මාර්තු 2-3 යෙදී ඇති 90 වැනි ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමය වෙනුවෙනි !
නාලන්දාව !
නාලන්දාව !
වර්ෂය
1965 විය ~
ශ්රී ලංකාවේ බෞද්ධ අධ්යාපනයේ මුදුන් මල්කඩ බඳු වූ විද්යාලයයන් ගෙන් එකක් වූ නාලන්දාව පිහිටුවා ඒ වන විටත් දශක හතරකට ආසන්න කාලයක් එළඹ තිබුනි. කුමණ හෝ දුර්භාග්‍ය සම්පන්න හේතූන්
මත නාලන්දාවේ ගුරුවරුණ් අතර මේ කියන කාලය වන විට කිසියම් ආකාරයක කල්ලි වාදී ස්වරූපයක් නිර්මාණය වී තිබුනි. විදුහල්පති වරයා කුමණ තරාතිරමේ කෙනෙකු වුවද පාසලේ නිල නොලත් පාලකයින් වූයේ මෙම අත ලොස්සක් වූ කල්ලියයි. පාසලේ
පරිපාලනය, අධ්යාපනය, ක්රීඩා පමනක් නොව ක්රීඩා කණ්ඩායම් තේරීම් පවා එවකට සිදුවී ඇත්තේ මෙම අතලොස්සක් වූ කල්ලියේ අභිමතාර්ථයන්ට අනුව බව පැවසේ. මෙය එවකට අධ්යාපන ක්ෂේත්රයේ ප්රසිද්ධ රහසක් විය. මෙනිසාම මෙම පාසලට හිමි විශිෂ්ඨ ශ්රේණියේ විදුහල්පතිධූර පුරප්පාඩුව බොහෝ විට හිස්ව පැවතුනි.මන්ද විදුහල්පතිවරුනට තම අභිමතය පරිදි පරිපාලනය කරගෙන යෑමට; මෙම කල්ලියෙන් ඇති කරණ ඝර්ෂනය හේතුකොටගෙන විදුහල්පතින්වරුණ් නාලන්දාවට
පැමිණීමට තිබුනු අනියත බියය!
තම සිප් කිරි බී වැඩුනු දරුවන්ගෙ රුහිරු ජාතියට දායාද කල වග !
රණ විරු ස්මාරකය
මෙම
තත්වය අධ්යාපන දෙපාර්තමේන්තුවට පවා රහසක් නොවීය. මෙම තත්වය මග අරවා ගැනීම සඳහා
කාර්යශූර, එමෙන්ම නිර්භීත විදුහල්පතිවරයෙකු පත්කර යැවීමට දෙපාර්තමේන්තු බලධරයින් තීරණය කල අතර එවකට දිවයිනේ සිටි තරුණ ජවයකින් යුත් විදුහල්පතිවරුණ් කිහිපදෙනෙකු ප්රධාන කාර්යාලයට කැඳවා මෙම අභියෝගය ඉදිරිපත් කලහ. එහෙත් මෙම අභියෝගය බාරගත්තේ ගුණපාල වික්රමරත්න නමැති ධෛර්ය සම්පන්න මිනිසා පමණි. මීට කෙටි කලකට පෙර අප අතරිණ් වියෝවූ එම අයෝමය මිනිසා නොසිටින්නට නාලන්දාව වැසීගොස් හෝ පාසැල් දෙකකට කැඩී ගොස් බොහෝ කලකි.
ගුණපාල වික්රමරත්න නමැති ධෛර්ය සම්පන්න මිනිසා
මෙම විදුහල්පතිවරයාට තම කාර්යය සාර්ථකව ඉටුකරගෙන යාම සඳහා කිසියම් අස්වැසිල්ලක් ලබාදෙනුවස්; දෙපාර්තමේන්තු බලධරයින් විසින් පාසලේ මුළු මහත් කාර්යය මණ්ඩලයම ඉවත්කොට අළුතින් ගුරු මණ්ඩලයක් පත්කර දීමට තීරණය කොට තිබුනි. එහෙත් එම තීරණය අනුමත නොකල වික්රමරත්නයෝ කිසිදු ගුරුවරයෙකු හෝ සේවකයෙකු ඉවත් නොකිරීමට දෙපාර්තමේන්තු නිළධරයින් එකඟ කරවා ගෙන සටනට බටහ!
