Tuesday, July 21, 2020

178. ම'පුතු වසික වෙත සෙනෙහසින් . . ! (දෙවැනි එක)


ඉතිං;
ඔයා නම් කැමති නෑ මම ඔයා ගැන ලියලා බ්ලොග් පෝස්ට් එකක් විදියට දානවට.
ඒත් මේ ලියන දේවල් බලන්න ඔයා වගේම තවත් දෙතුන් දෙනෙක්ම ඉන්නවා.
අද ඔයා ඉන්න විදිය දැකලා එයාල හිතනවා; මම ඔයාව පෙළ ගස්වපු විදිය; පුතෙකු හොඳ මිනිහෙකු කරණ්න පුළුවන් එක් හොඳ විදියක් ලෙස.
ඔයාට කියන්න රුෂාන් (අයියා) එයාගෙ පුතා අවුරුදු පහක් හයක් උනාම අපේ ගෙදර එවනවා කිව්වා.
මටම හිනා! (පව් නේද?)


ඔයාව පුංචි කාලෙම අපි එක්කගෙන ගියා කතරගම.
තාම පිංතූර තියෙනවා - දවසක මම ඔයාට පෙන්වන්නම්.
ඒ ගියාම මම ඔයාව; කිරිවෙහෙරේ කරඬුව වඩමවන ඇතාගේ බඩ යටින් එක්ක ගෙන ගියා.
ඇතාගේ බඩ යටින් ගියාම දරුවන්ගේ බය ඇරෙණවා, හීනෙන් බයවෙන්නේ නෑ -  ඔය වාගේ පැරණි විශ්වාස  නිසයි මම ඒක කලේ.
මට ඒ වෙලාවේ ඕන උනේ නෑ; මා තුල තිබුනු හේතුවාදී මනුෂ්‍යයාට අවනත වන්නට.
ඔයා වෙනුවෙන් කරණ්නට කිසිවක් ඉතිරි නොකිරීමයි මාහට කරණ්නට උවමනා වූයේ.
ඒවා මතක් වෙනකොට හරි සුන්දර මතක!


ඔයා පුංචිම වයසේ පටන් ස්වාධීන දරුවෙකු උනා. අවුරුදු දෙකකටත් කලින් ඔයා; සිදුරු කල තැඹිළි ගෙඩිය  අතට අරණ් ඒක කටේ තියාන තනිවම බොන්නට පුළුවන් කමක් තිබුනා.
මම කවදාවත්ම ඔයාට "මාළු අල්ලලා දෙන තාත්තෙක්" උනේ නැහැ! මම කලේ ඔයාට "බිලී පිත්තක් හදලා දෙන එක" පමණයි.

මට මේ ලියාගෙන යන කොට එක එක රස මතක හිතට ගලනවා.

ඒත් ෆිල්ටර් කර-කර ලියන්නම්.

ඔයා වැටුනාම මම කිසි දවසක නැගිට්ට වන්න ලඟට ගියේ නෑ.

"ගනං ගන්න එපා පුතේ! නැගිටින්න!!" කියලා ඔයාම උත්සාහයෙන් නැගිට ගත්තාම වැලි පිහලා දානවා මිසක්.
ඔයාගෙ කකුල මේස පුටු වල වැදුනා කියා වෙන තාත්තලා වාගේ දරුවාව නළවගන්න මේසෙට පුටුවට තඩිබාන පුරුද්දක් මට තිබුනේ නෑ.

එසේ කිරීමෙන් දරුවා තමා අතින් සිදුවන වැරදි අන් අය පිට පටවා ලීමට උත්සාහ ගන්න බවක් මා අසා තිබුනා.

