Wednesday, January 9, 2019

121. සයිකලයෙන් තල් අරණට . . . . 9


සියල් සතහට සෙවන සදමින් - නොවේ වෙනසක් ජාති ආගම්
දකුණින් ආවත් උතුරේ සිටියත්

ආනා රෙස්ට් පිහිටියේ A 9 මාර්ගයේ වම් පසය. එය පිහිටියේද තරමක හුදෙකලා පෙදෙසකය. මාර්ගයට සාපේක්ෂව තරමක උස් බිමක එය පිහිටා තිබුනේය.අපගේ කාමරය තිබුනේ එහි වම්පස කොටසේය. ආනා රෙස්ට් පිහිටියේ A 9 මාර්ගයේ වම් පසය. එය පිහිටියේද තරමක හුදෙකලා පෙදෙසකය.  අපට  ලැබී තිබුනේ කොරිඩෝරයකට මුහුන ලා; මුල් කෙලවරේ පිහිටි විශාල කාමරයකි. එහි තිදෙනෙකු හට සුව පහසුවෙන් ගත කිරීමට අවශ්‍ය සියළු දේ සකසා තිබුනි.යාබද  නාන කාමරයද හදිසි අවශ්‍යතාවයකදී ඩබල් ඇඳක් වුව දැමීමට හැකිතරම් ඉඩ පාඩුව සාදා තිබුනි. පලමුව නා  ගැනීමට එහි ගිය මාහට එහි සුවිශාලත්වය මහත් සේ අසීරුවක් විය. එය  දැනුනේ ගෙදරක සාලය මැද නිරුවතින්  සිටිනවා වැනි හැඟීමකි!


 පරිසරය පුරා පැවතියේ උනුසුම් කාලගුණික තත්වයකි. අප  එහි  ලඟා වුනු සැනින් නිකංම සිටියේ නැත. අප තරඟයට මෙන් පුෂ් අප් (Push Ups) ගැසුවෙමු. ඒ "විසේ ඇති ඌරෝ රෑ දවල් දෙකෙහිම හාරති !" යන්න නැවත වතාවක් තහවුරු කරමින්ය.


මළ කෙළි හා ජිම් කෙලි . . . !

හොඳින් ස්නානය කිරීමත් සමග  එන්ජිම බොහෝ සෙයින් යතා තත්වයට පත් වුනි. මා මීට පෙර මධූ තුලින්ද මෙවර නිශාන් තුලින්ද දුටු සුවිෂේශත්වයක් වූයේ ඉතා ඉක්මනින්  යතා තත්වයට පත්වන සිරුරු වලට ඔවුන් හිමිකම් කීමයි. කලක් තිස්සේ සයිකල් පැදීම දෛනික කටයුත්තක් කර ගත් මා මෙන් නොව ඉඳ හිට සයිකල් පදින ඔවුන් තුලින් දුටු එම ශක්තිමත් භාවය නො එසේනම් දරා ගැනීමේ හැකියාව මා හට මහත් අස්වැසිල්ලක් වූවේය.
 වසික තුලින්ද මා එම තත්වය දැක ඇත. ඔහුද වසරකටත් අධික කාලයක් සයිකලය පදිනවා තබා තල්ලු කර වත් නො සිට; මෙයට මාස ගනනාවකට පෙර; පසුගිය වසරේ ජුනි මාසයේදී මමත් මධූත් සමග එක් දිනකින් කිලෝමීටර 200 ක් ගෙවා පොළොන්නරුවට පැදගිය ආකාරයද ආකර්ශණීයය. වසික පසුව මාහට වීරාභිවන්දනයෙන් යුතුව කීවේ " පදින එක අමාරු උනාට මට බලු හති තිබුනේ නෑනේ!?" කියාය.


වසික මෙහෙම හිටියේ නෑ තමයි .
ඇති වැඩකුත් නැති - හෙමින් ගමනකුත් නැති , කච්චිය පිච්චියට ගියත් රෙදි නොඅඳින බල්ලා; ගම වටේම දුව ඇවිද ගෙදර ඉස්තෝප්පුවට ගොඩවී දිව යාරයක් පමන එලියට  ඇද දමාගෙන මුළු ඇඟම රිද්මයකට හොල්ලමින් හති අරිණ ආකාරයක් මා වසික කෙරෙණ් නොදුටු බව සැබවි. මා එය හඳුනා ගත්තේ ඔහුගේ සුවිශේෂීත්වයකට වඩා ජානමය ප්‍රාථිහාර්යයක් ලෙසය!

මෙය දරා ගැනීමේ හැකියාව නොවේ. දරා ගැනීමේ හැකියාව හෙවත් සහිෂ්නුතා බලය අර්ථ දැක්වෙන ඉංග්‍රීසි වචන දෙකක් භාවිතයේ යෙදේ. ඉන් එකක් එන්ඩියුරන්ස් (Endurance) වන අතර අනෙක ස්ටැමිනා (Stamina) ය. නමුත් මෙම ඉක්මනින් යතා තත්වයට පත්වීම හෙවත් ප්‍රථිප්‍රාප්තිය හැඳින් වීමට ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන්නේ රිකවර් (Recover) යන වචනයයි.
එය එසේ වන්නේ සිරුරේ කුමන ඉන්ද්‍රියක හෝ සිරුර ගොඩනැගීමේදී එහි ව්‍යූහයේ ඇතිවන වෙනස් කමක් නිසා දැයි මා නොදනිමි. දිගු දුර ධාවකයින්, හා දිගු දුර පිහිනුම් කරුවන්ගේ පෙනහැළි සාපේක්ෂව විශාල බව මා අසා ඇත. එමගින් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් සිරුර තුල රඳවා තබා ගනිමින් සෛල පෝෂනය කල හැකි වේ.




දිවි දෙවෙනි කල දිවුම . . . . . !

අප අසා ඇති මහා ධාවකයා වන්නේ ක්‍රිස්තු පූර්ව 490 කාලයේ විසූ පීඩි පීඩියස් (Pheidippides) ය. ඔහු මැරතන් නගරයේ සිට ඇතෑන්ස් නගරය තෙක් කිලෝමීටර 42 ක දුරක් දුව විත් මැරතන් සටනෙන් ජයගත් බව පවසා මැරී වැටී ඇත. ග්‍රීක ඉතිහාසඥ්ඥ හෙරඩෝටස් (Herodotus) විසින් පිලිපිඩියස් (Pheidippides) නම් සොල්දාදුවෙකු ගැන සඳහන් කරයි. ඔහු ඇතෑන්ස් හා ස්පාටා නගරය අතර කිලෝමීටර 240 ක දුරක් දිව ගොස් නැවත පැමිණ ඇත! මේ එකම අයෙකු ගැනයැයි මතයක් පවති!



අපි දිනුව මචාං . . . . !


The name Marathon comes from the legend of Philippides or phedippides, the Greek messenger. The legend states that he was sent from the battlefield of Marathon to Athens to announce that Persians had been defeated in the Battle of Marathon (in which he had just fought), which took place in August or September, 490 BC.It is said that he run the entire distance without stopping and burst the assembly, exclaiming “We have won” before collapsing and dying.

The account of the run from Marathon to Athens first appears in Plutarch’s On the Glory of Athens in 1st century AD, which quotes from Heraclides Ponticus’s lost work, giving the runner’s name as either Thersipus of Erchius or Eucles.

Satirist Lucian of Samosata (2nd century AD) first gives an account closest to the modern version of the story, but is writing tung in cheek, and also names the runner Philippides (not pheidippides).

There is debate about the the historical accuracy of this legend. The Greek historian Herodotus, the main source for the Greco-Persian Wars, mentions Philippides as the messenger who ran from Athens to Sparta asking for help, and then ran back, a distance of over 240 kilometres (150 miles) each way. In some Herodotus manuscripts, the name of the runner between Athens and Sparta is given as Philippides. Herodotus makes no mention of a messenger sent from Marathon to Athens, and relates that the main parts of the Athenian army, having fought and won the gruelling battle, and fearing a naval raid by the Persian fleet against an undefended Athens, marched quickly back from the battle to Athens, arriving same day!


දුකින් උපත ලද - දුකින්ම ජය ගෙන - දුකින්ම හැරගිය . . . !
කෙන්යාවේ අබාබේ බිඛිලාද පසුගිය සියවසේ මහා ධාවකයෙකු විය.  පසු කලෙක තනම් උත්තේජක ගැනීමේ චෝදනාවට ලක්  වුනද; පිට පිට හත් වතාවක් ප්‍රංශ සවාරිය (Tour de France) සයිකල් තරඟය ජයගත් ලාන්ස් ආම්ස්ට්‍රොංද මාගේ සිත් සතන් පැහැර ගත් වීරයෙකි. ඔහු තහනම් උත්තේජක ගත් බව පිළිගැනීමට අදද මාගේ යටි සිත ඉඩ නොදේ!


හරි!  උත්තේජක ගත්තා තමයි! ඇයි ඒත්  උඹලා අමතක කලේ මගේ පිළිකාව?

මෙවන් ආශ්චර්යයන් කල හැකි මිනිසුන් බිහි වන්නේ ඔවුන් තුල උපතින් ගෙන ආ ව්‍යූහාත්මක වෙනස් කම් නිසාය. ලෙනින්ගේ මොළය සමකාලීන ගොවියෙකුගේ මොළයට වඩා විශාලව පිහිටියේ යැයි මා කියවා ඇත.



