මේක ටිකක් විතර දිග කතාවක්. මේ ගැන උනන්දුවක් තියෙන රථ ගාය ඇඟ පුරා තියෙන අයටනම් අවුලක් නැති වෙයි. අනිත් අයත් හිමි හිමීට කියවගෙන යමුකෝ.
කෑම්පින් ට්‍රේලර්ස්, කෑම්පර් වෑන්, කැරවෑන්
කෑම්පින් හෙවත් කඳවුරුකරණය කියන්නේ බොහෝ රටවල තියෙන සුපිරිම විනෝදාංශයක්.
ඉතිං මුල් කාලේ එයාලා දුර බැහැර ගිහිං කූඩාරම් අටවගෙන හිටියාට පහු කාලෙක එයාලට හිතුනා කූඩරමක් වැනි තාවකාලික නිවහනක් තමන්ගේ වාහනේම හදා ගන්න බැරිද කියලා.
ඒකෙ ප්‍රථිඵලය තමයි කැම්පර් වෑන් කියන එක. මේවා ඇතුලත කුඩා කාමරයක තිබුනු හැම දේම වගේ තිබුනා. සෝපාවක්, මුළුතැන් ගෙයක් සමහර ඒවායේ කුඩා වැසිකිළියක් සහ නාන කාමරයක්, වතුර ටැංකියක් වගේ අංගෝපාංග!

තවත් අයට ඕන උනා වෙනමම ඇදගෙන යන කොටසක්. ඒකෙ ප්‍රථිඵලය විදියට තමයි කෑම්පින් ට්‍රේලර් එක උපදින්නේ. මේවායේ නිදා ගැනීමේ පහසුව තිබුනේ එහෙමත් එකක. ඒත් කෑම්පින් කරණ්න අවශ්‍ය සියළුම අංගෝපාංග මේවා තුල තිබුනා. කුඩා මුළුතැන් ගෙයක් වතුර ටැංකියක් කූඩරම්, පුටු, මේස ඔය වගේ දේවල්. සවල්, පොරෝ, මන්න වගේ දේවල්. හවත් සමහර ඒවායේ කුඩා ජෙනරේටර වගේ ඒවත් තිබුනා.
මේ කෑම්පින් ට්‍රේලර් වලම වෙනස් විදියේ එකක් තමයි Teardrop Camping Trailer කියන්නේ. ඒකට ඒ නම යෙදිලා තියෙන්නේ එහි හැඩය නිසාමයි. මේක හදලා තිබුනේ පිටුපස කුස්සියකුත් අතුලත නිදා ගැනීමටත් හැකිවන පරිදි!
මටත් පොඩි පහේ ආසාවක් ඇවිත් වරක් හැදුවා Teardrop එකක්.
දෙල්ගොඩ උඩුපිල පැත්තේ පැත්තක දාලා තිබුනු පරණ ට්‍රේලර් එකක් ගෙනල්ලා 1"x1" Box Iron වලින් රාමුවක් ගහලා මම මේක හැදුවා. පිටිපස්සේ එකේ ලීටර 80 ක වතුර ටැංකියක්, සින්ක් බේසමක්, ගෑස් ලිපක්, BBQ ග්‍රිල් එකක් තිබුනා.
ඇතුලේ 48" X 72" ප්‍රමාණයේ මෙට්ටයක් තිබුනා. ඒ කියන්නේ තේරෙණ සිංහලෙන් කියනවා නම් ඩබල් බෙඩ් මෙට්ටයක්. මේක ඇදගෙන යන වාහනයට අමුනන්න පාවිච්චි කලේ ඒවාට සම්මත ඇමුණුම් උපකරණ, සහ වයර් සොකට් ආදිය. ඒ වගේම නවතා තබන විට ඊට සහය වීමට Jokey wheel එකකුත් සවිකොට තිබුනා. පිටුපස බ්‍රේක් ලයිට් සිග්නල් ලයිට් පාර්කින් ලයිට් සියල්ල ක්‍රියාත්මක උනා. kitchen එකට සහ ඇතුලට LED ලයිට් සවි කොට තිබුනා. එක් නුවර එළියේ සැළලිහිණි වසන්තයකදී එය ගෙන ගියා.
Nuwara Eliya
Nuwara Eliya
Nuwara Eliya
කාලයත් එක්ක මම ඒක විකුණා දැමුවා හික්කඩුවට. කොහොමත් Camping Van එකක් හරි Camping Trailer එකක් හරි පිළිබඳ මගේ ආශාව ඒ විකිණීමෙන් නැතිවී ගියේ නෑ.
කැන්ගරු දේශයට ගිය විටෙක මම එහිදී දැක්ක Roof Top Tent එකක්. ඒක මගේ සිත පැහැර ගත්තා විතරක් නෙවෙයි මම එයින් එකක් මෙරටට ගෙනාවා!
Roof Top Tents
ඒකෙ එක පැත්තකින් ඉස්සුවාම මෙන්න මේ විදියට පොතක් වගේ දිග ඇරෙණවා. ඇතුලට ගිහිං ඉන්න තමයි තියෙන්නේ.
