Wednesday, June 5, 2024

225. Kapruka.com සහ අලින්ගෙ අපේ වැඩ!



මේ දවස් වල එකසිය ගානට මුහුණු පොතේ  ඔන් ලයින් බඩු විකිණීම  නැගලා යන බිස්නස් එකක් වෙලා තියෙන බව පෙනේ! 

මෙය මේ වන විට සරුවට යන බිස්නස් එකක් වී අවසන්ය. එහෙත් මුහුණු පොතේ සහ වෙනත් සමාජ මාධ්‍යය වල මෙම වෙළෙඳ දැන්වීම් වලට "හොම්බට අනින්නාක්" මෙන්; "ඔන් ලයින් බිස්නස් වලට අහුවෙන්න එපා - ඉල්ලුව එක නෙවේ ලැබෙන්නේ!" කියා කෑ මොර දෙති.

අපේ රටේ බොහෝ දෙනා බිස්නස් පටන් ගන්නේම "ගේමක් ගහන්න පුළුවන්නේ!" කියාමය.

බිස්නස් එකක් අතර හෝ කරගෙන යාමේදී මොකක් හෝ අවුලක් වූ විට කරණාවූ "ගල් මාට්ටුවක්" නොව වැඩේ පටන්ගන්නේම කාව හෝ "ඇන්දවීමේ" අදහස මුලට දා ගෙනමය!

"මනාලියන් ඇන්දවීමේ" පටන් මිනියට අන්දවා පෙට්ටියකට දැමීමේ තැන දක්වාම කෙරෙණ්නේ ගේම් දීමමය!

වෙනත් රටවලද මේ ඔන් ලයින් ඇන්දවීම මෙසේමදැයි මා නොසිතමි. එහෙත් බොහෝ විට අපේ රටේ නම් සිදුවන්නේ රැවටීමක් මය!

මීට වසර දෙකකට පමණ පෙර මාගේ විවාහ සංවත්සරය වෙනුවෙන් බිරිඳට අත් බෑගයක් ලබා දීමට මා හට සිත්විය. එය අහම්භයක්සේ ඇයට ලැබෙන්නට සැලැස්වීම මාගේ අභිප්‍රාය විය.

මේ සඳහා බෑගයක් තෝරා මා ඒ ගැන මාගේ දියණිය කල්මිට දැනුම් දුන් අතර ඇයද ඔන් ලයින් බෑග් තේරීම ඇරඹීය.

අප මේ සඳහා තෝරා ගත්තේ මෙරට ඔන් ලයින් පුරෝගාමීන් වන Kapruka.com ය.

මාගේත් දියණියගේත් නෙත් නැවතුනේ කොල පැහැති  (Bottle Green)     අත් බෑගයක් මතය.

මා කප්රුක ඇමතිමි. එහා කෙළවරෙන් "මට සිංහල බෑ" මොඩලයෙන් පිළිතුරු ලැබුනි!

අපගේ සංවත්සරය යෙදී තිබුනේ බදාදා දිනයකය. අප ඇනවුම දියත් කලේ අඟහරුවාදාය. 

"සර් හෙට නම් කොහොමටත් සප්ලයි කරණ්න බෑ! මේ දවස් වල අපේ ස්ටාෆ් එක අඩුයි!! සර්ට ඕන නම් අපි තර්ස්ඩේ ඩිලිවරි එක කරලා දෙන්නම්!" 

"මගුලයි!" මටම කියැවිනි. මම එකසිය ගානට බැගෑපත් වූවද වැඩේ කර ගන්නට නොහැකි විය. කප්රුකේ තරුණයා ඇතාගල සේය! පොඩිත්තක් වත් වෙනස් වන පාටක් නැත!

බ්‍රහස්පතින්දා බෑගය යැවීම අමුම අමු නඩුවකි. එහි ප්‍රථිපලය "ඔයාට ඒ දවසවත් හරියට මතක නෑනේ!" කියා කෙඳිරියකට සවන් දීමට සිදු වීමය.

මම වෙනත් අදහසක් කප්රුකේ උතුමාණන් වහන්සේට කීවෙමි.

" හරි ඔයා මෙහෙම කරණ්න! ඕක සෙනසුරාදා උදේම ඩිලිවර් කරණ්න! හැබැයි ඔය මම කලින් කිව්ව ඔෆිස් එඩ්‍රස් එකනෙවේ. අපේ ගෙදරට කඩවතට!"

"ඕ කේ සර්!" වැඩේ ගොඩ ගියේය.

සංවත්සරය යෙදුනු දිනය මෙලෝ රහක් නැතිව ගලා ගියේය. දිනයේ උදෑසනම මා ඇයටත් ඇය මටත් සුභ පැතුවෝය. පසුදිනද එසේමය. සතිය ඉක්මණින්ම අවසන් විය.

සෙනසුරාදා බිරිඳත් මමත් සතියේ දිනවල හිරු රැසින් එකිනෙකා ගේ මුහුණ දකින දවස් දෙකින් එකකි!

එදිනට ඇයත් මමත් දෙදෙනාම නිවසේය.

බෑගයේ ප්‍රමාණය සෙන්ටි මීටර වලින් මැන දක්වා තිබුනු අතර එය  පිටුවක් තරම් විය. 
හොඳ සයිස් ය!
ලොකුත් නැත.
පොඩිත් නැත.
පාටත් හොඳය - අන් කොමන් ය.
එළම කිරිය.
අද මේ බෑගය එන දවසය!
එළම එළය!!

