Monday, June 3, 2019

141. කළු ගඟ දිගේ . . . . . 6

පොලුයි - දෙලුයි !
බල මාළුයි!!

රාත්‍රිය මුළුල්ලේ නිදි වර්ජිතවත් නිසි පමණක් නොව කිසි අහරක් නැතිව; ගඟක ඉවුරක; පරිසරයට නිරාවරණයව සිටි අයෙකු හට සීනි සම්බෝල පාන් එකක් සමග බිත්තර පාන් එකක් පමනක් යනු ගිරුවා පත්තුව මැදින් කෝඳුරුවෙක් ගියා වැනි දෙයකි.
තවත් ලිහිල් කර ලියනවා නම් වික්ටෝරියා පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වැනි නොදැනී යන කාරණයකි.

උදේ තේ බීම පුරුදුවූ අයෙකු හට හිස් බඩ කිසිදු ක්‍රියා කාරකමක් කිරීමට හිත දෙන්නේ නැති බව මා ඉවෙන් මෙන් දනිමි. ඇත්තෙන්ම මමත් එම කුලකයේ තවත් එක් අවයවයකි.
උදේ තේ එක සමග කිසියම් පැණි රසක් කන්නට මා කලක සිට පුරුදු වී ඇත්තෙමි. මේ පැණි රස කෑමට බොහෝ විට ගොදුරු වන්නේ ඉඟුරු විස්කෝතු කිහිපයකි!

පසිඳු සමග හක්බෙල්ලවක ගතකල සමහර උදෑසනයන් හීදී; මාගේ සොයා ගැනීමක් යැයි මා සළකන නෙස්ටොමොල්ට් යොදන ලද කෝපි කෝප්පයේ; තැටි පාන් අඩිය පොඟවා ගෙන කන්නට පුරුදු වූවේ පසිඳු ගෙන්මය!
පාන්; ජෑම් + බටර් + මාමයිට්  ගාගෙන කෑම පුරුදු වූවේ තවත් මගේ ලඟම ඥාතියෙකුවූ රොමේන් අයියා ගෙනි.

අතෙකින් සිතියමකි අතෙකින් ගෙන     බනිස
මරණ තුනක් පෙන්නයි තම  දත්          දෙතිස

කෙසේ වෙතත් ඇනෝ එතරම් කෑමට පැන්නූ අයෙක් නොවීය! ඒත් එය කණ්ඩායමේ කිසිවෙකුට අඩු පාඩුවක් සේ නොදැනෙන්නට මමත් පසිඳුත් හැකි උපරිමයෙන් කටයුතු  කලෙමු.
අපි යන විට කයාක දෙක  හරවා ඒවා මතුපිට එක් එක් කයාකය මත ගෙනයන දෑ බෙදා හැර තිබුණි.

පුරුදු පරිදි මම; වඩා බරසාර ෆයිබර් කයාකය තෝරා ගත්තෙමු. එසේම  කෝඩුකාර ඇනෝව මම මගේ කයාකයේ ඉදිරිපසට නංවා ගන්නට සිතා ගත්තෙමි.
ඒ ඔහුට අමතර ආරක්ෂාවක් දෙන අටියෙනි.  මෙම ආරක්ෂාව යන වචනයේ අර්ථ දෙකක් ගැබ්වී පවතී.

ඉන් පලමු වැන්න එම කයාකයේ ඇති සුවිශේෂී ස්ථායිතාවය ය. දෙවැන්න හදිසි අවස්ථාවකදී පෞද්ගලිකව මා හට කල හැකි මැදිහත්වීමය.

මා සම්බන්ධවන ඕනෑම ක්‍රියාකාර කමකදී බොහෝ විට මා පෙරමුණේ රාළ වෙමි. මන්ද අනෙකෙකු වෙත සිදුවන අනතුරක් නිවෙසියනට දන්වන්නට සිදුවීමට වඩා මරණය වාසනාවන්ත බැවින්ය.

බොහෝ විට මාහට හමුවන සියල්ලෝ මට වඩා වයසින් අඩු අය වෙති. එසේම ඔවුන් පැමිණෙන්නේ මාවෙත තබන මහත්වූ විශ්වාසය කරණ කොට ගෙන යැයි මා සිතමි. එහෙයින් ඔවුන්ගේ ජීවිත මත මා ලංසු තබන්නේ නැත.

වසික පමණක් නොව මාගේ දියණිය පවා තම මිතුරියක සමග මහ පාරේ ඇවිද යන විට ඇයව රැගෙන යන්නේ වඩාත් ආරක්ෂාකාරී ලෙස මාර්ගයට විරුද්ධ දෙසිනි.
මා ඔවුන් හට ආරක්ෂාව සැපයූ අයුරිණ් ඔවුන් ඔවුන්ගේ ළබැඳියනට ආරක්ෂාව සපයමින්ය!
මා කිසි දිනෙක ඔවුන්ව කුමන හදිසි අවස්ථාවකදීවත් පදික මාරුවකින් හැර වෙනයම් තැනකින් පාර පන්නවා නැත.
තවත් කාලයකින් ඔවුන්ද ඔවුන්ගේ දුවා දරුවනට එසේ ආදර්ශමත් වනු ඇත!

බයිසිකල් ගමන් වලදී ඉදිරියෙන් පදින්නේද ගඟාවන් දිගේ යන ගමන් වලදී හමුවන රැපිඩ් හෙවත් ඇලි තරණයේදී පළමුව එයට මුහුණ දෙන්නේද මාය.
ඒ මා තුල ඇති සුවිශේෂී හැකියාවක් හෝ නිර්භීත භාවයක් නිසා නොව කණ්ඩායම හැකි අවම අවදානමකට ලක් වනු පිණිසය!
මේ පිළිබඳව විවිධ අර්ථ කතනයන් දැක්විය හැක.

1. නායකත්වය පළමුව අනතුරකට ලක් වීමෙන් මුළු මහත් කණ්ඩායමම අනතුරේ වැටීමට මග පෑදෙනවා නොවේද?

2. අවිනිශ්චිත අවදනම් සහගත අවස්ථාවකදී; පළමුව වඩාත් ජේෂ්ඨ සාමාජිකයා එයට මුහුණදී එහි ස්වභාවය තෙරුම් ගන්නවා විනා වෙනත් සාමාජිකයෙකු ඒ වෙත යොමු කිරීමෙන් තත්වය වඩාත් බරපතල විය හැකි නොවේද?

මෙහිදී මා තෝරා ගන්නේ දෙවන පිළිවෙලයි.

ලංකාවේ අංක එකේ කිමිදුම් සමාගම වන මාස්ටර් ඩයිවර්ස් ආයතනය වෙතට ලැබෙන වඩාත් භාරදූර කටයුතු වලදී; එයට උර දෙන්නේ එහි සභාපති තැන්පත් ආරියශීල වික්‍රමනායක මහතා බව මා අසා ඇත.

වරක් මහවැළි ගඟ හා සම්බන්ධ එක් වාරි ගේට්ටුවක් (මාගේ මතකය නිවැරදි නම් පොල්ගොල්ල) සිරවී තිබුනු අවස්ථාවක, එසේම බෝවතැන්න උමග හා සම්බන්න්ධ කිමිදුම් කටයුතු වලදී දියට බැස්සේ එතුමාමය!
මෙය කියවන අය අතර; මේ ගැන මට වඩා දන්නා වෙතොත් අය මාවත් මෙම පෝස්ටුවත් නිවැරදි කරත්වා.

කෙසේ වෙතත් ඔහුට මගේ උත්තමාචාරය!

මම මේ ලියන්නේ 30/05/2019 දහවල් 12.24 ටය. ඉහත ආරියසීල වික්‍රමනායකයන්ගේ වික්‍රමය මෙසේ සිල්ලරට ලියා අත පිසදා ගෙන  හිත හදා ගැනීමට මාහට නොහැක. මා ‍You Tube හි මේ ගැන සොයා බැලූවද කිසිම ආරංචියක් සොයා ගැනීමට නොහැකිවිය.

පසුව මා අන්තර්ජාලයෙන් මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ දූරකථන අංකය සොයා එය ඇමතීමි.

"හෙලෝ මාස්ටර් ඩයිවර්ස් . . . . . !?" එහා ඉමෙන් මිහිරි හඬක් නැගිනි.

"හෙලෝ මිස් මට ආරියසීල මහත්තයාගැන පොඩි විස්තරයක් දැන ගන්නට ඕනෙ  !"

"පොඩ්ඩක් ඉන්න මම මේක සර් ගේ සෙකට්‍රිට දාන්නම් . . . . !" ඊළඟ මිනිත්තුවේදී තවත් සුන්දර හඬක් අවදි විය . . . . .  !

"හෙලෝ . . . . . !?"

"හෙලෝ මිස්, මට අරියසීල මහත්තයා ගැන පොඩි විස්තරයක් දැන ගන්න ඕනෙ. . . .අර මහවැළියේ ගේට් එකක් හිරවුනු වෙලාවෙ . . . . . . !?!?!?"

"ආ වික්ටෝරියා නේද? ඒ ගැන සියළුම විස්තර තියෙනවා සර් ගෙ "කෙම්බිමට ගමනක්" පොතේ. . . !"

"මට පොතනම් හොයා ගන්න බැරි උනා . . . පොඩ්ඩක් කතා කරණ්න ලැබුනොත් ඒක ලොකු දෙයක් . . . . "

" . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ."

" . .  . . . . . . . . . . . . . . . . . . . . ."

"හරි මම වෙලාවක් වෙන් කරලා දෙන්නම්. 2.00 වෙන කොට මෙතනට එන්නකෝ  "

හරියටම 1.36 වන විට මම මාස්ටර් ඩයිවර්ස් ප්‍රධාන කාර්‍යාලයට ගියෙමි. තවත් පැය භාගයකින් පමන ආරියසීල වික්‍රමනායක මහතාගේ ලේකම්වරිය පැමිණ මාහට එතුමාගේ චරිතාපදානය වන "කෙම්බිමට ගමනක්" ග්‍රන්ථයේ පිටපතක් ගෙනත් දුන්නේ "මේකෙ ඔයාට ඕන විස්තරේ තියෙනවා කියවන්නකෝ . . . !" කියාය.

එම පොතේපලමු පරිච්ඡෙදයේ දැක්වෙන්නේ මා පෙර සඳහන් කල පුරාවෘථය ය. මා එය  මෙහි පෙලගස්වන්නම් තරමක සංස්කරණයකින් යුතුව.

හඹා ආ මග . . . !

1. වන පරිච්ඡේදය - එදින ඔහු එතැන සිටියේය

ලංකාද්වීපය පුරා තද වැසි ඇද වැටෙමින් තිබිණි.

රට මධ්‍යයේ පිහිටි උස් කඳු මුදුන් දෝවමින් පහතට ඇදෙන මහා දියවර දරාගත් මහවැලි ගංගාවද සැඩ රළ නංවමින් පෙරට ගලා ගියේය.

ඒ 1984 වසරේ ජුලි මාසයයි.වසර හයකට පසු මහවැලි ගඟේ ඉහළම ජල මට්ටමක වාර්තා වූ අවස්ථාව එය වූ අතර  රටේ ප්‍රදේශ රැසක් ඒ වන විට ගංවතුර උවදුරට ගොදුරු වී තිබිණි.

සිව් වසරකට පෙර මහවැලි ගඟට හුළු ගඟ එක්වන ස්ථානයට නුදුරිණ් තිබුනු දිය ඇල්ල වෙනුවට වික්ටෝරියා වේල්ල ඉඳිවී තිබුනි.

 මෙම වර්ෂාව සමග එම වේල්ලේ නිර්මාපකයෝ නොසන්සුන් වූහ. අපේක්ෂිත් ජල ප්‍රමාණය මෙන් දෙගුණයක් ජලය වෙල්ලෙන් උත්පාදිත ජලාශයේ එක්වෙමින් තිබුනි.

ජලාශය වේගයෙන් පිරී යන ආකාරය 
1984 ජුලි 25 සන්ඩේ ඔබ්සරවර් වාර්ථාකරු ලියා දක්වා තිබූ අයුරු . . !

