෙල ගස්වන්නම්!

අපේ පරම්පරාවේ බයිසිකල් කෙළිකාරයා උනේ අපේ අයියාය.
උන්නැහැ මම ඔය කියන සිද්ධිය වෙන කොට වැඩ කලේ බිංගිරියේ. 
එයා වැඩකලෙත්  තාත්තා වාගේම ෆොරස්ට් එකේ. 
ඒ කියන්නේ  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. 
නැවතිලා උන්නේ රජයේ නිළ නිවාසෙ.
ඒ කාලේ එයාව බලන්න මම එන්නෑ කියලා එකම අඬෝ වැඩියාවයි. 
එක නිවාඩු කාලෙක මමත් මගෙ ඇඳුම් කැඩුම් ටිකත් දාගෙන ගියා මුන්නැහැ එක්ක දවසක් දෙකක් ඉඳලා එන්න. 
අපේ අයියා මහ කේන්ති කාරයා. 
හොස්ස අගින් මැස්සෙකුට නෙවෙයි කෝඳුරුවෙකුටවත් යන්න බෑ එයා පරළ වෙනවා.
මම ඉතින් එහාට සම්ප්‍රාප්ත වෙලා දවසක් දෙකක් යනකොට අයියාට රාජකාරිමය වැඩකට හලාවතට යන්න උවමනාවක් ආවා.
එයා ගියේ මට පරිස්සම්ව ගෙදරටම වෙලා ඉන්න අවවාද කරලා.
බිංගිරිය කියන්නේ තරමක තැනිතලාමය  භූගෝලීය ලක්ෂණ පෙන්නුම් කෙරෙණ ගමක්.
ඒ මුළු පලාතම පිහිටියේ පොල්ත්‍රිකෝණෙ මැද්දේ බැවින් පොල් වතු යායවල් එමට.
එසේම ගම ඇතුලට දිවෙන ගුරු පාරවල් කිහිපයක්ද තිබුණා.
අපේ අයියා බොහෝ විට ගමන් බිමන් ගියේ එයාගෙ මහානර්ඝ ෆ්ලයිං පිජන් සයිකලයෙන්.
අයියා හලාවතට ගිහින් එන තුරු නිල නිවාසේ ඇතුලෙ හිටිය මගෙ හිත තිබුනේම මේ යකඩ ගොඩ සමග.
ඒක එයාගෙ නිළනිවාසෙ ඇතුලෙ විරාජ මානව මා දිහා බලාන ඉන්නවා.
හිත තදකරගෙන ඉඳලා ඉඳලා ඉන්න බැරිම උනු මොහොතක; මේක පොඩ්ඩක් පැදලා "ඉංදියාවේ හිරේ ගියත් සැපයි" කියලා හිතිලා හිත තද කර ගෙන ගේමට බැස්සා.
ඉතින් මමත් හීං සීරුවේ සයිකලේ එලියට අරං දොරපලු දෙකත් හොඳට අඩවල් කරලා පාරට කිට්ටු කලා.
ඔය කියන කාලෙ මම ඉස්කෝලෙ අට වැන්නෙ විතර ඇති.
ඒත් උස තිබුනා රිටකට පොඩ්ඩක් අඩුව වගේ.
බයිසිකලේ පාරට ඒ කියන්නේ කුරුණෑගල හලාවත ප්‍රධාන පාරට දාලා දෙතුන් විටක් එහාට මෙහාට ගිහින් බැලුවා.
බයිසිකලේ පැදෙනවා හිටු කියලා.
ඔය කාලේ ආපු ෆ්ලයිං පිජන් බයිසිකල වල ෆ්‍රී වීල් එකේ ඒ කියන්නේ දම්වැල දිවෙන පිටුපස දැති රෝදේ; දැති 20 කින් සමන් විත වුනා. 
කොග් වීල් එක දැති 44. 
ඉතින් ඕනෑම කන්දක් ගේමක් නැතිව පදින්න පුළුවන් කම තිබුනා.
අපේ අයියාගේ නිළ නිවාසේ එහෙමත් නැතිනම් ක්වාටස් එක ඉදිරියෙන් තිබුණු පාර තිබුනේ තරමක ආනතයකට.
කොටින්ම පොඩි නැග්මක් සහිතව දිග කන්දක්.
මේ නිසාම සයිකලේ කන්දට පැදලා අනිත් පැත්තට පල්ලමේ  රූමයා වගේ යන එක තමයි එකම විනෝදෙ උනේ.
ටික වේලාවක් ඔය පැදිල්ල පැදලා කන්දට පදින එක; ටික වෙන්න වාතයක් වෙමින් තිබුනු නිසා සයිකලේ පදින්නට ඊළඟට මම තෝරා ගත්තේ ගම ඇතුලට විහිදුනු ගුරු පාර.
තද මෙරූන් පාටැති ඒ පාර අයියාගේ පාලනය යටතේ තිබුණු තේක්ක වගාවක් ඔස්සේ ගම දෙසට ඈතින් ඈතට ගියා.
මම සයිකලය ගුරු පාරට ගෙන වේගයෙන් ඒ මේ අතට පදින්නාට පටන් ගත්තා.
පළමුව ප්‍රධාන පාරේ සිට කෙටි දුරක්. . . !
ඉන් පසු ඊට මදක් වැඩි දුරක්. . . . !!
ඊළඟට තවත් දුරක්. . . . . . . !!!
මෙලෙසින් වටයෙන් වටය වැඩි වන දුරින් යුතුව මා සයිකලය පදිමින් විය.
ගමක තබා අගනුවර වත් ත්‍රී වීල් නොතිබූ අවධියේ යතුරු පැදියක් වුවද ඉතා දුලබ දසුනක් වූයෙන් මාහට මගේ සතුට මට ඇවැසි පරිදි ගැනීමට බාධාවක් නොවීය.