Kings Adventure Roof Top Tent
අර උඩින් තියෙන සුපිරිය එන්න කලින් තිබුනේ මෙන්න මේ එක.
මේ එක විනාඩි ගානකින් pitch කරණ්න පුළුවන් එකක්. පහල තියෙන ලින්ක් එකෙන් මේ ගැන දැක බලා ගන්නම පුළුවන්!
මෙතනින් බලා කියාගෙනම යමු:- Roof Top Tent ඒකේ ක්‍රියාකාරීත්වය හෙවත් වැඩ කෑල්ල!
අපේ කතාව එහෙම නැතිනම් පෝස්ටුව ඇත්තටම පටන් ගන්නේ මෙතැනින්:-
කැන්ගරු දේශෙට ගිය දවසෙ ඉඳන් මම කල පළමු දේ එකේ FB - Marketplace එකේ උදේ හවා සැරිසරමින් කෑම්පින් බඩු එකතු කරණ එක. මෙහෙම හොයාගෙන හොයාගෙන යන කොට තමයි එකක් තියෙන බව දැක්කේ.
ඒක තිබුනේ අපේ නිවස්නයට කිලෝ මීටර 20ක 30ක දුරකින්. මම Google Map එකේ පිහිටෙන් එ තැන හොයාගෙන ගියා. වෙලාව රාත්‍රී 8.00 ටකිට්ටුවී තිබුනා. ඒත් මෙරට හවස හයට වගේ එළිය. මම ඒ රාත්‍රියේ එකක සාඩම්බර හිමි කරුවෙක් උනා!
ඊළඟ ගැටළුව උනේ මේක මෙරටට ගෙන ඒම. මෙන්න මෙකේ තරාතිරම:-
කොටින්ම මේ "මගුල" අඟල් 57 ක් ඒ කියන්න් අඩි 5 කට කිට්ටු දිගක් අඩි 4 ක පළලක් එක්ක අඩියකටත් අඟල් 2 ක් විතර උස කිලෝ 70ක එකක්!
මමත් ඇරියේ නෑ. මෙකේ උඩ මොල්ලිය වාගේ ඉස්සිලා තියෙන ඉනිමග ගලවලා; කොටස් කරලා; ඒක ටෙන්ට් එක ඇතුලටම දාලා වැඩේට බැස්සා.
පහුවෙනිදාම ආයේ Marketplace එකේ හෙව්වා පැලට් ලෑලි. අනේ නිකං දෙන තැන් බොහොමයක් තිබුනා. ඒතැනකට ගිහිං මේක දාන්න පුළුවන් තරමේ පෙට්ටියක් හදා ගන්න ලෑලි ගෙනාවා.
Bunnings කියන්නේ මේ ලෝකෙ මම අතරමං වෙන්නම කැමති තැන කිව්වොත් ඒක නිවැරදියි.
සයිස් එක හිතා ගන්නකෝ!
ඒක මහා විශාල නෙවේ දැවැන්ත හාර්ඩ්වෙයාර් සංකීර්ණයක්. ඒක ඇතුලේ නැති අටමංගල්ලයක් නෑ. මේකට ගිහ්ං ඇන 50 පැකට් එකකුයි, කියතකුයි, තව පොඩි අයිටම් ටිකකුයි අරං වැඩේට බැස්සා.
හැදුවා පෙට්ටියක්. මේකත් දාගෙන ගිහිං ධර්මසිරි (Forwarder) ට භාර දීලා ආවා සතියක් විතර ඇතුලත.
මම මෙරටට සැපත් වෙලා තවත් මාස ගණනාවකින් ඔරුගොඩවත්තේ සිලෝන් ෂිපිං ලයින් එකෙන් කෝල් එකක් ආවා.
"බඩු ඇවිත්!"
ගිහිං ගෙදරත් ගෙනාවා!
මේක තිබුනා තවත් මාස ගනනාවක් ඉස්තෝප්පුවේ මුල්ලක!
ගෙදරට එන එවුං මේක ගැන අහන කොට මමත් අතිං පයිං දාලා මේ පෙට්ටිය ඇතුලේ තියෙන මහානර්ඝ වස්තුව ගැන දුන්නා කං පිරෙණ ටෝකක්!
හරියට "ගෙදරක තියෙන්නම ඕන බඩුවක්!" කියලා ඌට හිතෙන්න.
තවත් ටික දවසක් එහේ මෙහේ වෙද්දි එකේ දැක්කා "අකුන" කියල ඩෑල් එකක් මේ වගේ එකක් Toyota106 truck එකක අමුණගෙන රට වටේ කරක් ගහනවා.
"දෙයියනේ ඇයි ඉතිං මම මේක මගේ 106 එකට හයි කර ගන්නේ නැත්තේ?" මම මගෙන්ම ඇහුවා.
පස්සෙ "අකුණ" ගෙනුත් පිංතූර ටිකක් මම ගෙන්වා ගත්තා. ~ ඌ හොඳ එකෙක්!
