Monday, February 10, 2020

161. Teepee the Camp Site

Teepee කියන්නේ රතු ඉන්දියානුවන්ගෙ පාරම්පරික කූඩාරම.
 අපි ඒ නම ගත්තේ "සියැටෙල්"ව මතක් වෙන්න.

වෙනදා වාගේ එකසිය ගානට ලියන්නේ නැත්තේ කියලා දන්නා කියන උදවිය හැම වෙලාවකම අහනවා.

ඇත්තටම එකසිය ගානට මම බිසී වෙලා. ඒ ඇයිද දන්නවාද?

මමත් මගේ  මිත්‍රයා පසිඳුත් අපෙ Teepee the Camp Site එක අළුතෙන් නවීකරණයන් එක්ක පටන් ගන්නට මේ දවස් ටිකේ තදේට වෙහෙසෙනවා.

මේ වගේ සදා හරිත තුරු වදුලක් ඒක  . . 

වන මල් ගැවසි ගත් . . . 

 තවත් බොහෝ අය ජීවත්වන . . . !

අපේ කඳවුරු බිම තියෙන්නේ කොළඹ හැටන් මහ පාර අයිනෙමයි. 
මේ පාර අවිස්සාවේල්ලේ සිට නුවර එළිය දක්වා නම් කර තියෙන්නේ A7 මාර්ගය ලෙස. මේ පාරෙ 25 හා 26 කිලෝමීටර කණු අතර තියෙනවා පුංචි ගමක් හක්බෙල්ලවක කියලා. 
මේ ගමේ උප තැපැල් කන්තෝරුවට අල්ලපු ඉඩමෙ තමයි අපේ කඳවුරු බිම තියෙන්නේ.




මේ කඳවුරු බිම අනිත් පැත්තෙන් මායිම් වෙලා තියෙන්නේ මනස්කාන්ත කැළණි ගඟට. එතන ගැඹුරු නෑ. පරිස්සමෙන් නාන්න එහෙම පුළුවන්. 
කොහොමටත් මා ජීවිතාරක්ෂකයෙකු නිසාම; සැමගේ ආරක්ෂාව වෙනුවෙන් දියට බසින හැමට අඳින්න ජීවිතාරක්ෂක කබා ලැහැස්ති කරලයි තියෙන්නේ.




කඳවුරු බිමේ 10-12 ක වගේ පිරිසකට කඳවුරු පහසුකම් සලසන්නට පුළුවන්. ඒ Four Man ටෙන්ට්ස් තුනක ආධාරයෙන්. 
මේ කෑම්ප් බෙඩ් එක එහෙම නැත්නම් ටෙන්ට් ගැසීමට සූදානම් කල ගෙපල හදලා තියෙන්නෙත් ගඟට මුහුණලාම  මයි. ඒවගේම ගඟ අයිනෙ රෑට පොඩි ගිණි මැලයකුත් ලෑස්තිකරණවා.



තව ගඟේ අසිරිය නරඹමින් ගීතයක් මුමුනන්න, මීවිතක් තොල ගාන්න, සුන්දර කථාබහක යෙදෙන්න වැනි දේ සඳහාම සකස් සකස් කල 20"x 20" Club House එකක්  තියෙනවා. 
ඇත්තටම එතන හරිම ලස්සන තැනක්.

අසේලයි ඉමාෂියි ක්ලබ් හවුස් එකෙන් භාගෙකුයි . . !


BBQ Grill එක තියෙන්නෙත් එතනමයි.

හවසක ආවාම රාත්‍රිය ගත කරලා පහුවෙනිදා උදේම  මොනවා හරි බඩට දාගෙන අපිට යන්න පුළුවන් හවරියන් ගල පාමුලට. 

ඒ කිලෝමීටර 3 එක්කගෙන යන්නේ අපේ ලොරි පොඩ්ඩා. 

අපේ මිත්‍ර පසිඳු  එතන ඉඳන් පැය 4-5ක Hike එකක් එක්කගෙන යනවා. 
ඔහු ලංකාවෙ දැනට ඉන්න අංක එකේ මග පෙන්වන්නෙක්! ඔහු ඔබට පෙන්නාවි කුරුල්ලන් 25 ක් වත්.