ඒ අතරම මේ ජලය පිට කිරීම සඳහා වේල්ලේ පත්ලේ ඉඳිකර තිබුනු; දොඹකරයක ආධාරයෙන් කොන්ක්‍රීට් පීල්ලක් ඔස්සේ  ඉහළට ඔසවන  හා පහතට හෙලන දොරටුව හදිසියේ ක්‍රියා විරහිතව තිබීම නිසා තත්වය වඩාත් නරක අතට හැරෙමින් විය.

ජුලි මැද වන විට වේල්ලේ අඩි 250 ක උසකට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් පිරී තිබුනි.

දැවැන්ත වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර හැත්තෑ දෙකෝටි අසූ ලක්ෂයකි!

මෙය පරාක්‍රම සමුද්‍රය, කලා වැව හා නුවර වැව යන යෝධ  වැව් තුනේම ජල කඳටත් වඩා විශාල ධාරිතාවකි!

වික්ටෝරියා සතුටින් ඉපිල . . . . . !

වහා යෙදිය යුතු පිළියම වූයේ කෙසේ හෝ ජලාශය පත්ලට කිමිදී පත්ලේ අති දොරටුව විවෘථ කිරීමය! අවසානයේ මෙම අභියෝගය මහවැලි අමාත්‍යංශයෙන් ඉදිරිපත් වන්නේ එවකට තිස්පස් වියේ සිටි ආරිය සීල වික්‍රමනායක වෙතටය.
බොහෝ අයගේ විරෝධතා පසෙක ලා; මහ වැසි අතරේ ඇවැසි ආම්පන්න වාහන දෙක තුනක පටවා ගත් ආරියසීල තම සොහොයුරු රුවන් සමගින් විටෝරියා වැඩබිම වෙත ගියේය.

කිමිදුම් කරුවෙකු සාමාන්‍ය ක්‍රමවේධ ඔස්සේ ප්‍රායෝගිකව කිමිදෙන උපරිම දුර අඩි 180 කට වැඩි නොවේ. වික්ටෝරියාව පිහිටියේ මුහුදු මට්ටමෙන් මීටර 417 ක් උසිනි.

මුහුදු මට්ටමෙන් ඉහල යත්ම යත්ම වායුගෝලීය පීඩනය අඩුවන බැවින් කිමිදිය හැකි ගැඹුර තව තවත් අඩුවේ. ඒ නිසාම මෙම දෙශගුනික සාධක මැද අඩි 250 ක් කිමිදීම මුහුදු මට්ටමේ අඩි 350 ක් කිමිදීම හා සමානවේ.

"ඒ විතරද? ඒ පරිසරයේ උෂ්නත්වය අඩුයි. වතුරේ පතුලට යනකොට හොඳටම සීතලයි.
රොන්මඩ නිසා ගං වතුර සම්පූර්ණයෙන්ම බොර පාටයි. අඩි කීපයක් පහලට ගියාම සීයට සීයක්ම කළුවරයි.
ගංවතුරට ගසාගෙන ආ බොහෝ දේ නිසා විය හැකි අනතුරු ගැන කියන්නට බෑ.
ඔය සේරම බේරගෙන පතුලට ගියත් තියෙන ලොකුම ප්‍රශ්නෙ මේ යෝධ දොරටුවේ දෝෂය හඳුනාගැනීම. ඒ
වැඩේට ජලාශය පතුලේ ගත කරණ්න පුළුවන් උපරිම වෙලාව විනාඩි 7 යි!
ඒ වෙලාව පැන්නොත් මැරෙන්න පවා ඉඩ තියෙනවා.
ඒ වගේම එක දවසකට කිමිදෙන්න පුළුවන් එක වතාවක් විතරයි.
ජල පීඩනය නිසා රුධිරයේ දියවන වාතය ටිකෙන් ටික ඉවත් වන්නට දවසක විතර කාලයක් යනවා. ඒ නිසා එක සැරේකට වඩා කිමිදෙන්න බෑ!"

එසේම ජලාශය පත්ලට සැනින් ලඟා විය හැකි වුවද අඩි 250 ක ගැඹුරක සිට මතුපිටට පැමිණීමට පැය 2 කට ආසන්න කාලයක් ගත කලයුතු වේ.

එක් එක් ගැඹුරු මට්ටමට පැමිණ නියමිත වේලාවක් එම ස්ථානයේ රැඳී සිටිමින් නොපැමිණියහොත් කිමිදුම් කරුවා මරණයට හෝන් සදාකාලික අංගවිකල තාවයට පත්විය හැක. ඒ නයිට්‍රජන් රුධිරයේ දියවී යන හෙයින්ය.

අභියොගය ඉස්මත්තේ - සතුට ගලයි සැම චිත්තේ
කිමිදීමට සූදානම්ව.  වම් කෙලවරේ ආරිය සීල

අදාල දිනයේ දිය යට සිට මතු පිටට සම්මත් සංඥා ලබාදෙන ලණුවක්; බෝට්ටුවක රැඳී සිටි තම සොහොයුරු රුවන් වෙත තිබියදී පිටෙහි රැඳවූ ඔක්සිජන් ටැංකියක් සහිතව මහා දිය කඳට පැන ආරියසීල නොපෙනී ගියේය!

"මම හිතුවා වගේම අඩි 10 යනකොට වතුර යට සීයට සීයක් කළුවරයි. කිසි දෙයක් පෙනෙන්නේ නෑ.
 හොඳටම සීතලයි. මම කළේ ආරක්ෂක ආවරණයක් විදියට එක් අතක් ඉස්සරහට කරගෙන, ඔළුව පහළට දාලා ඊතලයක් වගේ කෙළින්ම පතුලට යන එක. ඒකට විනාඩි තුනක් ගත වෙන්න ඇති."

ජලාශ පත්ලේ තිබුනු දොරටුව ක්‍රියා විරහිත වීමට හේතුව එහි ඉංජිනේරුවන් වූ යුරෝපියයන් නිගමනය කල හේතුව නොවීය.

දින තුනක් ඇතුලත තෙවතාවක් ආරියසීල වික්ටෝරියාව පතුලට ගොස්  පමිණියේය.

අවසන් වතාවේ කල කිමිදීමේදී එතෙක් විසන්ධිව තිබුනු දොඹකර කේබලය දොරටුවට සම්බන්ධ කිරීමට ඔහු සමත් විය!

ඉන් පසු ටොන් ගනනාවක් බරැති දොරටුව ඉහලට එසවුනු අතර වේල්ල බිඳී යාමේ අවදානම ක්‍රමක්‍රමයෙන් ඉවත් විය!

ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "වික්‍රමනායක" යෙකුවිය.

මා එම ඡේදය කියවා අවසන් වන්නට මත්තෙන් ඔහුගේ පෞද්ගලික ලේකම් වරිය මා ඇමතිමි.

'හරි! සර්ව හම්බෙන්න පුළුවන් යමු . . . . . . . !"

 තවත් විනාඩි ගනකින් මා ආරියසීල වික්‍රමනායක මහතා අභියස විය.

ගලිවරාණය . . !

අප එතුමාට සවන් දෙමු . . . . !"

https://www.youtube.com/watch?v=-OznXPOQ3Jw&feature=youtu.be

ඒ අපේ කාලයේ වීරයෙකුගේ යශෝරාවයයි.ඔහු ඉතා නිහතමාණී ධෛර්‍ය සම්පන්න මිනිසෙකි. එසේම ඔහුගේ නෙත් සඟල මහත් වූ තරුණ බවකින් දිළිසුනි. තවත් වසරකින් තම කිමිදුම් දිවියට වසර 50 ක් සපුරණ මේ මිනිසා යළිත් හෙට දවසේ වුවද වික්ටෝරියාවේ පතුලට බසින්නට හැකි ජවයකින් පිරිපුන් බවක් ඔහු කෙරෙණ් විද්‍යාමාන විය. සැබවින්ම ඔහු වීරයෙකි!

මේ ගැන තවත් පුවතක් මාහට මේ පෝස්ටුව දැම්මාටත් පසුව Youtube  යේ තිබී හමු වුනි. එයද හුදී ජන පහන් සංවේගය පිණිස මෙහි එල්ලමි. එය පුවතක් විනා ප්‍රකාශයක් නොවේ. එය ද අසා බලන්න. වෙනස වටහා ගන්න.

මේ මොහොතේ මට මෙවන්ම වූ තවත්  කථාවක් මතකයට එන්නේ නිරායාසයෙණි! අනේ; සමාවෙන්න එයත් මම මෙතනම ලියා තබන්නම් ඉතිහාසයට ඩිජිටල් මතකයක් ඇවැසි බැවින්.

මම මේ කථාව මුළුමණින්ම ලියන්නේ මතකයෙන්. ඒ නිසාම පොඩි පොඩි නිවැරදි කිරීම් තිබිය හැක. එහෙත් කථාවේ හරය සීයට සීයක්ම නිවැරදිය. මෙය වරක් "ලක්බිම" ඉරිදා සංග්‍රහයේ පවා ලියැවී තිබින.

එම ලිපියේ තොරතුරු සොයා ගැනීමට සුන්දර අයියා - සුන්දර නිහතමාණී ද මැල් ඇමතීමි. මන්ද එවකට ඔහු "ලක්බිමේ" ප්‍රධාන කතු වූ බැවින්. එහෙත් ඔහුට ලිපිය මතක තිබුනාට එහි අක් මුල් ගැන මතකයක් නොවීය! 

සියවස් ගනනාවක් බත සරි කල පින් කෙත . . !
මින්නේරි වැව.

මාගේ මතකය නිවැරදිනම් වසර 1957. මුළු මහත් ලංකාවේ විශාල වපසරියක් ගංවතුරෙන් යටවී ගිය වසරක් ලෙස එය පැරැණ්නෝ හඳුන්වති. ත්‍රිකුණාමලයට හා මඩකලපුවට දුම් රිය වෙන්වී යන ගල් ඔය හංදිය දුම් රිය නැවතුම් පලේ පවා; එදා 1957 දී ගංවතුර නැගි මට්ටම අදද දකින්නට හැකි අයුරින් දක්වා ඇත.

මුළු රජරටටම බලපෑ මෙම ගං වතුරිණ් වඩාත්ම තර්ජනයට ලක් වූවේ එහි වූ වැව් පද්ධතියය. 

මින්නේරිය වැව! ඔව් ක්‍රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජතුමා විසින් නිර්මිත වර්ග කිලෝමීටර 18.9 ක වපසරියකින් යුත් වැව් රාජිනියද මෙම ගංවතුරේ තර්ජනයට ලක්වී තිබුනි.

වැව උතුරා වාන් දමා පිටාර මට්ටම පසුකොට ගතවෙන හැම පැයකදීම ජල මට්ටම ඉහල නගිමින් විය.

හදිසියේ මෙම ගැබ්බර වූ වැවේ වැව් බැම්ම අනපෙක්ෂිත ස්ථානයකින් පුපුරා ගිය හොත් සිදුවන ජීවිත හානි ප්‍රමාණය දහස් ගනනකි.

අදමෙන් විදේශයන්හී සිට පාර්ලිමේන්තුවට වඩිනා මන්ත්‍රී බහිරවයන් නොව පොලොවේ පය ගසා සිටි සී පී ද සිල්වා මහතා පොලොන්නරුව ආසනයේ පාර්ලිමෙන්තු නියොජිතයා ලෙස වැව් බැම්ම අසලට පැමිණියේය. 

සී පී ද සිල්වා - අපේ ගරුතර තාත්තා කී පරිදි මෙතුමාටත් කිරි වීදුරුවකට දමා වස දුන්නේලු . . !

තවත් මොහොතකින් සිදුවිය හැකි විනාශයෙන් පලාතේ දුගී දුප්පත් මිනිසුන් බේරා ගැනීමට කලයුතු එකම පිළියම ලෙස  විශේෂිත; අවම හානියක් ගෙන දෙන ස්ථානයකින්; වැව් බැම්ම කපා ජලය ඉවතට යෑමට ඉඩ හැරිය යුතු බව වාරි ඉංජිනේරුවෝ සී පී ද සිල්වා මහතා හට පැවසීය.