එදින පොල දවස. 
බිංගිරිය කඩ මණ්ඩිය ආසන්නයේ පැවති පොලට පැමිණි ගැහැනුන් කිහිප දෙනෙකු හා පිරිමින් අත ලොස්සක් හැරෙණ්නට මා හට ගුරු පාරේ මෙලෝ බාධකයක් නොවීය.
 මහ පාරේ සිට ගම දෙසටත් නැවත ගම ඇතුලේ සිට මහ පාර දෙසටත් සයිකලය පදින මා හට; පොලේ සිට බඩු මලු කර පින්නා ගෙන ගෙවල් බලා යන එකම පිරිසක් පසු කර යාමත් මුහුණට මුහුණ හමුවීමත් නිරන්තරයෙන් සිදු වුනි.
තේක්ක වගාව ගම තුලට බොහෝ දුරක් විහිදුනි.
"තේක්ක වගාව" කීවාට එය විශාල ගස් වලින් හෙබි කැලෑ කුට්ටියකි.
තේක්ක ගස් වල විශාල කොල වලින් මුළු මහත්මාර්ගය මෙන්ම වන පෙතද සෙවන වී තිබුනි.
පුරවා ගත් බඩු මළු අතින් කටින් එල්ලා ගත් ගැමි ගැහැණුන්  පිරිමින් තුන් හතර දෙනෙක් මද්ධහනට කලින් ගෙදෙරට යන්නට පාර දිගේ සෙමින් සෙමෙන් ගාටමින්ය.
ඔවුන් යන්නේද දෙතුන් දෙනා ලං ලංව කියවමින්ය.
බුලත් සපමින්ය.
පාත්ත ගමනින්ය.
මේවන විට පැය භාගයකට අධික කාලයක් සයිකලය පදිමින් සිටි මා සිටියේ සයිකල් පැදීම පිළිබඳව මනා පරිචයකින් ය.
මෙය ඇත්තක්ද?
නැත ඒ සිතට දැනෙනා හැටිය.
"සයිකලය අතට හොඳට හුරුය!" මේ සිතට දැනුනු හැටිය.
මෙසේ ඒ අතටත් මේ අතටත් සයිකලය පදිමින් සිටි මා වටයෙන් වටය තේක්ක වන වගාව පසු කොට ගම තුලට අවතීර්ණ වෙමින් සිටියෙමි.
මා ඒ වන විට අධික වේගයකින් පදිමින් විය.
අවසන් වතාවට මා ගම ආසන්නයෙන් සයිකල හැර වූයේ විශාල පල්ලමක් අභියසදීය.
ගම තුල සිට ප්‍රධාන මාර්ගය දෙසට පැමිණි මා හැකි උපරීම වේගයෙන් ගම තුලට දිවුනු ගුරු පාරේ පා පැදිය ධාවනය කලෙමි. 
මගේ බලා පොරොත්තුව මා දුටු පල්ලමේ සුපිරි වේගයකින් ගමන් ගැනීමටය.
සයිකලය වංගු වලින් හැරෙමින්, කෙලින් වෙමින් වේගවත් ගමනකය.
අද මෙන් නොව එදා හිස පුරා වැවී තිබුනු කෙහෙ රැලි හුළඟේ ලෙල දෙමින්ය.
මෙතෙක් මෙම මාර්ගය ඔස්සේ ඒ අතටත් මේ අතටත් සරක්කාරං කරද්දී දුටු ගැමියන්, ගැමි ලියන් වඩ වඩාත් ගම දෙසට ලං වී සිටියහ.
පෙනෙන්නට නැත්තේ පාත්ත ගමනින්, බුලත් සපමින්, බඩු මලු හිස මත සමතුලිත කර ගනිමින්, අතක කළ පොඩියක් ගෙන ගිය බවලතී හා ඇය හා දොඩමළුව ගිය උස් ගැහැණිය පමණි.
බවලතී වයස අවුරුදු 50 ක පමණ වන්නට ඇත.

