Friday, February 2, 2018

80. පොතක වත


පොත් !
පෙරවදන
             මා ; මාගේ බ්ලොගය ලියන්නේ හුදෙක් රසික ජන මනෝරංජනය උදෙසාය ! (මෙම සුන්දර වචන තුන මා  නයට ගත්තේ කරුණාරත්න අමරසිංහයන් ගෙනි!)                                                                                                                          රසික රසිකාවියන් නොඑසේනම් පාඨක පාඨිකාවන්  වෙනුවෙන් ලියනා බැවින් ඉස්පාසුවකින් තොරව ලිවිය යුතුය.
 එසේම හෙඩිමට යටින් යොදා ඇති හේතු පාඨයේ සඳහන් ලෙසට සඟරාවක ඩිජිටල් කොපියක්  වීමට විවිධත්වයක් තිබිය යුතුය
. එනිසාම වේගයෙන්  , රසවත්ව , විවිධත්වයකින් යුතුව ලිවීමට සිදුවේ.
 පත්තර කලාවේ මෙවන් ලියන්නන් හැඳින්වෙන්නේ “ලියවන පට්ටල්” ලෙසය. 
මා ජීවිතයේ සිහින මැව්වේ විශේෂාංග ලේඛකයෙකු වීමටය! 
එහෙත් නැවතුනේ ඇන මුරිච්චි ඉස්කුරුප්පු  අතරය!


ලියවන පට්ටලයක්!

මා පුරුද්දක් ලෙස එකවර ලිපි දෙකක් හෝ තුනක් ලියන්නට පටන් ගනිමි.
එය මා දකින්නේ වඩේ එකක් කමින් ප්ලේන්ටියක් බොමින් සිගරැට්ටුවක් විඳිනවා හා සමානවය!                                                                                      
නො එසේනම් වල් ඌරුමස් කෑල්ලක් හපමින් හීන් අඩියක් ගසමින් සිගරැට්ටුවක් බොන ලෙසය. 
මෙම සංඝටක තුනෙන් සිරුර උත්තේජනය කරණ ආකාරය  ත්‍රිවිධාකාර වුවත් එම ත්‍රිත්වයම එකම කාල පරාසයක් තුල මොහොතින් මොහොත වෙනස් රසනහර උද්දීපනය කරමින් රසවිදීමට පුළුවන. මාගේ ලිපි ලිවීමද එසේමය.                        එකක් ටික වේලාවක් ලියා ඇතිවූ විට නොඑසේ නම් කරුණු නැතිවූවිට අනෙක්  ලිපිය පටන් ගනිමි! 
අද වන විට මා ලිවිය යුතු වන්නේ පෙර දින ලිවීමට පුරණ ලද  “ගඟක් දිගේ ..19” වන  දිග හැරුමයි. 
එහෙත් එය මා මොහොතකට නැවැත්විය යුතු කරුණක් ; හිරු අවරටයත්ම උදා විය.

මේ ඒ පිළිබඳ කථාන්දරයයි!               

පොතක වත …!

“පොත් මගේ නෙත් වගේ” කියා කියමනක් ඇත . 
මෙනිසාම කිසිවෙකු තවත් අයෙකු වෙත පොතක් ලබාදීම නෙතක් ලබාදීම හා සරිලන ක්‍රියාවකි. 
මෙයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ පොතක් තුලින් ලෝකය දෙස බැලීමට නව මානයක් , දෘෂ්ඨියක් , කවුලුවක් ලබන්නා වෙත ; භෞතික වශයෙන් ලබන පොතට අමතරව ලැබෙනා බැවිනි.  
ආත්මෙට පොතක් මිළදී නොගෙන අනුන ගන්නා පොත් පමනක් කියවන එසේම අනුන් සතු පොත් රැගෙන ගොස් ගල් කරණ්නන් උදෙසා තම පොත් රැක ගත යුතු වන ආකාරය පහදා දෙන්නට මෙම වැකිය යොදා ගත්තාදැයි සිතා ගත නොහේ!  

පොත් ලියන්නන් , පරිවර්ථනය  කරණ්නන්, ප්‍රකාශයට පත්කරණ්නන්, බෙදා හරින්නන්, විකුනන්නන්, මිළදී ගන්නන්, කියවන්නන් හැරුණු කොටගෙන එකතු කරණ්නන් කියාද කොටසක් මේ ලෝකයේ වෙසෙති.
මා  මින් වැටෙන්නේ අන්තිම කාණ්ඩ  තුනටය!                                                     
ඉඳහිට මිළදී ගනිමි.අනුන් ලඟ පොතක් දුටුවිට ඉල්ලාගෙන කියවමි. හැකි උපරිමයෙන්ම එකතු කරමි!
මා පොත් කියවන්නට පුරුදු පුහුණුවූයේ දැනට බීබීසියේ සන්දේශය ඉදිරිපත් කරණ චන්දන කීර්ති බණ්ඩාර ගෙනි. 
ඔහුට එකල හොඳ පොත් එකතුවක් විය. 
“මා ලඟ ඇති පොත් මා කිසිවෙකුට නොදෙමි! මන්ද මා ලඟ ඇති පොත්වලින් බොහොමයක් මා අන් අය වෙතින් ඉල්ලාගෙන ආ පොත්‍ය.”                                මේ ඔහුගේ තේමා පාඨය විය!
පොත් එකතු කරණ්නන් හට තමන්ට ලැබෙන දෙමළ පොතක් වුවද එකතුවට එකතුවූ කොටසක් ලෙස ගෙන සතුටුවීමට හැකිවුවද; එයට නිසි වටිනාකමක් එක්වීමට වෙනත් වෙනත් කරුණු හේතු භූත විය හැක. 
පොතේ දුර්ලභ බව මීට එක් නිදසුනකි.


විද්යා ලිපි ලියන ලිපිකරු - ක්ලාක් !

අතර් සී ක්ලාක් මහතා  විසින් ලියන ලද "Classic Diving in Ceylon" නමැති පොත මා කලක සිට සොයමින් සිටින්නෙමි. 
මරදානේ ගාමිණී හෝල් අසල මා කිහිප වරක් විපරම් කලද කිසිදු සාර්ථක ප්‍රථිචාරයක් නොලදිමි.     
එසේම පොතේ අන්තර්ගතය , පොත ලියන ලද ලේඛකයාගේ පිළිගැනීම වැනි කරුණු තවදුරටත් ගෙනහැර දැක්විය හැක.
මේ සියල්ලටම ඉදිරියෙන් දැක්විය හැකි විශේෂිත කරුණක් නම්  ලේඛකයාගේ අත්සනක් සහිතව ලැබීමයි. 
මෙයද අභිබවා යන තවත්  එක්  සුවිශේෂී කරුණක් වේ. 
ඒ ලේඛකයා විසින් පෞද්ගලිකව තමන් වෙත ප්‍රධානය කල පොතක් වීමයි.


