Saturday, September 16, 2017

49. ගඟක් දිගේ ගිය ගමනක් 9

ගංගා තරණයටඑන්න මගේ ප්‍රිය මිතුරෝ..........................!

ජාතියට බත සපයන මහවැළි නම් මව!

    බොහෝ ලේඛකයින් පෙර වදන ලියන්නේ ; මුල්කෘතිය ලිවීමෙන් පසුවය.
පෙරවදන් කියවීමේදී මේ වග පසක් වෙයි. පසුව නොලීවද ;පෙරවදන සම්පූර්ණ කරන්නේ මුල්කෘතිය ලිවීමෙන් අනතුරුවය. 

“ගඟක් දිගේ ගිය ගමනක්”හෝ එහි පෙරවදන නොහොත් පෙරගමන එවන් වූවක් නොවේ. මන්ද පෙරගමනින් සෑහෙන කලකට පසු කතාවට ප්‍රස්තූථවූ ගමන යන්නට කරුණු යෙදුනෙන් පෙරවදන සම්පූර්ණ කිරීමට අවශ්‍ය තරම් කාලය තිබුනි.
සත්‍ය වශයෙන්ම සිදුවූයේ මුලදී පෙරවදන නොහොත් පෙර ගමන; ප්‍රධාන ගමන යැයි  සිතා  ලියා තැබූවද; දෙවන ගමන යන්නට සූදානම් වෙත්දීම මුල් ගමනට එතෙක් තිබූ වටිනාකම අඩුව ගොස් එය පෙරවදන බවට ස්වයංක්‍රීයව පරිවර්ථනය වීමය!
කැළණි ගං  චාරිකාව නිමාකල දිනයේ පටන් මාගේ මිතුරන් දෙදෙනාගේ ඊළඟ අභිලාෂය වූයේ තවත් එවන්ම වූ ගවේශනයක  යෙදීමය. මෙවන් ගවේශනයක නියම වින්දනයක් ලබන්නට නම් තෝරාගත යුත්තේ කිසියම් ප්‍රථිමාමය අපූර්වත්වයකින් යුත් ගංගාවකි.
එසේ නොමැතිව තමන්ට පහසුවෙන් කල හැකි වූ පමනින්;  ගමන නිමකල විට තමට උපරිම සතුටක් වින්දනයක් ගෙනදෙන්නේ නැත.   
එය; කිසිවෙකු තමන්ගේ අපල උප්ද්‍රවයන්ගෙන් මිදීමට  පිටකොටුවේ බෝධියට  බෝධිපූජාවක්  පවත්වන්නට යනවා වැනිය ! 
කිසිවෙකු පිටකොටුවේ බෝධිය බලන්නට වන්දනා ගමන් යන්නෙද නැත !

ඩීසල් දුමින් සුගන්ධවත්ව , වීදි ලාම්පු එලියෙන් එළිය වී , වට වැස්සෙන් නැහැවෙමින්  සියල් සතට සෙවන ස ;කපුටන් දහසකට නිවාසය වෙමින් - පිට කොටුවේ බෝ ගස!
(එතකොට මේවා බෝධීන්නාන්සෙලා නොවෙයිද?)

මේ සියලු ගවේශන චාරිකා යනාදිය; කියවන ලද පොත් , නරඹන ලද චිත්‍ර පටි , අසන ලද කථාන්දර  හා සිතේ ඇතිවන සිතුවිළි යනාදිය මත ගොඩනැගෙන , ගොඩනංවන ලද සුන්දර තීන්දු , තීරණ , ක්‍රියාන්විත ලෙස දැක්විය හැක. 

බොහෝ පරිසරයට ආදරය කරණ , ගවේශකයින් සංචාරකයින් මෙවන් ගමනක් සඳහා ගඟක් තෝරා ගැනීමේදී, වැඩි  අවදානමකින් තොරව වැඩි දුරක් ගමන් කිරීමට හැකිවීම, ගමන් මග වැටී ඇති පරිසර පද්ධතිය, වැනි දේ පලමුව සොයා බලති.
මේ සියල්ල සමග නොකී තවත් රහසක් ඇත! ගමන ගිය පසු පෞද්ගලිකව තමන්ටත්; පසුව අන් අය හා  දොඩමළුවනවිට ඒ අයටත් කිසියම් වීරත්වයක්,  අපූර්වත්වයක්, විචිත්‍රත්වයක්, සුන්දර්ත්වයක් ,දැනෙන කතාවක් ගොඩනැංවීමට හැකි ගමනක් විය යුතුමය.
මේවා සියල්ල එකෙක් අයට එකෙක් ප්‍රමාණයන්ගෙන් හැඟෙන දැනෙන ඒවා විනා කිසියම් සම්මත් නීතියක් රීතියක් අනුව ගොඩනැගෙන සිතුවිලි නොවන්නේය ! 
පුද්ගල භාවන්  වන්නේය !

“අනින ගොනා වැඩට දස්සයි !” යනු පැරණි ආප්තෝපදේශයකි. මින් අදහස්  කරණ්නේ සියළු හීලෑ ගොනුන් අලසයින් යන්න නොවේ.
එසේම මෙවන් වැඩ කරණ්නේද එවන්ම වූ වෙද පොතේ බෙහෙත් නැති ; බටහිර වෛද්‍ය විද්‍යාව තුලින්ද තේරුම් ගැනීමට නොහැකිවූ “මුදල් අමාරුව” වැනිම වූ තවත් රෝගයකින් පෙළෙනවුන්‍.

මේවා කල පමනින් නොසිට ඒවා කියවීමෙන්ද; කියවා පමනක් නොසිට ලිවීමෙන්ද; ලියා පමන්ක් නොසිට ඒවා ප්‍රසිද්ධියේ පලකිරීමෙන්ද; “අසනීපයේ” තරම ගැන හුදී ජනයාට සිතාගැනීමට හේතු සපයනවා ඇත.

වැඩක් ඇති දේ එමට තිබියදී මේවා කියවන සහුර්දයන්ටද මේ “ලෙඩ” බෝවීමට
 බොහෝ සෙයින් හේතුවිය හැක ! සමහර විට මේවන විටත් රෝග කාරක 
විෂ බීජ ශරීර ගතවී තිබීමට ද  පුළුවන !

ලංකාවේ යාපන අර්දධ්වීපය ඇතුළු සුලු ප්‍රදේශ කිහිපයක හැරෙන්න ; 
අන් සෑම ප්‍රදේශයකම පාහේ ගංගා ඇළ දොළ දක්නට ලැබේ. එහෙත් ඉන්බොහොමයක් ගලන්නේ නගර ගම්දනව් සිසාරාය.


