Tuesday, May 3, 2022

232. ඔව්! ඔහු කුඩා මිනිසෙක්; විසල් හදවතක් හිමි !!





මගේ මේ සටහන් පොතේ අන් අය පිළිබඳව ලියා ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මිට බොහෝ කලකට පෙර මා කියැවූ වී. ඩී. ද ලැනරෝල් මහතාගේ "මෝඩකම් හපන්කම් සහ පුරසාරම්" රසාලිප්ත පොත පරිද්දෙන්ම මෙහි ලියැවී ඇති බොහෝ කරුණු මෝඩකම් හපන්කම් හා පුරසාරම්ය! 

අන් අය පිළිබඳව ලියැවුනු ඉතා අල්පයක් වූ සටහන් අතුරින් තවත් බ්ලොග් ලියන්නෙකු පිළිබඳව ලියැවී ඇත්තේ "කාර් පිස්සුවා" පිළිබඳ පමණි. බ්ලොග් ලිවීමෙන් ඇත්වූ කාර් පිස්සුවාහට; දිගින් දිගටම ඒ පිළිබඳව මුහුණු පොතෙන් ඇවටිලි කිරීමේ ප්‍රථිඵලයක් ලෙස; ඔහු මාගේ කමෙන්ටු වලට පිළිතුරු නොලියන තත්වයට වැටුණි!  ඔන්න ඒකෙත් හැටි! එනිසාම ඔහු මා කෙරෙන් බොහෝ දුරස් වී ඇති සැටියකි!

පසුගිය කාලය පුරාවට බ්ලොග් ලියන අප කිහිප දෙනෙකු නැවත බ්ලොග් ලිවීම ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒම සඳහා උත්සාහයක නිරත වූයෙමු. ඩ්‍රැකී, කොළොම්පුරේ, බස්සා, කොළඹ ගමයා ආදී එකී මෙකී නොකී බොහෝ දෙනා ඊට තම හැකි උපරිමයෙන් සම්මාදම් වූ අතර'; එහිදී අප උනන්දු වූයේ දැනට සක්‍රීයව බ්ලොග් ලියන්නන් වැඩි වැඩියෙන් බ්ලොග් ලිවීමට උනන්දු කරවීමත්, බ්ලොග් කරණයෙන් ඈත්වී ඇති නිර්මාණ කරුවන් නැවත ලිවීම සඳහා උනන්දු කරවීමත් යන ප්‍රධාන කාරණා දෙකය. මීට අමතරව දැනට බ්ලොග් ලියන සොහොයුරු සොහොයුරියන් අන් අයගේ බ්ලොග් වෙත එබී සටහනක් තැබීමටද කිසියම් නෛතික නොවූ සදාචාරත්මක අදහසකට එකඟ විමු! 

මා බ්ලොග් ලිවීම ඇරඹුවේ බ්ලොග් කරණය අවරගිරට ලඟා වූ කාලයේය! මා සමග එකම කාලයේ බ්ලොග් ලිවීම ඇරඹූ අනෙක් බ්ලොග් ලියන්නා වූයේ නිමල් දිසානායක නම්වූ මුද්‍රණ ක්ෂේත්‍රයේ පලපුරුදු මුද්‍රණ කරුය!

ඔහුගේ බ්ලොගය පිළිබඳව පුරා වසරකටත් අධික කාලයක් මාතලන්ගේ සින්ඩියේ; අද වන විට තුෂාරා වන්නිආරච්චි භුක්තියට සවිකොට තිබෙන කොලම තුල පදිංචි වී සිටි අතර මම ඇතුළු බොහෝ දෙනෙකු නිදී මහතාව හඳුනා ගැනීමට එමගින්විශාල පිටුවහලක් ලැබුනි.

