Thursday, April 2, 2026

302. ගීතයේ අයිතිය පිළිබඳව Ushan W / Lotus සහ නිදී සමග කතිකාවක්!



මාගේ පෝස්ටුව ප්‍රධාන වශයෙන් කොටස දෙකකි.

ඉන් එකක් වන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ පතාක යෝධයින් දෙදෙනෙකුගේ කුප්‍රකට ගනුදෙනුවක් පිළිබඳවය.

අනෙක් කොටසින් සාකච්ඡවට ගැනෙන්නේ "ගීතයේ අයිතිය" පිළිබඳව අද දවසේ මෙරට සංගීත ක්ෂේත්‍රය තුල ගැටෙන මාතෘකාව පිළිබඳව මාගේ අදහස ඉදිරිපත් කිරීමය.

එම ගනුදෙනුවට මා "කුප්‍රකට" යන විශේෂණය යොදන්නේ ඇයි?

කැසට් පට නිශ්පාදකයෙකු වෙත අයිතිය ලභාදී ඔහුගේ වියදමින්, බොහෝවිට ඔහුගේ ශබ්ධාගාරයක් තුල ගැයෙන ගීතයක් අඩංගු තැටිය පටිය හෝ Master Tape එක; එයම හෝ එයින් උදෘතයක්, උපුටනයක්, කොපියක්; මුල් නිශ්පාදකයාට නොදන්වා අන් අයෙකු අතට පත් කිරීම, මුදළට විකිණීම වංචාවක් වන බැවිනි. 

ලෝකයේ ඕනෑම "කුපාඩිකමක්" යම් තාක් දුරකට සාධාරණීයකරණීය හැකි ක්‍රම වේ. උදාහරණයක් ලෙස රොබින් හුඩ්, සර්දියෙල් පිළිබඳව සමාජ ගත වී ඇති ආකාරය මතක් කර බලන්න. 

මෙම "කුප්‍රකට" ගනුදෙනුවෙන් තමා ලත් මුදල්; එම ගීතය ජනගත කිරීමට උර දුන් ගායකයා හෝ ගායිකාව සමග බෙදා හදාගෙන කෑවේ නම් එම "කුප්‍රකට" භාවයට කිසියම් හෝ තරමකට සුදු හුණු ගා ගැණීමට හැකියාවක් තිබුනි. එහෙත් සිදුවූයේ එසේ නොවේය. 

ඔවුන් එසේ විකුණා දැමූවේ මොනයම් ලෙසකින් හෝ ඔවුනට අයත් ගීත පමණක්මද?

එය එසේ වූවද පෙර මා පැවසූ ලෙසට එසේ සිදු කිරීමට ඔවුනට අයිතියක් වේද?

ඒ පළමු කොටසය.

අපගේ ආදරණීය බ්ලොග් පාඨක, රචක, ලේඛක යන තිදෙන ප්‍රශ්ණ කර ඇත්තේ මෙම පළමු කොටස පිළිබඳව නොවේ. දෙවන කොටස පිළිබඳවයි.

දැන් අපි Ushan W, Lotus සහ නිදි (නිමල් දිසානායක අපේ මිත්‍රයා) යන ත්‍රිත්වය; මවිසින් මීට දින කිහිපයකට පෙර;  "300. ගීතයේ අයිතිය කාගේද?"    යන මැයින් ලියන ලද පෝස්ටුවට ලියන ලද කමෙන්ටු පිළිබඳව; විමසිලිමත්ව එකින් එක බලමු!


Ushan W ට;

"මට තවම හිතෙන්නේ ගීතයක අයිතිය පද රචකයා සහ සංගීත නිර්මාණකරු ට හිමිවිය යුතුයි කියන එකයි. මේ කිසිම විටක ගායකයා අවතක්සේරු කරනවා නෙමෙයි. මේ කියන දේට මාත් එක්ක එකග නැති වෙයි ගොඩක් අය. ඒත් logically, ගායකයා කියන්නේ tool එකක්. පද රචකයා සහ සංගීත නිර්මාණකරු මේ tool එක හරහා එයාලගේ නිර්මාණය එලියට දානවා. ආයෙත් කියන්නම් මේ ගායකයා අවතක්සේරු කරනවා නෙමෙයි හොදේ. හරියට චෙෆ් කෙනෙක් එයාගේ රෙසපි එකකට cake එකක් හදලා oven එකෙන් bake කරනවා වගේ. cake එක රස වෙන්න oven එකේ condition කොච්චර වැදගත් උනත් චෙෆ්ට තමයි cake එකේ අයිතිය."

ඔහුගේ තර්කය හා අදහස වන්නේ ගී පද රචකයා ලියන ගීතයක් (හෝ වෙනත් පද්‍ය නිර්මාණයක්) සංගීතඥයා විසින් තනුවක් යොදා සංගීතවත් කොට නිපදවන, නිර්මාණය කරණු ලබන ගීතය තුල ගායකයා යනු හුදෙක් එළිදැක්වීම සඳහා උපයෝගී කරගනු ලබන මෙවළමක් පමණක් බවයි!

මා මගේ එම පෝස්ටුවේ කී පරිදිම එකම ගීතයක් වෙනත් ගායකයින් දෙදෙනෙකු විසින් ගයන විට එයට ඇතිවන (හෝ නැතිවන ) ශ්‍රාවක ජනප්‍රියතාවයට  හේතුව කුමක්ද?

මා එහිදී ප්‍රියා විසින් ගායනා කල "සරතැස නිවා . . " ගීතය උදාහරණයට ගෙන ඇත.

එකම පද මාලවක්, එකම තනුවක් වෙනත් ගායකයින් දෙදෙනෙකු විසින් ගායනා කරද්දී දැනෙන වෙනස ඇතිවන්නේ කෙසේද?

මේ දිනවල මුහුනු පොතේ චන්දන ලියනාරච්චි පිළිබඳව බොහෝ බොහෝ පෝස්ටු ලියැවේ.

ඉන් පෝස්ටු කිහිපයක ගායකයින් හට යෝජනවක් (සොඳුරු අනතුරු හැඟවීමක්) කර ඇත.

"චන්දනට ඔබේ ගීත කියන්නට දෙන්න එපා! එය ඔහු ඔහුගේ කර ගන්නවා. ඊට පසුව අපිට අහන්න හිතෙන්නේ එම ගීතය චන්දනගෙ වර්ශන් එකෙන්!"

මොකක්ද මින් කියැවෙන්නේ?

පෙර වෙනත් ගායකයෙකු ගැයූ ගීතයක් චන්දන ගයද්දී  චන්දන විසින් එය "චන්දන ලියනාරච්චිකරණය" කරණු බවයි.

ඔහුගේ ඉතා ලයාන්විත හෘදයාංගම වූ සිහින් ස්වරය හදවතේ ගැඹුරුම තැන පැළපදියම් වන බවයි.

එකම ගීතයක් මෙසේ වෙනස් වන්නේ කෙසේද?

මේ ප්‍රාථිහාර්ය බේකරියක පෝරණුවකට සම කිරීම කෙතරම් සාධාරණද? 

"කේක් එකක් අයිති එය හදන අරක්කැමියාට මිසක පෝරණුවට නොවේ " යන්න ඔහුගේ ටැග් ලයින් එක වී ඇත. 

මෙහිදී මා දකින්නේ අරක්කැමියා හට අමුද්‍රව්‍ය සපයන; උදාහරණයක් ලෙස පිටි, බිත්තර, වතුර, සීනි, ලුනු, බටර් සපයන්නන් මෙතැන සිටින්නේ කොතැනද? ඔවුන්ටද අයිතියක් තිබේද නැද්ද? මෙතනින් අපි බිත්තර කියන සාධකය ගෙන බැලුව හොත් කේක් එකෙන් යම් කොටසක් කිකිළියටද අයිති විය යුතුය.

එය බේකරියේ පෝරණුවට හෝ පෝරණු හිමියාට වඩා වැඩි අයිතියක් විය යුතු යැයි මා යෝජණා කරමි!

මෙතැන චන්දන ලියනාරච්චි කියන සාධකය මා උදාහරණයට ගන්නම්.

ඔහු ජාතික තරුණ සේවා සභාව මගින් නිමැවුනු ගායකයෙකි. 

අනූව දශකයේ එයට ඇතුළුවී විශාරද නිමල් ගම්හේවා ඇදුරිඳු යටතේ ශිල්ප හදාරා ඩිප්ලෝමා ලාභියෙකු ලෙස ඉන් ඉවතට එන චන්දන ඉන් පසුව විශරද කඩඉම පසුකරයි.

මේ නයින් ගත් කල දශක තිහකට ආසන්න කාලයක් ඔහු ගායනය පුරුදු පුහුණුවී ඇත!

ඔහු අද සුගායනය කරණ්නේ නො එසේනම් වෙනත් සංගීතඥයෙකුගේ Tool එකක් නැතිනම් බේකරියක පෝරණුවක් වී ඇත්තේ එසේ අවුරුදු 30ක නො එසේනම් දශක තුනකට ආසන්න කාලයක් කල අකණ්ඩ කැපවීම කරණ කොට ගෙනය!

සේකර නම් ප්‍රථිභාපූර්ණ කවි ලියන්නා නො එසේනම් පද්‍ය රචකයා ගී පද රචකයෙකු වන්නේ අමරදේව නම් රන් ස්වරය හරහාය.

සෝමදාස ඇල්විටිගල "සිනිදු සුදු මුදු තලාවේ" ගීතය බිහි කරණ්නේ අමරදේවයන්ගේ රන් ස්වරය හරහාය.

ඔබගේ "අරක්කැමියා, කේක් සහ පෝරණුව" ටැග් ලයින් එකට හෝ උදාහරණයට අනුව ඔහුට පිටි මෝලියක් නැතිනම් Dough එකක් අනා තබා ගත හැක! 

පිළුණු වෙනවාට ශීතකරණයක බහා තබා ගත හැක.

එහෙත් එය කේක් එකක් නොවේ!

ඔහු දශකයක් තබා ගත්තද එයට පිටි ගුලියක් යැයි කීවාට කේක් එකක් කියන කෙනෙක් හොයා ගන්නට නොහැක.

එය කේක් එකක් බවට පත් වන්නේ පෝරණුවක් තුලින්ම පමණි. 

මිනිසුන් දහසක් එක් වී ගොඩ නැගිල්ලක් නිපැදවූවද එය පසන් නිවසක් කරණ්නට හැක්කේ තරුණියකට / ගැහැණියකට / බිරිඳකට / මවකට පමණ වනවාක් මෙන්ම කිසිවෙකුට කිසි දිනෙක අලෙවි කර ගැනීමට නොහැකි පිටි ගුලිය කේක් එකක් බවට පරිවර්ථනය කිරීමේ හාස්කම ඇත්තේ පෝරණුවේ හෝ බක්කරේ  සතුවය.

පිටි අනන්නන් මේ දිනවල පවසන්නේ අපිට පිටි අනන්න පුළුවන්නන්ම් අපිට අපි කැමති පෝරණුවකින් එය කේක් එකක් බවට පත් කර ගත හැකි බවය!

