Wednesday, November 22, 2017

63. ගඟක් දිගේ ගිය ගමනක් 15

"සැබෑ ඡයාරූප ලැබෙනා තුරු බලන්න නෙගටිව් එක !" 

සීඝ්‍රව ගලා යන  දිය දහරාව වේගයෙන් උඩ පනිමින් දඟලන; නොහික්මුනු තඩාගයට එක්වේ. එතන කැරෙලි ගැසෙමින් පෙරලි කරණ ජලකඳ මහත්වූ වේගයකින් ගලා යයි. පෙන පිඩු නංවමින්  මුලු ගංගාවේම දිය එකට කැලතෙයි.

යාත්‍රාව තවත් මීටර 10 පමණ උඩ පනිමින් ඒ මේ  අත හැරෙමින් එක වරම දකුණට බරවිය. තෙශාන්ත වමට බරවෙනු මා දුටුවෙමි. යත්‍රාව වමට බරවිය. එවිට තෙශාන්ත දකුණට බරවිය. ඊට අනුරූපීව මමද කයාකය මත ඒ මේ අත ඇඹරමින්‍ය.මේ සියල්ල අතරේ අපගේ හබල් ගැසීම එසේමපමා වෙමින්ය! නැවතෙමින්ය!! යලිදු පටන්ගනිමින්ය!!!

මෙතෙක් ගං දියේ වේගය පරයන වේගයකින් පදිමින්; කයාකය මත සිට එහි පාලනය අප අත තිබුනද ; මේ වනවිට  ගං දිය රැළි මගින් එය සාහසික ලෙස ඩැහැගෙන අවසනය.

ජල තලයක් මත ඇති; පතුල අඩ කවයක් වන ඕනෑම වස්තුවක් ගැන සිතන්න. කයාකයේ පතුලද අඩකවයක් හෝ වෘත්ත චාපයක හැඩය ගනී. එය තරමක හෝ ස්ථායි තාවයක පවතින්නේ එහි ඇති තරමක පැතැලි ස්වභාවය කරණකොට ගෙනය. පතුලින් පහතට නෙරා ඇති දාරය නොහොත් කීල් Keel එක මගින් යාත්‍රාවේ දිශානතිය පවත්වා ගන්නවා  සේම පෙරලීමටද යන්තමින් හෝ ප්‍රථිරෝධයක් දක්වයි.

කයාකයක් එක් පසකට පෙරලීමේදී එහි පදවන්නාද එම දෙසට නැවේ. ඔහු අත ඇති  හබලද එම පසටම බරවේ. ඔහුට කල හැකි වන්නේ එයට එදිරිව අනෙක් පසට බරවීම හා ක්ෂණිකව හබලේ පැතැලි මූනත ජලතලය මත තබා එයින් කිසියම් රුකුලක් ගැනීම පමනි. එහෙත් වේගයෙන් ගසාගෙන යන කයාකයක සිටින පලපුරුදු අයෙකු හට හෝ කල හැකි දේ බොහෝ සෙයින් අල්ප වේ.

මාත් තෙශාන්තත් ඒ මේ අතට ඇඹරෙද්දී යාත්‍රාව ගලන දිය මත ඊට හරස් වනු මට මතකය. තවත්  නිමේශයකදී අප අතර ; එතෙක්  ස්ථායි තාවයෙන් පෙරමුණ ගෙන තිබුනු කයාකය අපවෙත කිසිදු අවස්ථාවක් නොතබා පෙරලී ගියේය.

මාත් තෙශාන්තත් දියට වැටුනි. අපගේ ජීවිතාරක්ෂක කබා වල පිහිටෙන් අප නොගිලී සිටිමින්ය.

කයාකයක් පෙරලී යාමේදී පිළිපැදියයුතු ස්වර්ණමය නීතිය The Golden Rule අනුගමනය කරමින් විය. එය අනෙකක් නොව කයාකයක් හෝ වෙනයම් යාත්‍රාවක් පෙරලී යාමේදි එතෙක් අතැති හබල අත නොහැර තබා ගැනීමයි.    

ගලා යන ගඟක  හෝ වෙනයම් දිය දහරාවකදී කයාකයක් හෝ වෙනයම් යාත්‍රාවක් පෙරලී ගියවිගස සිහිතබා  ගත යුතු  වැදගත්ම කරුණ එයයි. බොහෝවිට යාත්‍රාවේ එල්ලීමට යාත්‍රිකයින්  හට සිහි නුවන ඇතත් හබල තමා කෙරෙන් ඈත්වී යන අවස්ථා බොහෝ ඇත.

