Thursday, December 26, 2019

159. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? - Diving I

වර්ණවත් හීනයක !

මම ඉස්කෝලෙ යන කාලේ; මගේ පාසලේම මට පහල පන්තිවල හිටියා මිත්‍රයින් දෙදෙනෙක් එකෙක් දැනට අමෙරිකාවේ බෝස්ටන් නුවර වෙසෙන සුජීව ද සිල්වා. 
අනෙකා දැනට බොහෝ කලක සිට මා සමග කතා බස් නවතා ඇති; කලකට පෙර මා හට සිටි විශ්වාස දායකම මිත්‍රයා - ශානක රාජකරුණා.

ශානක කලකට පෙර සේවය කලේ ගුවන් හමුදාවේ.ඔහු ගුවන් හමුදාවෙන් විශ්‍රාම යන්නේ බල ඝන නායක වරයෙක් ලෙස.  
මා දන්නා පරිදි ඔහු දැන් මහාචාර්‍ය ෂානක රාජකරුණා සේවය කරණ්නේ එක්සත් ජාතීන් හෙවත් UN එකට.

ඔහුත් මමත් මේ රටේ බොහෝ පලාත් වල; පවුල් පිටින් සංචාරය කලේ බොහෝ කාලයකට පෙරයි.

මෙසේ ගිය අවස්ථාවක; හීනියට අඩියක් කාරිය ගහලා ඉන්න වෙලාවක; ඔහු මට කී එක් වැකියක් තවමත් මට අද වාගේ මතකයි.

"මචං මේ ලෝකෙ වර්ණවත් හීන දකින්නේ කවුද කියලා දන්නවාද? - ඩයිවර්ස් ලා!"

ශානක පාසැලේ පිහිණුම් කණ්ඩායමේ සාමාජිකයෙක්. එසේම වෝටර් පෝලෝ නායක. ජීවිතාරක්ශකයෙක් නවසීලන්ත ලෝකඩ පදක්කම දිනූ.

මේ නිසාම ශානකගේත් මගේත් පැවති මිත්‍රත්වයට මේ ජලාබුජ ජීවිතයත් එක සාධකයක් වූවා යැයි කීවොත් නිවැරදියි.

කිමිදීම ගැන මා පලමුව අත් පොත් තබන්නේ ඔහු ගෙන්. scuba   කියන එකෙ තේරුමම මට ශානක කියල දීලා ඇති දහ දොලොස් වතාවක්.

"scuba කියන්නේ (self-contained underwater breathing apparatus) වගන්තියේ වචන වල මුල් අකුරු ටික එකතු කරලා." 

ශානක; මම අහන අහන පාරට කියලා දුන්නා!

මේ scuba හෙවත් self-contained underwater breathing apparatus   කියන වැකිය සිංහලට නගලා තිබුනා "කිමිදුම් කලාවේ අත්පොත" කියන මහැඟි ග්‍රන්ථය මෙරට පොත් කඩවල රාක්ක වලට ගෙන ආ ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය කිමිදුම් ශිල්පියෙකු මෙන්ම උපදේශක වරයෙකු වන ලක්ෂ්මන් මුතුකුඩ මහතා. 

එනම්: ස්ව්යං අනතර්ගත දිය යටහුස්ම ගැනීමේ උපකරණය.

Diving හෙවත් කිමිදීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කල හැකි වේ. 

ඉන් එකක් වන්නේ ස්නෝකලින්ග් Snorkeling හෙවත් මාස්ක් Mask එකක් පමණක් පැළඳ නොගැඹුරු ජලයේ කරණ කිමිදීමය. 
අප බොහෝ විට පරෙවි දූපත අසල, හික්කඩුවේදී කරණ්නේ මෙම පංතියේ කිමිදීම්ය! 
මෙහිදී අප ආශ්වාසයට අවශ්‍ය වාතය රැගෙන යාමක් කරණු නොලැබේ.

ස්නෝකලින්ග් Snorkeling - සිහින මොන්ටිසෝරිය !

එහෙත් ගැඹුරු දියේ කරණ්නාවූ කිමිදිමේ කටයුතු වලදී දිය යටදී ආශ්වාස කිරීමට වාතය; ටැංකි තුල ගබඩා කරගෙන; රැගෙන යා යුතුය. Scuba Diving යනු මෙම දෙවන හෙවත් වඩාත් සංකීර්ණ පංතියේ කිමිදීම් ය.