උස් ගැහැණිය ඊට තරමක් ලා බාල බවක් පෙන්නුම් කලාය.
ඊළඟ වංගුව අවසාන වන්නේ; මෙතෙක් පුල පුලා බලා සිටි ඒ අසිරිමත්මොහොත එළඹෙමින්ය.
ඔව් ඒ පෙරකී සීඝ්‍ර බෑවුමය.
පාර විහිදී තිබුනේ උස් ඉවුරු දෙකක් අතරිනි.
අවට සමතලා බිමට වැසි වැටෙන විට එම වැසි ජලය පහලට ගලා ගියේ මෙම ගුරු පාර ඔස්සේය.
එම නිසාම පටි පාරේ එක් පසක් ගැඹුරට හෑරී කාණුවක් නිර්මානය වී තිබුණි.
වංගුව අසුරු සැණින් පසුවී ගොස් පල්ලමට සෙට මෝල් වුනේ ඊ ගහක් මෙනි.
පල්ලම අඩි 50-60 ක් පමණ විය.
පල්ලමට අවතීර්ණ වී හැකි උපරීමයෙන් පදිමින් උපරීම වේගයක් සයිකලයට දෙමින් සිටි මාගෙ  නෙත ගැටුනේ පෙර කී කාන්තවන් දෙදෙනා පුරුදු ගමණින් පල්ලමේ අවසානයට කිට්ටු කරමින් සිටිනා අයුරුයි.
සයිකලය පෙර නොවූ විරූ වේගයකින් ගමනේය.
කාන්තාවන් දෙදෙනාත් මාර්ගයේ දෙපස ඉවුර ආසන්නයෙන් ගමනේය.
ඔවුන් දෙදෙනා අතරින් සයිකලය ධාවනය කිරීම මාගේ අරමුණ් විය.
ඔවුන් පසු කර යාමට තත්පරයක්  දෙකක් තිබියදී වයසින් වැඩි තරබාරු බවලතී ; හෝදා පාළුවූ මාරගයේ පසෙක වූ කාණුව මග ඇරීමට පාර මැද්දට පාවී ආවේය.
ඔබ ජීවිතයේ එක් වරක් හෝ තමා පදවන ලද වාහනයක් ක්ෂණික අනතුරකට පත්වී ඇත්නම් මෙනෙහි කොට බලන්න. 
අනතුර වලක්වා ගැනීමට තිරිංග පාගනවා වෙනුවට සිදුවන්නේ තම අත රැඳි සුක්කානම හෝ සයිකලයේ හැඬලය තමා වෙතට ඇද ගනිමින් වාහනයේ ධාවනය නවතා ලීමට උත්සාහ කිරීමයි.
මෙය කියවන විට විහිළුවක් සේ හැඟුනද බොහෝ විට සිදු වන්නේ එයයි.
මාගේ ඇස් මනා පිට එක් අවස්ථාවක දී සිදුවූ මෝටර් රථ අනතුරකදීද මෙය මා මනාව දුටුවෙමි.
මොටර් රථ පදවන විට සිදුවන ක්ෂණික අනතුරකදී; තමන් නොසිතාම සිදුවන  සිදුවන මෙම පට ලැවිල්ලේදී; සුක්කානම තමාවෙතට ඇද ගැනීමට වෙර දරද්දී ඇක්සලරේටරය නිරායාසයෙන්ම තදින් පෑගේ.
"බ්‍රේක් එක කියලා කලබලේට ඇක්සලරේටරේම පෑගුනා!' කියා පවසන්නේ මෙම ක්‍රියා දාමය යැයි මා සැක කරමි.