නම් ගම් ටික  මං දන්නෙත්නෑ!


මෙවන් ගඟක කරණ චාරිකාවක් බොරැල්ල- කොටුව බසයක් පුංචි බොරැල්ලේ ගිනි මද්දහනේ  නවතාගෙන “ඔටුව! ඔටුව!!” ගගා ලෝඩ් කරද්දී; ඒ තුල හිරවී  හිටගෙන  රේඩියෝ එකේ යන  වික්ටර් රත්නායකගේ “සිහිල් සුලං රැල්ලේ….” අහනවා වාගේය. එනිසාම ගලන පරිසරය බෙහෙවින්ම වැදගත් වේ. 



සමහර ගංගා වල වතුර වලට වඩා තියෙන්නේ ගල් පර්වත , වැලිතලා , ආදී බාදකයන්‍රැට වසා තැබෙන නයිට් කඩ  වාගේ ගලා යන ජල ප්‍රවාහයක් නොමැති තැනෙක කෙරෙන  කයාක චාරිකා වල මෙලෝ රහක්  නැත. 

තවත් සමහර ගංගා තනි කෙලින් ; කිසිදු විවිධත්වයකින්  තොරව ගලයි. එවායේ කෙරෙන චාරිකා කරකවන්න බැරි කතුරු ඔංචිල්ලාවේ වාඩිවී  සිටිනවා වාගේය.
මේසියලුම පෙරහන් වලින් පෙරී එන නිල්වලා  වාගේ ඟගක කයාකින් කිරීම කිඹුලන්ට පාටියක් දානවා වගේය!



පාටියට එනගමන්...! 
බිස්කට් පැකට් එකක් ගන්න කඩයක් ලඟ ඉන්න හැළයා!



මේ පිළිබඳ මූලික වටයේ කථිකා  හා දොඩමළුවීම් කෙරෙණ අතරේ ඊළඟ ගමනට සූදානම්ව පිට පොට (Wrong Thread එහෙම නොවේ ; මේ කියන්නේ වලාපට) 
ගසාගෙන සූදානම් වූ අයෙකු සිටියේය. 
ඒ දැනට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වසන වසික ය. කැළණි ගවේශනය අවසන් කල හෝරාවේ පටන් ඊළඟ චාරිකාව සඳහා ඔහුවද සහභාගී කරගන්නා ලෙස හේ මාහට දැඩි බලපෑම් එල්ලකරවන්නට විය.   


වසිකයා කම්මලේ කිණිහිරය මත පන්නරය ලබමින්!

එවකට උසස් පෙල විභාගයට සූදානම්ව සිටි ඔහුද පසිඳු මෙන්ම හර්මන් ලූස් කැඩෙට්  වරයෙක්.  තවත් ලෙසකින් පවසනවානම් වසර තිස් ගනනකට පසු කොළඹ නාලන්දා විදුහල හර්මන් ලූස් පලිහ දිනනා අවස්ථා වේදී ඔහුත් ප්ලැටූනයේ ඉදිරි පෙල සාමාජිකයෙක්. එසේම හොඳ පිහිනන්නෙක්, බාලදක්ෂයෙක් , මලල  ක්‍රීඩකයෙක්, ජීවිතාරක්ෂකයෙක් , ඒ සියල්ලටම වඩා හේ නිර්භීත , අතිශයින් විශ්වාසවන්ත ගමන් සගයෙක්.

ගමන සඳහා උචිත “මගක්” තෝරා ගැනීමට  පෙරම  අපේ කණ්ඩායම 4 ක් උනේ මෙලෙසින් .

මේ ගමන ගැන මා සොයා බැලුවේ ඉන්  අනතුරුව.
දිනක් Lakdasun Forum එකේ පිටු අතර සැරිසරණා මොහොතක මානෙත ගැටුනු අපූරු මාතෘකාවක් විය. 
එය දක්වා තිබුනේ සුන්දර යෝජනාවක් මිශ්‍ර කරගත් අභියෝගයක් ලෙසය.

“Mahaweli Expedition” Shall we do ?

මේ එම යෝජනාවයි !
   
http://www.lakdasun.org/forum/index.php?topic=12409.0

මෙම යෝජනාව ගෙනැවිත් තිබුනේ විශ්‍රාමික ගුවන් හමුදා නිළධරයකුවූ ප්‍රියන්ජන් ද   සිල්වා   නමැති අංක එකේ සැරිසරුවා විසිනි.


අප සතුව ඇති ප්‍රියන්ජන්ගේ එකම ඡායාරූපය!
(ගුවන් හමුදාවේ හැඳුනුම් පතින් උපුටා ගන්නා ලදී!)

වරෙක පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට  “පාද යාත්‍රාවක” යෙදුනු ඔහු තවත් වරෙක සංගමන් කන්ද තුඩුවේ සිට කල්පිටිය තෙක් පාපැදියෙන් සැරිසැරූ අයෙක්.
මා මෙම පෝස්ටුව බලන විටත් මෙම යෝජනාවට විවිධ අදහස් යෝජනා රාශියක්  එක්වී තිබුනි. Lakdasun හි වැඩිම කාලයක් හා වැඩිම සහභාගීත්වයකින් යුතුවූ පෝස්ටුව  මෙය  යැයි මට එය කියවාගෙන යනවිට සිතුනි.


 මා පසිඳු  ඇමතිමි.


“මල්ලි මොකද කියන්නෙ ? මෙන්න යනවනම් ගමන ! මම උඹට ලින්ක් එක එව්වා. බලල කෝල් එකක් දියං.. ආ! අම්රාන්ටත් මට කෝල් එකක් දෙන්න කියපං !”

විනාඩි වලින් 10 ක් යන්න ඇති ! කෝල් එකක් පියාඹා ආවේ !
 ඒ පසිඳු ගෙන්‍ .
 ඒකට කථාකරද්දිම තව එකක් පොරොත්තුවෙන්‍ !  
ඒ කාගෙන්දැයි කියන්නට ඕනෑ නැත! කිසිදු ඇදයක් නැත. 
ඒ අම්රාන්  අතාස් ගෙන්‍  .

“අප්පට සිරි එළනෙ !” 

පසිඳු  වැඩේට ලැහැස්තිය. අම්රානුත් එකෙන්මය .