   



පොත අභිබවා යන වටිනකම් !

මෙම සුවිශේෂී සුන්දර අත්දැකීම විඳීමේ අවස්ථාවක් අද දින එනම් 01/02/2018 දින  මා ලදිමි.                                                                                                   
ඒ ප්‍රදීප් ඒ ජයතුංග විසින් ලියන ලද "Leopards of Lenama –The Man Eaters Of Sri Lanka" සහ "Nittaewoo – The Hobbits Of Sri Lanka (An Analysis of the Legend)" 
නමැති නිබන්ධන ගනයේ ලා සැලකිය හැකි පර්යේශනාත්මක ග්‍රන්ථයන්ගෙන් පිටපත් දෙකක් ඔහුගේ අත්සනින් යුතුව මා ලැබීමෙන්‍ය.






මෙයට පැය කිහිපයකට පෙර  ලැබීමද එය ඉංග්‍රීසි බසින් ලියැවුනු පර්යේශනාත්මක කෘථි වීම  කරණකොට ගෙනද එම  පොත් මේ මොහොතේ පරිශිලනය කොට  ලිවීම උගහටය.
එහෙත් ඉහත මා සඳහන් කොට ඇති Leopards of Lenama –The Man Eaters Of Sri Lanka  පොත මා දුටු සැනින් මාගේ මතකය දිව ගොස් නැවතුනේ තවත් ඉතාමත් රසාලිප්ත පොත්  දෙකක් වෙතය. 
මෙහිදී මා මෙම පොත් ද්විත්වය හැඳින්වීමට “ඉතා” කියා යොදා නොනැවතී “ඉතාමත්” කියා යෙදීමට පෙලඹුනේ ඒවා එතරම්ම රසාලිප්ත වන බැවිනි!
එම පොත් වන්නේ දයාරත්න ගරුසිංහ විසින්  පරිවර්ථනය කරණ්නට යෙදුනු ජිම් කෝබට් විසින් තම අත්දැකීම් ඔස්සේ ලියන ලද “රුද්‍රප්‍රයාග්හී මිනී කන කොටියා”    හා විජිතා ප්‍රනාන්දු විසින් පරිවර්ථනය කල ; ක්‍රිස්ටෝෆර් ඔන්ඩාට්ජි ගේ                  “පූනානියේ මිනී කන දිවියා” පොත් යුගලයය.

රුද්‍රප්‍රයාග්හී මිනී කන කොටියා


















උතුරු ඉන්දියාවේ ජනකීර්ණ පෙදෙස් හරහා හාද්වාර් සිට භද්‍රිනාත් දක්වා වැටී වන්දනා කරුවන්ගේ මාර්ගය ඔස්සේ 1918 – 1926 අතර කාල පරිච්ඡේදය අතර ;  රුද්‍රප්‍රයාග් ප්‍රදේශයේ සිදුවූ මේ ප්‍රවෘත්තිය බොහෝ ප්‍රදේශයන්හී පැතිර ගිය එකකි.  ජිම් කොබට් උපත ලබන්නේ වර්ෂ 1875 දීය .                                                       පුරා වස්ර 20   ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවෙහි සේවය කරණ හේ ලෝක සංග්‍රාම දෙකේදීම ඉන්දීය හමුදාවේ සේවය කොට ලුතිනන් කර්නල් වරයෙකු ලෙස විශ්‍රාම ගියේය.
ඉන්පසු හේ කෙන්‍යාවට සංක්‍රමණය වී එහිදී 1954 දී මරණයට පත් විය.
මෙම කොටියා විසින් මරාදැමූ මිනිස් ජීවිත ගනන 125 කට අධික වේ. 
මිනිසා තරම් හෝ මිනිසා අභිබවා යන තියුණු කපටි හැසිරීම් රටාවකට හිමිකම් කියන කොටියා දඩයම් කිරීම “දඩයක් කරුවා දඩයම” වන ආකාරයේ අවිනිශ්චිත භයානක ක්‍රියාන්විතයක් වේ. 
මෙම කතාව පුරා දිග හැරෙණ්නේ මේ තිරිසන් මිනී මරුවාත් දඩයක් කරුවාත් අතර සිදුවන වචන රහිත සංනිවේදනයය. 
කොටියා පෙරදින කල  ක්‍රියාවට අනුව ජිම් කෝබට් පසුදින තම ක්‍රියාන්විතය සැලසුම් කලවිට කොටියා ක්‍රියා කරණ්නේ ඊට හාත්පසිනම වෙනස් වූ ආකාරයකටය. 
මෙසේ කාලන්තරයක් කොටියාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව කොටියාගේ චර්‍යාව තේරුම් ගන්නා දඩයක්කරු කොටියාට දඩයම නොවී කොටියා දඩයම් කිරීමේ ක්‍රියා වලිය අරඹයි.




අවදානම්  කළමණාකරණය කිරීමේ පලමු අත්පොත මෙය වන්නට ඇතැයි සිතෙන ආකාරයේ තීන්දු තීරණවලට  නිරණ්තරයෙන් එළෙඹෙමින්; වෙනස් කරමින් අළුත් සැලසුම් හදමින් කරණු ලබන දඩයම හුදෙක්  දඩයමක් පමනක් නොව  ක්‍රියාන්විතයක් වේ.
මා දන්නා පරිදි  කොග්ගල මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ප්‍රවේණියට උරුමකම් කියන කොහුවල තිසර ප්‍රකාශකයින් විසින්; ආමර්වීදියේ සුප්‍රසිද්ධ “වානි විලාස් ” සයිවර් කඩේ අත පිහිදාන්නට නොමිලේ දෙන කඩදාසියටත් වඩා  ඉතාමත් බාල කඩදාසියේ  දෙවන වරට මුද්‍රණය කරණ්නට යෙදුනු මෙම පොත මුල්වරට  1956 දී මුද්‍රණය කොට ඇත්තේ වැසීගිය; මහරගම සමන්   මුද්‍රණාලයෙනි.                          මා දන්නා පරිද්දෙන් බොහෝ හමුදා පාසල් වල; සතුරා පිළිබඳ පරිකල්පිත ඥානය පිළිබඳව ඉගැන්වීමට මෙම පොත  ගුරුකොට ගනු ලබයි!