මොළේ ඇතැයි ෂුවර් කර ගත් පසු . . .!
1818 වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් මොණරවිල කැප්පෙටිපොල විරුවාගේ හිසද මහා බ්‍රිතාන්යට ගෙන ගොස් පිරික්සූ බවක් කියැවේ. ඒ; තමා අත තිබූ දියුණු අවි ආයුධ සතුරා හට භාර දී පාරම්පරික ආයුධ වලින් සටන් කිරීමට ගොස් හිස නැතිකර ගැනීමට තරම් ඔහු මුග්ද වූයේ මන්දැයි සොයා බැලීමට නොව ඔහුගේ පැවති ධීර වීර භාවය පිළිබඳව උපන් වික්ෂිප්ත භාවයේ කුහුළ මැඩ පවත්වා ගැනීමට බව පැරැණ්නෝ පවසති.
දැනට එම හිස මහනුවර දළදා මාලිගාව අභියස පිහිටි අනුස්මරණ කුළුන පතුලේ තැන්පත් කොට ඇත!
එකල තිබුනු ජාතිකත්වය මත පිහිටා කැප්පැටිපොල එසේ කිරීම ගැන අප කලබල විය යුතු නොවන්නේ ප්‍රේමදාස මහතා හටද එවන්ම චෝදනාවක් ඇති බැවින්ය.  ලෝක පූජිත පන්දු යවන්නා මුරළිගේ අතෙහි සුවිශේෂී වෙනසක් පවතී ලෝක පූජිත පන්දු යවන්නා මුරළිගේ අතෙහි සුවිශේෂී වෙනසක් පවතී.
" ඉතිං ඒ අත ඇදයි නං; අනිතත්  අතිං දාහං කො අපිට වද නොදී ! " 
සමහර මිනිසුන් අත් මිට මෙලවූවිට පිටි අත්ලේ රුධිර වාහිනී කිසියම් රටාවකට පිහිටයි.එය වක්‍රයක හැඩය ගනී. මෙය හඳුන්වන්නේ "නයි පෙනය" ලෙසය. එවන් අතකින් එල්ල කරණ පහර බොහෝ හානි දායක බව පැරැණ්නන් අතර විශ්වාසයක පවතී! හක්බෙල්ලාවක් විසූ ශ්‍රීලාල් රංජිත් හෙවත් සිරිල්ගේ දෑතෙහිම නයි පෙන පිහිටා තිබුනි. ඔහු විසල් ගොන් නාම්බන්  වුවද මෙල්ල කරණ්නේ අතින් පහර දීමෙනි! එසේ පහර කෑ ගවයින් මහත් අසීරුවෙන් වේදනාව විඳගන්නවා මා දැක ඇත.



මේ වක්‍රය ව්යායාම හා වෙනත් උපක්‍රම මගින් වැඩි කර ගත හැක !
වරක් මා වසිකව කැටිව ; ක්‍රීඩා වෛද්‍ය සීවලී වික්‍රමනායක මහතා හමුවීමට ගිය විටෙක පාදයේ විලුඹ හා ඇඟිලි අතර පිහිටන වක්‍රය; ධාවකයෙකුගේ ක්‍රීඩා ශීලීත්වයට බල පාන අයූරු විසතර කල හැටි මතකයට පැමිණේ. එම හැඩය  වඩාත් වක්‍රව පිහිටීම ධාවකයෙකු හට වාසියකි. පය බිම වැදෙත්ම ඇතිවන කම්පනය අවශෝෂනය කරගනු ලබන්නේ මෙම වක්‍රයෙනි! එය වටා ඇති අස්ථි වියමන කම්පන පරිමන්දකයක් ලෙස ක්‍රියා කරණු ලබයි!
එහෙත් සමහර මෙවන් විශ්මිත දේ පහදාලීමට වෛද්‍ය විද්‍යාව පවා අපොහොසත්ය.
මීට දශක ගනනාවකට පෙර; උසස් පෙළ සත්ව විද්‍යාව උපකාරක පංති පැවත්වූ එච් ආර් නෝනිස් මහතා පැවසූ බව කියැවෙන කතාවක් මගේ මතකයට එයි. ඒ  ඊට බොහෝ කලකට පෙර කිසියම් සිවිල් කැරලිකාර තත්වයක් පැවැත්වුනු වීදියක තම දරුවා සොයා දිව ගිය පියෙකු ගේ කථාවකි.


303
මේ ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා ප්‍රාජේ හමුවන්න !
කැරැල්ල පැවති දෙසට ගිය තම පුතණුවන් සොයා එම දෙසට දිව ආ පියාට නවතින ලෙස එහි සිටි පොලිස් කොස්තාවල් වරයෙකු අණ කලද එයට අවනත නොවුනු පියා තම දරුවා සොයා ගැනීමට ඉදිරියටම දිව ඇවිත් ඇත. තම අණ නොතකා ඉදිරියට දිව එන මිනිසා පිළිබඳව සැක සිතූ පොලිස් නිළධරුවා තමා අත තිබුනු 303 රයිෆලයෙන් එකවරම වෙඩි තැබීය. ( මෙම රයිෆලය ගැන මාගේ "තුවක්කු සහ පතුරම්" ලිපියේ දැක්වේ.) රයිෆල්උන්ඩය පියාගේ කලවා ඇටය හෙවත් ඌර්වාස්ථිය දෙකඩ කරමින් ඇදී ගිය අතර මිනිසා ඉන් නොනැවතී තවත් යාර ගනනාවක් දිවැවිත් වැටී ඇත. වෙන් වූ ඌර්වාස්ථියෙන් එම දුර ප්‍රමාණය දිව යාම අදටත් වෛද්‍ය විද්‍යාවේ නොවිසිඳුනු අභිරහසක් ලු.
මේ කථාව සැක හැර දැන ගැනීමට එච් ආර් නෝනිස් මහතා ජීවතුන් අතර
නොමැත. මෙතුමා පංති කලේ ; භෞතික විද්‍යාව -ඉක්බාල් , රසායන විද්‍යාව - රෙජිනෝල්ඩ් සෙනෙවිරත්න ,  කරාටේ - ජී ඒ ටී ලිවේරා කල හැත්තෑව
දශකයේය. තවත් විදියකින් කියනවානම් වික්ටර් බණ්ඩාර සේනාරත්නයන්ගේ "වෙල්ලස්සේ වෙඩි හඬ"; වික්ටර් රත්නායකගේ 'ස" ප්‍රසංගය සමග කරට කර රට පුරා පෙන්වන කාලයේය. ප්‍රෙම් "ශනිදා සාදය" මෙහෙයවන කාලයේය.

මුහුණේ මැවෙන සිනහව!

මේ සියල්ල ගැන වෙනම ලියමු.මාගේ පෞද්ගලික විශ්වාසය වන්නේ "අවශ්යතාවය" සියලු වැට කඩොළු සිඳ බිඳ දමන බවයි.
ජෙම්ස් හැඩ්ලි චේස් ගේ "වෝන්ට් ටු ස්ටේ අලයිව්" (Want to stay alive) පොතේ තෙමා පාඨය මාහට මතකයට නැගේ. "ධනපතියන්ගේ අත් බෑග වොලට්ටු ඇරිය හැකි යතුරක් වේ. එය 'බිය' ය!"
(Fear is the key that unlocks the wallets and handbags of rich!) එහි ලි‍යැවී තිබුනි.
මිනිසාගේ හැකියාවේ නිම් වළලු; අවශ්යථාවය සමග අනුලෝමව සමානුපාතික වේ. එසේම සියළු බාධා; අවශ්යථාවයට  සමානුපාතික වන්නේ ප්‍රථිලොමවය!
තමා මග හැලේවි නො එසේනම් අතරමං වේවියැයි බියෙන් සැකෙන් විචිකිච්ඡාවෙන් අපෙන් මිදුනු නිශාන්ගේ පැද යාමද මෙවන් වෛද්‍ය විද්‍යාවට තබා අභ්‍යවකාශ විද්‍යාවටවත් තේරුම කර ගැනීමට අසීරු කටයුත්තක්ය. මෙම ක්‍රියාකාරකමට මා අභ්‍යවකාශ විද්‍යාව හරස් කර ගත්තේ වැරදීමකින් හෝ උපහාසයට හාස්‍යයට නොවේ. පැහැදිලිවම ඔහු පැද ගියේ "වියෝගප්‍රවේගයෙනි"!
අජඨාකාශ යානාවක්  පෘථිවියේ ගුරුත්වයෙන් මිදී අභ්‍යවකාශයට පිවිසීමට පෘථිවියෙන් නිමියයුතු ප්‍රවේගය; වියෝග ප්‍රවේගය (Escape Velocity)! නම් වේ. මෙය දළ වශයෙන් පැයට කිලෝ මීටර 40,270 කි!
අළුත මිළදී ගත් හෝ කිසිවෙකුගෙන් ඉල්ලාගත් ස්කූටි වලින්  සන්නි තෙල් ගේන්නට මෙන් යාමද එක්තරා ලෙසකින් "වියෝග ප්‍රවේගය" කි. බොහෝ දෙනා එය වියෝග ප්‍රවේගය යැයි  වැරදි වැටහීමක යෙදෙති. එහි එතරම් වරදක්ද දක්නට නැත! මන්ද එම ගමන් බොහෝ විට කෙළවරවන්නේ වියෝගයකිනි.


Aanaa
දුක තමයි ඒත් මොනවා කරණ්නද 
 ගෙදර (දාලා යනවා) වගේ
අනා රෙස්ට් අවන් හලෙන් හා ගිමන් හලෙන් අපට ඉතා ලෙංගතු සැලකිල්ලක් ලැබුනි. එහි සිටිබොහෝ දෙනා පැමිණ අපේ ගමන පිළිබඳව විශ්මයාර්ථයෙන් යුතුව ; කැඩිච්ච සිංහලෙන් විවිධ ආශ්වාදනීය ප්‍රශ්ණ ඇසීම  අපේ බලවත් චිත්ත්ප්‍රීතියට හේතුවිය.
අප ප්‍රථම රාත්‍රිය ගතකල ගල්ගමුවේ සමාරා ව එපා වන්නට එක් හෙතුවක් වූයේ ඔවුන් අපගේ මේ; අසන අයගේ මයිල් ස්මයිල් වන වැඩේට දැක්වූ අල්ප අවදානය යැයි කිසිවෙකු  තර්කයක් ගොඩ නගුව හොත් ;"මොන පිස්සුද බං!? " කියා ලජ්ජාව බැරල් එකෙන් වහගෙන කීවත් එහි ඇත්තක් නැත්තේම නැත!
අන්න ඒකටත් එක්ක "ආනා!" අපට දැක්වූයේ සුපිරි පිළිගැනීමකි.
 අවන් හලේ කාර්‍යය මණ්ඩලය පමනක් නොව එහි නැවතී සිටි හා එහි පමිණ සිටි සියල්ලන් හටම අප වීරයන් සේ පෙනුනු බවක් දැක්විනි.
  මා පසු කලෙක කල කී මෙවන් චාරිකා ගැන දනන් පිරිවරා පවසන සමහර ෆෝරමයන් වල සිටි කට පියාගෙන ඉන්නට නොදත් සමහර අය සියල්ල අසා සිට අවසානයේ අසන්නේ "ඉතිං මොකටද ඔය වගේ ගමන් යන්නේ?" කියා අසති.

කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ උදේ පටන් රෑ වනතුරා සිත දමනය කර ගෙන ; ද්වේශය, ක්‍රෝධය, අරක මේක සියල්ල මැඩ පවත්වා ගන්නා ආකාරය ; උවැසි උවැසියනට ලෝභ නැතිව උගන්වන උපාලි හාමුදුරුවන්ට  උවද ; හොම්ඹයි කටයි - බොම්බයි මොටයි වෙන්නට දෙන්නට හිතෙන මෙවන් ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙන්නට ; පන්නිපිටියේ අරලිය උයනේ විශ්‍රාමලත් විදුහල් පති උත්තර සේන මහතා තබා සද්ධර්ම රත්නාවලියේ නාගසේන කුමාරයා හටවත් අසීරුය.
මන්ද මේ ගමන් වලට හේතුව හොයාගෙන හොයාගෙන යනවිට ; එම ගමන් වල පිටතින් පෙනෙන හේතූන්ට අමතරව තවත් පියවි ඇසින් නොපෙනෙන හේතූන්ද පවතින හෙයින්ය.
පදාර්ථයේ තැනුම් ඒකකය ; පරමානුව කියා අතහෝදාගන්නට සිතා සිටියත් අර්නසට් රදර්ෆර්ඩ් ජේ ජේ තොම්සන් ලා වැන්නන් පරමානුවද කැලි කල බව පැවසුවේ රොටරියේ රසායන විද්යාව පංති කල ; අල්විස් සුරබියෙල් හෙවත් අලවු ඉසි සැබිහෙල නම් වූ හෙළ හවුලේ පතාක යෝධයාගේ පුත් දෙව් රුවන් අල්විස් මහතාය.
එසේම මෙම ගමනද ඉබාගාතේ යාපනයට  ගිය ගමනක් නොවේ.එය පටන් ගත්තේම
"ගියොත් හොඳ පෝස්ටුවක්!
නොගියොත් හොඳ ප්‍රවෘථියක්!!
මොනවා උනත් මේක හදවතට දුන් පොරොන්දුවක්!!!" ලෙසිනි.
එසේම මෙම ගමන් පසු කලෙක පුරාවෘත්ථ ලෙස අන් අය නොකීවද අපටහෝ කයිවාරු ගසන්නට පුළුවන!  ඒ නයින් ගත් කල සමාරාවේ උදවිය අපගේ ගමන පිළිබඳව දැක්වූ ඇල්මැරුණු ප්‍රථිචාරය හා උදාසීන උනන්දුව අපගේ සිත් නොගැනීමට ඔවුන්ගේ  හේතු වී යැයි කිසිවෙකු යෝජනා කල හොත් එයට එකඟ වීමට අකමැත්තෙන් වුව අපට කෙසේ වුවද මාහට සිදුවේ!  මන්ද අපද පුහුදුන් අතිශය සාමාන්‍ය අය බැවිනි!

ඒකටත් එක්ක ආනා!

අප මොහොතක් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් කාමරය ඉදිරියේ කොරිඩෝරයේ කුඩා කනප්පුවක් වටා එක් රොක්වී ; ඒක රාශි වී ; රාශි භූත වී නොනැවතී  ඒකාත්මික වී  සිටියෙමු. කෙසේ වෙතත් පසු දින  සිසාරා  පදින්නට ඇති ප්‍රදේශයේ භූගෝලීය; දෙශගුණික හා කාලගුණික සාධකයන් මෙනෙහි වී ඉක්මනින් නින්දට වැටුනෙමු.
පසුදා මා අවදි වුයේ මධූගේ කණ්කළු නාදයෙනි. ඔහුත් නිශානුත් ජෑම්  වල  පාන් තවරමින් සිටියෝය. මෙය මුද්‍රණ දෝෂයක් නොව සර්වසාධාරණ ප්‍රකාශයකි. පාන් පෙති දෙකකට මැදිව ජෑම් තලියක්! එයට හේතු කිහිපයකි.
අප මිළදී ගෙන තිබූ ජෑම් එදිනම අවසන් කල යුතුවේ. මන්ද "අන්තිම පිදුරු ගහ ඇති ඔටුව මැරෙණ්න!" කීවා සේ ජෑම් බෝතල් භාගයක් රැගෙන යන්නට කිසිවෙකු කැමති වන්නේ නැත. එසේම  අප පාන් ආහාරයට ගන්නේ ඒවා සකසා බොහෝ වේලාවකට පසුය. (විශෙෂයෙන්  අවසාන කොටස.) අතුරා ටික වේලාවක් ගතවන විට  පාන් වලට සහ  ජෑම් උරාගත් විට එහි රසය යම් පමනකට අඩු වේ. ජෑම් මගින් සිරුරට ඇවැසි ශක්තිය ග්ලූකෝස් සපයන අතර පාන් පලමුව ක්‍රියා කරණ්නේ  මාධ්‍යයක් ලෙසිනි.



ඔව්! ඔව්!! ඒ පිංතූරෙම තමයි ! 
දෙවිදියක් වෙන්නෙ කොහොමද ? මේ එකම තැන නේ. 
ඔව් ආනාම තමයි!
සියළු දේසකස් කරගත් අප උදෑසන 3.35 වන විට ආනා වට සමු දුන්නෙමු. සිරිත් පරිදි අපගේ මිත්‍රයා නිශාන් නොබෝ වේලාවකින් නොපෙනී ගියේය! ඒ අප ගමන සඳහා අපගේ සයිකල හා පැනියර සකස් කරණාතර තුරය. අප  එනම් මමත් මධූත් එතනින් නික්මිණි. පැය එක හමාරක පැදීමකින් පසු අප කොකාවිල් වෙතට පමිණියෙමු. ඒ වන විට  වෙලාව පෙරවරු 5.00 ට අතිශයින් සමීපව පැවතිනි.


අවම පහසුකම් මැද!

කොකාවිල් කී පමණින්  එහි තිබුණු සම්ප්‍රෙශණ කුළුණ හා අලදෙනිය විරුවා සිහියට නැගෙන්නේ නිතැතින්මය.ඔහු සුපිරි විරුවෙකි. පරම වීර විභූෂණ පදක්කම දිනූ දෙවෙනි රණ විරුවා වන්නේ කපිතාන් අලදෙනිය හෙවත් සමරකෝන් වාසල මුදියාන්සේලාගේ සාලිය උපුල් අලදෙනිය තරුණ නිළධරුවාය.


සතර වරම් දෙවියෙකුගේ සමීප ඡායා රූපයක්.
(සති අන්ත පුවත් පතක් සමග නොමිලේ බෙදා දෙන ලදී !)

කොකාවිල් රූපවාහිණී සම්ප්‍රේෂණ කුළුණ  සඳහා ආරක්ෂාව සපයමින් එහි රැඳුනු කුඩා හමුදා කඳවුරෙහි  සේවය කලේය. එල් ටී ටී ය විසින් මෙම කුඩා කඳවුර වටලනු ලැබූ 1990 ජුනි මස 11 වන දින එම සටනින් මියගිය ධීර වීර අභීත භාවය වෙනුවෙන් එම පදක්කම පුදනු ලැබීය. ඔහුගේ සිරුර හෝ සොයා ගැනීමට නොහැකි විය.එවකට හේ පසුවූයේ 27  වන වියේය!

වව්නියාව . . . .  කොකාවිල් . . . . එයාපෝට්! එයාපෝට්!! එයාපෝට්!!!

5.23 වන විට මුරුක්කණ්ඩිද 5.40 වන විට අප ඉරණ මඩු හංදියද පසු කලෙමු. ඒවන විටත් පරිසරය තුල  පැවතියේ සිසිල්  වියළි කාලගුණයක්ය. අපගේ අහාර වට්ටෝරුව ජෑම් තවරණ ලද පාන්, රට ඉඳි, ඕට්ස්, මුද්දරප්පලම්, ජීවනී, ආනමාළු කෙසෙල් වැනි දෙයින් සමන් විත විය. එහෙත් මාහට උදෑසන 6.00 වන විට; කිරි හොදි , සම්බෝල සමග  ඉඳිආප්ප  උනු උනුවෙන් කෑමේ සුපිරි දොළක් හට ගත්තේය. අපගේ කණ්ඩායමේ නැවිගේටර් (Navigator) හෙවත්  මං දක්වන්නා වූ මධූගේ අදහසේ හැටියට කිලිනොච්චිය තව නොබෝ වේලාවකින් නහයේ ගෑවිය යුතුය.  නොබෝ වේලාවකින් අප කිළිනොච්චියට අවතීර්ණ වුනෙමු. එල්ටීටීය විසින් බිඳ දමා තිබුනු වතුර ටැංකිය අභියස තිබුනු පුවරුව අස්ථාන ගත්වී තිබුනි! කලකට පෙර එහි තිබුනු එහි දක්වා තිබුනු සාරාංශය වූයේ " මෙවන් විනාශයක් අනාගතයේදී ඇති නොවන්නට කටයුතු කරමු" යන යෝජනාවකි. එය කුමන විදියකින් හෝ අතුරුදහන් කොට ඇත! සමහරවිට යුද්ධයෙන් අතුරු දහන් වූවන්ගේ ලයිස්තුවේ මෙකී පුවරුවද ඇතුල් කොට තිබෙනු ඇත!

