Saturday, January 8, 2022

226. ප්‍රේමණීය වියෝව . . !


ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ බොහෝ විරහ ගීත ලියැවී තිබුනත් එක් ගීතයක් මගේ හදවතේ ගැඹුරුම තැනක පසු ගියදා තැන් පත් විය!

එම ගීතයේ ඇති විශේෂතා ගනනාවකි. ඔහුගේ පෙම්වතිය හෝ බිරිඳ ගේ සිත වෙනතක බැඳී ගිහින්ය! ඔහු ඊට සාප නොකරයි. ඇයගේ පැතුම එලෙසින්ම ඉටු වේවායි ඔහු ගීතය පුරාවට ප්‍රාර්ථනා කරයි.

මා ඔබ වෙනුවෙන් ගැයූ ගීත ඔබට අමතකව ගියාවේ - යලි කිසිදු දිනෙක නොඇසෙන්නට! ඔහු ප්‍රාර්ථනා කරයි.

මේ සුන්දර ගීතය: ඔබ මෙන්ම මාද  බොහෝ වාර ගනනාවක් අසා ඇති මුත් එහි ඇති සුවිශේෂීත්වය විප්‍රයෝඝය දැනෙන්නටවුනේ මීට දින කිහිපයකට පෙරදීයි!

"ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා

යළි ඔබ සවනේ නොරැඳී නොගැටී

සුළඟේ මිලින උනාවේ . . . . // "

තවදුරටත් මා ගැන මතකය ඔබට ගැටළුවක් නොවිය යුතුය! 

මෙම හැඟීම අදහස පිළිබඳව ලියැවුනු ගීත රාශියක් සිංහල ගීත වංශාවලීය පිරිමැදීමේදී අපට හමුවේ. ජෝති ගයන "කොතැනක සිටියත් ඔබ මෙලොවේ",
අමරසිරි පීරිස් ගයන "හන්තානෙට පායන සඳ . ." 
අබේවර්ධන බාලසූරිය හා ත්‍යාගා එන් එඩ්වර්ඩ් ගයන "රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ .  " ආදී ගීත කිහිපයක් මෙම හැඟීම උද්දීපනය කරමින් ලයා ගීතවත්වී ගැයී ඇති බව පෙනේ.  ඒ ගීත හා මේ ගීතය අතර මා දකින හා මාහට දැනුනු සුවිශේෂී කරුණු කිහිපයක් වේ.
 "රෑ පැල් රකින කුරහන්  . . " ගීතයේ තරුණයා ගැමි ගොවි තරුණයෙකි. ඔහු ඔහු ගේ ගායනාව පුරාවටම තමාගේ බලාපොරොත්තු ඇකී මැකී ගිය හැටි ගයයි. ඇය ඊට පිළිතුරු ලෙස තම ඔහුව සනසාලයි - ඒ ප්‍රාර්ථනයක්ද සමගිනි - "කුරහං කපන දා මා සිහි කරණ්නයි . . " කියාය!

"ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා . . . " ගීතයේ කියැවෙන්නේ තවත් ගායකයකුගේ කථාවක් ද? නො එසේනම් මේ කියන්නේ තම පෙම්වතිය වෙනුවෙන් ගීත ගායනා කල තරුණයෙකුගේ කථාවක්ද? කියා නිශ්චය කරගත නොහැක. කෙසේ වෙතත් ඒවා සියල්ල ඇයට අමතකව යන ලෙස ඔහු ප්‍රාර්ථනා කරයි!