දේශීය ආවේණික කුරුල්ලනුත් දැකිය හැකියි.
  
ඔබ දූර දක්නයක් ගෙනාවොත් මේ ගමන අමරණීය මතකයක් වේවි. අරඹෙ ගල උඩට මුළු පලාතම පේනවා. 
හවරියන් ගලට නැගලා බහින්නේ අරඹෙ ඔය දිගේ. 
පහලින් දැක්වෙන පිංතූර බලලා තේරුම් ගන්නකෝ ගමනේ ලාලිත්‍යය! එක ගැන ලියන්නට වදන් නෑ. 
ඒ තරම්ම සුන්දර ගහ කොල අතරිණ් ඔය දිගේ පහලටම ආවාම ගොඩවෙන්නේ අපෙ දෙවෙනි කඳවුරු බිමට. 
අපි ඒක නම් කරලා තියෙන්නේ Teepee Arambe oya කියලාමයි

Teepee Arambe oya Camp Site එකේ Operations පටන් ගෙන නෑ තවම. 
එහි එක ඉමක් වන සුරූපී අරඹෙ ඔය කොමළිය . . . . . !






එතන ඉඳන් දවල්ට කාලා ආපහු පල්ලම් බහිනවා හක්බෙල්ලාවකට. හවස පොඩි නින්දක් කාරිය දාලා හවස පැයක් Kayaking කරණවා. පැයක් කියන්නේ කිලෝමීටර 6 ක් විතර! 


 
මේ තුරුණු කොල්ලයි කෙල්ලයි ආවේ එයාලගෙ  Pre Shoot එකට.
 ඒවගේ ඒවටත් මෙතන ලස්සන ලොකේශන් එකක්. 
පොඩි පොඩි එකතුවීම් සාද වගේ ඒවටත් අපි මේ ඉඩ දෙනවා කෑම එක්ක හෝ නැතිව.

මේ සියල්ල කරණ්නේ ගොඩට වඩා වතුරේ හිටපු මමත් පසිඳුත් එක්ක. පීනන්න ඕනෙ කමක් නෑ. මාත් එක්ක කයාකින් කල බොහෝ අයට පීනන්න බෑනෙ!?
කයාක් ටික ගොඩට ගත්තු තැන ඉඳන් ආපහු හක්බෙල්ලවකට අපි එන්නේ නිසාන් පැට්රල් ලොරියේ. ඊට පස්සෙ හවසට ඉඟුරු ප්ලෙන්ටියක් කාරිය බීලා පිට වෙන්න පුළුවන්.
වයස් බේදයක් නෑ.

මගෙ හොඳම යාළුවෙක් - නිශාන් මතක් කලා මයි ලියන්න මතක් උනේ. අපේ තේමා පාඨය Camping, Kayaking, Cycling, Bird watching, කියන එක. සයික්ලින් කරණ්න පුළුවන් මාත් එක්ක ගිනිගත්හේනට හරි ඊටත් එහාට හරි. ගිනිගත්හේන කන්ද පැදීමම ජීවිතයේ අමතක නොවන මතකයක් වේවි! 

තව තියෙනවා උදේම ඇවිත් හවස ගෙදර යන වැඩ පිළිවෙලකුත්. ඉතින් මේක කියවන නොකියවන සියල්ලන් හටම ආරාධනා කරණවා සුන්දර සන්ධ්‍යාවක් අපි එක්ක ගත කරණ්න එන්න කියලා.



Hiking, Camping and Kayaking Packages
Teepee the Camp Site

One Night Two days Full Package - Day One
07.00 am Arrivel to Hakbellawaka Site / Welcome drink / Briefing
07.30 am “Hawariyangala” Hike 12.00pm Lunch and Stream Bath @ Arambe oya Site.
02.30 pm Back to Hakbellawaka Site.
08.00 pm BBQ Dinner, Bonfire
Day Two
07.00 am Kayaking
01.30 pm Back to Hakbellawaka Site for lunch.
03.30 pm Departure.