ජල ක්‍රීඩා වල ස්වර්ණමය නීතිය The Golden Rule වන “තමා කෙතරම් පිහිනුම් ශූරයෙකු වුවද ජීවිතාරක්ෂක කබායක් ඇඳීම අනිවාර්යය!”යන්න නිසා තම නිදහස් අතක්  මෙහෙයවා කයාකය තමා ආසන්නයේ රඳවා තබා ගැනීම එතරම් අපහසු කරුණක් නොවේ. එහෙත් හබල ඉතා ඉක්මනින් දියේ ගසාගෙන; තමා කෙරෙන් වියෝවී  කිසිදු දිනෙක යලි හමු නොවන්නට වුවද ඈතකට යාමට ඉඩ ඇත. එම වියෝව තමන්ට පෙනි පෙනිය !

 එසේම ගසා ගෙන ගොස් අතු පතර හිරවුනු කලට; හබල නැවත සොයා ගැනීම ඉතා අසීරු කරුණක් වනු ඇත. කැළණි ගඟේ රංවල ඇල්ලේදී අම්රාන් අතාස්ගේ කයාකය පෙරළී; ඔහුගෙන් ගිලිහුනු හබල නැවත අත්පත් කරගැණීමට  අපට පැයකට  ආසන්න කාලයක් මිඩංගු කිරීමට සිදුවිය.    

ඊළඟ මොහොතේ අප තිදෙන එනම්  මමත් තෙශාන්තත් උඩු යටිකුරුවූ කයාකයත් පරඬැල් මෙන් ගසා  ගෙන යන්නට විය. 

ගඟ දිය; රැළි නංවමින් වේගයෙන් පහලට ගලායයි. තෙශාන්ත නිරුපද්‍රිතව කයාකයේ එල්ලී සිටිනු දුටු විට මගේ සිත තරමක් තැන්පත් විය! තවත් මීටර 10 – 15  ගස යෑමෙන් පසු රැළි ස්වභාවය  තරම අඩුවූ අතර අපට අපගේ කයාකය  නැවත නිවැරදි අතට හරවා ගැනීමට නොහොත් උඩු යටි කුරු වූ කයාකය යටි උඩු කරවීමට   හැකිවිය.

ක්ෂණිකව  තෙශාන්තත් මමත් ඊට ගොඩවුනු අතර මා ආපසු හැරී බැලුවේ කණ්ඩායමේ  ඉතිරි අයට කුමක්  සිදුවී දැයි කියාය.

 අපගේ යාත්‍රාව ශ්‍රී ලංකාවේ නිශ්පාදිත ෆයිබර් කයකයකි. එය බරින් කිලෝ 40 ක් පමන වන යෝදයෙකි. මෙහිඇති සුවිශේෂී ගුනාංගය වන්නේ  උපරිම ස්ථායි තාවයකින් යුක්ත වීමයි. එය පෙරලී ගියේ නම් අනිත් කයාක  ගැන කවර කතාද? වෙහෙර ගිල්ල යකාට අග්ගලාව කජ්ජක්ද කියා පැරණි කියමනක් ඇත ! 

අප ආපසු හැරී බලන  විට ඉතිරි කයාක දෙකද අකාරුණික ලෙස පෙරළී ගොස් සියල්ල සීසීකඩ වී තිබුනි !

වසික -මයිත්‍රී කයාකය අප පසුකර ගෙන ටික දුරක් ගොස් පසුව පෙරලී ගියේය.  

පසිඳු - ධම්මිකලාගේ ක්‍යාකය පෙරලී ගසාගෙන පැමිණ ගලක හෝ වෙනයම් බාධාවක  රැඳී තිබුනි. දම්මික කයාකය සමගය. පසිඳු ටික දුරක් වතුරේ ගසාගෙන විත් කයාකය හා ධම්මිකට රැඳුන තැනට  මීටර 5 ක් පමන පහලින් නැවතී සිටියේය.

ධම්මිකට   තමා අසල ඇති කයාකය බාධකයෙන්  ගලවා ගෙන පහලට ගෙන ඒමට හෝ පසිඳුට වෙගවත් දිය පහරේ ඉහලට යාමය  නොහැකිව සිටියෝය. 