කිසි දවසක "බිල්ලන්", "හප්පන්","හොල්මං", "අවතාර", භූතයින්", යක්ෂයින්" පිළිබඳව පවසා ඔයාව බිය ගන්වන්නට කිසිවෙකුටවත් ඉඩ දුන්නේ නෑ.
ඔයාව කිසිම දෙයකින් බියට පත් කලෙත්නෑ.
ඒ නිසාම ඔයා ඉස්කෝලේ දෙකේ තුනේ පංතියේ ඉඳන්ම තනියම ඔයාගේ කාමරේ නිදා ගත්තා.
ඔයා කරුවලට බියක් දැක්වූයේ නෑ.
"දවල් තියෙන ලොවමයි රෑටත් තියෙන්නේ. වෙනස ඉර නැති ඒක විතරයි!' මම ඔයාට අඳුර ගැන කියා දුන් හැටි.
දවසක් ෂානක අංකල් අපේ ගෙදරට ඇවිත් ඔයාගේ අතට විදුලි පන්දමක් දී මිදුල කෙළවරේ ගසක් අල්ලා එන ලෙස පවසූ වෙලා වේ; ඔයා ඒක කලාම මට දැනුනේ පුදුමාකාර සතුටක්.

දැං වගේ (මෝඩ) පෙනුමක් නෙවේ ඔයාට ඒකාලේ තිබුනේ.

හරිම තීක්ෂණ පෙනුමක් තිබුනේ.
ඇත්තටම මා විශ්වාස කලා දරුවෙකු වැඩෙන අවදියේදී අධික ලෙස ප්‍රෝටීන් ලබාදිය යුතු බව.
ඒක මම උගත්තේ චන්දන කීර්ති බණ්ඩාරගෙන්
සමකාලීන රුසියානුවෙකුට වඩා ලෙනින්ගේ  හිස වඩාත් විශාලව පිහිටියේ ඔහු කුඩා කල ඔහුට ප්‍රෝටීන් සපිරි ගුණවත් ආහාර වේලක් ලැබුනු හෙයින් යැයි වරක් චන්දන කීර්ති බණ්ඩාර මාසමගින් පැවසුවා.
ප්‍රෝටීන් හොඳින් ලබාදීමෙන් දරුවාගේ මොළය හොඳින් වර්ධනය වේයැයි සිතුවිල්ලක් මා තුල තිබුනා.
ඒනිසාම නිසාදෝ ඔයා බොහෝ විට ඉතා කල්පණාකාරීව සවන්දෙනු, තීක්ෂණව බලා සිටිනු, සිහි බුද්ධියෙන් කටයුතු කරනු අප නිරීක්ෂණය කරණු ලැබුවා.
ඒ නිසාම ඔයා කුඩා කාලේ පටන්; සාපේක්ෂව ඔබට වඩා කුඩා දරුවෙකු පරිස්සමින් රැක බලා ගැනීමට හැකියාවක්  පෙන්නුම් කලා.
ඔබ කිසි දිනෙක ඔබට වඩා කුඩා හෝ වෙනත් දරුවෙකු පෙළා නැහැ.
"තමා උපමා කොට සිතන්න!" යන බුදු වදන ඔහුගේ හිතට කුඩා කල සිට කාවද්දා තිබුනා.
ඔබට කුඩා කාලේ සිට අනුගමනය කලයුතු අචාර ධර්මයක් මා පුරුදු පුහුණු කොට තිබුනා.
ඔයාට මතකද ඒක?
"මොකද්ද පුතේ ලෝකෙ තියෙන ලොකුම වැරැද්ද?" මම ඇහුවාම ඔයා;
"බොලු කීන එක!" කියන්නට ඔයා සැදී පැහැදී සිටියා.