හවස මා  වසිකට ද වැඩේ ගැන යාන්තමින් කිය පෑවේය. 
හරියටම කිව්වොත් මට එවෙලේම ගඟට බහින්න වෙන බව සහතිකය.
අප ගේ මීළඟ ඉලක්කය, ඊළඟ අභිලාශය, අළුත්ම බලාපොරොත්තුව, එකම ප්‍රාර්ථනය වූයේ මහවැළි ගවේශනය ය.
පසුදින මා කන්තෝරුවට ගියේ වැඩ කරන්න  නොවේය. 
මහවැළි ගඟේ දිග පලළ සොයා බැලීමටය.  

මහවැළි ගඟ



ඇය ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් රටටත් එහි වසන මිනිසුන්ටත්  දිවිහිමියෙන් සේවය කල ජනනායිකාව වූවාය !  

ඇය රැජිනකි කිසිදු දිනෙක කිරුළ නොගිලිහෙන! 
අපගේ ආදී මුතුන් මිත්තෝ ඇය  ඇමතුවේ "මහා වාළුකා නදී" යනුවෙනි. 
කිලෝමීටර 335 ක් දිගැති මෙය ලක්දිව දිගම ගංගාව වේ. හොර්ටන් තැන්නේ කිරිගල් පොත්ත හා තොටුපොලකන්දේ
 ජල පෝෂක වලින් උපත ලබන ඇය 
කෙත්වතු වර්ග කිලෝ මීටර1000ක් අස්වද්දන්නීය. 
ඇයරැජිනක් වන්නේ ඒ නිසාම නොවේ. 
ඇය මහා වන පෙතක් හා එහි වසන මහා සත්ව ගහනයක් ජීවත් කරවන හෙයින්ය.
සතියක් හමාරක් යනවිට
 මා මනෝමයෙන් චාරිකාව දහ දොලොස් වතාවක් ගොස් තිබුනි.   
 සෑම රත්‍රියකම වාගේ 
නිදි වර්ජිතව මා ගමන ගැන මෙනෙහි කලෙමි. 
අද සිතට එන දේට වඩා වෙනස් දෙයක් පසු දින සිතට ගලා ඒ. 
පසුදින එය මා වසිකටත් පසිඳුටත් අඩු වැඩි වශයෙන් කියමි. ඔවුන්ගේ අදහස් වලින් පෝෂනයවූ සිහින ලෝකයක පසුදින රාත්‍රියේ මා සැරි සරමි!
තවත් දින කිහිපයකින් අපගේ අදහස 
මා තවත් මාගේ මිත්‍රයෙකු හට කීවෙමි.
ඒ තෙශාන්ත මුල්කිරිගල වෙතටය. 
තෙශාටත් මේක කලෙක ඉඳන් තිබුනු ආශාවක් ලු !


ගඟේ වාඩියීදී පියාසර කිරීමී පෙර හුරුවකට සහභාගී වී සිටින අතරතුර!
තෙශා!

මේ අනෙකෙකු නොව මීට මාස ගන්නකට පෙර “දවස් දෙකයි! ළිං තිහයි!! තේ පණහක් හැටක් විතර!!! පෝස්ටුවේ කියන තෙශාන්තමය. තෙශාන්ත යනු ඇඟ පුරා ට්‍රිප් කැසිල්ල තියෙන උපන්ගෙයි සංචාරකයෙක්.

බොගවාන්තලාවේ සිට හොර්ටන් තැන්න තෙක් දිවුනු  Bridle Trail නමැති; වසර එකසිය  ගනනකට පෙර  සැඟවගිය ගමන් මග සොයා ගිය ආරම්භක කණ්ඩායමේ සාමාජිකයෙක්. 



ඇම්ම  Grade III (සපිරි ඇම්ම)

තමාගේ Toyota 107 4WD cab  එකෙන් Land Rover Series 2  එකෙන් Honda XR 250 එකෙන් පමනක් නොව ස්ටෑන්ඩර්ඩ් පාපැදියකින්ද කැබිලිත්තේ දේවාලය වඳින්නට ගිය අමුතුම තාලයේ “සතෙක්” ලෙස තෙශාව හඳුන්වන්නට පුළුවන.

 ඇම්ම  Grade II (සුපිරි ඇම්ම)


ඇම්ම  Grade I (සුපිරිම ඇම්ම)

 ප්‍රියන්ජන් ද සිල්වාගේ මිතුරෙකුවූ තෙශාට වන දිවිය හා කඳවුරුදිවිය ගැන තිබුනේ හොඳ කල පුරුද්දක්. බියගම Agio Cigar  දුම්කොල සමාගමේ පරිඝනක අංශයේ සේවයකරණ ඔහු ජීවත් වූයේ මගේ නිවසට කිලෝ මීටර තුන හතරක දුරකින්.
ඔහුට මගේ අදහස කියු පමනින් එයට එකඟ වුනා පමනක් නොව ගමනට ප්‍රියන්ජන්ව එකතුකර ගැනීමේ කාර්‍යයද භාර ගත්තේය.




මහියංගනයේ නිපොන් පාලම ( සකුරා පාලම) 
මෙය මීටර224 දිග වූ අතර 1999 දී මහජන ප්‍රයෝජනයට එක්විය.

මහවැළි ගවේශනයට නොහොත් චාරිකාව සඳහා බොහෝ දෙනා තෝරා ගත්තේ මහියංගනය නිපෝන් පාලම අසල සිට මනම්පිටියේ පාලම තෙක් කිලෝ මීටර 50 කට අධික දුර ප්‍රමානයි.


 මනම් පිටියෙ 1922 දී පිහිටවූ පාලම. 
(නව පාලම 2007 ඔක්තෝබර් 25  ජනතා අයිතියට පත් කෙරිණි.) 

 මෙයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ එම මුළු දුරම වැටී ඇත්තේ වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළින් වීම විය යුතුය.

මෙම කිලෝ මීටර 72 ගමන් කරණ්නට අවම වශයෙන් දින දෙකක් ගතවීම අනිවාර්‍යය වේ. 

මේ නිසා එක්දිනක් මහා වනාන්තරය තුල කඳවුරු බැදීම කලයුතුම අංගයක් වේ.
මෙවන් පරිසරයක් තුල විශේෂයෙන් අලි ඇතුන් වග වලසුන් කුළු හරකුන්  සිටිනා මහා වනන්තරයක කඳවුරු බැදීමේදී වැදගත්ම සාධකය වන්නේ ආරක්ෂාවයි!




අපේ ලොකු මහත්වරුන් මුන්ගෙ ජාතකේ හොයන නිසා උන් කැලෙට වහං උනා විළි ලැජ්ජාවෙ!