ඊළඟ නිමේශයේ බාධකයෙන් මිදුනු යාත්‍රාව දිය පහරේ පහලට ධම්මික සමගින් ගසාගෙන ආවේය.  මමත් තෙශාන්තත් අපගේ කයාකය ඉදිරියට ගෙන ඔවුනට එම අවස්ථාවෙන් මිදීමට අප උපකාර කලෙමු.

මෙවන් අවස්ථාවක අප එකිනෙකාට උදව් උපකාර කිරීමට ඇති හැකියාව ඉතා අල්පය. එහෙත් අප සැම දෙනම වේගයෙන් යන ජල පහරේ අනෙකාගේ ස්ථාවරත්වය පිළිබන්න්දව විපිළිසර වූයෙමු. 

කණ්ඩායමක තිබිය යුතු ප්‍රධාන ගුණාංගයකි අන ය පිළිබඳව සොයා බල කටයුතු කිරීම.

කිසියම් පුද්ගලයෙකු කෙතරම් දක්ෂ පිහිණුම් ශූරයෙකු ,පදින්නෙකු හෝ ජීවිතාරක්ෂකයෙකු වුවද ඔහු තුල කණ්ඩායම් හැඟීමක් නොමැති වේ නම් මෙවැනි අන්තරයකාරී අවස්ථාවකදී ඔහු වෙතින් ඇති එකම වාසිදායක කරුණ වන්නේ ඔහු ගැන නොසිතා අන් අයට තම තමන් වෙනුවෙන් වෙහෙසීම හා මනස යෙදවීම පමනි.

නමුදු මෙවන් චාරිකාවකදී, ගවේශනයකදී ඇවැසි වන්නේ ඉතා පරාර්ථකාමී  ලෙස; පොදු යහපත,  කණ්ඩායමේ ආරක්ෂාව ගැන සිතන කටයුතු කරණ ගමන්  සගයන්ය. අප කණ්ඩායම ඒ නයින් ගත්කල බොහෝ වාසනාවන්ත වූහ!

එම ඇල්ල තරණයේදී නොපෙරලී වඩාත් දුරක් ගමන් කිරීමට හැකි වූයේ වසික - මයිත්‍රී යුගලයටය. එය ඔවුන් සතුවූ ජවාධිකබව නිසා ලත් ජයක් ලෙස මා දකිමි. 

එසේම පෙරමුණ ගත් අපේ කයාකය දිය  රැළි හා ගැටෙන අයුරු හා එහි හැසිරෙණ විලාශය ඔවුනට දක්නට ලැබුනු බැවින් එයින් පූර්වාදර්ශයක් ලබා කිසියම් සැළසුමකට අවශ්‍ය දත්ත එක් කරගන්න ඇත.

ඉතා කෙටි වේලවකදී කයක සියල්ල යටි -උඩු කර ගත්තෙමු. එහෙත් අපගේ කයාක මත ගැටගසා ගෙන තිබූ  බොහෝ අඩුම කුඩුම ,අහාර සඳහා ගෙන ආ පාන් බිස්කට් වැනි දෑ ද අප ගේ ඇඳුම් පැළදුම්ද ගඟ දිගේ ගසාගෙන යමින් විය.

මුළු ගඟ පුරා විසිරී ගිය දේ අප හැකි  හැකි අයුරින් ගොඩදාගත්තද  අපගේ ඇදුම් සියල්ල තෙත බරිතවී තිබුනි.

අප ඒ පසු කලේ “කිරි අම්මා ඇල්ල” බව පසුව දැන ගත්තෙමු. ඒ නම කවුරුන් විසින්; කවදා; කුමන අරමුණක් පෙරදැරි කරගෙන යෙදුවා දැයි අප නොදන්නා මුත් එහි ඇති මුරණ්ඩු ස්වභාවය; වයසට ගොස් හැරමිටියෙන් ගියද තමන්ගේ අභිමතය  පරිදි කටයුතු කරණ අච්චි අම්මා කෙනෙකු සිහි ගන්වයි.

 “ මා කාටවත් නතු නොවේ! එහෙත් සෑම සියළුදෙනාම මගේ වදනට අවන්ත විය යුතුයි !” 

මේ ඈ සිතූ හැටි වියයුතුයි.

 “මා කිසිවෙකුගේ  වහලෙකු නොවන්නාසේම කිසිවෙකු මාගේ වහලෙකුද නොවන්නේය” යැයි මාර්ටින් ලූතර් කිං වරෙක පවසා ඇතත් මේ කිරි අම්මා සිතා ඉන්නේ සියල්ලෝ ඇගේ වහළුන් යැයි කියාද ?