පූනානියේ මිනී කන දිවියා


මෙම පොතේ මා දකින සුවිශේෂීත්වය වන්නේ එක වරම එකිනෙකට වෙනස් කිසිසේත්ම නොගැලපෙන කතා දෙකක් පාඨකයා  වෙත පවසමින්; එහෙත් පාඨකයා වෙහෙසට පත් නොකරමින; එසේම අතරමං නොකරමින් අවසානය තෙක් යෑමට රචකයා දක්වන බුහුටි බවය.                                                              මේ කතා දෙක වන්නේ තම පවුලේ පුරාවෘත්තය හා දිවියා හා සිරිලක වන දිවිය පිළිබඳ කතා පුවතයි.
මෙයට කලකට පෙර බ්‍රිතාන්‍යයන් ලංකාව පාලනය  කල අවදියේ මෙහි වසන ලන්දේසි ජාතික පියෙකුට දාව උපත ලබන ගත් කරු වයස අවුරුදු 12 දී තම පියාගෙන් වෙන්ව බ්‍රිතාන්‍යයට යයි.
එම  ගමනට දින කෙටි කලකට  පෙර තම  පියා සමග  ලංකාවේ වනාන්තර තුල කල සංචාරයක; දශක ගනාවකට පසු නැවත යෙදීම සමග වර්ථමාන කතාව ඇරඹේ.
1920 කාලයේ වසර දෙකක තුල ඉතා බිහිසුණු, අභීත දිවියෙක් නැගෙණහිර පූනානි ප්‍රදේශයේ මිනිසුන් විසි දෙනෙකු පමන මරා කා දමා 
ඒ කුඩා ගම බියෙන් තැති ගන්වමින් සිටියේය.
මේ බිහිසුණු කාලය අවසන් වූයේ ඉංග්‍රීසි ජාතික තේ වගා කරුවකු හා ක්‍රීඩකයෙකුවූ කපිතාන් ෂෙල්ටන් අගාර් 1924 වසරේදී ඒ දිවියා මැරූ විටය.



මෙයට සමාන්තරව කතුවරයගේ හා ඔහුගේ පවුලේ ජීවිතවල සිදුවන විවිධ හැල හැප්පීම්; දුක්ඛ දෝමනස්සයන් හා දෛවෝපගත සිද්ධීන් එකට ගලපමින් කියැවෙන  මෙම කතා පුවත අන්තර්ගතවන පොත ඉතා මනස්කාන්ත ලෙස  මුද්‍රණයකොට ඇත්තේ එංගලන්තයේ Rare Books and Berry සමාගමෙනි.
අපගේ මිතු ප්‍රදීප් ඒ ජයතුංග තම පොත් යුගලය තුලින් අවම වශයෙන්   "Leopards of Lenama" පමනක් හෝ හෙළබසට නැගුවහොත් එය බොහෝ දෙනාගේ හිතසුව පිණිස වනු ඇත.   
චීන කියමනක් වේ.                                                                                              මිනිසකු පරිපූර්ණවීමට කාරණා තුනක් සම්පූර්ණ කල යුතුය.                                  පුතෙක් හදන්න! ගසක් වවන්න!! පොතක් ලියන්න!!! එම කාරණා තුනවේ. 
බොහෝ පිරිස් පළමු කාරණා දෙක සම්පූර්ණ කොට බලා සිටියි.
මන්ද පොතක් ලිවීම; පුතෙක් හදනවාටත් ගසක් වවනවාටත් වඩා එහා ගිය අසීරු  කට යුත්තකි !
ඔබ එය සාර්ථකව ඉටුකරගෙන ඇත .
එයට මගේ හද පිරි සතුට හා හෘදයාංගම  ස්තූතිය!            




මිළ කල නොහැකි පොතක්!

Monday, January 29, 2018

79. තුවක්කු සහ පතරොම්

මල් මල් වාරම්!

ඉස්සර පරණ පත්තරයක් අරණ් ලුහුඩු දැන්වීම් පිටුව බැලුවොත් මේ මාතෘකාව ගව ආදී මහීෂ සතුන් පිරිවරා සිටිනු දකින්නට පුළුවන.        
ගව ආදී මහීෂයින්  ගැන කතා කරණ්නට තවත් දෙයක් ඉතිරිවී ඇත්නම් එළඹෙන  ප්‍රාදේශීය  සභා මැතිවරණයේදී අසා, විමසා දැන ගැනීමට හැකියාවක් ඇති බැවින් ද එයින්  පත් වෙන අයගෙන් බේරී සිටීමට අපි වැනි හුදී ජනයාට පමනක් නොව වැදි ජනයාට පවා සාදාරණ අයිතියක් උවමනාවක් ඇති බැවින් තුවක්කු සහ පතරොම් වලට වැඩි අවදානයක් යොමු කරණ්නට සිතුවෙමි.

එංගලන්තෙ "සිළුමිණ" පත්තරේ පලවූ තුවක්කු දැන්වීමක්!

පැරණි සිළුමිණ පත්තරයක් අරණ් ලුහුඬු දැන්වීම් තීරය කියවාගෙන ගියහොත් මෙවැනි දැන්වීම් තීරුවක් දක්නට ලැබෙනු ඇත.
“අනර්ඝ තත්වයේ බෝර 12 කානු දෙකේ වෙම්බ්ලි ඇන්ඩ් ස්කොට්  තුවක්කුව ...” ආදී වශයෙන් ලියැවුනු තුවක්කුවේ විස්තරේ දැක්කාම ඒක හරියට  මංගල දැන්වීමක මනමාළිය වර්ණනා කරලා තියෙනවා වගේ මයි !

සිහින් සිරුරක් හිමි හුරු බුහුටි සුන්දර යුවතියක් වන්! 
බලපියකො ලාලිත්යය!

මේක කියවා ගෙන යනකොට ඊට යටින් තියෙනවා “බෝර  16 හා 20 තුවක්කු දෙක ……” කියලා තවත් සටහනක්. 
බෝර 12 බේරගන්න බැරිව ඉන්නකොට තවත් දෙකක් ?
 මේ බෝර ගනන් වලින් කියැවුනේ Shot Gun හෙවත්  මූනිස්සම් තුවක්කු  හෙවත් පතරොම් තුවක්කු ගැනයි. 
මූනිස්සම් කියන්නේ තුවක්කුවට යොදන පතරොම තුල තියෙන කුඩා ඊයම් බෝල වලට බව මම නොකීවාට ඔබ තමුන්නැහැලා දන්නා බව ඉන්තේරුවටම දනිමි.  

අනේ මේ අග්ගලා නොව ඊයම් බෝල හෙවත් තනි වච්නෙන් කියනවානම් 
මූනිස්සම් ය!