මින් ගම්‍ය වන; ඔවුනට නොතේරෙණ සත්‍ය කුමක්ද?

මොන විදියකින් පිටි ඇණුවත් එය කේක් එකක් කර ගැණීමට කිසියම් හෝ පෝරණුවක නැතහොත් බක්කරේ කෙනෙකුගේ සහය අවශ්‍ය බවයි.

"හරි අපිම පෝරණුවක් හදලා අපිම පුච්ච ගන්නවා!" ඔවුන් පොර ටෝක් දෙයි.

අපිට කියන්න ඇත්තේ "හරි බං ඉතිං අපි එපා කිව්වද? එතකොට උඹ බක්කරේ වෙලා ඉවරයිනේ!' එතකොට ඒ ක්‍රෙඩිට් එක අයිති උඹට! කියාය.

කිසිදු කලා කටයුතු දෙකක් අතුරින් එක් කලාවක් අනෙක අභිබවා යනවායැයි කීමට නොහැක.

උදාහරණයක් ලෙස චිත්‍රසේනට වඩා අමරදේව හෝ ඊටත් වඩා ජෝජ් කීට් දක්ෂයි හෝ සියල්ලටම වඩා ලෙස්ටර් හෝ ජෝ අබේවික්‍රම නැතිනම් රවිශංකර් ඉදිරියේ සිටිනවා යැයි අපට කිව හැකිද?

"මින් එක් අයෙක් අනෙකාට වඩා ජාත්යන්තර පිළිගැනීමක් ඇත!" නැතිනම් "එක් අයෙක් වඩා ජනතා ප්‍රසාදය දිනාගෙන ඇත්තේ අනෙකාය!" යනුවෙන් අදහස් දැක්වූවාට; මින් එක් අයෙකුගේ කලා කටයුත්තට වඩා අනෙකාගේ කලා කටයුත්ත හෝ දක්ෂතාවය ඉදිරියෙන් යැයි කිව හැකිද?

මෙය තුන් ඈඳුතු නිර්මාණ කාර්‍යයක් විනා එක් අයෙකුගේ බූදලයක් නොවේ. එහි අයිතිය තිදෙනා අතරම බෙදී යා යුතුය. 

සේකර සේම, සෝමදාස ඇල්විටිගලත් එසේම අමරදේවත්; "සිනිදු සුදුමුදු තලාවේ . . . " හි සම අයිතිකරුවන් ය! ඉන් තිදෙනාම දැණට ජීවතුන් අතර නැති වුවද එම නිර්මාණය අසන, ඇසෙන සෑම මොහොතකම හිතට දැනෙන අතිශය සුන්දර හැඟීම වෙනුවෙන් අප එම තිදෙනාටම ස්තූති වන්ත විය යුතුය!

තිදෙනාගේම නිර්මාණ දායකත්වය එම මට සිළිටු නිර්මාණය සඳහා එකසේ උරදී ඇත.

එය සේකරගේ නෑදෑයෙකුට හෝ සෝමදාස ඇල්විටිගලගේ පැවතෙන්නෙකුට හෝ අමරදේවගේ පුතෙකුට හෝ දුවෙකුට; රුපියල් වලට "බක්කරේ" කෙනෙකුට හෝ "බක්කෙකුට" විකිණිය නොහැක.

ඒවා සදතන කලා කෘථීන් ය!

ඒවා රැකුනේ ඒවායේ පරම අයිතිය එකළ අභියෝගයට ලක්නොවුණු නිසාමය!

මෙය හරියට; අදටත් ගම් වල කොස් ගස් රැකෙන්නේ ඉඩම් නඩු නො එසේ නම් නොබෙදූ ඉඩම් නිසම මෙනි! මෙය කමැති උනත් අකමැති උනත් අප පිළිගත යුතු සත්‍යයකි!


Lotus මහතා / මහත්මිය වෙතට;

සමන්ත පෙරේරාගේ Podcast එකද මාගේ ලිපියට එක් කලානම් මගේ පෝස්ටුව වඩාත් සමබර වෙන බව ඔබ යෝජණා කරයි. මම එයට අනිවාර්‍යයෙන්ම එකඟ වෙමි. මෙයට රෝහණ වීරසිංහගේ අදහසද එක් කලේ නම් එය තවත් සමබර වීමට සහ සාර්ථක වීමට ඉඩ තිබුනි. 

සත්තකින්ම සමන්ත පෙරේරාගේ අදහස් දැක්වීමක් පිළිබඳව මා එදින වන විට දැන නොසිටියෙමි.

රෝහණ වීර සිංහගේ අදහස් මෙයට එක් නොකලේ ඒ පිළිබඳව යම්තාක් දුරකට අදහසක් ගොඩ නගා ගැනීමට ජගත්ගේ Podcast එක හරහා ඉඩ ලැබෙනා බැවිනි.

ඔබ ඒ ගැන සඳහන් කොට ඇති නිසාම මම එයද පසුගියදා නැරඹූවෙමි. ආරම්භයේදීම ඔහු ගීතය අයිතිය හිමි වියයුත්තේ එහි නිර්මාණකරුවන්ට යැයි සෘජුවම කියයි.

ඔහු පවසන්නේ ගීතයේ ප්‍රසාංගික අයිතිය Performing Riots පමණක් ගායකයාට හෝ ගායිකාවට හිමිවන බවය. ඒ නිසාම ගීතය සම්බන්ධව කිසිදු මැදිහත්වීමක් හෝ වෙනස් කිරීමක් කරණ්නට ගායකයාට හෝ ගායිකාවට නොමැති බව ඔහු පවසයි.

එය එසේ නම් ඕස්ට්‍රේලියාවේදී දීපිකා ප්‍රියදර්ශණීට ප්‍රසංග වේදිකාවේ ගීත ගැයීමට වාරණයක් පැනවුනේ ඇයි?

ඇයගේ ගීත වල තනු සකසා තිබුනු සංගීතඥයාගේ පුතා විසින්; එම ගී ප්‍රසංග සංවිධානය කල අයට; නම් කරණ ලද ගීත 10ක් ගයන්නේ නම් එක් ගීතයක් සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් 1000 ක මුදලක් තමා වෙත ගෙවිය යුතු බවත් එසේ නොවන්නේනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ යැයි තර්ජනය කරණ්නේත් ඇයි?

ඔහු බොහෝ තැණ් වල සඳහන් කරණ වැකියක් වේ. එනම් "ලෝක නීතිය" යන්නයි! මේ කොහේ ඇති නීතියක්ද? ඉන්දියාවේ පවා ජාත්යන්තර සම්මුතීන් වල සිටිනාතරතුර තම රටට ගැලපෙන ලෙසට එය වෙනස් කිරීමකට භාජනය කර ඇති බව එම සාකච්ඡාව මෙහෙයවූ දෙදෙනාගෙන් එක් අයෙක් පැවසීය.

සමන්ත අතින් එක් වරක් කියැවෙන්නේ ඔහු විසින් ගායනා කල "සුවඳයි . . . . . මල් සුවඳසේ . . . " ගීතය වෙනත් ගායකයෙකු විසින් ගායනා කරණු ලබන බව ඔහු දැණ ගෙන නොසිටි බවය. එය ඔහුට දැනුනු ආකාරය ඔබම සවන් දී බලන්න!

"තමන් ගායනා කල ගීතයක් වෙන අයෙක් විසින් ගායනා කරණු ඇසීමම ගායකයෙකු හට කෙතරම් හිත රිදෙනවා ඇතිද?" මෙහෙයවන්නා අසයි. 

ඒවාට නිසි පිළිතුරක් නොලැබේ.

සමන්තගේ සාකච්ඡාව මුළ සිට නැවත ඔබට නරඹන මෙන් මම යෝජණා කරමි. ඔහුගේම ස්ථාවරය ඔහු වෙතින්ම බිඳී යන ආකාරයක් මාහට දැනුනි!

Intellectual Property  නීතිය ඔබ උපුටා දක්වයි. එසේම එහි facts වලට කථාකල යුතු බවත් ඔබ ප්‍රකාශ කරයි.  මෙහිදී ගායක ගායිකාවන් පවසන්නේ නීතිය සංශෝධනය වියයුතු බවයි. මෙම පවතින නීති රාමුවට අනුව ඔවුන් පමණක් නිර්මාපකයින් වන අතර ගායකයින් හුදෙක් බේකරි හෝ පෝරණු බවට පත්වේ.

ලංකාවේ නීතිය තුල වාහන දෙකක් එකක් පසු පස අනෙක ධාවනය වන විට; ඉදිරි පසින් ධාවනය කරණ්ණා මොන වරදක් හෝ වින කැඩීමක් කලත්; පසුපසින් ධාවනය කරණ්නා තම වාහනය ඉදිරි වාහනයේ නොගැටෙන්නට පරිස්සම් කර ගත යුතුය. කොටින්ම පිටිපස්සෙන් හැප්පුනු එකා වැරදිය! ඔබ මෙරට වාහනයක් ධාවනය කරණ වාඅනම් විශේෂයෙන්ම අධික රථවාහන තදබදය පවතින විට ඉදිරිපසින් ධාවනය කරණ විශේෂයෙන් පුද්ගලික බස් රථ, ත්‍රීවීල්, මෝටර් සයිකල නොමැරී බේරෙන්නේ අපේ ඉවසිළිමත්බව භාවය නිසා වන බව තේරුම් යනවා ඇත. 

නීතිය පැවතියාට එය සියළු අවස්ථාවකදීම ස්ත්‍යය වන්නේ නැත. කොල්වින් තම සේවා දායකයාව "ගොයම් කොලෙන්" මුවා කර ගත්තේ නීතිය තුලය! සතාසිවම් නඩුවේදී මිනී මරුවන් ලෙස "වංගෙඩිය සහ මෝල් ගහ" ඉදිරිපත් වන්නේ නීතිය තුලය! 

එහෙත් නීතිය යාවත්කාලීන විය යුතුය.

මෑතක් වන තුරු (තවමත් පවතීදැයි මා නොදනී!) ගෙදරක තබා ගත හැකි තේ කොළ  රාත්තල් ගණනක් පිළිබඳව නීති පොතේ තිබුනි!

අප පවසන්නේ නීතිය යාවත්කාලීන විය යුතු බවයි!

ඔබ පසුව ලියන; 

"යම් දෙයක් ගැන කතා කරද්දි කතා කරන්න ඕනෙ facts. කෙනෙකුට ප්‍රසන්න පෙනුමක් තියෙන නිසා එයා කරන හැමදේම හරි කියලා කියනවනම්, තවත් කෙනෙකුගෙ දෙමව්පියො හොඳයි ඒ නිසා එයත් හොඳ වෙන්න ඕනෙ කියලා කියනවනම් එතන කතා කරන්නෙ facts නෙවෙයි, that's speculation. අපේ emotions අනුව අපි ගායකයෙකුට හෝ ගායිකාවකට කැමතියි කියලා අපිට නීතිය වෙනස් කරන්න බෑ."