ෆොන්සේකා
මහතා හමුදාවේ සිටි පමණින් දිනූ යුද්ධයක් නොමැත. ඔහු විශ්රාම ගැනීමට ගියේ එම පසුතැවීම සමගය. එසේම ඝොඨාභය මහතා හමුදාවේ සිටි කාලය තුල දිනූ යුද්ධයක්ද නොමැත. ඔහු හමුදා සේවයෙන් විශ්රාම ගොස් මෙරටින්ද ඈත්වන්නේ එම පසු තැවීම සමග විය යුතුය. එහෙත් ඝෝඨාභය
ආරක්ෂක ලේකම් වූ සැනින් විශ්රාම සයිකලයේ පෙඩලයට කකුල තබා සිටි ෆොන්සේකාව නවතා ගත්තේය. මේ දෙදෙනාගේම සුසංයෝගය එල්ටීටීය බිමහෙලන්නට සමත්විය. මේ සංග්රාම භූමියේ හැටිය!
සටනකදී
ඕනෑම සෙන්පතියෙකු ක්රියා කරණ ආකාරයට වික්රමරත්න මහතාද පලමුව කලේ; පිළිමළුන්ගේ එඩි බලය මැණිය හැකි,මැඩිය හැකි, මැකිය හැකි දෙවැනි පෙල පෙරමුණක් සාදා සන්නාහ සන්නද්ධ වීමය. එවකට
නෙල්සන් මෙන්ඩිස් මහතා සේවය කලේ අම්බලන්ගොඩ ධර්මාශෝකයේය. කොටින්ම තම ගමේ පාසලේය. ඒවන විට වයස 12න් පහල සිට ක්රිකට් කණ්ඩායම් කිහිපයක් පෙලගස්වමින් සිටි මෙන්ඩිස් මහතාට; ඔහුගේ ගුරු තුමෙකුද වූ මේජර් කේ. ටී. එස්. ද සිල්වා මහතා වෙතින් තැපැල් පතක් ලැබුනේය. එවකට එතුමා එනම් සිල්වා මහතා ආනන්දයේ සේවය කල අතර අප මේ වන විට දන්නා හඳුනන; නාලන්දාවේ; ගුණපාල වික්රමරත්නයන් ගේ අවශ්යතාවයක් එම තැපැල් පතේ පෙල ගස්වා තිබුනි. එනම් ඒවන විට නාලන්දාවේ ක්රිකට් ක්රීඩාව භාර ආචාර්යය ධූරය හා කෙඩෙට් කණ්ඩායම භාර නිළධාරි තනතුර පුරප්පාඩුවී ඇති අතර මෙන්ඩිස් මහතා කැමති වේ නම් එම තනතුරු භාර ගැනීමට හැකි බවත්ය.
තණ නිල්ල මැද තණ තිල්ල
මෙජර්
සිල්වා මහතාගේ ඉල්ලීම; මෙන්ඩිස් මහතාහට එක එල්ලේ ඉවත දැමිය හැකි එකක් නොවීය.එසේම දැනට බිජුවට වපුරා ඇති ධර්මාශෝක කෙත දමා යන්නටද කිසිදු
ලෙසකින් හිත හදා ගන්නට නොහැක! මෙසේ දෙලොවක් අතර සිටි මෙන්ඩිස් පහතා හට තම දෙමව්පියන් ලබාදුන් උපදෙස වූයේ; රටේ එවකටද නමක් දිනා ගත් නාලන්දාව වෙත සිය සේවය ලබාදීමෙන් තමන්ගේ අනාගතයද වඩාත් ආලෝකමත්වීමේ වැඩි ඉඩකඩක් ඇති බවය.
ඒ කාලෙ කොහොම ඉන්න ඇත්ද?
දෙමටගොඩ සංඝදාස මුදලාලිගේ පුතාට වත් අඹරුණේ නැති
අඩු වැඩි නැති - අවුන්ස දාසයේ ඔරිජිනල් රාත්තල !
මෙන්ඩිස් සර්!
එවකට
23 වැනි වියේ; බද්‍ර යෞවනයේ සිටි නෙල්සන් මෙන්ඩිස් මහතා 1965 වසරේ සැප්තැම්බර් පලමු වැනිදා නාලන්දාවේඅ වැඩ භාර ගත්තේය!