ඔයාව පොඩිම පොඩි කාලේ වත්; වෙනත් ගෙදරකට ගිය අවස්ථාවකදී ; එම නිවසේ තිබෙන සෙල්ලම් බඩු අරුමෝසම් අපගේ අවසරයකින් තොරව ඇල්ලීමටවත් ගියේ නෑ.
එසේම ඔයාට එහෙම ආශාවක් ඇවිත් ඒ පිළිබඳව "පොඩි කරු කුරුවක්" අප වෙත ඉදිරි පත් කලත් අප ඔහුට උපදෙස් දුන්නේ  "ඒ අංකල් ගෙන් අහන්න!", "ඒ මල්ලිගෙන් අහන්න!!" ලෙසටය.
අප ඒවා ඉල්ලා දෙන්නට ගියේ නැත.
එසේම එසේ ණයට ඉල්ලාගත් සෙල්ලම් බඩුවක් හෝ වෙනයම් ඕනෑම අරුමෝසමක්; සතුටින් තබා ඒමට ඔබ පුරුදු පුහුණු වී සිටියේය.
"ඒක ඔයාගෙ නෙවෙයි! ඒක එයාගෙ!!" මෙය අප ඔබට හොඳින් වටහා දී තිබුණි.
ඔයා මුල් කාලේ සුපිරි වෙලෙඳ සල් වලට ගියාම පොඩි පොඩි කාර්, ජීප්, ට්‍රක් වගේ ඒවා ඉල්ලුවා.
අපි කියලා දුන්නා අම්මටත් තාත්තටත් ගොඩක් සල්ලි නැති වග ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන්නට.
මාසෙකට වතාවක් හෝ සෙල්ලම් බඩුවක් අරන් දීමට එහි "මිළ" කියන සාධකය බල පාන බව ඔයාට මා අවබෝධ කොට දුන්නා.
ඉන් පසුව ඔයා එවන් අවස්ථාවලදී සෙල්ලම් බඩුවක්; එය ප්‍රදර්ශනයට තබා තිබුනු රාක්කයෙන් රැගෙන ඇවිත් එහි යටි පැත්තේ අලවා තිබෙන; එහි මිළ සඳහන් කොට ඇති ස්ටිකරය අපට දක්වා "මේක ගන්න පුළුවන්ද?" කියා සුහදව විමසීමට පුරුදු වූවා.
ඒ ඔයාට "මිළ" කියන සාධකය තේරුම් ගියත් අංක පිළිබඳව වැටහීමක් නොමැති අවධියේ.
එය මිළදී ගැනීමට අපහසු බව මා ඔබට දැන්වුවහොත් ඔබ එය සීරුවෙන් තිබුනු තැනින්ම තබනු බොඳවූ ඇස් වලින් මා බොහෝ විට දැක තිබුනා.

ඔයා පොඩි කාලෙදිම ඔයාට අපි පොඩි බයිසිකලයක් ගෙනත් දුන්නා.
එම සයිකලය දෙපස; එය පෙරළීමෙන් වැළකීම සඳහා ආධාරක රෝද දෙකක් සවිකර තිබුනා.
ඔයා මේ සයිකලේ හොඳින් පදින්නට පුරුදු වූ පසු; දිනක් මා එහි එතෙක් පැවති ආධාරක රෝද දෙක ගලවා දැම්මා.
මට අවශ්‍ය වුනේ ඔයාට බයිසිකල් පදින්න උගන්වන්න.
මම රෝද දෙක ගලවා දමා නිවස තුලට පැමිණ විනාඩි 10 කින් පමණ ආපසු යන විට ඔයා සයිකලේ තනිව පදිනවා!
ඔයා ඉතා ඉක්මනට ඕනෑම දෙයක් ග්‍රහණය කර ගත් දරුවෙක්.

ඕනම දෙයක් ඉතා ඉක්මණින් ඉගෙන ගත්තා.