මේවායින් කියැවුනේ තුවක්කු බටේ ප්‍රමානය හෙවත් සයිස් එක . 
හැබැයි තුවක්කු බටයක පසුපස කෙලවරට සාපේක්ෂව ඉදිරි කෙලවර කුඩාවේ.  තුවක්කුවේ  ටේපරේ කියන්නේ මේකට වෙන්න ඕනෙ !

තුවක්කු හදන අයියලාගෙන් මේ ටේපරේ ගැන ඇහුවාම කියන්නේ "ඕක නැත්න වෙඩි තිබ්බාම නිකං කට හෝදලා දැම්මා වගේ" කියාය!

ඒකාලෙ සුද්දගෙ රටේ තිබුනේ යාර ,අඩි අඟල් වගේම අවුන්ස රාත්තල් හොන්ඩර වගේ මිනුම් !
ඉතින් තුවක්කුවේ බටේ ප්‍රමානය කියැවුනෙත් මේ ඒකක වලින්මයි.

සුට්ටං ටුවක්කුවේ සිට ඉහලට!

බෝර 12 යනු ඊයම් රාත්තල් එකකට අල්ලන සමාන ඊයම් බෝල ප්‍රමානයය. තවත් විදියකින් කියනවානම් ඊයම් රාත්තලක් ගෙන සමාන කොටස් 12 කට  බෙදා ගත් විට ලැබෙන එක් කොටසක් ගෙන එයින්  ගෝලයක විෂ්කම්හයට  සමාන විෂ්කම්බ්හයකින් යුත් බටයක්  බෝර 12 තුවක්කුවක් වේ. 

මේ  ආකාරයෙන්ම බෝර 16 හා 20 ද නිර්මාණය කරගෙන ඇත.
 ඊයම් රාත්තල 16 කට බෙදා ඉන් කොටසකින්  සාදන බෝලය ඊයම් රාත්තල 12 කට බෙදා සාදන බෝලයට වඩා කුඩා බව මා අමුතුවෙන් කියා සිටින්නට ඇවැසි නොවේ.
මෙම ගණිත කර්මය අසීරු වේ නම් පාන් රත්තල 4 බෙදූ පසු එක කොටසක විශාලත්වය 2 න් බෙදූ කොටසට වඩා කුඩා බව  ඔබ තමුන්නැහැලා   තේරෙණවා ඇතැයි සිතමි. 
 යට කොටස විශාල වෙන්න වෙන්න වටිනාකම අඩුවෙන බව මෙයින් පෙනී යනු ඇත.
මේ  පතරොම් තුවක්කු ඒකාලෙ 12 , 16 ,  20 ට අමතරව 410 කියලා එකක්ද ආවේය.
 යටියන්තොට ගණිතකන්දේ 410 තුවක්කුවක් තියෙන බව මාගේ මිත්‍ර දයානන්ද  කී  විට එය බලන්නට හැතැම්ම ගනනක් ගෙවාගිය හැටි මතකය.
 අද කාලෙ නම් මේ ගමන ඒ තරම් අසීරු එකක් නොවන්නේ දැන් හැතැම්ම නැති නිසාය. දැන් ඇත්තේ ඊට වඩා කුඩා ඒකකයක් වන කිලෝ මීටරය! 

අනේ අයිබොවන්ඩ දැන් අහන්න එපා 410 කියන්නෙ ඊයම් රාත්තලක් 410 න් බෙදලා  ද ……..? කියලා.
අනේ නෑ ඒක එහෙම නෙවෙයි.ඒක වෙනමම මිනුමක් ! ඒක අඟලෙන් දශම 41 තමයි මේ කියන්නේ.
කාත් කවුරුත් දන්නා පොයින්ට් ත්‍රී එයිට් කියන්නෙත් මේ වගේ මිනුමක්!

ඉතින් අපි  ආයෙත් යමු බෝර  12 නොහොත්  බෝර 12 තුවක්කුව වෙත. 
මේවාට දාන පතරොම් වලත් (හැට්ට පතරොම් එහෙම නොවේ) නොම්මර 4 , SG , තනි උන්ඩ යනාදී වශයෙන් කොටස් කිහිපයකි. 
නොම්මර 4 යනු කුරුළු උන්ඩයි. මේවායේ මුං ඇට ප්‍රමාණයේ කුඩා ඊයම් කැට රාශියක් පවතී.   
 SG උන්ඩයක ඇත්තේ කැට 9 කි.  
බෝර 16 තුවක්කුවකට යොදන පතරොමක කැට 6 ක්ද බෝර  20 තුවක්කුවට යොදන පතරොමක කැට 3 ක්ද අන්තර්ගතව ඇත. 
තනි උන්ඩ  ලෙස ව්‍යවහාරයේ හැඳින්වෙන  පතරොමක ඇත්තෙ එක ඊයම් මූනිස්සමක පමනි.
( මෙය හරියට ත්‍රී වීල් එකට රෝද තුනක් පැවතීම වැනිමවූ පුදුම උපදවන කාරණයකි!)  

තනි උන්ඩෙ!
බලපල්ලකො තියෙන ආඩම්බරේ!

බෝර 12 තුවක්කුවට බෝර 20 හෝ 410 පතරොම් යෙදීම සඳහා භාවිතා කරණ; වඩා  විසල් බටය තුලට දැමිය හැකි තවත් අවශේෂ බට සුද්දාගේ රටේ  පවතී. ඒවාට කියන්නේ අඩප්පර හෙවත් Adapters  කියාය.
අඩප්පරයක්! 

අඩප්පරයක් ගිලපු තුවක්කුවක්!

තනි උන්ඩෙ පතරොම් ඒකාලේ යොදාගෙන තුබුනේ අලින්ට වෙඩි තියන්නටය කියා දවසක් අපේ බුරම්පි ආතා  මා එක්ක කීවා ය. 
බුරම්පි ආතා  කියන්නේ අපේ තාත්තාගේ මාමා විය. 
අර බී ඇල් පොඩිනෝනාගේ බාලම මල්ලිය.
උන්දෑ ඒ කියන්නේ   බුරම්පි සිංඥ්ඥෝ උන්නැහැ නොදන්න කෙහෙම්මලක්  නැති කෙනෙක්. 
උන්නැහේ හොර තුවක්කු හදපු කෙනෙක්. 
ඒවා කලේ විනෝදෙට. 
එයා ඒකෙ දුන්නට දැම්මෙ සිංගර් මැෂිමේ ෆුට් එක නොහොත් පාදය පහලට තෙරපාගෙන ඉන්නා දුන්නයි. 
ඔය කියන බුරම්පි ආතාගේ මැෂින් දුන්න! 