ගුණපාල
වික්රමරත්න මහතාගේ පලමු අව්ශ්යතාවය වූයේ අවුරුදු 12 න් පහල කණ්ඩායම පිළිසකර කර ප්රථිසංවිධානය කොට ප්රථිෂ්ඨාපනය කිරීමය. නෙල්සන් මෙන්ඩිස් මහතා වැඩේට අත ගැසුවේය.පලමුව කණ්ඩායම් සංචිතය මුණගැසුනේය. ඒවන විටද එම කණ්ඩායමට නායකයෙකු පත්කර තිබුනි. එහෙත් එම කුඩා දරුවාගේ ඊට කැමැත්තක් නොවීය. ඔහු තුල නායකත්වය දැරීමට ඇවැසි විශ්වසනීයත්වයක් නොපැවතෙන්නට ඇති. එනිසාම ඔහු මෙන්ඩිස් මහතා වෙත පැමින; තමාට කණ්ඩායම මෙහෙය වීමේ වගකීම දැරීමට අපහසුබව මෙන්ඩිස් මහතා පුදුමයට පත්කරවමින් කීය.
ඒ
වන විටද කණ්ඩායම තුල සිටි පුංචි කොළුවෙකු මෙන්ඩිස් මහතාගේ සිත පැහැර ගැනීමට සමත්වී සිටියේය. එහෙත්
ඔහුව එකවරම නායකත්වයට පත් නොකොට මුළු සංචිතයම කණ්ඩායම් දෙකකට වෙන් කොට එක් කණ්ඩායමකට නායකත්වය වෙනත්
දරුවෙකු වෙත පවරා අනෙක් කණ්ඩායම පෙරකී පුංචි කොළුවා වෙතට යොමු කොට ක්රිකට් තරගයක් පැවැත්වීය. එම තරගය අවසන් වූයේ එම පුංචි කොළුවා නායකත්වයේ හිඳුවාලමිනි. ඔහු ඉතා කෙටි කලකදී සියල්ලන් පරයමින් නැගී සිටිමින් විය. තවත් කලක් ගතවෙත්ම පාසලේ 14න් පහල කණ්ඩායමද මෙහෙය වීය. එවකට පාසැල් වල 16න් පහල කණ්ඩායමක්ද විය. 14න් පහල කණ්ඩායම කොට කලිසම් සමග ක්රීඩා කල අතර 16න් පහල කණ්ඩායම් සාමාජිකයින් ක්රීඩා කලේ දිග කලිසමකින් සැරසීමෙන්ය. එක්
දිනක් තමන්ගේ කොට කලිසමින් සැරසී 14න් පහල කණ්ඩායම මෙහෙයවන මෙම දරුවා තවත් දිනෙක; පාසැලේ නිවස්නයේ තම මිතුරෙකුගෙන් ඉල්ලාගත් දිගු කලිසමකින් සැරසී 16න් පහල කණ්ඩායම සමග පිටියට බසී!
එවකට
පාසැලේ පළමු පෙළ කණ්ඩායම භාරව සිටියේ ජෙරී ගුණරත්න නමැති නම් දැරූ පුහුණු කරුය. දිනක් සන්ධ්යාවේ ක්රීඩා පිටියට පැමිණි මෙන්ඩිස් මහතා දුටුවේ ජෙරී ගුණරත්න මහතා කිසියම් කරුණක් පිළිබඳව දැඩි කල්පණාවක සිටින බවය. ඔහුවෙත ගිය මෙන්ඩිස් මහතා හට දැන ගන්නට ලබුනේ පලමු පෙල කණ්ඩායමේ නායක හා ආරම්භක පිතිකරු තදින් රෝගාතුර වීම නිසා පසුදින මොරටුවේ වේල්ස් කුමර විදුහල සමග පැවැත්වීමට නියමිතව ඇති තරගය සඳහා ආරම්භක පිතිකරුවෙකු නොමැති බවය. මාගේ මතකය නිවැරදිනම් එකල පාසලේ ප්රධාන ක්රිකට් කණ්ඩායම 19න් පහල නොව 21 න් පහල කණ්ඩයමය! (සදොස් නම් නිදොස්කරණු මැන!)
එයට පිළිතුරු ලෙස මෙන්ඩිස් මහතා; ජෙරී ගුණරත්න මහතා හට පැවසුවේ තමාහට
ආරම්භක පිතිකරුවෙකු ලබා දිය හැකි බවය! එම පිළිතුරෙණ් ජෙරී ගුණරත්න මහතා විෂිප්ත විය. මන්ද එවකටද මෙන්ඩිස් මහතා හට භාරව තිබුනේ 14න් පහල කණ්ඩායම හා 16න් පහල කණ්ඩායම පමණක් වීම කරණකොට ගෙනය!