මේ අකුණගෙ තැඹිළි ගෙඩිය!
ඒත් ඊට වෙනස් විදියකට මම මගේ Roof Rack එක Design කලා. මගේ සිතුවිල්ල කිරියාවට නැං වූයේ මගේ යකඩ වීරයා හක්බෙල්ලාවක දිනේෂ්!
අන්තිමට වැඩේ මේ විදියට ඉවර උනා!
මේ බලන්න;
වහලෙ උඩ හයි කරලා තියෙන පොත වගේ එක පැත්තට දිග ඇරියාම තමයි ඔය කූඩාරම හැදෙන්නේ.
එතකොට ඔය දිග අරින කොටස හිටින්නේ ඔය ඉනිමග උඩ!
පැහැදිළිද?
ඉනිමග ක්‍රියා කරණවා උඩට යන උපක්‍රමය විදියටත් පොලොව මත තියෙන කනුවක් නැතිනම් මුක්කුවක් ලෙසත්.
මට ඕන උනා මීට වඩා වෙනස් දෙයක් කරණ්න.
මොකද ඉනිමග පොලොවේ ගැටෙන තැන හරියට තිරස්ව සමතලාව නොතිබුනහොත් නැතිනම් ඒකාකාරී නොවුන හොත් එයින් මෙම ප්‍රයෝජනය ගන්න බැරි වෙනවා.
මේ නිසාම් මගේ එකී ඒක රඳවන්න කරණ්න වෙනමම කොටසක් එක් කලා!
මේ කොටස ලාච්චුවක් වගේ එළියට අදින්නත් ආපහු ඇතුලට දාන්නත් පුළුවන්.
1.8 mmඅඟලේ ගැල්වනයිස් යකඩ පයිප්පය ඇතුලට
2mm 3/4 ගැල්වනයිස් පයිප්පය දාලා තමයි මේක හැදුවේ.
එතකොට ඉනිමග නැතත් මේක උඩ; ටෙන්ට් එක දිග ඇරලා තියන්න පුළුවන්!
දැන් සියල්ලම හරි. ඊළඟට තියෙන්නේ කරණ්න යන්න. ඔය අතරේ මම එකේ වීඩියෝවක් දැක්කා මේ වගේම Roof Top Camping Tents දෙකක් හයි කරපු Mitsubishi 4WD double cab දෙකක් හරිත කන්දෙ Camping කරණ්න යනවා.
Surah කලා හරිත කන්ද!
අම්මට සිරි පොට් එකක් ඒක!
යන්නම ඕන තැනක්.
අපේ මේ කාලයේ ගමන් සගයා මුදිත!
කොහොමත් හැටන් යන්න දාගෙන හිටියේ අපේ පවුල් දෙකයි ඊට අමතරව රුමෙෂ්ලගෙ පවුලයි.
ඒ පවුල් දෙක පාවිච්චි කරණ්නේ Isuzu Big Horn දෙකක්.
අපේ එකට මම දැම්මා පොඩි විසබීජයක්!
"හරිත කන්ද!"
"මොකද කියන්නේ යමුත . . ?"
වැඩේ එකෙන්ම ස්ථිර උනා. ඊට දවස් දෙක කට ඉස්සෙල්ලා මුදිතගේ එකේ 4WD හැදුවා අපේ ගෙදරම දාගෙන.
වැඩේට දින නියම වෙලාමයි තිබුනේ. නොවැම්බර් 6 පෝය දවසෙ.
පවුල් තුනයි!
වාහන දෙකයි!!
ඔක්කොම පිරිස දහයයි!!!
අපේ ගෙදර දෙන්නයි, මුදිතයි ලක්මාලියි තරුෂ (මල්ලා), සෙනොරි (නංගා), රුමේෂ්, ලක්ෂිකා, රොමාල් සහ රොමෙයිලි - ඔන්න දහය!
6-7 හැටන්!
8 හරිත කන්දෙ කෑම්පින්!
"කූඩැල්ලෝ ඉන්නවද, Toilet තියෙනවද?, වතුර තියෙනවද? රෑට ආරක්ෂිතද?" මේ වාගේ අටෝරාසියක් ප්‍රශ්ණ!
සියල්ල විසඳගෙන අපි ගමනට පිටත් උනා.
දවස් දෙකක් හැටන් හිටියා. දවස් දෙකේම වැස්ස වළාහක දෙනවා රඹටි හැළෙන්න!
හැටන් වලින් පිටත් වෙන්න මොහොතකට පෙර!
"අනේ වහිනවා නම් කෑම්පින් බෑ!" කාන්තා නියෝජනය වැස්ස වළාහක දෙවියන්ටත් හපං!
"හරි 8 වෙනිදා උදේට අපි කරමු මොකද කරණ්ණේ කියලා!" මුදිත කිව්වා.
අට වෙනිදා උදා උනා. හිරු දෙයියෝ අපේ පැත්තේ. උදෙන්ම කාලා මගට බත් ගෙඩි 10 කුත් අරං පිටත් උනා.