"නිදීගේ පංචතන්ත්‍රය" නමින් ලියැවුනු එම රසාලිප්ත බ්ලොග් අඩවිය පුරා ඉතිරී පැතිරී ගොස් තිබුනේ පරිණත මිතුරෙකුගේ  මතක සටහන්ය. මෙවන් ලිපි පෙලක් මින් පෙර මා දැක තිබුනේ ප්‍රවීණ පුවත්පත්කරු චින්තන ජයසේනයන්ගේ "කොලම" ටැබ්ලොයිඩ් පුවත් පතේ පලවූ "මිතුරු හමුවක මතක" නම්වූ තීරු ලිපි පෙලේය.  චින්තන ජයසේන හෙවත් චින්තන අයියා ඇසුරු නොකල දෙශපාලුවකු, මුදලාලියෙකු, චන්ඩියෙකු, පිම්පියෙකු, නපුංසකයෙකු,හාමුදුරුවකු, පාදිලියකු, ගණිකාවක,   ගෙන්දගම් පොලොවෙන් තබා මුලු සිරි ලංකාවෙන්වත් සොයා ගැනීමට නොහැක. එහි වඩාත්ම රසවත් හා පුදුම සහගත කාරණය වූයේ ඔහුගේ මතක ගබඩාව පිරී පැවතියේ ඔවුන්ගේ කුප්‍රකට රහස්‍ය අතිශයින් පෞද්ගලික කරුණු කාරණා වලින්ය! තවත් ඇඟේ මයිල් ගස් මෝල් ගස් කරවන කාරණය වූයේ ඔවුන් එකිනෙකා තර තිබුනු නෑ සබඳතා, හිත මිත්‍රකම් හා වෙනත් යටබිම්ගත සබඳතා පිළිබඳව ඔහු තුල තිබුනු දැනීම මතකය හා රසවත් බවය! ඒවා බොහොමයක් ලිඛිත සාහිත්‍යයෙන් ලියා තැබීමට නොහැකිවන අතර ගල්බෝතලයක් වටකරගෙන  සිටින මොහොතක ඔහුගේ හඬින්ම අසා දැන ගත යුතු කාරණාය!

පංචතන්ත්‍රයය මා මුලින්ම කියැවූයේ ඉතා කුඩා කලකදීය. පිංගල හා (පොර සේ ලියන්නට ගත්තද අනෙක් නම ශුවර් නැති නිසා නොලියමි!) තවත් ගොන් රජෙකු අතර ඇතිවන මිත්‍ර සමාගම හා එය කඩා ඉහිරුවන්නට දත කන හිවල් මොටෙකු පිළිබඳ කථාවක් එහි එයි. ඒවා කියැවීමෙන් ඒත්තු යන්නේ විමල සිරි ගම්මලයාත් වැනි කූඨකයින් එකලද සිට ඇති බවත් වැඩක් නොකර කාබී කියව කියවා ඉන්නා ගොං පුත්තු එකලත් සිටි බවය!

මාගේ ජීවිත කාලය පුරාවට යූඇන්පියේ ජයග්‍රහණයක ආතල් එකක් වින්දේ 1977 ජේ ආර්ගේ සුපිරි ඉනිමෙන්ය. එකල මා කුඩා එකෙකු වූවද අපේ තාත්තාද වෙනදා මෙන් වාමාංශික දේශපාලනයෙන් ඈත්වී යූඇන්පියට පක්ෂවීම සමගම අපද එයට කුඩා කුඩා ආකාරයෙන් හේත්තු උනෙමු. කාලය ඉතා වේගයෙන් ගමන් කල අතර මා නැවතුනේ; කොම්පඤ්ඤ වීදියේ කිව් පාරේ  නව සමසමාජ පක්ෂයේ පක්ෂ කාර්‍යාලයේය. ඒ මාගේ මුල්ම දේශපාලන භාවිතයයි. වසරින් වසර ගෙවී යත්ම මා වඩ වඩාත් නැඹුරු වූයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ප්‍රවාහයටය. අද වන විට සමස්ථ ජනතාවම නොයෙක් හඬින් වර නගන්නේ; මීට කාලයකට පෙර සිට ජවිපෙ විසින් නොයෙක් වර පැවසූ වැකි වීම මා නිහතමාණී ආඩම්බරයෙන් යුතුව අසා සිටිමි. එදා සිටම රාජපක්ෂවරුන් හොරු සේ ජවිපෙ හැඳින්වූ අතර; එකල ඔවුන් විරුවන් සේ අප්පච්චිලාසේ දකිමින් ජවිපෙට දෙස් දෙවොල් තැබූ බොහෝ අපගේ මිතුරන් අපට පිටිපා ඉදිරියට ගොස් (අපටත් බනිමින්) "ගෝටා හොරා" යැයි කියනු අප මන්දාස්මිතයෙන් යුතුව ආතල් එකේ; සද්දෙ වහං බලා සිටින්නෙමු! 

