හර බර නොව රස බර , නිස්කාන්සුවේ නොව එකසිය ගානට වැඩකටයුතු මැද, පත් අට එකට සිඳුවාගත් කසාය වඩියක් නොව වැඩි සීනි ප්ලේන්ටියක් වී, සමාජයට නියමුවකු නොවී සීන් එකේම එකෙක් ලෙස, පොරක් නොව බුවෙක් විදියට, ටෝක් නොදී කයියක් ගහන, කැළෑ පත්තරයක් නොව; බෙල් එක ගසා බයිසිකලෙන් බෙදන සඟරාවක ඩිජිටල් කොපිය !
Saturday, March 16, 2024
283. තිස් අවුරුදු රථ මතක . . . . (16)
Monday, March 11, 2024
282. ලක්ෂිත සමග මගේ මතක!
පාසැලේ 8 පන්තියෙදී පමණ ඔහු ගැන මගේ හිතේ මතකයක් ඇත. අව්‍යාජ මෙන්ම ඉතා සුන්දර සිනහවක් ඔහුගේ මුහුණේ නොතිබූ මොහොතක් නොවීය!
Saturday, March 2, 2024
281. බ්‍රෝකරයෝ සහ කේවලයෝ
මේක හරියටම තේරෙන්න මම පොඩි කථාවක්ම කියන්නම් ඒකාලේ ඒ කියන්නේ අපි උසස් පෙල ලියපු කාලේ (විශ්වාස කරණ්නත් අමාරුයි නේ?) අපේ මිත්‍රයෙක් උන්නා රන්ති රොහාන් ගමගේ කියලා. උන්නැහැ හිටියේ රාවතාවත්තේ.
රන්තිගේ තාත්තට තිබ්බා ලී බඩු වෙළඳ සැලක්. ලී මඩුවක්. වගේ සෑහෙන ලොකු ව්‍යාපාර වගයක්. මේ නිසාම ඒ ආනුභාවයෙන් රන්තිට ඉස්කෝල ගමන නවත්වන කොටම පොඩිත්තං ව්‍යාපාරයක්ම අටවලා දීලා තිබ්බා තාත්තා. ඒ කාර් සේල් එකක්. අපිට "වඩයක් එක්ක ෆුල් ප්ලේන්ටියක්" බොන්න රුපියල් පහක් නැති කාලේ රන්තිට තිබුනේ කාර් සේල් එකක්.
එයා වාහනයක් ගන්න යනකොට අපි තුං හතර දෙනෙකුත් එල්ලිලා යනවා. අපිට අවශ්‍ය "තේ සිගරට් බුලත් විට" සියල්ල රන්තිගෙන් අඩු නැතිව සැපයුනා.
රන්ති වාහනය අයිතිකාරයා එක්ක; ඒකේ ගාන අඩු කරණ්න ඔට්ටු වෙන කොට අපි කලේ වාහනේ වටේ ඇවිද ඇවිද ඒකේ අඩුපාඩු අයිති කරු ඉදිරියේම රන්තිට රපෝර්තු කරන එකයි! වාහනයේ අයිති කරු දත් කූරු කමින් මිල අඩු නොකොට සිටිනා වෙලාවල් වල අපේ ඇහින්දාස් වැඩේ ටක්කෙටම හරිගියා! අපිත් මැද්දට පැනලා වෙලාවකට; තව පන්දාහක් - දහ දාහක් අඩු කරණ්නට හේතු සපයමින් අඩුවට ඉල්ලමින් "මැරෙන්න හැදීම" කේවල් කිරීමක් වන අතර අප ඒ කාලයේ කේවලයෝ වූහ!
"අනේ මල්ලී වාහනේ ගන්නවා නං ගන්න නිකං කේවල් කරණ්න එපා!" කියා හිසේ කෙස් ගානට (කවුද කිව්වේ මගේ කියලා; රන්තිගේ!) අසා ඇති නමුදු අපි අපගේ සේවය; රන්ති කාර් සේල් එක වසන තෙක්ම කරගෙන ගියෝය!
කාලය ගෙවී යත්ම මා හටද රෝද හතරක් සතුවූ දශක තුනකට පමණ පෙර කාලයේ සිටම මාගේ වාහන කේවල් කිරීමට මා කිසිදා ඉඩ දුන්නේ නැත!