වැව් බැම්ම කපා දැමීමට බුල්ඩෝසරයක් උවමනාය. එයද සොයා ගත හැක. 1953 වසරෙදී නැවත හාරා ගැඹුර කරණ ලද වැවේ වර්ග කිලෝමීටර 19 කට ආසන්න ප්‍රමාණයක පැතිරුණු අති මහත් ජලධාරිතාව වැව්බැම්ම කපා දැමීමත් සමග ක්ෂණයකින් ගලා යාමට පටන් ගනී. එම යෝධ ජල ප්‍රවාහයට අනිවාර්යයෙන්ම ගොදුරුවන ඩෝසරය හා එහි ක්‍රියා කරු සුනාමියකට හසුවූ ගිනි පෙට්ටියක් වී යනු ඇත. 

මිසරයේ ගීසාහී ලොව ලොකුම පිරමීඩය අක්කර 13 ක් වන විට මින්නේරිය වැව අක්කර 4670 කි. එහි වැව් බැම්ම මීටර 13 ක් උස වන අතර එහි දිග කිලෝමීටර 2 ක් වන අතර වතුර ගැලුම් බිලියන 20 ක ධාරිතාවයක් එහි ඇත! මේ කියන්නේ ලීටර නොව ගැලුම්ය. මෙය ලීටර කිරීමට 4.56 න් ගුණ කල යුතුය!

"කවුද මේ වැඩේ කරණ්නේ ? මේක කරණ මනුස්සයා අනිවාර්‍යයෙන්ම වතුර පාරට බිලි වෙනවා . . . . . . ! සී පී ද සිල්වා මහතා ඔබ මොබ බලමින් කල්පණා කරණ්නට විය. කොයි එකටත් මේ ඩෝසරේ වැඩකරණ මනුස්සයාව එක්කගෙන එනවාකො  !"

තවත් ස්වල්ප වේලාවකින් කුඩා මිනිසෙකු සී පීද සිල්වා මහතා ඉදිරියේ විය.

"පුතා උඹට තේරෙණවා නේද වැඩේ. උඹ මේ වැඩේ නොකලොත් මිනිස්සු දස් ගානකට උන් හිටිතැන නැතිවේවි. මිනිස්සු පොඩි ලමයි ගෑනු වයසක උන්දැලා දාස් ගානක් මැරිලා යයි. 
උඹ මේ කරණ්න යන්නේ ලොකු පිං කමක්. උඹ කොහොමහරි ඩෝසරේ වැව් බැම්මේ වැදෙද්දිම අහකට පැනලා ජීවිතේ බේරා ගැනීමට බලපං පුතා !" 
කඳුළු පිරි දෑසින් සිල්වා මහතා  එකම ගැලවුම් කරුවාට එක හුස්මට කියා ගෙන ගියේය.

කුඩා මිනිසාටද ඇඬුම් ආවේය!  "ඔව් මහත්තයෝ මම කරණ්නම් . . .! මම මරුණොත් මගේ පවුල ඔබ වහන්සේ දුකක් නොදී බලා ගන්න ඕනෑ . . . . ! කියා සී.පී ද සිල්වා මහතාගේ දෙපා වැඳ ඩෝසරයට ගොඩ විය.

ඩෝසරය මහත් හඬක් නගමින් පන ගැන්විය. කුඩා මිනිසා එය හොඳින් සැර දමමින් ජවය එක් කර ගත්තේය. එය යකඩ පෙරලෙන කටුක හඬ නංවමින් ඉදිරියට සෙමෙන් සෙමෙන් ඇදෙන්නට පටන් ගත්තේය.
. . . . . . .  . . . .  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .. ..  . 
. . . . . . .  . . . .  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .. ..  . 
. . . . . . .  . . . .  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .. ..  . 

විසල් යකඩ දම්වැල හෙවත් ට්‍රැක් මත දිවුනු ඩෝසරය කෙමෙන්  කෙමෙන් වේගය වැඩි කර ගනිමින් දිවැවිත්  සියවස් ගනනාවක් ඉපැරණි වැව් බැම්මට මරු පහරක් දුන්නේය.

ඩෝසරය වැව් බැම්මට වදීන්න ඔන්න මෙන්න තියා එතෙක් එය මෙහෙය වූ කුඩා මිනිසා ඉවතට පැන්නේය.

නිමේශයකි හෙන හඬ නවාගෙන වැව් බැම්ම බිඳී ගියේය. කුඩා මිනිසා හට තව දුරටත් ජීවත් වීමේ වාසනාව ලැබුනි.

ගං වතුර පහව ගිය පසු කැබැලිවී ගිය ඩෝසරය දියෙන් මතුවී තිබුනි!ජීවිතයේ අවසන් කාලය බොහෝ අසරනව මේ විරුවා සිටී බව මා අසා ඇත!

ඉතින් යලිත් අපේ කථාවට . . . . . . . . . !

කයාකයට ජීවිතාරක්ෂක කඹ, වෙන් කල පිහි, ජීවිතාරක්ෂක කබා, ජීවිතාරක්ෂක උපකරණය  (Bay watch type Life saving Can ), හෙල්මට් ආදිය වෙන කල පසු අපට ගෙන යෑමට ඇති පුද්ගලික දෑ වෙන් කර ගතිමු.

එයට, අපගේ ඇඳුම් කැඩුම් වලට අමතරව සිව් දෙනෙකුට සැහෙන කූඩාරමක් (Four Man Canopy). එක් අයෙකුට සෑහෙන කූඩාරමක් මූලික වශයෙන් අයත් විය.

(Four man tent එකකට අමතරව One man එකක් ගෙනියන්නේ අපගේ ඇඳුම් කැඩුම් හා ආහාර ආදිය ගබඩා කොට තැබීමටය. එයට හේතුව වන්නේ එකක් ඉඩ පසුව සඳහාය. අනෙක ආහාර ඉවට  පසුපස එන කූඹි ඇතුළු කෘමීන්ගේ සිට වලසුන් දක්වා සියළු සත්වයින් ගෙන් සිදුවිය හැකි අපල උපද්‍රවයන්ගෙන් ගැලවීමටය.)

"කළු ගඟේ . . 5" ට කොමෙන්ටුවක් සපයන කැන්ගරු දේශයේ  විජේභාහු මහතා; "ගලායන ගඟක් දිගේ යන්නට සිතියම් මොකටදැයි?" විමසයි.

 සත්තකින්ම ගොඩබිම මෙන් සැතපුම් කිලෝමීටර කනු, මගදිගට නගර ගම් දනව්, කඩ සාප්පු නැති ගඟක "මේ මොහොතේ අපි ඉන්නා ඉසව්ව!' සොයා ගනීමට සිතියමක් වැදගත් වේ.

පසු කරන ඇල මාර්ග, පාලම් විශාල වංගු යානාදියෙන් අප ඉන්නා ඉසව්ව ගන දළ අදහසක් ගොඩ නගා ගත හැකි වේ.

එසේම ගඟ ගලන මාර්ගයට සාපේක්ෂව ජනාවාස ඇති ඉසව්වද නිර්ණය කර ගැනීමට සිතියමකින් සිදුවන පිටු බලය අති මහත්ය.

මහවැළිය මෙන් නොව කළු ගඟ ගලන්නේ ජනාවාස සමීපයෙන්මය.

එනිසාම ආහාර ගෙන යෑමක් අප වෙතින් සිදු නොවීය.

ගඟ දිගේ ගමනේදී පසු කරණ අවන් හල් තේ කඩ පමනක් නොව වයින් ස්ටෝරු හෙවත් තැබෑරුම් පවා අප සිතියම මත සටහන් නොනැවතී වැඩි පරිස්සමට ලැමිනේට් කරගෙනද සිටියෙමු!

අප කයාකයක් දියත් කරණ්නට මත්තෙන් එහි ඇති කුඩා සිදුරු ඇතුලතින් කඹයක් යවා සකස් කර ගනී.
එම රැහැන් පට දෙක; කයාකය මත අපගෙ පාරිභෝගික ද්‍රව්‍ය තබා ගැට ගැසීමට ප්‍රයෝජන වත් වේ.
එසේම කයාකය මතට නැගීමේදී, කයාකය හැසිරවීමේ දී, ජීවිතාරක්ෂක කඹයක් කයාකයට සම්බන්ධ කිරීමේදී ප්‍රයෝජනවත් වේ.

කයාක දෙකටම රැහැන් යෙදූ පසු මා පුරුදු පරිදි පසිඳු ඇමතූ වෙමි.

"පසිඳු මල්ලී! දෙවියන්ට කොල අත්තක් එල්ලාපං . . .!"

"ආ ! මම එල්ලන්නං . . . " ඒ පසිඳු නොව තෙශාන්ත ය.

"හරි දෙන්නාම එල්ලපං! වැඩිවෙන්නෑ . . .! මා ඔවුන් දෙදෙනා අමතා කීවෙමි.

ඇත්තටම මේ කළු ගඟ දෑ  ඈ . . ?

කළුතරින් ගලන්නේ මේ ගඟමදැයි සිතෙන තරම්; අඩි 20 ක 25 ක පළලකින් ගඟ නිසොල්මන්ව තිබුණි.  
අප විසින් සකසා ගෙන ආ සිතියම් කට්ටල දෙක අතට ගෙන තරමක දළ අදහසක් ගඟ ගැන ගොඩනගා ගතිමු.

මා අත තිබූ ගෝ ප්‍රෝව ඇනෝ අතට පත් කලේ ඔහු වාර්ථා ගත "නිශ්ඵල" ඡායා රූප ශිල්පියෙකු ලෙස අටමා විසින් හඳුනා ගෙන තිබූ හෙයිනි. අප පිටත් වන්නට මොහොතක් තබා අපගේ ජන්ගමයන්ගේ තබා ගත් සක්කි සටහන් අමු අමුවේම වත් පොත් කරණය වූයේ තරුණයන් වෙතිනි.

දිය මතුපිට සිට අඟල කිහිපයක් හෝ නොපෙනෙන තරම් බොර පාට විය. කිසිදු ප්‍රාණියකු අසල ගැවසෙන බවක් නොපෙණුනි. වැලි තොටුපොළ අසල බෝට්ටු නැවත්වීමට මෙන් ජැටියක් සේ ලී හරස් කර තැනූ ගැටියක් විය. තවත් ලෙසකින් පවසනවානම් ඉවුර ගඟට හෝදා යෑම නවතා ලීමට කොට හරස් කොට උපක්‍රමයක් යොදා තිබුනි. 

එක් එක් ප්‍රමාණ්යේ සිරුරු වලට හිමිකම් කියන ලද අපට ගැලපෙන ප්‍රමාණවල ජීවිතාරක්ෂක කබා තිබුනේ කෙසේදැයි මට අදවත් සිතා ගත නොහැක.
වෙනදා මෙන් නොව අප සියළු දෙන හිස් ආවරණයන්ගෙන් ආරක්ෂා විමු.
වතාවත් සිදුකොට අවසානයේ මමද සමන් දෙවිඳු සිතින් නමැද ගඟට බසින්නට සැරසී අවසාන වචන කිහිපයට කට හඬ අවදි කලේය.

 ඒ වචන ටික කියන්නට තිබුනේ නැවුම් අත්දැකීමක් අභියස සිටි ඇනෝට පමණි. එහි සංෂිප්තය ගත හොත් "බය වෙන්න එපා මොනදේ උනත් කලබල නොවී ඉන්න! මැරෙණ්ණ දෙන්නේ නෑ!" යන්නය. ඔහු එම වචන මත තම මුළු හද පිරි විශ්වාසය තැබූ අයුරක් පෙනුනි.

 "ඔව් අපි යන්නයි හදන්නේ!" හදවතට දැනුම් දුන්නෙමි. 

සියල්ල අවසාන මොහොතේ යහපත් වෙමිනි. මෙම නිමේශය වෙන තෙක් තිබුනු බාධා  අපට මතක නැත. අළුත් දිනයක් අළුත් අත් දැකීමක් අළුත් බලා පොරොත්තුවක් සමගින් මා දියට බැස්සෙමි.