සෙනසුරාදා උදෑසනින්ම මා හට බෑගය මතක් වූවේ නැගිටින්නටත් කලින් වාගේය!
එදින උදෑසන සාර්ථක එකක් නොවීය. කුමක් හෝ කාරණයකට බිරිඳ මා සමග උරණ වී සිටියේය.
සමහර විට උදේම දොර අරිණ විටම ඉස්තෝප්පුවේ වාහනයක් කොටසක්, පරණ ටයරයක්, තණකොළ කපන මැෂිම වැනි අරුමෝසං භාණ්ඩයක් තබා තිබෙන්නට පුළුවන.
නො එසේ නම් ඉස්තෝප්පුවේ පුටුවක බල්ලෙක් ලැග සිටියා විය හැක! පෙර දින ඉස්තෝප්පුවේ පුටු කණපිට පෙරළීමට මට අමතකව ඇත! 
මෙවැනි කුමක් හෝ කාරණයක් නිසා ඇය උරණව සිටියාය.
(අනෙක ගෑනුන්ට මිනිස්සු සමග මළ පණින්නට හේතුවක් ඕනෑම යෑ!?) 

මේ සියල්ල සමගින් ඉස්තෝප්පුවේ පුටු දෙක මත අප දෙදෙන උදෑසන වාඩිවී තේ බොමින් සිටියෝය. ඇයගේ කේන්තිය පහව යමින් විය. ඒ සියල්ල  සමග මාගේ යටිසිත බලා සිටින්නේ කප් රුකේ බුවා; බෑගය රැගෙන ගේ මිදුලෙන් මතුවන තුරුය. වෙනදා ඇය කියනා සෑම වචනයක් පාසාම "එල්ලෙන" මා එදින කිසිවක් නොකියා ඇතුලතින් සිනා සෙමින් සිටියෙමි. තව කුඩා වේලාවකින් ඇය අතට පත්වන "අහම්භය" සියළු දෝෂ භ්ංග කරණු ඇත. ඇය ප්‍රීතියෙන් ප්‍රමෝදයට කෙසේ වෙතත් පොඩි පහේ "ලල්" එකකින් දවස අරඹනු ඇත. 
එක වරම මාගේ දූරකථනය නාද විය.
මා තිරයට එබුනු අතර එහි වූයේ  0117551111 වැනි රටාත්මක අංකයකි.
"හරි අම්මට සිරි කප්රුකෙන් කඩවතට ඇවි අපේ ගේ හොයනවා වෙන්නෝන!" මා පුටුවෙන් නැගිට ඉස්තෝප්පුවෙන් මිදුලට පය තබමින්ම ඇමතුමට ඇමතීමි.
"ගුඩ් මෝනිං  . . . . . !" ඔහු කියන්නට මත්තෙන් මමම පටන් ගත්තෙමි!
"ගුඩ් මෝනිං සර්! මේ එම් එස් පෙරේරා මහත්තයා නේද?"
"ඔව් පුතා හරියටම හරි!"
"සර් ලේඩිස් හැඇන්ඩ් බැඇග් එකක් ඕර්ඩකරලා තියෙනවා!"
"හරි පුතා!!"
"සර් ඒකේ හැන්ඩ්ල් එකේ පොඩි ඩැමේජ් එකක් තියෙනවා කමක් නැද්ද?"
මම ඇනවුම ස්ථාපිත කලේ අඟහරුවාදාය. අද එදා සිට ගෙඩි පිටිං දින හතරක් ගෙවී ගොස් ඇත. අද මූ මරු කියවයි. මට ඊළඟ මොහොතේ කුමක් සිදුවීදැයි මටම සිතා ගත නොහැකි විය!
"ඒක දීපං පරයො තොගෙ ගෑනිට!"
"මොකක්ද සර්!!?"
"ඒක දීපං උඹෙ ගෑනිට! ඩැමේජ් වෙච්ච එක!" එතැන පටන් මා කෑ ගැසුවේ යටි ගිරියෙනි.
"උඹට මම ඔර්ඩරේ දැම්මේ කවදද? උඹලා පොලෙං කීර මිටියක් ගේනවා වගේද කස්ටර්මර්ස් ලට බඩු එවන්නේ? අද උදේද උඹට මතක් උනේ මගේ ගෑනිගේ බෑග් එක?
මා ජීවිතේ කොතරම් අසභ්‍ය බසින් "අමතා" ඇති මුත් නිවසේදී හා නිවැසියන් ඉදිර්යේ එසේ නොකිරීමට පසු ගිය වසර 25ක කාලය පුරාවට පරිස්සම් වී ඇත. එහෙත් එදින ඒ සියළු වක්කඩවල් කැඩී ගියේය. මා දන්නා සුපිරිම වඳුරු කුණුහරුපයෙන් අමතන්නට විය!
මා කෙතරම් මහා හඬකින් ජාතිය ඇමතුවේද යත් වටා පිටා නිවෙස් වල බල්ලන් මහ හඬින් බුරන්නට පටන් ගත්තෝය!
"මෙන්න මේ ඇතුලට ඇවිත් කියන මගුලක් කියා ගන්නවා! හතර විළිලැජ්ජාවේ බෑ . . .!" ඒ අපේ බිරිඳය.
මොහොතකින් දුරකථනය  ඒ දෙසින් කපා දැමුවේය!
"මොකද්ද වෙලා තියෙන්නේ ඔයා මේ රටටම ඇහෙන්න කෑගහන්නේ!?" 