කෑම්පින් යන්න නොගත්තේ මොනවාද?
BBQ ග්‍රිල්, ගෑස් ලිපක්, ගෑස් සිළින්ඩර, බාල්දි, Toilet Bawl, හැඳි, ගෑරප්පු, ටෙන්ට්ස්, ජර්නි මැට්ස්, Camping මේසයක්, පුටු දහයක්, Chargeable Lanterns, ලන්තෑරුම්, පැට්‍රෝල් මැක්ස්, භූමිතෙල්, විදුලි පන්දම්, මවුන්ටන් සයිකලයක්, හුළං පොම්පයක්, උයන පිහින භාජන, පිඟන් කෝප්ප, කපන ලෑල්ලක්,පිහි, වතුර ලීටර 20ක්, බ්ලැන්කට්, කොට්ට, ඩස්බින්, ගාර්බේජ් බෑග්ස් ඔය වගේ අටෝරාසියක් බඩු මගේ 106 ට්‍රක් එකේ පුරවලා. (රා බෝතල් 8, බැලන්ටයින් විස්කි එකක්, බීර ටින් හතරක්, වොඩ්කා බෝතල් දෙකක්, ගල් බෝතල් දෙකක්, කොකා කෝලා, ස්ප්‍රයිට්, ටොනික්, බයිට්, චිකන්, බීෆ් මේවා අමතර දේවල් !)
තනි අකුරේ මිහිර සොයා . . !
කිතුල්ගල මල්වත්තේ කන්දක් උඩ;
දන්නා කියන බ්ලොගීර් කෙනෙක්ට අයිති ඉඩමකට ගිහිං!
හරිත කන්දට යන්න පාර්වල් දෙකක් තියෙනවා. එකක් බගවන්තලාව හරහා Hike එකක්. අනෙක ආගරපතන හරහා වාහනයකට යන්නට හැකි පාරක්.
මේ කොයි පැත්තෙන් ආවත් බොගවන්තලාව හෝ ආගරපතන පොලීසියෙන් අවසර පත්‍රයක් ගන්න ඕන . ඒක මහ අමාරු කාරියක් නම් නොවෙයි.
එන අයගේ ID නොම්මර ටික දාලා ගන්න තියෙන්නේ සතපහක වත් වියදමකින් නැතිව.
වැඩිම කාලයක් ගත වෙන්නේ එතන තියෙන පෝරම දෙක පුරවන්න!
එතනින් පොලිස් සහතිකෙත් අරං අපි එන්න ඕන මැණික් පාළම NLDB ගොවිපොළට. මොකද මේ හරිත කන්ද Campsite එක තියෙන්නේ; මේ මා මුලින් කිව්ව ගොවිපොළ ඇතුලෙයි.
එතන ගේට්ටුවෙන් එක් පුද්ගලයෙකුට රු:250 කුත් වාහනයකට රු:500 කුත් අරං ඇතුලට ගන්නවා.
එතැණ් ඉඳන් කිලෝ මීටර 6-8ක් විතර ගමන් කලාමයි මේ එක තියෙන්නේ. මේ ගොවිපොළ අක්කර 6000ක් කියලයි කියන්නේ.
එතැනට ඇතුළු වෙන කොටම තියෙනවා සුපිරි පාළමක්.
හරිත කන්දට ඇතුල් වෙද්දී . . !
හරිත කන්දට ඇතුල් වෙද්දීම හමුවන්නේ මේ වගේ ලී කොට දැමූ දාරුමය පාලමක්. එය සකසා තිබුනේ ගස් කඳන් කිහිපයක්; අරියාදුවට පොල් සිටුවනවාක් වැනිව ඇල හරහා දාලාය.
එයින් කිහිපයක් ඇල තුලට ඇද වැටී ඇති අතර ඒවා අතර; වාහනයක ටයරයක් වැටීමට තරම්වූ හිඩැස් විය.
කඳවුරු බිමට පළමුව ඇතුළු වූයේ මාගේ රථය වන විට එහි පසු පස රෝදය කොට දෙකක් අතරට වැටෙන හැටි වීඩියෝවේ සුපිරියටම ඇත.
මේ ලී පාලම Cross කරද්දි පාලම ඇතුලට ට්‍රක් එකේ රෝදෙ වැටුනාටත් වඩා ආතල් වැඩක් උනා. අපි වාහන දෙක හරස් කරගෙන පාලම උඩින් එන්න හදන කොටම එතැනට මෝටර් සයිකල් දෙකක් ආවා තල්ලු කරගෙන. අපි උන්ට යන්න දුන්නා වාහන දෙක පැත්තකට කරලා. අපිට මොකද වෙන්නෙ කියලවත් නොබලා උන් ඉදිරියටම ගියා.
පස්සෙ අපි පාළමෙන් මෙගොඩට ඇවිත් Campsite එක ඇතුලට ආවාමයි තේරුණේ උන් අපි දිහා බලන්නෙ වත් නැතිව ඇවිත් තියෙන්නේ සයිට් එක ඇතුලේ සුපිරිම තැන අල්ල ගන්න කියලා!