"විනාශයට  සැමදා ඉඩ තබමු. . . !" 
(බෝඩ් එක තාම ප්‍රින්ට් එකේ!)
අමෙරිකාව මොනතරම් ජපානයේ කුළුපග මිතුරකු වූවද දෙවන මහා ලෝක යුද්ධයේදී එරට සුන්නත් දූලි වූ හිරෝෂිමා නාගසාකි නගර වල පවත්වාගෙන ආ ඛේදවාචකයේ ස්මාරක ගලවා දමන්නේ නැත. මෙවන් උදා හරණ ලොව පුරා ඕනෑ තරම් ය. අප දෙමළ සොයුරණ් වෙත මිත්‍රත්වයේ හස්තය දිගු කල යුතුය. අප ඔවුන් වෙත දිය යුත්තේ හදවත මිස වෙන යම් ශරීරාංගයක් නොවේ. ගෞරවණීය සාමයක් යනු එකෙකු අනෙකා ඉදිරියේ දණ ගැසීම නොවේ. ඡන්දයකින් පත්වන රජයකට අභියෝග කරමින් ත්‍රස්තය; තම සටන දිනන එකම උපක්‍රමය කරගත් සංවිධානයක් යුධමය වශයෙන් පරාජය කරණවා හැර වෙන කුමක් නම් කල යුතුද?


හරි හරි කමු බොමු ප්‍රීථි වෙමු! හැබැයි කලේ කැත වැඩේ
 - හිරෝෂිමාව
අද !


ඇයි අපි විතරමද ?
 - පර්ල් වරාය 
අද !
වරක් මාගේ සේවා ස්ථානයෙන් තම නවීන SUV රථය අළුත්වැඩියා කර ගැනීමට පැමිණි මහාචාර්ය වරයෙක් තවත් එවැනිම බුද්ධිමතුන් පිරිසක් වට කරගෙන තෙලක් බෙදමින් විය. " සාමෙන් මිසක් යුද්ධකරලා ජය ගත්ත රටක් අහලා තියෙනවාද? . . ." යනාදී වශයෙන් එකල පැවති යුද්ධයට දෙහි කපමින් විය. යන එන ගමන් එතැනට කඩාපාත් වුනු මා ඔහුගෙන් අසූයේ "ඔබ තුමා දන්න ලොකුම යුද්ධෙ මොකක්ද? දෙවන මහ ලෝක යුද්ධෙ නේද? ඒක ඉවර උනේ සාමෙන්ද?" කියාය. මහාචාර්ය තුමා තවම පිළිතුරක් සොයනවා ඇත!
අප කිළිනොච්චියට යන විටත් එය නිද්‍රෝපගත නගරයක් විය. ඉඳිආප්ප තබා වැඩි සීනි ප්ලේන්ටියක් වත් බොන්නට තැනක් නොවීය. මන්ද අපිට වගේ වගක් නැති උනාට මේ ජේසු සමිඳානන් මෙලොව එලිය දුටු නත්තල් දිනයයි.අප කඩයක දෙකක ඉඳි ආප්ප ඇත්දැයි ඉව කල බැලූවද වැඩේ ව්‍යවර්ථ විය. අප යාබද නගරය වෙත පැද ගියෙමු.
ඒ පරන්තන් නගරයයි.

බඩගින්නට අධිගෘහිත දෙවියාගේ දෙවොල !
හරියටම හය පසුවී විනාඩි 19ක් ගිය තැන යෙදුනු සුභ මුහුර්ථියේදී අපගේ දෙනෙත අභියස රැඳුනේ; බයිලා චක්‍රවර්ථී (දෙශපාළුවෙකු නොව) එම් එස් ගේ ගීතයක් සිහි ගැන්වූ "අම්බාල් කැෆේ ය! ගීතය -  සොයා සොයා ආවා මා සෙව්ව මැණික හම්බුනා..// ය.

" මේ ;
                          බ්ලොගක . . . ;
          පලවූ  . . .;
                කවියක් . . . .
                නොව . . . . ! "
 අම්බාල් කැෆේ එකේ මිළ දර්ශනයය !
මේ ඉල්ලන්නේ වඩේ දෙකක් නොවේ . . .  !
එහි ඒවන විටත් නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් බිහිවෙමින් පවතින උනුසුම් නැවුම් ඉඳිආප්ප කුස්සියෙන් නිකුත්වෙන්නට පටන් ගත්තා පමනි. අප කිරි හොදි, උළුඳු වඩේ; සම්බල් සමගින් උදේ අහර කිස සප්පායම් උනෙමු. ඇඟ පුරා දිවුනු සීතල මට්ටු කිරීමට අප යොදා ගත්තේ ඉඳි ආප්පය. එය කදිම ඔසුවකි! ඉඳි ආප්ප කෑමෙන් මදි පාඩුවට මමද මධූද කෝපි කෝප්පයක් ද පානය කලෙමි. ඒ ආමාශය තුලදී කිරිහොදි හා සටන් කිරීමටය. එය ඌරාවලේ අංගම් කෙටීමක් වන්නට ඇත. අප සියල්ලන්ගේම පෙර කුසල කර්මයකට "කෝපි" සටනින් දිනුවේය.

කිරි හොදි සමග ද්වන්ධ සටනකට මොහොතකට පෙර ! 
අප සමග . . !
දෙවොලේ කපූ . . . !
පරන්තන් හංදියේ වම් පසට වන්නට බෝ ගසක් සරු සාර ලෙස වැඩී තිබුනි. ඒ අසලින් වම් පසින් ඇරඹෙන්නේ ඒ 32 මාර්ගයයි. පෙරවරු  හතේ කණිසමට විනාඩි 15 ක් තිබියදී අප ඒ 32 මාරගයට අවතීර්ණ වුනෙමු!


පරන්තන් හංදිය . . . !
වව්නියාවේ වාහල්කඩින් ඇතුළු වෙත්ම සිතට දැනුනු  "අපි යාපනේ යමින් වන්නෙමු!" සිතුවිල්ල  සේම මෙම මාර්ගයට අවතීර්ණ වීමත් සමග "අපි යාපන අර්ධද්වීපයට  සමීපවී ඇත්තෙමු !' යන සිතුවිල්ල නිරායාසයෙන්ම සිතට කාන්දුවේ.
දුර පෙනෙන තැනි තලා . . . !
මීදුම් සේයාවක් මාර්ගය මත මෙන්ම දෙපස පිහිටි තැනිතලා ඔස්සේ විහිදුනි. හිරු දෙවියන් යාහමින් ඔකඳ පාමින්ය. පාර  බොහෝ දුර බැහැරකට සෘජුව විහිදී ගොස්ය. එතෙක් වට පින්නෙන් හෝ මීදුම් සේයාවෙන් දර්ශණය ආවරණය නොවන්නට කිලෝ මීටර ගනනාවක් ඇස දුටු මානය විහිදී යාමට කිසිදු වෙනත් බාධාවක් නොවීය. මාර්ග සුමටව හොඳින් නඩත්තුව පැවතින. කෙසේ වෙතත් එම මාර්ගය මත අතුරා තිබූ කාපට් ඇතුරුම ඒවන විටත් ළදරු වියේ පසුවූ බවක් පෙනුනි.
සේද මාවත් . . . !
මධූ නැවතත් තම අත තිබූ අයිටනරිය, ගූගල් සිතියම හා අවට කිලෝමීටර කණු වෙත ඉව අල්ලා අප සිටිනා තැන හා ගමන් කරණ දිශානතිය තහවුරු කලේය. මග දෙපස වෙල් යායකි. අතරිණ් පතර මේ බිමේ අනන්‍යතාවය අපට මතක් කර දීමට මෙන් නුබ සිසාරා ඉහළ නැගි තල් ගසකි, දෙකකි, දෙක තුනකි, පෙලකි, රොත්තකි! මීදුමින් යාන්තමින් වැසී ගිය මෙම දර්ශණය අතිශයින් සුන්දර සිතුවිල්ලක් සිත තුල ජනිත කරමින් විය.
ජංගම ඔප්ස් රූම්  . . . !