“එළ!........”

“එළ !!........”

“එළ !!!........”

“එළ !!!!........”

“………..”

“………..”

ගැඹුරු ගංදියේ කරණම් ගසා උඩු යටිකුරුවී සියල්ල දියෙන් තෙත් කරගත් අප එක වචනයකට අප සියල්ලන්ගේම අදහස්, හැඟීම් ගලපා ගතිමු!

ධම්මිකගේ ගෙලේ එල්වා සිටි  Go – Pro කැමරාවේ මෙම සිදුවීම යාන්තමින් සනිටුහන් වී ඇත.අපගේ කයාක පෙරලී යනු එහි  කදිමට සනිටුහන් වී ඇත.

මෙම ලින්කුවෙන් You Tube හි  ගාල් කොට ඇති මෙම වීඩියෝව බලාම ඉතිරි ටික කියවමු.


 

පම්පෝරියේ ඩිජිටල් මුහුණුවර!

සියල්ල නිරුපද්‍රිතවය.


දියබත් වූ සියල්ල සමගින් අප යාත්‍රා පදිමින්  විය. 

අප වතුර පෙරෙමින්ය!  මේ වන විට හිරු පසු ගමන් අරඹා තිබුනි.සෙමෙන් සෙමෙන් කයාක ඉදිරියට ඇදෙමින් විය. ඒ වන විට අප ඝන වනන් තරයට ඇතුලු වී පැය 6 ක් පමණ ඉක්ම ගොස්ය.

අප ගමන් ගන්නේ ගඟේ වම් ඉවුර ආසන්නයෙනි. මන්ද දකුණු පස ගල්පර හා වැලි කඳු ඇති බැවිනි. ඉන් සමහරක් දියෙන් මතුපිටද ; තවත් සමහර ඒවා දිය යටද පිහිටා තිබුනි. 

වේගයෙන් ගමන් ගන්නා කයාකය වැල්ලේ සිරවූ විට එය ගලවා ගැනීම අතිශයින්ම අපහසු කටයුත්තකි. එයට ප්‍රධන හේතුව වන්නේ;  ගං දිය නිරන්තරයෙන් කයාකය තව තවත් වැලි පරය දෙසට තෙරපාගෙන සිටින හෙයින්ය.  එවිට අපට සිදුවන්නේ යාත්‍රාවෙන් එළියට බැස කෙටි දුරක් එය ඇදගෙන යාමටය. එහෙත් බොහෝ විට සිදුවන්නේ ඉතා කෙටි දුරකින් එය නැවත පෙරටත් වඩා තදින් සිරවීමයි. බරින් වැඩි  අපගේ කයාකයට මෙය බරපතල පාඩුවක් විය.

අනෙක් කයාක් දෙකම PVC – Polyvinyl Chloride  ඒවාය.

බොහෝ විට සකසා  ඇත්තේ  PE-Polyethylene  හෝ   LDPP-Low Density Polypropylene   වලිනි.  එනිසා ඒවා බරින් අඩුය. ඒනිසාම එය දිය මතුපිට හොඳින් පාවෙයි. එනිසා දිය යට ඇති වැලි කඳු මතින් එය පහසුවෙන් ඇදගෙන යා හැක.

අපේ ගමන ඇරඹීමට පෙර එකතුවූ විටෙක තෙශාන්ත මා හා රහසින් පැවසූ පුවතක් විය. ඒ මහවැළි ගඟේ වැළිතලා යටින් වේගයෙන් බසිනා ජල දහරා ඇති බවත්; ඒවා මතට අඩිය තැබුවහොත් භයානක ලෙස එරී ගිලී යන බවත්ය!

මෙය  ඕස්ට්‍රේලියාව වැනි රටවල ඇති  Quick Sand වැනි තත්වයක් ලෙස මා සිතුවෙමි.  Quick Sand එකකදි ඉන් ගැලවීමට කල යුතු හොඳම හා එකම පිළියම  වන්නේ වැල්ල මත වැතිරීමය! 



දොයි දොයිය බබා- එරෙන වැල්ලෙ නිදන් පුතා

දෙපයින් සිටගත් විට එමගින් වැල්ල මත ඇතිකරණ   පීඩනය වැඩි බැවින්; පොලොව මත  වැතිරීමෙන් කරණුයේ තමාගේ නොවෙනස්  ස්කන්ධය බලපාන ක්ෂෙත්‍රඵ්ලය වැඩිකොට එමගින් පොලොව මත ඇතිකරණ්නාවූ පිඩනය අවම කොට අවදානයෙන් ගැලවීමයි. 

