මාගේ
පෞද්ගලික
නමකින්
බුකියේ
ගිණුමක්
නොතිබෙන අතර මාගේ
බ්ලොගය
ජනතාකරණය කිරීමේ අපේක්ෂාවෙන්
thattayagekolama
නමින්
ගිනුමක්
ඇරඹීය. ඒ සමගින් බුකියේ කෙළපැමිනි බුවාලද
බුවීලද
මා
ඈඳා
ගන්නා
ලදී. විසිරි සිහිනද එලෙස මා අමුනාගත් සම්බන්ධයකි. එය ලියනා නෝනා මහත්තයා දොස්තර නෝනෙක් බව ලියනා කියනා දෙයින් පිළිබිඹු විය.සරල සුගම රචනා ශෛලිය ,
රසාලිප්ත
බව හා අරුත්බර නිසාම
මා
ඇයගේ
කෙටි
ලිපි
කියවන්නට
විය.
පසුගිය
දිනෙක
එහි
ලියැවී
තිබුනේ; මෝටර් සයිකල් වලින් විවිධ ත්රාසජනක ක්රියාකාරකම් වල යෙදෙන කණ්ඩායමක
තරුණයෙකු
සයිකල්
අනතුරකින්
ජීවිතක්ෂයට
පත්වී
එම
අවමගුල්
පෙරහැරේ; කණ්ඩායමේ
ඉතිරි
සගයන්
තම
මෝටර්
සයිකල් මගින්
කිසියම් ප්රදර්ශනාත්මක ක්රියාකාරකම්වල යෙදීම හෙලා දකිමින්ය!
එයට
ඌන
පූර්ණය
එක්කරණ
තවත්
බොහෝ
දෙනෙකු
එය
හෙලා
දැක
ඇති
අතර
ඉන්
සමහරෙක්
මෙසේ
පදින
තරුණයින්
හට
ද්වේෂ
සහගත
ලෙස
දොස්
කියා දෙස් දෙවොල් තබා තිබුනි.
මා
මෙසේ
පිළිතුරු
ලීවෙමි. මා මේ මොහොතේ මතකයෙන් ලියන
මෙහි
අකෘථියේ
වරදක්
වුවද අන්තර්ගථයේ
කිසිදු
වෙනසක්
නොමැත.
යුද්ධයේ දී මියයන සොල්දාදුවා ගේ දේහය Gun Carrier එකක ආකෘථියක් මත ගෙනයනවා නම්; ක්රිකට් පන්දුව වැදී මිය යන ක්රීඩකයාගේ දේහය කණ්ඩායමේ සෙසු ක්රීඩකයන්ගේ ක්රිකට් පිති ආරුක්කුව අතරිණ් ගෙනයන්නේ නම් සයිකල් අනතුරකින් මියයන තරුණයාගෙ අවමගුල් පෙරහැර ඉදිරියෙන් කණ්ඩායමේ සෙසු සාමාජිකයින් විසින් එසේ තම කුශලතා ප්රදර්ශනය කිරීමේ වරද කුමක්ද?
යුද්ධයේ දී මියයන සොල්දාදුවා ගේ දේහය Gun Carrier එකක ආකෘථියක් මත ගෙනයනවා නම්; ක්රිකට් පන්දුව වැදී මිය යන ක්රීඩකයාගේ දේහය කණ්ඩායමේ සෙසු ක්රීඩකයන්ගේ ක්රිකට් පිති ආරුක්කුව අතරිණ් ගෙනයන්නේ නම් සයිකල් අනතුරකින් මියයන තරුණයාගෙ අවමගුල් පෙරහැර ඉදිරියෙන් කණ්ඩායමේ සෙසු සාමාජිකයින් විසින් එසේ තම කුශලතා ප්රදර්ශනය කිරීමේ වරද කුමක්ද?