ඡේදය පිළිබඳව නම් කණගාටුවෙමි. "කියන කෙනාගේ ප්‍රසන්න පෙනුමට . . . . . ." ආදී වශයෙන් පැවසීමට පිළිතුරු මා නොලියන්නේ එසේ ලිවීම මාහට තරම් නොවන නිසා නොව; මාගේ පාඨකයින්හට මා දක්වන ගරුත්වය කරණ කොට ගෙනය.

"ගීත අතලොස්සක් ලියූ රචකයෙක්" යනුවෙන් මා යම් තැනක සඳහන් කොට ඇත! ඔව් එක ගීතයක් රචනා කලත් ඔහු රචකයෙකුම වේ. මා මෙහිදී ඔහුව එසේ පවසන්නේ හුදෙක් අවඥාවකට නොව; හෙළයේ මහා ගාන්ධර්වයාවූ අමරදේවයන් විසින් ගායනා කල "ආරාධනා" ගීතය ප්‍රචලිත වීමට හෝ සාර්ථක වීමට හේතුව ලෙස ඔහු තනු නිර්මාපකයාව ඉස්මතු කරණ්නට යන හෙයින් ය! 

ගීතයේ වඩාත්ම සුවිශේෂී කාරණාව තනුව නම් එම ගිතය ගායනා කරණ්නට අමරදේව සොයා යන්නේ ඇයි? 

"සමන් ලෙනින්" ගයන "අම්බරුවෝ" ගීතයට මෙතනින් සවන් දෙන්න!

ඔබ හිතනවාද එය වෙනත් ඕනෑම ගායකයෙකුට ගැයිය හැකියැයි කියා? එයට ඔබේ උත්තරය "නෑ ඒක මම හිතන්නේ නෑ!" යන්න නම් එම ගීතයට සමන් ලෙනින් එකතු කරණ ඔහුගේ කොටස නිර්මාණශීලී එකක් නොවන්නේද? 

මෙවන් උදාහරණ නම් එමටය!

නිදීට පිළිතුරු :

සන්නස්ගලත්, රවී සිරිවර්ධනත් සියල්ලෝම පද රචකයින් වේ. ඔවුන්ගෙන් මේ පිළිබඳව අදහස් දැන ගැනීම "හොරාගෙ අම්මාගෙන් පේන ඇහිල්ලකි!" 

ඔවුන් කිසිදු දිනෙක තමාගේ වර්ගයාට පිටින් කට නො අරති. ඒක හරියට මොන වරද කලත් ඝනයන්, එකට එකතු වෙනවා සේය. පොලීසිය; පොලිස්කාරයාගේ පැථ්ත ගන්නවා සේය. පෙරකදෝරුවො එකට එකතුවෙනවා සේය.

"වැහි පබළු සැළී" ගීතයට ඔහු ලියා ඇත්තේ පිං තකාද? එයට ඔහු රුපියල් 10,000ක් අය කලානම් දැන් ඒ ගීතය ගැන ඔහු මොනවාද මේ කියවන්නේ?

මා දන්නා පරිදි "යෞවනයේ පොපියන චමත්කාරය - ක්‍රීම් සෝඩා" ටැග් ලයින් එක ලිව්වේද සන්නාය! විකිණෙන හැම ටොනික් බෝතලයකින්ම සන්නා කීයක් හරි ලැබෙනවාදැයි ඔබම අසා බලන්න. ලිව්වා ! සල්ලි ගත්තා!! එවා එච්චරය්!!!

එක් වරක් ගායකයෙකු පැවසූ පරිදි ගේ හදා ගත් පසුත් බාසුන්නැහැට ගෙවිය යුතුද? සමන්ත සහ රෝහණ දෙදෙනාම මේ "බාසුන්නැහැ" කථාව විවේචනය කරති. එහෙත් ඒ ආකාරයෙන් හැසිරේ.

තනු නිර්මාණය කරණ්නේ නිකංද? ඒ මුදල වැය කරණ්නේ කවුරුන්ද?

මීට දශක ගණනාවකට පෙර ශ්‍රීමතී තිලකරත්නගේ ස්වාමිපුරුෂයාට ප්‍රේම කීර්ති ගීත ලියූ පරිදිද දැන් ගීත ලියැවෙන්නේ?

ගීත රචනය හා තනු නිර්මාණය මේ වන විට ව්යාපාරයකි. එය තවදුරටත් කලාවක් නොව කර්මාණ්තයක්වී අවසන් ය!

ගීතය බිහිවීමේදී පද වලට (මේ පදද ඔහු ඔහුගේ අම්මා අප්පාගෙන් ඉගෙන ගත් ඒවා නොව සිංහල භාෂාවේ වදන් ය!)  ගෙවනවා නම් තනුවට (සප්තකය, රාග ඔහු සොයාගත් එකක් නොවේ!) ගෙවනවා නම් ඇ‍යි ගීතයේ අයිතිය ගායකයාට හෝ ගායිකාවට හිමි නොවිය යුත්තේ?

අප පවසන්නේ එයත් නොවේ! අයිතිය තිදෙනා අතරම බෙදී යායුතු බවයි!

ඔබ ගෘහ නිර්මාණ ශිල්පියෙකුට ගෙවා නිවසක් අන්දවා ගනී. එය කොන්ත්‍රාත් කරුවෙකුට හෝ බාස් කෙනෙකුට කියා ගේ නිමවා ගනී. ඉන් පසුව එම ගෙය කුළුයට දුන් පසු එයින් කොටසක් ඔබ මාස් පතා ඔවුන්ට දෙන්නට යනවාද?

මට කියන්නට ඇත්තේත් තුක් විතරක් කියාමය!


පසුව ලියමි! එකමත් එක රටක ගායක ගායිකා සංගමයක් තිබුනේය. එහි සභාපති වූයේ "ලොරෙන්සෝද අල්මේදා" ය. ඔහු පුරා වසර 4ක් සභාපතිත්වය ඉසුළුවේය. ඔහු තවත් වසරක් සිටියේය. ඔහුට 6 වන වසරටත් එහි ලැගීමට සිත්වුනු අතර ගායක ගායිකාව ඊට ලෙඩේ ඇද එළවා දැමූහ. 

ඔහු ඉන් ඉවත්ව ගොස් නිකං සිටියේ නැත. 

පද රචකයින්ගේ හා තනු නිර්මාපකයින්ගේ සංගමයක් ඇටවූවේය. ඉන් පසු තනු නිර්මාපකයින් හා පද රචකයින් ගායකයින්ට එදිරිව උසි ගැන්වීය!

මේ එකෝමත් එක රටකය! 

ඔබ කිසිවෙක් හිතනවාට වඩා මේක ආතල් ලෝකයක් ය! බොහොමයක් කලා කාරයෝ කලහ කාරයන් බව තේරුම් යන්නේ ඒවායේ අභ්‍යන්තරයට ගිය විටය.

මේ ගැණ තවත් අදහස් දැණ ගණීමට; ගායක ගායිකා සංගමයේ හිටපු සභාපති රොහාන් ද සිල්වාගේ මේ හඬට සවන් දී බලන්න.

Monday, March 23, 2026

301. තිස් අවුරුදු රථ මතක . . . . (17)

 තිස් අවුරුදු රථ මතක . . . .  (16) 


පෝස්ටුව එනම් මේ ලිපි පෙලේ අවසානයට ලියැවුනු ලිපියේ ඉසූසූ පැන්තරයක සාඩම්බර හිමිකාරයෙකුවූ ආකාරය හා සති ගණනක් ගෙවී ගිය තැන එය මට නොගැලපෙන බව පසක් වීම පිළිබඳව ලියා ඇත.

උප්පත්තියෙන්ම පසුපස රෝද මගින් (Rear Wheel Drive) පමණක් ධාවනය වන මෙම රථය තරමක විශාල එකක් වුවද එහි ඉදිරිපස රෝද සවිවී තිබුනේ ඉතා කුඩා ප්‍රමාණයේ Hub Bearing වලිනි. ඒවා කුඩා මෝටර් රථයකට සෑහෙන මුත් මෙවන් SUV රථයකට කෙලෙසවත් නොගැලපුනි.

මේ කාරණය කරණ කොටගෙන ඉදිරිපස Hub Bearing ඉතා කෙටි කාලයකින් නැවත නැවත් අළුතින් යෙදීමට සිදු විය.

මීට පෙර Toyota Landcruiser BJ40, Nissan Patrol 160, Toyota Hilux LN65 වැනි 4WD රථ පාවිච්චිකල මාහට මෙම පැන්තරය මගේ ජවාධික ගමනට තරම් නොවීය! 

සතොස ආයතනයෙන් මා වෙනුවෙන් මාගේ ආදරණීය මාමණ්ඩිය එම රථය රුපියල් දාසය ලක්ෂ පනස් දහසකට මිළදී ගත් අයුරුත් එය සති කිහිපයක් ඇවෑමෙන් රුපියල් දහ අට ලක්ෂයකට මිළවූ හැටිත් මම එම පෝස්ටුවේ ලියා ඇත.

අවසානයේ එය මවිසින් ඔහුගෙන් දහ අට ලක්ෂයකට මිළදී ගත් නමුදු එහි උපරිම වටිනාකම රුපියල් 17,50,000 ඉක්මවා නොයන බව මාහට ප්‍රථ්‍යක්ෂවී තිබුනි.

මාස කිහිපයක් මා එය පාවිච්චි කල අතර එක් බදදාවක පුවත් පත් දැණ්වීම් භාරගන්නා ස්ථානයකට ගොස් මා ලුහුඩු දැන්වීමක් පල කලේය.

"ඉසූසූ පැන්තර් රථය - ලක්ෂ 18යි" මේ එහි සැකවින් පලවූ ප්‍රවෘථියයි.

දිනය 2010 අප්‍රේල් 10 වනදාය.

ඉරිදා ලහි-පිටේ එය පලවිය. රථය තැබූයේ පන්නිපිටියේ මාගේ මාමණ්ඩියගේ නිවස ඉදිරියේය.

උදෑසන 7.00 පමණ වන විට පළමු ගැණුම් කරුවා ගේට්ටුවට තට්ටු කලේය.

සුදු කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසුණු තරුණයාගේ වමතේ කුඩා පුතෙකු එල්ලීගෙන පැමිණ සිටියේය. ඔහු සේවය කලේ පුද්ගලික බැංකුවක විය. වාහනය වටා ඇවිද පොඩි පරීක්ෂණ ධාවනයකද යෙදුනා වාගේ මට මතකය!

"17 කට දෙන්න" ඔහු එක වර පැවසීය. මා කලින් කීවාසේ මෙම වාහනයේ වටිනාකම 17.50 බව මා හොඳින් දනිමි. එහෙත්; මේවන විට මා මෙය වෙනුවෙන් ලක්ෂ 18ක් වියදම් කොට අවසානය.

"අන්තිම 17.50 කට දෙන්නම්. ඊට අඩුව බෑ!" මම පැවසූයෙමි.

"17 කට කරමු!" ඔහු තව දුරටත් දා හතේම  නැවතී සිටියේය. ඒ මොහොතේම තවත් ඇමතුමක් ආවේය. නිවස අසලට පැමිණි අයෙක් වාහනය ඇති තැන නිශ්චිතව දැන ගැනීමේ අරමුණින් එය ගෙන තිබුනි. වෑන් රථයකින් පැමිණි දෙවෙනියා; මමත් පළමු වැන්නාත් ඉදිරියේ පය තැබුවා පමණි; පළමු වැන්නා මා වෙත නැඹුරු විය.