මම සිද්ධිය බිරිඳට එකින් එක කීවේය! ඇයට කුමන මොඩලයේ හැඟීමක් ආවාදැයි මට සිතා ගත නොහැක.
"දැං මොනා කරණ්නද?" ඇය විස්සෝප විය. "දැං කෑගහන්නේ නැතිව කාඩ් එකෙන් කපා ගත්තු සල්ලි ටික ආයේ ගන්න බලන්න!"
ඊළඟ මොහොතේ උන් මට ඇමතුවා ද නො එසේනම් මා උන්ට කතාකලා දැයි නොදනිමි.
යලිත් කථව පටන් ගති. 
"මට කරුණා කරලා මගේ සල්ලි ටික රී ඉම්බර්ස් කරණවා දැං!" මට දැන් ඉතිරිව ඇත්තේ ගෙවපු මුදල ආපසු ගෙන වෙන තැනකින් ඇයට බෑගයක් හෝ වෙනයම් තෑග්ගක් අරං දීමටය!
"සර් අපේ රී ඉම්බර්ස් පොලිසි එකේ විදිහට සර්ට සති දෙකකින් සල්ලි ලැබෙයි!" 
"මොකක්ද XXXX පුතෝ ඒ කථාවේ තේරුම! මෙච්චර වැඩේ කෙළවලා තියෙන කොට තව සති දෙකක් බලා ඉන්නෝනද මම මගේ සල්ලි ටික ගන්න! ඕක දාපං මැහේජර් කෙනෙක් ගාවට!"
"සර් මම කම්ප්ලේන් එක දාන්නම්. සර්ට පැය 48ක් ඇතුලත අපේ මැනේජර් කතා කරයි!"
"@#$%&^*OU@$ඝ්%ඝ්^^&&&&&&!%%!&()UඵෛඓH<ණ්ඹ්ඵ්O*&%*"
 මා මොනවා කීවාද නොව මොනවා නොකීවාදැයි මතක නැත! සුපිරියටම මා ඇමතිමි. "උඹ දැණ ගනිං මම දන්නවා උඹලාගේ ඔෆිස් එක තියෙන තැන! නුගේගොඩ හයිලෙවල් පාරේ! මම දැං උඹගේ ඔෆිස් එකට එනවා. උඹට මම ජීවිතේට ඉගෙන ගත්තු නැති පාඩමක් උගන්වලයි නවතින්නේ! පොඩ්ඩක් හිටපං!" මම දූරකථනය විසන්ධිකර ගේ තුලට ආවේ ඇඳුමක් දාගෙන නුගේගොඩ බලා පියාඹීමේ අදහසිනි!
ඒ සමග තවත් ඇමතුම් දෙකක් පැමිණියේය. ඒ කාන්තා කටහඬ දෙකකිනි. මා ඔවුන්ට ඉතා කාරුණිකව පැවසුවේ මා හට කතා නොකරණ ලෙසය! 
"මම මේ ඉන්න තත්වෙ හැටියට මට මොනවා කියවේද දන්නේ නෑ! කරුණාකරලා ඔයාලා කථා කරණ්න එපා! පිරිමියෙකුට කතා කරණ්න කියන්න!"
තවත් විනාඩි 10ක් ගෙවෙන්නට් ඇති ඒ දෙසින් ඉතා තැණ්පත් හඬින් කාන්තාවක් කථා කලාය!
"සර් මම කස්ටෙර්මෙර් කෙයා මැනේජර්! මම දන්නවා සර්ට අපෙන් සිදුවුනු වරද! මට පොඩ්ඩක් සර්ට කථා කරණ්ණ පුළුවන්ද?"
මා සිදුවූ සියළු කරුණු ඇයට වචනයක් නෑර පැවසීය. ඇය සියළු කරුණු කාරණා ඉතා සාවධානව අසා සිටියය. අවසානයේ ඇය වෙනත් ඕනෑම බෑගයක් තෝරා ගන්නා ලෙස ඇය මාහට අවස්ථාවක් ලබා දුන්නීය. 
"නැ! මට අද මේ මොහොතේ සල්ලි ඕන! වෙන කිසිම ඔප්ශන් එකකට මම කැමති නෑ! බොහොමත්ම ස්තූතියි මිස්!" මම ඒ මතයේම සිටියෙමි.
"සර් අපේ රී ඉම්බර්ස් පොලිසි එකේ හැටියට සර්ට සති දෙකක් යනවා සල්ලි ගන්න!" ඇයද පෙර කථාවම පැවසීය!
"මිස් මට කියන්න ඔයාගේ සිවිළිමේ හයි කරලා තියෙන ෆෑන් එකක් ගැලවිලා වැටිලා කාගේ හරි බෙල්ල කැපුනොත් 
ඒ මනුස්සයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න සල්ලි පාස් කර ගන්න සති දෙකක් යනවද? කොහොමද ඒ වෙලාවට සල්ලි හොයා ගන්නේ?"
"සර් පෙටී කෑශ් වලින්!"
"ආන්න එකෙන් මගේ සල්ලි ටික බැංකුවට දාන්න! ඔයාලා පෙටී කෑශ් එක සති දෙකකින් බේර ගන්න!"
"හරි සර් මම පුළුවන් දෙයක් කරණ්නම්!"
ඊළඟ විනාඩි 20 ඇතුලත මාගේ ගිණුමට මුදල් බැරවී තිබුනි.