දැඩි ශීතලක් ඇතැයි මා උප කල්පණය කලද එවන් සිසිලසක් දියේ තිබුනේ නැත. ඇත්තෙන්ම තරමක උනුසුම් ස්වභාවයක් එහි විය. 
ඒ වන විට කාලය නිසාදෝ නො එසේනම් ස්ථානයේ ස්වභාවය නිසාදෝ මිනිස් පුළුටක් අහලක නොවීය. මා දියේ සිට පලමු කයාකය දියට බාගෙන හෙමින් සීරුවේ දියත් කලෙමි. 
එය අසල වූ ලී කූඤ්ඤයක ගැටගැසූ  පසු අනෙක් කයාකයද දියට ගත්තෙමි. මමත් සමග තෙශාන්ත හෝ පසිඳු දියෙහි සිටියා මතකය.

නමෝ විත්තියෙන් ඇනෝව කයාකයට ගොඩ කරගත් මා පුරුදු පරිදි කයාකයට නොදැනෙන සේ ඒ මතට පැන ගත්තෙමි. 

"අවුලක් නෑ. මේකෙ මහ ලොකු රටාවක් නෑ. මම පදින්න කියන පැත්තෙන් පැදහං. එපා කිව්වොත් නවත්තපං එච්චරයි. ඇල උනාට පෙරලෙන්නේ නෑ. වතුරට වැටුනත් ලයිෆ් ජැකට් එක හින්දා ගිලෙන්නේ නෑ !හරි එහෙනම් පදිමු!"

කුමන හේතුවකට හෝ අහේතුවකට පසිඳුත් තෙශාන්තත් පදින ලද කයාකය ගඟේ ඉහලට කෙටි දුරක් ගොස් වටයක් කර කැවී නියමිත දිශාවට හැරුණි.

සත්තකින්ම ගඟ ගලන්නේ කුමන දිශාවක සිට කුමන දිශාවකටදැයි සිතා ගත නොහැකි තරමට ගැලීම අතිශයින් මන්ද ගාමී විය.

ගඟට පිළිපන්න පළමු මොහොතේ පටන් හබල් ගැසීමට සිදු විය. 

"මල්ලි ෆොටෝ ටිකක ගනිං!" මම ඇනෝ අමතා කීය. 

ඡායා රූප ශිල්පය හා සම්බන්ධ සියළුම මෙව්ලම් හා ජංගම සියල්ල ඇනෝ ඉදිරියේ වූ හැච් එක් හෙවත් වල තුල වූ ඩ්‍රයි බෑගයේ ගබඩා කොට තිබුණි. එනිසා හදිසියේ ඡයා රූපයක් ගැනීම තබා කැමරාවක් ජන්ගමයක් මෑනීමටවත් නොහැකිවිය. එය විනාඩි 5ක 10ක ගෘහ කර්මාන්තයකි.

ඉර යාන්තමින් එබිකම් කරමින්ය. සැමදා සේම ජීවිතය පාවී යයි. අවශ්‍යම වෙනසක් ඇවැසි තැනක පමනක් හබලෙන් ගං දිය පිරිමදිමි. 
වඩාත්ම රුචි වන්නේ නිසොල්මනේ ගලා බසින්නටය. 
මග දිගට හමුවන දිය ඇලි ගල් පර අතුරිණ් සීරුවට ගමන් කල යුතුව ඇත. 
ඒ නොපෙනෙන සක් සුදක් දැකීමටය. 

ඒ හුනු පිරියම් කොට අහස් ගැබට විහිදී ගිය බලා පොරොත්තුවය.
                                                                                                                                                                                                         
බෝම අමාරුවෙන් , , හරියට බඩට කෑමක් බීමක් නැතිව . . . හරියමන් නින්දක් නැතිව . . . . යාන්තම් විළි වහ ගන්න ඉනට වස්තරයක් විතරක් තිබී අල්ලපු පොටෝ ටික . . !

ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න

බාරවෙන්නම් මම - කළුතරට !

Monday, May 27, 2019

140. කළු ගඟ දිගේ . . . . . 5

සදා අපවෙත පතල මහා කරුණාවෙන් . . .!
 රත්නපුර මහ සමන් දෙවාලය වාහල් කඩ

මගෙ මේ  බ්ලොගය කියවන කොමෙන්ටු දාන නොදාන සියළු දෙනා සමග මා නිරණ්තරයෙන් සංවාදයක යෙදෙමි. 
බොහෝ දෙනා මුවින් නොබැන කියවා යන සේයාවකි.

 මා භාවිතා කරණ බස් වහර වෙනස්ය.
 මාතෘකාවට අවතීර්ණ වන හැටි වෙනස්ය. ඒ සියල්ල ඔබ හා වඩාත් සමීප වන අටියෙන්ය.

මීට එක් පෝස්ටුවකට පෙර මා දැක්වූ පෝස්ටුවේ හෙඩිම හෙවත් සිරස්තලය වූයේ 
"පොඩි අවුලක් වෙලා ඇත . . . !" යනුවෙනි. 
ඒ හදිසියේ මාගේ අත පසු වීමකින් නියමිත අවස්ථාවට පෙර පෝස්ටුවක් ප්‍රසිද්ධ වීමය. එය මා "ආපසු කැඳවා" නැවත නියමිත කලට වේලාවට  නියමිත පරිදි ප්‍රසිද්ධ කලද ඒවා සින්ඩි වල නියමාකාරයෙන් දැක්වූයේ නැත.!

 මෙවර "කළු ගඟ දිගේ 4 " ටද එම විනැම්බෑසියම විය! 

එම පෝස්ටුව දෙවරක් මවිසින් ප්‍රසිද්ධ කරණ ලදී. මෙහි පලමු ප්‍රසිද්ධ කිරීමට කොමෙන්ටු වක් ලියන සෑම් මහතා: 

"One Life! Live It !!" This remind me of that famous quote by "Snoopy"; in "Peanuts".  "One day we will die; True, But on all the other days we will not!" 
පස්වෙනි කොටසෙන් නම් කළු ගඟට බහීවි.
 අර මිනී මැරුමක් ගැන කියැවෙන්නේ වයිට් හවුස් මහත්තයාවද? 
ඊළඟ කොටස එනකම් බලා ඉන්නවා. ස්තූතියි! 

යැයි ලියා තිබුනි. මා එයට පිළිතුරක් ලියමින් . . . . . . . .

 " මිනී මැරුමනම් හරි වගේ. 
ඒකත් ටිකක් ලියන්නම්. 
ඔබටත් මතක් වෙන දේවල් සෑම් මහත්තයා!
 කෝ ඔබ තුමාගේ බ්ලොග!?" 

යනුවෙන් ලියා තැබුවෙමි.

පොරොන්දුවූ පරිදි මේ එම කථාවේ සංක්ෂිප්ත සම්පින්ඩනයේ සාරාංශය ය!
 (අහන්න කැමතියි නේද?)

අශ්වබල 10 යේ සැලූන් වර්ගයේ ඔස්ටින් මෝටර් රථයක්

ජෝන් එඩ්වින් ෆ්‍රෑන්ක් වයිට් හවුස් මහතා රක්වානේ මාදම්පේ වතුයායේ කලමණාකාරතැන වූවේය.
 මාදම්පේ වතුයායේ කම්කරුවන්ගේ පඩි සඳහා සාමාන්‍ය වශයෙන් මසකට රුපියල් 35000 ක පමණ මුදලක් අවශ්‍ය විය. 
 අනේ 35000 ද කියලා හිතන්න එපා. තිස්පන්දහසක් තමයි; මේ වර්ෂ 1948 දී. 
1948 අප්‍රේල් 9 වනදින කොළඹ "චාටඩ්' බැංකුවෙන්  මුදල් ලබා ගත් වයිට් හවුස් මහතා; ඔහුගේ බිරිඳත් ෂොට්ලන්ඩ් මෙනෙවියත් හෝල් මෙනෙවියත් සමගින් උදෑසන 10.00 ට පමණ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයෙන් පිටත් විය.

 අශ්වබල 10 යේ සැලූන් වර්ගයේ ඔස්ටින් මෝටර් රථයේ ලාච්චුවේ පතරොම් පුරවන ලද රිවොල්වරයකින්ද සන්නාහ සන්නද්ධව  අවිස්සාවේල්ල තෙක් රිය පැදවූ වයිට් හවුස් මහතා එතැන් සිට රිය පැදවීම තම බිරිඳට පවරා වම් පස අසුනට පැමිණියේය.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී මෙම මුදල මංකොල්ල කෑමට බලා පොරොත්තුවූ පිරිසක් කොළඹ සිට මෙම රථය පසුපස අංක Z 4476 දරණ මෝටර් රියෙන් ලුහුබඳින්න විය.
 එම සොර කණ්ඩායමේම අනෙක් පිරිස අංක X 3025 දරණ මෝටර් රියෙන්  පැමිණ කුරුවිට අසල රැඳී  සිටියේය. 

පසුව එම මෝටර් රථ දෙක රත්නපුර හිදැල්ලනට ආසන්න පනුකැරෑපිටිය පාලම අසලදී පාර හරස් කර වයිට් හවුස් මහතා රැගෙන ආ මුදල පහැර ගැනීමට උත්සාහ කොට ඔහුට වෙඩි තබන ලදී.

වයිට් හවුස් මහත්මිය වහාම රථය එතැනින් ඉදිරියට ගෙන පාම්ගාඩ්න් තේ කර්මාන්ත ශාලාව වෙතට රිය පදවාගෙන ගිය අතර එහි තිබූ ලොරි රථයකින් වයිට් හවුස් මහතාව රත්නපුර රෝහලට ගෙනගියද ඒවන විටත් ඔහු මියගොස් සිට ඇත. 

වෙඩි උන්ඩය වැදී තිබුනේ ඔහුගේ මුවටය. මුවට වැදුණු උන්ඩය ගෙලේ දකුනු පසින් පිටව ගොස් තිබුණි.

මේ පිළිබඳව විමර්ශණ කටයුතු භාරව ක්‍රියා කොට ඇත්තේ පොලිස් අධිකාරී සී.සී දිසානායක විසින් වන අතර සිද්ධිය වන අවස්ථාවේදී; ඒ අසළින් පියෙකු හා  නාන්නට යමින් සිටි කුඩාදරුවකු මිනී මරුවන් පැමිණි එක් වාහනයක අංකය මතකයේ රඳවාගෙන පැමිණ තම පාසැල් අභ්‍යාස පොතක ලියා තබා පසුව පොලීසියට ලබා දෙන ලදී.

අප්‍රේල් 12 වනදා වන විට පොලීසිය සැක කරුවන් 12 දෙනෙකු අතඩංගුවට ගෙන තිබුනු අතර1948 නොවැම්බර් 22 වන දින නඩු විභාගය ඇරඹීය.

විත්ති පාර්ශ්වයට ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ජේ ඇෆ් ඒ සොයිසා, කේ සී ද සිල්වා හා චාල්ස් ජයවික්‍රම යන නීතීඥ්ඥයින් පෙනි සිටි නමුදු 1948 දෙසැම්බර් 10 වනදා පස්වරු 12.55 ට රැස්වූ ජූරියේ ඒකමතික තීරණයෙන්  හල්පෙ මාටින්, කොටි ඇල්බට් නොහොත් ලෑතර බාස්,තෝමස් අප්පුහාමි නොහොත් සුරබියල්ද යන අය මංකොල්ලකෑම,මංකොල්ලකෑන සඳහා නීති විරෝධී ලෙස රංචු ගැසීම,මිනී මැරීම හා මිනී මැරීමට අනුබල දීම  යන චෝදනා උඩ වරදකරුවන්  තීරණය වූයේන් ඔවුන් එල්ලා මරණ ලදී.

මෙම පාලම පැවති ස්ථානය (පසුගිය පෝස්ටුවේ මැදුර යැයි සඳහන්ව ඇත්තේ අතපසුවීමකින්ය!) එදින රාත්‍රී මගේ සගයින් වෙත පෙන්වීමට මාහට  අඳුර හරස් විය.

මෙය කියවන සෑම් මහතා ඇතුළු කිසියම් කෙනෙක් මේ පිළිබඳව තව තව කාරණා දන්නේනම් මෙය පෝෂණය කරණු මැනවි.

යළිත් අපගේ පැරණි කතා බහට! කළුගඟ දිගේ . . . . !