ඇත්තටම මුලින්ම තියෙන ගස් දෙක ගාව තමයි කෑම්පින් කරණ්න සුපිරිම ඉඩ කඩක් තියෙන්නේ.
NLDB එකෙන් හරිම ලස්සනට ප්‍රින්ට් කරපු ටිකට් එකක් ලෝභ නැතිව කඩලා දුන්නාට එතැන ආසාවටවත් කෑම්පින් කරණ්න පුළුවන් විදියකට සකසලා නෑ.
දණක් උසට මහා ඝන තනකොළයක් වැවිලා.
යාන්තමින් හරි කූඩාරමක් අටව ගන්න පුළුවන් තැන තමයි අර සයිකල් වලින් ආපු එවුං ටික ආක්‍රමණය කරලා තිබුනේ!
අපි එන්නට කලින් NLDB එකට කතා කලා. ජලය හා වැසිකිළි පහසුකම් ගැන ඇහුවා. එතනදී ඔවුන් ඉතාමත් මිත්‍රශීලීව කතා කලා. වැසිකිළි පිරිසිදු කොට තැබීමට ඔවුන් එකඟ තාවය පලකල.
ජල සැපයුම පිළිබඳව කිව්වේ වෙනමම කථාවක්.
"මෙතනට එන අය බට කඩලා!" එය නැවත් හදන්නට බට වලට යන වියදම මා දැරීමට හැකිබව කීවිට ඔවුන් පැවසූවේ ඒසඳහා යෙදීමට අවශ්ය පිරිස නොමැති බවය. අවසානයේ කුමක් හෝ කර දෙන්නම් කියා පැවසූවත් වතුර පොදක් සොයා ගැනීමට නොහැකි විය.
දහවල් දෙකක් සහ රාත්‍රියක් ගත කිරීමට අප සතුව තිබුනේ වතුර ලීටර 25ක් පමණි!
පිරිස 10ක් වූ අතර එක් අයෙකු හට පාවිච්චි කිරීමට තිබුනේ වතුර ලීටර 2.5කි. බොන්නට, නාන්නට, මුහුණ සේදීමට, උයා පිහා ගන්නට, කැසිකිළි වැසිකිළි පසසුකම් සඳා තිබුනේ එම ලීටර 2.5 ම පමණි.
කඳවුරු බිමට අඩිය තැබූ පළමු විනාඩි 15 තුල දීම මේ තත්වය වටහා ගත් අප එයට මුහුණ දීමට ලෑස්ති උනා. මුහුණ සේදීම - දත් මැදීමකට පමණක් සීමා කිරීම ඉන් එකක්.
පිරිමි පාර්ශව වැසිකිළි යෑම පෝස්පෝන් කර ගැනීම තවත් එකක්.
වතුර රැක ගැනීම සඳහා තිබහට බීර පානය තවත් එකක්! (මරු නේ!)
අපේ වාහන අපි නැවැත්තුවේම ඒවායේ පසු පස කඳවුරු බිම ඇතුල් පැත්තට වෙන්න. ඒනිසාම ඒවායේ ඉඩ අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් උනා.
BBQ ග්‍රිල් එක Kitchen Table එක පුටු 10 තියාගෙන අපි එන ගිය බත් මුල් ටික ලෙහා ගත්තා. දැන් වෙලාව දවල් 1.00 ට විතර ඇති.
එතැන ඉඳන් ටිකින් ටික කඳවුරු බිම සංවිධානය කරන්න පටන් ගත්තා.
වචනයේ පරිසමාප්තයෙන්ම එතැන නවසීලන්තය වගේ තැනක්. අපේ කඳවුරුබිම ඉදිරියෙන් හරිත කන්ද!
එතන තිබුනු ඉඩකඩ සීමා සහිත නිසාම රුමෙශ් මල්ලිලාගේ පවුල විතරයි ටෙන්ට් එකක් ඇතුලේ හිටියේ.
මුදුතගේ එකේ ඉස්සරහ සීට් දෙකේ මුදිතගේ දුවයි පුතයි හිටියා. මුදිතයි ලක්මාලියි මගේ ට්‍රක් එකේ පිටුපස ඩෙක් එකේ.
අපි හිටියේ මගේ අභිනව Roof Top Camping Tent එකේ.
ඇත්තටම ඒක සුපිරියක්!
ඉනිමගට Support එකට හදපු උපක්‍රමය නිවැරදිව වැඩ කලා. ඒක නිසාම අපි ඉනිමග පාවිච්චිකලේ උඩට නගින්න විතරමයි.
සත්තකින්ම Roof Top Tent එකක් කියන්නේ Camping කරණ එකෙක්ගේ වහලෙ උඩ තියෙන්නම ඕන අයිටම් එකක්.
Roof Top Tent එකක් නෑ කියන්නේ ජීවිතෙන් භාගයක් ඉවරයි වගේ තමයි මට දැනෙන්නනේ! හි! හි!!