"මේ අයියේ! හරි මම දාහත හමාරට ගන්නම්. මෙයාට දෙන්න එපා!"

මළ මගුලකි! මෙතනට පැමිණි අයව වාහනය විකුණුවා යැයි පැවසීමටද නොහැක.

"යමුද ට්‍රයල් එකක්!" දෙවැන්නා ඇසීය. යලිත් පළමු වැන්නා "අයියේ මම ගන්නවා කිව්වානේ! එයා එක්ක ට්‍රයල් යන්න වැඩක් නෑනේ!"

"හරි මම ඔයාට පොරොන්දු වෙන්නම්කො ඔයාට වාහනේ දෙනවා කියලා. ඔයා කලබල වෙන්නේ නැතුව ඉන්නකො!" මම ඔහුට පොරොන්දුවී දෙවැන්නා සමග වාහනයට නැග්ගේය. 

"කීයද අන්තිම?" දෙවැන්නා විමසීය.

"දහ අටයි!"

"දා හතයි හැත්තෑ පහට දෙන්න! දැන් ඇඩ්වාන්ස් එකක් දෙන්නම්!"

"බෑ දහ අටම තමයි" තවත් බොහෝ වාර ගානක් ඇවටිළි කලත් මම ලක්ෂ දහ අටේම හිටියේය. 

"ඔයා දා හතයි හැත්තෑ පහකට දෙන්න කැමති උනොත් මට කෝල් එකක් දෙන්නකෝ!" කියමින් ඔහු යන්නට ගියේය.

මම අත උඩ විසිපන් දහසක් පාඩුවට පෙරකී තරුණ තාත්තාටයි කුඩා පුතාටයි පැන්තරය ගෙනියන්නට දී බලා සිටියේය!

පැන්තරයෙන් මට; ගෙඩි රුපියල් පනස් දහසක් පාඩු සිදු විය. 

එහෙත් ඒ වාහනයට මා තුල වැඩෙමින් පැවති අකමැත්ත පනස් දහසකට වඩා බොහෝ විශාලය. ඒ නිසා එම පාඩුව මා කම්පණයට පත්කිරීමට සමත් වූයේ නැත.

එදින දහවල් මමත් ප්‍රභාත් මල්ලීත් එනම් බිරිඳගේ නංගීගේ ස්වාමිපුරුෂයාත් ගල්කිස්සට යන්නට පිටත් විය. ඒ නංගීට අළුත උපන් දරුවාට නමක් සමන්තීගේ තාත්තාගෙන් අසා දැනගෙන ලියාගෙන එන්නටය. 

සමන්තී යනු අරිසෙන් අහුබුදු පඬිතුමාගේ ආදරණීය දියනියයි. අනිත් එවුංට අපබ්‍රංස නම් දැම්මාට ඔහු සිය දියණියට යොදා තිබුනේ "සමන්ති" යන අන්තිම සර්ව සාධාරණ සාමාන්‍ය නමය.

ප්‍රභාත් අහුබුදුගේ නිවසට ගිය අල්ල පනල්ලේ මා ඉදිරිපස කනප්පුව මත තටු අකුලා  තිබුනු "සිළුමිණ" අරගෙන පෙරළා ලුහුඩු දඇන්වීම් තීරය බැළුවේය.

තදියමේ පැන්තරය විකුණුවා වගේ නොවේය. තව දවස් තුන හතරකින් සිංහල හිංදු අළුත් අවුරුද්දය. අවුරුද්දට නෑ ගම් හෝ ඕනෑ ගම් යන්නට හෝ වාහනයක් තිබිය යුතුම විය. එහෙයින් මේ දින දෙක තුන අතර අළුතින් වාහනයක් ගන්නටම ඕනෑය.

"ටොයෝටා හයිලක්ස් 106 කැබ් රථය. අනර්ඝ තත්වය. . . . . " මම එම තැන පහත දක්වා තිබුනු නොම්මරයට ඇමතුමක් ගත්තේය!

"ඔව් කැබ් එක තියෙනවා! 16 යි. ඇවිත් බලන්නකො . . . . . . " ඔහු වාහනය පිළිබඳව විස්තර නොකියාම දූරකථනය විසන්ධි කලේය. ප්‍රභාත්; තම අළුත උපන් දරුවාට නමක්ද රැගෙන  එළියට ආවේය. 

හැකි ඉක්මණින් පන්නිපිටියට ගිය මා; බිරිඳ සමග ගොතටුව කොහිළවත්ත පාර බලා පිටත් විය. එතැනට ගියේ ත්‍රී වීලරයකින් විය යුතුය. අප එතැනට යන විට නිවසේ ගේට්ටුව ඇර දමා තිබුනි. නිවස සහ එහි මිදුල පිහිටා තිබුනේ  ඉදිරි පස මාර්ගයට තරමක් උස් බිමකය. නිවස ඉදිරිපස මිදුල මුළුමණින්ම ඉන්ටර්ලොක් ගල් අල්ලා පිරිසිදුව තිබුනි.

පසෙකින් නිවස විය.

මිදුලේ කළු පැහැති ටොයෝටා 106 ඩබල් කැබ් රථයද ඊට පිටුපසින් නිසාන් D21 ඩබල් කැබ් රථයක්ද නවතා තිබුනි. 

මෙම  දෙකම නවතා තිබුනේ ගේට්ටුවෙන් ඇතුළු වෙන අයෙකුට ඒවායේ දකුණු පසබඳ සහ මූනත පෙනෙන්නට විකර්ණව නෝසේනම් ආනතව.

ටොයෝටා 106 රථයේ ඉදිරිපස ආර්මඩිල්ලො වින්ච් බෆර් එකක් සවිකොට එයට ගරු ගාම්භීර බවක් එක් කොට තිබුනි. D21 රථය දෙස බැලුවේම නැත. වාහනය නවතා තිබුනු ආකාරයෙන්ම එහි ත්‍රිමාන හැඩය හොඳින් කැපී පෙණුනි.

මම බිරිඳ දෙසට නැඹුරු විය.

"මම මේක ගන්නවා . . . !"

නිවසේ සීනුව නාද කලේය. දොර ඇර්‍අ අපව ගේතුලට කැඳවූයේ මට වඩා වයසින් වසර තුනක් පමණ වන අයෙකි. ඔහුගේ මුහුණ පුරා රැවුළක් වැවී තිබුනි. කොට කලිසමක් හා ටී ෂර්ටයක් ඇඳ සිටියේය. ඉතා කුළු පග සිනාවක් ඔහුගේ මුහුණේ ඇඳී තිබුනි.

"එන්න!"

"ස්තූතියි! මම වාහනේ ගන්නවා කීයද අන්තිම දෙන්නේ?" මම ගහෙන් ගෙඩි එන්නක් සේ ඔහුගෙන් ඇසීය.

"හරි! හරි ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම ගිහින් එන්නකෝ!" ඔහු සිනහ මුසු මුහුණෙන්ම පැවසීඅය!

"නෑ අයියේ වාහනේ චැසිය කැඩිලා නැත්නම්, චැසි නොම්මරේ හරිනම්, පොත් පත් ජෙනුයින් නම් මම වාහනේ ගන්නවා !" මම එකම් ස්ථාවරයේ සිටියේය.

"මෙකයි මම ඉන්නේ ජපානේ . . . " ආදී වශයෙන් ඔහු තම කථාව කියාගෙන යන්නට විය.

"ජපානෙ . . . ? එතකොට ජගත් රාමනායකව දන්නවාද ?" මම ඔහුගෙන් විමසීය.

"ඔව් මොකද නොදන්නේ අපේ ඉස්කෝලෙනේ . .!"

"අම්මට සිරි එයා මගේ ක්ලාස් මේට් . . !

"මගුලයි! උබ දැන් මේක කීයටද ඉල්ලන්නේ ? ඉස්කෝලෙ එකෙකුට බිස්නස් කරණ්න බෑනේ . .!"

"14 කට දෙන්නකෝ අයියේ . . !"

"මේ බලහං කො! මම මේක ගත්තේ නෙල්නා ෆාර්ම් එකෙන්. මෙන්න ගත්තු රිසිට් එක 14 1/2 කට මම මේක මාස හතරකට ඉස්සෙල්ලා ගෙනාවේ. මx කොහොමද උඹට 16 ට දෙන්නේ . . ?"

"එහෙනං 14 1/2 ටම දෙන්න . . . !" මම සිනහ මුසුව පැවසීමි.

"හරි එහෙනං උඹ අරං පලයං . . ! කෝකටත් ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහින්ම වරේං . . . !"

"ඔන්නෑ අයියේ. ඔයා වාහනේ හොඳයි කියනවා නං මට ඒ ඇති!"

"ඕකෙ පොඩි ඩීසල් බ්ලොක් එකක් තියෙනවා පැදලා බලහං කෝ!"

මුදල්ගෙවා කුවිතාන්සි අත්සන් කරගෙන වාහනය රැගෙන එළියට බහින්නට මට ඕනෑ උනත් ඔහුගේ පෙරැත්තයට පොඩි ටෙස්ට් ඩ්‍රයිව් එකක යෙදුනෙමි.

වාහනය මීටර 500 ක් පමන යන විට නැවතුනි! ආයෙමත් පණ ගැන්වූ විට තවත් කිලෝ මීටරයක් පමණ ගොස් නැවතුනි. කෙසේ හෝ වාහනය තිබුණු තැනට ගෙනැවිත් මුදල් ගෙවා වාහනය අරගෙන පිටත් උනෙමු.

එදින රාත්‍රියේ අප සිටියේ පන්නිපිටියේ මහ ගෙදරය. පසුදින උදෑසන මාමණ්ඩිය සමග හෝමාගමට ඔහුගේ අවශ්‍යතාවයකට ගියෙමි. වාහනය බොහෝ විට මග හිටියි. ආපසු එන ගමනේදී ගලවිළවත්තේ හිමි එන්ටර්ප්‍රයිසස් එකට ගොඩ වැදුනෙමි.

එහි අයිති කරු මාගේ පාසල් මිත්‍රයෙකු වන වසන්ත පෙරේරායි. 

"මොකද මචං . . ?"

"පොඩි සීන් එකක් ! මට වැඩිඅය දුවල නැති ඩීසල් ෆිල්ටරේකුයි ෆිල්ටර් හෙඩ් එකකුයි දියං කො . . !"

විනාඩි ගණනකින් කොටස් ටික ලැබුණි. 

"කීයද මේකට . . ?"

"පිස්සුද බං . . ?"

වාහනය පන්නිපිටියේ දුම්රිය හරස් පාර පහුකොට කිලෝ මීටරයක් යන විට නැවතුනි. කෙතරම් උත්සාහ කලද එය නැවත පණ ගැන්වීමට නොහැකිවිය. මාමණ්ඩියව ත්‍රී වීලරයක ගෙදාට යවා මහ පාරේ සිටම ෆිල්ටරය;  ෆිල්ටර් හෙඩ් එකෙන්ම ගලවා වසන්තගේ කොටස සවි කලෙමි. 

