Canoe
(මෙය ඇත්තෙන්ම කැනූ නොව ක’නූ ය.)
(මෙය ඇත්තෙන්ම කැනූ නොව ක’නූ ය.)
Canoe යනු රතු ඉන්දියානුවන්
ඈත අතීතයේ සිට භවිතා කල පරම්පරික යාත්‍රාවකි.මුල් කාලයේදී වේ වැල් වැනි නැමෙන සුලු
රාමුවක් වටා බර්ච් ගසේ පොත්තක් ඔතා , මසා මෙය සකස් කොට ඇත .
එය අපේ රටේ ඔරුවට බොහෝ සෙයින්
සමාන වන අතර ඔරුව මෙන් නොව පැතැලි පතුලකින්
යුක්ත වේ . මුළුමනින්ම විවෘත යාත්‍රාවක් වන
මෙහි ඇතුලත වාඩිවී හෝ බිම දණ ගසා සිටිමින් පැදීම සිදු කරනු ලබයි .
මේ සඳහා කෙටි හබලක්
( Paddle) භාවිතා කරණු ලබයි . වර්ථමානයේ Pvc, ෆයිබර් ග්ලාස්
,ඇළුමීනියම් වැනි අමු ද්‍රව්‍ය වලින් නිපදවන
මේවා බොහෝවිට දෙදෙනෙකුට පැදයාමට හැකිවන අතර
තිදෙනෙකුට ගමන් පහසුව සලසා ගත හැක
.
Kayak
(මෙය
කයාක් නොව ක’යිඇක් ය.)
Kayak යනු ඇස්කිමෝ වරුන්
භාවිතා කල සාම්ප්‍රදායික යාත්‍රාවකි. වර්ථමානයේ
මෙම යාත්‍රා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැක.
1. Sit in top (sit kayak) යාත්‍රාව
තුල අසුන් ගෙන පදින Kayak.
Sit solo kayak
2. Sit on top (sot kayak) යාත්‍රාව
මතුපිට අසුන් ගෙන පදින Kayak.
Sot tandem kayak
Sot Inflatable Triyak
Sit in top (sit kayak)
sit kayak
(sit kayak) මෙම
යත්‍රාව පදින්නා එය තුල අසුන් ගත්තාට පසුව ඔහුගේ හෝ ඇගේ සිරුර හා යාත්‍රාවේ බඳ රබර් මුද්‍රාවකින් මුද්‍රා තැබෙනවා.
මෙම මුද්‍රාව හැඳින්වෙන්නේ Skirt නමින් .මේනිසා පැදීමේදී
තම ඉනෙන් පහල කොටස තෙමීමෙන් වැලකේ.
Solo kayak with skirt
බොහෝ විට මෙවැනි kayak
භාවතා
කරණු ලබන්නේ Rapid (ඇළි)
තරණයට. Rapid එකක්
යනු ගංගා , ඇළ දොළ සීඝ්‍ර බෑවුම් හෝ ගල් අතුරින්
ගලා බසිනා විට දියෙහි ඇතිවන අධික වේගය, කැලඹිළි
සහගත තත්වය, නොහික්මුනු බව, මුරන්ඩු ස්වභාවය, පෙරයිය නොහැකි (Unpredictable) බව ලෙස දැක්විය
හැක.
තරණයේදී ඇති දුෂ්කරතාවය මත පදනම් කොට
ගෙන Level 1, Level 2 යනාදී වශයෙන්; මෙම ඇළි වර්ගීකරණය කරනු ලබයි. ගල් පර්වත අතරින් මොහොතින් මොහොත දිශනතියන් වෙනස් කරමින්, තම සිරුර
ඒ මේ අත අඹරවමින්; එමගින් යාත්‍රාව සමබර කරගනිමින්, හබල් ගැසීමේ රටාවන් මොහොතින්
මොහොත වෙනස් කරමින්, විටෙක තම ශක්තියද, විටෙක තම බුද්ධියද, තවත් විටෙක තම අත් දැකීමද, තවත් විටෙක පෙරයීමද මෙහෙයවමින් කරණු ලබන Rapid තරණය සඳහා වඩාත් ගැලපෙන්නේ One Man Sit In Top Kayak එකකි.