ඒ කෙසේ වෙතත් අදවන විට ජාතියකට ආරක්ෂාව සපයන්නට පැමිණි රාජපක්ෂලා තමන්ගේ ආරක්ෂාව පතා; මහ පාරට නොබැස බංකර් ගතවී සිටින්නෝය. 

ලංකාවේ නුර්ථි ඉතිහාසයට ශතකයක පමන කාලවක වානුවක් ගතවී ඇතත්, සී දොන් බස්තියන්ලා, චාල්ස් ඩයස්ලා, ජෝන් ද සිල්වලා, සරත්චන්ද්‍රලා, ගලප්පත්තිලා, ජාගොඩලා, දයානන්ද ගුණවර්ධනලා, කෙතරම් නාට්ටි නාඩගම් කෝලම් නැටුවත් ජනතාව අතරට "නාට්‍යය" ගෙන ගියේ නිහාල් සිල්වා බව කැමති උනත් අකමැති උනත් පිළිගත යුතුවේ!

එසේම "අරගලය" ජනතාව අතරට ගෙනගියේද "ගෝටා ගෝ ගම" වැසියන් බවද මා විශ්වාස කරණ්නෙමි. අරගල භූමිය තුල කවුරුන් කවුරුන් සිටියද ඔවුන් සියල්ල "ගෝටාගෝ ගම" වැසියන් ලෙස චන්ද හිමි නාම ලේඛණයට, ගෘහ අමූලික ලැයිස්තුවට එක්වී හමාරය. මේ පිළිබඳව වෙනමම ලියන්නට ඕනෑය.

කරුණු මෙසේ සිදුවෙමින් පවතිද්දී  අරගලයට මමද කිහිප වතාවක් සක්‍රීයව සම්බන්ධ උනෙමි. ඒ; ජවිපේ පෙලපාලි හරහා හා ගෝටාගෝ ගමේදීය! මේ සියල්ල මෙසේ සිදුවනාතරතුර  මාගේ "රට වටා සයිකල් පැදීමේ පශ්චාත් භාගයේ අමාරුවද" තදින්ම උත්සන්නවී ඒ පිළිබඳව ප්‍රථිකාර ලබාගැනීමට දින වෙන් කර ගැනීමද සිදුවී තිබුනි. ඒ අප්‍රේල් 10 වන දාය!  යොදාගත් පරිදිම මා ගමන් පිටත්විය. ගමන අතරතුර මාහට දැනගන්නට ලැබුනු සුවිශේෂී ආරංචියක් විය.

ඒ අනෙකක් නොව ඒ; නිධන් ගත රෝගයකින් පීඩා විඳින කුඩා සිරුරක් හිමි අපගේ මිත්‍රයා; නිදි හෙවත් නිමල් දිසානායක පැය 68ක අඛණ්ඩ උපවාසක් ඇරඹීමය!

මා කොළඹ සිට යාපනයට සයිකල් පැද ඇත්තෙමි! දෙවතාවක් පොළොන්නරුවට එක් දිනක් තුල කොළඹ සිට කිමී 200ක් සයිකල් පැද ඇත්තෙමි!! එසේම මහියංගනයේ සිට මනම්පිටියට මහවැළි ගඟ දිගේද, යටියන්තොට හක්බෙල්ලාවක සිට පූගොඩට කැළණි ගඟේද, රත්නපුර සිට කළුතරට කළු ගඟ ඔස්සේද යාත්‍රා කොට ඇත්තෙමි. මේ සියල්ලම සිදු කලේ මහා විශාල කාය ශක්තියක් ඇති හෙයින් නොව දැඩි ආත්ම ශක්තියක් මොරාලයක් පෙර දැරි කරගෙනය.  නමුත් ඉන් එක් අවස්ථාවක එනම් මහවැළියේ කිරි අම්මා ඇල්ලේදී සියළු ආහාර දිය බත් වූ පසු ආහාර හිගයකට මුහුණ පෑවද කිසිදු ලෙසකින් පෝෂණය හා සෞඛ්‍යය යන කාරණා සමග දාදු කෙළියකට මා කිසිදී නොගියෙමි. මන්ද; ආහාර  යනු ශරීරය පමණක් නොව මනස පවා පුබුදුවාලන, එය සක්‍රීය කොට තබන, ශක්තිමත් කරණ අත්‍යවශ්‍ය කාරණාවක් වන බැවිණි.