අපි සියල්ල සැපේ නින්දට ගියත් බොහෝ රෑ වනතුරුත්, පාන්දර වන තුරුත් රුමේශුත් මල්ලාත් ගිණි මැළය වටා අපට තනි රකිමින් සිටි බව දැනගත්තේ පසුදා උදේය.
සුන්දර හරිත කන්ද
කඳවුරු බිම සකස් කරමින්
කඳවුරු බිම අවට වටාපිටාව . . !
කඳවුරු බිම අවට වටාපිටාව . . !
උදේ වෙන කොට ඉර හරිත කන්ද එළිය කරලා තිබ්බේ. ඊයේ රෑ තිබුනු සීතල තවමත් එහෙමම! රුමේශ් මල්ලි, එයාගෙ පුතා මුදිතගෙ පුතයි දුවයි හරිතකන්ද නගින්න ගියා. එයාලා කන්ද මුදුනටම යන්න පැය දෙකක් විතර ගත උනා. කන්ද මුදුනටම යනකොට පොඩි වැහි වළාවක් එන ලකුණු තිබුනා. තවත් පැය භාගයක් විතර යනකොට කට්ටිය කඳවුරු බිමට ආවා.
දහවල් වෙන්න කලින් අපි කඳවුරු බිමෙන් ඉවත් වෙන්න තීරණය කරලයි තිබුනේ.
වතුර අවශ්‍යතාවය ඉන් එකක්.
මුදිතගේ පුතා මල්ලයි රුමේශ් මල්ලියි පොඩි ඇල පාරකින් වතුර හොයාගෙන ආවා. ඒත් ඒ වෙන කොට අපි කූඩාරම් අකුල ගනිමින් හිටියේ.
අපේ පෙර සූදානම තරමක් මදි වගේ ගතියකුත් තිබුනා. උදෑසන කෑමට හදලා තිබුනේ නූඩ්ල්ස්.
කියන්න බැරි උනොත් ලොකු අඩුවක්! මැගී නූඩ්ල්ස් හතරට කඩමින් උයන්නට උදව් කල රුමේශ් මල්ලීගේ ප්‍රිය බිරිඳ ලක්ෂිකා නංගිත් කල මෙහෙය අපට; මළත් පැයක් යන තුරු අමතක කිරීමට බැරිවේවි!
අපිට කලින් ආ කඳවුරු කරුවන්ට අන්තිම වෙලාවේ ගින්දර හොයා ගැනීමට අපෙන් ගිණි පෙට්ටියක් ඉල්ලූ අතර අපි ඊට ගිණි පෙට්ටි දෙකකින් පිළිතුරු සැපයීය.
අපේ කඳවුරු බිමට ඉහලින් සිටි "සිංහල වෙද මහත්වරුන්ටද" අප වතුර ලීටර 5 කින් ආධාර කලා.
ඒකත් කාලා තවත් පොඩි වේලාවකින් අපි පිටත් උනා!
අඩියෝස් අමීගෝස්!
106 - හරිත කන්දෙන් පිටව එද්දී . . . . . !
Bighorn - හරිත කන්දෙන් පිටව එද්දී . . . . . !




















.jpg)




.jpg)




.jpg)


It a great experience ..thanks for the superb orgernizing with arrangements ..
ReplyDeleteස්තූතියි! ඒත් මට හිතෙන්නෙම මට මීට වඩා හොඳ experience එකක දෙන්න තිබුනා කියලමයි!
Deleteඒක මට දැනෙන්නෙම මගේ අඩුපාඩුවක් විදියට. Risk management එකේ අඩු පාඩු තිබුනා.
ඒ වරද ආයේ සිදු නොවේවි!
කොහොම උනත් මගේ වචනෙට එතනට ගිහිං මාව අවුල් නොකර සිටි ඔබ සැමට මගේ ආදරණීය මෙව්ව එක! ආයෙත් මෙවන් ගමනකින් හමුවෙමු. ආ එන ඉරිදා අපේ ප්‍රගති සමාලෝචන රැස්වීම. ඊට Devel Pork එකක් කාරිය දාගෙන සහභාගී වන්න. ජයවේවා!
ෆොටෝ ටික නම් මල් පහයි. පස්සේ කියවන්න ඕනේ. Bunnings ඇඩ් එකට පස්සේ සල්ලි එවන්නම් කිව්වා.
ReplyDeleteමම විජේබාහු
ස්තූතියි විජේභාහු මහත්තයා! Bunnings ඇඩ් එකේ සල්ලි ඔයා හරි අරං එවන්න. ජයවේවා!
DeleteSupiriyak thamayi.
ReplyDeleteස්තූතියි!
Deleteහෙක්... ඒක මරු ගමනක් වගේම රසවත් විස්තරයක්.
ReplyDeleteවතුර වෙනුවට බීර පානය.... ඒකත් මරු තමයි.
ස්තූතියි නයා! ඒක යන්නම ඕන තැනක්. ජයවේවා!