"දහ දොලොස් වතාවක් අත් පොම්පය ක්‍රියාත්මක කොට එන්ජිම පණ ගැන්වීය! එකෙන්ම ස්ටර්ට් විය! එසේම එම රෝගය නිට්ටාවටම සුව විය!

එතැන් පටන් වසර ගණනාවක් 56 - 1086 අපට මහත්වූ සේවයක් සැලසීය. එය අතරමගක නැවතුනේ එකම එක් වරක් පමණි. ඒ එක් නත්තලක දෙද්දූව යන විටෙක කැස්බෑව - වාඩියමංකඩ අතරදීය. ඒ ඉදිරිපස නකල් රේසරයක් කැඩී යාම නිසාය. එදින නත්තල් දිනය වූවත් වාහනය නැවත්වුනු තැනට ඉහලින් කන්ද මුදුනක සිටි බාස් වරයෙකු නැතිනම් මිකැනික් මහත්තයෙකු වැඩේ නිවැරදි කර දුන්නේය. එහිදී පුදුම සහගත දේ වූයේ ඔහු අත එම සුවිශේෂී බෙයාරිං දෙකක් (30303) ඔහු වෙත තිබීම හා ඔහු කිසිදු මුදලක් බෙයාරිං වලට හෝ සේවාවට අය නොකිරීමය! බෙයාරිං එකේ නොම්මරේ කට පාඩම්ය - 30303!


1, 2 - නකල් රේසර් / නකල් බෙයාරිං (යට සහ උඩ )
3    - රිම් එක
4    - ඉදිරි පස ඇක්සලයේ  ජොයින්ට් එක
5    - ඉදිරිපස ඇක්සල් ටියුබය
6    - ඉදිරි හබ් එකට සම්බන්ධ වන ගෲ
7    - බ්‍රේක් ඩිස්ක් කැලිපරය


ඇක්සල් ටියුබය සහ නකල් රේසරය.

එම බෙයාරිං යුගලය ඔහු විසිනීට දින කිහිපයකට පෙර වෙනත් වාහනයකින් ගලවා ඉවත් කල එහෙත් මෙවැනි අවස්ථාවකදී පිළියමක් ලෙස යොදා ගත හැකි මට්ටමේ තිබුනු එකකි.

4WD වාහනයක ඉදිරි පස රෝද කැරකෙන්නේ උඩ යට බෝල් ජොයින්ට් මත හෝ මෙම නකල් රේසර මතය.

ඉදිරිපස ඇත්තේ  නම් ඒවා බෝල් ජොයින්ට් සමගද ඉදිරි පස ඇත්තේ දෘඨ ඇක්සල Rigid Axel)  නම් නකල් රේසර් මතද හැරවීම සිදුවේ.

ඉදිරිපසට රිජිඩ් ඇක්සල් සමග නිපදවුනු අවසාන ටොයෝටා ඩබල් කැබ් රථය වන්නේ LN106 රථයයි.

Off Road සඳහා බොහෝවිට භාවිතා කරණු ලබන්නේ ඉදිරිපස රිජිඩ් ඇක්සල් සහිත වාහනය.



106 රථයෙන් බොහෝ ගමන් බිමන් චාරිකා අප ගියෙමු. ඉන් අමතක නොවන ගමන වන්නේ කුච්චවේලි පොලීසිය පසුපස ඇති වෙරළේ කඳවුරු බැන්ද ගමනය. 
ඒවන විට වාහනයට Warn 8274 වින්ච් එකක් සවිකොට තිබුනි. Warn 8274 යනු වින්ච් ලොව රජ්ජුරුවෝ කීවොත් එය බොහෝ දෙනා පිළිගන්නවා ඇති.  
මෙහි 8 යන්නෙන් රාත්තල් 8000 ක් එනම් ටොන් 4ක් යන්නත් 2 ඉලක්කමෙන් දෙපසටම ධාවනය කල හැකි බවත් 74 යන්නෙන්; ප්‍රථමයෙන් නිපදවූ වසරත් සංකේතාත්මක කරයි. මෙම වින්චිය බරින් කිලෝ 50 කි!

WARN 8274


කුච්චවේලි පොලීසිය පිටුපස පුරාවිද්‍යා සංරක්ෂණ භූමියකි. එය තපස්සු බල්ලුක වෙළෙඳ දෙබෑයන් පය ගැසූ ස්ථානය ලෙස සැලකේ.
ඒ අසල විශාල පළලකින් යුතුවූ වෙරළකි. එහි එක් පසක සයිප්‍රස් ගස් ය. පොදුවේ සයිප්‍රස් ගස් කීවාට ඒවායේ විවිධ විශේෂ දක්නට ලැබේ වන විද්‍යාවේ මෙම ගස හැඳින්වෙන්නේ කැෂුවරිනා යන නමිනි. ඒවා කැශුවරිනා ඩෙග්ලුප්ටා, කැෂුවරිනා කැමල්ඩියුලෙන්සිස් වැනි වෙනත් වෙනත් වර්ග වලින් යුක්තය. පොදු ව්‍යවහාරයේ මේවා නත්තල් ගස් හෝ කස ගස් වේ!
ලංකාවේ උතුරු, නැගෙණහිර හා ඊසාන දිග වෙරළේ තැනින් තැන කැෂුවරිනා ගස් දක්නට ලැබේ. ඒවා එම වෙරළේ සරුවට වැඩී ඇත. ඒවා මෙහි ව්‍යාප්ත කල කාලයක් හෝ පුද්ගලයෙකු ගැන මා බොහෝ විට සොයන්නට උත්සාහ කලද එය නිෂ්පල විය. උතුරේ මේ නමින්ම වෙරළක් වේ. එය නම් කැෂුවරිනා බීච් ය! 



ත්‍රිකුණාමළය නගරය

ගමන අතරමග දවල් කිස!

කුච්චවේලි පොලීසිය පිටුපස කඳවුරු බැඳ.



වෙරළේ දැඩි සුළං ප්‍රවාහයෙන් බේරීමට කූඩාරම ගැට ගසා තිබුනේ කැබ් රියේය.

ආපසු එන්නට හැරී!




Sunday, March 15, 2026

300. ගීතයේ අයිතිය කාගේද?


වරක්; මෙරට සංගීත ක්ෂේත්‍රයේ මිතුරන් තිදෙනෙක් යුරෝපයේ කරක් ගසමින් ස්විට්සර්ලන්තයට  ගියෝය. එහිදී ඔවුනට අහඹුවක් ලෙස සුවිශේෂී ලාංකීය සංගීත ලෝලියෙකු  මුණ ගැසුනේය. මේ කියන කාලයේ මෙරට පැවතියේ කැසට් යුගයේය.

එහිදී හමුවූ විදර්ශණ මුණසිංහ; අපගේ මිතුරන් අත CD තැටි කිහිපයක් තැබීය. මිතුරන් තිදෙන අතර සිටි නැගී එන තරුණ ගායකයා අත විශේෂ CD තැටියක් තැබුවේ "ඔයාගේ සිංදු දෙකකුත් මේකේ තියෙනවා . . . ! අහන්නකෝ . . !!" කියමින් ය.
ඔහුගේ එකතුවේ පණ්ඩිත් අමරදේව, මිල්ටන් මල්ලවාරච්චි, සනත් නන්දසිරි ආදී එකී මෙකී නොකී සියළුම ශ්‍රී ලාංකික ශිල්පීන්  රාශියකගේ ගීත ඇතුලත් CD තැටි තිබුනි.

"කොහෙන්ද මේ සිංදු . . .?" තිදෙනාගෙන් එක් අයෙකු විමසීය. මන්ද CD තැටි වලට මෙරට ගායන ශිල්පීන් ඒ වන විට ගීත ගයා නොතිබූ බැවින් ය!

"ආ ඒවා මම සල්ලි දීලා ගත්තේ. මේ අමරදේව මහත්තයාගේ සිංදු 10 ට මට ......... තරම් මුදලක් ගෙවන්න උනා!" ඔහු පවසන ලද ඉහළ මිළ ඇසූ විට තරුණ ශිල්පීන්ගේ ඇස් උඩ ඉන්දුනි. මෙරට කැසට් නිෂ්පාදකයෙකු හට ගීත ගයා කිසිදා එම මුදලින් අඩක් තබා හතරෙන් එකක් හෝ උපයා ගත නොහැකි බව ඔවුන් දැන සිටියහ.

"හරි! කාට සල්ලි දීලද මේවා ගත්තේ . . . ?"

"  . . . . . . . . . . . . . . . . . . . . . . . .  .  . . . . . . . . . . . . . !" 

(එකළ මෙරට තිබුනු අංක එකේම කැසට් නිශ්පාදකයා සමග සම්බන්ධව සිටි තමාට තමන්ම "ආදරණීය" යැයි කියා ගන්නාවූ නොම්මර එකේ තනු නිර්මාපකයාගේ නම සහ තවත් සුවිශේෂී පද රචකයෙකුගේ වෙත තමා මුදල් ලබාදී ප්‍රවීණයින්ගේ ගීත මිළදී ගත් බව ඔහු පැවසීය.)

කාරණය ඉතා පැහැදිලිය. කැසට් මුදළාලි වෙත මුදලට ගැයුණු ගීත වල මුල් ගී තැටිය හෝ පටිය ආයතනයේ සේවය කල "ආදරණීය" තනු නිර්මාපකයා සහ ගීත රචකයා; ශිල්පීන්ගේ අනුදැනුමකින් තොරව අත යට විකුණා ඇත!

ශිල්පීන් තිදෙන මෙරටට පැමිණි පසු ඔවුන් සහෝදර ශිල්පීන් ගෙන් සිද්ධිය ගැන විමසීය. ඔවුන්ට සල්ලි තබා බුලත් විටක් හෝ ලබා දීමට තරම්වත් කාරුණික නොවූ පෙරකී ඩබල කිසිදු හිරිකිතයකින් තොරව ගීත විකුණා දමා තිබුනි!

මේ සිද්ධිය මෙරට ශිල්පීන් අතරට ගෙන ගියේ මෙම තිදෙනා අතර සිටි වෙනත් අයෙකු විසින් වුවද  පෙරකී ඩබල වෛර බැඳ ගත්තේ එතැන සිටි අහිංසක ගායකයා සමගය.

මා පෙර කී තරුණ ගායකයාගේ පියා මෙරට සංගීත ක්ෂේත්‍රයේ සිටි සුපිරි ගුරුවරයෙක් විය. ඒ නිසාම තරුණ ගායකයා; ගායකයෙකු වීමට පෙර සංගීත ශිල්පියෙකු විය. ඔහුට ගිටාර්, වයලීන්, හාමෝනියම්, විදුලි ඕගන්, බට නලා ආදී බොහෝ සංගීත භාණ්ඩ හොඳින් වැයීමට හැකියාව තිබුනි. 