මේ නිසාම උපවාස යනු මගේ ශබ්දකෝෂයේ නැති වදනකි! එය මාගේ සිරුර මෙන්ම මනසද නිශ්ක්‍රීය කිරීමට ඉඩ ඇති බැවින්ය! නිදී ගේ තත්වය වඩාත් සංකීර්ණ වන්නේ ඔහු නිධන් ගත රෝගයකින් පීඩා විඳිනා බැවින්ය. කරුණු කෙසේ උවත් නිදී  හෙවත් නිමල් අයියා උපවාසය සාර්ථකව නිම කලේය. ඔහුගේ එම ක්‍රියාන්විතය කාලයේදී මාහට ඔහුගේ දුක සැප බැලීමට යාමට නොහැකි විය. නමුත් එය ජීවිත කාලය තුලම මගේ හදවතේ රැඳී තියේවි. එය මට දෙවෙනි වන්නේ තිලීපන්ගේ උපවාසයට පමණි.

දිනෙක; ඔබට සතුටින්  මිය යා හැකිය. "මා අරගලය වෙනුවෙන් උපරිමය අභිබවා කැප උනෙමි!" යැයි සිතා.

ඔව් ඔබ  කුඩා මිනිසෙක්: විසල් හදවතක් හිමි යැයි හෙඩිමේ යෙදූවද සත්තකින්ම ඔබ විසල් මිනිසෙකි! විසල්  හදවතක්ද හිමි.

වික්ටර් හියුගෝ කීවා සේ 

"මිනිසාට නැත්තේ ශක්තිය නොව ආත්ම ශක්තිය ය!"


 නිමල් දිසානායක නම් මාව හිතවාදී "තරුණයාට" මෙය උපහාරයක් වේවා!

30 comments:

  1. "මිනිසාට නැත්තේ ශක්තිය නොව ආත්ම ශක්තිය ය!"
    අම්මප ඇත්ත!

    මේක සිරා ලිවීමක්. නිදිටයි තට්ටයියටයි ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් මම ඒක තදින් විශ්වාස කරන දෙයක් ඩ්‍රැකී! ඇත්තටම ඒයට දිය හැකි ජීවමාන උදාහරණය තමයි නිදී කියන්නේ~!

      Delete
  2. සමහර මිනිස්සු ඉන්නවා , ඒ මිනිස්සු තියන අඩියක් ගානේ අපිව කූඹියන් කරන.මේ ඉන්නෙත් එහෙම යෝධයෙක්.ආදරය විතරක්ම පුරෝගත්තු.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම කටුස්සා! ඒක හොඳ යෙදුමක්!

      Delete
  3. ‘හැට අටක් පැය’ දියෙන් යැපිලා කරන’තර උපවාස යුද්දේ
    ආව-ගිය අය අතර ‘තට්ටයො’ ඔයා හිටියේ නැහැනෙ මැද්දේ
    ‘සවාරියෙ සයිකල්’ ගිහිල්ලා, පුතුත් ඇවිදින් තියෙන මැද්දේ
    එන්නෙ කොහොමද තියෙන්නට ඇති මදි නොවෙන්නම ගෙදර යුද්දේ

    දත් නිසා තතු, හිතුවෙ නෑ මම ඔබේ ගැන නං සාංකාවක්
    මෙතෙක් දවසක් සද්ද වහගෙන ඉඳන් ලියලනෙ ලොකු කතාවක්
    ස්තුතියි ලිව්වාට මං ගැන- මමත් කෙරුවේ ණයක් ගෙවුමක්
    ජන අරගලයෙ තරුණයොයි වීරයො - එයාලට දෙමු නිසි බුහුමනක්

    ReplyDelete
    Replies
    1. වෙලාවක සිදත් සඟරාව කාව්‍යශේකරය වගේ පොත් සැට් එකක් එකට අඹරලා ගුලි කරලා ගිලින්ඩ හිතාගෙන ඉන්නෙ නිදියගෙ කවිවලට උත්තර දෙන්ඩ...