Scuba Diving - මීන රාශියට පිවිසීම !

කාලය සමග ඔහු ඒ පිළිඹඳව කියවීම ඇරඹුවා. ඒ වගේම ඒ ගැන ඔහු හැකි හැම විටෙකම මාවත් දැනුවත් කලා.

"පැඩී (PADI) ලයිසන් එක ගන්න ඕනෙ මචං!" වරක් ඔහු හමු උනාම මට කිව්වා. 

ඒ අපි හික්කඩුවේ කොරල් බලන්න වීදුරු පතුලක් සහිත බෝට්ටුවක ගිය ගමනකදී වගෙයි මතක.

"පැඩී (PADI) ? ඒ මොකක්ද ඒ?"  මම ඇහුවාම ශානක කියලා දුන්නා.

කිමිදීම විනෝදාශයක් කරණ බොහෝ දෙනා පෞද්ගලිකව ලඟ තබා ගන්නේ; මුහුන ආවරණය වන මාස්ක් (Mask) එක හා දෙපා ආවරණය කරණ පාවහන් හෙවත් ෆින්ස් (Fins) පමණි.

ඔක්සිජන් සිලින්ඩර හා අනෙකුත් උපාංග බොහෝ විට කුලී පදනම මත සපයා ගැනිම කරණු ලබයි.
ඒක හරියට වෙනත් රටක සිට අප රටට පැමිණෙන විදේශික සංචාරකයෙකු යාල යන්නට ලෑන්ඩ් රෝවරයක් තිස්සමහරමෙන් කුලියට ගන්නවා වගෙයි. 

මනාළියන් (ගොනාට) ඇන්දවීමේදී දාන හෝ ජසයා හා ලෙන්චිනා පැළඳි මාස්ක් නොව; 
මේ දිය යට දී ජිවිතේ ගොඩදාන මාස්ක් එකක් !


කකුල් තුනක් ඇති එකෙකුගේ ෆින්ස් හෙවත් කිමිදුම් වරළ් කුට්ටම් එකහමාරක් නොව 
විකිණීම සඳහා සාප්පුවක තබා ඇති එකම පැත්තක වරළ් තුනක් !

රියැදුරු බලපත්‍රයක් නොමැති කෙනෙකු හට වාහනයක් පැදවීම සඳහා ලබා දීම තහනම් වනවා සේම කිමිදීම සඳහා නියමිත ප්‍රමිතියේ බලපත්‍රයක් නොමැති අයෙකු වෙත කිමිදුම් උපකරණ ලබා දීමද නිති විරෝධී කටයුත්තකි.
වෙනත් රටක සිට මෙරටට පැමිණෙන සංචාරකයෙකු දේශීය මගපෙන්වන්නෙකු ගේ සහය ලබා ගන්නවා සේම;  කිසියම් ප්‍රදේශයක කිමිදීමේදී; එම ප්‍රදේශය පිළිඹඳව හොඳින් දන්නා කිමිදුම් මෙහෙය වන්නකු හෙවත් Diving Master ගේ සහය ලබා ගනියි.

එවිට එම  Diving Master විසින් තමාගේ සේවා දායකයාගේ කිමිදිම පිළිඹඳව ඇති හැකියාව තක්සේරු කරණ ප්‍රධාන නිර්නායකය වන්නේ මෙම බලපත්‍රයය.

එම බලපත්‍රයට අනුව; එම බලපත්‍ර ධාරියා හට කිමිදිය හැකි හා පලපුරුද්ද ඇති ගැඹුර පිළිඹඳ අදහසක්ද Diving Master  හට ලැබේ.

සේවා දායකයාගේ ජීවිත අවධානම හා වගකීම සහමුලින්ම දරණ Diving Master විසින් තම  සේවාදායකයා බලාපොරොත්තු වන නො එසේනම් අපේක්ෂිත කිමිදීම සඳහා ඔහු හෝ ඇය සුදුසු දැයි තීරනය කරණ්නේ මෙම බලපත්‍රය මගිනි.

මෙයට අමතරව කිමිදුම් ලොග් පොත  Diving Log Book ගින්ද තම සේවා දායකයාගේ පලපුරුද්ද පිළිඹඳව පූර්ණ වැටහීමක් ලබා ගත හැක. 