DeleteSave Water! Drink Beer!!
ආසා හිතෙන කෑම්පිං ට්‍රිප් එකක් ගැන ලස්සන කතාවක් ලිව්වාට ස්තුතියි. ඔයාටත් ලංකාවේ rooftop tent එකක් හදාපු මුල් කිහිප දෙනා අතරට එක්වෙන්න පුළුවන්. එතැනට ආපු කෑම්පර්ස් ලා පයිප්ප කඩලා කියන එක නම් හිතා ගන්න බැහැ . කෑම්පිං කරනවා කියලා ඇවිල්ලා බීලා, බෝතල් බිඳලා හැමදේම විනාස කරලා යන අයත් තාම ලංකාවේ ඉන්නවා වගේ.
ReplyDeleteමමත් ඔස්ට්‍රේලියාවට ආපු කාලේ, අවුරුදු 10-12 පමණ කෑම්පිං කළා. ටෙන්ට් එක, ලන්තෑරුම, ගෑස් ලිප් එහෙම තාමත් තියනවා. ටෙන්ට් ගහලා, ගිනි මැළයක් පත්තු කරලා, BBQ දාලා, ඒ වටේට පුටු තියාගෙන ඩ්‍රින්ක් එකක් දාන එක පිරිමින්ගේ පරම සැපත උනාට, ටොයිලට් එකට වාහනෙන් යන තරමට දුර වීම, ඒකත් Pit toilet එකක් වීම, මැසි කරදරය වාගේ දේවල් ගැන ලැබෙන පැමිණිලි, දරුවන්ගේ අවශ්‍යතා ගැනත් සලකා බලන්න වෙනවනේ. දැන් නම් කෑම්පිං කරපු කාලයක් මතක නැහැ. නමුත් ඒ කාලයේ සුන්දර මතක නම් තවම තියනවා.
ස්තූතියි සෑම් මහත්තයා!
DeleteRoof Top Tents හයි කරපු වාහන මේ රටේ බොහෝ දුර්ලභයි තමයි. මගේ Tear Drop එක නම් මෙරට මුල් පෙලේම එකක් වෙන්න ඇති
ඕස්ට්‍රේලියාවට ගිහින් මමත් දෙවරක් කෑම්පින් කලා. මට හමුවූ කෑම්පින් සයිට් දෙකේම කෑම්ප් කරණ්න උනේ අනිත් අය එක්ක අතේ දුරින්ම තමයි.
කෑම්පින් කියන්නේ හරිම සතුටු දායක විනෝදාංශයක් තමයි.
කොහොමත් ඔය රටේ තමයි කෑම්පින් බඩු තියෙන්නේ එකසිය ගානට! ඇනකොන්ඩා, BCF, වගේ කඩ සාප්පුනම් කොච්චරක්ද! ජයවේවා!
මරු ගමනක් වගේම රසවත් විස්තරයක් x 2 💐
ReplyDeleteස්තූතියි බස්සා. ඇත්තටම මට ලියන්නම හිටිය එකක් මගේ කෑම්පින් ට්‍රේලරය ගැන. ඒකට මේ ගමන උත්ප්‍රේරකයක් උනා. ඊළඟට දෙකම එකට අරං ලිව්වා. ජයවේවා!
Deleteනියමයි, යන්න ආස හිතෙන ගමනක්.
ReplyDeleteස්තූතියි! ඇත්තටම ඒක යන්නම ඕන ගමනක්; ඔයා කෑම්පින් කරණවා නම්. ජයවේවා!
Deleteඅර බට කඩපු කතාව නං ඇත්ත වෙන්නැති. අපේ උං තැනකට ගිහිං ඉන්ඩ දන්නෑ. තමන් විතරයි. අනික් උංට හෙන.ගැහුවත් කමක් නෑ.
ReplyDeleteඔක්කමත් හරි කවුද යකූ මල්වත්ත කන්දෙ මං නොදන්න බ්ලොගා. කියන්න බැයි නං රා විකුණන්ඩ දෙන්නෑ හරිය 😃
කෑම්පිං කියන්නෙ ආතල් වැඩක්. ඒ වයිබ් එක සෙට් වෙන අය හිටියම හැබැයි. නැත්තං වාතයක්.
ආදරෙයි ඕයි.
ඔව් බං ! අපි කෑම්පිං කල තැනත් වීදුරු කටුයි පරණ බෝතලුයි නැති දෙයක් නෑ.
Deleteබට කෑලි!
අපේ බ්ලොගියක්ට අයත් ඉඩමක් බං. එයා ඉන්නේ කොලොම්තොට,
ඔව් බං අපේ පිරිස සුපිරියටම සෙට්!
මම උංට හැටන් වල ඉඳන් කිතුල අදින ගමං උඹ ගැන කිව්වා. මම එදා කිව්වේ අපේ සෙට් එකක් ඉන්නවා කියලා!
උං තව පොඩ්ඩෙං එවෙලෙම මාවත් දාලා තමුසෙලගෙ අහ එනවා!