මේ නිසාම ඉතා ඉහල සංගීත ඥානයකින් හේ සන්නද්ධව සිටියේය. මේ නිසාම; ස්විට්සර්ලන්තයට අතයට ගීත විකුණූ ඩබලගෙන් එක් අයෙකුවූ "ආදරණීය" තනු නිර්මාපකයා; ස්වකීය සංගීත වැඩකටයුතු වලට ඔහුව; ඒ වනවිටත් වසර පහක පමණ කාලයක සිට; සම්බන්ධ කරගෙන සිටියේය. ඒ ඔහුගේ මෙලඩි (තනූ වල) සංගීත සැකැස්ම (Music Arrengement) සකසා ගැනීමටය. එය "ආදරණීය" තනු නිර්මාපකයාහට කිසිදා හැකියාවක් තිබුණු දෙයක් නොවීය.

සංගීතයේදී සංගීත සංයෝජනය / සකස් කිරීම (Music Arrengement) යනු දැනට පවතින නිර්මාණයක් වෙනත් ආකාරයකට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියයි.

මෙහි ප්‍රධාන අංග පහත දැක්වෙන පරිදි සැකවින් දැක්විය හැකිය.

වාද්‍ය භාණ්ඩ භාවිතය. (Instrumentation)
කුමණ සංගීත කොටස් කුමණ සංගීත භාන්ඩ හෝ ගායන ශිල්පීන් මගින් ඉදිරිපත් කරණ්ණේද යන්න තීරණය කිරීම.

ආකෘථි සහ ව්‍යූහය (Form & Structure)
ගීතයක කොටස් (ගීතයක ස්ථායි, අන්තරා, සමූහ ගායනා, ආදිය ) පෙළගස්වන ආකාරය හා ඒවායේ ප්‍රමාණය තීරණය කිරීම.

ස්වර සංකළනය (Harmony)
මූලික සවර රටා (Chords) තව දුරටත් අලංකාර කිරීම හෝ විවිධ සංගීත භාණ්ඩ අතර බෙදා දීම.

රිද්මය හා ශෛලිය (Rhythm & Style)
ගීතයේ හැඟීම වෙනස් කිරීම.(උදාහරණයක් ලෙස සෙමෙන් ගැයෙන ගීතයක් ජෑස් හෝ රෙගේ ශෛලියට හැරවීම/ වේගයෙන් ගැයෙන ගීත්යක රිද්මය අඩු කිරීම වැනි.  ගීතය 6/8ද, 4/4ද, 7/8 ද ආදී වශයෙන් රිද්ම  තීරණය කිරීම හා වෙනස් කිරිම. )

ස්ථර සහ ප්‍රභලතාවය (Texture & Dynamics)
සංගීතයේ මිශ්‍රණය සය ශබ්ධයේ අඩු වැඩිවීම් මගින් හැඟීම් ප්‍රකාශ වන ආකාරය පාලනය කිරීම.

මෙලඩිය (තනුව) යනු අප ගීතය සිවුරුවන් හඬින් (විසිල් කිරීමෙන්) වාදනය කරණ්නාවූ ස්වර රටාවය! 

ගීතයක් පටන් ගැනීමට පෙර වාදන කණ්ඩය (introduction) ස්ථායි කොටසත් අන්තරා කොටසත් අතර වැයෙනසංගීත කණ්ඩ - අන්තර් සංගීත කණ්ඩ එක හෝ දෙක (interlude) ඒ අතර ගීතය ගැයෙන විට එහි මෙලඩිය නැතිනම් ගීතයේ භාවය ඉස්මතු කෙරෙණ කවුන්ටර් පාර්ට්ස්, ඒ ඒ මෙලඩියේ විවිධ ස්ථාන වෙනුවෙන් වැයෙන සංගීත භාන්ඩ මේ සියල්ල සංයෝජනය කිරීම, පෙල ගැස්වීම, එකතු කිරීම නිර්මාණය කිරීම, Harmony, Tempo, Chords යෙදීම, සිදුවන්නේ සංගීත සකසන්නා හෙවත් Music Arranger   වෙතිනි.

"ආදරණීය" තනු තනන්නා රටේ නොම්මර එකේ තනු නිර්මාපකයා වන විට ඔහු පසු පස වසර 5 කට අධික කාලයක් ඔහුගේ නියනෙන් හැඩය ඉස්මතු කල දාරුමය කැටයම්, සුමට කොට සියුම් රේඛා මතු කොට ඇවැසි ඇවැසි දේ එක් කොට යම් යම් දේ ඉවත් කොට හැඩ ගැන්වූයේ තරුණ සංගීත ශිල්පියා විසින් විය. 
(ක්ලැරන්ස්ගෙ තනු; ඩික්සන් ගුණරත්න විසින් හැඩ වැඩ දමා ඔප මට්ටම් කලාටත් වඩා වැඩි යමක් තරුණ ශිල්පියා විසින්; "ආදරණීය" තනු නිර්මාපකයා වෙනුවෙන් ඉටු කලේය!)

කෙසේ වෙතත් මේ කාලය වනවිට; "ආදරණීය" තනු නිර්මාපකයා සිංහල සංගීත ක්ෂේත්‍රයේ පතාක යෝධයෙකු කෙසේ වෙතත් බූ වල්ලෙකු වී සිටියේය. 
මේ සමගම සිදුවූයේ තරුණ ගායකයා නොසිතූ කාරණයකි. එනම් ඔහුගේ  ගීත හතරක සංගීත අයිතිය තමන් සතු යැයි පවසා එම ගීතය ගායනය තහනම් කරමින්ද වන්දි ඉල්ලමින්ද;  නඩුවක් "ආදරණීය" විසින් පැනවීමයි.

වසර තුන හමාරකට ආසන්න  කාලයක් ඇසුණු නඩුවේ තීන්දුව ලැබුනේ තරුණ ගායකයාට ජයග්‍රහණය අත්කවමිනි.

වෘත්තීය ඊරිසියාව මත; පැමිණිලි කාර "ආදරණීය" පාර්ශ්වය විසින් මෙම චෝදනාව තරුණ සංගීතවේදියා වෙත  පනවන එකක් ලෙස ලේඛණ ගත විය!

නැවත වසර කිහිපයකට පසුව "ආදරණීය" විසින් තරුණ ගායකයාට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කොට තිබුනද එයද උසාවිය විසින් නිශ්ප්‍රභා කොට තිබුනි.
"ආදරණීය" ගේ භාෂාවෙන් පවසනවා නම් "උසාවිය නඩුව වීසිකොට!" තිබුණි.

(තමා පැමිණිල්ල වී සිටි නඩුවක් පහළ උසාවියේදී පැරදුණු පසු එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇපෑලක් ඉදිරිපත් කල විට උසාවිය එය "වීසි කිරීම " යනු තමන් විසින් ඉදිරිපත් කල පැමිණිල්ල දෙවරක්; අධිකරණය තුලදී ප්‍රථික්ෂේපවීම  බව "උගත්; ආදරණීය ආචාර්යවරයාට" තවමත් නොතේරෙණ බවක් පෙනේ.)

මේ අතීත කතාවය. අද වන විට නැවත ගීතයේ අයිතිය පිළිබඳව කථිකාවක් ඇතිවී ඇත. 

මෙම කථිකාවේ එසේ නැතිනම් සටනේ ප්‍රධාන පාර්ශ්ව දෙකකි. ඉන් එකකට මූලිකත්වය ලභාදෙන්නේ "ආදරණීය" විසින් වන අතර අනෙක් පසට නායකත්වය සපයන්නේ පෙරකී තරුණ සංගීත වේදියා විසින් වීම දෛවයේ සරදමකි.

තුන් ඈඳුතු නිර්මාණ කාර්යයක ප්‍රථිඵලයක් ලෙස එළි දකින ගීතය නම්වූ කලා නිර්මාණයේ සෘජු අයිතිය හිමිව ඇත්තේ සංගීත නිර්මාපකයා හා පද රචනා කල අය යන දෙදෙනා හට පමණි.

මේ නයින් ගත් කල;

ටී එම් ජයරත්නට අයිති කිසිදු ගීතයක් නොමැත.
එච් ආර් ජෝතිපාලට ගීත නැත.
ලතා වල්පොලට නැත.
ෆ්‍රෙඩී සිල්වාට 
මොහිදීන් බෙග්ට
නිරංජලා සරෝජනීට
ආදී කිසිවෙකුට අයත් එකදු ගීතයක් හෝ නොමැත.

මෙම ලැයිස්තුව ලියනවානම් ලංකාවේ ගායක ගායිකාවන් ගෙන් බොහොමයකට එකදු ගීතයක හෝ අයිතියක් නොමැත.

ගීතය ලියන්නේ භාෂාවේ වචන වලින් විනා ඔහු නිර්මාණය කරගත් මාධ්‍යයකින් නොවේ. එසේම තනු සකසන සප්තකයද මීට වසර ගණනාවකට පෙර නිර්මාණය කල එකක් විනා අමරදේව, නන්දසිරි, රෝහණ වීරසිංහ, එච් එම් ජයවර්ධන, නවරත්න ගමගේ හෝ වික්ටර් රත්නායක සොයා ගත් එකක් නොවේ. 

ගායකයාගේ කාර්යය මීට ඉඳුරාම වෙනස් ය.
ඔහු ගයන්නේ ඔහුගේ හුස්මෙනි. ඔහුගේ ස්වරාළයෙනි. ඔහුගේ වැර වෑයමෙණි. ඒ සඳහා ඔහුට සහජ හෝ පුහුණු පුරුදු කරගත් හැකියාවක් ඇත.
ගී පද වසර දහසක් පැවතුනද, තනුව හෝ මෙලඩිය තවත් වසර දහසක් පැවතුනත් ගායකයෙකුගේ ගායනය පවතින්නේ ඔහුගේ ජීවිත කාලයේ එක්තරා කාල පරිච්ඡේදයක් තුල පමණි.
අබේවර්ධන බාලසූරිය මිය ගියේ ගීත ගැයීමට තබා කතා කිරීමටවත් නොහැකිවය.
සංගීත ප්‍රසංග දස දහසකට ආසන්න ගණනක ගී ගැයූ වික්ටර් රත්නායක ගී ගයන්නේ නැත.
මෙවන් වූ උදාහරණ රාශියකි.

මෙහි වඩාත්ම ඛේදනීය තත්වය වන්නේ ගායකයෙකු හෝ ගායිකාවක විසින් ගායනා කොට ඇති එවන් විශිෂ්ඨ නිර්මාණ පසු කාලීනව වෙනත් අංකුර ගායක ගායිකාවන් වෙත; තනු නිර්මාපකයින් විසින් විකුණා දැමීමය. බොහෝ Cover Songs පසු පස ඇති පිළිකුල් සහගත  කතාව එයය.

සිංහල ගීතය මේ වන විට තනු නිර්මාපකයින්ගේ තනි භුක්තියට සවිකරගෙන අවසානය. ඒ නිසාම ඔවුන් එම ගීත කිසිදු සදාචාරත්මක බවකින් තොරව වෛශ්‍යා වෘථියේ යොදවයි. 
ගණිකා නිවාසයක පාලිකාවක; තමා භාරයේ සිටිනා තරුණියක; මුදළට එක් එක් අයට විකුණා දමන ලෙසින්ම ගීතය එතරම්ම වූ පහත් තැනකට දමා අවසන් ය.