“ඔය නොම්මර  12 තුවක්කුවට් හරියටම හරියන බටේ තමයි මොරිස් මයිනරේ ස්ටියරින් බටේ …!” බුරම්පි ආතා මට කීවේ කනට ලංවෙලා.

මේ මහතැන් දන්නවානම් මේ කරකවන්නෙ තුවක්කු බටයක් කියලා!

තව තුවක්කු හදන්න නම් දරාපු අයියා කෙනෙක් නම් කිව්වේ “මලේ ඊට හොදයි විලීස් ජීප් එකේ ගියර් බොක්ස් එකේ ලිවර් හිර කරණා දුනු කියාය !” 

මෙච්චර සුපිරි කතාව මැද්දට කොහෙවත් නැති  බුරම්පියෙක් පැනලා වැඩේ අල කලා කියලා හිතන්න එපා.
 එතනින් තමයි ඊලඟ කයිවාරුවට පොට පෑදෙන්නේ. 
මේ දුනු කියන්නේ සිත්තර පත්ත්‍රේ කැලුම් එක දිගට අවුරුදු හතක් අටක් හොටු පෙරාගෙන ලව් කල  දේදුනු වත් තිසා හාමි ඕනමන්ට් එකක් විදියට තියාගෙන ඉන්න අර අඩි හතරක් පහක් උස  ගැජට් එක වත් නොවේය. 
මේක තේරෙණ හිංගලෙන් කියනවා නම් ස්ප්‍රින් එකකි.

අපේ ආදරණීය චින්තන අයියාගේ චින්තනයෙන් කල එළි  බැහැපු රටම දන්න ඩබල. දේදුනු හා කැළුම් ! පෑත්තක සිට මුන් දෙන්නාට රබර් ඇහැ දාගෙන ඉන්නේ යුනිකෝ කොල්ලාය!

තිසා හාමිම නෙවෙයි හැබැයි එවගේම වෙනත් බුවෙක්! - දුනු හී දරාගෙන!

සෑම පතුරමක්ම  පාහේ සමන්විත වී ඇත්තේ වෙඩි බෙහෙත් වලිනි.
 අපිට බීරංගෙට දාන ගිණිකූරු බෙහෙත් වල  ඉඳන් දක්වා ඇල්ෆ්රඩ් නෝබේල් හොයාගත්ත නයිට්‍රෝ   ග්ලිසරීන් හෙවත් ඩයිනමයිට්  නැතිනම් ට්‍රයි නයිට්‍රො ටොලුයින් - ( අනුග්‍රහය සුමිත් කළ්යාණ මිත්‍ර)(Trinitrotoluene) හෙවත් TNT දක්වා සියල්ල වෙඩි බෙහෙත් උනාට සුද්දාට තුවක්කු පතරොම් සඳහා උපයෝගී කරගන්නා වෙඩිබෙහෙත්  ගන් පවුඩර්  Gun Powder වූවේය.  
මෙම Gun Powder සෑදී ඇත්තේ සල්ෆර් , අඟුරු හා පොටෑසියම් නයිට්‍රේට් මිශ්‍රනයකි.  තුවක්කු සෑදීමට ගත් මිශ්‍ර ලෝහය හැඳින්වූයේ Gun Metal  කියාය. 

Gun Metal   සෑදී ඇත්තේ 88% තඹ 8-10% ටින් හා  2-4% සින්ක් (තුතනාගම්) මිශණකිනි.


තුවක්කු බටය දනිස්සට තියලා නවන්න පුළුවන් වග කීවේ කරවනැල්ලේ මෛත්‍රී අයියාය. 
එයා  කිවානම් ඒක ජී ඇල් පෙරේරා ගේ තාත්තා කීවාට වඩා මට ශුවර්ය!
මේ ජී ඇල් පෙරේර කියන්නේ  මා සමග එකම  පංතියේ සිට ඉහලට ඉගෙන ගෙන ලොකු මහතැන්  කෙනෙක් වූ ජී ඇල් පෙරේරා ය. 
එයාගේ තාත්තා එකල යුධ හමුදාවේ තුවක්කු රෙපයාර්  අංශයේ ලොක්කා ව සිටියේය.


අනේ මේ ජී ඇල් ලගෙ තාත්තානම් නොවෙයි. 
හැබැයි මේ ඉන්නෙ සුද්දගෙ රටේ තුවක්කු බාස් කෙනෙක්!

ගෙවල් තිබුනේ දෙමටගොඩය. 
එකල ජී ඇල් ලගේ ගෙදර ගිය විට මා වැඩි පුර රැඳෙන්නේ ඔහුගේ තාත්තා සමගය.
මන්ද එයා තුවක්කු පිස්තෝල ගැන මගේ තිබූ කුහුළ  දුරු කරණ නිසාය. 
ජීඇල්ගේ තාත්තා ඇරපු අතක් නෑ ලී වෑන් ක්ලිෆ්  වගේමය. 
For a few dollars more එකේ කර්නල් ඩග්ලස් මෝටිමර්  එක්ක ජී ඇල් පෙරේරාගෙ තාත්තා එකට තිබ්බොත් අර බෝන්චි කන  කොට ගේම අදින්න ගිහින් ඉල්ලං කන කුදාට වත් දෙදෙනා වෙන් කරලා හඳුනා ගන්නට බැරිය!

ලී වෑන් ක්ලිෆ් - කොහොමද ගැම්ම!

මතකද ඔය බයිස්කෝප් එකේ කර්නල් ඩග්ලස් මෝටිමර් නොහොත් ලී වෑන් ක්ලිෆ් ඔය කුදා එක්ක මුලින්ම ගේම ඉල්ලන සීන් එක?
කර්නල් එයා ගේ පයිප්පෙ පත්තු කරගන්න ගිණි කූර පත්තු කරගන්නේ බාර් එකේ නැමිලා ඉන්න කුදාගෙ ප්ශ්චාත් භාගයේ  අතුල්ලලා!

කුදා එක්ක ගේම ඇදගත්තු ඒ අමරණීය අවස්ථාව! -  නාකි විසේ!

ඒ කාලේ තිබුනේ ඒවගේ ගිණිකූරු! පස්සෙදි තමයි ඔය Safety Matches කියලා අටමගලක් ඇවිත් තියෙන්නේ. 
අන්න ඒ වගේ තාක්ෂණයක් තමයි පතරොම ඇතුලේ තියෙන වෙඩි බෙහෙත් වලට ගිණි අවුළුවන්න පාවිච්චි කරණ්නෙත්. 

