32 දෙදාහස් කාණ්ඩේ මේ වාහන රොත්ත හෙවත් ෆ්ලීට් එක තිබුනේ ලංකා බැංකුවේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේය. මේ හැම වාහනයක්ම අදටත් කෙලින් කටින් තිබෙන වාහන ය. රජයේ ආයතන අතුරින් වෙන්දේසිවලින් ලැබෙද්දී ආයේ ගන්න සංසාරයක් නොමැති වාහන ශ්‍රී ලංකා පොලීසියේ ඒවා ලෙස ක්ෂේත්‍රයේ බොහෝ අය පවසනු මා අසා ඇත.
ඇලොයි රිම් හතරකින් සමන්විතවූ එම රථය දුටු වනම මාගේ සිත පැහැර ගැනීමට සමත් විය! කිසියම් කටයුත්තක් සඳහා මා එම ස්ථානයට ගිය අවස්ථාවක මෙම රථය දැක; එහි අයිතිකරු පැමිණෙන තෙක් එහි රැඳි සිට ඔහුගෙන් එය පිළිබඳව කරුණුන් විමසා බැලුවේය.
ඔහුගේ නම රසික බවත් ඔහුගේ වගතුගත් මා අසා දැනගත්තේ එවිටය. ඔහු අගනුවරින් ඈත නගරයක තරුණයෙකු විය. ඔහුගේ කොළඹට සංක්‍රමණය වී තිබුනේ රැකියාව නිසා විය යුතුය. මෙසේ අගනුවරට සංක්‍රමණය වූ බොහෝ අය තුල තිබූ හීනමානය මා පලමු දිනයේම ඔහු තුලත් දුටු වෙමි. ඔහු මා සමග කථා කලේ මාව පයිසයකට මායිම් කරමින් නොවේ! අද ව්‍යවහාරයෙන් පවසනවානම් "ලොකු ලයින්" එකෙන්ය! ඔහු එම වාහනයට හාරලක්ෂ පනස් දහසක මිලක් පැවසුවේය. සත්තකින්ම එය ඒ කාලයේ හැටියට නොවටිනා මිලකි. මා වාහනයේ මිල තරම්ක් පහත හෙලීමට කථා කලද ඔහු ඊට දැක්වූයේ නුරුස්සනා බැල්මක් පමණි.
එකල මා සතුව පැවතියේ 32 ශ්‍රී 0862 නිසාන් පැට් රෝල් රථය ය. මා කලින් පැවසූ රසිකගේ රථය දුටු දිනයේ සිට මොලේ දන්න පටන් ගත්තේය. ඇනෙන් ඇනේට ඔරිජිනල් තත්වයට පැවති එහි සෑම මීටරයක් ස්විච් යතුරක් බොත්තමක්ම වැඩකරණා සේයාවක් එදින මා දුටුවෙමි.
ඊට සාපේක්ෂව මාගේ 865 දාච්ච වැඳිරියකි!
Nissan Patrol High Roof J160SU රථයට උපතේදී හිමිව තිබූ Swing Doors නො එසේනම් සැලූන් දොරවල් වෙනුවට Tail Gate දොරක්; මාගේ 32-0865 ට මෙරටදී නිමවා සවි කොට තිබුනේය. සැලුන් දොරවල් හෙවත් Swing Doors යනු දෙපැත්තට ඇරිය හැකි දොරවල්ය. ටේල් ගේට් Tail Gate දොරවල් යනු පහත කොටස පහතටත් ඉහල කොටස ඉහලටත් ඇරීමට හැකිවන සේ සකසා ඇති දොරවල්ය.
Nissan Patrol Standard Roof (Flat Roof) K160U රථයට කර්මාන්තශාලාවෙන් සවිකර ඒවන්නේම Tail Gate දොරකි. මෙහි වාසිය වන්නේ උඩින් ඇති වීදුරුව උඩට ඔසවා යටි දොර පහලට ඇර ගත් පසු එය මේසයක් සේ සකසා ගත හැකිවීමය. මෙරට ගරාජයකින් සකසා ගත් මගේ දොරෙන්ද එම කාර්‍යයම මා ඉටු කර ගත්තෙමි.
වහලය සහ පසුපස දොර වෙනස් කල 32-0865 වස්ගමුව අතර මග!