ගුවන් නියමුවන් ගේ පියාසර පැය ගණන  Flying Hours එකතුවෙමින් ගණනය කරණවා සේම කිමිදෙන්නන්ගේ කිමිදුම් පැය ගනන Diving Hours එකතු වෙමින් ගණනය කෙරෙනු ලබයි.

මෙවන් කිමිදුම් බලපත්‍ර සපයන ජාත්යන්තර සංවිධාන කිහිපයක් ඇති අතර මෙරට වඩාත් ප්‍රචලිතව ඇත්තේ; ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මූලස්ථානය පිහිටා ඇති  PADI - Professional Association of Diving Instructors  ආයතනයයි.




"මචං ඩයිවින් වල තියෙන ගෝල්ඩන් රූල් එකක් තමයි කිසි දාක තනියෙම ඩයිව් කරණ්න එපා කියන එක! විශ්වසවන්ත එකෙක්  තමයි බඩියට ගෙනියන්නේ. අපි දෙන්නාම පැඩි ගමු. එතකොට අපිට ශේප් එකේ ඩයිව් එකක් දාගෙන ඉන්න පුළුවන්!" මේ ශානකගේ ඒකාලේ තිබුණු අදහස්!

කාලය විසින් අප අතර තිබුණු හිතවත්කම් ඈත් කලත් ඔහු කාලෙකට පස්සෙ පැඩී (PADI) ලයිසන් ගත්තා කියලා මම දැක්කා එයාගෙ ප්‍රොෆයිල් එකෙන්. 

අපේ හිතවත් කම  එලෙසින්ම පැවතියානම් මම ඒ එක්කම ගනීවි.

ඒත් ඒක මගේ බකට් ලිස්ට් එකේ තිබුනු එකක්.

මම මේ බ්ලොග් එකේම ලියලා තියෙනවා ඒ අවුරුද්දේ කරණ්නට අරමුණු කරගෙන තිබුණු වැඩ වලින් එකක් ලෙස පැඩි ලයිසන් එක ගන්න බලාපොරොත්තුව හිටි බව. මට මතක විදියට "සයිකලයෙන් තල් අරණට" ලියන්න පටන් ගන්න කොට.




අප කළු ගඟ පටන් ගත්තේ 2019 මාර්තු16 දා. එතැන් පටන් තවත් බොහෝ කාලයක් ඇදුනා අවසන් අදියරය පටන් ගන්නට. මේ අතරේ තමයි මේ අවුරුද්දේ අප්‍රේල් මාසය යෙදුනේ.

හැම අවුරුද්දකම අප්‍රේල් 30 වන දින මාගේ ජීවිතයේ අමතක නොවනම දවස! ගිය අවුරුද්දේ මම හක්බෙල්ලාවක සිට හැටන් වලට සයිකලයෙන් ගියේ මේ දිනය සැමරීමට!
http://thattayagekolama.blogspot.com/2018/05/blog-post.html



අමතක නොවන හැටන් ගිය මතක !

2019 මර්තු 21 වෙනිදා රිවර් එක්ක්ස්පෙඩිශන් වට්ස් ඇප් එකතුවට  තෙශා එවා තිබුනා පණිවිඩයක්. "මම පැඩී ලසිසන් ගන්න යනවා කවුරු හරි උනන්දුද?" කියා! ඊට අමතරව ගාස්තුව  ගෙඩි රුපියල් 50,000 ක් ලෙසින්ද ස්ථානය මීගමුව කියාද වැඩිදුරටත් එහි සඳහන් වූවා.

"මේ අවුරුද්දෙ මම මාහට පිළිගන්වන උපන්දින  සමරුව පැඩී ලයිසන්ස් එක කර ගන්නට ඇත්නම් !": මම මගේ හදවතින් ඇසුවා. 
"සත්තකින්ම එය කෙතරම් හොඳ සමරුවක්ද?" හදවත කෙඳිරුවා.

මා එකෙන්ම; වට්ස් ඇප් එකතුවට උත්තර බැන්දා! " Yes "

අහලාම බලන්න බොරුද කියලා;  පොත් කියවන අයගෙ පුරුද්දක් තියෙනවා ඕනම දෙයක් ඉගෙන ගන්න, විමර්ශණය කරණ්න පටන් ගන්නකොට මුලින්ම කරණ දෙයක් තමයි ඒ විෂය ගැන ලියැවිලා තියෙන පුස්කොල පොත් වල සිට සියල්ල මේසය උඩ ගොඩ ගහ ගන්න එක. 