Solo kayak action in white water
Solo kayak action in white water
මෙහිදී One Man Kayak නැතහොත් Solo Kayak යනු
තනි පුද්ගලයෙකු පදින Kayak ය. ඔබ නිවසේ සිට
රූපවාහිනියෙන් නරඹන ක්‍රීඩා වැඩසටහන් වලදී විශාල වේගවත් එමෙන්ම තියුනු ජල කඳ සමග
පහලට පැදයන්නේ sit kayak ය
යන්ය.
මේවා දෙදෙනෙකුට පැද යා හැකි Two Man ඒවාද ඇති අතර ඒවාට Tandem kayak යැයිද කියනු ලබයි. හදිසි අවස්ථාවකදී මෙම
sit kayak යක් පෙරළී ගියද වතුරේ ගිලී යන්නේ නැත.
ඒ මෙම යාත්‍රා දෙකෙළවර සවිකොට හෝ පුරවා ඇති ඉපිලුම් ද්‍රව්‍ය (Buoyancy Aid) හේතු කොට
ගෙනය.
මෙම වර්ගයේ එනම් sit kayak පැදීමට මනා පුහුණුවක් ඇවැසිවේ. යාත්‍රාව
පෙරළී ගිය හදිසි අවස්ථාවකදී නැවත උඩු යටි කුරු
කර ගැනීම විශේෂයෙන් පුහුණු විය යුතු ක්‍රියා කාරකමක් වෙනවා. Eskimo Roll නමින් හඳුන්වන්නේ
මෙම සුවිශේෂී දක්ෂතාවයයි.
Eskimo Roll
Sea
kayak
යනුවෙන් හඳුන්වන්නේ මුහුදු රළ අතරින් පැදයාමට හැකි වනසේ සිහින්ව හා ඉදිරිපස තියුනු
ලෙස සැකසූ ඒවාය. මේවා බොහෝ විට sit kayak වේ .
Sea kayak
Sit on top (sot kayak)
sot kayak
යනු මුද්‍රා තබන ලද යාත්‍රාවකි. මූඩිය වසන ලද පැතැලි ප්ලස්ටික් බෝතලයක් සිහියට නගා
ගන්න. එය sot kayak යක අනුරුවක් වේ.පදවන්නා ඉඳගන්නේ ඒ මත
ඇති නොගැඹුරු වලේය.පදින්නාගේ දෙපා තබා ගත හැකි
පරිදි මතුපිට නිර්මාණය කොට ඇත. විනෝදය සඳහා පදින Recreational kayak බොහෝවිට sot kayak ය.
Recreational kayak
මන්ද එය පැදවීම පහසු වීම කරණ කොට ගෙනය.ඉතා ඉක්මනින්
පැදවීමට ඉගෙන ගත හැකිය. හදිසි පෙරළීමකදී kayak ය හා එය පදවන්නා වෙන්වන අතර kayak
ය
නැවත උඩු යටි කුරු කොට ඒ මතට නැගීම පහසු කටයුත්තක් වේ.
පොදුවේ kayak පදවන හබල (Paddle) හි දෙකෙළවරෙහිම
වරළ් පිහිටා ඇත .
පොළොවට සමාන්තරව
හබල හිසට උඩින් තබා වැළමිට අසළින් අංශක 90
ට නවා ඉහලට ඔසවා හබල සමබර වන සේ රඳවා තබා ගෙන
පැදීම සිදු කරයි.
Kayak පැදීමේදී එකිනෙකට වෙනස්වූ මූලික රටා පහක් ගෙනහැර දැක්විය හැක. නිසල ජලය මත
මෙන් නොව ගලා යන ගංගාවකදී හමුවන බාදක මගහැර Rapid තරණය කරමින් පැදීමේදී මෙම රටා සියල්ල පාහේ ඉවහල් වේ.