මේ අපේ නිජ බිම් . . . . ! මීට තල් ගස.
පසු ගිය කාල වකවානුව පුරා වට වැස්ස දෙපස වූ තන බිම් තීරු වලට හා ඔබ්බෙන් වූ කෙත් යායට හුස්ම පිඹ තිබුනි. ඒ නිසාමදෝ හමන පවන අතිශයින් සුව දායක එකෙක් විය. එහෙත් එම පවන; නනදා මාළිණියගේ "පවන" සේම බොහෝවිට "වාතයක්" විය! මන්ද එය අපගේ ගමනට මහත්වූ ප්‍රථිරෝධයක් වුනු බැවිනි.  මගේ මතකය නිවැරදි වේ නම් වැළිමඩ ප්‍රදේශයේ පාලුගම නම්වූ කුඩා ගමක් වීලු. අවට කඳු කපොල්ලක්  ඔස්සේ වේගයෙන් හමනා දැඩි සුළං ප්‍රවාහයෙන් මෙහි අතීතයේ විසූ මිනිසුන් බොහෝ සේ පීඩා වින්දේලු. දිනක් එම පෙදෙසට චාරිකාවක යෙදුනු ඩී ඇස් සේනානායක මහතා ගම් වැසියන්ගෙන් "නුඹලාට මොනවද ආණ්ඩුවෙන් ඕනෑ?" කියා විමසූ විට ගම්මුන් පවසා ඇත්තේ "අනේ හාන්දුන්නේ අපිට හුළං නවතා දෙන්න!" කියාය. පසුව එතුමා විසින් බොහෝඅ එවන් කඳු කපොළු ආවරණය වන පරිද්දෙන් එවකට කැලෑ දෙපාර්තමෙන්තුව විසින් ගස් වැව්වේලු. අපේ තාත්තා කියන පරිදි මේවා අදත් හඳුන්වන්නේ Wind Belts කියාය.
අප මේවන විට කෙමෙන් කෙමෙන් පූනරීන් කලපුව දෙසට ගමන් ගනිමින්ය. ගමනේ අවසානය සිහිවෙත්ම සිහිවෙත්ම මාහට අප ගමන් ගන්නා වේගයේ මද බවක් දැනෙන්නට විය. එසේම මෙම සුළං බාධකය හමුවේ කිසියම් ගැම්මකින් පැද නොගිය හොත් ඉතා ඉක්මනින්ම වෙහෙසට පත්වේ. මහා මාර්ග වල සයිකල පදීමේදී යම් පමනකට රථ වාහන තිබිය යුතුය. ඉරිදා දින , පෝය දින වැනි පාරවල් වේලෙන දවස් වලට ගාළුපාරේ සයිකල් පැදීම අතිශයින් වෙහෙස කාරීය. එය කන්දක් පැද යනවාට වඩා දැඩි ප්‍රථිරෝධයක් ඇතිකරයි. ඕනෑම වෙඩි උන්ඩයකින් බෙරී සිටීමට බංකර් සාදන්නේ වැළි මලු වලිනි.ගුණදාස කපුගේ මොනතරම් වැඩ කිඩ දා කීවත් "වැළි මළු විනිවිද  ආ මරණයක් ගැන" අප අසා නැත! එසේම අපි නොසිතුවාට සුළඟින් ඇතිවන බාධකය මහත්වූ වෙහෙස කර කට යුත්තකි. පාපැදි කරුවන් ලොරි පසු පස පැදයාමේ රහස එයය. එවන් විශාල වාහනයක් පසුපස පැද යාමේ දී  තමා ලොරියට මුවා වී සිටිනා බැවින් එම ප්‍රථිරෝධය තමා කෙරෙණ් ඈත්වී යයි. එසේම රථය ඉදිරියට ගමන් ගත්ම ඇතිවන රික්තය තුලට පසුපසින් හමනා වාතප්‍රවාහය පදින්නාට කිසියම් ආශිර්වාදයක් වීම අතිශයින්ම සාමාන්ය තත්වයකි.

මෙනිසාම සයිකල පදීමේදී  අධික බරක් පටවාගත්; කෙඳිරිගාමින් ඇදෙන ලොරි මා දකින්නේ දෙවියන් එවපු තෑග්ගක් ලෙසය! එදිනද අප තරමක් අසීරුවෙන් පදිමින් සිටින විටදී අප ත්‍රිත්වය සෙමෙන් සෙමෙන් පසු කරමින් ඉදිරියට ධාවනය වූවේ මැසි ෆර්ගියුෂන් ට්‍රැක්ටරයකි. මම එය සමග පදින්නට විය. "මේ දෙවියො එවපු ට්‍රැක්ටරේ! පදිමු පදිමු!!" මම මහත්  උස් හඬින් කෑගැසුවේය. ඒවන විටත් ඔවුනට තරමක් ඉදිරියෙන් සිටි මා; ඔවුන් දෙදෙනාහටම යෝජනා කරමින් ට්‍රැක්ටරය පසු පස වේගයෙන් පදින්නට විය. එහි පෝර වැනි යමක් පටවා තිබුනි. එම ගෝනි මත දෙදෙනෙකු වාඩිවී සිටියෝය.


ගොම නැති හරකා !
වාහනයක් පසුපස; එය සුළං මුවාවක්සේ ප්‍රයෝජනයට ගනිමින් පදින්නේ නම් එයට ඉතා ආසන්නව පැදිය යුතුය! මෙය ඉතා භයානක ක්‍රියාවකි. ඉදිරියෙන් යන වාහනය හදිසියේ නවතාලූවේ නම් සයිකල කරු එහි පසුපස ගැටීම බොහෝ සෙයින් සිදුවේ. හුළං මුවාවේ වාසිය හොඳින්ම ලබා ගැනීමට නම් මා කලින් කීවා සේ එම රථයට ඉතා ආසන්නව මෙන්ම එම රථයේ සමමිතික රේඛාව  ඔස්සේ සිට පැදීම කල යුතුය. කොටින්ම හරි මැද්දෙන්; ළඟම සිට පැදිය යුතුය. මේ නිසාම හදිසියේ  ඉදිරිපස වාහනයේ රියැදුරු කරනු ලබන රෝධක යෙදීමක් (තිරිංග යෙදීමක් / බ්‍රේක් ගැසීමක්) සමග සයිකල් කරුට එම රථයේ ගැටීමෙන් වැළකී සිටීමට ඇති ඉඩ අවකාශය ඉතා විරළය! මේ නිසාම ඇස කණ නාසය දිව ශරීරය යන පංචෙන්ද්‍රියයන් පමනක් නොව පමණක් නොව මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුශුම්නාව, සුශුම්නා ශීර්ශකය පමනක් නොව උණ්ඩුකපුච්ඡය, ප්ලීහාව,අභිජිඃවිකාව අභිජිඃවිකාව පවා ඒකාග්ර කරගනිමින් සීරුවෙන් තබා පැදීම කල යුතුය.
කවුද යකෝ මූ!  
මා ට්රැක්ටරය පසුපස පැදීම ඇරඹීම අරඹණ විට මා සිටියේ අනෙක් සගයන්ට මීටර 30 ක පමන ඉදිරියකින්ය. ට්රැක්ටරයේ හඬ ඇසෙත්ම මා ඔවුනට යෝජනා කලේ එය පසුපස පැද යාමක්ය. මා එලෙස ට්රැක්ටරය හඹා පැදීම ඇරඹී කිලෝමීටරයකට ආසන්න දුරක් පැද අසීරුවෙන් ආපසු හැරී බැලුවේ මිතුරණ් දෙදෙනා කොහි වෙත්ද කියාය. අහෝ දුකකි. ඔවුන්ගේ ඡායාවක් වත් පෙනෙන්නට නොවීය. ඒ සමගම මාහට ඇති වූයේ තරමක කේන්තියකි. මන්ද අප මේ වන විට කිසිදු ලෙසකින් වෙහෙස වී නොසිටි මොහොතකි. හොඳා කාරවම අපට ට්රැක්ටරය හා පැද ඒමට ඇවැසි තරම් ශරීර සුවතාවයකින් අප සන්නද්ධව සිටින්නෙමු. ඔවුන් කම්මැළි උනා වත්ද? මා මොහොදීන් බෙග් මහතාගේ "තනීවයි උපන්නේ තනීවයි මැරෙණ්නේ . . . . . //" ගීතය මෙනෙහි විය.මා සියළු කෝළම් අත හැර දමා පදින්නට විය. ඩැනිස් මැසී හා හැරිස් ෆර්ගියුෂන් සුසංයෝගයෙන් බිහිවූ මැසි-ෆර්ගියුෂන් 135 ට්රැක්ටරය සමග එක සීරුවට මා කිලෝමීටර 8-10 ක දුරක් පදින්නට ඇත. ප්රධාන මාර්ගයෙන් ට්රැක්ටරය හරවා යන තුරුම එය පසු පස හඹා ගියෙමි. එය හැරවූ තැනට ආසන්නව තිබුනු බෝක්කුවක ගාඩ් ගලක් මත වාඩිවී  සගයන් එනතුරු බලා ගිමන් හරිමින් සිටියෙමි.
තාවකාලික නැවතුමක් !!!
තවත් නොබෝ වේලාවකින් මගේ ගමන් සගයන් දෙදෙන මාහා ඉතාමත් ජයග්‍රාහී ලීලාවක් මවා පා මින් මාහා එක් විය. අප ගෙන ආ ආහාර පාන වලින් සංතර්පණය වී කුඩා විවේකයක් ලබා ගැනීමට එය කදිම ස්ථානයක් කර ගතිමු.
හදවත හා එක් වූ විට ජීවිතේ මොනතරම් සුන්දරද?

මෙන්න මුං ඇවිත් !

45 comments:

  1. පට්ට,

    යමුද ලංකාව වටේත් මේ විදියටම

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක මගේත් එක් සිහිනයක්.ඊට මට සයිකලය සූදානම් කර ගත යුතුයි. පිඹුරු පත සකසා ගත් යුතුයි. මුදල් වෙන් කර ගත යුතුයි. සියල්ලටම වඩා මුදල් වෙන් කර ගත යුතුයි. ඔව් ඒ ගියොත් උඹලා එක්ක තමයි. මොනවා උනත් උඹලා හොඳ ගමන් සගයින්. විශේෂයෙන් මගේ ගිණි කණ පැනිලි වලට ඔරොත්තු දෙන!

      Delete
    2. During Paranthan to Poonarin , When you was riding with Tractor, Madu also needed to joint with you. But he gave up it on behalf of me.
      I grew my life with very less needs. So I can adjust for any environment within very short period.
      Now I have 12kgs, 700 size bike with 34t freewheel set. I am planing to ride up to Sri Pada around 120kms.
      I have a lot of dreams with the bike. try to success one by one.

      Delete
    3. ඇත්තෙන්ම මධූ ඒ අතින් මට වඩා හොඳ මිත්‍රයෙක්. මා ඔහුගේ පියාට වඩා හොඳ මිත්‍රයෙක්. එහෙම තමයි. ඔහුගේ බොහෝ හොඳ ලක්ෂණ මම දැකලා තියෙනවා. ඌ කරණ බොහෝ මඥ්ඥං වැඩ ඉවස ගෙන පුත්‍ර භාවයේ තවම තියාගෙන ඉන්නේ ඒ නිසයි.

      ඔව් මම ඒ ඔබගේ පරිසරයට අනුරූප වීම; කාලයට එදිරිව ඇඳෙන වක්‍රය ප්‍රස්ථාර කොලය මත ප්‍රථිශ්ඨාපනය වන්නේ ඉතා විශාල අනුක්‍රමණයකින්!

      ශ්‍රී පාදෙ යන එක ඉස්සර හරියට කෙරුණු එකක්. සුපිරි!