ඔවුන් මා ඇනවුම් කල දිනයේ මා බැගෑපත්වෙද්දී භාන්ඩය යවා එහි පළුද්දක් වුනි නම් එය විසඳෙන්නේ මේ ආකාරයට නොවේ.
මා ඔහු නම් පාරිභෝගිකයා වෙත මෙම පලුද්ද පිළිබඳව දන්වන්නේද මේ ආකාරයට නොවේ.
"සර් ගෙදර ඉන්නවද? අපි ඩිලිවරි එක රෙඩි කරණ්න හදන්නේ. සර් ඒකට මොනවා  ග්‍රීටිං එකක් ලියලා කාර්ඩ් එකක් දාන්න පුළුවන්! සර්ගේ මැඩම්ගේ නම කිව්වානං. ආ සර් ඒ බෑග් එකේ යාන්තම් පොඩි මාර්ක් එකක් තියෙනවා හැන්ඩ්ල් එකේ. ඒක එහෙමට පේන්නේ නම් නෑ. සර්ට මම ෆොටෝ එකක් දාන්නද?"
මම කථාව කියන්නේ ජාතක කථාවක්ද අමුනාය. එවිට පාරිභෝගිකයා මා සමග පොඩි පහේ සම්බන්ධයක් ගොඩ නැගී අවසන් ය!

මා වසර 12කට ආසන්න කාලයක් සේවය කල යුනයිටඩ් මෝටර්ස් ආයතනයට සේවාව සඳහා ගෙන එන වාහන ඉඳ හිට අනතුරට පත්වේ. පාරිභෝගිකයා නොමැති අවස්ථාවලදී සිදුවන එවන් අනතුරු ඔහුට දැන්වීමට රාජකාරියෙන් බැඳී සිටියේ මාය. මා හෝ ආයතනයේ සේවකයෙකු කිසිදා කුණු හරුප අසා නැත!
ගුටි කාද නැත!!
අප එම සිද්ධීන් ඉතා සුහදව හා සාධාරණ ලෙස කළමනාකරණය කලෙමු!

බොහෝ වෙළෙන්දන් සහ සේවා සපයන්නන් පාරිභෝගිකයෙකුගේ වටිනාකම නොදන්නේය. ඔවුන් සිතා සිටින්නේ පාරිභෝගිකයින් අහසින් පහල වන්නන් කියාය. එසේ නැත. ඔවුන් දිනා ගත යුතු පිරිසකි.
එවන් සිද්ධියක් මෙහිදී මා හට මතකයට ඒ. . . . . !