ඉන්පසු
කරලියට
ආවේ
මහජනයා
ගැවසෙන
මහා
මාර්ගයන්හී
ඔවුන්ගේ ක්රියාකාරකම් සිදු කිරීමෙන් මහජනයා මහත්වූ අනාරක්ෂිත තත්වයකට මුහුණ දෙන බවයි.
මෙයට
පිළිතුරු
සපයමින්
මා
පැහැදිළිවම
කීවේ
එයට
මා
එකඟ
වන
බවය!
නමුත්
ඔවුන්
තම
ක්රියාකාරකම්
ඉටු
කරණ්නේ
කොතැනද? ඔවුනට
සරිළන
තැනක්
ලබාදිය
යුතු
බවත්
ඉන්පසු
ආරක්ෂිතව
පැදවීම
පිළිබඳව
ඔවුන්
දැනුවත්
කල
යුතු
බවය.
මෙහිදී
කතුතුමිය
ලියා
තිබුනෙ “මහ පාරෙ බෑ ! එච්චරයි ” යනුවෙනි.
මෙයට
මා
පිළිතුරු
ලෙස
කුඩා කථාවක් උපුටා දැක්විමි. ඔන්න එක ළමයෙක් හිටියා John කියලා. මේ ළමයාගෙන් නම මොකද්ද කියා කිසිවෙකු
විමසීමේදී
ඔහුගේ පිළිතුර
වූයේ
Don’t John කියාය! මන්ද
ඔහු
වටා
සිටි
සියල්ලෝ
ඔහු
කිසියම්
කටයුත්තක
යෙදීමට
සැර
සෙද්දීම
කියන්නේ
Don’t John කියාය ! පොලීසිය
කියන්නෙත්
“එපා
..!” කියාය
. නමුත්
ඔවුනට
ස්ථානයක්
සකසා
දිය
යුතුවේ.
මහ
රෑට
මැරයින්
ඩ්රයිව් එකේ ඩ්රිෆ්ටින්
කිරීම
ගැන
කථා
නොකොට
මෙම
තරුණයින්ගේ
ක්රියාකාරකම්
වලට
පමනක්
අකුල්
හෙලීම
නොකල
යුතු
බවයි.මත්
පැන් නිසා මේ රටේ සිදුවන දහසකුත් එකක් විෂමාචාර
, අපයෝජන, අනතුරු තිබියදී ඊට විරුද්ධ වන්නේ නම් එය මීට සාපේක්ෂව යුක්ති යුක්ත බව ඉඳලා හිටලා අරක්කු සුට්ටක් බොන මා පවා එකඟ වන්නෙමි.
මෙහිදී
කතුතුමිය
පවසා
සිටියේ
ඇයගේ
වසර
ගනනාවක
රැකියා
දිවියේ
අනතුරටපත්
තරුණයින්
රාශියකට
ප්රථිකාර සිදුකර ඇති බව ය.
මෙහිදී
මා
මෙසේ ලීවෙමි : මටත් මටවඩා උස මහත කොලුවෙකු
සිටින්නේය.
උගේ
ෆුට්
බෝඩ්
ගමන
මා නවතා
දැමූයේ
මෙසේ
අවවාද
කිරීමෙනි.
“පුතේ
ෆුට්
බෝඩ්
යන
එක
ආතල්
වැඩක්
තමයි.ඒත්
ජීවිතේ
කරණ්න
තව
බොහෝදේ
තියෙනවා.
ආදරය
කරණ්න
, කසාද
බදින්න
, දරුවො
හදන්න
, සිංදු
අහන්න
, මියුසික්
කරණ්න
,ෆිල්ම්
බලන්න, සෙක්ස්
කරණ්න, සයික්ලින්
කරණ්න, කයාකින්
කරණ්න. ගංගාවල
පිහිනන්න, මහ
මුහුදේ
කිමිදෙන්න ඔය වගෙ දහසකුත්
එකක්
දේවල්.