අපගේ
පුංචි වීරයා එයට දින කිහිපයකට පෙර මහනුවර සිල්වෙස්ටර් විදුහලට එදිරිව 14න් පහල තරගයකදී ශතකයක් රැස් කරගෙන සිටි අතර එදින තම පුහුණුවීම අවසන් කොට අත් වැසුම් හා පා ආවරණ ඉවත් කොට සිටියේය. මෙන්ඩිස් මහතාගේ කැඳවීමට අනුව ඔහු නැවතත් පිතිකරණයට සූදානම්ව පිටිය මැදට පැමිණියේය. ඒවන විට පසුදින තරගය සඳහා පළමු පෙල කණ්ඩායම පුහුණුවීම වල නිරත වෙමින් සිටියෝය.පිටිය මැදට පැමිනි අපගේ වීරයා නොබියව හා ඉතා සැලකිල්ලෙන් යුතුව "අයියලාගේ" පන්දුවලට මුහුණ දුන්නේය.ඔහුගේ බුහුටි ක්රීඩා විලාශය දුටු ජෙරී ගුණරත්නයන් කොළුවා පසෙකට කඳවා; තමා වේග පන්දුවලට බය දැයි විමසීය. කොළුවා හිස දෙපසට වනා එය ප්රථික්ෂේප කලේය. ජෙරී ගුණරත්නයන්ගේ ඊළඟ පැනය එල්ල වූයේ මෙන්ඩිස් මහතා වෙතය.
"මෙච්චර
කාලයක් මේ ලමයා කොහේද හිටියේ . . ?"
ජෙරී
ගුණරත්න මහතා විසින්ද පන්දු කිහිපයක් ඔහු වෙත යොමු කොට පසුදින තරගය සඳහා කොළුවාව කණ්ඩායමට ඇතුළු කර ගත්තේය!
පළමු
දින එළැඹුනි. තරගය ඇරඹුනි! තරගය නිමාවන විට නාලන්දාවේ ආරම්ඹක පිතිකරු ගේ නම ඉදිරියෙ ශතකයක් සටහන් කර තැබීමට මෙම වයස අවුරුදු 14 පුංචි කොළුවා සමත් විය!
එදින
මොරටුව වේල්ස් කුමර පිටිය වර්ණවත් කලේ අන් කිසිවෙකුත් නොව බන්ධුල වර්ණපුරය!
අයියලා කොර කල කල !
අදමෙන්
ආරක්ෂක හිස්වැසුම් නොතිබූ එවන් යුගයක වයස අවුරුදු 14 දී පාසලේ පළමු පෙල කණ්ඩායම නියෝජනය කලේය. තවත්
අහක ගිය ක්රීඩකයෙකු වන්නට ගිය වර්ණපුර
හඳුනාගත් නෙල්සන් මෙන්ඩිස් මහතා එතැනින් ඉදිරියට
කතාව මා ඉදිරියේ; CCC ක්රීඩා පිටියේදී මීට වසර 15 කට පමණ පෙර පැවසූ අයුරු මෙසේය.
"මේ
වෙලාවේ මට මතක් වෙන තවත් දෙයක් තියෙනවා. ඒ; ඒකාලෙ ස්පෙශලිස්ට් කෙනෙක් වුනු ඩොක්ටර් ෆර්නෑන්ඩු ආවා දවසක් මාව හම්බෙන්න. ඒ වර්ණපුරගේ තාත්තා. බන්ධු; වර්ණපුර උනේ අම්මගේ නමින්. බන්ධුගේ අයියා සරත් ෆර්නෑන්ඩු ෆොරෙස්ට් ඩිපාර්ට්මන්ට් එකේ වැඩකලේ.