රථයේ මූලික හැඩය වෙනස් නොකොට එහි පසුපස සවිකොට තිබුනු Fiber වහලය ඉවත් කොට ඒයට මා විසින් නිර්මාණය කල වහලක් විය. එය සුසුකි සමුරායි රථයේ රෙදි වහල (Soft Top) එකට අනුකූලවය! ගෙවල් අසල ග්‍රිල් ගේට්ටු වැඩ පොලකින් රාමුව සකසා ගත් අතර විජේරාමේ Upholstery වැඩ පොලකින් රෙද්ද මසා ගත්තෙමි.
මට අවශ්‍ය වූවේ ටොයෝටා ඩබල් කැබ් රථයකි. මීට කලකට පෙර මාගේ 32ශ්‍රී5460 ලෑන්ඩ් කෲසරයේ එන්ජිම සවිකිරීමේදී උපදේශකත්වය ලබාදුන් ටොයෝටා සමාගමේ ගාන්ධි අයියා වාහනයක් පිළිබඳව ඔත්තුවක් ලබා දුන්නේය.
ඒ කොටහේනේ ඩිමෙසලන්ඩ් හවුස් හි ප්‍රධාන පියතුමා පාවිච්චිකල කැබ් රථයයි.
එය ටොයෝටා සමාගමෙන් හෙවත් ෆෲඩන්බර්ග් සමාගමෙන් අලුතින්ම මිළදීගෙන සමාගමෙන් සියළු නඩත්තු හා සේවාවන් කල රථයක් විය.
එහි අංකය 50 ශ්‍රී0800 විය. ටොයෝටා LN65 මාදිළියේ රථයකි. එය බලගැන්වූයේ 2L - 2400CC එන්ජිමකිනි.
වාහනයේ අඩුපාඩුවකට තිබුනේ සිගරට් ලයිටරය පමණි.
කිසිදු ඇද පලුද්දක් නොවූ ඒම රථය වැඩි කාලයක් මා සමග නොරැඳුනි.
එකල රත්නපුරයේ මැයි ගහ යට හංදියේ ටොයෝටා සමාගමේ අනුබද්ධ ආයතනයක් ලෙසින් වැඩහලක් ආරම්භ වුනි. එහි අයිතිකරු වූයේ එවකට කතරගම බස්නායක නිළමේ තැන්පත් නිලංග දෑල ය.
නිලංග මාගේ පාසලේ මට පහල පංතිවල අකුරු කල අයෙකි.
ඒ නිසාම නොව ටොයෝටා සමාගමේ අනුබද්ධ ආයතනයක් ලෙස පෙන්නුම් කල නිසාම මාගේ ටොයෝටා රථයේ සියළු නඩත්තු හා සේවා සඳහා යොමුකලේ එතැනටය.
දිනක් එහි තිරිංග පද්ධතියේ හෙවත් බ්‍රේක් අළුත්වැඩියාවකට එහි ගිය අවස්ථාවක එහි කාරමිකයෙකු එය පදවා වෑන් රථයක් හා ගැටුනි. මේ සමගම එහි ඉදිරිපස ඇක්සලයේ නකල් (බෝලය ) අසල පසු පසට පැමිණ කුඩා නැම්මක් ඇතිවිය.
මේ සඳහා අළුතින් ඇක්සලයක් සපයා දීම එම ආයතනයෙන් පැහැර හැරිය අතර ඔවුන් ඒ සඳහා රුපියල් 5000 ක හෝ 10000 ක මුදලක් මාවෙත ලබා දුන්නේය.
රථයේ ධාවනයේදී කිසිදු ලෙසකින් එය නොදැනෙන සේ ඉදිරි රෝද වල එකෙල්ල හෙවත් (Wheel Alignment) සකසා තිබුනද එය මගේ සිතට මහත් වදයක් ගෙන දුන් කාරණයක් විය.
කාලය මෙසේ ගෙවී යද්දී මා ලංකා නිපෝන් ආයතනයෙන් ඉවත්වී සේවය සඳහා පානදුර පර්ෆෙක්ට් ෆිට් නමැති ඕස්ට්‍රේලියානු ආයතනයට බැඳුනෙමි. එම ආයතනයේ සේවය කල මානව සම්පත් අංශයේ සාමාන්‍යධිකාරීවරයා මෙම කැබ් රථයට; දුටු දිනයේ පටන් කෙළ හලන්නට විය. දන්නා හිතවතුනට වාහන විකිණිම අති භයානක කාරණයකි. විකිණීමෙන් පසුව රෝදයක හුළං බැස්සද එය මුල් අයිති කරුගේ අවුලකි.
"වාහනය විකුණා ඇත්තේ පරණ ටයර් දාලා!"
"හරි ගානට හුළං ගහලා නෙවෙයි පාවිච්චි කරලා තියෙන්නේ!"