මෙහි සුපිරිම අච්චුව වරක් මෙරට සිටින A ශ්‍රේණීයේ විශිෂ්ඨ ගායිකාවකට ලැබුනි. ඒ මෙරටදී නොව ඕස්ට්‍රේලියාවේදීය. මෙල්බර්න් නුවර සංගීත ප්‍රසංගයක ගීත 10ක් ගැයීමට ගිය ඇය ඊට සූදානම්ව ශාලාවේ සිටිනාතරතුර එහි සංවිධායකයින් හට ලැබුනේ දූරකථන ඇමතුමකි. ඒ එම ගීත දහයේම "ආදරණීය" තනු නිර්මාපකයාගේ තරුණ පුත්‍ර රත්නයගෙනි. "ඔයා කියන හැම සිංදුවකටම අපිට ඩොලර් 1000 ක් ඕනෑ! එහෙම නැති නම් අපි හෝල් එකට කතා කරලා ප්‍රසංගය පවත්වන්න දෙන්නේ නෑ!"

මේ තැනට මෙරට ගීත ක්ෂෙත්‍රය වැටී අවසන් ය. මෙහි ඇති හාස්‍යජනකම කරුණ වන්නේ පෙරකී ගීත; එකී ගායිකාවට; පෙරකී තනු නිර්මාපකයා විසින් පිං තකා කල ඒවා නොවීමය!

මේ වන විට මෙය දැවැන්ත ව්‍යාපාරයක් වී හමාරය. එසේම එය ඒකාධිකාරියක්වීද හමාරය. 
මෙම "ආදරණීය තනු නිර්මාපකයාගේ" පුත්‍රයාගේ මැදිහත්වීම මත (මාගේ දැනීමේ පරිදි ඕස්ට්‍රේලියාවේ / වැරදිනම් නිවැරදි කරණ්න ) ලියාපදිංචි කල සමාගමක් විසින් මෙරට ගැයුණු ගීත වලින් අති මහත් බහුතරයක සින්නක්කර අයිතිය ලභාගෙන හමාරය. 

ඉන් ගීත 7000ක් පමණ සෘජුව "ආදරණීය" විසින් තනුව සකසා අල්ලා ගත් ගීතයන් ය. තවත් සමහරක් ගීත පද රචකයින් හෝ ඔවුන්ගෙන් පැවත එන්නන්හට සොච්චම් මුදලක් ගෙවා අයිතිකරගත් ගීතය.
මේ නිසාම ගායකයින්හට තමන් ගැයූ ගීතයක් ගැයීමට යාමේදී අදාල කප්පම් මුදල පෙරකී මුදලාළිවෙත ලැබෙන්නට සැළැස්විය යුතුය.

කොහොමද "ආදරණීය" ගේ ආදරයේ තරම.

අපේ රටේ පවතින බුද්ධිමය දේපල පනත තුල ගීතයේ අයිතිය එසේ නැතිනම් කතෲ භාග අයිතිය පිළිබඳව නිර්නායකයන් සැපයෙන්නේ 1962 අත්සන් කල බර්න් වෙළෙඳ සම්මුතියට අනුකූලවය.

ඊට අදාලව ගත් කල ගීතයේ අයිතිය තනු රචකයාට හා පද රචකයාට හිමිවන අතර ගායකයාට හිමි වන්නේ ප්‍රසාංගික අයිතිය හෙවත් Performing Rights පමණි.

මෙරට අද වන විට මුල් ගායක ගායිකාවන් ගෙන් ඈත්ව පසුව ගයන ලද ගායක ගායිකාවන් හට සින්නවූ ගීත බොහොමයක් ඇත. නව සවර සංයෝජන, තරුණ හඬවල්, හා තරුණ ආකර්ශණය හේතු කොට ගෙන ඒවායේ මුල් ගායක ගායිකාවන් මේවන විට සමාජයට අමතකව යෑම පටන් ගෙන ඇත.

ඒ නිසාම එම ගීත ගැයීමට බොහෝවිට ආරාධනා ලැබෙන්නේ නවක ගායකයින්ට විනා මුල් ගායක ගායිකාවන්ට නොවේ.
එක් වරක්; ගීතයේ අයිතිය තනු නිර්මාපකයාට හා පද රචකයාට තිබිය යුතු බවට දීර්ඝ පෝස්ටුවක් මුහුණු පොතේ පල කල ගීත අත ලොස්සක රචකයෙක් එය සාධාරණය කිරීමට අපූරු තර්කයක් ගොඩනගා තිබුනි.

"ගීතයේ අයිතිය රචකයට හා සංගීතඥයට දෙන්න හේතුව මොකද්ද?
ගීතයක පරිකල්පනමය වැඩකොටස සිදු කරන්නේ ඔවුන් නිසා. එය බුද්ධිමය කාර්යයක්. ගායනය ශිල්පීය කුසලතාවක් මිස පරිකල්පනමය කාර්යයක් නොවේ. එක ගායකයෙකු ගැයූ ගීයක් වෙන කෙනෙකුට ඒ සවර සංගතියටම ගැයිය හැකියි. ඒත් ලියූ ගී පදත් ගී තනුවත් වෙනස් වෙන්නෙ නෑ. අන්සතු කරන්න බෑ. එකම ගීයේ ගායනය පරපුරෙන් පරපුරට යනව. උදාහරණ විදිහට "ආරාධනා" ගීතය අමරදේව ගැයූ පසු තව බොහෝ දෙනා ගායනා කළා. එහෙත් කුලරත්න ආරියවංශගේ පදත් රෝහණ වීරසිංහගේ තනුවත් එහෙමමය. එය බුද්ධිමය දේපළක් ලෙස ලොව පිළිගන්න එක හේතුවක් ඒක. ඒකෙ පරිකල්පන ශක්තිය තමයි බුද්ධිමය දෙපළ කියල පිළිගන්නෙ."

මේ ඔහුගේ දැනීමේ හැටියට ඔහුගේ අදහස් ය!

මේ අවස්ථාවේදී මීට කාලයකට පෙර මාගේ මිතුරු ආචාර්‍ය ෂානක රාජකරුණා විසින් පැවසූ කථාවක් මතක් විය. ඔහු එකල ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මිළදී ගැනීම් හා සැපයීම් දෙපාර්තමේන්තුවේ බලඝන නිළධරයෙකු ලෙස සේවය කලේය.
එකල ගුවන් හමුදාවේ සුනඛ සංචිතයට "බලු කෑම" ලබාදීමේ කොන්ත්‍රාත්තුව ගෙන තිබුනේ හැරී ජයවර්ධනගේ "ස්ටැසර්න්" ආයතනයෙන්ලු.
කාලයකට පසුව ගුවන් හමුදාව එම ටෙන්ඩරය වෙනත් ආයතනයකට ලබා දීමට පියවර ගෙන තිබුනු අතර සුනඛයන් හට වෙනත් ආහාර වට්ටෝරුවක් රස බැලීමේ අවස්ථාව ලැබුනේලු.
තම ආයතනයට මහත්වූ මුදල් සම්බාරයක් ගෙන ආ "බලු කෑම" ටෙන්ඩරය අහෝසි වීම පිළිබඳව කරුණු විමසා ගුවන් හමුදාවට "ස්ටැසර්න්" ආයතනයෙන් නොබෝ දිනකින්ම ලිපියක් ලැබුනේලු.
ඊට පිළිතුරු ලෙස; අලුත් බලු කෑම වල මිළ අඩු බව, වෙනත් වට්ටෝරුවකට මාරු කිරීමට තිබුනු අවශ්‍යතාවය වැනි කරුණු කිහිපයක් සහිත ලිපියක් ගුවන් හමුදාවෙන් ස්ටැසර්න් ආයතනය වෙතට යැවුනු අතර එහි අන්තිම කරුණ ලෙස දක්වා තිබුනේ "අලුත් ආහාර බල්ලන් හට  වඩාත් රසවත් ආහාරයකි"  යන්නය.

හැරෙණ තැපෑලෙන් ඊට පිළිතුරක් ලැබුනි. 
"අලුත් ආහාර වඩාත් රසවත් බව මොන බල්ලද කිව්වෙ . .? එහි විමසා තිබුනි.

එසේම ගීත රචනය හා තනු නිර්මාණය වඩාත් බුද්ධිමය කාරණා බව කිව්වේ කවුරුන්ද? ගීත ගායනයට එතරම් බුද්ධියක් අවශ්‍ය නොවන බව හෝ එය ඒ තරම් නිර්මාණාත්මක කටයුත්තක් නොවන බව කිසිවෙකු හෝ පවසා ඇත්ද?
නෞෂාඩ්, එස් ඩී බර්මන්, ලක්ෂ්මීකාන් පායාරේ ලාල්, ආනන්ද භක්ෂි වැනි උන් පරයා රාෆි, මුකේශ්, කිෂෝර් ඉදිරියට ආවේ ඇයි. මයිකල් ජැක්සන්, බොබ් මාලෙ, ජිම් රීව්ස් ලාට වඩා  ඔවුන්ගේ ගීත පබැදුවන් හෝ සංගීත ශිල්පීන් ගැන කතා වෙනවාද?
රූකාන්ත, ක්ලැරන්ස්, ශර්ලි වෛජයන්ත, සුනිල් ශාන්ත  වැනි කිහිප දෙනෙකුට හැරෙන්නට මෙම ක්ෂේත්‍ර තුනම පිළිබඳව වැටහීමකින් පිළිතුරු දිය නොහැක.

ඔහු අමරදේවයන්ගේ ගායනාව පිළිබඳවද සාකච්ඡා කොට ඇත. ඔහුගේ අදහසේ හැටියට "ආරාධනා" ගීතයේ වඩාත් ආකර්ෂණීය හා නිර්මාණශීලී, බුද්ධිමය හා පරිකල්පණීය කාර්යය ඉටුකොට ඇත්තේ ගීත රචක හා තනු රචක විනා අමරදේව නොවේ. (මෙවැනි අඳබාල කතා අහන්නට අමරදේවයන් ජීවතුන් අතර නැතිවීමම සතුටකි!) 

මීට දශක ගණනාවකට පෙර ඔවැනි උත්සාහයක කේමදාසයන් යෙදුනි. එයට ඇමට ගත්තේ එකල ඩී ඇස් සේනානායක විද්‍යාලයේ සංගීතාචාර්ය ඩබ්ලිව් ඩී ආරියසිංහයන්ය. කේමදාස තමා සතු බුද්ධිමය දේපල අයිතිය දක්වා අමරදේවයන් පෙරදී ගැයූ ගීත ගණනාවක් ආරියසිංහට ලවා ගායනා කරවා තැටියක් හෝ පටියක් වෙළඳපොළට නිකුත් කලේය. කේමදාස මෙන්ම ආරියසිංහ දෙදෙනාම අද ජීවතුන් අතර නොමැති වුවත් එයට සිදුවූ දෙය දන්නෝ දනිති.
සිදුවූ ශෝකජනකම සිද්ධිය වූයේ ආරියසිංහගේ සංගීත ජීවිතය එතැනම ලොප් වීම පමණි. ආරියසිංහ; සංජේ සංජේ මංජේකාර්කරණයට අසුව ඉවතට විසිවී ගියේය.