තවත් නිමේශයකින් සිදුවන අනතුර මග අරවා ගැනීමට මාහට බ්‍රේක් ගැසීමට සිහියක් නොවීය.
මමද කලේ හඬලය හැකි වෙර යොදා මාදෙසට ඇද සයිකලයේ ගමන නැවැත්වීමට උත්සාහ ගැනීමයි.
පරණවී ගිය චීත්ත රෙද්දකින් හා හැට්ටයකින් සැරසී සිටි තරබාරු කාන්තාවගේ සිරුරේ සමමිතික රේඛාව හා මාගේ සයිකලයේ ඉදිරිපස ටයරය හා සයිකලයේ ගමන් පථය ඒක රේඛී වෙලාය.
ඒ මා සයිකලය  පැදවූ වැරදි ආකාරයක් නිසා නොව ඇය කාණුව මග ඇරීමට ගොස් මාර්ගයේ මැදට පැමිණ ස්ථාන ගතවූ අයුරුය.
මතක් වෙන විටත් කියන්නට, ලියන්නට නොව හිතන්නට පවා බිය උපදවේ.
සයිකලයේ ඉදිරිපස ටයරය කාන්තාවගේ දෙපා අතරින්; ඇය විළි වසාගෙන සිටි චීත්තයද එයට යටින් වූ අවශේෂ වස්තරයද දෙපළු කරමින්; ලී ඉරන මඩුවක බංකු කියතක් දැව කඳක් ඉරාගෙන මතුවන්නාසේ  ගමන් ගත්තේය.
හැඬලය ඇගේ ඉඟටියේ හෝ පිට මැද්දෙ වැදී ඇය පසෙකට වීසිවී ගියේය.
සයිකලය සමග මා කරනම් ගසා බිමට වැටුනේ ඇගේ අතක තිබුනු කළය බිම වැටී සුන් බුන් වූ තැන අසලමය.
පල්ලම දිගේ තලන බටු, ඉන්නල, දෙහි තරග දිවුමේය.
බණ්ඩක්කා කරල්; වම්බොටු අත නොහැර අප අසලම තිබුනේය.
කාණුවේ පසෙක වූ පං මල්ලේ ඉතිරිව තිබුනේ වට්ටක්කා බෑයකි.
එයද ඇයට යටව ගොස් තිබුණු නිසා විය යුතුය.
එයද පැවතියේ චප්පව ගොස්; එය විකුණූ වෙළෙන්දාටවත් හඳුනාගත නොහැකි වන ලෙස විකෘථිවී ගොසින්ය. 

"මේ  (teek) කොල්ලාට මගේ රෙද්ද අස්සෙ යන්නෙ නැතිව වෙන යන්න තැනක් තිබුනෙම නැද්ද යකො .ඕ . . ඕ . . (teeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeek) "

ඇය මට මිශ්‍ර සිංහල හෝඩියෙන් අමතන්න විමි.

"(teek) අම්මේ මගෙ තුනටිය! (teeeeeeek)!!

මා ඇය දෙස කෙලින් බලන්නට වත් නොගියාට ඇය සිටින්නේ දෙපළුවී ගිය චීත්තය නිසා හිරි ඔත්ප් බිඳී ඇති  බව ඇස් කොණින් මා දුටුවෙමි.
ඇය  විළි වසා ගැනීමටවත් උත්සුක නොවී හිටි වනම සිටිමින් මාගේ දයාබර මෑණියන්ව සිහි කරමින් විය.
මා සයිකලය කෙළින් කර ගත්තේ ලෙලි ගිය දනිස්සෙන් කොර ගසමින්ය.
සයිකලයේ හැඬලය ආපසු ගෙදර යන්නට මෙන් හැරී ගොස්ය.
මා එය කෙලින් කරගන්නටවත් වෙලාව අපතේ නොහැර සයිකලයෙ බාරයට උඩින්  කකුල දමා පල්ලමේම පදින්නට විය.

වියෝග ප්‍රවේගයෙන් ගමන් ගත් මා විනාඩි ගනනකින් තවත් සෑහෙන දුරක් ගමන් කොට සයිකලය අනතුරේ ගුරුත්වාකර්ශණයෙන් ගැලවී යාමට සමත් විමි.

