මා
; මාගේ බ්ලොගය ලියන්නේ හුදෙක් රසික ජන මනෝරංජනය උදෙසාය ! (මෙම සුන්දර වචන තුන මා නයට ගත්තේ කරුණාරත්න අමරසිංහයන් ගෙනි!) රසික රසිකාවියන් නොඑසේනම් පාඨක පාඨිකාවන් වෙනුවෙන් ලියනා බැවින් ඉස්පාසුවකින් තොරව ලිවිය
යුතුය.
එසේම හෙඩිමට යටින් යොදා ඇති හේතු පාඨයේ සඳහන් ලෙසට සඟරාවක ඩිජිටල් කොපියක් වීමට විවිධත්වයක් තිබිය යුතුය
. එනිසාම වේගයෙන් , රසවත්ව , විවිධත්වයකින් යුතුව ලිවීමට සිදුවේ.
පත්තර කලාවේ මෙවන් ලියන්නන් හැඳින්වෙන්නේ “ලියවන පට්ටල්” ලෙසය.
මා ජීවිතයේ සිහින මැව්වේ විශේෂාංග ලේඛකයෙකු වීමටය!
එහෙත් නැවතුනේ ඇන මුරිච්චි ඉස්කුරුප්පු අතරය!

ලියවන පට්ටලයක්!
මා
පුරුද්දක් ලෙස එකවර ලිපි දෙකක් හෝ තුනක් ලියන්නට පටන් ගනිමි.
එය මා දකින්නේ වඩේ එකක් කමින් ප්ලේන්ටියක් බොමින් සිගරැට්ටුවක් විඳිනවා හා සමානවය!
නො එසේනම් වල් ඌරුමස් කෑල්ලක් හපමින් හීන් අඩියක් ගසමින් සිගරැට්ටුවක් බොන ලෙසය.
මෙම සංඝටක තුනෙන් සිරුර උත්තේජනය කරණ ආකාරය ත්‍රිවිධාකාර වුවත් එම ත්‍රිත්වයම එකම කාල පරාසයක් තුල මොහොතින් මොහොත වෙනස් රසනහර උද්දීපනය කරමින් රසවිදීමට පුළුවන. මාගේ ලිපි ලිවීමද එසේමය. එකක් ටික වේලාවක් ලියා ඇතිවූ විට නොඑසේ නම් කරුණු නැතිවූවිට අනෙක් ලිපිය පටන් ගනිමි!
අද වන විට මා ලිවිය යුතු වන්නේ පෙර දින ලිවීමට පුරණ ලද “ගඟක් දිගේ ..19” වන දිග හැරුමයි.
එහෙත් එය මා මොහොතකට නැවැත්විය යුතු කරුණක් ; හිරු අවරටයත්ම උදා විය.

මේ
ඒ පිළිබඳ කථාන්දරයයි!
පොතක
වත …!
“පොත් මගේ නෙත් වගේ” කියා කියමනක් ඇත .
මෙනිසාම කිසිවෙකු තවත් අයෙකු වෙත පොතක් ලබාදීම නෙතක් ලබාදීම හා සරිලන ක්‍රියාවකි.
මෙයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ පොතක් තුලින් ලෝකය දෙස බැලීමට නව මානයක් , දෘෂ්ඨියක් , කවුලුවක් ලබන්නා වෙත ; භෞතික වශයෙන් ලබන පොතට අමතරව ලැබෙනා බැවිනි.
ආත්මෙට
පොතක් මිළදී නොගෙන අනුන ගන්නා පොත් පමනක් කියවන එසේම අනුන් සතු පොත් රැගෙන ගොස් ගල්
කරණ්නන් උදෙසා තම පොත් රැක ගත යුතු වන ආකාරය පහදා දෙන්නට මෙම වැකිය යොදා ගත්තාදැයි
සිතා ගත නොහේ!
පොත් ලියන්නන් , පරිවර්ථනය කරණ්නන්, ප්‍රකාශයට පත්කරණ්නන්, බෙදා හරින්නන්, විකුනන්නන්, මිළදී ගන්නන්, කියවන්නන් හැරුණු කොටගෙන එකතු කරණ්නන් කියාද කොටසක් මේ ලෝකයේ වෙසෙති.
පොත් ලියන්නන් , පරිවර්ථනය කරණ්නන්, ප්‍රකාශයට පත්කරණ්නන්, බෙදා හරින්නන්, විකුනන්නන්, මිළදී ගන්නන්, කියවන්නන් හැරුණු කොටගෙන එකතු කරණ්නන් කියාද කොටසක් මේ ලෝකයේ වෙසෙති.
මා මින් වැටෙන්නේ අන්තිම කාණ්ඩ තුනටය!