සවස 7 – 8 කණිසමේ සිට පසුදින උදෑසන වන තෙක් මුළු රාත්‍රිය පුරාවට නිදිවර්ජිතව කඳවුර මුර කිරීම කලයුතුම කරුණක් වේ. මේ නිසාම මෙම “මහවැළි ගවේශනය; කැළණි ගඟ දිගේ කල සංචාරය මෙන් පානුයි වතුරයි රැගෙන ගොස් 
කල හැක්කක් නොවන බව ප්‍රථ්‍යක්ෂ වී තිබුනි. මේ නිසාම අපට කණ්ඩායමක් අවශ්‍ය විය. එම කටයුත්ත සඳහාද අප පාදක කර ගත්තේ Lakdasun Forum එකමය.
මේ නිසාම 2015 /06/017 දින මා Lakdasun Forum එකේ
 Trip Invitation පිටුව තුලින්  විවෘත ආරාදනාවක් කලෙමි.
   
http://www.lakdasun.org/forum/index.php?topic=12409.90   

අප බලා පොරොත්තුවූ තරම් ඉහල ප්‍රථිචාරයක් නොලැබූ අතර ; කැළණි ආරාධනාවට අප ඇමතූ ධම්මික මහේන්ද්‍ර අප සමග එකතු වන්නට කැමැත්ත පල කරන්නේ එහි ප්‍රථිපලයක් ලෙසට.
ඔහු එක්වන්නේ තවත් ඔහුගේ මිතුරෙකුවූ කෙන් ද සමගිනි.
පිරිස අව්ශ්ය මොහොතක අපහා එක්වූ මෙම දෙදෙනාව අප ; අපගේ  කණ්ඩායමට සාදරයෙන් එකතු කරගනු ලැබුවෙමු.

කෙන් ; මෙම මහවැළි ගවේශනය වරක් දෙවරක් සිදුකොට ඇතිබව ධම්මික ගෙන්ද කෙන් ගෙන්ද කියැවුනි. අපේ කණ්ඩායම මුල සිටම කෙන් ව සැලකුවේ අපට ලැබුනු වටිනා කියන ගමන් සගයෙක් විදියට. එයට හේතුව වූයේ  එයාගේ   පලපුරුද්ද අප කණ්ඩායම  සාර්ථක ගමනාන්තයකට යොමු කරණු ඇතැයි තිබුනු බලාපොරොත්තුව ය. තවත් දින කිහිපයකින් පසිඳුගේ මිතුරෙකුවූ දිමුතුද අපගේ කණ්ඩායමට එකතු විය.
මෙසේ අප කණ්ඩායම; මමත්, පසිඳුත්, අම්රානුත , වසිකත්, තෙශාත්, ප්‍රියන්ජනුත්, ධම්මිකත්, කෙනුත්, දිමුතුත් ලෙස  නව දෙනෙකු වීමට සති ගනනක් ගතවිය.
E-mail මගින් අප අතර තොරතුරු ජාලයක් ඇතිවී තොඉබුනු අතර;  මාගේ දින සටහන් වලට අනුව අප කණ්ඩායම මුලින්ම හමුවන්නේ 2015 ජුලි 18 වන සෙනසුරාදා දින සැන්දෑවේදීය.

ස්ථානය වූයේ  පාර්ලිමේන්තුව අභියස දියවන්නා උද්‍යානයේ සවිකොට තිබූ 
තාවකාලික පියස්සක් යට දීය. එදින අප බොහෝ දෙනා එකිනෙකා හඳුනා  ගත්තෙමු.මම මාගේ අදහස හා සැලැස්ම ගැන පැවසීමෙන් කතිකාව ඇරඹිනි.

මගේ කතාව මා අවසන් කල අයුරු මාහට අද මෙන් මතකය.


“ඔව් ! අපිට ඒක කරණ්න පුළුවන් !!  
අපි ට ඉන්නේ ඉතා ශක්තිමත් සමබර කණ්ඩායමක් !”
          
ශක්තිමත්කණ්ඩායමක් මීටත් වඩා ශක්තිමත්!!!


57 comments:

  1. Replies
    1. මොකද තඩියා නුඹ ගොළුවෙලා ..වචන නැත ඇයි සැඟවිලා

      Delete
    2. මෙකෙ තව කොටසක් තියෙන්ඩ ඔනා

      Delete
    3. කොටසක් නෙවේ තඩි මල්ලි! කොටස් 20 ක් විතර! තාම යන්න හිතුවා විතරණේ!

      Delete
  2. කියවන්න අමාරුයි තට්ටයෝ. කිසිම පිළිවෙලක් නෑ.

    ReplyDelete
    Replies
    1. අලුත් කණ්නාඩි දෙකක් ගනිං අයියෙ. හැක්..

      Delete
    2. සමාවෙන්න හැලපයියේ! දැන් බලන්න්කො . පොඩි අවුලක් උනා. ඒක නෙවේ මම දන්නෑනෙ ඔබ තුම මෙහේ එන විත්තියක් . ස්තූතියි එකසිය ගානට!

      Delete
  3. එක හුස්මට කියෙව්වා. ඉතිරි කොටසට නොඉවසිල්ලෙන් බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් කුඩල්ලෙක් ලේ උරා බොන පරපොශිතයෙක්

      Delete
    2. සතියකට එකක් දාන්න තමයි අදහස. මම මේක මෙච්චර දවසක් ලියන්න හොර උනේ ඒකයි. මෙකෙ කොටස් 20 ක් විතර යන එකක්! බොහොමත්ම ස්තූතියි ඔබට. ගොඩ වැදුනාට රස වින්ඳාට, අගයකොට ලිව්වාට!

      Delete
  4. Dear Majula Ayya

    Still you are in begining of the story . I am waiting for balance part.
    I wish you.
    When do we start our Jaffna tour on bikes?I am preparing for the eevnt.


    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඒ වැඩේ කෙරෙනවා අනිවාර්යයෙන්ම!

      Delete
  5. පෙරවදන කියෙවුවා‍. එහෙනං අපිත් ලෑස්තියි ගමන යන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! හැමදාවාගේම ගොඩවැදුනාට. ලිව්වාට!

      Delete
  6. Praසන්ன හායි!

    කොමෙයි හනි ඔයාට ජොලි නේද. ඊයේ හමුව්ම සුන්දරයි වෙන්වීම ගින්දරයි
    කවුද අනේ කිව්වේ .ස්ටෝබෙරි ලොලි පොප් රහයි ගුණයි නේද
    කොහොමෙයි ගල් බිස්නස් එක නැගලා යනවද
    බ්ලොග් ලොවේ බොසා කිව්වා මට ජොබ් එකක් හොයලා දෙන්නම් කියලා එයාගේ ගම පළාතෙන් මට හරි ජොලි

    ටෙක් කෙයාර් ලව්.... සියු නෙක්ස්ට් ටයිම්.... ටටා බායි...