     සුට්ටං රවුම - කැප් එක

ඉතින් මම  අර කීව ගන් පව්ඩර් එහෙම නැත්නම් වෙඩි බෙහෙත් වලට ගිණි අවුලුවන්න පොඩි කැප් එකක් ඕනෑම  පතරොමක පිටි පස්සේ තියේ. පතරොම පිටිපස්සේ හරි මැද්දෑවෙ සුට්ටං රවුමක් තියෙන්නේ ; ආං ඒක තමයි  මේ  අපේ උදවිය කැප් එක කියල හඳුන් වන්නේ. 




බඩු ගබඩාව!

ඕක ඇතුලෙත් තියෙන්නේ වෙඩි බෙහෙත්ම (Primer)  තමයි. 
අඩු පීඩනයකින් ගිණිගන්නා එකක් තමයි ඕක ඇතුලේ තියෙනවා කියන්නේ. මේක මැද්දට පොඩි පාරක් වැදුණු ගමන් හට ගන්නා ගිණි පුළිඟුවෙන් ඇතුලත තියෙන ගිණි ගත් සැනින් මහත් පීඩනයක් ඇතිකරණ ගන් පවුඩර් වල්ට ගිණි ඇවිලෙන්නේ. 
ඒ සැනින් හටගන්නා අධික පීඩනය හිස්ව ඇති තුවක්කු බටයේ ඉදිරි කෙළවරින් මූනිස්සම්  පිටතට තල්ලු කරමින් පිටවේ. මේ සකල විධ උපක්‍රමයට කියනා පොදු නම වෙඩි තැබීමය ! නැතහොත් ගිනි  පිඹීමය !!   

මේ සිද්දියට පතරොමේ කැප් එක මත පීඩනය ඇතිකරණ්නේ හැමරයෙන්‍ය. මේ හැමරය පනගැන්වේ දුන්නකින්ය. මෙන්න මේ දුන්න ගැනයි බුරම්පි සිංඥ්ඥෝලා අර විදියේ කතාවක් කිව්වේ.


“මලේ වෙම්බ්ලි ඇන්ඩ් ස්කොට් තුවක්කුවේ තියෙන්නේ මේන්න මේ වගේ දුන්නක්!” කියා අතේ දඹරැඟිල්ලයි මැදඟිල්ලයි ඈත් කරලා පෙන්නුවෙත් නම් දරාපු අයියා කෙනෙක්. 

මේ වගෙ දුනු වලට කිව්වේ “කාදු දුනු” කියලයි.  


කාදු දුන්න උඩ ! නිකං දුන්න යට!!



වෙම්ලිඇන්ඩ් ස්කොට් තුවක්කුවේ එකම වැරැද්ද ඔය දුන්නලු .
කැඩුනොත් හදන්න දන්න එකෙක් ලොවෙත් නෑ  ලොවි ගහෙත් නෑ කියලා තමයි කියන්නේ. 
හැබැයි ඒකාලේ සුපිරි අයියල ඕක කැඩුනාම දාල තියෙන්නේ අතින් වයින් කරණ පරණ ගරැමෆෝන් වල දුන්නෙන් කෑල්ලක් කපලලු!

ලියන්න මහන්සි වෙන්න ඕනෙ නෑනෙ -  ඔය කියලම තියෙන්නෙ!

වෙම්බ්ලි ඇන්ඩ් ස්කොට් කිව්වාම මතක් වුනේ අර මහල්ලා සහ මුහුද පොත ලියපු අර්නස්ට් හෙමිංවේගේ  ඩබල් බැරල් එකත් මේ ජාතියේ එකක්!
අන්තිමට ඒක කටේ දාගෙන වෙඩි තියාගෙන තමයි එයා මේ ලෝකෙන් යන්න  ගියේ. ඩබල් බැරල් කියන්නේ බට දෙකක් සහිත මූනිස්සං තුවක්කු වලටය. මෙයට එක වර පතරොම් දෙකක් දැමිය හැකි  වේ.

මේව ඉතින් සිහින!

මේ ඩබල් බැරල් තුවක්කු  ට්‍රිගර් දෙකක්  සහිතවද නොඑසේනම් සිලෙක්ටරයක් සහිතව තනි ට්‍රිගරයක් සහිතව හෝ නිපදවා ඇත. 
මේ සිලෙක්ටරය මෙහෙයවා පලමුව ක්‍රියත්මක විය යුත්තේ කුමන  බටයේ ඇති පත්‍රොමද යන්න තෝරා ගත හැක. සෑහෙන අමරුවක් ඇත්නම් පතරොම් දෙකම එකවර ක්‍රියාත්මක කල හැකි ඒවාද තිබෙන බව මා  අසා  ඇත!
එහෙත්  අහෝ දුකකි ඉරකි තිතකි දැකලා නම් නැත! 
ට්‍රිගරය යනු තුවක්කුවෙන් ගිනි පිඹීමට දබර ඇඟිල්ලෙන් පසුපසට මිරිකන කුඩා ලීවරයයි.  
තුවක්කුවට මල පනිනේ මේන්න මේක ඇල්ලුවාම තමයි!

මූනිස්සම් පතරොම් කිහිපයක් දැමිය හැකි තුවක්කුවට කියන්නේ රිපීටරය කියාය.  ලංකාවේ බහුල වශයෙන් දැකිය හැකි රිපීටර වර්ග දෙකින් එකක් වන ස්මිත් ඇන්ඩ් වෙස්සන් රිපීටරයට පතරොම් පහක්ද මොස්බර්ග් රිපීටරයට පතරොම් අටක්ද ගබඩා කොට ගත හැක. 
පතරොම් ගබඩාකරණයට කියන්නේ ලෝඩ් කරණවා කියාය.
රිපීටරයට ලෝඩ් කරද්දී එක පතරොමක් හෝ කණපිටට ලෝඩ් වුනොත්  මලම කෙළියකි. මරණ්න ගිය එකාට “වච්ච්ල්” කියා පතරොම බේරා ගත යුතුවේ.

Pump Action Shot Gun

රිපීටර තුවක්කු වලට බොහෝ රටවල කියන්නේ Pump Action Shot Gun කියාය. මන්ද තුවක්කුවේ ඉදිරිපස ඇති අල්ලගන්නා කොටස Fore End / Fore stock පිටුපසට හා ඉදිරියට  චලනය කිරීමේදී  පෙර වාරයේදී වෙඩි තැබීමට භාවිතාකල පතරොම ඉවත් කිරීම ; තුවක්කුවේ බටයට පහලින් ඇති Tubular Magazine එක තුල ගබඩා කොට ඇති පතරොම බටය තුලට ලෝඩ් කිරීම  හා හැමරය පනගැන්වීම යන කාරණා ත්‍රිත්වයම සුරුස් ගා සිදුවන බැවිනි.

මෙසේම ක්‍රියත්මක වන රයිෆල් තුවක්කුද ඇත. 