ඉඳහිට මිළදී ගනිමි.අනුන් ලඟ පොතක් දුටුවිට ඉල්ලාගෙන කියවමි. හැකි උපරිමයෙන්ම එකතු කරමි!
මා පොත් කියවන්නට පුරුදු පුහුණුවූයේ දැනට බීබීසියේ සන්දේශය ඉදිරිපත් කරණ චන්දන කීර්ති බණ්ඩාර ගෙනි.
ඔහුට එකල හොඳ පොත් එකතුවක් විය.
“මා ලඟ ඇති පොත් මා කිසිවෙකුට නොදෙමි! මන්ද මා ලඟ ඇති පොත්වලින් බොහොමයක් මා අන් අය වෙතින් ඉල්ලාගෙන ආ පොත්ය.” මේ ඔහුගේ තේමා පාඨය විය!
පොත් එකතු කරණ්නන් හට තමන්ට ලැබෙන දෙමළ පොතක් වුවද එකතුවට එකතුවූ කොටසක් ලෙස ගෙන සතුටුවීමට හැකිවුවද; එයට නිසි වටිනාකමක් එක්වීමට වෙනත් වෙනත් කරුණු හේතු භූත විය හැක.
පොතේ දුර්ලභ බව මීට එක් නිදසුනකි.

විද්‍යා ලිපි ලියන ලිපිකරු - ක්ලාක් !
මරදානේ ගාමිණී හෝල් අසල මා කිහිප වරක් විපරම් කලද කිසිදු සාර්ථක ප්‍රථිචාරයක් නොලදිමි.
එසේම පොතේ අන්තර්ගතය , පොත ලියන ලද ලේඛකයාගේ පිළිගැනීම වැනි කරුණු තවදුරටත් ගෙනහැර දැක්විය හැක.
මේ සියල්ලටම ඉදිරියෙන් දැක්විය හැකි විශේෂිත කරුණක් නම් ලේඛකයාගේ අත්සනක් සහිතව ලැබීමයි.
මෙයද අභිබවා යන තවත් එක් සුවිශේෂී කරුණක් වේ.
ඒ ලේඛකයා විසින් පෞද්ගලිකව තමන් වෙත ප්‍රධානය කල පොතක් වීමයි.
පොත අභිබවා යන වටිනකම් !
ඒ ප්‍රදීප් ඒ ජයතුංග විසින් ලියන ලද "Leopards of Lenama –The Man Eaters
Of Sri Lanka" සහ "Nittaewoo
– The Hobbits Of Sri Lanka (An Analysis of the Legend)"
නමැති නිබන්ධන ගනයේ ලා සැලකිය හැකි පර්යේශනාත්මක ග්රන්ථයන්ගෙන් පිටපත් දෙකක් ඔහුගේ අත්සනින් යුතුව මා ලැබීමෙන්ය.
නමැති නිබන්ධන ගනයේ ලා සැලකිය හැකි පර්යේශනාත්මක ග්රන්ථයන්ගෙන් පිටපත් දෙකක් ඔහුගේ අත්සනින් යුතුව මා ලැබීමෙන්ය.
මෙයට පැය කිහිපයකට පෙර ලැබීමද එය ඉංග්‍රීසි බසින් ලියැවුනු පර්යේශනාත්මක කෘථි වීම කරණකොට ගෙනද එම පොත් මේ මොහොතේ පරිශිලනය කොට ලිවීම උගහටය.
එහෙත්
ඉහත මා සඳහන් කොට ඇති Leopards of Lenama –The Man Eaters Of Sri Lanka පොත මා දුටු සැනින් මාගේ මතකය දිව ගොස් නැවතුනේ
තවත් ඉතාමත් රසාලිප්ත පොත් දෙකක් වෙතය.
මෙහිදී මා මෙම පොත් ද්විත්වය හැඳින්වීමට “ඉතා” කියා යොදා නොනැවතී “ඉතාමත්” කියා යෙදීමට පෙලඹුනේ ඒවා එතරම්ම රසාලිප්ත වන බැවිනි!
මෙහිදී මා මෙම පොත් ද්විත්වය හැඳින්වීමට “ඉතා” කියා යොදා නොනැවතී “ඉතාමත්” කියා යෙදීමට පෙලඹුනේ ඒවා එතරම්ම රසාලිප්ත වන බැවිනි!
එම
පොත් වන්නේ දයාරත්න ගරුසිංහ විසින් පරිවර්ථනය
කරණ්නට යෙදුනු ජිම් කෝබට් විසින් තම අත්දැකීම් ඔස්සේ ලියන ලද “රුද්‍රප්‍රයාග්හී මිනී
කන කොටියා” හා විජිතා
ප්‍රනාන්දු විසින් පරිවර්ථනය කල ; ක්‍රිස්ටෝෆර් ඔන්ඩාට්ජි ගේ “පූනානියේ මිනී කන දිවියා” පොත් යුගලයය.