පසුගියදා මේ පිළිබඳව ගායකයින්ට එරෙහිව අවි අමෝරාගෙන කතා කල රූකාන්ත ගුණතිලකද වරක් ජෝතිපාලගේ ගීත ගයා විකුණන්නට ගියේය. සිදුවූ දේ කියන්නට වචන නැත. රූකාන්ත යනු ගායන හැකියාවක් නැති අයෙක්ද? නැත. එහෙත් රසිකයින් ඔහුව එහිදී ප්‍රථික්ෂේප කලෝය. සාමාන්‍ය ජෝති රසිකයින් එම ගීත අසන්නට රුචි වූයේ ජෝතිගේ බරසාර පිරිමි හඬින් විනා රූකාන්තගේ "සඳ බැස ගිය තැන නෑ" කියමින් මොර ගෑ  සියුම් හඬින් නොවේ. 

"රජ ගෙදර පරෙවියෝ" චිත්‍රපටයට පසුබිම් ගී ගැයුනේ වික්ටර් රත්නායක විසිනි.  සිනමා ශාලාවේ තිරය පුරවා ගැම්මෙන් එන ගාමිණී ෆොන්සේකා ගැයුවේ  වික්ටර්ගේ හඬිනි. මෙය සිංහයෙකුගේ බඩේ සිට බට්ටිච්චෙකු කිචි බිචි ගානවා සේ නරඹන්නන්ට දැණුනි.
ප්‍රේක්ෂකයාට අවශ්‍ය උනේ කන් පුරවා ශාලාව දෙදරවා ඇසෙන ජෝතිගේ හඬ මිසක වික්ටර්ගේ ආදරණීය හඬ නොවීය.

වරෙක වික්ටර් රත්නායක ඔහු විසින් තනු සැකසූ ෆ්‍රෙඩී සිල්වා ගැයූ "මන්නාරම් පිටිවැල්ලේ" ගීතය රූපවාහිණියේ ගයා පෙන්වීය. වික්ටර් මොනතරම් දක්ෂයෙක් උනත් ඒ ගීතයට උචිත හඬ ෆ්‍රෙඩීගේම බව මගේ අදහසයි.

මෙලෙස "කුමරියක පා සළඹ සැළුනා" ගීතයද වරක් වික්ටර් රත්නායක ගයනු මා අසා ඇත. ඒ ගැන මම කියන්නට යන්නේ නැත. අසා විමසා සිටින්න.

වරක් මහාචාර්‍ය සංගීත් නිපුන් සනත් නන්ද සිරි රූපවාහිනී නාලිකාවකට පැමින අන් ගීත 10ක් ගැයුවේය.
මාගේ මතකයේ හැටියට ඔහු අවසාන වශයෙන් තෝරා ගත්තේ ප්‍රියාගේ "සරතැස නිවා දිවි කතරේ . . " ගීතයයි. ගීතය ගැයූ අයුරු ඔබම සවන් දීලා බලන්න. ‍මෙය මුහුණු පොතේ පලවූ විටෙක එම ගීතය වෙනුවෙන් මා තැබූ කමෙන්ට් සටහන පටන් ගත්තේ "මෙලෝ රහක් නොමැත!" කියාය. ඊට හේතුව ලෙස මා සඳහ්න් කලේ සනත් වැනි බරසාර හඬකට; ප්‍රියාගේ ගීතයක් තෝරා ගැනීමට අවශ්‍යම වූවානම් "යමන් රාගය" පාදක කොටගෙන ප්‍රියා ගැයූ "අඳුර අඳුර මගේ . . . !" වැනි ගීතයක් ගයන්නට තිබුණු බවයි. ප්‍රියාගේ ආදරණීය සුමුදු හඳින් ගැයෙන නොව ස්පර්ෂ කෙරෙණ "සරතැස නිවා . . . ." ගීතය සියුම්ව අත පත ගාන්නට යෑමේදී සනත් නන්දසිරි අසාර්ථක වී ඇති බව මගේ හැඟීමයි.

මෙහි වඩාත්ම සිත්ගන්නා සුළු කාරණය වන්නේ මගේ කමෙන්ටුවට යටින් ප්‍රියා Thumbs up සළකුණක් යොදා තිබිමය. (හැකිනම් සොයා බලන්න! )

(අන් ගායකයින්ගේ ගීත මුල් ගැයුමට සාධාරණයක් වනසේ ගැයීමට යම්තාක් දුරට හෝ හැකියාවක් ඇති අය අත ලොස්සකි. අමල් පෙරේරා, ජගත් වික්‍රමසිංහ සහ චන්දන ලියනාරච්චි යන තිදෙනාව මා දකිමි. මෙය හුදෙක් පෞද්ගලික තේරීමක් විනා තර්කාණුකූල ප්‍රකාශයක් ලෙස නොසළකන්න!)  

මා මේ සියළු වැල් වටාරම් වලින් කියන්නට   උත්සාහ කලේ; ප්‍රවීණ ගායකයෙකුට වුවද වෙනත් ගායෙකයෙකු ගැයූ ගීතයක් ගැයීමේදී; මුල් රසය ආරක්ෂා කිරීමට බොහෝ විට අපොහොසත් වන බවයි. මන්ද මුල් ගායකයා විසින්; ගීතයට එක් කල තමන්ටම ආවේණික වූ  තමාගේ සුවශේෂී අලංකාර; වෙනත් ගායෙකයෙකුහට එක් කල නොහැකි බවයි. 
කට හඬ සහ ගායකයෙකුගේ හඬ යන්නට මීට වඩා බරක් තැබිය යුතුමය.

ගීතය අයිතිවන්නේ පද රචකයා සහ සංගීත වේදියා අතරම යන  තර්කය තුල;
 "කුමරියක පා සළඹ සැළුනා" - අමරදෙව, 
"රුවන් මුවා පොලෝ තලේ" - නන්දා, 
"දෙනෝ දාහක් නුවන් අතරේ" - නන්දා, 
"සිත කතා කරයි" - ජී එස් බී රාණි, 
"සීගිරියේ කැටපත් පවුරේ" - චිත්‍රා සෝම පාල, 
"සඳකඩ පහණක" - සුනිල්, 
"පිණිබර යාමේ" - සුනිල්, 
"කුඩා ගමේ මද්දහනේ" - සුනිල්, 
"සිත හීලෑ නෑ"- බන්ධුල, 
"කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ" - බන්ධුල, 
"රාජ කිරුළු පලන්දාපු" - ජෝති, 
"දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි" - මිල්ටන් පෙරෙරා, "කුණ්ඩුමණී"  - ෆ්‍රෙඩී, 
"පාන් කිරිත්තා" - ෆ්‍රෙඩී,
"සුළං කෝඩයක" එඩ්වර්ඩ්, 
"දිළි දිළි නිවෙනා" - රෝහණ බෝගොඩ, 
"නෙළුම් මලේ එක පෙත්තද තියෙන්නේ"- රෝහණ වීරසිංහ, "අපි ආයෙත් හමු නොවුනා නම්" - ජයමහ, 
"පැළඳි මිණි මුතු" - ෆීලික්ස් ඇණ්ටන්, 
"මංගල මල් දම පතා ඉඳිමි මම" - සිසිර, 
"ලොව නිසසළ වී නවතින මොහොතේ" - නිරංජලා, "පියාණෙනී මා" අබේවර්ධන, 
"ඔබෙන් තොර ලෝකයක්" - අබේවර්ධන, 
"සිහිවටනය සේ" - අබේවර්ධන, 
"මා නෙත් කැදැල්ලේ" - මිල්ටන්, 
"දෙ අදර විළිකුන්' - මිල්ටන්, 
"රණබර ඉඳුදුණු" - මිල්ටන්, 
"දිනෙක රන් සළු පළඳා" - මිල්ටන්, 
"සුන්දරත්වයෙන් පිරි" - මිල්ටන්, 
"ඔබයි මමයි මැවූ සිහින" - මිල්ටන්, 
"සූ සැට බරණින්" - නීලා, 
"මේ උයන් තෙරේ" - නිර්මලා, 
''ආදර ගඟුලෙහි" - ශ්‍රීමතී, 
"අනන්තයට මා ඉගිළුණු" - ශ්‍රීමතී, 
"පිය මදහස" - ශ්‍රීමතී 

මේ කිසිම ගීතයක්  ගායකයාට හෝ ගායිකාවට අයත් නැත! (මෙම ලැයිස්තුව සැකසුවේ වික්ටර් රත්නායකයන්ගේ "ගී සීයක්" පොතේ අග දක්වා තිබුනු; වික්ටර් විසින් අන් ගායක ගායිකාවන්හට තනු සැකසූ ගීත පෙල පරිශීලනය කිරීමෙන් ය. මෙහිදී මා ලැයිස්තුවෙන් උකහා ගත්තේ ලැයිස්තුව අතරින් වඩාත්ම ජනප්‍රිය ගීත පමණක් බව කරුණාවෙන් සළකන්න!

ගීත 26000ක් ගයා ගීනස් වාර්ථාවට හිමි රාෆි ජීවත්ව සිටියදී කිෂෝර්ටද හින්දි සිනමාවේ අවස්ථාවක් හිමිවන්නේ කිෂෝර්ගේ ගායනයේ ඇති රෝමාන්තික බවයි.

කිෂෝර්ගේ හඬේ ඇති සුවිශේෂී තාවය වන්නේ එහි ඇති භාවාත්මක විවිධත්වයයි. එය ගැඹුරු හා ප්‍රථිධ්වනිමත් බරීටෝන් (Baritone) හඬකින් ආත්මීය ගුණයකින් (Soulful) යුක්තය. ඔහුටම සුවිශේෂී යොඩලීන් (Yodeling) ශෛලිය; ශ්‍රාවකයා එතෙක් ඇසූ රාෆිගේ හඬ, මහේන්ද්‍ර කපූර්ගේ හඬ, මන්නා ඩේගේ හඬ, මුකේශ්ගේ හඬට වඩා වෙනස් හඬක් ලෙස වැළඳ ගන්නට ඇත.
ගීතයේ වඩාත්ම සුවිශේෂී පුද්ගලයින් වන්නේ පද රචකයින් හා තනු නිර්මාපකයින් පමණක්ම නම් ගායකයින් රාශියක් බිහිවන්නේ කෙසේද? මේ ගැන ලියන්නට උදාහරණ නම් බොහෝය. එහෙත් වඩා වැදගත් වන්නේ එය තේරුම් ගැනීමය. 

ඉහත කී පද රචකයා සහ "ආදරණීය තනු නිර්මාපකයා" ට අනුව අමරදේවද, සන්ත්ද, සුජාතාද, ලතාද යන සියළු හඬ ශිල්පීන්ට දිය යුතු වන්නේ තුන්වන පංතියේ සැළකිල්ලක්ය.


මේ පිළිබඳව වැඩි දුර දැන ගන්න මෙම :-
ජගත්ගෙන් රෝහණට පිළිතුරු  . . . . . !  ලින්කුවෙන් ගොස් අසා බලා දැන ගන්න.



23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...