      Delete
    2. ඒකටම සකස්කඩෙත් ඔබපං.🤔

      Delete
  4. බ්ලොග්කාරයෙක් ගැන මම කියවපු අති විශේෂ බ්ලොග් පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. සොරි මේ මඟුල පබ්ලිශ් වෙන්නෙ ඇනොනිමස්නෙ !
      Pra Jay

      Delete
    2. ස්තූතියි ප්‍රාජේ! අපිත් අමාරුවෙන් තමයි ඇනෝ නොවී ඉන්නේ!

      Delete
  5. මේකට ප්‍රතිචාර කොමෙන්ටුවක් ලියන්නේ කොහොමද හිතේ තියෙන සියල්ලම අපිට ලියන්නට ඉඩක් නොතියා ලියලා ඉවරකරලා නොවැ.. කමක් නෑ මටත් ලොකු ආඩම්බරයක් තියෙනවා මේ නිදි නම් විසල් මිනිසා බ්ලොග් ලියන්නෙකු ලොසින් ඔබ කාටවත් පෙර හදුනාගන්නට ලැබීම ගැන. හැබැයි මා හිටියේ ඔහුගේ උපවාසය අලකර දමා කෙසේ හෝ ගෙදර ගෙනවිත් දමන චේතනාවෙන්. ඒ ඔහුටම කරන හොදක්වේයැයි සිතා. එහෙත් මේ මුරන්ඩුවා ඔහුගේ දඩි අධිටන ඔබසේම ඉෂ්ඨසිද්ධ කරගත්තා. එසේම ඔබටත් නිදි ලොක්කාටත් සුබ පතන්නෙමි.

    ReplyDelete
  6. https://en.m.wikipedia.org/wiki/Bobby_Sands
    මතකද?
    Pra Jay
    ( තාමත් මෙහෙමයි වැටෙන්නෙ)

    ReplyDelete
    Replies
    1. දැන් දෙපාරක්ම වැටුනා නේද? ටිකිලා....නෑ එක්කො ඕනෙ නෑ.

      Delete
    2. බුකියෙන් ඕපන් වෙන බ්ලොග් ලින්ක් එක බ්‍රවුසරෙන් ඕපන්කකරගනින්කෝ මලවදේ... එතකොට ඇනෝ වෙන්නේ නෑ
      කටුස්සා

      Delete
  7. ඇරඹූ අරගලය රටටම යහපතක් වන සේ මෙහෙයවා ගන්නට තරම් සිත් පොහොසත් වේවා!

    ReplyDelete
  8. මට නං වෙන කියන්ඩ කිසි දෙයක් තිබ්බේ නෑ.
    නිමල් අයියා උඹ නං යකෙක්!
    නෑ මල්ලි මං යක් පැටියෙක්. ඔන්න ඔහොමයි සංවාදෙ පටන්ගත්තෙ.

    ඔය තිලීපන් ගේ කතාව තියෙනව නේද.
    අන්තිමේ මෑන්ස්ව යාපනේ ඉස්පිරිතාලෙට ගෙනාව. එතකොට ජීවිතේ බේරගන්ඩ හොඳටම ඉඩ තිබුනා.
    නමුත් LTTE බලකිරීම මත බෙහෙත් නොදී මැරෙන්ඩ අරින්ඩ උනා ඒ ගොල්ලොන්ගේ මොරාල් එක නග්ගන්ඩ!