මගේ මතකයේ හැටියට වසර 2010 විය යුතුය. වසර නිවැරදි නම්  දිනය ජනවාරි 24 විය යුතුමය.
2010 ජනවාරි 24 යනු මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා  පෙනී සිටී ජනාධිපතිවරණයට පෙර දිනයයි. මා එකල සේවය කලේ හයිඩ් පාර්ක් කෝනර් හි අපගේ වැඩහලේය. එදින එතරම් වාහන පැමිණි දිනයක් නොවීය. හවස් වරුවේ නිල් පැහැති මිට්සුබිෂි ලාන්සර් රථයක් සේවාව සඳහා පැමිණියේය. 
ඒ මොහොත වන විට: එදින සේවාව සඳහා වාහන ගෙන අවසන් වී තිබුනි. එහෙත් ඒ මහතාගේ බලවත් ඉල්ලීම නිසාම අපද බලවත් දුෂ්කරතාවය මැද ලාන්සරය සේවාව සඳහා ලබා දීමට ගත්තේය!
එකල අපගේ සේවා ස්ථානයට එන වාහන වල බඳ සේදීම (Body wash) සඳහා ඇහැළියගොඩ සිට පැමිණි වයෝවෘද්ධ අයෙක් විය. පෙරකී ලාන්සරයේ සියළු සේවා කටයුතු අවසන් කොට බඳ සේදීම සඳහා යොමු කොට තිබුනි. බඳ සේදීමෙන් අනතුරුව ලාන්සරය එතැනින් පසුපසට ගන්නා විට පෙරකී සේවකයා වාහනයේ ග්‍රිල් එක මත (ෂෙල්) සබන් පෙන ස්වල්පයක් දැක ඊට ජල විදිනයෙන් (High Pressure Gun) වතුර ඇල්ලුවේය. ඊලඟ තත්පරයේදී වාහනයේ එන්ජිම තුලින් යකඩ දෙකක් එකට ගැටෙන හඬක් නික්මිණ. ඒ හඬ එන්ජිමේ වේගය සමග උස්පහත් විය.
ලාන්සරයේ එයාක්ලීනරයට වාතය ඇද ගන්නා මුව (Air Cleaner Duct Line) ඇත්තේ ඉදිරිපස ග්‍රිල් එක අසලමය! එතැනින් ජලය වාහනයේ එන්ජිමට ඇදගන්නට ඇතැයි මා සිතුවෙමි.
මේන්න මේ බටය දිගේ තමයි ඇංජිම හුස්ම ගන්නේ. කොටිංම මේ අංජිමේ නහය කිව්වත් වරදක් නෑ!
මේ ඇංජිමේ නහය පෙනහළු ඇතුළු අනෙකුත් ස්වසන පද්ධතියේ ගැජ මැටික් ටික.
බලන්නකෝ නහය තියෙන්නේ කොතනද කියලා! අපේ වගේම මූන ඉස්සරහින්ම තමයි. ඇංජිමට පීණස හැදුනේ ඔතනිං වතුර ගිහිං තමයි.
මම වහාම මේ පිළිබඳව මාගේ සාමාන්‍යාධිකාරී පද්මන් වන්නිආරච්චි මහතා දැන්වූවේය. පැය භාගයක් නික්ම යන්නට මත්තෙන් එකල ඔරුගොඩවත්තේ මෝටර් රථ අංශයේ වික්‍රමපාල හෙවත් වික්‍රම අයියා හයිඩ් පාර්ක් එකට පැමිණියේය. ඔහු වාහනය පරීක්ෂාකොට බලා එන්ජිම තුලට වතුර ගමන් කොට (Hydro Lock)     එකක් සිදුවී ඇති බව නිගමනය කලේය.      Hydro Lock  එකක ප්‍රථි පලය වෑල්ව් ඇද වීම, ක්‍රෑන්ක් කෑම් ඇදවීම හෝ කැඩීයාම, එන්ජිම් බ්ලොක් එක පුපුරා පිස්ටන් අත් එලියට ඒම, පිස්ටන් අත් ඇදවීම වැනි භයානක ප්‍රථිපල ගෙන දෙන ක්‍රියාවකි. මා මේ ගැන සවිස්ථරව මෙතැන ලියා ඇති අතර මේ වැහි කාලේ එය කියවා බලන මෙන් සැමට ආරාධනා කරමි.
වික්‍රම අයියා; පදමන් වන්නිආරච්චි මහතාව දැනුවත් කිරීමෙන් පසුව පද්මන් මහතා එම දුරකථනයෙන්ම මා ඇමතීය.
"වික්‍රම වාහනේ තිබුනු විදියට හදලා දෙයි. පාරිභෝගිකයාට පහදලා ගැටළුවක් නො එන්න වැඩ සලසා ගන්න එක තමුන්ගේ වැඩක්! වාහනයක් පරිස්සම් කරලා ඔතන මිනිස්සුන්ට සේවාවක් කරලා දෙන්න බැරිද? තමුං ඕවා බලන්නේ නැද්ද! දැං ඔය පාරිභෝගිකයා මොකද කියන්නේ?"
"සර් මම කිව්වා මගේ වාහනෙන් එයාගේ වැඩ ටික කරලා දෙන්නම් කියලා . . . . . !"
"හං හං ! එයා ඒකට කැමති උනාද?"
"ඔව් සර්!"
"මම නං ඕවා දන්නේ නෑ! ඕවාට ආයතනයට වග කියන්නත් බෑ!
"හරි සර්!"
තවත් පැයකින් පමණ පාරිභෝගිකයා ආවේය.
ඉතා සෙමෙන් මා සිදුවූ දෙය පැවසුවේය.
එන්ජිම තුලට වතුර යන්නට ඇති බව නොකීමට මා පරිස්සම් විය.
"මේ සද්දෙත් එක්ක් වාහනේ රිලීස් කරණ්න එපා කියලා අපේ G.M. කිව්වා සර්! ඔරුගොඩවත්තට යවලා වාහනේ චෙක් කරලම සර්ට වාහනේ දෙන්නම්! අදට සර්ගේ වැඩ ටික මම කරලා දෙන්නම්"
"ඔයා දන්නවාද හෙට මට තියෙන වැඩේ? මම තමයි හෙට තියෙන මැතිවරණෙ ගම්පහ දිස්ත්‍රිකයේ ARO සහකාර තේරීම් භාර නිළධාරි - Assistant Returning Officer! හෙට දවසේ දිස්ත්‍රික්කෙ පුරා දුවන්න මට වාහනේ ඕන!
ඒකාලේ පැන්තරය මා ළඟ විය.
"සර් අවුලක් ගන්න එපා! මම සර් එක්ක අද ඉඳන් වාහනේ දෙන තුරු මගේ වාහනෙන් එන්නම්!"
ඔහු මා දෙස පුදුමයෙන් බලා සිටියා පමණි. ඔය අතරේ ඔහුත් මාත් අතර කුඩා දෙබස් කිහිපයක් හුවමාරු වුවත් කොහෙත්ම ගැටුමක් සිදු නොවීමට මා වග බලා ගත්තේය. අපරාදේ කියන්නට බැරිය. ඔහුද ගැටුමකට මග පෑදුවේ නැත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු නිවුනු "මහත්මයෙකි" !
ලාන්සරය ඔරුගොඩවත්තට යැව්වෙමි.
හවස මා වාහනය රැගෙන පාරිභෝගිකයා සමග පිටත් උනෙමි. ඔහුගේ පාසල් යන දියණිය උපකාරක පංතියකින් ගන්නට තිබුනි. ඉක්බිතිව ගම්පහටත් ඉන් ඈත  ගමකටත් ගොස් ඔහුව ඇරලවන්නටත් මට සිදුවුනි. 
ඒ සියල්ල කරණාතරතුර ඔහු මාගේ කිට්ටු හිතවතෙක් වී අවසානය. ඔහුව ගම්පහ නිවසට ඇරලවා ආපසු මා හැරුනේ හෙට උදෙම මැතිවරණ රාජකාරි සඳහා දිස්තික්කය පුරා ඇවිදීමට මා එන බවට පොරොන්දු වෙමිනි. එහෙත් මා මද දුරක් එනවිට ඔහුගෙන් ඇමතුමක් ලැබුනි. ඉන් පැවසුනේ  වෙනත් වාහනයක් සොයා ගැනීමට ඔහු උත්සාහ කරණ බවත් හෙට දිනයේ ඔහුව රැගෙන යාමට පැමිණීමට නිවසින් පිටත් වීමට පෙර ඔහුට ඇමතුමක් දෙන ලෙසය. 
පසුදින උදෑසන මා 6.00ට පමණ ඔහුට ඇමතුමක් ගත්තේය.
"ගුඩ් මොර්නිං! ඔයා කරදර වෙන්න එපා මම වාහනයක් හොයා ගත්තා! ඔයා පුළුවන්තරං ඉක්මනට හොඳට මගේ වාහනේ හදලා දෙන්නකෝ!"
වික්‍රම අයියා වාහනේ පසු දින හවස් වන විට ලාන්සරය සුපිරියටම අළුත්වැඩියා කොට තිබුනි. පාරිභෝගික මහතාව මා දැනුවත් කලද ඔහු වාහනය රැගෙන යාමට පැමිණියේ තවත් දින දෙකකට පමණ පසුවය.
 ආයතනයට පාරිභෝගිකයාව රැක දෙන්නට මට හැකියාව ලැබුනි. මටද ගැටළුවක් නොවීය. පාරිභෝගිකයා හට සිදුවූ හානිය පියවා දීමට මට හැකිවිය.