අපගේ ගද්‍ය පද්‍ය  සාහිත්‍ය පුරාවට සඳ කිරණ උපමා කොට ඇත්තේ සිසිලසක් දනවන හැඟීමක් දැනීමක් ලෙසටය! එහෙත් මේ පෙම්වතාට එය දැනෙන්නේ කෙලෙසද? 
"දවනු දැනේ සිසි කිරණ පවා . . " 

සඳ කිරණ පවා ගෙන එන්නේ දවාලන දැනීමකි. පෙරදා සඳ ඇති රාත්‍රීන් වලදී එකම වේලාවක දෙතැනක සිට සඳ බැලූ ඇය මේ වන විට වෙනතක් බලා ගෙනය. ඒ සඳ දෙස බැලූ විට පෙරදා මතකය ගෙන දෙන්නේ දැඩි වේදනාවක්ය. 
එපමනක්ද?
"සිසිල නොදේ මඳ පවන පවා . . "

 මද සුළඟ පවා තමාගේ සිත කය නිවාලන බවක් ඔහුට නොදැනෙමින්ය!
ඒ සියළු දුක් කම්කටොළු මැද ඔහු ප්‍රාර්ථනයක්ද කරයි.

"ඔබෙ මුව පියුමේ - තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුනාවේ . . "

නෙළුම මලක් වන් ඔබගේ මුහුනේ; තොල් පෙත් අතරේ; ඔහුගේ නම රැඳුනාවේ. ඇයට ඔහුවම හිමි උනාවේ!
ඉන් පසුව ඔහු පවසන්නේ කුමක්ද?
"සුවඳ දැනේ ඔබෙ උදයෙ හවා . . "

ඇය තමා අසල නොසිටියද; මෙලොව කොතැන හෝඅ ඇය සිටින්නේ තමා වෙනුවෙන්ය යන හැඟීම නො එසේනම් "ඉව" තවමත් මුළු දිනය පුරාවටම ඔහුට දැනෙමින්ය!
එහෙත්;
"කඳුළු නැගේ නෙත රැයද දිවා . . "  

ඒ සිතුවිල්ලම තවත් මොහොතකදී තම දෙනෙතට කඳුළු ගෙන එන සිතිවිල්ලක්ම වෙයි.
ඒ මොන දේ උනත්; මාහට මොන තරම් දුකක් දැණුනත් ඔබට දුකක් දැනෙන්නනම් එපා! ඔබගේ සිතේ ජීවත් වෙන්නේ "ඔහු" නම්

"ඔබෙ මුව පියුමේ - තොල් පෙති අතරේ 
ඔහුගේ නම රැඳුනාවේ . . "

මේ ගීතය රචනා කොට ඇත්තේ කේ ඩී කේ ධර්මවර්ධන නමැති ප්‍රවීණ කෘතහස්ථ ගී පද රචකයාය. අමර දේව ශූරීන් හට "කුමරියක පා සළඹ සැළුනා " ලියූ ඔහු වික්ටර් රත්නායකයන් හට "හෝ පළු වන පෙත" ලියයි. ඔහු විසින් ලියැවුනු මෙම රසාලිප්ත පද රචනයට සංගීතය මුසු කරණ්නේ සෝමපාල රත්නායක විසින්ය.
මෙම ගීතය ගැයෙන ඉහල ස්වර පරාසය පද මාලාවේ හැඟීම් තවත් උද්දීපනය කරයි. වෙනත් වියෝ ගීතයන් මෙන් මෙම ගීතය ගැයෙන්නේ පහත් ලයකින් හෙවත් ටෙම්පෝවකින් නොවේ. එය වේගවත් ගීතයකි. ඔහුගේ හිතේ ඇති වේගවත් බව සමග හොඳින් එය බද්ධවී යයි.
මේ සියල්ල අභිබවා නැගෙන ආදරණීය පිරිමි හඬ පෞර්ෂය මිල්ටන් මල්ලවාරච්චි තම ශෝකී හඬින් එය ගයයි.  සත්තකින්ම විප්‍රයෝගයේ දුක මොනතරම් මිහිරියාවකින් එම ගීතයෙන් ගෙන එනවාද? එය අසාම බලන්න මෙතැනින්!


34 comments:

  1. සුභ නව වසරක්!

    මේ ගීතය අසා තිබුනාට, එහි කියැවෙන කතාව හරියකට තේරුම් ගත්තේ අදයි. ඒකට ස්තුතියි.