 One night Two days  Camping Package (All Inclusive) 
Camping Tents, Lanterns, Three meals including BBQ dinner, Club House
Phone Charging, Water, Stream Bath

One night Two days Camping Package 
Camping Tents, Lanterns,
Phone Charging, Water, Stream Bath

One Day Packages
Kayaking with Lunch
Hiking With Lunch 
Spend the day With Lunch


Location: Between 25th and 26th kilometer posts on Awissaavella – Nuwaraeliya A7 (Hatton Road).  
(Next to Hakbellawaka Sub Post Office)

https://www.facebook.com/TeepeeTheCampsite
Teepee the Camp Site
Hakbellawaka
Yatiyantota
Sri Lanka
teepeethecampsite@gmail.com


අපි දෙන්නා - එක්වීලා  -සහයෝගෙන් වැඩේ දෙන්නේ . . . . //

" ගං දෑල දෙපස සිසිලය
ගතු කියන සමනලුන් 
ඕසෙටය . . . . ;
මුණු මුණු කියන පෙන කැටිය,
ගලින් ගල පනින ගමන
හරි විසය . . . . . . . !
මල් පැනි වඩිය
තොල ගගා ඉන්ට . . ;
ඇහැකිය . . . . . ! 

- ඉතින් එන්ට . . . . . ! " 

 මෙහි දෙවන ලිපියට මෙතනින් යන්න!



ලබන සතියේ යලිත් කිමිදෙමු!
(මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි!)

44 comments:

  1. හයික් යන්නෑ අපිි කම්මැලිය‌ෝ
    ලගදිම ඒන්න ව‌ෙයි වග‌ේ

    ReplyDelete
    Replies
    1. එමු එමු මෝස්ට් වෙල්කම්!

      Delete
  2. Replies
    1. ඕනම නම් එකෙක් හොයලා දෙන්නම්! හි..හි.. නෑ ඇත්තෙන්ම නැති ගානයි. එහෙත් උනුත් මේ පරිසරයේ කොටස් කාරයෝනෙ! (මේ චීන මහත්තයෙක් නෙවෙයි නේද?)

      Delete
  3. මගේ To do list එකට තවත් අයිටම් එකක් එකතු උනා.

    ReplyDelete
    Replies
    1. අනේ සෑම් මහත්තයා ලංකාවට ගොඩ බැස්ස ගමන් එන්න! අපි රැයක් පුරාවට අඹ කයියක් ගහමු!

      Delete
  4. හදවතින්ම සුභ පැතුම් අයියේ,
    මටත් කරන්න මොනවා හරි තියෙනවා ද?
    පුළුවන් වෙලාවට මම එන්නම්.

    ReplyDelete
    Replies
    1. අනේ මට ඒක ලියන්න බැරි උනා. අපිට සයික්ලින් කරණ්න පුළුවන්නේ! දැන් ලියන්න ඕන පෝස්ට් එකට!

      Delete
    2. නියමයි, අන්න වඩේ මතක් උනා ලොක්කන්ට.
      ජයසිරි මහතාට මතක කරොත්?

      Delete
    3. ඔව් දැන් අපිට මේ කටයුත්ත පවත්වාගෙන යන්නට පාරිභෝගිකයින් තමයි ඇවැසි වන්නේ. මම අර කලකට පෙර ඇවිත් ඔබගේ කාර්‍යාලයේදී මුණ ගැසුනු පිරිස අතරේ මෙය පා කර අරිණ්නට ඔබට හැකිද? එතැන හිටියා පොඩි කෑම්පින් උනක් තිබුනු අය. ඒ දවස් වල ඇඟ රස්නෙයි. දැන් හොඬටෝම උන ඇති. හි . . . හි . . . . !

      Delete
  5. Replies
    1. උඹගෙ විවේචනය මට වටිනවා! ඇවිත් පලයං දවසක!

      Delete
  6. TEEPEE : The camp site වෙන්න ඉස්සෙල්ලම නවතැන්ගත්තු (සැගවුනු දුම් රිය මග දිගේ ගමන ගිහින්) ඒ සුන්දරත්වය වින්ද කෙනෙක් විදියට දන්නවා මෙතැන තියෙන සුන්දරත්වය.ඊටත් වඩා තට්ටයගේ තියෙන ආගන්තුක සත්කාරය, විශේෂයෙන්ම තට්ටයගේ පරිස්සම ... ඉතින් තට්ටයට ම හරියන තවත් සොදුරු මිනිසෙක්(පසියා අයියා) එක්වෙලා යන මේ ගමනට හදවතින්ම සුබ පතනවා . ජය :)

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් කවදත් මගෙ බොක්කනෙ!