ඔහු වාහනය රැගෙන ගියේ මා හට ස්තූතිය පුදකොටය!
බොහෝ කලක් යන තුරුත් ඔහු සහ ඔහුගේ රථය යුනයිටඩ් මෝටර්ස් සේවා ස්ථානයේ දක්නට ලැබුනි.


14 comments:

  1. හොඳ හෙලිදරව් කිරීමක්. ව්‍යාපාර කරන සිංහල අයට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන්.

    ReplyDelete
  2. ඉගෙන ගන්නට / හිතන්නට දෙයක් ඇති වටිනා ලිපියක්. ස්තූතියි .

    ReplyDelete
  3. හරිම රසවත් සිදු වීම් වලින් ගහන අනර්ඝ පොස්ට් එක.ඒ වගේම කියවල ඉවර කරල මිසක් නවත්වන්න බැරි තරමට කුතුහලය දනවන රටාව.මම හිතන්නෙ මේ ලිපියෙ අන්තර්ගතවන ගුරු හරු කම් හා උපදේශ ව්‍යාපාර කලමනාකරනය පිලිබද දේශනයක් වගෙයි.

    ReplyDelete
  4. සිදු වුණු දෙයින් තව අයටත් දෙයි පාඩම්
    ඇත්තයි පෝස්ටුව කදිමය වෙයි මනරම්!

    ReplyDelete
  5. කියෙව්වා.
    +++++++++++++++👌💐🙏

    ReplyDelete
  6. මමනං තාම ඔන්ලයින් ඕඩර් කරල අරං තියෙන්නෙ ඕඩියුනෝ කිට් එකක් විතරයි. ඒකනං අවුලක් උනේ නෑ.
    ඔය වගේ ලේ පුච්චගන්න වැඩ සිද්දකරගන්න ඕන නැති හින්ද මම ඔය වඩේට එච්චර කැමති නෑ.

    ReplyDelete
  7. කෑ ගහනව කියල ඔහොමත් කෑ ගානවද බොල 🤭

    කප්රැකෙන් නම් බඩු අරං නෑ. වෙන ඔන්ලයින් ගන්න ඒවයෙනම් අනිත් කස්ටර්මස්ල දාල තියෙන feedback, කී දෙනෙක් අරගෙනද වගෙ ඒව හෙම බලල තමයි ඕඩර් කරන්නෙ.

    තමුන්ගෙ වාහනෙන් වැඩේ කරල හරි... ප්‍රස්නෙ විසඳපු එකට මයෙ හද පිරි මෙව්ව එක.