      ඒ බයිසි එක මම තාම දැක්කේ නෑනේ!

      ඔව් මගේත් සිහින වගයක් තියෙනවා. බලමු එකින් එක!

      Delete
  2. Replies
    1. ස්තූතියි. මල්ලි උඹලා ඉතාමත් සද් ක්‍රියාවක යෙදුනු බව දන ගන්න ලැබුනා. ආයෙත් ඒ වගේ දෙයක් කරණ කොට සහභාගී කර ගන්න. අර මීට උඩින් ලියලා තියෙන මධූයි , නිෂානුයි කියලා තියෙනවා වගේ ලංකාව වටේ යන සිද්ධියක් ඔළුවේ කැරකෙනවා. නමුත් ඒ අපේ වැඩෙන් උඹලා කලා වගේ මොකක් හරි කුඩා දරුවන්ට වැඩක් වෙන දෙයක් කෙරෙණවා නම් තමයි වඩාත් අර්ථපූර්ණ වන්නේ. බලමු ජීවත් උනොත්!

      Delete
    2. අයියන්ඩි වගේ ඇසූ පිරූ තැන් ඇති අයකේගෙන් උදව් (විශේෂයෙන්ම උපදසේ) ලැබනෙවා නම් අපි කැමති මොකද අපි වගේම විසේ ඇති උන්ගෙ අදහස් අපිට වටිනවා මොකද ඒවාගෙ අත්දැකීම් තියෙන නිසා එහෙ නැතිව ඔපිස් එකේ කරකෙන පුටුවටම නාකි උන උන්ගෙ උපදසේ ගන්නවට වඩා ඒ ප්‍රායෝගිකයි.

      රට වටේ යන ගමන මමත් මේ දවස් වල ප්ලෑන් කරමින් ඉන්නෙ අවාසනාවට අස්සයා මැරිලා ඒකට පන දෙන්න ලොකු ගානක් යනව අපි බලමු මේ අලුත් අවුරුද්ද සමහර විට මගෙ හීනය සැපිරේවි.

      Delete
    3. යකෝ ඔහොම කිව්වම ඇත්තටම ඇසූ පිරූ තැන් ඇති එවුන් මට සීනි දාලා වෙඩි තියයි කූඹි කාලා මැරෙණ්න.

      Delete
  3. අපොයි මාව හමුවෙන්න ඕනෙ නෑ. ගූග්ල් හමුවෙන්න

    https://en.wikipedia.org/wiki/Lee%E2%80%93Enfield

    //Once shouldered by nearly 50 armies, Canada becomes the last military in the world to remove it from front-line service//
    https://nationalpost.com/news/canada/why-the-114-year-old-lee-enfield-rifle-is-only-now-being-retired-by-the-canadian-armed-forces

    //Among the longest-serving firearms of all time is the British Lee-Enfield .303 rifle. The original model was named the Magazine Lee-Enfield (MLE)—nicknamed the “Emily”—which came into widespread service in the mid-1890s//
    https://www.gunworld.com/guns/british-lee-enfield-303-rifle-the-legendary-smelly/

    //The Lee-Enfield rifle is one of the most widely used bolt-action military rifles in the world, surpassed only by the Model 1898 Mauser and its derivatives in sheer numbers.//
    https://nationalinterest.org/blog/buzz/meet-lee-enfield-rifle-it-might-have-changed-history-forever-36747

    ඔස්ට්‍රේලියාවෙන් ගෙන්න ගත්තාම මටත් කියන්න මිස්ටර් තට්ස්
    https://www.ebay.com/itm/Short-Magazine-Lee-Enfield-303-Rifle-LIMITED-EDITION/283157634061?hash=item41ed829c0d:g:mDIAAOSw6zNbmh~n:rk:12:pf:0

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රාජේ. සත්තකින්ම අදත් ඒ බෝල්ට් ඇක්ෂන් රයිෆල් එකට ගහන්න එකක් මා දැකලා නෑ.

      Delete
  4. ෆොන්ට් සයිස් එක තව ටිකක් ලොකු කරන්න පුළුවන්ද මල්ලි. කියවන්න ටිකක් වෙහෙසයි ඇස් වලට.

    -අජිත්

    ReplyDelete
    Replies
    1. අජිත් මහතා ! මෙන්න මම ෆොන්ට් සයිස් එක ලොකු කලා. දැන් බලන්න!

      Delete
    2. තව මදි බං ... කමෙන්ට් වල අකුරු පොඩි වැඩියි

      Delete
  5. තවත් වසරක අවසාන වී ඇත. දින, මාස, වසර ගෙවෙන වේගයට බොහෝ දෑ වර්ධනය නොවේය. මංජුල මහතාගේ සයිකල් සවාරියද එවැන්නකි. සති, මාස, වසර ගාණේ බයිසිකල් ගැන කප්පරක් ලියුවද මනුෂ්‍යත්වය පිලිබදව සිතීමට තත්පරයක කාලය ඒ මහතාට තිබුණාද සැකය. ගෙවෙන කාලයක් පාසා පෙන්නුම් කළේ මනුෂ්‍යත්වයේ බැස්මය. තල්අරණට යනවිටත් ඒ මහතා දෙමළාගේ මර්ධනය එක සිතින් අනුමත කරමින් යන්නේ එබැවිනි.

    මෙම බ්ලොග් ලිපිය, මංජුල මහතා තම පැටිකිරියේ ස්වභාවයය පෙන්වන කැඩපතය. පොකුරු බෝම්බ හෙලා උතුරේ ළමා ළපටින් සහ කාන්තාවන් ඇතුළු සියල්ල සමුළ ඝාතනය කිරීමෙන් පසුවත් මංජුල මහතා වැන්නවුන්ගේ රුධිර පිපාසය අවසන් නැත. ඔවුන් තවමත් හුරේ දමමින්, එම ඝාතන අනුමත කරයි. මහත්මයා, උතුරේ අරගලය වෙනුවෙන් දිවිදුන් දහස් ගණනක් ද්‍රවිඩ ජනයාගේ ආත්ම වලට වත් සැනසීමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඔබ ගොඩ වැදුනාට. ඊටත් වඩා අදහස් දැක්වූවාට. මම මේ කල්පණා කරණ්නේ ඔබ සමග සංවාදය පටන් ගන්නේ කොතැනින්ද කියා!? හරි මම මෙහෙම පටන් ගන්නම්.
      මම බ්ලොග් එකක් පටන් ගත්තේ කාරණා කිහිපයක් නිසා. ඊට හෙතු කිහිපයක් ඇත. ඒවා මෙසේ පෙල ගස් වන්නම්. නමුත් මේ අකාරාදියේ පිළිවෙලට හෝ අවෂ්යතාවයේ පිළිවෙලට නම් නොවේ. 1. මාහට කියන්නට යමක් ඇතැයි මා සිතීම. 2.මා හට කියන්නට ඇවැසි දෙයක් ගලපා ලියන්නට හැකියාවක් ඇතැයි සිතීම. 3.ඒවා ත්වත් කලකදී මාහට නැවත කියවා සතුටු විය හැකියි මා විශ්වාස කිරීම. 4. මාගේ දරුවන් හටත් ඔවුන්ගේ දරුවන් හටත් ඊට සමගාමීව ඉපදෙන පරපුරකට මා දුටු ලෝකය ගැන සාක්ෂි සටහනක් ඉතිරි කිරීම. 5.මා ජීවිතයේ මූලාරම්භයේ පටන් ලේඛ්කයෙකු වීමට තිබූ අහිංසක අශාව මුදුන් පත් කර ගැනීම. 6.යම් යම් කාරණා සම්බන්ධව මා දැනට දරණ මතය පිළිබඳව තවත් කලකදී පසු විපරමක යෙදීමට හැකියාවක් ඇති කිරීම. 7. මා විසින් කල කී දෑ අතර මා හා මා සමග සිටි කණ්ඩායම් මුහුණදුන් ගැටළු හා ඒවා නිරාකරණය කරගත් අයුරු, මුහුණදුන් අයුරු අනාගතයේ කවුරුන් හට හෝ ප්රයෝජනයක් වේ යැයි දැක්වීම ඉන් සමහරක් සේ පෙන්වා දිය හැක.
      සමහර අවස්ථාවලදී මා ගැවසුනු ෆෝරමයන් වලදී ; වෙනයම් අයෙකු විසින් වෙනත්ම අයෙකු හට මා දක්වා " මොහු යාපනයට බයිසිකලේ කින් ගිහින් තියෙනවා!" යනුවෙන් හඳුන්වා දුන් අවස්ථා වලට මා මුහුණ දී ඇත. එවිට දෙවැන්නාට තරම් උනන්දුවකින් තොරවූ තුන් වැන්නන් මාහට මුන ගැසී ඇති අතර ඔවුන්ගේ ඇල් මැරුණු විමසීම් වලට මා දෙන්නේද එවන්ම වූ වඩාත් ඇල් වූ පිළිතුරුය. එම ක්රියාව ගැන මෙලෝ වැටහීමකින් තොරව අසන ; අහන්නන් වාලේ ප්රශ්න වලට මා දෙන්නේද එවන්ම වූ දෙන්නන් වාලේ උත්තරය. නමුත් මේ පෝස්ට් එක ලියන්නේ එසේ නොවේ. මල ගෙදරක නිවාඩු පාඩුව රාත්රියක් ගත කරණ මොහොතක වටේ වට කරණ් ඉන්නා සහෘදයන් පිරිසකට; විටක් කාරිය කා කෝපි එකක් බොමින් කියන රසාලිප්ත කයිවාරුවක් ලෙසය. ඒ කතාවල අටුවා ටීකා ටිප්පණී වලින් පිරී ගොස්ය. උපමා රූපක අවශේෂ කතා, අතුරු පතුරු කතා වලින් හෙබිය. නෝසේනම් කියන්නට ඇත්තේ "කඩවතින් බයිසි කලේ නග්ගා! පැද්දා ! පැද්දා!! පැද්දා!!! .......පැද්දා . . . " කියා පමණකි. ඒ නිසා කාලයක් ගතවේ. මන්ද මාහට ලියාතබන්නට දෙයක් ඇති නිසාය. ඊට සමාවන්න. කොහොමත් තවත් එක් කොටසකින් අපිට ඔබ තුමන් ලාව යාපනේට ගෙන යන්නට හැකියාව ලැබෙයි. හැබැයි කොහොමත් අපි එක්කම තමයි යන්නට වනු ඇත්තේ. මොකද ඔය අපි ගිය පාරේ බස හිග බැවින්.