මොකද එතකොට එයාලට හිතෙන්න පටන් ගන්නවා "දැන් මම වැඩෙන් භාගයක් ඉවර කර ගත්තා!' කියන සහනදායී සිතුවිල්ල.

ඒත් වැඩේ පටන් ගත්තාම තමයි තේරෙණ්න ගන්නේ; "සර්පිනාවේ එක පැත්තක් ඒ කියන්නේ හුළං ගහන පැත්ත දවසකින් ඉගෙන ගෙන ඉවර කොලාට අනෙක් පැත්ත දවසෙන් ඉගෙන ගෙන් ඉවර කරණ්න බැරිවග!"


ඉතිං මේ කරණ්න යන වැඩේට අදාල මෘදු දත්ත තෙශාන්ත එකතුකරගන්න කොට මමත් එකතු කර ගත්තා  පොත් පත් කිහි පයක්. 
සමහරක් ඒ වෙන කොටත් මගේ පොත් එකතුවේ තිබුනු ඒවා. තව කිහිපයක් මරදානේ ගාමිණී හෝල් ලේඛණාගාර පරිශ්‍රයෙන් මිළදී ගත්තා.







මෙතැන් සිට දිග ඇරෙණ්නේ මමත් තෙශාන්තත් පැඩී (PADI) බලපත්‍රය ලබා ගැනීම සඳහා ගිය ගමනේ කථාවයි.


26 comments:

  1. එළ, මගේ ඩය්වින් බඩීයා....

    ReplyDelete
    Replies
    1. විස්කෝතුයි! විස්කෝතුයි!!

      Delete
  2. අනෙක් අයට නම් මම දන්නේ නැහැ. මට නම් නිඳාගත්තම පෙනෙන්නේ වර්ණවත් හීන. ඒ විතරක් නෙවෙයි, සමහර ලස්සන හීනයක් මැදදී අහම්බෙන් ඇහැරුනොත් ආයෙම නිඳාගෙන ඉතිරි කොටස බලාගන්න හැකියාවකුත් මට තිබුනා. තිබුනා කිව්වේ තවමත් තියෙනවද කියල නොදන්නා නිසයි. ඒ ගැන මම කාලෙකට ඉස්සර බ්ලොගයටත් ලිව්වා.

    ඔයා කියන වර්ණවත් හීන දැකීමේ වාසනාව මටත් අහම්බ්බෙන් උදා වුනා, පාසිකුඩා කිට්ටුව, කායන්කර්නිවලදී. අවුරුදු දහයකට කලින්. ඒ මුහුදේ ටිකක් ඈතින් කොරල් පරයක් තියෙනවා. මතුපිටින් අඩි තුන හතරක් ගැඹුරේ. අපි හතර දෙනෙක් ගියේ. එක මාස්ක් එකයි තිබ්බේ. ඉතින් ටික වෙලාවයි එක්කෙනෙකුට ලැබුනේ. ඒත්.... අමරණීය අත්දැකීමක්....

    කායන්කර්නිවල ඉඳලා පාසිකුඩා පැත්තට වෙරල දිගේ ගිහින් තනමත්තක් වතුරේ තියෙන අලංකාර කොරල් පරත් තියෙනවා!

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම පිහිණීම වගේම කිමිදීමත් සුන්දර අත්දැකීමක්. දිය යටදී තමා තම ශරීරයෙන් වෙන්වූ බවක් දැනෙනවා. ඒ දිය තුලදී ඇතිවන සැහැල්ලුව නිසා වෙන්න ඕන!