    ReplyDelete
  8. අපේ රටේ බොහෝ දෙනා බිස්නස් පටන් ගන්නේම "ගේමක් ගහන්න පුළුවන්නේ!" කියාමය. -- ගෙඩි පිටින් ඇත්ත. ඔය කප්රුක කියන්නේ මම දන්නා කෙනෙකුට බඩු ගන්න එපා කියන තැනක්.
    මම ඉස්සර ලන්ඩන් වලින් අක්කලාගේ මල්ලි ලගේ ළමයින්ට උපන්දින කේක් යවනවා. තෑගී යවනවා. ලොකු හෝටල් වල නම් දාල ඉංග්‍රීසි නම් දාල කේක් තියෙන්නේ. ඒ මදිවට මම තෑගිත් යවනවා. අම්මටත් යවනව. ඔහොම කාලයක් ගිහින් එක පාරක් ලංකාවේදී කේක් එක්ක ගත්ත හෙන අඩු ගාණකට. හොඳ කේක් එකක් අපේ කව්ශි නංගි (හිරු බ්ලොග්) හදනව වගේ. අපේ මල්ලි ගත් කටටම ඔව් කප්රුකට වැඩිය ලාභයි ලොකුත් වැඩියි. එතකොටයි දැනගත්තේ කප්රුක බඩු ඔන්ලයින් පෙන්වනවාට වැඩිය පොඩියි කියල. මම ලන්ඩන් වලින් ගෙවපු ගානත් පොඩි නැහැ. අරවගේ කේක් තුනක් විතර ගත හැකි. වැඩේ නැවැත්තුවා . අම්ම කියනවා - අපි මේක ඔයාට කියන්නේ කොහොමදකියල හිතුවේ. ඔයා හිත හොඳින් එවන එකනේ. කියල.

    ReplyDelete
  9. දෙවෙනි කොටස තමා මම නෑදෑයෙකුගේ ළමයෙකුට උපන් දිනේට ටෙඩි බෙයාර් කෙනෙකුයි චොකලට් එකක් නුයි යැව්වහම ඒ තාත්ත පොඩි sarcastic සටහනක් දාල තිබ්බ අඟල් තුනේ පුංචි ටෙඩියකුයි පොඩි චොකලට් එකකයි ගැන. පස්සේ මම තියල බැලුවහම ආයිත් වෙබ් එකේ තියන් මිනුම් වලට නෙමේ යවල තියෙන්නේ. හැබැයි සල්ලි අරන් තියෙන්නේ ලොකු ප්‍රමාණයේ එකකට. චූකලට් එකත් පොඩි එකක්. එදායින් පස්සේ මම ආයේ කප්රුකෙන් කිසිඩ් එයක් යැව්වේ නැහැ. සල්ලි නම් දෙනව ඉඳල හිටලා. - අර බැනිල්ල සර්ව සාධාරණයි

    ReplyDelete
  10. මේ දවස්වල සෙනසුරාදට රෑ දහයේ කණිසම එලඹෙන්නෙ නැද්ද කොහෙද. නමයෙන් පස්සෙ කෙලින්ම එකොළහ.

    ReplyDelete
  11. තිලිණ ප්‍රියසාද්June 9, 2024 at 1:23 PM

    ඔය ඔන් ලයින් ගෙන්නන කොයි බඩුවත් එකයි. පෙන්නන එක නෙමේ දෙන්නේ.. නංගි පෙන්නලා අක්කා දෙන එක ටිකක් හරි සාදාරණයි. ඒත් ඕකුන් දෙන්නේ නංගි පෙන්නලා ආච්චිව...
    මේකට එච්චර අදාල නැති උනත් මට තව පොඩ් කතාවක් මතක් උනා. මගේ යාලුවෙක් ඉන්නවා මෑන්ට ටිකක් විතර ලිංගික අසහනේ.. මෑන්ට දවසක් මොකක්දෝ මිතුරු සමා⁣ජෙක නම්බරයක් හම්බෙලා. ඌ ඒකට කතාකලාම සොවාමියා විදේස ගතවූ, වැන්දබු, දික්කසාද වගේ පුරං කුඹුරු 5 ක නම්බර් දෙනවා කියලා එකවුන්ට් නම්බර් එකක් දීලා. 2500 ක් දාන්ඩ කියලා. අපේ එකාත් පුරං හාන්ඩ ආසා එකා හින්දා අනේ 2500 ක් දාලා. නම්බර් පහකුත් එයාලා මූට දීලා. හැබැයි එකක්වත් වැඩ නෑ. ඉතින් මූ හිතේ අමාරුවටත් එක්ක මට ඔය කතාව කිවුවා. ඒ කියලා ඔන්න ඔහේ ආයි අරන් බලමු කියලා අපි දෙන්නා එක්ක ආයෙ නම්බර් එකින් එකට ඩයල් කරලා බලනවා.
    පලවෙනි නම්බරේ වැඩ නෑ..
    දෙවෙනි එකත් වැඩ නෑ....
    තුනත් නෑ...
    හතරත් නෑ...
    ඒත්... අම්මට සිරි මෙන්න අන්තිම නම්බරේ ඩයල් කලාම රින්ස් යනවා.. යාලුවගෙ කට කනේ..ඒතරං සතුටුයි..

    ඔන්න එහා පැත්තෙන් ලස්සන ගෑනු කටහඬකින් හලෝ කිවුවා...
    මගේ යාලුුවත් මෙහා පැත්තෙන් බෝම වැදගත් විදියට හලෝ කිවුවා.. හලෝ කියලා ඔයා කොහෙද ඇහුවා. ඇහැලියගොඩ කියලා එයි කිවුවා. දැන් ඉතින් සංවාදෙ යනවා.. යාලුවා පෝන් එක අරන් ටිකක් එහාට ගියා.. ටිකකින් මූ එනවා මහසෝනට බයවෙලා වගේ දාඩිය දාගෙන...