      Delete
  7. එළම තමයි මචං. සුභ ගමනකට ප්‍රාර්ථනා.

    ReplyDelete
    Replies
    1. අනේ බොහොමත්ම ස්තූතියි මචං!

      Delete
  8. හැකි ඉක්මනට එන්න හිතනවා! සුපැතුම්!!

    ReplyDelete
    Replies
    1. Any time welcome නිදි මහත්තයා!

      Delete
  9. ජය වේවා අංකල්!!!
    අපි කැමති අයව වේවැල්තලාවෙත් අරං යමු💪

    ReplyDelete
    Replies
    1. ඔව් පුතා අපේ එහෙම ප්ලෑන් එකකුත් තියෙනවා! ස්තූතියි!

      Delete
  10. සුභ පතනවා තට්ටයා මහත්මයා නව ව්‍යාපාරයට. ඒ වගේම මහත්මයා මේ පරිසරයේ සිටියා සතා සිව්පාවට, ගහට දොලට කිසිම හානියක් බාදාවක් නොවන ලෙස මේ කටයුත්ත කරන්න. සතුන්ට හිංසා කරන්නට එපා මහත්මයා.

    මා ලංකාවේ සංචාරය කර ඇති ඇතැම් ස්ථාන දුටුවම සිතෙනවා මේවා සැගවී තිබුනා නම් හොදයි කියලා. මොකද මේ වගේ පරිසරයක් දුටුවම යමෙක් මෙලෙස camp site එකක් පටන් ගන්නවා. ඉන පසු එම ව්‍යාපාරය හොදයි වගේ පේනවා නම් තව බොහෝ දෙනෙක් එම ස්ථානයේම මෙලෙස camp siteස පටන් ගන්නවා හතු පිපෙනවා මෙන්. අන්තිමේදී එහි පාරිසරික පද්ධතිය සම්පුර්ණයෙන්ම විනාසයි. මීමුරේ ගම්මානයට දැන් වෙලා තියෙන දේ පේනවනි නේද?

    එම නිසා ඔබගේ නවාතැනේ ගාස්තු මිට වඩා ඉහල දමන්න. දේශීය සංචාරකයන් පැමිණීම අධෛර්යමත් කරලා හැකිතාක් ශිෂ්ඨ සම්පන්න ස්කැනේඩියානු සංචාරකයන් ගෙන්වා ගන්න තට්ටයා මහත්මයා.

    රංග තේනුවර
    එළකිරි ඩොට් කොම්

    ReplyDelete
    Replies
    1. ඔබ විශ්වාස කරණ්න මා කුරා කුහුඹුවෙක්වත් මරණ කෙනෙක් නොවෙයි. ගහක අත්තක් කපතත් සියක් වාරයක් හිතලා. ඔබ කියන දේට සියක් වාරයක් එකඟයි. බොහෝ අය පරිසරය විඳින්නට දන්නේ නෑ. එන්න වරක් අප සමග දොඩමළු වන්නට. අපට කතා කරණ්නට බොහෝදේ තියේවි! ස්තූතියි!

      Delete
  11. හක්බෙල්ලාවක පාස් කොරගෙන ගනංකරානං සිය පාරකට වැඩිය උඩ යට ගොහින් ඇති ඉස්සර කාලේ.
    මේක දැක්කම ආයේ එන්ඩ හිතෙනවා. කඩදහිය ලිපේ දාල ආවත් අඩුගානේ හලෝ කියල පිටට තට්ටුවක් දාල යන්ඩවත් එන්නං සෑර්.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. අම්මපා එන්ඩකෝ හැට්ටර් මල්ලි. ඒක මොන තරම් සතුටක්ද?

      Delete
  12. Fantastic, all the best for your new eco friendly business (Wijebahu)

    ReplyDelete
  13. ඔබගේ මේ ලිපිය කියවන විට මට දැනුනේ පුදුමාකාර සතුටක් .