බයිසිකල කීවාම මට නියම කථාවක් මතක් උනා.
මම මේ කියපු සයිකලේ ඒ තරම් ම හොඳ තත්වයක  එකක් නොවුනි.
ඒක කාලය සමග අබලන් වී ගියේය.
ඒ අබලන් වූ විට එය නැවත සකසා දුන්නේ අල්ලපු ගෙදර "අප්පච්චි"  විසින්.
එක් සෙනසුරාදා දිනෙක උදේම සයිකලයේ හුලං ගසා ගැනීමට අප්පච්චිලාගේ ගෙදරට ගිය ඔයා ආපසු පමිණියේ මූණ බෙරි කරගෙන!
ඒ සයිකලයේ ටයර් ටියුබ් ඒ තරමටම අබලන් වෙලා නැවත අළුත්වැඩියා කර ගැනීමට බැරි තරමට!
මම ඉතින් ඔයාවයි සයිකලෙයි අරණ් පාරට ආවා.
මගේ හිතේ තිබුනේ ජපානෙ සයිකල් ගෙන්වන තැනකින්  ඔයාට සයිකලයක් අරණ් දෙන්න.
ඒ වුනාට මම මම ඒක ඔයාට කියන්න ගියේ නෑ.
ඔයා ඒ කාලේ ඉස්කෝලෙ එකේ දෙකේ  විතර.
ඉතින් අපි දෙන්නා ජපන් සයිකල් ගේන තැනකට ගියා.
මට පේනවා වැටට අස්සෙන් නිල්පාටයි කහ පාටයි බ්‍රිජ්ස්ටන් බයිසිකලයක්.
බයිසිකලේ අපි දෙන්නා දිහා බලාන හිටියා!
දැක්ක ගමන් මගේ හිත ගියා.
මම ඔයාට ඒ බයිසිකලේ පෙන්නලා ඇහුවා "පුතේ ඔයා අර බයිසිකලේට ආසද?" කියලා.
ඔයාගේ දෑස් ආශාවෙන් දිළිසුනා!
"ඔව්!ඒක ගම්මුද?"ඔයා  උත්තර දුන්නා.
"හරි පුතේ! ඔයා ගිහින් ගාන අහගෙන එන්නකො! මා ගාව රුපියල් 3000ක් තියෙනවා!"
මම හොඳටම දැන ගෙන හිටියා 3000 ට ඒ සයිකලේ ගන්න බැරිවෙන බව.
ඔයා ගේට්ටුවෙන් ඇතුලට ගිහින් ඒ යාඩ් එකේ හිටපු කෙනෙක් ගෙන් සයිකලේ ගාන අහලා පිම්මේ දුවගෙන ආවා මාගාවට!
"තාත්ති! ඒක 6500ක් ලු!"
"අම්මෝ හොඳටම වැඩියි! එච්චර සල්ලිත් මාගාව නෑ! ඔයා පුළුවනම් ගිහින් 3000 කට ඉල්ලන්න!"
ඔයා ආයෙත් ඇතුලට ගියා. ගිය පයින්ම ආපසු ආවා.
"අන්තිම 5000ක් දෙන්නලු!"
"ඉතිං අපි ගාව එච්චර සල්ලි නෑනෙ! අන්තිම 3500 ක් දෙන්නම් කියන්න. ඔයා කියන්න අපි ගාව එච්චර සල්ලි නැති බව!"
මේ විදියට ඔයා දෙතුන් වතාවක් ඒමේ අතට ගියාට පස්සෙ සයිකලෙ 4000 කට ගණං බැස්සා.
"ගන්නවා නං අන්තිම රුපියල් 4000ක් දෙන්න කිව්වා!" ඔයා මට කිව්වේ ඇස්වල කඳුළු පුරෝගෙන!
ඊට පසුවයි මම ඒක ඔයාට අරං දුන්නේ.
ඒක අයිතිකර ගන්න ඔයා කරපු කැපවීමකුත් තිබුනා!
ඔයා ඒක ගන්න සෑහෙන කට්ටක් කාපු නිසාම ඔයා ඒක  ආදරෙන් පරිස්සම් කලා.
ඒ සියල්ල මම ඔයාට ජීවිතේට එකතු කල පාඩම්!

22 comments:

  1. පුතු ලොකු උන හැටි ටික ටික ලියන්නට ශක්තිය ධෛර්යය ලැබේවා....!!!

    ReplyDelete
    Replies
    1. ඔව් රුෂාන් මල්ලි දිගටම ලියන්න තමයි හිතාන ඉන්නේ. ස්තූතියි.

      Delete
  2. බුදු සරණයි පුතේ...

    ReplyDelete
  3. ඔබ වන් පියෙකු ඇයි බැරි වුනෙ ලබන්නට
    කියලත් දුකක් හිතුණා මේ 'දරුවා'ට
    එහෙම වුණා නම් බ්ලොගයක් ලියන්නට
    මතක ගොඩක් ලැබෙයිද මේ මොට්ටයට?

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ තාත්තා; ඔයාව හදපු හැටි ලිව්වානම් එයත් රසබර මෙන්ම දුක්බර කතාවක් වෙන්න තිබුනා! හැම තාත්තටම තියෙනවා කතාවක්! ඒ හැමදෙනාටම පිං අත් වේවා!