      Delete
  3. පසු ගිය දිනවල නිදහසේ බ්ලොගයක් කියවලා ප්‍රතිචාරයක් දාන්න අවස්තාවක් නොලැබීම ගැන කනගාටුයි.
    ඉහලින්ම තියන පින්තුරේ දැක්ක ගමන් මතක් උනේ රොඩ්නි ජොන්ක්ලාස් මහත්තයාවයි, රන්මුතුදූවයි.
    කොහොම උනත් තවත් රසවත් කථා මාලාවක් අපිට කියවන්න ලැබේවි.
    ලයිසන් ගත්තාට පසුව Great Barrier Reef එකේ කිමිදෙන්න වාසනාව ලැබෙන්න කියා පතමි.
    ලැබුවා වූ නත්තලත්, ලබන්නාවූ නව වසරත් සඳහා සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම Great Barrier Reef කිමිදෙන එක මගේ ජීවිතේ එක් සිහිනයක්. එන වසරේ මාර්තු 20 මම ඔය පැත්තේ එන්න හිටාන ඉන්නේ. අප්‍රේල් 20 පමන වනතුරු රැඳේවි. වසිකත් එයගේ පෙම්වතිය ශෙහානිත් උත්සාහ ගන්නවා මට ඒ අත්දැකීම ලබා දෙන්නට.බලමු පරණ පිනක් තිබුනොත්!? ඔබවත් විජේබාහු මහත්තයාවත් මුණගැසෙන්නට ඇත්නම් සතුටුයි!

      Delete
  4. ඇත්ත තමයි. ඩයිවර්ලා හැම තැනම සංචාරය කරනවානි. මෙහෙ නම් රට පුරාම. ඉන්දියාව වගේ රට ඩයිවර්ලා නම් දකුණු ඉන්දියාවේ චෙන්නායි ඉදලා එක දිගට දින සති ගනන් ගමන් කරනවානි. ඇතැමුන් දකුණු ඉන්දියාවෙන් පටං ගන්න ගමන අවසන් කරන්නේ උතුරු ඉන්දියාව හරහා නේපාලයට ගොස්, එහි අති දුෂ්කර කඳු තරණය කරමින් අති පැරණි සේද මාවතේ චීනයේ බිජිං අගනුවරට ගොසින්. එව්වා අපි වගේ අයට හිතා ගන්නවත් බැරි ගමන්. කොයිතරම් වර්ණවත් දේවල් එවැනි ගමනකදී දකිනවා ඇත්ද? කාන්තාර, හිමේ, මිටියාවතේ, කඳු පන්ති ඔස්සේ,සැතම්ම සිය දහස් ගණනක් එක දිගට දිවෙන තැනිතලා ඔස්සේ...

    ReplyDelete
    Replies
    1. අම්මපා නේන්නං!? හැබැයි හීන වැඩිවෙලා නින්ද ගියොත් තමයි අවුල නේද?

      Delete
  5. යකෝ නේවි එකේ Surveillance Ship Diving/ Clearance Diving කරපු යාලුඑක් මූට ඉන්නවා කියල අමතක වෙච්චි හැටි.. :) මටත් ඒ වුනාට PADI ලයිෂන් නෑ.. එළියේ Diving කරන්න ඕක ඕනෙමයි නේ?.. අපි ඉතින් නේවි පාට් දාල තාම හිටි ගමන් මුහුදට බහිනවා.. Snorkeling ගැන ලියපු ඔයා Skin Diving මිස් කරේ කොහොමද? මගේ තාමත් විනොදන්ශේ.. අඩි පනහ හැට ගිහින් එනවා ආතල් එකට.. දැන්නම් වේට් දාන්න වෙනවා යට යන්න.. මේක මේ බ්ලොග් එකේ ෆුල් ඉන්ටරස්ටින් සබ්ජෙක්ට් එකක් වෙනවා ඉන්සුරන්ස් එකටත් වැඩිය සුවර්..

    ReplyDelete
    Replies
    1. කාසිවත්ත මහත්තයාගෙ යාළුවෙක් වෙන්ටැ! අනේ අඩු පාඩු වෙතොත් කොමෙන්ටුවෙන්ම පොඩ්ඩක් ලියන්න. කාට කාට හරි වැදගත් වෙයිනෙ මිත්‍ර! ස්තූතියි පැමිණියාට. මේවා කරපු එවුන් කිය්න්නෙත් නෑනෙ හරියට. ඒ හින්දා මං හිතුවා දන්න දන්න දේ ගුරු මුෂ්ඨිය නැතිව ලියා තියන්න!