උතුරු ඉන්දියාවේ ජනකීර්ණ පෙදෙස් හරහා හාද්වාර් සිට භද්‍රිනාත් දක්වා වැටී වන්දනා කරුවන්ගේ මාර්ගය ඔස්සේ 1918 – 1926 අතර කාල පරිච්ඡේදය අතර ; රුද්‍රප්‍රයාග් ප්‍රදේශයේ සිදුවූ මේ ප්‍රවෘත්තිය බොහෝ ප්‍රදේශයන්හී පැතිර ගිය එකකි. ජිම් කොබට් උපත ලබන්නේ වර්ෂ 1875 දීය . පුරා වස්ර 20 ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවෙහි සේවය කරණ හේ ලෝක සංග්රාම දෙකේදීම ඉන්දීය හමුදාවේ සේවය කොට ලුතිනන් කර්නල් වරයෙකු ලෙස විශ්‍රාම ගියේය.
ඉන්පසු හේ කෙන්යාවට සංක්‍රමණය වී එහිදී 1954 දී මරණයට පත් විය.
මෙම
කොටියා විසින් මරාදැමූ මිනිස් ජීවිත ගනන 125 කට අධික වේ.
මිනිසා තරම් හෝ මිනිසා අභිබවා යන තියුණු කපටි හැසිරීම් රටාවකට හිමිකම් කියන කොටියා දඩයම් කිරීම “දඩයක් කරුවා දඩයම” වන ආකාරයේ අවිනිශ්චිත භයානක ක්‍රියාන්විතයක් වේ.
මෙම කතාව පුරා දිග හැරෙණ්නේ මේ තිරිසන් මිනී මරුවාත් දඩයක් කරුවාත් අතර සිදුවන වචන රහිත සංනිවේදනයය.
කොටියා පෙරදින කල ක්‍රියාවට අනුව ජිම් කෝබට් පසුදින තම ක්‍රියාන්විතය සැලසුම් කලවිට කොටියා ක්‍රියා කරණ්නේ ඊට හාත්පසිනම වෙනස් වූ ආකාරයකටය.
මෙසේ කාලන්තරයක් කොටියාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව කොටියාගේ චර්යාව තේරුම් ගන්නා දඩයක්කරු කොටියාට දඩයම නොවී කොටියා දඩයම් කිරීමේ ක්‍රියා වලිය අරඹයි.

අවදානම්
කළමණාකරණය කිරීමේ පලමු අත්පොත මෙය වන්නට ඇතැයි
සිතෙන ආකාරයේ තීන්දු තීරණවලට නිරණ්තරයෙන් එළෙඹෙමින්; වෙනස් කරමින් අළුත් සැලසුම්
හදමින් කරණු ලබන දඩයම හුදෙක් දඩයමක් පමනක්
නොව ක්‍රියාන්විතයක් වේ.
මිනිසා තරම් හෝ මිනිසා අභිබවා යන තියුණු කපටි හැසිරීම් රටාවකට හිමිකම් කියන කොටියා දඩයම් කිරීම “දඩයක් කරුවා දඩයම” වන ආකාරයේ අවිනිශ්චිත භයානක ක්‍රියාන්විතයක් වේ.
මෙම කතාව පුරා දිග හැරෙණ්නේ මේ තිරිසන් මිනී මරුවාත් දඩයක් කරුවාත් අතර සිදුවන වචන රහිත සංනිවේදනයය.
කොටියා පෙරදින කල ක්‍රියාවට අනුව ජිම් කෝබට් පසුදින තම ක්‍රියාන්විතය සැලසුම් කලවිට කොටියා ක්‍රියා කරණ්නේ ඊට හාත්පසිනම වෙනස් වූ ආකාරයකටය.
මෙසේ කාලන්තරයක් කොටියාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව කොටියාගේ චර්යාව තේරුම් ගන්නා දඩයක්කරු කොටියාට දඩයම නොවී කොටියා දඩයම් කිරීමේ ක්‍රියා වලිය අරඹයි.