මාගේ දණිස් - බනිස් වාගේ ඉදිමී ඇවිත්ය.
සයිකලයෙන් බැස ඉදිරිපස රෝදය කකුල් දෙකට මැදි කොට හැඬලය යතා තත්වයට පත් කර ගත් මා එම මාර්ගයේම ඉදිරිය ට පැද මතු වූයේ; බිංගිරිය  - කුළියාපිටිය මාර්ගයෙන් ය. 
එතැන්සිට සෙමෙන් සෙමෙන් ගාටමින් පදිමින් වාසස්ථානයට පැමිණෙන විටත් අයියා පැමිණ නොසිටියේය.
වහ වහා සයිකලය හොඳින් පිසදැමූ මම අයියාගේ සරමකට ගෙවැදුනෙමි.
ඒ අනෙකක් නිසා නොව දනිස් සඟවා ගැනීමටය!
අදටත් අයියා මේ වගක් දන්නේ නැත.

ඔහු බ්ලොග් කියවන්නෙක් නොවන බැවින් එය ජීවිත කාලයටම රහසක් වේවි!
අපරාදෙ චීත්තේ!

20 comments:

  1. Hit-on ටෙක්නීක් එක ප්‍රාථමික අවදියෙනෙ.

    ReplyDelete
    Replies
    1. අහා! ඔයත් දන්නවා වෙනස! ස්තූතියි ගොඩවැදුනාට!

      Delete
  2. අපරාදේ චීත්තේ. 😂😂 යකූ හිනා වෙලා පන ගියා මේක කියවලා. මාස්ක් දාලා නිසා අනිත් උන්ට පෙන්නේ නෑ. ඒ හින්දා දැන් මේ වගේ දේවල් හිතේ හැටියට රස විදින්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔයාට විතරක් නෙවේ මටත් හිනා. වැටිලා හිටිය හැටිහරියටම ලිව්වානම් මේ පෝස්ට් එක "ඇඩල්ට්ස් ඔන්ල්ය්" වෙනවා. හිතාගන්නකෝ!~

      Delete
  3. අද වගේ කාලෙක මෙහෙම හැප්පුනා නම් ගුටි කන්න තමයි වෙන්නේ. ශුද්ධ සිංහල ඇහුවාට කනේ කලාඳුරු හොඳට සුද්ද වෙනවා මිසක් වෙනත් හානියක් නැහැනේ!
    හැත්තෑව දශකයේ විතර බිංගිරිය පොලිසිය ඉස්සරහා තේක්ක කැලේ කියලා හඳුන්වපු ලොකු තේක්ක වගාවක් තිබුනා. ඒ කාලයේ රජයේ නිල නිවාස කිහිපයකුත් පොලිසිය අසලම තිබුනා මතකයි.
    ඒ කාලේ කොළඹ හලාවත බස් ගාස්තුව 2.90 යි. කොළඹ සිට මීගමුවට 1.20 යි. මීගමුව හලාවත 1.70 යි. ගමන කඩින් කඩ ගියාට ගාස්තුව වැඩි නොවන (මා දන්නා) එකම බස් ගමන ( ඒ කාලයේ)මේකයි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි එතන තමයි තැන. ඔබට මතකද ඒ තේක්ක කාල්ල මැදින් ගම මැද්දට තිබුනු පාර? මගේ ජවනිකාවේ පසුතලය තමයි ඒ! ස්තූතියි එකසිය ගානට!