නමුත්
ෆුට්
බෝඩ්
එකේ
යන්න
ගිහි
වැටිලා
මලොත්
ඔය
එකෙක්
වත්
කරණ්න
වෙන්නේ
නෑ.ෆුට් බෝඩ් යන්න හිතුනු ගමන් ඔය ටික් ඔයාට මතක් උනොත් යන්තම් හරි ඔයාට මොළයක් ඇත්නම් ෆුට් බෝඩ් යන එකක් නෑ !” කිව්වත්
වගේ
ඌ
කිසිදාක
ෆුට්
බෝඩ්
ගියේ
නෑ! ඔය අපි කතා කල තරුණයින්ට
වෙන
කිසිදු
විනෝදාංශයක්
නොමැත්
වුන්
. ඒක
උන්ගේ
විතරක් වරදක් කියා
මා
නොසිතමි.
මාගේ
බ්ලොගයට
විවේක
වෙලාවක
ගොඩවැදී
බලන්න.
එහි
“ආරක්ෂාව”
යන
වචනයට
මොනතරම්
වටිනා
කමක්
දී
ඇති
දැයි කියා.මීට කලකට පෙර දිවුලපිටිය
ආසන්නයේ
PSD එකේ
පිරිසක්
රැගත් සුදු පැහැති
ඩිෆෙන්ඩර්
රථයක්
බස්
රථ
දෙකකට
මැදිව
එම
තැන
දස
දෙනෙකුට පමන මරණය කැඳවමින්
අනතුරට
ලක්වූවා
ඔබට
මතක
ඇති.
වසර
25 ක
පමන
කාලයක්
සක්රීය ලෙස මෝටර් රථ පැදවූ අයෙකුලෙස
මා
දකින්නේ
බස්
රථයේ
රියැදුරු
අනියම්
මිනී
මැරීමේ
චෝදනාව
මත
දඬුවම් ලැබිය
යුතු
බවයි.
එසේම
තවත්
අයෙකු ; නොබෝදා වියෝ වූ ආනන්ද වෙඩිසිංහ විසින් පවසන්නට යෙදුනා යැයි පැවසෙන “රේස් යන්න ඕනෑනම් ට්රැක් එකට එන්න ! පාරෙදි ගමනෙ යන්න!! වැනි අදහසක් දක්වා තිබුනි.
එයට
මගේ
පිළිතුර
වූයේ
මෙයය.ආනන්ද වෙඩිසිංහ
වැනි
මල්ටි
මිලියනර්
කෙනෙකුට
කලහැකි
දේ
ඩියෝ
එකක්
පදින
දුප්පත්
කොල්ලෙකුට
කරණ්නට
කියනා
එක
විහිළු
කතාවකි.මේවා
මා
දකින්නේ ප්රංශ මහා විප්ලවය
ආරම්භයේ
මග
පෑදූ බැස්ටීලයට
පහර
දීමට
හේතුවූ
මාරි
ඇන්ටොනයිට්
ගේ “පාන් නැතිනම්
කේක්
කාපල්ලා”
වැනි කථා ලෙසය.
ඊට
අමතරව
මේවා
කරණ්නේ
තරුණියන්ට
පේන්න
කියා
තම
අදහස්
එක්
කල
අයෙකුද
සිටියේය.
මා
එයට
මෙසේ
ලීවෙමි.
සත්තකින්ම
ඔවුන්
එය
කරණ්නේ
තරුණියන්
හට
පෙනෙන්නට
විය
හැක.
මොණරා
රඟන්නේ
සෙබඩට
පෙනෙන්නටය.
අනුන්ගේ මගුල් ගෙදරක යාමේදී අප වෙනදාට වඩා ජේත්තු වන්නේ මන්ද? ඔබ ඩෙස්මන්ඩ්
මොරිස්ගේ
“නිරුවත්
වානරයා”
පොත
කියවා
බලන්න.
