Friday, May 19, 2017

25. මේ එන්නේ ඒ වතුරද?



අද 2017 මැයි 18යි

වේලාව පස්වරු 3.30යි.

පුදුමාකාර වැස්සක් කොළඹ පුරාම !
ඒ මදිවට බේස්ලයින් පාරේ කන්ටේනර් ට්‍රක් එකක් පෙරලී ඇත.
හරියටම ගිය අවුරුද්දේ මේ කාලයේම; මේ වාගේම තද වැස්සකින් මුළු කොළඹ නගරයම යටවී ගිහින්. ඒ දින කිහිපය පසුවී යාමත් සමග මා තැබුව දින සටහනක් කොම්පියුටරේ එහා මෙහා පෙරළලා සොයා ගතිමි.


මේ ඒ සටහන.....!

 අද 2016 මැයි 24 වන සෙනසුරාදා.

මාස ගනනාවක කාලය පුරා පැවති දැඩි නියං සමය අවසන් වූයේ කෙසේ දැයි සිතීම පවා හද සසලවන මතකයක්.
"හැමදා නියං එකදා වැහි වළාවේ"
යන කියමන කවදා කවුරුන් විසින් කියන ලද්දක්දැයි මා නොදන්නා මුත්  කියමන අද දිනට තරම් ගැලපෙන කාල වකවානුවක් සොයා මතකයට නගා ගැනීම පහසුනොවනවාට කිසිදු සැකයක් නොමැත.
පෑ විල්ලට බැන අඬගහමින් සිටි අයට හිරු වළාකුල් අතර සැඟව සිටිමින් "ඔබට සතුටුයිද දැන් ?" යනුවෙන් විමසනවා නොඅනුමානය.

පසුගිය කලවකවානුව තුල රථ වාහන, බයිසිකල්, බර කරත්ත ආදී එකී මෙකී නොකී වාහන අතුරින් කිහිපයකඅළුතින් සොයාගත් රුධිර ඝනයක් පිළිබඳව සඳහන් කොට තිබෙනු දක්නට ලැබුනි පොසිටිව් බී නෙගටිව් ,ඒබී පොසිටිව් යනාදී වශයෙන් මෙතෙක් අප උගෙන ගෙන තිබුනු රුධිර ඝනයන්ට අමතරව එම වර්ගය නම්කොට තිබුනේ "සිංහ - ලේ" යනුවෙනි!

මේ සිදුවීම් වලට සමකාලීනව එක් ගුවන් විදුලි නාලිකාවක
නිවේදකයෙක් පැවසූවේ ;
"සිංහලෙ - දෙමලේ - මරක්කලේ
  සුනාමි වෙලේ
  ඔක්කොම එක වලේ . . . " කියාය !

කාරණා  මෙසේ සිදුවෙත්ම
බුදුන් වදාල දහමට අනුව
"නදජ්ජා වසලෝ හෝතී - නදජ්ජා හෝති බ්රාහ්මණෝ"
නො එසේ නම්
"කිසිවෙකු වසලයෙකු හෝ බ්රහ්මණයකු වන්නේ ....
කරණ ක්රියාවෙන් මිස උත්පත්තියෙන් නොවේ..."
යන කියමන සැමට මතක් කරමින් වෙසඟ උදා වූයේ ගංවතුර මාධ්යයෙය.

මා පෙරකී උපහාසාත්මක කවි දෙපදය
නැවත මතක් කරමින්
 "සිංහලෙ - දෙමලේ - මරක්කලේ
ගංවතුර ආවෙලේ
සියල්ල පන්සලේ හෝ සියල්ල පල්ලියේහෝ විය!
මේ සියළු කාරණා අතර ඉස්මතුවූ මනුස්සකම
සියළු ආගම් ,ජාතීන් අතර පැවති සීමා මායිම් ඉවත් කරලූයේගං වතුර සියලු මායිම් - කනු , තාප්ප- බිත්ති , වැට - කඩොලු වලට ඉහලින් පිරුණු පසු මුළු පලාතම එකම තලයක් සේ දිස්වන ලෙසය.




මේ මනුස්සකම ගැනකියැවෙනකන්ද උඩ දේශනාවේදී යේසුස් වහන්සේ දේශනා කල ස්වර්ණමය වගන්තිය
 අද මා "සතියේ සිතුවිල්ල" ලෙස තෝරා ගතිමි.

"ලුණෙහි ලුණු රස නැතිවී ගිය කල
  එය කිමකින් නම් රසවත් කරන්නෙම්ද?
එහි ඇති වටිනාකම කුමක්ද?
එසේම මිනිසාගේ මිනිසත්බව නැතිවී ගිය කල
ඔවුන්ගේ වටිනාකම කුමක්ද?

නුඹලා ලෝකයේ ආලෝකය වන්නේය.....!" 

4 comments:

  1. අර ස්ප්‍රයිට් නිකන්ද බිව්වේ

    ReplyDelete
  2. මළ අවුලක් වෙන්නේ තව ටිකෙන් . මම හිතුවේ ඔයා ඔය කමෙන්ට් එක දාලා තියෙන්නේ ළිං කේස් එකේ ඩෙමා මග් එකෙන් ගල් ගහනවා දැකලා ඒකට දැම්ම එකක් කියලා. මේ බෝතල් වල පානීය "එච් ටූ ඕ මචං". මේ ගං වතුර් සීන් එකත් මරු කථාවක් ! පෝස්ටුවක් ලියන්නම්.ඒක සුපිරිම අත්දැකීමක්!

    ReplyDelete
  3. I read all articles. Neyami! Manjula Ayya

    ReplyDelete
  4. තැන්කූ! තැන්කූ!!

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...