මල පැන්න ඇස්! කරුණාසේන ජයලත්ගේ "ලස්සන ඇස්" නව කතාවේ දෙවන කොටස !

වටා පැතිරී ඇති දැඩි ඝනඳුර කපාගෙන වොට් 200 ක ධාරිතාවයකින් යුත් හැලජන් බල්බ  තිඹිරි ගෙය කර ගත් ප්‍රධාන ලාම්පු නිදිබර දෑසට මග කියයි.

පසිඳුටත් ඇනෝපිලිස්ටත් ඉදිරියේ එතෙක් පසුබා සිටි නිදිමත කිසිදු අවහිරයකින් තොරව මා වෙත අනුකම්පා විරහිතව පහර දෙමින්ය.

දෙපස කෝපි ගස් අතරින් විසල් ඇල්බීසියා කඳන් හා මහෝගනී කඳන් ප්‍රධාන ලාම්පු එළියෙන් යාන්තමින් හඳුනා ගත හැක්කේ පුරුද්දට මෙනි.

ගං ඉවුරේ සිට මෙම ගල්තාර යොදා තිබුනු ඉතා පටු මගේ මා වේගයෙන් පදවමින් ය.
මාර්ගය ඒ මේ අත හැරි හැරී අවසානයේ කුඩා නැග්මක් අවසානයේ රත්නපුර සිට පානදුර දෙසට දිවෙන මාර්ගය යැයි සිතිය හැකි කාපට් ඇතිරූ මාර්ගයකට ට්‍රක් රිය ගොඩ වුනි.

මහ සමන් දේවාලයේ වාහල්කඩ තුලින් අතුළු වී වන ගත වූ ට්‍රක් රිය යළිදු සභ්‍යත්වයට පත්වී ඇත්තේ ඊට ටික දුරක් පානදුර දෙසට වන්නටය. පාරේ බලු බල්ලෙක් නැත. 
ඔවුන්ද කොහේ හෝ අගු පිලකට වී නිදි සුව විඳිමින් විය යුතුය.

ඉදිරි පසින් වාහනයක් පැමිණියද වාහනයට පෙර මා හමුවන එහි විදුළි එළිය මාගේ දිශානතිය නිවැරදි කලේය. නින්ද පලවා හැරිය හැකි එකම ආයුධය බුලත් විටය. මෙය සෑම සියළුදෙනා හටම පොදු මෙවලමක් නොවිය හැක. මේ මට ගැලපෙන අයුරුය.

යුද්ධය පැවති සමයේ උතුරේ සිට එන සමහර හමුදා රියැදුරණ් ඇස්  කොනේ යාන්තමින් සිද්ධාලේප ආලේප කරගෙන ආ බව මා අසා ඇත. සිද්ධාලේප මගින් දෙනෙත තුල  ඇතිකරණ දැඩි දැවිළි ස්ව්භාවය නිදිදෙව්දුව නොව මෝහිණී පවා එළවා දමන්නට සමත් වන්නට ඇත.

මෙවන් සුව හසක් කැපකිරීම් කොට රැක ගත් මගේ මව බිම!

නිදි මතට කෝපි හොඳ බෙහෙතක් බව නොදන්නේ කව්ද? කෝපි වල අන්තර්ගත කැෆේන් නිදිමතට එරෙහිව නිබඳ සටනේ යෙදේ.

රාත්‍රී රියැදුරණ් බොහෝ විට කෝපි කෝප්පයක් බී බුලත් විටක් හපමින් සිගරට්ටුවක් උරමින් නිදිමත පලවා හරිණ්නට උත්සාහ ගනී.

මේ සියළු සේවා සපයන ස්ථානයක් සොයමින් මා අඩ නින්දේ තවත් වේගය වැඩිකරමින් ට්‍රක් රිය මෙහෙය විමි.
මන්ද අධික වේගය මරුවා කැඳවීමට කලින් මඳ වේගය; මා මරුවා වෙත කැඳවාගෙන යන බව අත්දැකීමෙන් මා දන්නා බැවිනි. වේගය සමග මොළයේ පරිකල්පණ වේගය වැඩි වීම නින්දට බාධා පමුණුවයි.

මා කිලෝමීටර ලක්ෂ දෙකකට වඩා පැදවූ රියැදුරෙක්මි. මා රියැදුරු බලපත්‍රය ලබා ගත්තේ 1993 වසරේදීය. මා පුරුදු පුහුණු වූයේ මා මිළට ගත් පැරණි ෆියට්  රථයකිනි.

 රිය පැදවීමේදී මා සොයා ගත් මගේ කුඩා කුඩා ක්‍රම වේද මා අනුගමනය කරයි.
ඉන් එකක් වන්නේ මම මගේ දකුණු පාදයේ විළුඹ තබා ගන්නේ තිරිංග පාදිකය හෙවත් බ්‍රේක් පැඩලය හා එක එල්ලේය.
ඇක්සලේටරය පාගන්නේ පාදය දකුණු පසට අඹරවා නො එසේනම් කරකවාය. මෙනිසා ඕනෑම හදිසි තත්වයකදී පාදය ඇක්සලරේටරයෙන් ඉවතට ගෙන බ්‍රේක් පෑගීම සඳහා අමතර වෙහෙසක් ගැනීමට මා හට සිදු නොවේ.
මන්ද පාදය ඉහිල් කල වහාම එය බ්‍රෙක් පැඩලය මත එය කෙළින් ඉබේම පිහිටීමයි.

මෙසේම නින්ද සමග සටන් කිරීමට  මට ගැල පෙන ක්‍රමවේදයන් අතර තරමක වේගයෙන් ධාවනය, කෝපි + බුලත් +සිගරට් ත්‍රිත්වය, අධික හඬින් ගීත ඇසීම හෝ ගායනය  වැනි  ද්‍රව්‍ය හා කටයුතු මූලිකත්වය ගනී.

මුල් කාලේ කොහොමට ඇත්ද?.
 (තාම කට්ට එනවා . . !)

අළුතින් යොදන ලද 32 X 11.50 X 15 ටයර ට්‍රක් රිය මහ පාරට අල්වා පරාල ඇන ගැසුවා සේ ස්ථායී තාවයක් දක්වයි. (අළුත් කියන්නේ මට අළුත්!)
වංගුවට අවතීර්ණ වෙන වේගයම පවත්වා ගනිමින් ට්‍රක් රිය; වංගු කෙළින් කරමින් ඇදී යයි. ගතවන සෑම විනාඩියක් විනාඩියක් පාසාම, පසුවන සෑම කිලෝමීටරයක් කිලෝමීටරයක් පාසාම නින්ද මා යටපත් කරමින්ය.

මා මීට පෙර පාවිච්චි කල TOYOTA BJ 60 රථයේ අසුන් ගැනීමේදී මුළු පාදයම දිග හැර ලීමට ඉඩ ඇති අතර ඇක්සලරේටරය පෑගීමේදී පාදය පහතට තෙරපිය යුතුය. එහෙත් ලොරි පොඩ්ඩාගේ රියැදුරු ආසනය වඩාත් ලංව අසුරුණු  ස්වභාවයක් ගන්නා බැවින් එහි අසුන් ගැනීමේදී පාදය තරමක් නවාගෙන සිටින්නට සිදුවේ.

BJ 60 කියන්න වදන් නෑ !

එනිසාම BJ 60 පදවන අවස්ථාවේදී හදිසියේ නින්ද ගිය විට එතෙක් උත්සාහයෙන් තෙරපාගෙන සිටි ඇක්සලරේටරය අත හැරෙණ අතර ලොරි පොඩ්ඩා පැදවීමේදී හදිසි නින්දකදී එතෙක් නවාගෙන සිටි පාදය නිරායාසයෙන් දිග හැරීමෙන් ඇක්සලරේටරය තදින් පෑදීම සිදුවේ. මෙය මරණීය තත්වයකි.

මෙනිසාම කෝපි + බුලත් +සිගරට් ත්‍රිත්වයෙන් එකක් හෝ හනික ලබා ගැනීමේ අටියෙන් මා පදවමින් විය. හදිසියේ වංගුවකින් ඔබ්බෙහි වූ කොළ පැහැති ලයිට් පොල්ල හිනෙන් මෙන් දිටිමි.
 වහා එහි නවතා ඒ වන විටත් දුම් දමමින් තිබුනු පොල් රොටියක් මැදට කොල පැහැති ලුණු පිරිස් තලියක් සැන්ඩ්විච් කොට කන්න පටන් ගතිමි.

පොල් රොටියේ දුම මොන දුමක්ද? මගේ ඉහින් කණින් දුම් දමන්නට විය.
එය; නයි කොච්චි අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන සෑදූ C4 හෝ නයිට්‍රෝ ග්ලිසරීන්  පල්පයකි!
 පෙර මා සඳහන් කල රණවිරු රියැදුරු මල්ලිලා හට මේ අනුපානය තිබ්බානම් සිද්ධාලේප වෙදමහත්තයා පසුපස යන එකක් නැත !
කෝපි කෝප්පයක්ද බී බුලත් විටක් ගෙන බුලත් කොලයක් හා පුවක් කැබැල්ලක් මුව රුවාගෙන අනෙක් අවශේෂ අඩු පාඩුද මග අරවා ගෙන නැවත ධාවනය ඇරඹිමි.

රත්නපුර සිට කළුතරට කිලෝමීටර 80 කට ආසන්න දුරක් පවතී. මේ වන විට මා කිලෝමීටර 20 කට 30 කට වඩා දුරක් ගමන් කොට නැතිව ඇති.
 නැවත රියැදුරු අසුනට පැන යලිත් කාලය හා සටනට පිවිසියේය.

මගේ එකම බලා පොරොත්තුව කඩවත සිට තෙශාන්ත සමන්දේවාලය අසලට ගොඩ බසින  වෙලාව ආසන්නයේම කළුතරට ගොස් නැවත බසයක පැමිණීමය!

මා කෙතරම් වේගයකින් ගියා දැයි මා හට දැනීමක් නොමැත. මන්ද ලොරි පොඩ්ඩා ඒ අතින් ගොළුවෙකි. වේග මානය, ඉන්ධන මානය, ඇතුළු කිසිදු මානයක්  තබා අවමානයක් වත් ක්‍රියා කරණු මා කිසිදා දැක නැත!

ඒවා සියල්ල ගොළුවන් බිහිරණ් සේ නිසොල්මනේය!! කෙසේ හෝ මා පාන්දර 3.45 - 4.00 වන විට කළුතර දකුණ පොලීසිය පසුපස වෙසෙන විෂ්ව ධර්මදාසගේ නින්දට කෙළා වදාරණ්නට හැකියාව ලදිමි.

වාහන විෂ්වගේ මිදුලේ ගාල් කල මා එතැන් සිට එක දිගට කිලෝ මීටරයක එක හමාරක පමණ දුරක් හැල්මේ දිවැවිත් නැවත ගාළු පාරට පැමිණ මා පසු කර යන කාර් ලොරී බර කරත්ත වෑන් ත්‍රී වීල් මෝටර් සයිකල් ආදී එකී නොකී මෙකී සියල්ලටම අත අල්ලමින් ලයිට් එලියට දෙහි මූනක් නො එසේනම් දුක්බර; මල ගෙවල් මූනක් දමාගෙන සිටියෙමි.

මුළු මහත් රාත්‍රියක් නිදිවරා, ඇස් රතු කරගෙන, රැවුළ එහෙන් මෙහෙන් ඇදුණු මුහුණෙන්ද, ඔළුව පුරා හමක් මිස කෙසක් නැති තට්ටයකින්ද යුතුව පාර අයිනේ සිට වාහන වලට අත ඇල්ලීම කෙසේ වන්නට ඇත්දැයි සිතා ගත හැකි නොවෙද?

වන්නුපථ ජාතකයේ දිය රකුස් මෙන් වන්නට ඇතැයි මේ මොහොතේ මට සිතේ. (ජාතකේ හරි නේද?)