      Delete
    2. එයා Diving උස්තාද්.. අපි මේ ඇහින්දාස් කෝස් කෑලි කරලා.. :))) අපේ බ්‍රාන්ච් එකේ උන්ට Basic Diving අනිවාර්යයි.. මම වගේ half fucked duck කෙනෙක් ආයේ මොනවා හදන්නද ඔහේ වගේ කරන දෙයක් පිරිසිදුවට පිළිවෙලට කරන පොරකගේ.. මමත් මේ පරණ මතක අලුත් කරගන්න කියල කියවන්න හදන්නේ.. <3 <3

      Delete
    3. ඔය මම මුලින්ම කියලා තියෙන මගේ මිත්‍රයා - ශානක රාජකරුණයි කාසිවත්ත මහත්තයයි සම කාලීනයෝ. සමහරවිට කඳවල වත්තෙන් එක කිට්ටුව බිහිවූ අය වෙන්නත් පුළුවන්. ශානක හැම වෙලාවකම කියන නමක් තමයි - කාසිවත්ත කියන්නේ.

      අනේ එහෙමට පිළිවෙලක් නෑ. ඒත් ලියාගෙන යනකොට මම කාපු කට්ට වෙන එකෙකුට සෙට් නොවෙන්න; මට තේරෙණ හොඳම විදියට පෙල ගස්වලා ලියනවා.

      අනෙක ඔබතුමන්ලා වැනි පකීර්ලාගෙන් අහගෙන, පොතපත කියවගෙන, ගූගල් දෙවොලින් යම්යම් දේ උකහාගෙන ඒකට මගේ අදහස් උදහස් අත්දැකීම් කකුල් දැකීම් දාලා ගුරුවර උපදේශක මහත්වරුන් ගෙන් දැන උගත් දේ සමග පත අට එකට සිඳුවා පෙරා ගත්තු එකක්නේ මේ දාන්නේ.

      මම නොකිව්වාට ඔයා දන්නවානේ කිමිදීම හා සම්බන්ධ රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව කෙතරම් ගැඹුරුද කියලා.

      සාමාන්‍යයෙන් කෙනෙකුට හිතන්න පුළුවන් ගෑස් ටැංකියකට හුලං පුරවගෙන බහින්න පුළුවන් කියලාත්. ඒ මිත්‍යාවෙන් සමාන්‍ය අපි වගේ එවුන්ව මුදවන්න ඕනෙ.

      මම ලියන හැම එකක්ම ලියන්නේ මම කල හැම දේම අන්තිම "සාමාන්‍ය" දේ බව පෙන්වන්නටයි. හැබැයි එහි පවතින ගැඹුර මතක් කරමින්.

      ස්තූතියි!

      Delete
  6. When you have PADI and all, let me know we can go on diving trip to Great barrier reef. Meeta Wijebahu (while eating Kottu Roti)

    ReplyDelete
    Replies
    1. ආ විජේභාහු මහත්තයා. මම බැලුවා සන් නාමයකින් තොරව මේ ඇවිත් තියෙන්නේ කවුරුන්ද කියලා! ඇත්තට මගේ පොඩි සිහිනයක් ග්‍රේට් බැරියර් රීෆ් කිමිදෙන එක. ඒක මගේ Diving Log Book එක විචිත්‍ර කරාවි! බොහෝ විට මාර්තු 20 මෙහෙන් එන්න හිතාන ඉන්නේ! ස්තූතියි! kohendha kottu kanne. oba Lankawata awadha?

      Delete
  7. Yes, Still in SL, mostly in my home town. March is still cyclone season in north QLD, I guess diving is still possible. Wijebahu

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔබ කොළඹ පැත්තේ එන වෙලාවක කිව්වොත් මම එන්නම් ඔබව බැහැදකින්න!

      Delete
  8. ගොන් ප්‍රශ්නයක්ද මන්දා අය්යේ කිමිදෙන්න පීනන්න ඉගෙන ගන්න ඕනෙද ?(මන් අදහස් කරන්නේ පීනන්න දන්නේ නැති එකෙක්ට කිමිදෙන්න බැරිද කියලා.පුළුවන් පුළුවන් ඌට පීනන්න බැරි නම් ගිලෙනවා තමයි එත් වතුර යට හුස්ම ගන්න ඔක්සිජන් තියෙනවා නම් ලොකු අව්ලක් නෑ නේ )

    ReplyDelete
    Replies
    1. දුමිඳු මල්ලි මේ ලෝකෙ ඇත්තේ ගොන් උත්තර මිසක් ගොන් ප්‍රශ්න නොවේ.

      ඔබ අහන ප්‍රශ්නය අන්තිම තාර්කිකයි. එහෙත් PADI ලයිසන් එක ගන්න නම් මීටර 250 ක් පීනන්න පුළුවන් කම තිබිය යුතුය.