    ReplyDelete
  7. Replies
    1. බොහොමත්ම ස්තූතියි මල්ලී! එහෙම නෙවෙයි සෙට් වෙලා කරමු වැඩක්!

      Delete
  8. සංචාරය වගේම මේ පෝස්ට් එකත් මෙලෝ පිළිවෙලක් නැද්ද මන්ද.. හි හි හි ඔලුවට එන පිළිවෙලට කියාගෙන යනවා වෙන්න ඇති. ඒකත් එක ශෛලියක්!

    නමුත් සංචාරක සටහනක තියෙන්නේ පුළුවන් සංවාදාත්මක ගතිය තියෙනවා. මම කැමතිම තට්ටයා පින්තුරවලට දාන කැප්ෂන් කියවන්න. ඒවා බොහොම නිර්මානශිලියි.

    ReplyDelete
    Replies
    1. අනේ ලිඛිතා ඔන්න මම එක පාරක් මේක ලියලා එල්ලුවා.
      පලවෙනියෙම්ම බලපු එකා බනින්න ගත්තා කුණු බල්ලට වගේ.
      ඉරිදා උදේම ආයෙත් හැදුවා.
      ඔන්න තව එකෙක් කියාගෙන ආවා " මොකද්ද යකෝ මේ? මේක කවියකද , නිසඳැසක්ද එහෙමත්
      නැත්නම වාක්ය රචනාවක්ද? " කියලා.
      ඔන්න ආයෙත් හැදුවා.
      තව ටික වෙලාවකින් මට එකෙක් කෝල් කරලා කියනවා" මචං වෙලා තියෙන වෙලාවක කෝල් එකක් දියං. කතාව අහගන්න කියලා!"
      දැන් ඒ ගමන දෙයියනේ ඔයා!
      හරි ට්‍රයි එකක් දෙන්නම් ආයෙත් ටිකක් විතර බුරුල් කරණ්න පුලුවන්ද කියලා.

      කතාව සරලයි.

      1. ඔන්න අර මුල් ගමනින් පස්සෙ අපිතුන් දෙනාට ආයෙත් ගමනක් යන්න ඕන වෙනවා ගඟක් දිගේ.

      2. ඊළඟට යන ගමනට යන්න බලාන් ඉන්න වසිකත් වැඩේට සෙට් වෙනවා.

      3. Lakdasun එකේ බලන කොට හමු වෙනවා මහවැළි ගමන ගැන යෝජනාවක් ප්‍රියන්ජන් ලියපු.

      4. මම මගේ සගයන්ටත් කියනවා ඒක ගැන

      5. උනුත් කැමති වෙනවා

      6. මම ඉන්න බැරි අමාරුවට තෙශාටත් කියනවා.

      7. ඌත් සෙට් වෙනවා උගේ යාළුවෙක් වෙන අර ලිපිය Lakdasun එකේ එල්ලපු ප්‍රියන්ජන්වත් එකතු
      කරගෙන.

      8. ඔය අතරෙ Lakdasun එකෙන් මම Open Invitation එකක් දානවා " කවුරු හරි කැසිල්ල
      තියෙන එකෙක් ඉන්නවානම් වරෙල්ලා" කියලා

      9. මුලින්ම අපි කැළණි ගඟේ යන්න පටන් ගන්නකොට අපිට Lakdasun එක හරහා කතාකරපු ධම්මික
      මගේ Invitation එක දැකලා සෙට් වෙනවා උගේ යාළුවෙක් වන කෙන් කියන බුවා එක්ක.

      10.පස්සෙ කට්ටිය යන්න කලින් සෙට් වෙනවා පාර්ලිමේන්තුව ඉස්සරහ දැන හඳුන ගන්න.

      11.එතනදි මම පොර ටොඅක් එකක් ඉෂූ කරණවා බකයා වගේ" ශක්තිමත් කණ්ඩායමක්....බ්ලා!
      බ්ලා!! කියලා"

      ඕන්න ඕක කියාගන්නතමයි ඔච්චර තැටමුවේ.

      දැන්වත් තේරුණාද රත්තරනේ!

      Delete
    2. මම බ්ලොග් ඔස්තාද් කෙනෙක් නොවෙයි ඔබට උපදෙස් දෙන්න. නමුත් වැටහෙන ආකාරයට කියන්නම්.

      සමහර වෙලාවට ඔබේ සෙන්ටර් අලයින්මන්ට් එක වෙන්න ඇති කවියක් විදියට පෙනෙන්න සහ කියවන්නට වෙන අපහසුතාවය. එක ලෙෆ්ට් කරන්න. එය කියවන්න පහසුවක් වෙයි.

      ඔබේ නිදහස් ලිවීමේ රටාවට මම කැමතියි. එතන තයෙනවා බොහොම සැහැල්ලු සහ සංවාදශීලි බවක්. එයත් තමන්ටම අනන්‍ය ශෛලියක්නේ!

      පොයින්ට් විදියට දැම්මහම නියෙම කෙටි සටහන.. ඒක කියෝලා මම හිතුවේ...

      "හැබෑටම? මූ මේ පින්තුර දාගෙන, මේසේ විකාගෙන කිව්වේ මේ ටිකද?" කියල...

      තව එකක්.. ඉස්සර අපේ ඔෆිස් එකේ බොස් ඇවිත් බොහොම වැදගත් විදියට කතාවක් එහෙම පවත්වලා ගියහම අපි ටික එකපාරටම සංගීත සංදර්ශනේ ලයිට් ගියාම වගේ ටික වෙලාවක් භිත වෙලා බලාගෙන ඉන්නවා.... ටිකකින් සිහිය එලව ගත්ත කට්ටිය....

      "මචන මේ... අර මිස්ටර් ____ කිව්වේ.... මෙන්න මේක මෙහෙම වෙනවා කියල නේද?"

      "පිස්සු ද අයිසේ... මිස්ටර් ___ කිව්වේ ඒක එහෙම වෙන්න කොහොමටවත් විදියක් නැහැ කියලනේ! නැද්ද බන්?"

      "හෑ ? එතකොට අමිස්ටර් ____ කිව්වේ ඒක බාගයක්ම දැනටමත් එහෙම වෙලා කියල නෙවෙයිද?"

      ඔක්කොම අහගෙන හිටපු තව එකෙක් කියනවා..

      "හික් හික්.. පිස්සුද හලෝ.. මිස්ටර් ___ එහෙම එකක් නෙවෙයි කිව්වේ... එහෙම එකක් උනත් එයා මේ වගේ දෙයක් කරනවා කියල කිව්වේ!"