කෙසේ හෝ තවත් විනාඩි 20 කින් පමණ දෙනියායේ සිට පැමිණි යානාවක නැගී මාහටද පියාසර කිරීමට හැකිවිය. ඒ පානදුරටය. පානදුරට පය තබනවාත් සමගම අසන්නට ලැබුනු ආරංචිය කන්තක අස්සයාගේ රෙකෝර්ඩ් එක මා අතින් බ්‍රේක් වන්නට ඔන්න මෙන්න විය.

ඒ නේරංජනාවෙන් එතෙරට පැනීම නොව හද පැලී මියයාමය!

"අර යන්නේ පානදුර බස්සෙක තමයි. ඉක්මනට එන්න එපායැ . . . !"

"$#@%#$^%&((+_))&&%%#%#@RF{)*ණ්>Mඝ්U^%(*))_"

ඊළඟට බස් එක පිටත් වන්නේ පාන්දර 4.50 වැනි කැඩිච්ච වෙලාවකට ය.

ඒක එසේ මෙසේ බස් රියක් නොවීය. පානදුර - අම්පාර වාගේ මතකය.
රියැදුරා උස් ද්‍රවිඩ ජාතිකයෙක් විය.
ඔහුට බස් රිය විහිළුවක් වාගේ විය.
පානදුරෙන් නික්මී ස්වල්ප වේලාවකින්; ඔහු බස් රිය උඩු සුළඟේ පාකර හැරීය.

 අශොක් ලේලන්ඩ් යානය ඉතා පහලින් පියාසර කලේය. ඉඳ හිට එය පොලොවේ ගැටිණි. ඒ  බස් නැවතුම් පොලවල් අසලදීය!

නිවෙසින් පිටත් වූ තැන් පටන් රාත්‍රිය පුරාවට නිදිවර්ජිතව මා කිලෝමීටර 170 ක දුරක් රිය පදවා; කිලෝමීටර 250 ක දුරක් ඒවන විට ගමන් කොට තිබුනි!

උදෑසන 6.00 වන විට මා නැවතත් මහ සමන් දේවාලය අසල විය. මා බසයෙන් බැස්සේ කුඩා බේකරි කඩයක දොර කඩටය.
 එතැනින්; ළමා ළපටින් හට සීනි සම්බෝල පාන් හා බිත්තර පාන්ද ගෙන නිකමට මෙන් තෙශා ඇමතීමි.

"මචං තෙශා උඹ කොහේද ?"

" මෝනිං මචං! මම මේ සමන් දේවාලය ලඟින් බැහැලා අරුං ඉන්න තැනට යන ගමන්! උඹ කොහේද?"

"මාත් ළඟ ළඟම . . . "

මම පාර පැන තී වීලරයකට නැග ගත්තෙමි.

"මල්ලි ඔහොම යං !" විධානය දුනිමි.

ත්‍රී වීලරය ප්‍රධාන පාරෙණ් හැරී රබර් රුප්පාවක් අතරට වැටිනි. මීටර 100 ක් පමණ දුරක් යන විට දන්නා කියන රුවක් පාර අයිනේ අපට පිටුපා යමින්ය.

"මල්ලි අන්න අර බුවාත් අරණ් යං . !

"අඩෝ තෙශා නැගපං !" තෙශාගේ මුහුණ කිරි හට්ටියක් මෙන් විය! (කිරි සහිත)

යාන්තමින් වැළි තොටු පොළට යන පාර සොයාගෙන ඉසව්වට පැමිණියෙමු. අප එතැනට යන විට පසිඳුත් ඇනෝත් කයාක මත අපගේ බඩු බාහිරාදිය කිසියම් පිළිවෙලකට අතුරා තිබුනි.

"කොල්ලනේ මෙන්න කාපල්ලා . . . .!"

"අම්මට සිරි මෙන්න ඩබලම ඇවිත් . . . . !"

"තෙශා මෙන්න මූ තමයි ඇනෝ - මල්ලි මූ තමයි තෙශා . . !"

"එළ . . . . !"

"එළ . . . . . . . . !!"

"එළම එළ . . !"

මුද්දා හෙවත් ඇනෝ ගේ සෙල්ෆි සටහන !
මනට අපිට කලින් කයාක් සූදානම්ව!

තවත් ගමන් ගහක මුල් !

දැං කොහෙද බං යන්න තියෙන්නේ? මෙතනින් මෙහාටද? මෙහාටද?

එහෙනං දැන් යන්න තමයි තියෙන්නෙ! 

හරි එහෙනං යන්න සෙට මෝල් වෙමු! 

එළ!

ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න

බාරවෙන්නම් මම - කළුතරට !

Monday, May 20, 2019

139. කලු ගඟ දිගේ . . . . . . . ! 4.

ආයෙත් අළුත් දවසක්. කොහොමටත් වෙනදා ලියන තරම් සතුටකින් නම් නොවෙයි ලිවීම අරඹන්නේ.

ඒ රටේ වත්මන් තත්වය!

කඳු මුදුන්, මිටියාවත්, තැනිතලා, ගංඟා ඇළ දොළ, නිල් සයුර , වෙරළ තීර, වංගු වැටුනු මං මාවත් අප එන තුරු හුදෙකලාව බලා සිටිමින් වනු ඇත.
රට තුල පවතින අර්භූධකාරී තත්වය විසින් අපව නගරයෙන් පමනක් නොව ලපළු ලතා ගැවසී ගත් තුරු මුදුන් වලින් වසං කරගත් සුන්දර වන අරණින්ද පිටමං කොට ඇත්තේය. ඉදින් කවදාද ආයෙ එන්නේ ඒ වසන්තය යළි අප සොයා . . . . . . . !?

කලක සිට මාගේ ලිවීම් කියවන විජේබාහු මහතා මාහට ලියන ලද කමෙන්ටුවක්, ඊට මා ලබා දුන් පිළිතුරත්, ඔහු මාගේ පිළිතුරට එවන ලද ප්‍රථිපිළිතුරත් මා නැවත නැවතත් බොහෝ වාර ගානක් කියවිමි.
ඒ මාගේ ලිවීම් කියවන බොහෝ දෙනාගේ සිත් තුල ජනිත වන පොදු අදහසේ පාර්ශ්වික අපවර්ථනයකට පත්නොවූ තල දර්පණ ප්‍රථිබිම්භයයි.

එනිසාම ඒ සියල් සතුන් අමතා ලිවීම අරඹන්නම්.

ඔව්! ඇත්තෙන්ම මේ චාරිකා සටහන් වැල් වටාරම් පිරුණු පල් හෑලි ගොඩක් සේ කියවන ඔබට දැනෙනු ඇත. එහෙත් මා ඉන් ඔබ වෙත මතු කොට දක්වන්නට උත්සුක වන්නෙ කුමක්ද?

රටක හෝ වෙනයම් ජන සමාජයක, දත් නොදත් ඕනෑම අයෙකු කිසියම් සාර්ථකත්වයක් නො එසේ නම් ඉලක්ක ජයග්‍රහණයක් ලැබීමේ පුවත අපගේ කන වැකෙණවාත් සමග අපගේ සිතට හැඟෙන , දැනන, නැගෙන, නැතහොත් උත්සාහයෙන් මතු කර ගැනීමට තැත් කර ගන්නාවූ සිතුවිල්ල බොහෝ විට මොන ආකාරයක් ගනීද?
අප සිතන්නට පෙළඹෙන අපගේ සිතට නැගෙන සිතුවිල්ල මා මෙලෙස සරළ භාෂාවෙන් දක්වන්නම්.

"ඕවා උන්ට නම් කරණ්න පුළුවන්! ඒත් අපි කරණ්න ගියොත් කේස් කීයක්ද?"

 "කොහෙද බං අපේ උන් එක්ක ඕවා කරණ්නේ!?"

 "අපිට මේ තියෙන වැඩත් එක්ක කොහෙද බං ඕවා කරණ්නේ? උන්ට එහෙමට මේ අපිට වගේ වැඩ නැතිව ඇති! උන්ට ඕවට කොයි තරම් එවුන් ඉන්නවද ස්පෝට් එකට!"

 "අපිට මොනවද බන් තියෙන්නේ. අනික උන්ට කහන සල්ලි ඇති මචං!"

"අපිත් කැමතියි ඕවා කරණ්න; ඒත් කෝ බං ඕවාට වෙලාවක්!?"

"ඕක එච්චර ගේමක් නෙවෙයි බං, හිතුනොත් අපිටත් කරණ්න පුළුවං!"

සත්තකින්ම ඔය අන්තිමට තියෙන එක තමයි ඇත්ත. මම ලියා ඇති සෑම සියළු දේ අතුරිණ් මොන දේ ගැන සිතුවත් "එච්චර ගේමක් නොවෙයි! හිතුනොත් කාටත් කරණ්න පුළුවන් !" කියන එක තමයි සර්ව සාධාරණ ප්‍රකාශය වන්නේ!
ඒත් එකම ප්‍රශ්ණය වන්නේ බොහෝ දෙනෙකුට එසේ නොසිතෙන එකය!

මෙවැනි දේ ගැන තවත් එක් අයෙකු හෝ පොළඹවා ගැනීමට හෝ අනාගතයේ කරණ්නට සිතන අයෙකු හට අත් පොතක් විය හැකි ලිඛිත සටහනක් තැබීමයි මෙතරම් කරුනු දක්වන්නේ.

 එසේම ඉහත මා ලියන ලද "ඕවා උන්ට නම් කරණ්න පුළුවන්! ඒත් අපි කරණ්න ගියොත් කේස් කීයක්ද?" වැනි අනෙකුත් ප්‍රකාශ හා අදහස් සියල්ලට පෞද්ගලිකව මම ද මුහුණ දෙන  අතර එම බාධක මග හරිමින් මමත් කණ්ඩායමත් ඉලක්කය වෙත ලඟාවෙන ආකාරයත් මෙ නිසාම අනාවරණය වනු ඇත.

 එසේම යම් දිනෙක මා හට හෝ මගේ ආදරණීයයන් හට මතක මාත්‍රයක් සාක්ෂියක් ඉතිරි කරලීමටත් ඇත්තෙන්ම අප මුහුණ දුන් සුවහසක් බාධක මැද අප ලැබූ අත් දැකීම් වල සුන්දරත්වය; ජීවිතයේ අවසන් මොහොතේ මෙණෙහි කොට සතුටු වීමටත් මා ඉඳුරාම බලා පොරොත්තු වෙමි.

විජේභාහු මහතා වෙත දැක්වූ අතීත කථාව මා කෙටියෙන් ලියා තබන්නම්.

කලකට පෙර මාගේ හිතෛශීම සහෘදයා වූයේ ගුවන් හමුදාවේ නිළධරුවකු වූ ශානක රාජකරුණා ය. ඔහු ගැන හැඳින්වීමක් කිරීම මා ඉදිරි පෝස්ටුවක කිරීමට බලාපොරොත්තුවෙමි. නාලන්දා විදුහලින් බිහිවූ අධ්‍යාපන හා විෂය භාහිර ක්‍රියා කාරකම් වලද උපන් හපන් කම් පෙන්වූ ඔහු එක් කාලයෙක අම්පාර උහන කඳවුරේ සේවය කරමින් විය.

යුද්ධය  නැගෙනහිර වෙලාගෙන තිබූ එම යුගයේ එක් උදෑසනක; කඳවුරට පිවිසෙන මාර්ගය  අසල ප්‍රධාන මාර්ගයේ ස්ථාපිත කොට තිබුනු බාධකයේ සේවය කල ගුවන් හමුදා භටයෙකුගෙන් ඔහුවෙත ලැබුණු ඇමතුමකි.

 කොළඹ සිට ඔරුවක් පටවා ගත් විදෙශිකයෙකු ත්‍රීවිලරයක පැමිණ ඇති බවත්; ත්‍රීවීලරයේ රියැදුරා  ආරුගම්බේ බලා යාමට අවශ්‍ය බවත් පවසන බවත් ඉන් කියැවුනි.

ජල ක්‍රීඩා වලට උපන්ගෙයි ආශාවක් ඇති ශානකද ත්‍රීවීලරයේ පමිණි විදෙශිකයා හමුව විස්තර සොයා බැලීය.