(“වර්ග ඒකක එකක පැතිරුණු   බලය පීඩනය  වේ” නාලන්දාවේ 8 පන්තියට විද්‍යාව උගැන්වූ ජී එච් ගෞතමදාස මහතාගෙ අර්ථ දැක්වීමය!) 

මෙය හිතන්නට පවා බියජනක අත්දැකීමක් මෙන්ම පන පිටින් අපායෙ යැමක් ලෙස මාහට හැඟිනි.
Quick Sand එකකදි බිම වැතිරී ගැලවී ගන්නට හැකි වුවද ගඟක වැතිරෙන්නේ කෙසේද? වැලිවල ගිලෙන්නට පෙර  දියේ ගිලී මරු මුවට  පත්වීමට හේතු විය හැක!

වැලි කඳු වල කයාකය සිරවී වැල්ලට පය තබන මොහොතක් මොහොතක් පාසා මෙම ප්‍රවාදය මාසිතට නැගුනි. එහෙත් පනපිටින්  අපාගත වීමකට අප කිසිවෙකු හාජනය වූයේ  නැත. මෙසේ කයාකය සිරවූ සෑම අවස්තාවකදීම එය සාපේක්ෂව  වඩාත් ගැඹුරු දියට ඇදගෙනගොස්  ගොස්  ගමන යලිදු  ගමන ය. මෙසේ  බොහෝ දුරක් ගට්බොහෝ දුරක් ගමන් ගත්ම; වම්පස  ඉවුර මතුපිට  කිසියම්; තද කොල පැහැති ගොඩ නැගිල්ලක ගහ්  අතරින් යාතමින් දුටුවෙමු. මෙය පල්මුවෙන්ම දුටුවේ කවුරුන්දැයි මේ මොහොතේ මාහට මතක නැති වුවද එය කුමක් දැයි මෛත්‍රී එකවරම හන්න්දුනාගත් බවනම් මාහට මතකය.

" මහවැළි ......!”

නන්නාඳුනනා දේශයකදී; හොඳින් දන්නා හඳුනන කෙනෙකු හමුවූ කලෙක මෙන් සතුටකින් මෛත්‍රී ඉපිල ගොස්ය!

වස්ගමුව අභය භූමිය තුල ඇති වනගත නිවස්නයන්ගෙන් එකක් වූ මෙහි පසුපස බිත්තිය දුටු පමනින් එය හඳුනා ගන්නට ඔහුට හැකිවී තිබුනි.

එවනවිට අප බොහෝ හෙම්බත්ව සිටිඅතර; අපට ආහරයක් හෝ පානයක් ලැබෙන සුන්දර හිංඳි චිත්‍රපට කතාවක; දෛවෝපගත සිද්ධීන්ගෙන් අනූන චර්ල්ස් ඩිකන්ස්ගේ, අලිසන්දර දියුමාගේ කතාවක මූලාරම්භයක් ලෙස මෛත්‍රීගේ මේ “සොයාගනීම  හඳුනාගැනීම නම්කිරීම” මාදුටුවෙමි !

ඒ නිමේශයේ මෛත්‍රී අප සැමගේ එකම ගැලවුම්   කාරයානෝ විය! අප ඒ වන විට දැඩිව වෙහෙසට පත්ව සිටියෙමු . පාසල් සිසුවකු වූපාසල් සිසුවකු වූ වසික හැරෙන්නට අප  කණ්ඩායමේ අනෙක් සියළු දෙනා අපේක්ෂා කලේ “ඇඟ රත්වෙන්නට” යමක්‍ ය. මේ සඳහා වසික හට තේ කෝප්පයක්, කෝපි කෝප්පයක් සෑහෙන මුත් අප බල පොරොත්තු වූයේ ඉන් එහා ගිය යමක්ය!

කෙතරම් බාධක , වැට කඩොළු ,නීති දැමූවද වනන්තරයක  රැයක් ගත කිරීමට, වන  බංගලාවක නිවාඩුවක් ගතකිරීමට යන ඕනෑම පෘතග්ජන  සත්වයෙකු තම ඇති හැකියාව අනුව සංස්ථා ගල් අරක්කු බෝතලයක සිට ඉහලට ඇති කිසියම් හෝ මධුවිතක් රැගෙන පැමිනීම ඉර  හඳ සේ විශ්වාස කල  හැකිය කරුණකි.