වෙනත්
කිසිදු
සත්ව
ප්ර්බේදයකගෙන්
දිස්
නොවන
; තොල්
වල
ඇතුලත
සම
එලියට
පෙනෙන
ලෙස
ගැහැණියගේ
තොල්
නිර්මිත
වූයේ
කුමක්
අරබයාද
? අපගේ
සීයලා
තිරික්ක්කලය
ගෙන
ගම
දෙවනත්
කලේ
ආච්චිලාට
පෙනෙන්නටය!
පාරේදී
මමද
මෙවන්
කොල්ලන්
හට
අම්ම
මෝ
නැතිව
බැන
වදින
මුත්
; “මුං නොදකිං!” කියා මේ තරුණයින්
දෙස
නොබලමි.
එහෙත්
අද ප්රවෘථි වල කියැවුනේ
දොස්තර
යුවලක්
හා
ඔවුන්ගේ
දරු
දෙදෙනා
හා
තවත්
නෑදෑයකු
සමගින් බලපිටිය
මුහුදෙ
ගසා
ගෙන
ගොස්
එක්
අයෙකු
හැරෙණ්නට
අන්අය
ගම්වාසීන
විසින්
බේරාගන්නා
ලද
පුවතක්ය. තම පවුලේ අයගේ ආරක්ෂාව
වෙනුවෙන්
මෝටර
රියේ
අමතර
රෝදය
වත්
ගලවා
ලඟ
තබා
නොගත්
එසේම ජීවිතරක්ශාව
පතා තරමක ලනු කැබැල්ලක්වත්
ලඟ
තබා
නොගත්
වෙදදුරු
තුමා
සම්බන්දයෙන්
නම්
නොදකිං
කියා
සිතේ
!
මෙම
සංවාදයේ අවසන් ප්රථිඵලය; මෙම සංවාදය අවසන් වන්නටත් මත්තෙන් මාහට දක්නට ලැබුනි. ඒ වෙද නෝනා මහත්තයා විසින්
ඇයගේ
පිටුවෙන්
මා
එලවා
දමා
වැට
කඩොලු
බැඳ
ඇති
බවය. ඇයගේ රසාලිප්ත හරබර ලිපි
ලේඛණ වලට අදහස් වලට අභියෝග කල එකම කාවා මා
විය හැක. අප සමාජ මාධ්යකට ලියන්නේනම් එය බලාපොරොත්තුවිය යුතු දෙයක් බව මා නොකිවමනාය. මගේ පිළිවදන් තුල කිසිදු අසභ්ය වදනක් ලියැවී නොතිබුනි ග්රාමය නොසරුප් වදනක් වන
“නොදකිං” කියනවාට වඩා එහා ගිය!
මේ
සමගම
මට
සේකරගේ
කවියක්
මතක්
විය. පොඩිත්තක් ඉන්න . ඒ පොත සොයාගෙනම ඉතිරි ටික ලියන්නම්. ආ මේ තියෙන්නේ “හෙට ඉරක් පායයි ..” පොත් පිංචෙ 64 වන කවිය මෙසේ
මා
දක්වමි.
‘ඔබේ පොත ඉතා හොඳයි”
ඔබ අමතා මා කීවා.
“ඔබගෙ කවිත් ඉතා හොඳයි”
මා අමතා ඔබ කීවා.
“ඔබේ පොතත්
ඔබේ කවිත්
ඉතා හොඳයි”
අප අමතා ඔහු කීවා.
“ඔබගේ ගී ඉතා හොඳයි”
ඔහු අමතා අපි කීවා.
සුන්දරත්වයේ
මූර්තියක්
මෙන්
නට නටා
නග්න ඈ පැමිණියා.
“ඔබගේ පොතවත්
ඔබගේ කවිවත්
ඔබගේ ගී වත්
කමකට නෑ”
ඈ කීවා.
“නුඹේ බස අසත්යයි
නුඹ මහා වෙසඟනක්
නුඹේ නැටුම් කමකට නෑ!”
ඇයට එරෙහිව එක හඬින්
ගල් මුල් වලින් ගසා
අපි ඇය පලවා හැරියා.