1. Forward (ඉදිරියට)
2. Reversing (පසුපසට )
3. Turning
(Sweep) (හැරවීම)
4. Rudder
effect (හැසිරවීම )
5. Draw (හරස් චලනය )
Forward stroke
වර්ථමානයේ
kayak නිපදවීම සඳහා
PE- Poly Ethylene, LDPP-Low Density
Poly Properline, අලුමිනියම්, Glass
Fiber වැනි අමුද්‍රව්‍ය උපයෝගී කරගනු ලැබේ . PE, වලින් නිපදවන ලද kayak සාපේක්ෂව Glass Fiber kayak වලට වඩා සැහැල්ලු වේ. ඒ නිසාම පැදීම හා හැසිරවීම
පහසු . තද ගැටීම් වලට ඔරොත්තු දේ. මිළෙන්
අධිකය! මෙහි ඇති ප්‍රධාන අඩු පාඩුව
වන්නේ අළුත්වැඩියාවට ඇති අසීරු තාවයය. එසේම නවීකරණය කිරීම (Modification) කිරීම
උගහටය.
මෙරට බොහෝ kayak නිපදවෙන්නේ Glass Fiber වලිනි. මේවා ගාල්ලේ ONDA, මොරටුවේ දනූශා
මැරයින්, කඩවත කිරිල්ලවල ඔරියන්ට් ෆයිබර් වැනි
ස්ථාන වල නිපදවනු ලබයි.
මාගේ kayak ය ගැනීමට පෙර කරණ ලද අද්‍යනයේදී PE/LDPP kayak යන් විකිණීමට ලංකාවේ ඇති එකම ස්ථානය ලෙස මුනගැසුනේ කිරුළපන පිහිටි
The Edge නම්වූ ස්ථානය පමනි
. එහි විකිණීමට තිබුනු kayak
යක් රුපියල් 125000/- පමන විය ! මෙය මා ගේ බජෙට්ටුවට දැරිය නොහැකි නිසාත් හදිසි අවශ්‍යතාවයකදී අළුත්වැඩියා
කිරීමේ පහසුව නිසාත් Glass
Fiber kayak යක් ගැනීමට
මා අපහසුවෙන් උවද ඒවන විට හිත හදාගෙන තිබුනි.
එනිසා මා kayak ය මිළදී ගත්තේ දනූශා මැරයින් වෙතිනි
. දනූශා වෙතින් එහි මිළ නියම කොට තිබුනේ රුපියල්
55000 කටය. පසුව එය 50000 කට ලබා දීමට ඔවුන් එකඟවිය.
කිරිල්ලවල ඔරියන්ට් ෆයිබර් අයිති
නලීන් මාහට පැවසුවේ මෝල්ඩ් එකක් ඇත්නම් වඩා අඩු මුදලකට; වඩා හොඳ
තත්වයේ එකක් සාදා දිය හැකි බවය. එවිට මම ඔහුට යෝජනා කලේ ; 50% - 50% යොදා කයාක්
එකක් ගෙන ඔහුට මෝල්ඩ් එකක් නොහොත් අච්චුවක් ගන්නා ලෙසයි.
සෑහෙන කතිකාවකින් පසු ඔහු
රු: 20000/= ක් ද මා රු:30000/=ක් ද යොදා kayak ය මිළදීගෙන සතියක කාලයක් තුල මොල්ඩ් එක සාදා ගෙන kayak ය මාවෙත භාරදීමට
ඔහු හා
මා අවසානයේ එකඟ විය .සිකුරාදා
දිනයක හවස් වරුවේ ඔහු kayak
ය
ගෙනැවිත් තිබුනි. පසුදින උදෑසනින්ම මා ඔහුගේ නිවසට ගියෙමි . එය නිල් පැහැති එකක් විය .
එය මතුපිට Hatches තුනක පියන්
තිබුනි. Hatch එකක් යනු kayakයේ මතුපිට සිට එතුලට සාදා ඇති වලකි. එය තුලට ආහාර, කැමරා,
ෆෝන් වැනි දේ දමා පියනකින් වසා සුරක්ශිතව තැබිය
හැක.
kayak ය ඔහුගේ බඩී
ලොරියෙන් බිමට බා ගත් විගස මා උත්සාහ
කලේ Hatch එකක් ඇර බැලීමයි. මමද ,නලීන්ද බොහෝ වෙහෙස මහන්සි වි එක් පියනක් හැර
බැලුවාම පෙනුනේ එම පියන් යැයි බොරු මවා පෑමක්
පමනක් බවය!