මෙවැනි ගමනකට  අනිවර්‍යයෙන්ම රැගෙන  යා යුතු; විදුලි පන්දමක්, ගිණි පෙට්ටියක්, ඉටිපන්දමක්, සිතියමක්, දූර දක්නයක්, රථයේ අමතර රෝදය, අමතර ඉන්ධන, ජැක්, වීල් බ්‍රේස්, ප්‍රථමාධාර මල්ල වැනි අත්‍ය අවශ්‍ය   දෙයක් මග ඇරී ගියද අරක්කු බෝතලයක් සරමක හෝ තුවායක් ඔතා තම ගමන්  මල්ලේ අඩියටම දමා  රැගෙන එන්නට; දුම් පනය කරණ්නෙක් නම් සිගරට් පෙට්ටියක් එකතු කරගන්නට අපේ සංචාරක මහත්වරුන් බොහෝසෙයින් විපිළිසර වේ.

එසේම එයින් කිසියම් මාත්‍රාවක් වන නිවස්නයේ සේවක මහතුනටද ලැබීමෙ ප්‍රවණතාවයක් පවතී. මයිත්‍රී නොදන්නා වන ජීවී නිළධරයෙකු සිටිය නොහැක .ඒ නිසාම මෛත්‍රීර මේ අවස්ථාවෙදී  කල හැකි හොදම හා සර්ථකම “ඇම” වන්නේය. 

මේ සියල්ල සිතෙහි දරාගෙන  මෛත්‍රී ගේ සිතෙ හි ඇති “උනන්දුව” නමැති දුන්න අප විසින් හොදින් පනගන්වමින් විය. පොඩි ළම්යෙකුට සේ ගිහින් ඇසිය යුතු ප්‍රශ්ණ හා ඒවාට ලැබෙන පිළිතුරු පිළිබදව දැනුවත් කලෙමු .

ගඟක එක් ඉවුරකට සාපේක්ෂව අනෙක් ඉවුර ගැඹුරු වනවිට එම පස ජල කඳේ වේගයද අධික වීම ඉතා ස්වභාවික තත්වයකි. අප ගමන් කරණ්නේ මෙම ගැඹුරු දියේය.    ඉවුර ඉළුක් හා වෙනත් තණ පඳුරු වලින් වැසී ගොස්‍ය. ඉවුරෙ ආනතය  බොහෝ සෙයින්ය. ඉවුර අඩි 30 ක් පමන  උස්‍ය. මෙම ඉවුරේ එක් විසල් කුඹුක් ගසක් තම අතු පතර නැබුරු කර ගනිමින්ය.



  සියල්ලටම ඉහලින් වන නිවස්නය හොදින් හොදින් පෙනේ. මා හා තෙශන්ත රැගත් කයාකය  හා පසිදුලාගේ කයාකය අසීරුවෙන් ඉවුර අසලට ගතිමු. අසීරුවෙන් ඉවුර අසලට ලංකරගත් අප අසල අවුරේ තනකොල පදුරු වල එල්ලී ගමන නවතා ගතිමු.කයාකය අප අත හැර ගගේ පාව යන්න ට උත්සාහ ගනිමින්‍ය. එකවරමමෛත්‍රීගේ කයාකය අප අසලට වේගයෙන් පැමිනෙමින් විය.

“මයිත්‍රී මල්ලි පලයාන් ! ගිහින් වැඩේ හරියට දීපන් …..” 

මාපසු කොට ඊ ගහක් සේ ඇදෙන කයාකයේ ඉදිරියේ සිට මයිත්‍රීට මා කෑ ගැසුවෙමි. 

එම ස්ථානයේ ගඟ බොහෝ සෙයින් ගැඹුරු ඉසව්වකි. තීරුවකි. වතුර තද කොල පැහැතිය. එම ස්ථානය හා ඒ අවට රූස්ස කුඹුක් ගසකින්  වසාගෙනය. මුළු ගඟේම ජලයෙන්  ඉතා වැඩි ප්‍රථිශතයක් ගලන්නේ මෙම තීරුව හරහාය. එනිසාම එම ස්ථානයේ තියුනු හැඩපහරක් නිර්මාණය වී තිබුනි!