    ඔබ වැනි අයෙක් මෙවැනි වැඩපිළිවෙලක් ආරම්භ කිරීම තමයි මෙතන මම දකින වැදගත්ම දේ. මම කියන්න ඕනේ නෑ , ඔබ මේ වනවිටත් දන්නවා ඇති ලෝකයේ බොහෝ දෙනෙක් තම විවේකය , එහෙමත් නැත්තම් සති අන්තය ගත කරන්න තෝරාගන්නේ මෙවැනි තැන් .ගොඩක් වෙලාවට ඒක ට්‍රෙන්ඩ් එකක් .

    ඉතිං මම සුභ පතනවා "Teepee the Camp Site" එක තව තවත් දියුණු වේවා කියල .ඒ වගේම දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ගේත් ප්‍රියතම ස්ථානයක් වෙන්න කියලත් .

    ReplyDelete
    Replies
    1. මල්ලි ඔබ දවසක මේ පැත්තේ එන්න කෙටි නිවාඩුවකට! ඔබ මේ දිනවල මෙරටද නොරටද?

      Delete
    2. අනිවාර්යයෙන් ම එනවා අයියේ ..

      ඔව් අයියේ මේ දවස් වල ලංකාවේ නෙවෙයි .

      ආ ..... කියන්න අමතක උනානේ .

      ඔබතුමන් ගේ කිමිදීම ගැන ලිපි මාලාවේ කිසිම අඩුපාඩුවක් නැති බව වයිෆ් කියන්නත් කිව්වා .

      Delete
    3. බොහොමත්ම ස්තූතියි දෙවරක්. පළමුව අපේ නවාතැන් පොලට එනවා කිව්වාට. දෙවනුව කිමිදීම ගැන දුන්නු රෙකමදාරුවට!

      Delete
  14. නියමයි අය්යේ ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එකසිය ගානට. ඔයාගෙ දූරකථන අංකය නැතිබංගස්ථාන වෙලා!

      Delete
  15. රෙඩ් ඉන්දියන් ටීපීස් ද තියෙන්නෙ?

    ReplyDelete
  16. සුබ පැතුම් අලුත් වැඩේට.

    ReplyDelete
  17. එන්ඩ ඕනෑ වෙලාවක

    ReplyDelete
    Replies
    1. එන්ඩ! ඕනෑ වෙලාවක (පජේරෝ එක රැගෙන)

      Delete
  18. හම්මියෝ මේක නම් නියමයි.... වතුර ටික දැක්කහම ඉරිසියාවේ බෑ...

    අනේ ඉතින් අපිටත් එක්ක තව කට්ටිය ගියාවෙකෝ... අපිව ගන්නේ නැහැනේ මේ සෙල්ලම් වලට!
    අර කුරුළු කූඩේ නම් ශෝක් අප්පා.. ගිය උදවිය සිටී නම් විස්තර ලියනවා නම් යෙහෙකි! වැඩේට හදපිරි සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඔව් සත්තකින්ම සමහර තැන්වල පින්තූර ප්‍රසිද්ධ කිරීමට පවා ලෝභයි!

      ඔබ සේවය කරණ ආයතනයේ 10-12 ක පිරිසක් එක්ක එන්න. මේ සුන්දරත්වය සමග මගේත් පසිඳුගේත් සුහදශීලි ආගන්තුක සත්කාරය ලබන්න.

      බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා පැතුමට!

      Delete
  19. ගිය සතියේ සෙට්ටේච්ච වෙලේ මුද්දා දුන්නා ඔත්තුව.. අද තමයි මේකට ලොග් වෙලා බලා ගන්න උනේ.. ඔන්නේහෙනම් අපි හත් අට දෙනා එනෝ ළඟදීම.. කඳු නගින්න නම් යන උන් යයි.. කන්නයි බොන්නයි නාන්නයි තමයි අපේ උවමනාව.. :))))) ජයෙන් ජයම වේවා වැඩේට!!!

    ReplyDelete
    Replies
    1. අම්මපා කියන්න! එනවාද?
      කවද්ද එන්නේ? කවුරුද එන්නේ?
      ඉක්මනට කියන්න!

      Delete
  20. What beautiful place. We will visit again when we come back. Good luck for your new changers.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි සුභ පැතුමට! ගොඩ වැදිලා යන්න වෙලාවක එන්න!!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...