      දහ දෙනෙක්ගෙන් ඇහුවොත් දහතුන්වෙනි විදියක් කියන්නේ... ඒ කියන්නේ එකෙක්ටවත් හරියට තේරිලා නැද්ද කොහේදෝ... හිනායන වැඩේ කියන්නේ හැමෝටම ඒ විදියයි එච්.ආර් එක්කෙනාට ඇරෙන්න!

      අපි කෙල්ලෝ ටිකට නම් ඉතින් නිදහසට කරුණක් තිබ්බා. ඒ මිස්ටර් __ කියන්නේ මාරම පර්සනලිටියක් තියෙන තරුණ එක්කෙනෙක් හින්ද. මම අහන්නේ කොල්ලන්ට මොන හෙනයක් වැදිලද?? නැද්ද?

      දැන් මේකත් කියෝලා කමෙන්ට් කරන්න කිව්වොත්... කට්ටිය කොහොම ලියයිද?

      Delete
    3. මැරෙණවා හිනාගිහිල්ලා!
      එළ! එළම එළ!!
      නෑ කොහොමත් මම කියන්න යන්නේ නෑ " මේක තමයි මගේ විදිය කැමතිනම් කියෝපල්ලා!" කියලා! ඔයාලට ගැලපෙන විදියට ලියන එක මගේ වගකීමක්, කාර්යයක් , හැකියාවක් , උවමනාවක්. බොහොමත්ම ස්තූතියි. මගේ අටුවාව බැලුවාම වත් තේරුණාද කියන්නකෝ. !

      Delete
  9. ඔබතුමාට හැමෝම බනින්නේ මොකද දන්නවද? කතාව ලියාගෙන යන අතරට දාලා තියන උපමා උපමේය එතරම් ගෙලපීමක් නැති නිසයි . එකක් කියනවනම් කොටුවේ බෝගහ ගැන. ලියන්නේ ගගක් ගැන. ලියවිලා තියෙන්නේ වෙන දෙයක්.ගග ගැන ලියාගෙන යනකොට එක සැරේට බැක්ටීරියාවක් ගැන කියනවා.ඉතින් අපි තේරුම් ගන්නේ කොහොමද? ඔබ එක සැරේට ට්‍රැක් එක පනිනවා. පොඩියක් හිතලා බලලා ඒ වැරදි ටික හදාගෙන ඉදිරියට යමු. ඔබ ලියන දේ තව ටිකක් සරල කරන්න. එවිට අන් අයට තේරුම් යයි. කොහොම උනත් ඔබ ලියන දේ මා අගේ කරනවා.එහි ගත යුතු දේ බොහොමයි. ඔබට ජයවේවා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි නෝනෙ!

      Delete
    2. ට්‍රැක් පනින්නෙ කියල තියෙන දේවල් නෙතේරෙන අයට.

      Delete
    3. කියලා තියන දේ නොතේරෙන නිසා නෙමෙයි ට්‍රැක් පනිනවා කියලා කිඋවේ.මටනම් තේරෙනවා.ඒත් ඔබට පේන්නේ නැද්ද බොහොමයක් දෙනා දෙහි කපලා තියන හැටි.ඒ ලියපු දේ පොඩි අඋලක් තියන නිසානේ. තට්ට අයියට තියෙන්නේ අපේ අදහසුත් අරගෙන වැරදි හදාගෙන ඉදිරියට යන එකයි. තේරුනාද මම කිව දේ මුන්නහෙට මුන්නහෙට.

      Delete
    4. Iromani,
      ඔයා රවීගේ, හැලපගේ පෝස්ට් බලල නැද්ද...
      කියවීම නුහුරු අයට තමයි මෙවැනි ලිපි අවුල් වගේ පේන්නේ...

      Delete
    5. ඇත්තටම මම ඒ අයගේ පොස්ටු කියවලා නෑ. එත් කියවීමනම් මට හොදට හුරුයි. දන්නවද ලොකු පුතා මගේ එකම විනෝදාංශය පොත් කියවීම . කියවීම කියන්නේ මගේ ජීවිතය තේරුනාද?

      Delete
    6. අනුකම්පා ලිස්ට් එකට >>>>>>

      Delete
  10. බලමු එහෙනම් ගමන යන විදිහ.
    වාහන ගැන ලිපිත් ලියන්න

    ReplyDelete
    Replies
    1. මේක නොලිය නොලියා හිටියේ පටන් ගත්තොත් කෙළවරක් නෑ ; නිකං සංසාරෙ වගේ. පොස්ට් 20 ක් විතර තියෙනවා. අත් පිටපත පිටු 92 ක්! බලමු අතරින් පතර ඒ ගැනත් ලියමු මල්ලියේ! බොහොමත්ම ස්තූතියි අවාට ලිව්වාට!

      Delete
  11. පෝස්ටුව නම් හොදයි,ඒත් මෙ කතාව මෑද වෙන දේවල් කියනකොට කතාවේ තියෙන රසය අඩු වෙනවා වාගේ දෑනෙනවා.පුලුවන් නම් වෙනසක් කරන්න බලන්න.අලුත් පෝස්ටුව වෙනසක් කරන්න බලමු.ජය වේවා.

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙකුගෙන් මේ චෝදනාව තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තවම "ගඟ දිගේ යන්න හිතුවා විතරයි! තව පෝස්ටු දෙකක් විතර යනතුරු මේ අපැහැදිලි තාවය තියේවි. මොකද මම මෙතනදි මතුකරන්න හදන්නේ මේ වගේ දෙයක් කරන්න යනකොට අමාරුම දේ තමයි සැලසුම්කරණය හා කළමනාකරණය .ඉතින් මේ වගේ ගමන්ක පිටත් උනාම මුහුන දෙන දෙයට වඩා ගමන පිටත් වෙන්න කලින් මුහුන පාන්නට සිදුවෙන දේ අවුල් සහගතයි! ඒ ගැටලුවේ මුල තමයි මේ අමාරුවෙන් කියෙව්වේ. ගැටළුවක මුල අනිවාර්යයෙන්ම පොඩි අවුලක්ම තමයි! සමා වෙලා කියවගෙන යන්න! බොහොමත්ම ස්තූතියි!