    අර පොන් එකෙන් හලෝ කියපු කාන්තාව මූට කිවුවලු එයා වැඩකරන්නෙ පොලිසියේ කියලා. ඒත් මගේ යාලුවා හිතලා අරයා විහිලු කරනවා කියලා. ඒපාර එයා ලඟහිටපු රාලාමි කෙනෙකුට පෝන් එක දීලා. රාලාමි මූට කිවුවලු මං තෝව ගෙනල්ලා -------- දෙක තලලා කූඩුවට දානවා ආයෙ මේ නම්බරේට කතා කලොත් කියලා....

    ReplyDelete
  12. කප් රැක ගැන මටත් සෑහෙන්න ගැටළු තියෙන නිසා දැන් පාවිච්චි කරන්නෙ බැරිම අවස්තාවක විතරයි. නමුත් මෙතන පාරිභෝගිකයන්ගේ හැසිරීමත් වෙළෙන්දන්ගේ ගසා කෑම් වලට එක හේතුවක් නේද? ඕනෑම ඔන්ලයින් බඩු විකුණන ලන්කාවේ තැනක (කප් රැකම ගමු) රිවිව්ස් දාන්නෙ කීදෙනාද? ඒ රිවිව්ස් ද්වේශසහගත බොරැ නෙමේ කියල විශ්වාස කරන්න හැකිද? රිවිව්ස් බලල බඩු ගන්නෙ කීදෙනාද? ශක්තිමත් සාධාරණ රිවිව්ස් කියන්නෙ වෙළෙන්දන්ව පාළනය කළ හැකි ලොකු අවියක්. ඇමේසන් හෝ වෙනත් ඔන්ලයින් බඩු විකුණන තැන් වල පිටරටවල මිනිස්සු බඩු ගත්තාම ඒව වල නරක වගේම හොඳත් ෆොටෝ ගහල විස්තර දාල තියෙනවා බොහොම සාධාරණව වෙලාව අරගෙන මහන්සි වෙලා. අන්න ඒ පරාර්ථකමී බුද්ධිමත් හැසිරීම අපිට නැහැ. ඒක නිසාම පාරිභෝගිකයො අතර සමගියක් නැහැ, වෙළෙන්දො පිස්සු නටනවා. සමහර දේවල් වලට පාරිභෝගිකයෝ වෙනමම සයිට් හදාගෙන ඉන්නවා. ඇමරිකාවේ ප්‍රොෆෙසර්ල රේට් කරන Rate My Professor සයිට් එක හොඳ උදාහරණයක්. නමුත් මේව විශ්වාසනීය වෙන්න නම් මේව වල කියන දේවල් සාධාරණ සහ ඇත්ත වෙන්න ඕනෙ. නමුත් අවාසනාවකට ලන්කාවේ නම් ගොඩක් වෙලාවට මේ වගේ රිවිව්ස් වල බොරැ, ද්වේශසහගත දේවල් වැඩියි. මතකනේ අරගලය දවස් වල ගලදාරී හෝටලය අරගලයට සපෝට් නෑ කියල බොරැ, ද්වේශසහගත රිවිව්ස් දැම්ම කට්ටිය හෝ ගාල. මේ වගේ හැසිරීම් නිසා රිවිව්ස් වල අගය සෑහෙන බාල වෙනවා.

    ReplyDelete
  13. ඔබේ කතාව මුල සිට අගටම කියෙව්වා. ඔන්ලයින් ඕඩර් කිරීමේ වාසි ගොඩක් වගේම අවාසිත් තියෙනවා. නියම ප්‍රමාණ හරි හැටි තේරුම් නොයාම සහ ෆොටෝ වල තියෙන තරම් ඒවා හැබැහින් හැඩ නොවීම ඒ වගේ දේවල් . හැබැයි රිෆන්ඩ් කිරීමේ පටන් රිටර්න් ක්‍රියාවලිය වගේම පසුදින බෙදා හැරීමත් මෙහි තියෙන නිසා ඔය තරම් දුක් විදින්න වෙන්නෙ නැහැ.

    හැබැයි කප්රුකේ කතාව නම් හරිම නරකයි. කැනඩාවට පැමිණි මුල් කාලයේ අවුරුදු 5 ක් විතර ලංකාවේ මගේ දෙමාපියන්ට උපන්දින , අවුරුදු සහ වෙනත් අවස්ථා සදහා දේවල් යවන්නට කප්රුක තෝරාගත්තේ වෙන සැලකිය යුතු තරමේ ආදේශක නොතිබුණු හින්දයි . ඒ හැම අත්දැකීමක්ම කෙලවර වුනේ හොද විදිහට නෙවෙයි. කැඩුණු බඩු , පුස් බැදුණු කෑම වගේම වෙලාවට ගෙනිහින් නොදෙන එකත් සාමාන්‍ය දෙයක් වුනා. හිතට දුකම දේ ඩිලිවරි එකට අමතරව ඔවුන් ඒ බඩු වලින් ලබාගෙන තිබුණු අමතර ලාභය බොහොම අසාධාරණ බව පැහැදිලිවම ඔප්පු වුනු හින්දයි . ඊට අමතරව දත්ත විවිධ ආයතන වලට විකිණීම තුලිනුත් ඔවුන් මුදල් උපයන බව ආරංචියි.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...