මම දන්නවා බං ඒක!
Deleteනියමයි, අපිටත් යන්න ආසයි.ගිහින් ඒ අත්දැකීම් විදගන්නම්
@Mahesh
Deleteඇත්තට ම කවුරු වෙන්න පුලුවන් ද ඒ බ්ලෝගීර්? 🫢
හැබැයි මට විස්වාසයි ඔය තනි අකුරේ ව්‍යාපාරයට ඇගේ සම්බන්ධයක් නැති වග!
🙄😃
රන්දිල්
වතුර නැති උනත් පෝස්පෝන් කරන්න බැරිවෙලාවල් එනවා!
ReplyDeleteමොනවද මේ කතා!
Deleteඑකෙන්ම!
මම බස් වලින් බැහැල තියෙනවා.
දැන් මේකට පිළියමක් විදියට මම මගේ truck එකේ roof rack එකේ යට පැත්තේ
එල්ලනවා water tank එකක්.
මේක හදන්න හිතාගෙන ඉන්නේ PVC Down Pipe වලින්! ඒක තමයි ලාභදායකම ක්‍රමය.
අපි නොහිතුවාට Truck එකේ tub එකේ දිගට පළලට බට 6ක් 7ක් දාන්න පුළුවන්. එක බටයක දිග අඩි 4 ක් උනොත් බටයක විෂ්කම්භය අඟල් 3 1/2 ක් 4ක් උනොත් ඒ සැක්ල්ලට වතුර ලීටර 80කට වැඩිය
පුරවන්න පුළුවන්.
මම එකවතාවක් ගණනය කලා ලීටර 98ක් අවා. මේ ප්‍රමාණය හොඳටෝම ඇති!
දේශපාලන අන්තවාදී කුහක මිනීමරුවන් සහ ඔවුන්ගේ පවුලේ අය ගැන ඔස්ට්‍රේලියානු රජය කුමක් කියයිද?
ReplyDeleteමොනව කියයිද බං! උඹ වගේ අනුන්ගෙන් පිනට කාලා ජීවත්වෙන හිඟන්නො මේ බ්ලොග් ලෝකෙන් හැඳිගෑවිලාම යන්න ඕනෙ කියලා කියයි.
Deleteකාලෙන් කාලෙට බල්ලෙක් හොයාගෙන උගෙ ඇඟේ වහල ඉන්න කිනිතුල්ලන්ට බල්ල මලාට පස්සෙ කරණ්න දෙයක් නෑ.
උඹ කවුද කියලා මම දන්නවා!
අඩු ගානේ හිඟමනට වැටිල ඉන්න කොට දුන්නු රුපියල් සත ගැන හිතලා හරි තමංගෙ වැඩක් බලාගෙන හිටපං!
තක්කඩි පවුලේ විසාත් කැන්සල් වෙන හැඩ
Deleteඅනේ පලය්ං හිඟන්නො යන්න! උඹ කවුද කියලා මම දන්නවා බං!
Deletehttps://www.guestreservations.com/go-outdoors-caravan-park-nuwara-eliya/booking?utm_source=google&utm_medium=cpc&utm_campaign=21835622398&gad_source=1&gad_campaignid=21831759509&gbraid=0AAAAADiMQMaPGERWzR2q3qbtX939WJmI6&gclid=CjwKCAiAw9vIBhBBEiwAraSATrkhVehYMd0hqPyWoCKAYjSwU0Uh_OMbZ_lkGfNmtslBwRJLO4K0kBoCX9gQAvD_BwE
ReplyDeleteහේමක ද අල්විස් මහත්තයාගේ වැඩක් නේද?
Deleteඑල ම! මට යන්ඩ බැරි උනා තවම ඔය හරිත කන්ද නගින්න.
ReplyDeleteඔය වගේ කෑම්පින් කරන තව අපේ සහෝදර බ්ලොගර් කෙනෙක් තමයි, කණ්ඩා...
ReplyDeletehttps://kandascolumnblog.wordpress.com/2020/11/17/%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%91%e0%b6%9a-%e0%b6%b4%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a/#more-9494
ඇත්තටම ඩ්‍රැකී හරිත කන්දට අපි යොමු වෙන්නේ නුවර එළියේ කෑම්පින් කරණ්න තැනක් නෑ කියලා ඔයාගෙන් දැනගත්තාම! නැත්නම් අපි එන්නේ නුවර එළියට.
Deleteඔයා එහෙම තැනක් නෑ කිව්වාම මම කතා කලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන කාර්‍යාලයට. අනේ අපරාදෙ කියන්න බෑ කට හෝදලා කිව්වා මෙහේ කොහේවත් කෑම්පින් කරන්න දෙන්නේ නෑ කියලා!
ඊට පස්සෙ තමයි හරිත කන්ද ගියේ!
හැබැයි එතන යන්නම ඕන තැනක්!
කොර. ෆිල්ම් එකක් බැලුව වගේ..
ReplyDeleteඔව් ඒක සුපිරි මතකයක් හා අත්දැකීමක්!
Delete