      Delete
  12. කලින් දවසක ඉගියක් දීල තිබ්බ මේගැන මගේ කොමෙන්ටුවකට.
    \\මේවා කියවන සහුර්දයන්ටද මේ “ලෙඩ” බෝවීමට
    බොහෝ සෙයින් හේතුවිය හැක ! \\
    වෙලා වෙලා හොදටම දැන් කාර් පිස්ස එකක් බොකරා,
    අර vespa scooter සෙට් එක තව එකක් බෝකරා

    ඔබ තුමත් ලෙසටම 2k බෝකරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔයා අහල තියෙනවද මද්දො වැකියක් "මිහිරි වේදනා!" කියලා. අම්මෙකුට දරුවෙක් ලැබෙනකොට , තරුණියක් තම ආදරවන්ත්යා සමග ප්‍රථම එක්වීමේදී , අර කෝවිල වල කටුගහලා එල්ලිලා යනකොට එහෙම දැනෙන්නේ මේ කියන් දේ වෙන්න ඇති. මේව කියවලා හැදෙන්නෙත් ඒ වගේ "අතිශයින්ම සුන්දරවූ ලෙඩ" ම තමයි. යමු යමු දිගටම යමු. බොහොමත්ම ස්තූතියි හැමදාවාගේම අදත් ගොඩවෙලා කහට කෝප්පය බීලා විටක් සප්පායම් වෙලා කයියක් ගැහුවාට!

      Delete
    2. අනිව අනිව දැන් හොදටම ආමාරුයි තාවකාලික ප්‍රති කර්මයක් විදියට බුකියෙ සෙටි උන සෙට් එකක් එක්ක අද හවස බලංගොඩ යවන මෝටෝ සයිකල් වලින්.
      පොඩි ගෘප් කෑල්ලක් අටවගත්තා මම වගේම පිස්සො කීප දෙනෙකුත් හමු උනා දිගටම ඇවිදින්නයි හදන්නේ.
      https://www.facebook.com/events/275860566240369/?acontext=%7B%22action_history%22%3A%22[%7B%5C%22surface%5C%22%3A%5C%22messaging%5C%22%2C%5C%22mechanism%5C%22%3A%5C%22attachment%5C%22%2C%5C%22extra_data%5C%22%3A%7B%7D%7D]%22%7D

      Delete
    3. මචං මල්ලි කොහොමද බලංගොඩ ගමන?

      Delete
    4. පිස්සු තද උන 3 දෙනෙක් එක්ක මමයි මගෙ ගෑල්ලමයයි සාර්තක ලෙස නිම කර ආව ⁣අලුතිබ්ලොග් එකක් පටන් ගත්ත ගමන ගැන පලවෙනි ලිපිය හෙට අදට පොඩි හැදින්වීමක් දැන්ම
      http://rodhadekerrsthiyaduwa.blogspot.com/2017/09/blog-post_25.html?m=1

      අහන්නෙ නැතිව ලින්ක් එක දැම්මට සමාවෙන්න අකමැතියි නම් අයින් කරාට තමක් නෑ

      Delete
    5. http://rodhadekersthiyaduwa.blogspot.com/2017/09/2.html?m=1

      Delete
    6. වැලේ ගෙඩි වැලට බර නෑ කියලා අහල නැද්ද මල්ලියේ. උඹේ ලින්කුව එල්ලන්න මොකටද කාගෙවත් අවසරයක්! සමාජ විරෝධී නොවන , මානව හිතකාමී , ස්වභාව ධර්මයට එකඟ ඕනෑම දේකට එකෙන්ම තමයි!

      Delete
    7. බොහෝම ස්තුතියි.

      Delete
  13. සතියට එකක් .ඇයි දෙකක් බැරිද ?
    මටත් ඔය කලින් කට්ටිය කොටපුවා ටිකක් ටිකක් හිතිලා තිබුනේ ..කොහොමද ඉතින් කටක් ඇරලා කියන්නේ ...ඔන්න කිරි හොද්දක් තියෙනවා .හොද්දට කරපින්චත් දානවා .වෙලවකට කිරි හොද්ද කරපිංචා හොද්දක් වේගෙන එනවා .අනේ ඉතින් අපි කරපිංචා ටික පැත්තක තියලා කිරි හොද්දට වැඩේ දෙනවා .මොකද අපි දන්නවා කරපිංචා වැඩි වුනාට හොද්ද රහයි කියලා .
    අය්යන්ඩ් ලියන විදියට ම ලියන්න .මොකද ඒක "තට්ටයගේ හැටි "

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලි අඩු පාඩුවක්තියේනම් කියහං. උම්බලා මේක බලන්නෙ නෑ කියලා හිතුනු දාට මම ලියන එකත් නවත්වනවා. මේකෙ අඩුපාඩු දකිනවා කියන්නෙ කවුරු කවුරු හරි බලනවා කියන එක. මටම තේරෙනවා මගේ ස්ට්ය්ලෙ එකේ වෙනසක් වෙලා කියලා. එක පාරක් ගෝතමී ඉස්කෝලෙ පෙන්නුවා කපුගේ ගෙ ෂෝ එකක්. කපුගේ හිටියේ වෙනදාටත් වඩා චාර්ජ් කරගෙන. එයා නැග්ග ගමන් කිව්වේ දවසක් පැල නැතිහේනෙ ( හරි උල ලේනෝ හරි ). සිරා චියර් එක ! සිංදුව ඉවර වුනු ගමන්ම ආයෙමමුන්නැහැ පටන් ගත්තා එම ගීතයම ආයෙමත්! සිංදුව ඉවර වුනු ගමන් ආයෙමත් ඕඩියන්ස් එක අර විදියටම චියර් කලා. ඒ ඉතින් කපුගේ හින්දනෙ. ඒ වුනාට අපි අනා ගත්තොත් අනාගත්තම තමයි. ඒ නිසා මී හැම දේම හිස නමා පිළිගන්නවා ; වයසයි , තට්ටෙයි , අරකයි මේකයි සියල්ල එලිපත්ත උඩ තියලා. බොහොමත්ම ස්තූතියි. කිසිම අවුලක් නෑ. අර හෑලපයියා වගේ කියන්න. හොඳයි කියන එවුන්ට වගේම අවුල් කියන එවුන්ටත් එකසේ ගරු කරමි! ස්තූතියි අනේක වාරයක්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  14. https://en.wikipedia.org/wiki/Bridle_path

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා දකීවි කියලා කැලේ සත්තු වහං උනා නෙව!
      ප්‍රාජේ මේක බොගවන්තලාවේ ඉඳන් තියෙන එකක් හොර්ටන් තැන්නට. මම හිතාන ඉන්නවා තෙශාන්තගේ ඒ අත්දැකීම ඔබ සැම හමුවට ගෙන එන්න. බොහොමත්ම ස්තූතියි!