"ඔයාට විකුණන්න ඕන ගානට වඩා කීයක් හරි වැඩියෙන් දාන්න! එතකොට ගන්න ආවාම අඩු කරලා දෙන්න!" කියා කීවත් මා අදටත් වාහනයක් විකුණන්නට දැන්වීමක් දාන්නේ; එහි නියම විකුණුම් මිළෙනි! සමහර විට එය මිළදී ගන්නට එන එකා "මැරෙන්නට හැදුවාම"; මරණ පරීක්ෂණයට සාක්කි දීමට ඇති අකමැත්ත නිසා කීයක් හරි අඩු කොට ඇතත් ඒ කලා තුරකිනි!
වරක් මාගේ වාහනයක් මිලදී ගන්නට එන අයෙකු තවත් කේවලයෙක් එක්ක ආවේය. ඒ "බාස්" කෙනෙකුගේ ස්වරූපයෙනි. මා වාහනයේ මිල පැවසූ පසු කේවලයා හෙවත් බාස් වාහනය උඩයට රිංගා එන්ජිම ගිල මුහුණ ඇඹුල් කරගෙන ගැනුම් කරුත් මාත් සිටි තැනට පැමිණියේය."මහත්තයා මේක ඔයා ගත්තොත් අඩුම තව රුපියල් ලක්සයක් වත් වියදම් කරණ්න වෙනවා වාහනයක් කරණ්න!"
"වාහනයක් කරණ්න!" "රුපියල් ලක්සයක්!?" එම වගන්ති දෙක මගේ කනේ දෝංකාර දෙමින්ය! සාමාන්යයෙන් මම වාහන අටවා දුවන හෝ විකුණන කෙනෙක් නොවේ! "මූ මේ හදන්නේ වාහනේ කේවල් කරණ්න!" මගේ හිත මට කීවේය.
"මල්ලී මෙයා හොඳ බාසුන්නැහැ කෙනෙක් වෙන්නැති නේ!? ඇත්තටම මම හිතාගෙන හිටියේ මේ වාහනේ ගොඩ දාගන්න මට ලක්ස දෙකක් තුනක් වත් යයි කියලා! ඒත් මේ බාසුන්නැහැම කියනවා නං ලක්සෙන් ගොඩ දාගන්න පුළුවං කියලා; අනේ තරහ වෙන්න එපා ! මම වාහනේ දෙන්නේ නැහැ - හදා ගන්නවා!" මම ගැනුම් කරුට බොහෝම කාරුණික ස්වරයෙන් කීවෙමි!
"නෑ! නෑ!! අයියේ කමක් නෑ අපි හදා ගන්නම්!" කියා ගැනුම් කරු කෙතරම් පැවසුවත් මම ඔහුට වාහනය දුන්නේම නැත!
මාවරමණ්ඩියේ ආනන්ද අයියා කියන්නේ ගැරේජ් කරුවෙකි. ඔහු සතුව ජීප් තිබුනේ ඒ කාලයේ සිටමය. කාලයකට පෙර මිට්සුබිෂි 4DR5 ජීප් කිහිපයක්ම තිබුනත් පසු කලෙක ටොයෝටා ලෑන්ඩ් කෲසර් BJ40 මිළදී ගැනීමත් සමග ඔහු එය දරු කමට හදා ගන්නට විය! ඔහු ෆොර්ටියට කොයි තරම් ආදරය කලාද කියනවා නම් එක් වරක් වාහනය විකුණා පසුදා උදෑසන ආපසු රැගෙන ආවේ වැඩිපුර රුපියල් 25000 ක් ලබා දීය! ඒ කාලේ ෆොර්ටිය විකුණන්න ඇත්තේද රුපියල් ලක්ෂ පහ හය කටය!
වරක් ආනන්ද අයියා ෆොර්ටිය විකුණන්නට ලෑස්ති උනේ ඔහුගේ පුතා නවසීලන්තයට ගිය අලුතමය! ඉක්මන්.ල්ක් හො ලහිපිට හරහා ගැනුම් කරුවෙකු සෙනසුරාදා උදේම ආවේලු. ඔහු පැමිණ ඇත්තේ තවත් දෙදෙනෙකු සමගය. ඒ අතුරින් එක් අයෙක් මිකනික් හෙවත් බාසෙක්ය! වාහනය ගෙදරින් එළියට ගත් ආනන්ද අයියා මාවර මණ්ඩියෙන් උඩුපිල පැත්තට හැරී පදවාගෙන ගොස් ඇත. ඉදිරිපස අසුනේ වාහනය මිළදී ගැනීමට පැමිණි අයය. පසුපස ඔහු සමග ආ හිතවතා සහ බාස් ගොයියාය.