      Delete
    2. අපේ තාත්තා ගැනත්, එක කතාවක් විදිහටම නොලිව්වත් ටික-ටික ලියවෙනවනේ බ්ලොගයෙන් මගේ ජීවිත කතාව ලියද්දී... එහෙම එකකට අදත් ඔයාගේ රසබර පෝස්ටුවෙන් ටිකක් ගත්තා, අනවසරයෙන්...

      https://nidigepanchathanthare.blogspot.com/2020/07/blog-post_22.html

      Delete
    3. එහෙම අවසරයක් හෝ අනවසරයක් කියලා දෙකක් නෑ. අපි මේ ලියන දේවල් පලකලාට පසුව පොදු දේවල්! කොහොමත් ඔබ එය ලියා ඊට සපයා තිබූ ඌණ පූරණය මා නිහතමාණී ආඩම්බරයට පත් කලෙමි!

      Delete
  4. Nice, hadena gaha depetthen dane kiwwane. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි විජේභාහු මහත්තයා!

      Delete
  5. මේ වගේ ස්වාධීනව ජීවත් වෙන හැටි ඉගෙන ගෙන ඔස්ට්‍රේලියාවට ආපු නිසා වසිකට ඕස්ට්‍රේලියාවේ ජීවිතේට හුරු වෙන්න පහසු වෙන්න ඇති.
    ඉගෙන ගන්න කියලා ඔස්ට්‍රේලියාවට එවන සමහර ළමයින්ට ( ඉහල වත් පොහොසත් කම් ඇති පවුල් වල අය විශේෂයි. ඒ නැතිව සාමාන්‍ය පවුල් වලත් "මල් " වගේ හදාපු කොල්ලොත් ඉන්නවා ) තියන ප්‍රශ්න ඇහුවාම ඒ අය තවම මොන්ටිසෝරි යනවද කියලා හිතෙනවා.
    ජීවිතේට ඇඳුමක් හෝදපු නැති අය ඉන්නවා. වාහනේක ටයර් එකක් මාරු කරන්න, තෙල් වතුර බලන්න දන්නේ නැති අය ඉන්නවා. බතක් මාළුවක් උයාගන්න බැරි අය ඉන්නවා. මේ ලිස්ට් එක තව දිගට ලියන්න පුලුවන්. ඒක අපේ අධ්‍යාපන ක්‍රමයේත්, දෙමව්පියන් දරුවන්ට නිසි මග නොපෙන්වීමේත් ප්‍රතිඵලයක්. ඔබ වැනි පියෙකු ලැබූ වසික වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම් මහත්තයා ඒ ගැන මම ඉදිරියට ලියාගෙන යන විට කියැවෙයි. බොහොමත්ම ස්තූතියි පැමිණියාට කියෙව්වාට අදහස් දැක්වූවාට!

      Delete
  6. "මට ඒ වෙලාවේ ඕන උනේ නෑ; මා තුල තිබුනු හේතුවාදී මනුෂ්‍යයාට අවනත වන්නට.
    ඔයා වෙනුවෙන් කරණ්නට කිසිවක් ඉතිරි නොකිරීමයි මාහට කරණ්නට උවමනා වූයේ." ඒක නම් පට්ට.

    ReplyDelete
    Replies
    1. ඔව් උඹලගෙ තාත්තටත්; උඹ වෙනුවෙන් කරණ්නට ගියාම එයාටත් ඕන ඉතිරියක් නැතිවම සම්පූර්ණ කිරීමට තමයි. ඒවා ගැන අහගන්න උඹලට පින නැතුවා! ඒත් මම නොකීවට උඹ දන්නවා නොවැ!

      Delete
  7. ++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  8. කතාව ලස්සනයි මල්ලි. හැබැයි තට්ටයගේ කොලම කොහොම වෙතත් හඳුනා දෙන්න නමක් නම් දිවට ආව . මේ අර "අලියාගේ බඩ යටින් ගිය එකානේ "

    ReplyDelete
    Replies
    1. හහ්! හහ්!! හා!!! අම්මපා තමයි. ඒනමත් ගැලපෙනවා නේන්නං!

      Delete
  9. මොකද තට්ටයා මහත්තයෝ නිහඬ?

    ReplyDelete
  10. හක්බෙල්ලාවක අපේ කඳවුරු බිමේ (Camping Site) එකේ බර වැඩ වගයක් කලා. අනෙක පොඩි කාලයකට මුහුනු පොතට ඇබ්බැහි උනා. ස්තූතියි සොයා බැලුවාට.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...