      Delete
    2. මා කිසිදු ලෙසක දෙමළ හෝ මුස්ලිම් සොයුරණ් වෙත දොසක් ලියා නැත. මා සාමයට ඉතා ලැදිය. මගේ බ්ලොගය මුල සිට කියවාගෙන ආවානම් බොහෝ තැන් වල ද්රවිඩ හා මුස්ලිම් මිනිසුන් ගැන ලියා ඇති දේ සෙමෙන් කියවා බලන්න මා තුල ඔවුන් කෙරෙහි දක්වන මිත්ර ශීලී ප්රථිපත්තිය කෙලෙසදැයි කියා.

      මේවන විට පවති යුද්ධය විවේචනය කිරීම සුඛෝපභෝගී කට යුත්තක් වී ඇත. එය හරියටම ගැල පෙන්නේ ආගම් විවේචනයටය.යුද්ධය නොපැවතී ගැටළුව මේ ආකාරයෙන් හෝ විසඳේ නම් අපද කැමතිය. එහෙත් ප්රභාකරණ් නමැති ඵා පොදු සාධකය ගිය වැල්වෙට්ටිතුරේ ඉස් කොලේ "සා ම ය" කියන වචනය කියාදෙන දවසේ ඔහුට කම්ඹුල්ගාය හැදී සතියක්ම ඉස්කෝලේ යන්නට බැරිවී ඇත. ඔබ කියෙව්වාද තමලිණීගේ පොත. එහි තිබෙනවා ඔහුට සාමය කියන දේට තිබුනු උනන්දුව කෙතරම්දැයි කියා! පොකුරු බෝම්බ තබා ටොනික් ඩප්පියක් හෝ වෙනකෙකු නසන්නට භාවිතා කිරීම අප හෙලා දකින්නෙමු. ඔය විදියට පිටකොටුව බෝම්බය, මහබැංකු බෝම්බය, දෙහිවල දුම් රිය බෝම්බය ගැන ඔබේ අදහසත් ලියාතබන්න මෙහිම. ත්රස්ථවාදීන් හට ත්රස්ථවාදී ක්රියා කරණ්නට හැකිවූ පමණින් ජනතා ඡන්දයෙන් පත්වූ ගරු කටයුතු රජයකට එලෙස කල හැකිද? මේ ඊට බොහෝ දෙනා අසන පැනයකි. ඔවුනට කියන්න තියෙන්නේ ප්රශ්නය තමා කරා එනතුරු පිළිතුර දාර්ශණිකය කියන ප්රසිද්ධ ප්රකාශයය. ඕනෑම ප්රශ්නයක් කිසිවෙකු හෝ කුමණ ආකාරයකින් හෝ විසඳූ පසු එහි අඩු පාඩු කියන්නට මමද සැබෑ දක්ශයෙක්මි. එහෙත් ඊට විකල්ප විසඳුමක් විමසුවේ නම් ඊට දෙන්නට පිළිතුරක්ද නැත්තේමය. මමද දත් ගැලවීමට එකහෙලා විරුද්ධ අයෙක්මි. ඒ දත් කක්කුම එන තෙක්ය! ඔබගේ මතයට මා ඉඩ තබමි. ලියන්න.
      අවසාන වශයෙන් මා ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙමි මෙන්න මේ පැනයට.
      "ඇත්තටම මොකද්ද කරණ්න තිබුනේ යුද්ධය වෙනුවට . . . . ?"

      Delete
    3. දකුණේ බහුතර සිංහල ජනයා රණවිරුවන් ලෙස යුද බිමට පැමිණියේ උතුරු නැගෙනහිර බහුතර දෙමල මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් බේරා ඔවුනට නිදහසේ ජීවත් විය හැකි වටපිටාවක් ගොඩ නැගීමේ උතුම් අරමුණෙන් මිස වෙනයම් කටයුත්තකට නොවන බව නම ප්‍රසිද්ධ නොකරන Anonymous මහතා තරයේ මතක තබා ගතයුතුය .

      දකුණේ රණවිරුවන් වරෙක ඇමරිකාව විසින් ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානය ලෙස නම් කර කොටි ත්‍රස්තවාදීන් මුලින් උපුටා දැම්මේ ද ඔවුන්ගේ අරමුණ යහපත් නිසාවෙන් ය .

      කොටි නායකයන් තමආරක්ශාවට මිනිස් පලිහක් නිර්මානය කිරීම කරනකොට ගෙන කොටි නායකයන්ගේ ආත්ම වලට නම් කිසිදා සැනසීමක් උදා නොවනු ඒකාන්ත ය .

      Delete
  6. කියන්න වචන නෑ අයියේ ... පට්ට

    ඔන්න මගේ සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මල්ලි! සමා වෙන්න ඕනේ මොකෙක්ගෙ වත් කිසිම බ්ලොග් එකක් පැත්ත පලාතෙ ගොඩ වෙන්න බැරි උනා. මොනවා හරි ලිව්වොත් පොඩිත්තක් කියන්න. ඇවිත් යන්නම්!

      Delete
    2. මම ඒත් හිතුවා අයියා අලුත් රස්සාවත් එක්ක බිසී ඇති කියල ..

      ඉඩක් ලැබුනොත් බලන්න .

      Andrea
      https://magelokaya01.blogspot.com/2018/12/andrea.html

      නිමක් නොවූ සංචාරය 01 .
      https://magelokaya01.blogspot.com/2018/12/01.html

      නිමක් නොවූ සංචාරය 02, අනුනමයෙන් බේරුණු වල්අලි ප්‍රහාරය , රාවණා ඇල්ලේ දිය කෙලිය සහ බස් එකේ තෙරක් නැති තැබෑරුම.
      https://magelokaya01.blogspot.com/2019/01/02.html

      නිමක් නොවූ සංචාරය 03, සීතලයි කිව්ව එන්ජිම,ලබුකැලේ වත්තෙන් ලැබුණු ආගන්තුක සත්කාර,මරණය පෙනීපෙනී රම්බොඩ ඇල්ලට පැන්න රොකට්ටුව බේරපු මෙහෙයුම එක්ක සීතල මාතලේ අමුවෙන් රැයක්.
      https://magelokaya01.blogspot.com/2019/01/03.html


      ***********************************************************************
      අර ට්‍රැක්ටරයේ පින්තුරය ("ගොම නැති හරකා !" වටේ ආවරණය සහිත බොඩිය) සහ පරිසරය හරියට ඇමරිකාවේ පින්තුරයක් වගේ .

      Delete
    3. මල්ලි පොඩ්ඩක් මට වෙලාව දෙන්න. මම බලලා ලියන්නම්.

      ඔව් කොල්ලො ඕක අන්තර් ජාලයෙන් බා ගත්තු එකක් තමයි!

      Delete
    4. හොදයි අයියේ .... නිවාඩු පාඩුවේ බලන්නකෝ ! :)

      Delete
  7. මුළු කතාවම එක හුස්මට රස වින්දා. මේ කතාවේ කියවෙන චරිත කිහිපයක් ගැනම මටත් මොනවා හෝ කිව හැකියි.

    H. R . නෝනිස් මහතාගේ බම්බලපිටියේ ජයා පාරේ Zoology පන්ති වල මම ශිෂ්‍යයෙක් වෙලා හිටියා පමණක් නොවෙයි, එතුමාට එතුමාගේ CD 185 එක කොන්ට්‍රෝල් කරගන්න බැරිඋනාම හූ කියාපු නඩයෙත් මම හිටියා. ඒ විතරක් නොවේ, එතුමාගේ බාල සොහොයුරා, P. H. E. නෝනිස් මහතා තමයි අපේ (රාජකීය විදුහලේ ) Botany ගුරුතුමා .

    රාජකීය විද්‍යාලයේ ගොඩනැගිලි අරමුදලට ආධාර පිණිස වික්ටර් ගේ 'ස' ප්‍රසංගය රාමක්‍රිශ්නා එකේ පවත්වලා අපි රුපියල් 450 ක ශුද්ධ අලාභයක් අපේ ගොඩනැගිලි අරමුදලට ලබා දුන්නා. නමුත් එකල අපිත් සමග හිටපු "බර කාරයන් " ඒ අලාභ මුදල පියවා ගැනීමටත්, තවත් කීයක් හෝ ගොඩනැගිලි අරමුදලටත් ලබාදී නම්බුව බේරා දුන්නා.