මා
දන්නා පරිදි කොග්ගල මාර්ටින් වික්‍රමසිංහයන්ගේ
ප්‍රවේණියට උරුමකම් කියන කොහුවල තිසර ප්‍රකාශකයින් විසින්; ආමර්වීදියේ
සුප්‍රසිද්ධ “වානි විලාස් ” සයිවර් කඩේ අත පිහිදාන්නට නොමිලේ දෙන කඩදාසියටත් වඩා ඉතාමත් බාල කඩදාසියේ දෙවන වරට මුද්‍රණය කරණ්නට යෙදුනු මෙම පොත මුල්වරට 1956 දී මුද්‍රණය කොට ඇත්තේ වැසීගිය; මහරගම සමන් මුද්‍රණාලයෙනි. මා දන්නා පරිද්දෙන් බොහෝ හමුදා පාසල් වල; සතුරා පිළිබඳ පරිකල්පිත ඥානය පිළිබඳව ඉගැන්වීමට
මෙම පොත ගුරුකොට ගනු ලබයි!
මෙම
පොතේ මා දකින සුවිශේෂීත්වය වන්නේ එක වරම එකිනෙකට වෙනස් කිසිසේත්ම නොගැලපෙන කතා දෙකක්
පාඨකයා වෙත පවසමින්; එහෙත් පාඨකයා වෙහෙසට පත් නොකරමින; එසේම
අතරමං නොකරමින් අවසානය තෙක් යෑමට රචකයා දක්වන බුහුටි බවය. මේ
කතා දෙක වන්නේ තම පවුලේ පුරාවෘත්තය හා දිවියා හා සිරිලක වන දිවිය පිළිබඳ කතා පුවතයි.
මෙයට
කලකට පෙර බ්‍රිතාන්‍යයන් ලංකාව පාලනය කල අවදියේ
මෙහි වසන ලන්දේසි ජාතික පියෙකුට දාව උපත ලබන ගත් කරු වයස අවුරුදු 12 දී තම පියාගෙන්
වෙන්ව බ්‍රිතාන්‍යයට යයි.
එම ගමනට දින කෙටි කලකට පෙර තම පියා සමග ලංකාවේ වනාන්තර තුල කල සංචාරයක; දශක ගනාවකට පසු නැවත යෙදීම සමග වර්ථමාන කතාව ඇරඹේ.
එම ගමනට දින කෙටි කලකට පෙර තම පියා සමග ලංකාවේ වනාන්තර තුල කල සංචාරයක; දශක ගනාවකට පසු නැවත යෙදීම සමග වර්ථමාන කතාව ඇරඹේ.
1920
කාලයේ වසර දෙකක තුල ඉතා බිහිසුණු, අභීත දිවියෙක් නැගෙණහිර පූනානි ප්‍රදේශයේ මිනිසුන්
විසි දෙනෙකු පමන මරා කා දමා
ඒ කුඩා ගම බියෙන් තැති ගන්වමින් සිටියේය.
ඒ කුඩා ගම බියෙන් තැති ගන්වමින් සිටියේය.
මේ
බිහිසුණු කාලය අවසන් වූයේ ඉංග්‍රීසි ජාතික තේ වගා කරුවකු හා ක්‍රීඩකයෙකුවූ කපිතාන්
ෂෙල්ටන් අගාර් 1924 වසරේදී ඒ දිවියා මැරූ විටය.
මෙයට සමාන්තරව කතුවරයගේ හා ඔහුගේ පවුලේ ජීවිතවල සිදුවන විවිධ හැල හැප්පීම්; දුක්ඛ දෝමනස්සයන් හා දෛවෝපගත සිද්ධීන් එකට ගලපමින් කියැවෙන මෙම කතා පුවත අන්තර්ගතවන පොත ඉතා මනස්කාන්ත ලෙස මුද්‍රණයකොට ඇත්තේ එංගලන්තයේ Rare Books and Berry සමාගමෙනි.
අපගේ
මිතු ප්‍රදීප් ඒ ජයතුංග තම පොත් යුගලය තුලින් අවම වශයෙන් "Leopards
of Lenama" පමනක් හෝ හෙළබසට නැගුවහොත් එය බොහෝ දෙනාගේ හිතසුව පිණිස වනු ඇත.
චීන
කියමනක් වේ. මිනිසකු පරිපූර්ණවීමට කාරණා තුනක් සම්පූර්ණ කල යුතුය. පුතෙක්
හදන්න! ගසක් වවන්න!! පොතක් ලියන්න!!! එම කාරණා තුනවේ.
බොහෝ පිරිස් පළමු කාරණා දෙක සම්පූර්ණ කොට බලා සිටියි.
බොහෝ පිරිස් පළමු කාරණා දෙක සම්පූර්ණ කොට බලා සිටියි.
මන්ද
පොතක් ලිවීම; පුතෙක් හදනවාටත් ගසක් වවනවාටත් වඩා එහා ගිය අසීරු කට යුත්තකි !
ඔබ එය සාර්ථකව ඉටුකරගෙන ඇත .
එයට
මගේ හද පිරි සතුට හා හෘදයාංගම ස්තූතිය! ඔබ එය සාර්ථකව ඉටුකරගෙන ඇත .