එම පියනට යටින් කිසිවක් නැත.
තිබී තිබුනේ පියන් තුනක් පමනි. මේ පිළිබඳව එය මිළදී ගත් දනූශා මැරයින් ආයතනයට මා ඒ පිළිබඳව පැමිණිලි කලද ඔවුන් පැවසුවේ ඔවුන් පැවසුවේ; ඔවුන් කිසිදු
තැනක Hatches තියෙන බවක් පවසා නැති අතර කළු පැහැති පියන් තුනක් සවි කොට ඇත්තේ හුදෙක්
පෙනුමට පමනක් බවයි!
ඔවුන්ගේ වංචා සහගත කථාවට මට දෙන්න පිළිතුරක් නොවූවද නලීන් වෙත තිබුනි.
ඔහු නොමිළේම Hatches තුනක් kayak ය මතුපිටට
සවිකර දෙන්නට; නොඑසේ නම් දනූශා මැරයින් බොරුව යථාර්තයක් කර දෙන්නට පොරොන්දු විය!
නලීන්ගේ
නවීකරණයන්ගේ පිහිටෙන් මා අතට පත්වූයේ මට අවශ්‍ය ආකාරයේ kayak යකි. Hatches තුල
දැමූ Dry Bag වල අහාර ඇදුම් මුදල් ෆෝන්, කැමරා ඔරලෝසු මුදල් පසුම්බිය
වැනිදේ අසුරා සුරක්ශිතව ගෙන යාමට අපට හැකිවිය .
බරින් කිලෝ
35 -40 ක් පමන වන මෙම kayak ය සමග ඇති මාගේ සුවිශේෂී
බැඳීම වනුයේ එහි ඇති ඉහල ස්ථායි තාවයයි. හිතා මතා වත් එය පෙරළීමට අපහසුය.
එය kayak එකක් නොව Triyak එකකි. Triyak යනු ඉදිරිපස හා පසුපස දෙදෙනාට අමතරව
තවත් කුඩා අයෙකුහට මැද අසුන් ගැනීමට ඉඩක් ඇති kayak යකි. මේ නිසාම මෙය මත අමතර බරක් රැගෙන යාමට ඉඩකඩක්
හා ඉපිලුමක් පවතී. මේ නිසාම පසු කලෙක ගං වතුර
සහනාධාර බෙදීමේදී අප එකවර බත් පාර්සල් 140 ක් පටවා පැද ඇත්තෙමු! කිලෝ 200 ක පමන බරක්
එයට දැරිය හැක!
බත් පැකට් 35 බැගින් වූ Dry Bag 4 ක් දරා ගත් kayak ය කැළණි මුල්ලේ සිට කොහිලවත්තේ ගංගා තිලක විහාරය තෙක්........ - 2016 මැයි ගං වතුර !
නවීකරණයන්ගෙන්
පසු එක් උදෑසනක kayak ය යටියන්තොට
-හක්බෙල්ලාවකට ගෙන ගියෙමු . “මු” කීවේ
මෙ ගමනට මාගේ බිරිඳද පැමිනි හෙයින්ය. මාගේ පැරණි Land Cruiser B J 60 රථයේ හුඩ් රැක් එක මත තබා ගැට ගසා ගත් විට kayak ය බොහෝ සෙයින් කීකරුව රථයේ වහල මත සුවසේ වැද්හොත්ය.
හක්බෙල්ලාවක ග්‍රාමයේ සිටි බොහෝ දෙනා ඔරු පැදීමේ
ප්‍රවීණයෝය. මන්ද ඔවුන් හට මෙයට කාලයකට පෙර එගොඩ මෙගොඩ යෑමට සිදුවූයේ ඔරුවක ආධාරයෙන් වන බැවින්ය. එකල එසි සිට ගැසැනු පිරිමි ළමා ලපටි
සියල්ලෝ මෙම විශයෙහි කෙළ පැමිනියෝ වූහ! ඕනෑම හැඩ පහරක; ජල මට්ටම ඔරු කටෙන් අඟල් 2 ක් තිබියදී ඔරුව නොපෙරළවා ගනිමින් එගොඩ මෙගොඩ යෑමට ඔවුනට පුළුවන!
kayak Launching!
kayak ය ට ව්ම් පසින්; ගල් තලාවට ඉහලින් ; උඩින්ම තියෙන ලොකු ගලට පහලින් ඇත්තේ මා පීනන්නට උගත් "අහිංසක වක්කලමයි !