"ටයර් ටික දැම්මාම ගත්තු ලාභෙ ගිහිං ඉවරයි!"
"ඔයා දන්නේ නැද්ද මේකෙ රෝදෙක පැච එකක් කියලා!'
"පැච් එකක් කියලා ගැලෙව්වාම පැච් හතරක්!"
"ඉස්සෙල්ලා දාපු එකකිනුත් යනවා! ඒක හරියට දාලා නෑ!"
මෙවැනි කථා රාශියක් අහන්නට සිදුවේ! කොහොමත් මා වාහන විකුණන්නේ වාහනය ගැන හරියට කියා අවසානයේදීය. මිළ අඩු කිරීම මා නොකරණ තරම් ය!
"මෙහේ ඉඳන් යාපනේට ට්‍රයල් එකක් දෙන්නම්!" මම කියන්නේ බොරුවකට ඇන්දීමට නොව මා පාවිච්චි කරණ වාහනය කෙතරම් පැරණි වුවත් එය ඒතරම් හොඳට ධාවන තත්වය නඩත්තු කරණා බැවිනි.
කැබ් රියේ ඇති ඇක්සල් දෝෂය ඇරුනාම වෙන ඉහෙන් බහින රෝගයක් තිබුනේ නැත. මම එයද පැවසූ පසු ඔහුගේ කාර්මිකයා පැවසුවේ "රතයක් දාලා කෙලින් කර ගත්තාම ඉවරයි!" කියාය.
බාස්ලාගේ භාෂාවෙන් "රතයක් දානවා!" යනු රක්ත තප්ත වන තෙක් රත් කිරීමය.
සත්තකින්ම එයට පිළියම එයම වුවද මාගේ හිතට එය හරි මදිය! ඒ නිසාම මා රටේ හැම අස්සක් මුල්ලක් නෑරම හොයා බැලූ මුත් අලුතින් සොයා ගැනීමට අපොහොසත් විය.
මේ වන විට මම පවුලේ අය සමග නුවර පින්නවල ප්‍රදේශයේ හා අම්බලන්ගොඩට සංචාරයක් පමණක් ගොස් තිබුනි.
කැබ් රිය ඉල්ලූ දින සිටම මාගේ හිතේ හොල්මන් කරණ්නට වූයේ රසිකගේ නිසාන් පැට්රෝල් ෆ්ලැට් රූෆ් රියය. මෙය විකුණූ සැණින් එය මිළදී ගැනීමට මාහට හැකිය! සත්තකින්ම අද වුවද මා එයට ඇලුම් කරණ්නෙමි. එය ඒතරම්ම කඩවසම් රථයකි.
කෙසේ හෝ වේවා අවසානයේ මානව සම්පත් අංශයේ සාමාන්‍යධිකාරී සුමුදු සිල්වා විසින් මිලදී ගන්නට යෙදුනි.
ඒ සඳහා පානදුර හැටන් නැෂනල් බැංකුවෙන් ඔහු පුද්ගලික ණයක් ගත් අතර එයට සාක්ෂි වශයෙන් අත්සන් කලේද මම මය!
වාහනය විකුණූ දිනට පසු දින මා රසික හමුවීමට නිවෙස සොයා ගියෙමි. නිවෙස තිබුනේ තලාහේනේය. වාහනයේ හැඩ හුරුකම් කී පමණින් ඔහු නැවතී සිටි නිවෙස සොයා ගැනීමට මා හට අපහසුවක් නොවීය. මා එහි යන විට රසික නිවෙසට පැමිණ නොසිටියේය. තවත් පැය බාගයකට පමණ පසු ඔහු ස්වකීය අජානීය අශ්වයා පිට පැමිණියේය. ඔහු එම අවස්ථාවේදී පවා දැක්වූයේ අප්‍රසන්න ප්‍රථිචාරයකි!
"නෑ! මං මේක විකුණන්නේ නෑ!" ඔහුගේ තනි පිළිතුර විය. මා කිහිප වතාවක් ඔහුව වාහනය විකිණීමට නම්මා ගැනීමට උත්සාහ කලද ඉන් පලක් නොවීය. මා දත් කූරු කමින් රාත්‍රියෙම හිස් අතින් නිවෙසට පැමිණියේය.
සත්තකින්ම දත්කූරු කෑවද පලක් නැත. මාගේ කැබ් රිය විකිණීමට පෙර මා රසිකගෙන් ඒ ගැන විමසුවේ නැත! සත්තකින්ම වරද මා අතය. රසික මොනතරම් නොසන්ඩාල ලෙස හැසුරුනද තම වාහනය නොවිකිණීමට ගත් තීරණය පිළිබඳව වරදක් කීමට නොහැක!