      Delete
    2. ඒ පාරට කිව්වේ නා කැලේ පාර කියලයි. මම 1973 පමණ සිට සෑහෙන කාලයක් ඔය පාර දිගේ ගිහින් තියනවා. මම "බාගේ ටිකට් එකෙන්" තනියම ගිහින් තියන වැඩිම දුර (කොට්ටාව/පිටකොටුව/හලාවත/බිංගිරිය) ඔතනයි. අපේ තාත්තා ඉහතකී කාලයේ ඔය පාරේ තේක්ක කැලේ අවසානයේ තිබුන පොල් ඉඩමක් අරගත්තා. ඒ මදිවට බිංගිරිය ඉස්කෝලෙට මාරුවකුත් හදා ගත්තා. ඒ කාලේ නම් තාත්තා ගෙදර නොඑන සති අන්ත හැම එකකදීම මම එහෙ ගියා. නමුත් යම් දේශපාලන බලපෑමක් මත තාත්තාව "වීරපොකුණ" ඉස්කෝලෙට මාරු කළා. ඉන්පසුව තාත්තා වීරපොකුනට නොගිහින්, නැවතත් හිටපු පාසැලටම (හංවැල්ල) ආපසු මාරු වෙලා ආවා. 1985 තරම් කාලයයේ ඒ ඉඩම විකුණා දමන තෙක් අඩුම තරමින් මාස දෙකකට වරක්වත් මම ඔය පාරේ ගියා. එහෙම නම් ෆොරස්ට් එකේ නිල නිවාස තිබිලා තියෙන්නෙත් පොලිසිය අසලම වෙන්න ඇති. ඒ පාරේ බයිකල් කරනම් ගහපු කෙනෙක් එක්ක අවුරුදු හතලිස් පහකට විතර පස්සේ සංවාදයක් කරන්න ලැබීමත් සතුටක්. ""ලෝකය බොහොම පුංචි තැනක්""

      Delete
    3. හරියට හරි! වීර පොකුණින් තමයි මතු උනේ! බොහොමත්ම ස්තූතියි; රසබර මතක අප හා බෙදා හදා ගත්තාට!

      Delete
  4. පව් අර දුප්පත් අම්මණ්ඩිගෙ එලවලු ටික, කළය, චීත්තය සහ හිරි ඔතප්... බැණල මදි, ගුටියකුත් දෙන්ඩ තිබ්බෙ විසේ යන්ඩ...

    පට්ට අත්දැකීම් හැබැයි ඔව්වා...

    ReplyDelete
    Replies
    1. හිරි ඔතප් ඔක්කෝම එළියෙ ඩ්‍රැකී! ඒගන ලිව්වේ නෑ මෙතෙක් බ්ලොගය තුල මා රැකගෙන ආ මගේ හිරි ඔතප් බිඳෙන බැවින්! හහ්! හහ්!! හා!!!

      Delete
  5. මගෙත් යාලුවෙක් පාරක් ඔය වගේ ගෑල්ලමයෙක්ගේ දෙපා මැද්දෙන් බයිශෑල් එකේ ඉස්ස්රහා රෝදේ යාත්‍රා කෙරෙව්වා.. වාසනවාන් ඔය වගේම “ ටීක් ටීක් “ වචන ටිකක් අතෑරියා , අපරාදේ කියන්න බෑ ඒ උනාට කාලයක් යනකල් දෙන්න බොහොම ආදරෙන් කල් ගෙව්වා , කොලුවා බූට් එක දෙනකල්...

    ReplyDelete
    Replies
    1. මා ඒ තරම් වාසනා වන්ත වූයේ නැත!????

      Delete
  6. ඕ යේස් සර්, බයිෂල් පදින්ඩ පුරුදුවෙන කාලෙ මොක හරි කමක් නෑ, අයිති කාරය කා උනත් කමක් නෑ ලොක් කොරල නැති එකක් නං.
    සරකස් සීන් මගෙත් තියනවා අදටත් අතේ පයේ විසිබල් ඩැමේජ් සමගින්.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. සයිකල පදින කාලේ සර්කස් සීන් අනිවා තියෙන්නම ඕනෙ! ඉතින් ලියමුකෝ විස්තර ඇතිව!

      Delete
  7. පව්! අර බවලතීගේ ඉණ වට රෙද්ද
    ගුරු පාරේ වැටුනම රිදුනාවත්ද
    විලි-බිය දෙකට හෙණ ගැහුවා වගෙ නේද
    'ලෙලි ගියෙ අතපයේ විතරයි!' බොරු නේද?

    ReplyDelete
    Replies
    1. ගමේ කමට ඇඳලා තිබුනේ රෙද්දයි
      ඉටත් යටින් තිබුනේ තව එක රෙද්දයි
      ටයරය නිසා සැඟවුනු දේ පරසිද්දයි
      දුටුදේ නිසා ලෙලිගිය දේ සිත රිද්දයි

      Delete
  8. Once I was told by a staff in Bingiriya NLDB farm that two of them on bicycle going very fast downhill and an elephant was standing across the road, rest of the story is somewhat the same except no 'teek teek' run for your life and look for the bicycle next day.

    ReplyDelete
  9. බයිසිකලේ රෙද්ද අස්සේ පැදල

    ReplyDelete
    Replies
    1. දැං කියලා වෙනසක් යැ?

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...