ඒවයේ චලනය කල යුතුවන්නේ Fore End එක නොව Trigger Guard එකය. 
Fist Full Of Dollars බයිස්කෝප් එකේ Gian Maria Volonte  හෙවත් Ramon Rojo තියාගෙන ශිල්ප දක්වන්නේ  මෙම වර්ගයේ රයිෆලයකිනි. 

මැගසිනයේ තිබූ අන්තිම පතුරම වනතෙක් වීරයාට වෙඩි තෑබීමෙන් පසුත් ඔහුව මරා දමන්නට නොහැකිව  කොරවී - රෝජෝ

මේවයේ විශේෂත්වය වන්නේ රයිෆලය රඳවා ගැනීමේදී මෙම ට්‍රිගර් ගාර්ඩ් එක සමග  අල්ලා  ගැනීමට හැකිවන පරිදි අතේ දඹරැගිල්ලට පහලින් ඇති අනෙකුත් ඇඟිළි ත්‍රිත්වයම රිංගවිය හැකි අකරයට   ට්‍රිගර් ගාර්ඩ් එක සමන්විත වීමයි. 
මෙම වර්ගයේ තුවක්කු හැඳින්වීමට භාවිතා කරණ පොදු පදය වන්නේ Lever Action Guns යන්නය.

Lever Action Gun

සාමාන්‍ය තුවක්කු වලට පතරොම් දැමීමට එය කැඩිය යුතුවේ. මේ කියන්නේ ගෙදර පවුල ට අහුවුනාම වාගේ  පොලවේ ගසා සුන්නත් දූලි කරණා එක නම් නොවන්නේය. එහි බටය පහලට නැමිය යුතුවේ. එයට කුඩා අගුලක්ද ඇත.
අගුල පන්නා බටය පහතට නැමූ පසු පතරොම පහසුවෙන් රිංගවිය හැක.

කඩා ඇතුලු කිරීම!

ඊට පෙර පත්තු කල පතරොමේ හිස් කොපුව ඔටෝ එලියට විසිවෙන හුරු බුහුටි  ක්‍රම වේදයක්ද මෙහි අටවා ඇත.
 ඉන්පසු නැවත තුවක්කු බටය වසා හැමරය අටවා ට්‍රිගරය මිරිකූ විට බඩු බනිස් ය! සමහර ඒවාට Safety Lock ජන්මයෙන්  ලැබී ඇත.
අපේ සීයාගේ එනම් බී ඇල් පොඩිනෝනාගේ මහත්තයා  සතුවූ ස්ටීවන්ස් තුවක්කුව ඊට හාත් පසින්ම වෙනස්වූ භාණ්ඩයකි. එය කඩා පතරොම රිංගවා වැසූ  පමනින් හැමරය පන ගැන්වේ. 
සේෆ්ටිය  පන්නා ට්‍රිගරය මිරිකූ සැනින් වැඩේ සිද්ධවේ.

ආචාර්‍ය ඇන් ඇම් පෙරේරා

නවසිය හැට ගනන්වලදී ඡන්දෙන් දිනූ ආචාර්‍ය ඇන් ඇම් පෙරේරා මහතා  ගමන් ගත් පෙළපාළියට ; බදුල්ලවල යසරත්න මාමා ගේ තාත්තා අපේම තව ඥතියෙකුගේ ගෙදර දොර මුල්ලේ සිට වෙඩි තැබූ පසු එතුමාව  තම  ගෙදර ඉස්තෝප්පුවේ වාඩි කරවාගෙන; ඔහුගේ මෝටර් රිය පැමිණෙන තුරු ;  EALY බ්‍රෑන්ඩ් එකේ පතුරම් 25 පෙට්ටියක් කඩා   ඉන් එකක්  ලෝඩ් කරවාගෙන සීයා  සිටියේ මෙම  ස්ටීවන්ස් තුවක්කුවටය. 

මේක ඒකම  නොවුනත් ඒක මේවගේ වෙන්න ඈති!

 එම තුවක්කුවට හෙන හුරා වැහුනේ නාහේනෙ මූකලානේ ගල් ලෙනේ වැඩ වාසය කල වජිර බුද්ධි නොහොත් දනියෙල් හමුදුරුවෝ කිසියම් ගුරුකමක් කලාට  පසුව යැයි මතයක් පවතී. 
එම තුවක්කුවට අරක් ගෙන සිටි අපේ ලොකු බාප්පා  දිනක් මහ රෑ දිෂ්ඨියකට වෙඩි තබමින් සැරි සැරූ පසු එම තුවක්කුවෙන් කිසිදා ඉලක්කයට වෙඩි තැබීමට නොහැකිවූ බවට අපේ පවුලේ ජනප්‍රවාදයේ කියැවේ. 


මේ ගල් ලෙන වන විට ලෝක ප්‍රසිද්ධ වී හමාරය! 
ජයන්ත චන්ද්‍රසිරි ගේ දඬුබස්නාමානය ටෙලියේ රණා - කමල් අද්දර ආරච්චි සැඟවී සිටින්නේ නාහේන මූකලානෙ පිහිටි මේ ගල්ලෙන තුලය!

කෙසේ හෝ මා එම තුවක්කුව අවසන් වතාවට  දැක්කේ 1971 අප්‍රෙල් කැරැල්ල පැවති සමයේදීය. 
එකල සියළු ගිණි අවි පොලීසි වලට භාරදෙන්නට ආ නියෝගය පරිදි එය භාරදුන් අතර නැවත ඒ වෙනුවට ලැබුනේ කාගේදෝ තුවක්කු කබලකි! 
සීයාකලේ මගේ තුවක්කුව නැත්නම් මට අනුන්ගේ ඒවා වැඩක් නෑ කියා එකක්වත් නොගෙන ආපසු පැමිණීමය ! 
අයියෝ සල්ලි !

Bolt Action

රයිෆල් වලට පතරොම් ලෝඩ්  කිරීමට  ඇත්තේ  හැමරය වෙනුවට එහි ඇති Firing Pin  එක පන ගන්වන්නේත් කුඩා ලීවරයක් පසු පසට ඇදීමෙනි. 
ඒවට කියන්නේ Bolt Action  තුවක්කු කියාය.
එය පිහිටා ඇත්තේ තුවක්කු බටයේ පසුපස කෙළවරේය. 
Sniper හෙවත් දුර සිට ඉලක්කයට වෙඩිතබන වෙඩික්කරුවන්  භාවිතා කරණ්නේ Sniper Rifle  මෙම Bolt Action  තුවක්කු වේ.   

Sniper Rifle -මරණය තැපෑලෙන් බෙදීම!