ජර්මන් ජාතිකයෙකු වූ ඔහු මෙහි පැමිණ ඇත්තේ සර්ෆින් කිරීමට බවත් ලෝකයේ සර්ෆින් සඳහා දෙවන හොඳම වෙරළ වන්නේ ආරුගම්බේ බවත් එහිදී ශානක විදේශිකයා වෙතින් දැන ගන්නට ලැබුනි.

මෙහි වඩාත්ම විශ්මිත කාරණය වන්නේ එම ජර්මන් ජාතිකයා කිසිදු දිනෙක අප රටට තබා ආසියාවට වත් ඊට පෙර පැමිණ නැති වීමයි.

මෙවන්ම වූ තවත් කථාවක් මා "ගඟක්දිගේ  4 " හි ලියා ඇත.
 ඒ විනෝදාංශය ලෙස රටින් රට ගොස්; එම රට වටා සයිකලයෙන් ගමන් ගන්නා උල්ෆ් ගැනය. ඒ වන විට රටවල් 25 ක සයිකල් පැද ඇති ඔහු මෙරට කිලෝමීටර 1900 ක් පැද තිබුනි!

මේ සියළු දෙනා හටම පෙර කී "ඕවා උන්ට නම් කරණ්න පුළුවන්! ඒත් අපි කරණ්න ගියොත් කේස් කීයක්ද?" අන්දමේ ගැටළු  තිබෙන්නට හැකිය. එහෙත් වසරක් පුරාවට උපයන මුදලින් එකතු කරගත් විශාල කොටසක් ද වසරකට වරක් පමණක් ලැබෙන  දීර්ඝ නිවාඩුව ගෙවා දමමින්, තම හිතෛශියන් නෑසියන් අමතක කොට, නන්නාඳුනන රටකට පැමිණ තම විනෝදාංශය භුක්ති විඳ ආපසු කිලෝමීටර දහස් ගනනක් මග ගෙවා ආපසු යයි!

සමහර විට වසරක් පුරා උපයා; ඔහු වැය කරණ දහස් සංඛ්‍යාත් ඩොලර් වලින් ඔහුගේ විනෝදාංශය  සඳහා ගත කරණුයේ පැය ගනනාවක් එක් වරුවක් හෝ එක් දිනක්  දෙකක් පමණක් වනු ඇත. එහෙත් ඔහු උපයා ගත්, ඔහු තම මතකයට අතුලත් කර ගත් වින්දනය,ආශ්චර්‍යය,අත්දැකීම මියෙන තුරු ඔහු සමග වනු ඇත!

බොහෝ විට ඔවුන් අප රට දකින්නේත්, ඒ ගැන සොයා බලන්නේත්, සියළු සබඳතා ගොඩනගා ගන්නේත් අන්තර් ජාලයෙනි. කිසිදා දැක නොමැති රටකට , නන්නාඳුනනා මිනිසුන් විෂයෙහි ඇතිකරගන්නා  විශ්වාසය මත පදනම්ව ඔවුන් තම විනෝදාංශය වෙනුවෙන් පැමිනේ.

විනෝදාංශයක් කරගෙන යන්නෙකු; ප්‍රාථමික මට්ටමෙන් කුරුළු පිහාටු එකතු කරණ අයෙකු විලසින් අහම්බෙන් හමුවන කාක් පිහාට්ටක් පොතක් තුල රුවාගෙන සිටින්නෙකු ගෙන් ඔබ්බෙහි සිට;  එයින් උකහා ගන්නා අත්දැකීම් ප්‍රමානය අති මහත්ය.

කැන්ගරු දේශයට පා තබා හරි යමන් ඉන්න තැනක්, කන්න බොන්න ක්‍රම වේදයක් නොමැතිව වසික; විරව පට්ටං ගසා ගෙන සිටින විට ඔහුව මා අස්වැසුවේ "කොල්ලෝ උඹයි මමයි නන්නාඳුනන ගඟවල් වල, ගංවතුරට මොන තරම් බැහලා තියෙනවාද? ඒවා මොන තරම් භයානක දේවල්ද? උඹ ඉන්නේ හුස්ම ගන්න පුළුවන් වටපිටාවක් තියෙන තැනකනේ! ඉතින් ඕකට මුහුන දියං! මොනවා හරි උයා ගෙන කාපං!" කියාය. මා කියන ලද දේවල් ඔහුට වැඩක් උනා දැයි මා නොදනිමි. එහෙත් ඔහු සාර්ථකව එම හුදෙකලා ජීවිතයට මුහුණ දී ඇත.

එහෙත් පසුගිය කාල වකවානුව පුරා මට හමුවූ බොහෝ දෙනාගෙන් තම විනෝදාංශය කුමක්දැයි විමසුව හොත් ඊට ලබෙන අසාර්ථක හා දුක්ඛ දෝමනස්සයන් හා අඳෝනා ලියා තබන්නට මෙම පෝස්ටුව ඉඩ කඩ මදිව යයි!
එක්කෝ කිසිදාක ඔවුන් ඒවා විඳ නැත!  නැතිනම් විනෝදාංශ අයත් වන්නේ කුඩා ළමුන්ට පමණක් බව ඔවුන් සිතති. නැත හොත් ඒවා  කරණවාට වඩා ඒ වෙලාවේ "ප්‍රයෝජනවත් යමක් " කිරීම යෙහෙකි යැයි ඔවුන් සිතති. මෙවන් අටෝරාසියක් කරුණු කාරණාය!
මේ සියළු අවු වියවුල් මැද අප; අපගේ ජීවිත ප්‍රාණවත් කරණ්නෙමු! ජීවත් කරණ්නෙමු!! මුහුණ දෙන බාධක හමුවේ ජයග්‍රහණය වෙතම ඉව අල්ලන්නෙමු!

මෙහිදී මා ගෙන හැර දක්වන්නම් තෙශාන්ත මුල්කිරිගල; මා මිත්‍රයාගේ ආදර්ශ පාඨය:

One Life; Live It . . . !

කථාවෙන් කථාවෙන් කාලය ගියා දැනුනෙම නෑ! ඒකෙන් මේකෙන් අපේ මුල් කථාව කියන්න තවත් කාලය යනවා. අපි මේ කථාව අද මේ විදියට පටන් ගමු!

නවසිය හැට එක වර්ෂයේ; කොළඹ ඇම් ඩී ගුණසේන මුද්‍රණාලයෙන් පල කරණවා පොතක් "ලස්සන ලංකාව" කියලා. මෙය එකල සිටි කෘථහස්ත ලේඛකයෙකුවූ වොල්ටර් සේනාධීර විසින් ලියන ලද්දකි. එහි මෙම කළු ගඟ ගන මෙසේ ලියා ඇත. '

                                      "ලක්දිවේ ගංගාවළියට එක්වන තුන් වැනි නදී ලාලණිය කලු ගඟයි. සිරිපා අඩවියෙන් ගමන් පටන් ගන්නා කලු ගඟ රත්නපුරේ නගරය පැදකුනු කරමින් මැණික් මතුවන පොලොව මැදින් වේගයෙන් ගලාබස්නේය.
සිරිපා හිමයෙන් ගලා එන කලු ගඟේ ශීතල දිය පාර සබරගමුව හරහා කුරුවිට, නවදුන්, පස්දුන් යන ත්‍රිකෝරල මැදින් ගලා විත් කලුතර තොටමුණෙන් මුහුදුබත් වන්නේය.
කලු ගඟ ඉස්මත්තෙහි රබර් වගාව ඉතා සරු ලෙස කෙරෙයි. කිරි ඇල්ල හා එපිටවල අසල දුම්බර නම් ගමේ මිණිරන් පතල් එදා බොහෝ සෙයින් තිබුණි.

රත්නපුරේ මහ සමන් දේවාලයෙහි දිය කැපීමේ උත්සවය සිදු කරණ්නේ මේ කලු ගඟේහිය.

කලුගඟට එක්වන ශාඛා දිය ඇලි බොහෝ ගනනෙකි.මහවැළි කැළණි නදීන්ට එක්වන දිය ඇලි  බොහොමයකට මෙන් මේ ශාඛා දියපාරවල් වලට ඉංග්‍රීසි ආරට නැබුරු නම් තබා නැත. කිරිඳි ඇල්ල, දෝතලු ඇල්ල,නාරගල ඇල්ල,කලු ගඟට එක්වන දිය ඇලි වලින් සමහරෙකි. පුවක් මලක් විසුරුවා ඇරියා සේ පහතට ගලා බස්නා දිය ඇල්ලකට පුවක් මලැල්ල කියා නම්දී තිබීමෙන්ම එහි ඇති කලා රසිකත්වය සිතා මතා ගත හැකියි.

පුරාණ දේව කථාවල පෙනෙන අන්දමට දෙවොල් දෙවියන් ලංකාවට පැමිණි වෙලේ කෙහෙල් පහුරකින් කලුගඟ දිගේ ගමන් කල බව කියන කට කතාවක් පැරැණ්නන් අතර අද දක්වාම පවතී.

සිංහල සංදේශ කාව්‍ය ලියූ අපේ පැරණි කවීන්ගේ සිත් බෙහෙවින්ම ඇදගත් දිය පාරකි කලු ගඟ. කලු ගඟේ දිය පහර පිළිබඳව කවි සිතුවිළි වලින් මත්වුන ගිරා සංදේශ කාරයෝ එක් වරක් මෙසේ කියති.

ලක  කොමලඟ  සමණොල ගිරි හිසින්     ගොතා
හල  මනරඟ  මලිගිය මල් දමින්                   යුතා
වර ල සරඟ  හෙන වැල හැලි සියෙන්           ඉතා
දිලි  කලු ගන්නග ලඟ වැද හරු ගිමන්          ගතා

කලු ගඟ සැතපුම් හැත්තෑවක් දිගය. මේ ගඟේ ප්‍රමාණය වර්ග හැතැප්ම එක් දහස් පණහක් බව භූගෝල විද්‍යාඥයෝ පවසති. අවුරුද්දක් තුල මේ ගඟින් ගලා බස්නා ජල කඳ "ඒකර් පීට්" 5,8,80,000 ක් බව කියැවේ.
(මෙහි ඒකර් පීට් යනුවෙන් සඳහන් කොට ඇත්තේ  Acre feet හෙවත් අක්කර අඩි ය)

කලුතරින් මුහුදට පතිතවන කලුගඟේ මෝය අසල ඇති පැරණි බෝධිරාජයාණන්ගේ බෝ පත් ගඟේ සිසිල්  සුලඟින් ඒ මේ අත වැනී සෙලවෙයි. ගාලු පාරේ ගමන් කරණ දස දහස් ගණනක් ජනයාගේ සැලකිල්ලට හා සදා ගෞරවයට පාත්‍රවන නේ මහා බෝධීන් වහන්සේ වෙත කලු ගඟ සෙත් සලසන්නා සේය.

කලු ගං මෝය අසල ගඟ මැද අති දූපත නිසා මුහුද අසලදී ගඟ දෙකට බෙදීයයි. ඒ නිසා ගාලු පාරේ කලු ගඟ උඩින් විශාල පාලම් දෙකක් තනා ඇත්තේය.

තිසර සංදේශයේ කලු ගඟ පිළිබඳව එන කවියක් මෙසේය.

ලෙල  රල විවිලි දිලි වෙරළත       වෙතේයා
පෙන  මුතු ලැලින් සැදි දල නිඳු       සතේයා
රැදි  රුදු නිල් යටෙකැ සිරි සර         ගතේයා
    කලු  ගඟි නෙතෙර යව දිගු පුලු       ලතේයා  "

මහවැළිය රටේ ජීවනාළිය වුවද කළු ගඟට මිනිසුන් ආදරය කොට ඇත්තේ බොහෝ කලක සිටය.

අවිස්සාවේල්ලෙන් රත්නපුරය දෙසට හැරුණු අප තිදෙන තවත් කිලෝමීටර දහ පහලොවක් ඉක්බිත්තෙන් කුඩා රෑ කඩයක් අසලට වැද හොත්ය.

එම කුඩා කඩයෙන් එළවළු රොටී හා කෝපි පානය කල අප සිගරට් බුලත් විට ආදියෙන් සන්නාහ සන්නද්ධ වී ගමනට බටහ.