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හැට්ටර් ට කියන්න මට එක වතාවක් පිටකෝට්ටෙදි හම්බුනා බාබර් කෙනෙක්. ඒ ඔය තිලීපන්ගේ කේස් එක සිද්ධවුනු අළුතම වාගේ! මගේ කොන්ඩෙ කපලා (අම්මට සිරි කියන්න බැරි උනා මුලින්ම! මට ඒකාලේ වැඩකට නැති කොන්ඩයක් තිබ්බා එහෙන් මෙහෙන්!) සුපිරි මශා එකක් ඔළුවට දාන කොට ඔය තිලීපන් පිළිබඳව මම ඇහුවා! එයත් කිව්වේ තිලීපන්ට උපවාසේ අත් අරින්න ඕන උනත් ප්‍රභා ඒකට ඉඩ දුන්නේ නෑ කියලා! ඒ වගේම තිලීපන්ගෙ නම ඔය වැඩේට තෝරන්න උඩ දාපු තුන්ඩු සීන් එකේදිත් මොනව හරි ටිරිකිස් වැඩක් කරලා තියෙනවා මේ යකාවම සිලෙක්ට් වෙන්න! දන්නෑ ඕවා ඇත්තද බොරුද කියලා! මේ කණෙන් අහපු කථා තමයි!

      Delete
  9. අපි කවුරු අතිනුත් ලියවිය යුතු , ඒත් නොලිය වුනු ලිපිය ලිව්වාට, ඔබට ස්තූතියි. නිදිගෙ හිතේ හයිය වගේම ගතේ හයියත් දියුණු වේවා!

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකකට රිප්ලයි එකක් දාන්න හිතෙන්නේ නෑ මේ ඇනෝ සීන් එක හින්දා! කොහොම උනත් නිදීට මගේ ඇරියස් එකක් තිබුනා. මට මොහොතකටවත් එතුමාව බලන්න යන්න බැරි උනා. මේක ලියලා පොඩිත්තක් හිත සැහැල්ලු කර ගත්තා! ස්තූතියි මේ පැත්තේ ආවාට!

      Delete
  10. කවුදෝයි අර පන්චචංචය කියල මොකක්ද ඉන්ටර්නෙට් එකේ ලියන මිනිහා? මිනිහා පුටුවක ඉඳගෙන ඇහැරිලා උපවාසයක් කරද්දි හමෝම ඇයි මිනිහට නිදි නිදි කියන්නේ? කියලා මයිනෙකුත් අහුවලු අරලිය ගහක ඉඳගෙන.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. රිප්ලයි දාන්න එපා වෙන තරමට මේ "ඇනෝ" සීන් එක කරදරයක් වෙලා!

      Delete
  11. නියමයි මචං. නි.දි ට පුදන හොදම උපහාරයක්. ස්තුතියි. උබේ සවාරිය ගැනත් ලියයි නේද. බලා සිටිමි.

    ReplyDelete
  12. නිදි නම් යකෙක්, එක හරියට හරි. අරගලය ගැන මගේ අදහස් දකින්න ඇති නේ.
    මම විජේබාහු

    ReplyDelete
  13. Niditai Aragalayatai Hamotamai Jayawewaa,

    ReplyDelete
  14. නියම ලිවීමක්..... තට්ටයතුමෝ.
    ඔබේ සාර්ථක ගමනටද, නිදිගේ වීර්යයටද ජය වේවා!

    ReplyDelete
  15. ඇත්තටම නිමල් අයිය මාර මනුස්සයෙක්. ඒක එයා ලියන පොස්ට් වලින් වගේම මේ වැඩෙනුත් පැහැදිලි උනා.
    නිදි ගැන තට්ට මහත්තැංගෙ මේ ලියමන අගය කරනව.

    ReplyDelete
  16. පිංගල සිංහයා ඉන්නේ යක්කකඩුවේ පඤඤාරාම හාමුදුරුවෝ ලියපු වනකතා අංක 1 - මිතුරන් කෙටවීම පොතේ කියලයි මතක. පිංගල හා මිතුරුවන ගොනාගේ නම සංජීවක වගේ තමයි මතක.

    ReplyDelete
    Replies
    1. ඔව් චමී, කොටවන කුලේ කරටක, දමනක දෙන්න ඉන්නෙත් ඒ පොතේ නේද.

      Delete
    2. ඔවු.මේ නම් දෙක මතක්වුනේ ඔයා ලිවුවට පස්සේ.

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...