    මිල්ටන් මල්ලවාරච්චි ගේ මුණුපුරා මෙල්බර්න් හි ගුවන් නියමු පාඨමාලාවක් හදාරන බව මම අසා තිබුන නිසා ඒ ගැන නිකමට සොයා බැලුවා.

    එහි එක පුවතක (19/12/2013 සරසවිය) ට අනුව, මිල්ටන් ගුවන් ගමන් වලට ඇති බිය නිසා කිසිම දිනෙක ගුවනින් ගොස් නැතිලු!

    // මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ සිය ජීවිත කාලයෙදි සංගීත ප්‍රසංගයකටවත් විදේස් රටකට නොගිය ගායකයෙක් නිසා. මොන තරම් ආරාධනා ලැබුණත් ඔහු ඒ හැම ආරාධනාවක්ම ප්‍රතික්ෂේප කළා ගුවනින් යන්න තිබුණු බය නිසා. //

    ReplyDelete
    Replies
    1. ආ! සුභ නව වසරක් ඔබටත්!! මමත් ඔය කථාව අසා තිබෙනවා. ඔව් ඔහුගේ මුණුබුරා; රනිල්ගේ පුතා සහ රනිල් ජීවත් වෙන්නේ කැන්ගරු දේශයේ තමයි. රනිල් මගේ පාසලේ මට පහල පන්තිවල සිටියේ!

      Delete
  2. මම කැමතිම සින්දුවක්. දැන් මේක කියවල ආයෙත් ඇහුවා.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියට ගිටාරය වයමින් කියන්නට පුළුවන් ඇතිනේ මේ සිංදුව අගේට!?

      Delete
  3. මිස්ට තටටය පට්ට බූට් එකක් කාල වගේ කියල හිතෙන්නේ මට විතරද? මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාට විතරක් නෙවෙයි මටත් හිතෙන්නේ එහෙමයි! හි! හි!!

      Delete
    2. බූට් එකත්, අමුතු ආතල් එකක් නේ!

      https://www.youtube.com/watch?v=mL5H2hdL9GQ

      Delete
  4. වුණු විටද අන්සතු
    ආදරේ පරසතු
    මලකි අගනා මුතු
    පර නොවෙන මතු මතු!

    නියමම රස විඳුමක්.

    ReplyDelete
    Replies
    1. ඔව් නිදි මහත්තයා! ඒකමයි මම හෙඩිමට යෙදුවේ එම වැකිය. "ප්‍රේමණීය වියෝව" කියලා.

      Delete
  5. මමත් ආසම සින්දුවක්. එත් හරිම තේරුම තේරුම්ගත්තේ අදයි. ඇත්තටම 70,80,90 දශකවල සින්දුකිව්ව අපේ ගායකයෝ, ගීත රචකයෝ, සංගීතවත් කල අය නිසා තමයි සිංහල සංගීතය තවමත් අපි රසවිදින්නේ.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මහේෂ් මමත් මේ ගීතය අසන්නට පටන් ගෙන මාසයක් විතර ඇති! ඇහිලා තිබුනා. ඒත් එහි අර්ථය සමග රස වින්දේ මේ ළඟදි ඉඳන්. ඕන රියැලිටි වැඩසටහනක තාම කියන්නේ ඒකාලේ සින්දුම නේ!

      Delete
  6. සුභ නව වසරක්. මන් බැලුවා එතෙර ගියාවත්ද කියලා .

    ReplyDelete
    Replies
    1. අනේ නෑ! ඒත් එක දිගට සතියක් විතර කොළඹින් පිට මගේ Teepee the camp site එකේ හිටියේ. එහාට ගියාම වෙනත් රටකට ගියා වගේ තමයි ඉතිං!

      Delete
    2. ලස්සන තැනක්. අපි දවසක එන්නම්.

      Delete
  7. මේ ගීය වගේම ඔහුගේ බොහෝ ගීත වලට මමත් හරිම කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් සොඳුරු! ඔව් ඉතාමත් රසවත් ගීත රාශියක් ගැයුවා!