ඉවුරට නැගීමට ඇත්තේ තියුණු බෑවුමකි. වන නිවහනට ගොඩ වීමට නම් කයාකය ඉවුර අයිනට ගෙන එයට ගොඩ විය යුතුය. කයාක පැදීමේදී පසු පහරක් backstroke ඇත. 
සාමාන්ය වේගයකින් කයාකය ගමන් ගනිත්දී එමගින් කයාකය නැවැත් වීමට හෝ පසුපසට ධාවනයේ යෙද වීමට පුළුවන. 


පියවරක් ඉදිරියට -පියවර දෙකක් පසුපසට- ලෙනින් තෝරාගත් කෘථි වෙළුම් 12

බෝට්ටු , නැව් ආදියේද ගමන් නවතා  දැමීමට  ඇවැසි වේලාවට එහි අවර පෙත්ත propeller ආපසු කර කැවීමට සලස්වයි. 


දක්ෂිනාංවෘථ ඉදිරියට! වාමාවෘථ පසුපසට!! මේ වාලාම්පූරි ගැන නෙවේ! 

වෝටර් ජෙට් වලද ජල ප්‍රවාහය ආපසු නෝඑසේ නම එතෙක් ගැලූ දිශාවට විරුද්ධ දිශාවට ගමන් කර වීමට සලස් වීමට සකසනවා වියයුතුය.


ගගන ගත නොවන  ජෙට් - වෝටර් ජෙට්!

 එහෙත් මෙවන් වේගයෙන් ගමන් ගන්නාවිටදී පසුපස පහර යනු නාම පදයක් විනා ක්‍රියා විශේෂනයක් නොවන්නේය.
එහෙත් පැවති "දැඩි අවශ්යතාවය" නිසාම කුමක් හෝ කල යුතුව ඇත.
කයාකය උපරිම ත්වරණයකට ලක්වී විදියි!

අපේ කයාකයත්  පසිඳුලාගේ කයාකයත් එතෙක් රැඳී තිබුනු වන ඉලුක් පඳුරු ගලවාගෙන යන්නට් ඔන්න මෙන්නය!

තවත් ස්වල්ප මොහොතකින් කයාකය ගමන් ගන්නේ දියට නැමුනු කුඹුක් අතුපතර අතරින්ය.   මෙම ස්ථානයේ කයාකය නවතා ගැනීමට නොහැකි වුවහොත් එය නවතින්නේ තවත් මීටර 200 කට පමන ඈතිනි!

කරණ්නට ඇත්තේ එකම දෙයකි. ඒ භාහිර බලවේගයක පිහිට පැතීමය.

ඊට සුදුසුම සාධකය ඔවුන් ඉදිරියේය. දෙදෙනාම එකවර ක්‍රියාත්මක විය.

ඔවුන් මහත්වූ ආයාසයෙන් ගඟට නැමුනු අතු දෙකක් අල්ලා ගත්තෝය! 

  

දියෙන් බිහිවී දිය රකින්නට දිවිය ඇතිතෙක් දිවි ගෙවන්නෙමි!
කුඹුක්!

25 comments:

  1. තිබුන ලොකුම අඩු පාඩුවක් අද සම්පුර්ණ කරලා ...නැති වෙලා තිබුන ටික හොයා ගත්තද අය්යේ ...වීඩියෝ එක බලනකොට "කිරි අම්මා ඇල්ල" එච්චරම සැරයි කියලා පෙන්නේ නෑ .අපිට වැඩිය හොදට එක ගැන දන්නේ ගිය ඔයලානේ

    ReplyDelete
  2. යූ ටියුබ් වීඩියෝ බලල ඇල්ල කිව්වම මම හිතුවෙ අඩි ගානක් උඩ ඉඳන් වැටෙන එකක් කියලා.

    ReplyDelete
    Replies
    1. මොනාවුනත් වැඩේ සෑහෙන්න බරපතලයි වගේ.

      Delete
    2. Rapids පෝස්ටුව කියවන්න!

      Delete
  3. වීඩියෝ එකේනං අරක ඇල්ලක් වගේ පේන්නෙ නෑ. ඒත් සැඩ පාරනං ජයට තියෙනව වගෙයි.
    මේ ගමන කතාව ඉතිං රත්වෙන ජාති හොයන තැනිංම නවත්තල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. Rapids පෝස්ටුව කියවන්න!