      Delete
    2. ස්තූතියි බොහොමත්ම. මේ දැන්ම නිවැරදි කරණවා! අර ඔබතුමාට බයේ සැඟවුනු සතුන් ගැනාඩු ගානෙ දුකක් වත් නැද්ද?

      Delete
    3. හැන්ගෙන්නේ අප්‍රිකාවෙ ඉඳල බෝට්ටුවෙන් එන අලි වෙන්නැති. ඒත් මිස්ටර් ටී ගේ කැමරාවෙන් වැඩිකල් හැන්ගෙන එකක් නෑ. සමහරවිට ඊලඟ පෝස්ට් එකේ ඉඳී

      Delete
  15. ඔයවාගේ ගමන් යන්න ආසයි. එත් ජිවිතේ බොහෝ කලබලයි. ගංගාවල් තරණය කොරන්න නම් බැරිවෙයි එත් රේල් පාර හොයාගෙන ගියා වාගේ ගවේෂණාත්මක ගමනක් නම් මාත් එක්කාසු වෙන්න කැමැතියි.

    ReplyDelete
    Replies
    1. ඉදිරියේ යන්න ගමන් තුනක් තියෙනවා.
      එකක් සයිකල් ගමනක්. අනෙක ගඟක සංචාරයක් , තව දුම් රිය මගක.
      ඉතින් මල්ලි මට දාලා තියන්න ඔයාට කතා කරණ්න අංකයක්.
      එකව යමු! වෙන්ව ලියමු!
      එතකොට ඒක සුන්දර අත්දැකීමක් වේවි බලන අයට එකම දෙයක් දෙදෙනෙකු දකින ආකාරය කෙසේද යන්න සමග! ස්තූතියි!
      ආ! තවත් දෙයක්! ගඟා තරණය ඔය හිතන තරම් අමාරු දෙයක්නම් නොවෙයි!

      Delete
  16. හපොයි, මව විකුණලා.... කමක් නැ, වස්ගොමුව පාර්ක් එකේ ලස්සන මැවිලා පේනවා.... කිරිඅම්මා ඇල්ල, කාලිංග දූව .. ඔහොම යාන්.... තැනක් යූ තට්ටයෝ

    ReplyDelete
    Replies
    1. අනේ මම් උඹව විකුනුවා නොවෙයි! ඇත්ත ඇති සෑටියෙන් කිව්වා විතරයි. කියනවා නම් මොනතරම් දේවල්ද? මට උඹෙත් කතාවක් ලියන්නතියෙනවා!

      Delete
  17. මේ ලිවීමේ ආරය ඔබේ අනන්‍යතාවයක්...
    එය මටනම් ගැටළුවක් නෙමෙයි...

    මමත් යන්න බොහොම ආසාවෙන් හිටි ගමනක්...
    ලක්දසුන් එකේ ඔය කතිකාවතට මමත් සහභාගී උනා වගේ මතකයි, නමුත් ගමනට සහභාගී වෙන්න හැකියාවක් තිබුනේ නැහැ...
    අසාවෙන් බලා ඉන්නවා ඉතිරිය කියවන්න...

    ReplyDelete
    Replies
    1. ඉතින් යමුකො දවසක! මට පුතාව හොයා කියා ගන්න ව්දියක් කියන්න . සෙට් වෙලා යමු!

      Delete
  18. තට්ට අයියේ. ඔහේගෙ පොස්ට් දෙක තුනක්ම මිස් උනා ෆලෝ අප් ගැජට් එක නැති නිසා, පොස්ට් ඔක්කොම හරිම අසාවෙන් කියෙව්ව. මොක නැති උනත් කයාකි පදින්නනම් අනිවාර්යයෙන්ම එනවම තමයි හොඳේ.

    අනික එක එක අය කියන විදිහට ලියන විදිහ වෙනස් කරන්න එපා. ඔය ලියද්දි පඳුරු තලන විදිහත් එක කලාවක්. ඒක හැමෝටම ලියන්න බැහැ. ඔබ සහ අම්බලංගොඩයා විතරයි ඒක හරියටම කරන්නෙ.

    අනික ඔහොම පඳුරු තලන්නේ නැත්නම් මේ වගේ, "ඩීසල් දුමින් සුගන්ධවත්ව , වීදි ලාම්පු එලියෙන් එළිය වී , වට වැස්සෙන් නැහැවෙමින් සියල් සතට සෙවන සදන ;කපුටන් දහසකට නිවාසය වෙමින් - පිට කොටුවේ බෝ ගස!
    (එතකොට මේවා බෝධීන්නාන්සෙලා නොවෙයිද?)" සුපිරි වදන් අහගන්න ලැබෙන්නෙ නැහැ.

    ගෙදර හරියට මේන්ටේන් කරගන්න බැරි ඇවුන් තමයි මෙතනට ඇවිත් අනිත් මිනිස්සු මේන්ටේන් කරන්න හදන්නෙ. මුන්ට අහුවෙන්න එපා. මොකද ඔබ වගේ ලියන්නන් බොහොමයක් මුං නිසා ලිවිල්ල නතර කළා.

    ඔබගේ අවංක කමත් බොහොම වැඩියි. මමත් මේකෙ කිහිපදෙනෙකුට අහුඋන නිසා මෙහෙම කියන්නෙ. නැතුව ඔබගෙන් මටවත් මගෙන් ඔබටවත් කිසිම වැඩක් නැති නිසා.

    ඔබගේ පොස්ට් ඉතා වටිනව. ඒක නිසා කියන්නෙ මිසක් ලොකු කමටවත් පඩ ෂෝ එකටවත් පොර මානසිකත්වයෙන්වත් නිසා නොවෙයි.

    👍🏽

    ReplyDelete
    Replies
    1. මචං ටික්කෝ ,
      ඒත් මම බැලුවා උඹට මොක්ද්ද උනේ කියලා!
      ලියාගෙන යනකොට මගේ පැත්තෙනුත් ලිවීමේදී පොඩි අවුලක් වෙලා තියෙනවා. ඒක මමම නිවැරදි කරගත යුතු වෙනවා.
      මම එක් එක් ආකාරයේ ලිපි ලියන කොට ඊට අදාල රටාවක් අනුගමනය කරණවා. ඉතින් මේ පෝස්ටුවේදී ඊට අදාල නොවන රටාවක් මා අතින් අනුගමනය වෙලා කියන එකයි ; මේ බොහෝ දෙනාගේ කොමෙන්ටු වලින් පෙනෙන්නේ.

      ඉතින් කවදාද මේ රටට පයගහන්නේ? කයාකින් කරමු! ආවොත් අමතක නොවන ගමනක් යමු!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...