ඉඳ හිට ඉදිරියට මතුව ආ පුද්ගලික හා ලංගම බසයක් හැරුණු විට වෙනත් වාහන වලින් මාර්ගය තොරවිය. ඉදිරියට පැමිණි බස් රථද කන අසලින් නිල මැස්සෙකු පියාඹා යනවා සේ රූං ගා නොපෙනී ගියේය.

අප ඇහැළියගොඩ, කුරුවිට, පැරඩයිස් ආදී පෙදෙස් පසුකරමින් රත්නපුර නගරයට අවතීර්ණ විමු. පසු කරණ සෑම හංදියක්, නගරයක්, කඩ මණ්ඩියක් පාසාම අප තිදෙනාගෙන් එක් අයෙකුට හෝ කියණ්නට යමක්විය.

මොරගහයට හංදියට මෙපිට පාර අද්දර ඇති සද්දන්ත බුදු පිළිමය අසල මා ට්‍රක් රියේ ගමන බාල කලේ මීට දශක ගනනාවකට පෙර සිදුවූ මංකොල්ලයක් හා මිනී මැරීමක් හා සහ සම්බන්ධිත ස්ථානයක් පෙන්වීමටය.

එහෙත් එහි දර්ශනයක් දැක බලා ගැනීමට අඳුර අපට ඉඩ තැබුවේ නැත.

මොරගහයට හංදියෙන් වම් අත බලා හොරණ හෙවත් පානදුර දෙසට හැරුණෙමු. තවත් ස්වල්ප දුරකින් අප අභියස වූයේ මහ සමන් දේවාලයේ වාහල්කඩය.

වාහල් කඩ අසල නැවතුනු මා පසිඳු ඇමතූවෙමි.

"මල්ලි බලාපං ගූගල් මැප්ස් වලින් කොහේද තොටුපොළ තියෙන්නේ කියලා . . !?"

"එහෙම තොටුපොළක් තියෙනවාද?"

"ඇයි බං දිය කපන තැන . . !"

තවත් විනාඩි කිහිපයක් තම සෙල්ෆෝනය මතට එබී සිටිමින්ම පසිඳු තම හඬ අවදි කලේය.

"අයියේ එහෙම තැනක් පෙන්නනේ නෑනෙ . . !"

"හුටා . . . ! ඕන දෙයක් මේ පාරෙන් ඇතුලට යමු . !"

අප වාහල් කඩින් ඇතුළුවී දේවාලය තුලට ගමන් කලෙමු.
මුළු දෙවාල භූමියම එකම පාළු ස්වභාවයක් දැරීය. කෙමෙන් කෙමෙන් මාර්ගය වමට හැරී එක් කෙළවරකට යොමුවිය. එතැනින් ආපසු වමට හැරුණහොත් නැවත ප්‍රධාන මාර්ගය දෙසට යොමුවේ. කොටින්ම අප අශ්ව ලාඩමක හැඩය ගත් මාර්ගයක පතුලේ නැවතී සිටින්නෙමු.

"පසී පොඩ්ඩක් බලාපං පල්ලෙහාට බැහැලා . . !"

"එළ . . !"

නළලත රඳවා තිබුණු විදුළි පන්දමේ එළිය ඒ මේ අත යොමු කරමින් පසිඳු ගං ඉවුර දෙසට යමින් නැවතුනි. යලිත් කල විමරමකින් පසුව නැවත ඔහු හැරුණි.

"ම්හු! එතනින් පල්ලෙහා ගඟ තමයි. ඒත් එතනට බහින්න බෑ. මෙතන ඉවුර මාර උසයි !"

"හරි නැගපං ඉක්මනට. අපිට කාලය මදි . . !"

ඒවන විට පාන්දර එකේ කණිසමට ආසන්නවී ඇති. නැවත අප තිදෙන ආ මගම ආපසු ගමනේ යෙදුනෙමු.
අප විසින් මග ඇර පැමිණි; වම අතට විහිදුණුතාර අතුරා තිබූ  කුඩා මාර්ගයකට හැරී ගමන් කලෙමු. අපගේ වම් පසින් කළු ගඟ දිවයා යුතුය. එනිසාම නොදන්නා මාර්ග ජාලයේ හමුවන හැම මං සන්දියකින්ම වමට බරවූ මාර්ග තොර ගනිමින් මා ට්‍රක් රිය පැද වූයෙමි.
තවත් විනාඩි 15 කින් පමන අප; ඉවුරු දෙකක් මැදින් වක්‍රව විහිදුණු; දැඩි බෑවුමකට යොමුවූ ඉතා පටු මාර්ගයක් ඉදිරියේ විය.

"අයියෙ මං බලන්නද . ?"

"එළ . . . !"

මා ප්‍රධාන පහන් නිවා දමා එන්ජිම නතර කලෙමි. ඒ අවට බල්ලන් කිහිප දෙනෙකු තරගයට මෙන් බුරමින්ය. මේ මොහොතේ අසල පිහිටි ගෙයකින් කිසිවෙකු හෝ පිබිද මෙහි පැමිණිය හොත් ඔහුට අපගේ ගමන ගැන හෙට උදේ වනතුරු වත් පැහැදිළි කර දීමට නොහැකි වනු ඇත.

තවත් විනාඩි දෙක තුනකින් පසිඳු වංගුවෙන් මතුවිය.

"අයියෙ තැන නම් හරි. හෙන පල්ලමකට බහින්න තියෙන්නේ. මේක ට්‍රැක්ටර් පාරක්! පල්ලෙහා වැළිතොටු පොලක්!" මේ ඔහුගේ කථාවේ සාරාංශයය.

"අවුලක් නෑ ! රිවස් එකේ බස්සමු. උඹලා දෙන්නා බලපං. මං ගන්නං!"

නැවත පනගන්වා ගත් ලොරි පොඩ්ඩා; එන්ජිම සැර නොදමාම හිමින් සීරුවේ හරවා ගත් මා; ගියර පෙට්ටිය;  ෆෝ වීල් - ලෝ  (Four Wheel Low Range) එනම් හැකි උපරිම යාන්ත්‍ර වාසිය එන ලෙසට සකසා ගෙන; කයාක් දෙක සහිතව පසු පසට ධාවනය කරණ්නට විමි.

මාර්ගය විහිදියේ වම් පසින් අඩි 20 ක් පමණ ඉහලට විහිදුණු ගල් තාප්පයක අත්තිවාරමටත් දකුණු පසින් අඩි 10 පමණ ඉහළට පිහිටි කපා දැමුණු ගං ඉවුරත් අතරිණි. මාර්ගය දැඩි සේ හෝදා පාළුවී ගොසින් තිබුනි. මෙම නිසාම දකුණු පස වක්‍රය අඩි දෙකක් පමණ ගැඹුරට කාණුවක් ස්වභාවයෙන් සකස් වී තිබුනි.

කාණුවට නොවැටී ට්‍රක් රිය වම් පසට ගෙන ධාවනය කරණා විට එය යොමු වූයේ විසල් ගල් තාප්පය දෙසටය !
 දකුණ අල්ලා ගහන රිවස් පාර; දකුණු පස; ඉදිරිපස හෝ පසු පස රෝදය කාණුව වෙතට තල්ලු කර හැරියේය.රොන් මඩ වලින් සැදුම් ලත්  මැටි හා සිහින් වැල්ලෙන් සමන්විත වක්‍රාකාරව දැඩි ආනතයකට යොමුවූ මාරගයේ රෝද හතර ගියේ මාරගයට ඕනෑ ආකාරයට මිස මට හෝ සුක්කානමට අවනතව නොවිය.

වාහනය අනවශ්‍ය තරම් ඒමේ අතට හැරවිය නොහැක. මන්ද යම් හෙයකින් රථය මෙම දූර්ඝය අතර හරස් වුවහොත් එය නැවත ප්‍රශස්ථ ධාවන පතයකට ගැනීම ඉතා අසීරු විය හැකි බැවිණි.

පසුපස නිවැරදිව මාර්ගය  ඔස්සේ පසු පසට ගන්නවාත් සමගම දකුණු පස  ඉදිරි රෝදය කාණුවට වැටී ට්‍රක් රියේ දකුණු බඳ ඉවුරේ වැදී නතර විය. යලිත් සෙමෙන් එතැනින් ට්‍රක් රිය ගලවා ගෙන අදාල වැළි තොටුපොළට රිය ගාල් කර ගත්තෙමි.

මම ට්‍රක් රිය උඩට නැග ගැට ගසා තිබූ රැහැන් එකින් එක  ලිහා දමන්නට විමි. ඇනෝ අපගේ ගමන් මළු හා අනෙකුත් බඩු බාහිරාදිය ඉවත් කල අතර පසිඳු මගේ කාර්යයට උදව කරමින් විය.

කයාක පැටවීමට වඩා ආපසු ඉවත් කිරීම සැළකිල්ලෙන් කලයුතු කරුණක් වේ. මන්ද නොපිට හරවා පටවා ඇති කයාකය ට්‍රක් රියෙන් ඉවතට ගැනීමත් සමග එය වේගයෙන් ප්‍රකෘථි අතට භ්‍රමණය වේ. එය අල්ලා නවතා ලීමට පහසු තැනක් නොමැති වන අතර එසේ නැවතීම හැකි දෙයක් නොවන්නේය.

එය අතේ මැණික් කටුව සන්ධිය බිඳ දැමිය හැකි තරමේ බලවත් කරකැවීමකි. කරකැවෙන වේගය හා එහි බර මෙයට හේතුවය. එය ආනතයක් මත සිට ලිස්සා තමන් වෙතට ඒමෙන්ද මේ හානිය වඩාත් තීව්‍ර කරණු ලබයි.මෙනිසාම දෙදෙනෙකු හැර තිදෙනෙකුට පරිහරණය කල හැකි භාණ්ඩයක් නොවේ.
 එය හරියට ලොකු වතුර බාල්දියක් තිදෙනෙකු විසින් අරගෙන යනවා වැනි කකුල් පැටලෙන අට මගලකි!

අප කිසිදු අවුළක් අභාධයක් අතුරු ආන්තරාවකින් තොරව කයාක දෙක බිමට ගතිමු.

සියළු ගොඩ බෑම් වලින් අනතුරුව මා සොයුරණ් දෙදෙන ඇමතීමි.

"මං ට්‍රක් එක කළුතරට දාලා පුළුවන් ඉක්මණින් එන්නම්. උඹලා ප්‍රවේශමෙන් හිටපල්ලා. ඕනෙනම් වන් මෑන් කැනපිය (One Man Canopy) ගහගෙන ඒකෙ ඇතුලෙ හිටපල්ලා. සද්දෙ වහගෙන හිටපං. මේ ගෙවල් වල එවුන් ආවොත් බැලන්ස් කර ගනිං මං එනකල්. හරියට උදේ හයට තෙශාට කෝල් කරපං. පුළුවන් ඉක්මණින් ලොකේශන් එක ඌට යවපං !"

"එළ! අපි කවුරුවත් එන්න ඕනෙද ?" උන් දෙන්නාගෙන්  කවුරු හරි ඇහුවා මතකය. නිනව්වක් නැත.

"එළ! අවුලක් නෑ මචං! උඹලා ප්‍රවේශමෙන් හිටාල්ලා . . . !"

නැවත පන ගන්වා ගත් නිසාන් පැට්‍රොල් ලොරි පොඩ්ඩා එක ගැම්මට උඩට ආවේය. මෘදු බිම මතදීම ෆෝ වීල් හා ලෝ රේන්ජ් ගියර සැකසුම (Four Wheel - Low Range)නැවත ටූ වීල් හයි රේන්ජ් එකට (Two Wheel - High Range) සකසා ගත් මා එන්ජිම සැර නොදමාම එතැනින් නික්මුනෙමි.

Sunday, May 19, 2019

139. කළු ගඟදිගේ . . . . . 4

මොරගහයට හංදියට මෙපිට පාර අද්දර ඇති සද්දන්ත බුදු පිළිමය අසල මා ට්‍රක් රියේ ගමන බාල කලේ මීට දශක ගනනාවකට පෙර සිදුවූ මංකොල්ලයක් හා මිනී මැරීමක් හා සහ සම්බන්ධිත මැදුරක් පෙවීමටය.

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...