      Delete
  4. අනිත් පොටෝ ටිකත් ඉක්මනට හොයලා දාන්න. එතකොට වැඩේ තවත් ලස්සනයි. කායක් පැදිල්ලත් ලේසි නෑ වගේ. හොද ජවයක් තියෙන්න ඕනි නේද? කෑම ටික වතුරේ ගියපු එකටනම් මටත් දුකයි. හොදටම බඩගිනි වෙලාවෙනේ ඒක උනේ. රැට කොiහෙද නතර උනේ.

    ReplyDelete
    Replies
    1. ඊළඟ පෝස්ටුවෙන් ඉතිරිය කියවන්න!

      Delete
  5. ගඟේ සාමාන්‍ය විදිහට ජලය ගලා බසින විටත් අර වැලියටින් යන ජල පාර තියනවද නැත්නම් ගඟ හිඳුනහමද?

    ReplyDelete
    Replies
    1. නෑ ප්‍රා-ජේ එහෙම තියෙනවා කියලා තෙශා කිව්වට එහෙම දෙයක් හමුවුනේ නෑ!

      Delete
  6. https://www.kayakpaddling.net/4-4

    ReplyDelete
  7. ඇල්ලකින් පහට වැටුනාය කියලා අපිව බය කොරලා මේ බලන්නකෝ ලියලා තියෙන සංවරකම! වෙලාවට අර වීඩියෝ එකේ සත්‍ය තත්වය හෙළිකරලා තිබ්බ නිසා හොඳයි. මම ඇත්තටම හිතුවේ වීඩියෝ එක වොයිස් කරලා ඇතිය කියල. එහෙම කලානම් පංකාදු දොළහයි. ( ඔන්න දැක්කද ඉතින් අපිට අඩුපාඩු කියන්න හරි සූරයි හරිද?)

    තේමාවේම ඉඳලා ලියාගෙන ගිය හින්දද කොහේදෝ මේකේ තට්ට ගතිය අඩුද මන්ද. අර ගහගෙන ගියපු අඩුම කුඩුම ගැන දුකයි, ඒ උනත් ඒ ටික අතරේ කැහි කූරු එහෙමත් තිබ්බද? අනේ සාදු එහෙමනම්!!!!

    දැන් රෑ හිටපු එකද ඊළඟට? හම්මියෝ මරුනේ!

    ReplyDelete
    Replies
    1. Rapids පෝස්ටුව කියවන්න! හදිසියෙනි! සියල්ල! ඊළග පෝස්ටුවෙන් කියවන්න!

      Delete
    2. https://lanka.com/activities/sea-kayaking/

      මේ ලංකාවේ සංචාරක කර්මාන්තය කරන කට්ටිය එක්කෝ දන්නේ නැහැ, නැතිනම් උන් දන්නෙම නැහැ. බලන්නකෝ විලිලැජ්ජා නැතුව Sea Kayaking ගැන කියල තිබ්බට මේ වගේ ගඟේ යන්න පුළුවන් කියලා කියලා නැති හැටි!!

      ඉල්ලීමක් (වගේ එකක්) බැරිද මේ සයිට් එකේ උන්ව දැනුවත් කරන්න? ( ගොන් කතාවක් තමයි මම ඉතින් කිව්වොත්)

      Delete
  8. ඕකට පොඩි කොල්ලෑවක් සෙට් කරගත්තනං පෙරලෙන්නෙ නැති වෙයි නේද ..??
    හප්පා අරං ගිය බෝතල් ඔක්කොම ගඟේ ගියාද ...??

    ReplyDelete
  9. වාව්.. මේක කියවන්න ගනිද්දිම දැක්කේ රැපිඩ් පෝස්ට් එකත් දාල.. ඒකත් කියෝලාම ඉන්ට ඕනි..

    ReplyDelete
  10. //අත්‍ය අවශ්‍ය දෙයක් මග ඇරී ගියද අරක්කු බෝතලයක් // අත්‍ය අවශ්‍ය දෙයක් නොවේද එතකොට බෝතලේ.?

    වීඩියෝ එකේනම් ඒ හැටි දරුණුවට පේන්නෙ නෑ ඒත් ෙපරලුනු විදියට නම් සැරයි වගේ







    දැන් ඉතින් බලංහිටපල්ලකො හොයපු දුේ හමු උනාද දැනගන්ට

    ReplyDelete
  11. Oya agae amaruwa kawada hoda wiyda manda!!

    ReplyDelete
    Replies
    1. Anee mandhaa! balamu me awurudhdhe 23/24/25/26 wath hariyayidha balamu!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...