වතුර වැඩි දවසක්......!
අවුරුදු 50 ක් පුරාවට ඒ බව නිර්ණය කරන්නේ ඈත පෙනෙන ගල දියෙන් මතුවී පෙනෙන ප්‍රමාණය අනුවයි.
මේ ගමනේ අරමුන
වන්නේ නමෝ විත්තියෙන් kayak
ය
දියට දැමීමය . කොටින්ම මෙය Ship Launching එකක්
හෝ Ship Commission කිරීමක් හා සමාන වැදගත් කමකින් යුක්ත විය . ඒ වෙන කිසිවෙකුට
නොව හුදෙක් මාහටම පමනක් විය !!!
කවදා හෝ මා ජීවිත කථාව ලියැවුවහොත් එහි පටුනට එක් කල යුතු තවත් වචනයක් එම දිනෙන් එක්විය. ඒ අන් කිසිවක් නොව kayaking ම විය.
summery of kayaks & canoes
වටිනා ලිපියක් ... ජයවේවා ...
ReplyDeleteබොහොමත්ම ස්තූතියි . මම අමුතුවෙන් කියන්න ඔන නෑනෙ ඔයාගෙ කොමෙන්ටුව මට කොයිතරම් වැදගත්ද ඒ වගේම වටිනවාද කියලා. දිගටම කියවන්න මේක තව පොස්ට් 10ක් වත් යයි! නැවතත් බොහොමත්ම ස්තූතියි !
Deleteනියම විනෝදාංශයක් වගේ,හැබැයි වියදම වැඩි එක තමයි අවුල.
ReplyDeleteමචන් එහෙම නෑ. කයාකින් කරන්න කායක් එකක් තියෙන්න ඕනම නෑ. ඒවා රෙන්ට් එකට ගන්න පුලුවන් තැන් තියෙනවා. පොල්හේන්ගොඩ හරියේ එහෙම තඇනක් තියෙනවා. දවසකට රු1500-2000ක් විතර වෙයි. හැබැයි ට්‍රාන්ස්පෝට් කරගන්න වෙනවා අපිට ඕන තැනට. ඊලඟට කන්න බඩු ටිකක් අරන් වැඩේට බහින එකයි තියෙන්නේ. හිතන තරම් අමරු නෑ. දිගටම කියවගෙන් යන්න. බොහොමත්ම ස්තූතියි .!
Deleteවැදගත්ම දේ ආරක්ශාව කියන එකයි!
Hmm.. wediya amaru ne. kimbulek dennek kaala, diya ellakin pahalata wetila berunoth gedara enna puluwan :P
Deleteතෙශා, කොල්ලන්ව බය කරණ්න එපා.
ReplyDeleteඅපි නොදැනම හිටපු දෙයක්
ReplyDelete
ReplyDeleteබොහොමත්ම ඉස්තූතියි මචං මම " ගඟක් දිගේ 4" රිප්ල්යි එකක් දැම්මා!
නලින් මහතා ලග මෝල්ඩ් එක තාම තියෙනවද ඔහුට කියා තවත් කායකයක් සාදාගන්න පුලුවන්ද?
ReplyDeleteඅනේ මචන් අදයි දැක්කෙ මල්ලි මේ කමෙන්ට් එක. ඌ ලඟ තියෙනවා. කිරිල්ලවල කන්දකපාපු හන්දිය පහු කරගෙන නුවර පැත්තට කිලෝමීටරයක් යනකොට වම් පැත්තේ තියෙන ෆයිබර් වැඩපොල. උගෙ නම නලීන්. නොම්මරේ 0777675146 . කතා කරලා බලන්න. මූ එළ වැඩ්ඩෙක්!
ReplyDelete