      Delete
  8. නියමයි...දැන් සින්දුව ආපහු අහල..play කරලා වෙනම ආතල් එකක් ගත්තා...ඔහොම යං

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් මේ ගීතය එක දිගට බොහෝ වාර ගනනාවක් ඇසූ ගීත අතලොස්සෙන් එකක්! මිල්ටන්ගේ කිසිම ගීයක් මම ඒතරම් අසා නෑ!

      Delete
  9. කැමතිම සිංදුවක්. ඔය සිංදුව අමල් පෙරේරා කියනවා යූ ටියුබ් එකේ තියෙනවා, මිල්ටන් මල්ලවාරච්චි උපහාර උත්සවයක. අමල් කියනකොටත් ඉතාම රසවත් මටනම්.

    ReplyDelete
    Replies
    1. ඔව් නෙළුම් අමල්ගේ සරාගී හඬ සමග ඔහු අන්තරා කොටස් දෙවන වර ගැයීමේදී අවසාන මොහොතේ තරමක වෙනසක් කරණවා! එය ඉතාම අලංකාරයක් ගෙන දෙනවා ගීතයට. ස්තූතියි අප සමග අදහස් බෙදාහදා ගන්නට පැමිණියාට!

      Delete
  10. පට්ට සිංදුවක්. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම ඒක පට්ට සිංදුවක්!

      Delete
  11. http://www.malkakulu.com/2022/01/Rupa%20Indumathi.html

    ReplyDelete
  12. දෙවෙනි සෙමෙස්ටරේ නිසා කිසිම දෙයක් කියවන්නත් ලියන්නත් බැරි වීම ගැන වෙරි සොරිය ප්‍රකාශ කොර සිටිනාතර, හැකි හැකි පමණිං එබිකං කොර යාමට උත්සාහ ගන්නා බව ගරු ගාම්භීරව දන්වා සිටිමි.

    ReplyDelete
    Replies
    1. මටත් ලියන්න බැරි උනා ඩ්‍රැකී! බලමු හෙට අනිද්දා ලියන්න පටන් ගනිමු!

      Delete
  13. ලස්සන සින්දුවක්. ගීතයේ අන්තර්ගතය, සංගීතය, හඩ පෞරුෂත්ය වගේම මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ ශෝකාකූල පෙනුමත් (මට දැනෙන විධියට) ගීතයට ආභරණයක් කියලා හිතෙනවා. මීවිත ඔහුගේ ජීවිතයට නැවතීමේ තිත තැබූ බවකුයි මා අසා තිබෙන්නේ. මරනය ධර්මතාවය වුනත් අකල් මරනය අපරාධයක්. එයින් වන අඩුපාඩුව කිසි ලෙසකින්වත් මකන්න බැහැ.
    මීවිත....සොඳුරුයි.
    ඒත්.....රුඳුරුයි ????
    ගායකයානෙනී.. ඔබට නිවන් සුව.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! සත්තකින්ම බොහෝ ලාංකීය කලා කරුවන් අපෙන් ඈත්වී ඇත්තේ මීවිත නිසාමයි!

      Delete
  14. බය ගැන කියද්දී එකපාරමතකෙට ආවේ 'එදා රෑ සින්දුව ගුවන්තොටුපොළේදී'..
    තට්ටයතුමාගේ පොස්ටුව බලල මිල්ටන් ගේ සින්දු සෙට් එකක්ම ඇහුව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඇත්තටම මේ සිංදුව ඇසුවාට පස්සේ මමත් කලේ ඔය වැඩේම මයි!

      Delete
  15. අදමයි මුල් වතාවට ඇහුවෙ😊😊

    ReplyDelete
    Replies
    1. දෙතුන් පාරක් අහන්න! එතකොට එය විඳින්න පුළුවන් වෙනවා! ඊට පස්සෙ ලියන්නකෝ දැනුනු දේ ගැන!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...