      මොකද දියයටදි හුස්ම ගැනීමට ඔක්සිජන් තිබුනත් දිය මතුපිටට පැමිණි පසු බෝට්ටුව වෙත පීනා යන්නට හැකියාවක් තිබිය යුතුයි.

      මොකද බොහෝ විට Diving Site පිහිටා තියෙන්නේ වෙරළෙන් තරමක් ඈත. ඉතින් බෝට්ටුවක ගිහින් එවන් තැනකින් මුහුදට බැහැලා දියයට කිමිදුනාට පසුව යළිත් දිය මතුපිටට එන කොට සමහර විට බෝට්ටුවට මීටර 100 ක පමණ දුරින් විය හැකියි. එවිට බෝට්ටුවට පිහිනා එන්නට හැකියාව තිබිය යුතුයි.

      අනෙක ඩයිවින් කියන්නේ සාමාන්‍ය ජීවිතයට එකතු වුනු දෙයක්. පිහිණීම යනු ජීවිතයේම කොටසක්. ඉතින් සෑම විටෙකම දිය යටදී කිසියම් අනතුරක් අතුරු ආන්තරාවක් සිදුවුවහොත් සියළුම කිමිදීමේ උපකරණ සියල්ල පිළිබඳව ඇති විශ්වාසයට වඩා ජීවිතය බේරා ගැනීම සඳහා විශ්වාසය තබා ගන්නේ පිහිනීම මතයි.

      මෙම කාරණා නිසායි පිහිනීම වැදගත් වන්නේ. පිහිණීම හා කිමිදීම යන කාරණා දෙක හරියට වී සහ කැවුම් වගෙයි. ස්තූතියි!

      Delete
    2. මදැයි කොලා එහෙනම් ඉතින් පීනන්න ඉගෙන ගන්නම වෙනවා .අය්යේ ඩයලොග් නොම්බරේ වැඩ නැද්දෝ.මම මැසේජ් එකක් දැම්මා

      Delete
    3. අළුත් ඩයලොග් නොම්මරයක් තියෙන්නේ. ඔයා බ්ලොග් එකට ලියන්න. මම කතා කරණ්නම්. ඔයාගෙ නොම්මරෙත් නෑ!

      Delete
  9. වතුරෙන් යට තියෙන්නේ වෙනම ලස්සනක්. යන්තම් පීනන්න පටන් ගනිද්දිම ඒක දැනුන. ඒත් දැන් වතුරකට බහින්නවත් වෙලාවක් නෑ. ගෙදර ඉන්දැද්දි නාන්න යන්නෙත් වැවකට හෝ ඇලකට.
    අන්තිමට පිජන් අයිලන්ඩ් ගිහින් මාස්ක් එකක් කුලියට ඉල්ලන් පොඩ්ඩක් වතුර යටට ගියා. එතකොට තමයි තේරුනේ ඉස්සර වගේ වතුර යට හුස්ම අල්ලන් ඉන්න බෑ කියලා. ඕන්නම් තත්පර විස්සක් හිටියැකි. රට වටේම මුහුද තිබිලත් කිමිදෙන්නෙ කීයෙන් කී දෙනාද රැල්ල පාගන එක ඇරුනම.
    ලසන්ත

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඒක වෙනමම ලෝකයක් තමයි. මමත් පිජන් අයිලන්ඩ් ස්නූර්ක්ලින් කරලා තියෙනවා. ඇත්තටම ඒක සුන්දර ස්ථානයක්. මගෙත් ජීවිතයේ ප්‍රථම කිමිදුම් අත්දකීම් ගැන ඇත්තෙන්ම ලියන්න් ඕන! ඒක රසවත් මතකයක් හැමදාටම හිතේ තියෙන. ඒ කැළණි ගඟේ.
      කොහොමටත් ඔබගේ පැමිණීමත් ලිවීමත් අගය කරමි. - ස්තූතියි, නැවතත් එන්න.

      Delete
  10. ගිය සිකුරාදා/සෙනසුරාදා මාබල් බීච්, ස්වෙට් බේ සහ චයිනා බේ ගියා

    ReplyDelete
  11. නියමයි , ඒ කියන්නේ තවත් වීර චාරිකාවක් ඉස්සරහට ලියයි වගේ ඔබතුමා .

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! ඇයි දැන් නොලියන්නේ?

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...