මේ
තත්තා මාව හම්බෙන්න ආවෙ බන්ධුලව අන්ඩර් ටුවෙල්ව් ටීම් එකට සිලෙක්ට් කරගත්තු කාලෙමයි.ඩොක්ටර් ඇවිත් තියෙන්නේ; අවුරුදු දෙකක්ම ප්රැක්ටිසස් ආවත් ටීම් එකට සිලෙක්ට් කරගත්තු නැති එයාගෙ පුතාව නාලන්දෙන් අස් කරගෙන ගිහින් සෙන් පීටර්ස් එකට දාන්න්! නමුත් ඔය කාලෙ සෙන් පීටර්ස් එකට බෞද්ධ ලමයින්ව ගන්නෙ නැති හින්දා බන්ධුල නාලන්දෙම රැඳුනා.ඊළඟට බන්ධුලගේ තාත්තා කරල තියෙන්නේ ආනන්දෙට ගිහින් බන්ධුලව ආනන්දෙට දාන්න ට්රයි කරලා. මොකද බන්ධුගේ අයියා ඒ වෙන කොටත් හිටියෙ ආනන්දෙ. ඒත් ආනන්දෙ ප්රින්සිපල් කැමති වෙලා නෑ නාලන්දෙ ලමයෙක්ව; නාලන්දෙ ප්‍රින්සිපල්ට - මිස්ටර් වික්‍රමරත්නට නොකියා ගන්න. "
කෙසේ
වෙතත් බන්ධුල වර්ණපුරගේ පියා තම දරුවාව තමාට ඇවැසි පාසල වෙත යොමුකර ගැනීමට නොහැකිවී අවාසනාවන්ත තත්වයකට මුහුණ දුන්නද; නාලන්දය ඊට දශක දෙකකට පසු ශ්රී ලංකාවේ ප්රථම ටෙස්ට් නායකයා තම කුසින් බිහිකිරීමට වාසනා වන්ත විය. වඩාත් වැදගත් ප්රශ්න දෙකකි. ඉන් පලමු වැන්න ජෙරී ගුණරත්නයන්; බන්ධුලගේ ක්රීඩා කෞෂල්යය හඳුනාගත් දිනයේ මෙන්ඩිස් මහතාගෙන් විමසූ පැනයය.
"මෙච්චර
කාලයක් මේ ලමයා කොහෙද හිටියේ . . . ?"
වසර
දෙකකට අධික කාලයක් මෙම දරුවා බංකුවේ වාඩිකර තැබීමේ ගෞරවය හිමිවන්නේ ඊට කලකට පෙර නාලන්දාවට අරක්ගෙන තිබුනු කල්ලියය!
අද මෙන් දන්නා දෙයයි නොදන්නා දෙයයි සියල්ල ගැන කියවන්නට නොගොස්
දන්නා කිරිකැට් කිරීඩාව පමනක් කල කාලේ!
ශ්රී ලංකාවට ටෙස්ට් තත්වය හිමිවන්නේ කිම් හියුස්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්රේලියානු කණ්ඩායම මෙරටට පැමින බන්ධුගේ කණ්ඩායමෙන් මදි නොකියන්න වළඳා ආපසු ගම් බිම් බලා යෑම සමගය. එවකට ක්රීඩා විචාරකයෙකු පුවත් පතකට ලියා තිබූ වදන් මට අද මෙන්ම මතකය. එය මෙසේය: "බන්ධුල වර්ණපුර නායකත්වයේ ඉණිමක් ක්රීඩා කරමින් ලබා ගත් ශතකයෙන් එතෙක්
ශ්රී ලංකාවට වැසී තිබුනු ටෙස්ට් දොරටුව දෙදරවා ලීමට සමත් විය!" (මෙම තරගයේදී බන්ධුල වර්ණපුර ලකුණු 107 ක් වාර්ථා කලේය.)
දෙවැනි ප්රශ්නය:
එය
කෙසේ වෙතත් ශ්රී ලංකා කණ්ඩායමට ප්රථම නායකයා සැපයීමේ ගෞර්වය හිමිවිය යුත්තේ
1. එවකට
නාලන්දාවේ සිටි අගතිගාමී කල්ලිය වෙතය.
2. නව
විදුහල් පතිවරයෙකු පත් කල අධ්යාපන බලධරයන් වෙතය.
3. අභීත
නායකත්වයක් විදුහලට සැපයූ ගුණපාල වික්රමරත්නයන් වෙතය.
4. නාලන්දාවේ
පුරප්පාඩුව පිළිබඳව මෙන්ඩිස් මහතාට දැන්වූ සිල්වා මහතා වෙතය.
5. නාලන්දාවට
පමිණෙන ලෙස අවවාද දුන් මෙන්ඩිස් දෙමාපියන් වෙතය.
6. බන්ධුලව
පලමුව හඳුනාගත් නෙල්සන් මෙන්ඩිස් මහතා වෙතය.
7. බන්ධුලව
පළමු පෙල කණ්ඩායමට ඇතුලත් කර ගත් ජෙරී ගුනරත්න මහතා වෙතය.
8. එවකට
සිටි ශ්රී ලංකා ක්රිකට් බලධරයින් වෙතය.
මෙයට
පිළිතුරු සැපයීමට ඇති ව්යාකූලත්වය සේම අලකලංචියකට; යුද්ධය ඉවර කලේ කවුරුන්ද කියන පැනයට පිළිතුරු සෙවීමේදීද පත්වනවානම් මෙරට කෙතරම් සොඳුරු වේද?
මුල් කාලයේ තිබූ දහසකුත් එකක් අභියෝග මැද
ගලක් වන්ව . !