මෙයට කලකට පෙර පොලිස්  රාළහාමිල කරේ තියාගෙන ගොස් වෙඩි තියනවා වෙනුවට දෝත බදා ඔලුවට පත බෑවූ 303 රයිෆලයද බෝල්ට් ඇක්ෂන් රයිෆලයකි. මේ 303 (ත්‍රී ඕ ත්‍රී ) රයිෆලය සෙල්ලම් භාණ්ඩයක් නොවන්නේය.
මෙම රයිෆල් පතරොමක Effective Range  එක නොහොත් “වදුනොත් මළා" දුර යාර 3000 ක් හෙවත් මීටර 2700  හෙවත් කිලෝ මීටර 2.7 කි.

හිත හීලෑ නෑ!

ඒ කියන්නේ බොරැල්ලේ පොලීසියේ  සිට වෙඩි තැබූ විට  මරදාන කිට්ටුවට වදින  බවය! අනේ ඒවට මොනවා කලාද මංදා ! දෙවන මහ ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය හමුද විසින් භාවිතා කල සුප්‍රකට  Bren Gun නමැති LMG (Light Machine Gun)  සඳහාද භාවිත  කොට  ඇත්තේ මෙම 303 උන්ඩය.

මිත්‍ර හමුදා බිම ලැග ගෙන!

උන්ඩ කිව්වාම මතක් උනේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් මහතා කීවේ උන්ඩ වලට මුන්ඩ කියාය. ඒ කුමන මුන්ඩයක් හිත තබාගෙනදැයි කියන්න දන්නේ එතුමා හා එලීනා ජයවර්ධන මහත්මිය පමනකි!  

   මුන්දෑගේ මුන්ඩ කතා දන්නෙ මේ උපාසක අම්මා පමනි!

තුවක්කුවක බටය දික්වූ  තරමට එහි ඉලක්කය හොඳය. 
පතරොම් තුවක්කුවක නම් බටය ඇතුලත් ඇති ආනතිය එනම් කෝණික බව වැඩිවූ තරමට ඉලක්කය වෙත මූනිස්සම් නොඉහිරී එක රොත්තට වදී.
 එහෙත් තුවක්කු බටය දික් වීම හා පෙරකී කෝණික බව Taper වැඩි වීමෙන් තුවක්කුවේ වාංගුව  නොහොත්  පසුපසට එන පහරේ Backfire ප්‍රභලත්වය රඳා පවතී.   
පෙරකී තනි උන්ඩ යෙදූ පතරොමක් ගැලවූ විට එයතුල මූනිස්සමට  බද්දකල ආනත දැති සහිත නයිලෝන් රෝදයක් පවතී. 
ඒ උන්ඩය ගමන් කිරීමේදී එයට භ්‍රමනයක් ලබ දීමටය. අධික වේගයෙන් පිටවන උන්ඩයේ පසුපස සවිකොට ඇති දැති රෝදය තුවක්කු බටයේ ඇතුලත බිත්තිය හා ගැටීමෙන් එය භ්‍රමණය වන්නට පටන් ගනී.

පිට පොට නොයන පොට!

රයිෆල් තුවක්කු වල මෙම ක්‍රියාව ඉටු කිරීමට බටය තුල පොටක් Thread එකක් කපා ඇත. කාත් කවුරුත් දන්නා ටT 56 ද 9mm ද මේ  පොට නොහොත් රයිෆ්ලින් Rifling එක දැකගත හැකිය.
Rifling Twist කියන්නේ මෙම පොට ටය.
Rate of Twist කියන්නේ  එක් වටයක් බ්‍රමනය වන්නට උන්ඩය පොට දිගේ කොපමණ දුරක් ගමන් කලයුතු වන්නේද කියාය. එය සමන්‍යයෙන් 1 ට 7 ක් පමණවේ. 
303 හි මෙය 1 ට 10 කි. එනම් එක් වටයක් බ්‍රමණය වන්නේ අඟල් 10 ක දුරක් උන්ඩය ගමන් කල යුතු පසුවය.   



 ගැට්ට සහිත!

ප්‍රධාන වශ්යෙන් පතරොම් වර්ග  දෙකකි.
රිම් එක සහිත හා රහිත මෙම දෙවර්ගයයි. 
තුවක්කුවේ බටය තුලට පතරොම මුලුමනින්ම ඇතුළුවීම වැලැක්වීම හා වෙඩි තැබූ පසු හිස් පතරොම් කොපුව ඉවතට ගැනීමට මෙම රිම් එක ප්‍රයෝජනයට ගැනේ. රිම් එකක් සහිත පතරොමක් ක්‍රියාත්මක වීමේදී රැඳෙන්නේ බටයේ පසුපස කෙළවරේය. 


රයිෆල්, පිස්තෝල වැනි පතරොම් රැසක් ගබඩා කිරීමට ඇති මැගසිනය තුල ඇසිරීමට පහසුවන පරිදි එලියට  නෙරූ රිම් එකක් නොමැත. 
එහෙත් මෙම  ස්වයංක්‍රීය  ගිණි අවි වල ක්‍රියාත්මක වීම සඳහා බටය තුලට ඇතුළු කරන්නේත්  ඉන්පසු ඉවතට ගන්නටත්  හැකිවන පරිදි පතරොම අල්වා ගැනීමට කාණුවක් නොහොත් Groove  එකක් හරා ඇත !


ගැට්ට රහිත!

කාණු කිව්වාහම තව එකක් මතක් වුනා නොලියාම  බැරි. 
තුවක්කු ගැන කතාකරද්දි භාවිත කරණ එයටම සුවිශේෂ වූ වචන කෝෂයේ ඇති තවත් එක් වචනයකි “කාණු” යන්න. 
අර දයානන්ද  ගුණවර්ධනයන්ගේ මධුර ජවනිකා නාටකයේ ඒකාලෙ කලා කරුවෙකුව සිටි ජැකා; අනුලා බුලත් සිංහල එක්ක; ජෝන් කොතලාවල ගැන කියන  විරිදුවේ “කාණු හතයි පිස්තෝලෙට.” කියා කියැවෙන්නේ මෙම කාණු ගැනය. ඒ රිවෝල්වරවල පතුරොම් රිංගවන කුහර මේ නමින් හඳුන්වති.    

 ජැකා ඇන්ඩ් අනුලා (වෙන්න ඕනෙ!)

නෙයිනට තියෙන්න ඇත්තේ මේ වගේ එකක්!


“රිවෝල්වර ” ඒකත් කතාකරණ්න සුපිරි මාතෘකාවක් ! පාඨක ප්‍රථිචාර බලලා කතා කරමු!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...