    කොකාවිල් කඳවුර, කොටින් විසින් යටත් කරගත් පසු කැලේ ට පැනගොස් දිවි ගලවා ගත්ත හමුදා සොහොයුරෙකු ගැනත් අවාසනාවන්ත කතාවක් තියනවා. කඳවුර ආක්‍රමණය කල පසු සතියක් යන තෙක්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කිසිදු නිශ්චිත තොරතුරක් ලැබුනේ නැහැ. බෝධි පුජා පැවැත්වීම, සාස්තර ඇසීම , අංජනම්, පේන බැලීම ආදිය සිදු කළා මිසක් රජයෙන් හෝ හමුදාවෙන් කිසිම තොරතුරක් ලැබුනේ නැහැ. සාත්තර වලිනුත් අංජනම් වලිනුත් කියවුනේ ඔහු ජීවතුන් අතර බවයි. දින දහයකට පමණ පසු ඔහු මියගිය බව පවසා, ඔහුගේ මිනිය පවුලට බාර දුන්නා. ඇත්ත සිද්ධිය එලි උනේ තුන් මාසේ දානේ දවසේදීයි. කොටින්ගෙන් බේරෙන්න කඳවුර අතහැර පැනගිය හමුදා නිලදරුවන් දින කිහිපයක්ම කැලයේ සැඟවී සිට, හෙලිකොප්ටර් යානා කඳවුරට පහත් කරන විට, ඒ අනිවාර්යයෙන්ම තම සගයන් බව දන්නා බැවින් නැවත කඳවුර කරා ඇවිත් තියනවා. සතියකටත් වැඩි කලක් නිසි අහරක් නැතිව සිටි ඔවුන් තම අත රැඳී ආයුධ සමග කඳවුර දෙසට දුව එන විට කඳවුරට ගුවනින් ගෙන ආ සොල්දාදුවන්ගේ වෙඩි පහරින් (Friendly Fire ) ඔවුන් මිය ගොස් තියනවා. ඒක යුද්ධයකදී වියහැකි ඉතාමත්ම අවාසනාවන්ත සිදුවීමක්.

    "පාළුගම" කියන ගමේ නම භාවිතයෙන් ඉවත් කර පසු කාලීනව 'කැප්පෙටිපොල' ලෙස නම් කළා නේද ?

    තල් අරණට යන කතාවේ ඉතිරි කොටසත් ළඟදීම කියවන්නට ලැබේවි යයි පතනවා.

    ReplyDelete
    Replies
    1. කොයිතරම් දෙයක්ද. මගේ පරණ කතාවලට අලගු තියන්න ඔබ තුමා සිටීම. ඔව් ඔහු තමා නෝනිස් මහතා. හිලරි රොඩ්නි නෝනිස්!

      ඔව් යුද්ධය තුල කොපමන නම් කතා වෙත්ද ඔවැනි? ඔබ නොලිව්වාට මේ තරුණ නිළධරුවා ගැන ඔබ තුලත් යම් ගරුත්වයක් ඇති මම හිතන්නේ?

      ඔව් මමත් දන්නා පරිදි පාළුගම තමයි කැප්පෙටිපොල උනේ. එහෙත් තවමත් එම පෙදෙසට පාළුගම කියන උදවිය ඉන්නවාලු පැරැණ්නන් අතර.

      ඉඩ ලබුනු සැනින් ලියා අවසන් කරණ්නම්!

      බොහොමත්ම ස්තූතියි සෑම් මහත්තයා ගොඩ වැදුනාට!

      Delete
  8. මම මේ බ්ලොග් එක සැහෙන කාලයක් ඉදං බලනවා. මෙච්චර කල් මේක ලියන බ්ලොග්කරු ගැන තිබ්බ පැහැදීම මේ පොස්ට් එකෙන් පස්සේ නැති වෙලා ගියා.ඒ අපට වැඩි වශයෙන් හම්බෙන අන්තවාදීයෙක් සහ මොහු අතර වෙනසක් නැති බව පෙනී යාම නිසා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! බොහෝ අය ඔවුන් ලියන කියන දෙයින් තෙරුම් ගන්න බෑ. ලංව ඇසුරු කරණ්නම ඕනෑ. නිකංද මොහොදීන් බෙග් කීවේ "හිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා //" කියලා.

      Delete
    2. මා සිටිනා අන්තය පිළිබඳව දැන් ඔබ දන්නවා නොවැ. මට කියන්න ඔබ සිටිනා අන්තය හෝ මත වාදය කුමක්දැයි කියා?

      Delete
    3. මා සිටිනා අන්තය පිළිබඳව දැන් ඔබ දන්නවා නොවැ. මට කියන්න ඔබ සිටිනා අන්තය හෝ මත වාදය කුමක්දැයි කියා?
      ඒකනම් පට්ට

      Delete
  9. Where is the Ana Rest love to stay there in my next visit

    ReplyDelete
  10. ඒක තියෙන්නේ කනගරායන් කුලමේ. පසුගිය පෝස්ට් එකට යටින් මම ලියූ පිළිතුරක එහි දූරකථන අංකය ලිව්වා. මම ආයෙමත් මෙහි ලියන්නම්. සශි - 0779358597

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මේක කියෝල ටික දවසක් උනත් කොමෙන්ට් එකක් දාන්න පහසුකම් තිබුණෙ නෑ.
    සයිකලේ පැද්දට වැඩිය අදනං වෙන වටයක් ගිහිල්ල තියෙන හැඩයි.

    ReplyDelete
    Replies
    1. ඇයි ප්‍රසන්න මගේ තේමාවෙම ලියලා තියෙන්නේ "ටෝක් නොදී කයියක් ගහන" කියලානේ. ඉතින් විටක් කාරිය කාලා කෝපි එකක් බීලා මල ගෙදරක නයිටක් ගහන ගමන් කියන කයිවාරු මෙහෙම තමයි. කේක් එකට වඩා අයිසින් එක, එහෙම නැතිනම් වේල් එකට වඩා මනමාලි පුංචියි වගේ තමයි!

      Delete
  13. ඔබගේ විස්වාස වන්තම ගමන් සගයාව (ස්කොට් එක) මම ලන්කාවෙ ඉන්න මාසෙ මට පදින්න දෙන්නම් කිවුවහම ඇත්තටම මට පුදුමත් හිතුනා. මොකද එ වෙනකොට ඔබ මාව දැකලවත් තිබුනේ නැති නිසා.
    ඔබ දුන්න trek එකටත් ගොඩක් ස්තුති. මම ඊයෙත් 70km විතර පැද්දා නුවර පාරේ. සුපිරි ගැම්මක් තියෙන සයිකලක්.
    ඔබ කියුව සුලන් කතාව නම් හරියටම හරි. සව්දි වල මම ඉන්න හරියෙත් ගොඩක් හුලන් තියෙන හරියක්. අනික මම පදින්නෙත් වාහන අඩුම පාරවල් වල. (දන්නවනේ ඔටුවන්ගෙ ඩ්‍රවිවින්��) එක නිසා ගොඩක් හයියෙන් යන්න බැහැ. එත් ෆිට්නස් වලට මරු. 20km ගියාම 50km ගියා වගෙ මහන්සි.
    එත් නුවර පාරෙ යන එක සාපේක්ෂව ගොඩක් ලේසි. 100km යන්න ඉන්නෙ මෙහෙන් යන්න කලින්. බලමු.

    ReplyDelete
  14. මට ඒ බයිසි එක ඔයාට දෙන්න බැරි වුනාට මට කණගාටුයි දෙවෙනි වතාවටත්. ඊයේ තිබ්බ ඉසව්ව නිසයොඉ එහෙම උනේ. අනෙක කොහොමත් ඕක ඔයාට පොලොවේ ගහ ගහ උනත් පාවිච්චි කරණ්ණ පුළුවන් එකක්! නියමයි!! පදින්න අඹේපුස්සට. ගිහින් එන කොට කිලෝමීටර 100 !
    රට වටේ පදින්න ඔය බයිසි එක තමයි හදාගන්න හදන්නේ!

    ReplyDelete
  15. මාත් මේ ගමන මොටෝ සයිකලෙන්වත් යන්න ඕනා.

    ReplyDelete
  16. ඔව් ඒකත් රසබර අත්දැකීමක් වනු නඅන්ුමානයි! ස්තූතියි! බොහොම කලකින් නොවැ දැක්කේ!?

    ReplyDelete
  17. 25 years old Sri lankan Arith Cooray cycling around Australia.
    http://www.soloandlost.com/

    ReplyDelete
    Replies
    1. රට වටේ පැදීම මගෙත් එක් සිහිනයක්! බොහොමත්ම ස්තූතියි ගොඩ වැදුනාට! මම මේ ලිකුව වසිකට යැව්වා. ස්තූතියි.

      Delete
  18. ආරළු බුරළු එක්ක තිබ්බට විස්තරේ මරු...


    /// මාර්ග සුමටව හොඳින් නඩත්තුව පැවතින. කෙසේ වෙතත් එම මාර්ගය මත අතුරා තිබූ කාපට් ඇතුරුම ඒවන විටත් ළදරු වියේ පසුවූ බවක් පෙනුනි. ///

    මට මතක විදිහට ඔය පාර අපි 2013/14 කාලෙදී හැදුවේ...

    ReplyDelete
    Replies
    1. බොහොම කාලෙකින්! අරළු බුළු නොවෙයි කොළුවෝ මේවාට කියන්නේ "ආරළු බූරළු" ! ඇත්තටම ඒක ගම්වල මිනිසුන් අතර තිබුනු ලස්සන යුගල පදයක්! කෝ ෆොරෙස්ටර් රථේවත් දැක්කෙනෑ සෑහෙන කාලෙකින්!

      සත්තකින්ම ඒ පලාතට වැස්ස අඩු නිසා හෝ වාහන ගමනා ගමනය මද බව නිසා හෝ පාරවල් අද ඊයේ හදාපු බවකුයි පෙන්නුම් කලේ!

      Delete
  19. අප්පච්චියේ අපි එනකොට පැදලා නේද සෑහෙන්න!
    හැබෑටම අරෙහෙම බැලන්ස් එකේ කොලෙත් බලාගෙන සයිකලේ පදින එක නම් නියමයිනේ! එකපාරක් උත්සහ කළා, අපොයි දනිස් දෙකම හම ගිහින් කෙලවර උනේ. ඔක්කොම හරි 'ප්‍රේම්' ගැන කියලා තිබ්බ නිසා. කවදාවත් දැකලා නැති ජාපනේ ඉතින් එක්කගෙන යනවට ස්තුතියි..
    කෝ ඉතින් කිඹුලෝ නැති එකේ අලියෙක්වත් නැතුවද අපේ ලේ පුච්චන්න??? ( පුදුමයි)

    ReplyDelete
    Replies
    1. කොහෙද දෙයියනේ හිටියෙ?

      Delete
  20. This paragraph gives clear idea designed for the new users of blogging, that in fact how
    to do blogging and site-building.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...