ටික දුරක් ධාවනය කොට දරණාගම ඉස්කෝලේ පසුකරමින් ඉඩ ඇති තැනක් බලා ෆොර්ටිය නැවැත්වූ ආනන්ද අයියා "පොඩ්ඩක් එළවලා බලන්නකෝ!" කියා ගැනුම් කරුට ඉල්ලීමක් ලෙස අවසරය දුන්නේලු.
ගැනුම් කරු ඉදිරිපස ආසනයෙන් බැස පිටුපසට ගොස් බාස් ගොයියාට වාහනය පදවා බලන මෙන් පවසා ඇත. බාස් රියැදුරු ආසනයේය! ආනන්ද අයියා ඉදිරිපස ආසනයේය!
බාසා වාහනය ගසාමින් කලචෙක දමා ගැසුවේය! වාහනය ගැස්සි ගැස්සී ගොස් යන්නට පටන් ගත්තේය. එතැන් පටන් වාහනයේ බ්‍රේක් ගසන්නටත් "බර බර" ගාමින් ගියර් දමන්නටත් ක්ලච් පාදිකය ගස්සමින් අතාරින්නටත් විය.
මීටර 100ක් 150ක් යන්නට ඇති! ආනන්ද අයියාගේ ගිණි කන පැන්නේය.
"ඔයා ඔය වාහනේ මොනවද ටෙස් කරණ්නේ? නවත්තන්න වාහනේ!"
වාහනය පාර අයිනේම "ක්‍රීස්" ගාමින් නැවැතුනේය!
ආනන්ද අයියා වාහන්යෙන් බැස රියැදුරු ආසනය වෙත ගොස් දොර ඇරියේය.
"තමුසෙ මොන බාස් කෙනෙක්ද?"
"ආ! අයියේ මම ටිංකරිං ප්ලේන්ට් කරණ්නේ . . . . !?"
"බැහැපිය ........පුතා එළියට!"
ආනන්ද අයියා රියැදුරු අසුනේ උන් බාසාව උරහිසෙන් ඇද බිමට වැඩැම්මුවේය. ඊළඟ මොහොතේ වාහනය පන ගන්වාගෙන ගෙදර ආවේය. ගැනුම් කරු කොර වෙලාය. වැඩේ හොඳම සීන් කෝන් එක වන්නේ බාසාගේ මුදල් පසුම්බියත් මොබයිලයත් දෙකන වම්පස ආසනය මත තිබෙනු දැකීමය!
"කමක් නෑ! බස් හෝල්ට් හතරයිනේ ඕකා පයිං එයි!" ආනන්ද අයියා කියන්නට කලින් ගැනුම් කරු පැවසුවේලු.
""මම වාහනේ විකුණන්නේ නෑ!" බහින්න බහින්න ඔයගොල්ලොත්!" ආනන්ද අයියා මාවරමණ්ඩියෙන් ඉතිරි දෙදෙනාද අතඇර ගෙදර ආවේලු!
මෙවන්ම වූ සින් එකක් මම අපේ කුඹුර විකුණන්න යද්දීද වූවේය. ගැනුම් කරු මුදල් දෙන්නය යද්දීම එතැන සිටි බ්‍රෝකරයා "ඔය කුඹුර ගත්තට වැඩක් නෑ! සෑහෙන්න වියදං කරණ්න තියෙනවා!!" කියා ඇද පැද කීවේය.
"හරි වැඩේ කෙරෙන්නේ නෑ! එච්චර වැඩකට නැති එකක් තමුසෙලා ගන්න ඕන නෑ නේ! දෙන්නෑ කුඹුර!" වැඩේ කෙරුණේ ගැනුම් කරු බ්‍රෝකරයාට කුණු හරුප දෙකක් කියා අපගේ නිවසෙන් එළියට බැස්සූ පසුවය! එයත් බොහෝ සේ ක්ං කෙඳිරි ගෑමෙන් පසුවය!
මෙවන් රස කථා බොහොමයක්ය! මේ දිනවල පවතින අධික අවිවේකී බව නිසාම පසුව ලියමු! ස්තූතියි කියවන්නට ආවාට!
23. ගඟක් දිගේ ගිය ගමනක්
"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...