එක් වාහනයක් විකුණා තව වාහනයක් ගැනීමට යාමේදී සියල්ල නැතිවූ පලමු කන්ථක අස්වයා මා නොවේ. ඒ නිසාම පපුව පැලී මිය යාමට අවශ්‍ය නැත!
මේවා කාට කාටත් හොඳ පාඩම් ය!
මාහට දැන් අවශ්‍යවී ඇත්තේ මොන විදියට හෝ Nissan Patrol Flat Roof රථයකි. ඒ අනිත් ගොං කමය!
මේ පිළිබඳ රසවත් ජාතක කථාවක්ද මා අසා ඇත. එයින් කියැවෙන්නේද ආවේගය මුල් කරගෙන ක්ෂ්ණික තීන්දු තීරණ ගැනීමේ අනිටු පල විපාකයන් ය. මේ මොන දාර්ශණික කථා කීවත් රසිකගේ නිසාන් පැට්රෝලය හිමි කර ගැනීමට නොහැකිවීමේ දුක මාහට හිතෙන් අයින් කර ගැනීමට නොහැකිවිය.
ඒ වන විටත් 32ශ්‍රී0865 ගෙදර තිබුනද මාහට හිත හදා ගැනීමට අපහසුවිය.
මීට හේතු කිහිපයකි. වාහනයක් යනු මාහට හුදෙක් පාරිභෝගික වස්තුවක්ම පමණක් නොවේ. එය මිළදී ගැනීමෙන් පසු ගෙදර තවත්සාමාජිකයෙකුගේ තත්වය එයට හිමිවේ.
අපගේ නිවෙස පිහිටා ඇත්තේ බස් පාරෙන් කිලෝමීටර එක හමාරක් ඇතුලතය. එම බස් පාරේ බස් ධාවනය වූවේද අවාරට රට දෙල් වැටෙන්නා මෙන් උන්ට ඕනෑවට විනා අපිට අවශ්‍ය පරිදි නොවේ. මේ නිසා සත්‍යය වශයෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බස් දුවනා පාර වූයේ නුවර පාරය. ඊට අපගේ නිවසේ සිට කිලෝමීටර 3ක් පමණ වේ. මේ නිසාම වාහනයක් යනු කුස්සියේ කපාගෙන කන පිහිය සේම අත්‍යාවශ්‍ය පාරිභෝගික වස්තුවකි.
ඊටත්; කුඩා කල මාගේ ආදරණීය මවට රථ කල්කය හොයා ගැණීමට නොහැකිවීමෙන් රථගාය; මාහට සැමදා උත්සන්නව තිබූ රෝගී තත්වයකි. මේ නිසාම ගෙදරට අලුතින් වාහනය ගැනීමට සිතාගත්දා පටන් ඒ පිළිබඳව මවන්නාවූ සිහින වල බර වාහනයට වඩා අඩු වූවානම් ඒ රාත්තල් දෙක තුනකින් විය යුතුය. එවන් බලාපොරොත්තු සිහිණ සියල්ල "නෑ! මං මේක විකුණන්නේ නෑ!" කියූ පමණින් අමතක කිරීමට අපහසුවිය.
සුමුදු සිල්වා වාහනය ගෙනගියාට පසු මා සිරිත් පරිදි 32-0865 රථයෙන් කඩවත සිට පානදුරය දක්වා සේවයට ගියෙමි. එක් දිනක් මා කටුබැද්දේදී තවත් නිසාන් පැට්‍රොල් ෆ්ලැට් රූෆ් රථයක් දුටුවෙමි. වහාම එය හඹා ගොස් වාහනයේ විස්තර ලබා ගතිමි. හඹා යෑමේ තරම කොතෙක්ද යැයි කිවහොත් ඊළඟ සතියේ එයද ගෙදරට කැන්දාගෙන ආවෙමි.
ඒ 27 ශ්‍රී 8338 රථයයි.
මේ වන විට නිවස ඉදිරිපස නිසාන් පැට්‍රෝල් රථම දෙකකි.
එක වාහනයක බැටරි බැස ගිය විට අනෙක පාවිච්චි කරයි. ඩීසල් ඇති එක දුවයි. ආදායම් බලපත්‍රය කල් ඉකුත්වූ විට අනෙක් රථයේ නොම්මර තහඩුව සවිකරගෙන දුවයි.